”කාමා හි චිත්‍රා මධුරා මනෝරමා – විරූපරූපේන මථෙන්ති චිත්තං,
ආදීනවං කාමගුණේසු දිස්වා – තස්මා අහං පබ්බජිතොම්හි රාජ.”
පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍ර තමයි. මිහිරි තමයි. සිත ඇදී යනව තමයි. ඒ වුණත් ඒ තුළින් මේ සිත නොයෙක් විදිහට කලබල වෙලා යනව. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුණේ.
”දුමප්ඵලානිව පතන්ති මානවා – දහරා ච වුද්ධා ච සරීරභේදා
ඒතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ – අපණ්ණකං සාමඤ්ඤමේව සෙය්‍යෝ’ති.”
පුංචි අයත් වැඩිහිටියොත් කවුරුත් මැරිල යන්නෙ ගස්වල ගෙඩි වැටෙනව වගේ. පින්වත් රජතුමනි, ඒවා දැකලයි මං මහණ වුණේ. මේ ශ්‍රමණ ජීවිතය කිසි කරදරයක් නෑ. ඒ වගේ ම උතුම් ජීවිතයක්.
(රට්ඨපාල සූත්‍රය – මජ්ඣිම නිකාය 02)