New at Little Bit

from Path to Nirvana https://ift.tt/2MOOeXz
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 76 🧡💛

ස්වර්ගයෙහි චිත්‍රලතා වනයෙහි පියුමෙන් පිදුම් ලැබූ තිස්ස බුදුහාමුදුරුවෝ 01

තිස්ස බුදුරජුන්ගේ ලොව පහළවීම.

ඒ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට පස්සේ එක කල්පයක්ම පුරාම බුදුවරු ලොව පහළ වුනේ නැහැ. ඔබ මේ වනවිටත් දැනගත යුතුයි කල්පයක දීර්ඝ බව. යම් කල්පයක බුදුවරු දෙනමක් පහළවේද එවැනි කල්පයට කියනවා මණ්ඩකල්පය කියලා. මේත් එවැනිම කල්පයක්. තිස්ස, ඵුස්ස යනුවෙන් එකම කල්පයේ බුදුවරු දෙනමක් ලොව පහළවුණේ තවත් දීර්ඝ ගණිතයමය වශයෙන් ගණනය කල නොහැකි කාලයකට පස්සේ.

තිස්ස නම් මහා පුරුෂයාණෝ පෙරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුත වී ඛේම නුවර සච්චසන්ධ නම් රජුගේ අගමෙහෙසිය වූ පියුම් පෙති වන් නුවන් ඇති පදුම නම් දේවියගේ කුසතුළ පිළිසිඳ ගෙන දසමස් ඇවෑමෙන් අනෝම නම් මනහර මල් උයනේ මවුකුසින් මෙළොවට බිහිවුණා. සෑම බෝසත් වරයෙකුගේම පියාණන් විසින් තම ආදරණීය පුතුණුවන් ගිහිගෙයි රඳවා ගැනීමට සෘතු අනුව නිමකළ අති රමණීය පසාද තුන මුන්වහන්සේටද නිම වුනා. ඒ ගුහසෙල, නාරිය, නිසභ නමින්. සුභද්දා දේවිය ප්‍රමුඛව තිස් දෙදහසක් ස්ත්‍රීන් උන් වහන්සේට උවැටන් කලේ තව දුරටත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට නොහොත් ගිහිගෙයි හැර නොයාමට වගබලා ගැනීමටයි. එත් ඒ සියල්ලන්ම මග හරවමින් උන්වහන්සේටත් අන් බොස්ත්වරයන්හට මෙන්ම සතර පෙරනිමිති පෙන්වීමට දෙවිවරු දක්ෂවුනා පමණක් නෙවයි ඒ දුටු දිනම සිහිඑළවී ගිහිගෙය අතහැර යන බව ඔවුන් දැන සිටියා.

අභිණික්මන සහ බුද්ධත්වයට පැමිණීම.

ඒ ලෙසම උන්වහන්සේත් සතර පෙර නිමිති දැක ගිහිගෙයින් නික්මීමට සැරසෙන විටම තවත් බන්ධනයක් වන තම කුළුඳුල් පුත් කුමරු මෙළොව එලිය දුටුවා. ඒ සියල්ල පරයා යන සංසාරෙහි වැඩු පාරමිතාවක් ඒ මොහොතේ මෝරමින් තිබුනේ. ඒ වනවිටත් ඔහු වසර හත්දහසක් ගිහිගෙයි ගතකොට තිබුනා. එදින රාත්‍රියේම සෝණුත්තර නම් අසුපිටින් ඒ අනේක වූ සැප සම්පත් අතහැර මහාබිනික්මන් කොට පැවදි වුනා. ඒ පැවදි වුනේ තනියෙම නෙවෙයි. කෝටියක් පිරිවර සමගයි. ඉන් අනතුරුව මාස අටක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින වීර නියම්ගමෙහි වීර සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි විජිතසංගාම නම් යවපාලකයා දුන් කුස තණ මිටි අට ගෙන පියාබෝධිය වෙත ගොස් තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදාන වාක්‍යය ප්‍රකාශ කරනු ලැබුවා.

මංගල ධර්ම දේශණය සහ ප්‍රථම ධර්මාවබෝධය.

ඉන් අනතුරුව සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි බලන කල හංසවතී නුවර බ්‍රහ්මදේව හා උදයන යන හේතු සම්පත් ඇති දෙරජකුමරුවන් දෙදෙන දැක අහසින් වැඩ හංසවතී නුවර මිගදායෙහි බ්‍රහ්මදේව උයනෙහි බැස උයන්පල්ලන් ලවා රජ කුමරුවරු කැඳවා පිරිවර සහිත ඔවුනට අවිසාරී ව්‍යාපී මධුර බ්‍රහ්මස්වරයෙන් දසදහස්ශ්‍රි ලෝකධාතුවටද හඟවමින් දම්සක් පවත්වන්නට වුනා. එවෙලෙහි සියකෝටියක් දෙනාට ධර්මාවබෝධය වුනා. ඒ ප්‍රතමාභිසමයයි.

