New at Little Bit


from Path to Nirvana https://ift.tt/3jearQX
මේ ලිපිය ලියන අප විසින් මේ වසංගත කාලයේ අපහසුතාවයට පත්ව සිටින දුප්පත් ජනයා සහ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් සහල් ටොන් ගණනාවක් බෙදා හැර තිබේ. මේ සසර සැරිසරන සත්ත්වයා ට බඩගින්න සාපිපාසාව කිසිදිනක අවසන් නොවන නැවත නැවත ඇතිවන දුකකි. නැවත නැවත ආහාර සෙවීමට සිදු වේ. මේ සසරේ සැරිසරන එක් සත්වයෙක් විසින් මුඛයෙන් පහළට දමන ලද, බුදින ලද බත්/සහල් ප්‍රමාණය ටොන් ගණනින් මෙපමණ යැයි කිව නොහැකිය. ඒ සියල්ල එකට එකතු කළ හැකි නම් පෘථිවියේ ප්‍රමාණයට ද වඩා වැඩි වනු ඇත. අප විසින් බෙදා දෙන ලද සහල් ටොන් ගණනාව මේ සසර එක සත්වයෙකුගේ බුදින ලද ආහාර ප්‍රමාණයෙන් කෝටියෙන් ප්‍රකෝටියෙන් එක් පංගුවක් වත් නොවනු ඇත. ඒ අපේ සහල් ලද සියලු දෙනා ඒ සහල් අවසන් කර නැවත බඩගින්නට පැමිණ ඇත. යටින් හිලක් ඇති කලයක් මෙන් මේ ශරීරයට මුඛයෙන් කොතරම් බත් දැමුවත් පිරීමක් තෘප්තියක් සංසිඳීමක් නොලැබේ.

නමුත් යම් කිරිපිඩු පූජාවක් සිදුකර සසර සියලු සාපිපාසාව අවසන් කරගත හැකිනම් සහල් ටොන් ලක්ෂ ගණනක් හෝ වියදම් කර එසේ කිරීම සුදුසුයි නේද? යටත් පිරිසෙන් දිව්‍ය ලෝකයකට ගොස් වසර කෝටි ගණනාවක් නැවත සාපිපාසාව ඇති නොවන තත්ත්වයක් ඇති කරගත හැකි නම් ඒ සඳහා සහල් ටොන් කිහිපයක් ආයෝජනය කිරීම ගැටළුවක් නැහැ නේද? පැය කිහිපයකට හෝ දින කිහිපයකට බඩගින්න නිවා ගැනීම ද වඩා සුදුසු, එහෙමත් නැත්නම් අවුරුදු කෝටි ගණනාවකට නැවත බඩගින්න ඇති නොවන මට්ටමක් ඇති කර ගැනීම ද? වඩා සුදුසු ආයෝජනය කුමක්ද?

ඒ නිසා දුර දිග බලා සිදුකරන ලද මේ ආයෝජනය අප අනුමත කරනවා පමණක් නොව එය ඉතා සතුටු සිතින් අනුමෝදන් ද වෙමු.