දෙවන ධර්මාවබෝධය

පසුකාලෙක තිස්ස ශාස්තෘන් වහන්සේ සමග මහණ වූ භික්ෂුන් කෝටියක් දෙනා මහාපුරුෂයාණන්ගේ ඝනවාසය අතහැර බෝමුලට වඩින සමයේ වෙනත් තැන්වලට ගොසින් සිටි නිසා පසුව තිස්ස බුදුරජාණන් වහන්සේ දම්සක් පවසනු බව අසා පැමිණ උන්වහන්සේට වන්දනා කොට පිරිවරා සිටියා. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාටත් දම්සක් දේශණා කරනු ලැබුවා. එකල අනුකෝටියකට දෙවන ධර්මාවබෝධය වුනා.

තෙවන ධර්මාවබෝධය

නැවත මහා මංගල සමාගමයෙහි මංගල දේශනාව කෙළවර හැටකෝටියකට ධර්මාවබෝධය වුනා. එය තෙවන ධර්මාවබෝධයයි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
08-10-2019

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2OTnFDp
දිනක් භාග්‍යවතුන් වහන්සේ අළවු රට සිංසපා වනයෙහි ගවයන් ගමන් ගන්නා මගෙහි පිහිටි ඇට්ටේරියා කොළ ඇතිරියක වැඩ සිටිසේක. එකල්හී හත්ථක ආලවක නමැත්තා ඒ අසලින් ඇවිදගෙන යන විට බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිණ එක් පසෙක වාඩි වී “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පෙරදින රැයෙහි සුවසේ නිදාගත් සේක්ද?” යනුවෙන් විමසී ය.

එයට පිළිවදන් දුන් බුදුරජාණන් වහන්සේ, පෙරදින රැයෙහි තමන් වහන්සේ සුවසේ සැතපුන බවත්, ලොව සුවසේ නිදන්නන් අතර තමන්වහන්සේ ද එක් අයෙකු බවත් පැවසූ සේක. බුදුරදුන්ගේ පිළිතුරෙන් විස්මයට පත් හත්ථක ආලවක හිම වැටෙන රාත්‍රියෙහි ගොන්කුර නිසා රළු වූ බිමක ඉතා තුනී කොල ඇතිරියක ශීතල සුළඟට හසුව සුවසේ නිදාගත්තේය යනුවෙන් කෙසේ පැවසිය හැකිදැයි විමසී ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ හත්ථක ආලවකට කරුණු පැහැදිලි කරමින් ඔහුගෙන් මෙසේ විමසූ සේක. කිසියම් තැනැත්තෙකුට සියලු සැපතින් පිරි නිවසක් වේද, එහි මැනවින් සකස් කළ යහනක භාර්යාවන් සිව්දෙනෙකුගේ උපස්ථාන ලබමින් සැතපෙන අතර එම තැනැත්තා සුවසේ නිදන්නෙකැයි ඔබ විශ්වාස කරන්නේදැයි විමසූ සේක. එවැනි සැපතින් පිරි ආරක්ෂා සහිත යහනක සැතපෙන එම තැනැත්තා සැබැවින් ම සුවසේ නිදන්නෙකැයි තමා විශ්වාස කරන බව හත්ථක ආලවක පැවසී ය.

ඔහුගේ පිළිතුර අනුව තවදුරටත් කරුණු පැහැදිලි කළ බුදුන්වහන්සේ කායිකව හෝ චේතසිකව යම් රාගයකින් හෝ ද්වේෂයකින් හෝ මෝහයකින් එම තැනැත්තා පෙළේනම් සැපතින් පිරි සුවපහසු යහනක් ලැබුණත්, ඔහුට සුව නින්දක් ලැබිය හැකිදැයි විමසූ සේක. ආරක්ෂාව සහිත කොතරම් සුව පහසු යහනක් ලැබුණත්, එැවනි චිත්ත වේගයන්ගෙන් පීඩිතව සිටින්නෙකුට සුවපහසු නින්දක් අපේක්ෂා කළ නොහැකි බව හත්ථක ආලවක පිළිගත්තේ ය. තථාගතයන් වහන්සේ රාග දෝස මෝහ යන අකුශල සහගත සිතිවිලි මුලිනුපුටා දැමූ හෙයින් උන්වහන්සේ සුවසේ සැතපෙන බවත්, ඒ අනුව ලොව සුවසේ නිදන්නන් අතර උන්වහන්සේ ද එක් අයෙකු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

බුදුරදුන් හා හත්ථක ආලවක අතර ඇති වූ මෙම සංවාදයෙන් වර්තමාන ලෝකයා මුහුණ දෙන සාතිශය බරපතල ගැටලුවක් විශද වේ. එනම් නිසි පරිදි නින්ද නොයැමේ ගැටලුව යි. මෙය පෙර අපර දෙදිග බොහෝ දෙනෙක් මුහුණ දෙන බරපතල ගැටලුව කි. නිසි පරිදි නින්ද නොලැබීමේ හේතුවෙන් මානසික ආතතිය මෙන්ම කායික ආබාධවලින්ද පුද්ගලයා පීඩාවට පත්ව තිබේ. එම ගැටලුව අවම කිරීම සඳහා විවිධ ආකාරයේ උපදෙස් හා ප්‍රතිකාර මෙන්ම ඖෂධ වර්ග ද සොයාගෙන තිබේ. එහෙත් බාහිරව ලබාදෙන මෙම ප්‍රතිකාරවලින් තාවකාලික සහනයක් ලැබුණත් දීර්ඝකාලීන සුවයක් අපේක්ෂා කළ නොහැකි ය.

බුදුරදුන් රැය පහන් කළ සිංසපා වනයේ පැවතියේ අතිශය දුෂ්කර පරිසරය කි. එහි පොළොව ගවයන් නිතර එහා මෙහා යාමෙන් රළු වී තිබිණි. උන්වහන්සේ සැතපුන කොළ ඇතිරිය තුනී එකකි. උන්වහන්සේ එහි වැඩම කළේ ශීත ඍතුව පැවති කාලයේ හෙයින් රැය පුරාම හිම වැටිණි. දැඩි ශීතල සුළං හමා ආවේය. එයින් ආරක්ෂා වීමට උන්වහන්සේ සතුව තිබුණේ තුන් සිවුර පමණි. මෙපමණ අධික ශීතල රැයක සුවසේ සැතපුණේ යැයි බුදුරදුන් පවසනු ඇසීම හත්ථක ආලවකට නම් සැබැවින්ම අරුමය කි. එහෙත් එවැනි උවදුරු කිසිත් නැති, සුවපහසු පරිසරයක පිහිටී සයනයක නිදන තැනැත්තෙකුට සුව නින්දක් නොලැබෙන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව රාග, ද්වේෂ, මෝහ යන අකුශල සහගත චිත්තවේග ගණයට අයත් ආවේගවලින් ඔහුගේ සිත ආකූල වී ඇති හෙයිනි. එම චිත්තවේගවලින් මුළුමණින් ම මිදෙනතාක් සුව නින්දක් බලාපොරොත්තුවිය නොහැකිය. සුවපහසු සයනයක වැතිරී සිටියත් සිත නිරන්තරයෙන් ම රාගාදි ආවේගවලින් ආකුල වී ඇති නම් නින්ද අප සොයා නොපැමිණෙනු ඇත. රාග දෝස මෝහ සිතිවිලි ඇතිවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. එය ආකාස්මිකව ඇති වන්නක් නොවේ. නගරය ප්‍රදක්‍ෂිණා කරන අවස්ථාවක තමන් දුටු රූමත් ස්ත්‍රියක් පිළිබඳ රාග සිත් උපදවාගෙන ඇය ගැන බලාපොරොත්තුවෙන් රැය නිදිවර්ජිතව පහන් කළ කොසොල් රජු පිළිබඳ පුවතක් ධම්මපදට්ඨකථාවේ දැක්වේ. රාගයෙන් දැවෙන සිතක් ඇති කෙනෙකු නිදිවර්ජිතව පීඩා විඳී අයුරු මෙන්ම, ඒ නිසා සිදුකිරීමට අපේක්ෂාකළ විනාශය එහි මැනවින් විවරණය වේ. ඇතැම් විට සිතේ ඇතිවන රාග සිතිවිලි අතීතයට හා සම්බන්ධ වූ ඒවා විය හැකි ය. නැතහොත් අනාගතයට සම්බන්ධ වූ ඒවා වීමට පුළුවන. පුද්ගලයා හැම විටම ජීවත්වන්නේ අතීතය හෝ අනාගතය ගැන අවධානය යොමුකරමිනි. වඩා වැදගත්ම මොහොත වර්තමානයයි. එහෙත් එහි සිත රඳවා තබාගැනීමට බොහෝ දෙනෙකු ප්‍රයත්න නොදරයි. අතීතය ගැන දුක් වීමෙනුත්, අනාගතය ගැන සිහින මැවීමෙනුත් ඵලක් නැත. අධික ශීතල සුළං හමා එන රැයෙහි තුනී තණ ඇතිරියක සැතපුණු බුදුරදුන් සුව නින්දක් ලැබුවේ උන්වහන්සේගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් ආකූල නොවූ බැවිණි. කොතරම් ශීතල පැවතුන ද, සිත කෙලෙස්වලින් මි¼දී ඇති හෙයින් උන්වහන්සේගේ සිතෙහි හමා ආ ශීතල සුළග සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවීය. සිත සියල්ලෙන් නිදහස් වූ හෙයින් බාහිර පරිසරයෙන් ලැබෙන දෑ සම්බන්ධයෙන් කම්පනයක් උන්වහන්සේගේ සිතෙහි ඇති නොවුණි. ඒ අනුව සිත කෙලෙස්වලින් නිදහස් වූ තරමට එහි සංසුන් බව, තැන්පත් බව, නොසැලෙන ස්වභාවය ආරක්ෂා වේ. මෙත් සිත දියුණු කළ තැනැත්තෙකු සුවසේ නිදන්නේත් (සුඛං සුපති) සුවසේ අවදිවන්නේත් (සුඛං පටිබුජ්ඣති) නපුරු සිහින නොදකින්නේත් (න පාපකං සුපිනං පස්සති) ද්වේෂයෙන් සිත නිදහස්ව ඇති හෙයිනි. ඒ අනුව සුව නින්දක් ලැබීමට මෙත් සිත දියුණු කිරීම හේතුවන බව පැහැදිලි ය.

සැහැල්ලුවෙන් නින්දට යා හැක්කේ සිත නිදහස් වූ විට පමණි. සිත සැහැල්ලු කරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු දක්නට ලැබේ. කවර ආගමකට අයත් වුවද නින්දට පෙර ආගමික වතාවත්වල නිරත වීමෙන් සිත සැහැල්ලු කරගැනීමට හැකි වේ. නින්දට පෙර මොහොතක් භාවනා කිරීම සිත සැහැල්ලු කර ගැනීමට ඇති තවත් එක් උපක්‍රමය කි. මෙහිදී ආනාපාන සතිය වැඩීම වඩාත් යෝග්‍ය වන්නේ එමගින් සිත වර්තමානයේ රඳවා ගැනීමේ හැකියාව වර්ධනය කරන හෙයිනි. සතර ඉරියව්වෙන් කවර ඉරියව්වක වුව පිහිටා මෙත්තා භාවනාව වැඩිය හැකි ය. නින්ද ලැබෙන තෙක් මෙස් සිත වැඩීම කළ හැකිය යන්න මෙත්ත සූත්‍රය අවසානයේ දැක්වේ. සක්මන් භාවනාව ද ඒ සඳහා යෝග්‍ය අභ්‍යාසයකි. සිහිනුවණින් අනුගමනය කළ හැකි මෙවැනි උපක්‍රම සුව නින්දක් ලැබීමට හේතුවේ.

එහෙත් බුද්ධ වචනය අනුව සෑබෑම සුව නින්දක් ලැබිය හැකි වන්නේ සියලු ආශා දුරුකළ, හදවත දවන වේදනා සංසිඳුවා සිතින් සංසුන් බවට පැමිණි තැනැත්තා ට ය. එවන් උතුමන් ලබන සුව දායක නින්දක් කාම රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවූ තැනැත්තාට ලැබිය නොහැකි ය. කෙලෙස්වලින් සිත නිදහස් කරගත් පමණට ඒ හා සමාන සුවදායක නින්දක කොටස්කරුවෙකු බවට පත්විය හැකිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි

New at Little Bit

from Path to Nirvana https://ift.tt/33yt8n7
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 75 🧡💛

🍂 සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා.🍂

ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි ’’සිද්‍ධත්‍ථ’’ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, එසේ විය.

උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්, දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.

මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ගේ (උපන්) නුවර ’’වේභාර’’ නම් වී. පියරජ තෙම ’’උදෙන’’ නම් වී. වැදූ මව් ’’පුස්සා’’ නම් වූවාය.

බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසීය. ’’කෝකාස’’ ය, ’’උත්පල’’ ය, ’’කෝකනද’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’අනූපම’’ නම් වී.

(සිද්‍ධත්‍ථ) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශෙෂයක් වන) යානයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, සිදුහත් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් උතුම් නුවරෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ට, ’’සම්බල’’ ද, ’’සුමිත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’රෙවත’’ නම්.

’’සීවලා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කිණිහිරි’’ ගස යයි කියනු ලැබේ.

’’සුප්පිය’’ ද, ’’සමුද්ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රම්මා’’ ද, ’’සුරම්මා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ සිදුහත් බුදුරජ සැට රියනක් අහසට උස්වූයේ විය. රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් තැන් බබලවයි.

දීපඞ්කර ආදී බුදුවරයන් හා සමවූ, අසමානවූ, තමහට සමාන පුද්ගලයෙකු නැති, පසැස් ඇති ඒ බුදුරජද, අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.

පිරිසිදු ආලෝකයක් දක්වා, සව්වන් පුබුදු කරවා, සමවතින් බබුලුවා, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
වස්ස ථූපවරො, චතුයොජනමුග්ගතොති.

මුනිවරවූ සිදුහත් බුදුරජතෙම අනෝමාරාමයේදී පිරිනිවි සේක. එහිම උතුම් සෑය සිව් යොදුනක් උස්වී. (උස්ව බැන්දේය.)

🌺 සොළොස්වන බුද්ධවංශ කතාව සමාප්තයි.🌺

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
05-10-2019

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2VIt8OT
නාගපුප්ඵිය ස්ථවිරාවදානය

‘‘සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ආහුතීනං පටිග්ගහං;
රථියං පටිපජ්ජන්තං, නාගපුප්ඵං අපූජයිං.

ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.

‘‘එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.

මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හෙතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

‘‘කිලෙසා ඣාපිතා මය්හං…පෙ…. විහරාමි අනාසවො.

මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

‘‘ස්වාගතං වත මෙ ආසි…පෙ…. කතං බුද්ධස්ස සාසනං.

බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම එකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

‘‘පටිසම්භිදා චතස්සො…පෙ…. කතං බුද්ධස්ස සාසනං’’.

සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමොක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

මෙසෙයින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
https://ift.tt/35C0CTn
🙏🙏🙏

New at Little Bit

from Path to Nirvana https://ift.tt/32iitN9
අනුබුදු යන වටිනා නාමය ලද උතුමන්

මේ උතුම් නාමය මේ වනතෙක් භාවිතා කරේ ගෞතම බුද්ධ ශාසනයේ අති උත්තම රහතන්වහන්සේලා දෙනමක් පමණයි.
ඒ අති උතුම් රහතන්වහන්සේලා දෙනමගෙන් බොහෝ දෙනෙක් දන්නේ එක් රහතන්වහන්සේ නමක් ගැන පමණයි. මේ උතුමන් ගැන අපි පිලිවෙලින් කතා කරමු.
මේ නාමයට මුලින්ම පාත්‍ර වුයේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක වූ, ධූතාංගදාරීන් අතරින් අග්‍රවූ, සතර මහා ථෙරවරුන්ගෙන් එක් උතුමෙක් වූ, ගෞතම බුදු සසුනේ ධර්මාධිකාරී තනතුරෙන්ද පිදුම් ලද ඒ අති උතුම් මහා කාශ්‍යප රහතන් වහන්සේ යී.
මේ නාමය බුදුන්වහන්සේ විසින් පිරිනමන ලදදක් නොව ඒ කාලයේ මිනිසුන් විසින් මේ උත්තමයන් වහන්සේගේ ගුණ සලකා කියන ලද්දක් බවයි මේ ගැන සොයා බැලීමේදී පෙනී ගියේ. මෙයට හේතූ වූ කරුණු බොහෝය. එකින් එක බලමු.
මෙසේ පැවසීමට මූලික කරුණක් වුණේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ පිහිටා තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්‍ෂණ සතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශරීරයේ ද පිහිටා තිබීමයි. ඒ වගේම උන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු බවත් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන්,
මේ කරුණු නිසා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ හා මහා කාශ්‍යප මහ රහතන්වහන්සේව එකවර කෙනෙක්ට අදුරා ගැනීමට අපහසු වූ බව එක් කාන්තාවක් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේට දන් පිලිගැන්වීමට පුරුදු වී සිට එක් දිනක් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යැයි සිතා බුදුන්වහන්සේට දන් පිලිගන්නවා පසුව මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ පසුව වඩිනු දක නැවත බුදුන් වහන්සේගෙන් ඒ දානය ගෙන මහා කාශ්‍යප මහ රහතන්වහන්සේට පුජා කරපු කතා පුවතින් පැහැදිලි වේ.
මේ ආකාරයට මේ ගෞරව නාමයට උන් වහන්සේ සුදුසු වන්නේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හා රූප ලක්ෂණ වලින් යම් තරමකට සමාන නිසා පමණක් නොව ගුණයෙන්ද උන්වහන්සේ මේ ගෞරව නාමයට ඉතාම සුදුස්සෙක් බව කීමට තව බොහෝ කරුණු තිබේ.
ඒ සඳහා උන්වහන්සේ ලබා තිබූ ධූතාංග අතරින් අග්‍රස්ථානය මේ ගුණ මහත්වය ඉතා හොදින් ප්‍රකට කරන්නක්.මුලිකවම මේ බුද්ධ ශාසනයේ ධූතාංග 13ක් දක්වා ඇත.
1)තේචීවරිකංගය.
2)පාංසුකූලිකංගය.
3)පිණ්ඩපාතිකංගය.
4)සපදානචාරිකංගය.
5)ඒකාසනිකංගය.
6)පත්ත-පිණ්ඩිකංගය.
7)ඛලූපච්ඡාභත්තිකංගය.
8)ආරඤ්ඤකංගය.
9)රුක්ඛමූලිකංගය.
10)අබ්භෝකාසිකංගය.
11)සෝසානිකංගය.
12)යථාසන්ථතිකංගය.
13)නේසජ්ජිකංගය.
ධූතාංග ගැන තව බොහෝ විස්තර දැනගැනීමට කැමති අය අති පූජණීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ ශාසනාවතරණය ග්‍රන්ථය කියවන්න.

https://pitaka.lk/books/rc/Shasanavatharanaya.htm…
මේ දූතාංග රැකීම යම් තරමක් අපහසු නමුත් රැකිය හැකි නම් ඉතා වටිනා අල්පේච්ඡතාදි ගුණ දියුණු කරගත හැකි වටිනා කුසල් ධර්මයන්‍, මෙහි මුලික ලෙස ස්වාමීන්වහන්සේලාට පමණක් රැකිය හැකි වුවත් ගිහියන් වූ අපටත් රැකිය හැකි ධූතාංග 2ක් තිබේ මේ ගැන විස්තර සඳහා අති පූජණීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෞද්ධයාගේ අත් පොත කියවන්න.

https://pitaka.lk/books/rc/Bauddhayage_Athpotha.htm…
මේ උතුම් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ ගැන තවත් වැදගත් දෙයක් නම් උන්වහන්සේ පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරුම උන් වහන්සේ ඇඳක පිට තැබුවේ නැති බවයි ධර්ම ග්‍රන්ථ වල සදහන් වන්නේ,මෙයට හේතුව මේ ධූතාංග රැකීමය.
මේ ආකාරයෙන් ගත්විට උතුම් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ සතු වූ ගුණයන්ගේ මහත්වය කියා නිම කලහැක්කක් නොවේ.උන් වහන්සේ ගේ මේ උතුම් ගුණ නොයෙක් අවසථාවල දී බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රශංසාවට පවා ලක් විය. බුදුරදුන් භික්‍ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආදර්ශයට ගන්නා ලෙසයි.
තවත් සදහන් කරනවා නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් බුදුරජාණන්වහන්සේ දැරූ පාංශකූල බුද්ධ චීවරය දැරූ එකම උතුමන් වහන්සේ මේ උතුම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පමණි. මේ චීවර මාරු කරගන්නා අවස්ථාවේදී බුදුන් වහන්සේ මෙසේ වදාරා තිබේ.
‘‘මා විසින් මේ පාංශකූල චීවරය ගත් දිනයෙහි මහපොළොව සැලිණ. බුදුන් විසින් පරිභෝග කර දිරූ මේ චීවරය මඳ ගුණැතියකු විසින් පරිභෝග නොකළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරිමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින් ම යැ’ යි වදාරා
මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගැනීමේන්ම මේ උත්තම තෙරුන් වහන්සේගේ ගුණ කද තවත් විද්‍යාමාන වේ.
උන්වහන්සේ සතුව තිබූ තවත් වටිනා ගුණයක් නම් බොහෝ මනුෂ්‍යයන් හට
පින් කර ගැනීමට අවස්ථාවක් ලබා දීමයි.
මහා කශ්‍යප මහා තෙරුන්ට දන් පිදූ අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත් විපාක එම ආත්මභාවයේ දී ම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ “දුප්පතුන් ගේ මුනිවරයා “ යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන් වහන්සේ පි‍්‍රය කළහ. උන් වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය විලාශයෙන් දන් පිදීමට ගිය හොත් මහ තෙරුන් දන් නොපිළිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාව ද සමගින් හිඟන වෙස් ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේය. මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිව හොත් උන් වහන්සේ වඩින තුරු බුදුරජුන් ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.
බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කොට ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. උන් වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලි ත්‍රිපිටකයක් නැත. සුත්‍ර පිටකයේ සංයුත්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි.
තවද සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවේ එකසිය විසිවැනි වියේ දී ය. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ “කුක්කුටසම්පාත” (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව “සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන් ගේ දේශාටන වාර්තාවේ ත් හියුං සියං භ්‍රමණවෘත්තාන්තයේ පැහැදිලි ව සඳහන් වේ.
මේ ආකාරයෙන් බලනවිට මේ අති උතුම් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ අනුබුදු යන ගෞරව නාමයට ඉතාම සුදුස්සෙක් බව හොදින් ප්‍රත්‍යක්ෂ වේ.
මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ හැරුනු විට අනුබුදු යන ගෞරව නාමය ලැබීමට සුදුසු අනිත් උතුම් රහතන්වහන්සේ නම් මිහිඳු මහ රහතන්වහන්සේයී.
උන්වහන්සේ ගැන බොහෝ දෙනා දන්නා නමුත් ඒ ගැනත් යමක් සටහන් කිරීම මේ උත්තම නාමය දැරීමට උන්වහන්සේත් සුදුසු බව ප්‍රකට කරවීමක් බැවින් ඒ සම්බන්දව කරුණු ටිකක් විමසා බලමු.
අප සැමදෙනා දන්නා පරිදි මිහිඳු මහරහතන් වහන්සේගේ පියා ධර්මාශෝක මහ රජතුමයි. උන් වහන්සේගේ මව ලෙස සඳහන් වන්නේ විදිසා සිටු දේවියයි. මේ යුවලට උප්පේනී හා මිහිඳු ලෙස පිරිමි දරුවන් දෙදෙනෙක් හා සංඝමිත්තා ලෙස එක් ගැහැණු දරුවෙක් සිටි බව භාරත ඉතිහාසයේ සඳහන් වුවත් අපේ මහාවංශයේ 13 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇත්තේ අශෝක රජුට මිහිඳු කුමරු සහ සංඝමිත්තා කුමරිය යනුවෙන් දරුවන් දෙදෙනෙකු පමණක් සිටි බවකි. එය මේ කතාවට අදාළ නොවෙන බැවින් වැඩි විස්තර සටහන් නොකරමි.
මේ මිහිඳු කුමරු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යයත්වයෙන් හා මහාදේව මහරහතන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් බුදු සසුනේ පැවිදි වන්නේ වයස අවුරුදු විස්ස සම්පුර්ණව සිටින විටය. මිහිඳු හිමියෝ පැවිදි වූ දින යේ ම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමම උන් වහන්සේගේ මහා උත්තම ගුණය ප්‍රකට කරන්නකි.
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පූර්ණ උපදෙස් පරිදි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සම්බුද්ධ ධර්මය ලෝකයටම බෙදා දිය යුතු යැයි කථිකා කොටගෙන දේශ දේශාන්තර නමයකට ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත ධර්මධර විනයධර, සුපේෂල , ශික්ෂාකාමී සෘද්ධිබල සහිත මහරහතන් වහන්සේලා ආසියානු රටවල් නවයකට පිටත් කර හැරීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරණය භාර වූ මිහිඳු මාහිමියෝ ලංකද්වීපයෙහි ඊට සුදුසු කාලය එළඹ ඇත්දැයි විමසා බැලූහ.
නමුත් එවක ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලු රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලු රජ කෙනෙකුගේ අනුග්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ ඇවෑමෙන් පුත් දේවානම්පියතිස්ස රාජාභිෂේකය ලබන තුරු බලා සිටියහ. මෙය මිහිඳු මා හිමියන්ගේ සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රියාවක් බව පැහැදිලිය. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ විශිෂ්ට ධර්ම දූතයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව සැලසුම් සහගත බවේ ප්‍රතිමූර්තියක්‌ ලෙස හැඳින්වීම සර්ව සාධාරණය. උන්වහන්සේ තුළ පැවතියා වූ මෙම සැලසුම් සහගතභාවය ශ්‍රේෂ්ඨ ධර්මදූත මෙහෙවරට මහත් පිටිවහලක්‌ වූ බව නිසැකය.
මුටසීව රජුගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්සකුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කළ සිටම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධෝපාසකව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය.
නොබෝ කලකින් මිහිඳු මහ රහතන් වහන්සේත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත පිරිස සමඟ දඹදිව ;ව්දිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළහ.
මිස්සක පව්ව මත වැඩ සිටි මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිස අමතා සිටියහ.මෙය සවන් වැකුණු රජු වහා සිය දඩයම නවතා තොරතුරු විමසූ කල්හි මිහිඳු හිමි මෙසේ වදාරා සිටි සේක.

“සමණාමයං මහාරාජ
ධම්මරාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”
මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත. ඇතිවූ සුහද සාකච්ඡාවෙන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ මාලාව ද ඉතා වැදගත්ය.
මේ ආකාරයට පෑතිස් රජුන් ධර්මාවබෝධය සඳහා සුදුසු තත්වයක සිටින බව වටහා ගත් මිහිඳු හිමියන් සැබවින්ම භෞතික වශයෙන් රටක්‌ දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යැයි සිතා ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ.
අනතුරුව “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළ සේක. මෙය තවත් වැදගත්කමකින් යුක්තය. එනම්, චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ දේශනාව ද වීමයි. ඉන් අවසානයේදී මෙයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය ද මිහිඳු හිමියන් විසින්ම දේශනා කළ සේක.
ප්‍රථමයෙන් මෙරට මිස්සක පව්වට වැඩම කළ මිහිඳු හිමියන් ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය ද දේශනා කළහ. එහිදී 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් අනතුරුව රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් තවත් කාන්තාවන් දහසක් සෝවාන් විය. මේ ආකාරයට අවසානය වන විට 2500කට අධික පිරිසක් මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනාවන් මත පිහිටා මාර්ගඵල ලබා ගැනීමට සමත් විය.
තෙවන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට ”ආසීවසෝපම සූත්‍රය”ද, හතර වන දිනයේදී ”අනමතග්ගිය සංයුක්තිය” ද දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්මාවබෝධය ලැබීය. පස්වන දිනයේදී දේශනා කරන ලද්දේ ”ධම්ම චක්ක පවත්තන සූත්‍රය” යි. මෙලෙස දින හතක් තුළදී 8500කට අධික ශ්‍රාවක පිරිසක් මාර්ගඵල අවබෝධය ලැබීය.
මේ ආකාරයෙන් මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට ධර්මයේ සිසිලස ලබා දීමම උන් වහන්සේව මේ උත්තම අනුබුදු යන ගෞරව නාමයෙන් හැදින්වීමට ප්‍රමාණවත්ය. අද අප සියලු දෙනාම ධර්මයෙන් යම් සැනසීමක් ලබන්නේද උන් වහන්සේ නිසාවෙනි. ඒ නිසා මේ අනුබුදු යන ගෞරව නාමය උන් වහන්සේටත් ඉතා ගෞරවයෙන් ලබා දිය හැකිය.
මේ සඳහන් කල උත්තම චරිත 2 ඇරෙන්නට වෙන කිසිම කෙනෙක්ට මේ ගෞරව නාමයෙන් ඇමතිය හැකිදැයි හොදින් සිතා බැලිය යුතුය. එසේ කෙනෙක් කරනවා නම් ඒ මේ ඉතිහාසය හා මේ උත්තම චරිත ගැන නොදන්නා මේ ධර්මය විකෘති කරන හිස් මෝඩයන් පිරිසක් පමණි.
අවසාන වශයෙන් මේ පිරිසට කීමට ඇත්තේ හැකි නම් නුවනින් විමසා බලා මේ උත්තම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හා මිහිඳු මහරහතන් වහන්සේට කරන මේ අගෞරවය මහා නිග්‍රහය නවත්වා මේ මහා පාප කර්මයෙන් ඔවුනුත් අත්මිදෙන ලෙසයි.
තෙරුවන් සරණයි…!

තොරතුරු හා උපුටාගැනීම් ලබාගත් ග්‍රන්ථ හා ලිපි :-
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ
සූවිසි මහ ගුණය-https://ift.tt/31iXCIl
ශාසනාවතරණය-https://ift.tt/2MJdeQ3
බෞද්ධයාගේ අත්පොත-https://ift.tt/331WUkS
අනෙකුත් ලිපි-
https://ift.tt/2pq6WwY
http://www.budusarana.lk/budusarana/2017/…/19/PrintPage.asp…
https://sinhala.dgi.gov.lk/…/featu…/2148-2017-06-09-09-28-33
https://ift.tt/31iXDMp
http://www.lankadeepa.lk/…/%E0%B6%B8%E0%B7%92%E0%B…/2-141898
http://www.budusarana.lk/budusarana/2010/06/25/tmp.asp…
https://www.facebook.com/…/a.329440167129…/496308727109468/…
මේ ලිපිය සකස් කල සහ
සකස් කරන උපකාරකලාව
සියලුම දෙනාට සැබෑ අනුබුදු මහා කාශ්‍යප මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මෙන් සසර පුරාම ප්‍රතිපත්තියේ අග්‍රවූ උත්තම වූ ජීවිතයක්ම ලැබේවා

from Path to Nirvana https://ift.tt/2oKt8BF
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 74 🧡💛

🌺 සියලු කර්මාන්ත අධිෂ්ඨාන සඵල කරමින් ලොව පහල වූ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ 02 🌺

සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ මහබෝසතානෝ සූරසේන නම් නගරයේ මංගල නම් බමුණෙකු නමින් උපත ලබා සිටියා. උන්වහන්සේ වේද වේදාංගයන්හි පරතෙරට පත්ව මහා දනස්කන්දයකටද උරුමකම් ලැබූ රටේ කීර්තිමත් පුද්ගලයෙකු වශයෙන් යහපත් දිවිපෙවතක් ගතකරමින් සිටියේ.
එහෙත් ඒ කාර්යය බහුල ජිවිතයට උන්වහන්සේ ඇල්මක් දැක්වූයේ නැත්තේ සංසාර පුරුද්දටම වගේ. අවසානයේ ඒ කෙළගණනක් වූ ධනස්කන්දය දුගී මගී ජනයාට දන්දී තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට ඇතුලත් වුනා. උන්වහන්සේට ධ්‍යාන අභිඥා උපදවා ගන්නට වැඩිකලක් ගතවුයේ නැහැ. එලෙස වැඩවිසූ කාලයේ තමයි සිද්ධාර්ථ නම් බුදුවරයෙකු ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කලේ බුදුරජාණන් වහන්සේව බැහැ දැකීමට යාමයි.

ඒ සිදුහත් බුදුරජාණන් වහන්සේ සැට රියනක් අහසට උස්වූයේ වුනා. රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් දක්වා බබලන්නට වුනා. ඉතාම ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ වෙත පැමිණි අප මහා බෝසතාණෝ උන්වහන්සේ වෙතින් බණ අසා තවත් ශ්‍රද්ධාවට පැමිණ සුරසේණ නම් විහාරයට දානය සඳහා ආරාධනා කොට නික්මුණා. ඉන්අනතුරුව සිද්ධාර්ථ බුදුපියාණන් අනුකෝටියක් භික්ෂු පිරිවර සමග නියමිත දිනට සූරසේණ විහාරයට වැඩම කරනු ලැබුවා. ඒ කාලේ දඹදිව දඹගස් අතරින් ඉතා ප්‍රකට දඹගසක් තිබුණා. අප මහා බෝසතාණන් වහන්සේ ඒ දඹපල නෙලා ගෙනවුත් බුදුරජාණන් වහන්සේ ඇතුලු පිරිසට එයින් සංග්‍රහ කරනු ලැබුවා. ඉන්පසුව ඒ ශාස්තෘන් වහන්සේ පල වළඳා මෙයින් සිවුඅනූ කපකින් මතු ගෝතම නම් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇතිව මේ තවත් බුදුපැලයෙකැයි, කුහුල්හඬ නංවමින්, අත්පොලසන් දෙමින්, සතුටින් සිනහසෙමින්, දෑත් එක්කරමින් නමස්කාර කරන්නට වුනා. යම්හෙයකින් මෙම සස්නේ මගඵල ලබන්නට නොහැකි වුවහොත් අපි මතු ගෞතම බුදුසසුණේ හමුවී කෙලෙස් නදිය තරණය කරමු යනුවෙන් සැනසුම් සුසුම් හෙළන්නට වුනා. ඔබත් මමත් ඒ අතර ඉන්නට නොහැකි යැයි කිසිවෙකුට හෝ කිවහැකි නොවුවත් අප සැවොම මේ සසරේ අදටත් යනුවෙන් අප සැමටම මේ මොහොතේ ස්ථිර වශයෙන්ම සනාථ කල හැකියි.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
04-10-2019