දුතීය චේතනා සූත‍්‍රය : 14 කොටස දිට්ඨි විශුද්ධිය කිව්වෙ සත්ව පුද්ගල දෘෂ්ටිය නෑ…

දුතීය චේතනා සූත‍්‍රය : 14 කොටස

දිට්ඨි විශුද්ධිය කිව්වෙ සත්ව පුද්ගල දෘෂ්ටිය නෑ. සත්ව පුද්ගල හැඟීම නෑ කියන එක නෙවෙයි. දෘෂ්ටිය නෑ. අවස්ථාවට රැුවටෙන්න පුළුවන් වුනත්, ‘‘නෑ මෙතන නාම රූප දෙකක් තියෙන්නෙ” කියන කාරණාව තියෙනවා. යම් දවසක් තියෙනවා ඇහෙන් බලනකොට පුද්ගලයෙක් වෙනුවට නාම රූප දෙකක් තියෙන්නේ කියලා පෙනෙන මට්ටමට එනවා. එදාට නීවරණ ධර්ම නෑ. නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකිනකොට තමන් තුළ ප‍්‍රමෝදය උපදිනවා. සිතේ ඔද වැඩුන ගතිය, පී‍්‍රතිය කියන එක හැම වෙලේම පවතිනවා ඒ මනසෙ. ප‍්‍රමෝදය නිසාම පී‍්‍රතිය. පී‍්‍රතිය නිසාම පස්සද්ධිය කියලා ආධ්‍යාත්මික ධර්මතා ටිකක් වැඩෙනවා. ඒ නිසාම මේ හිත කය දෙක සංසිඳෙනවා. සැහැල්ලූ වෙනවා, සැහැල්ලූව නිසාම සැපය ඇතිවෙනවා. සැපය නිසාම හිත සමාධි වෙනවා.

ඔන්න ඔය සමාධියට එනකොට ‘විවිච්චේව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මේහි’ කියලා කියනවා. වෙනදා වගේ කාමච්ඡුන්ද ආදී වස්තූන්ට තියෙන කැමත්තත් නෑ. පුද්ගල භාවය ගෙවිලා හින්දා. නීවරණ ධර්මත් නෑ. අන්න ඒ සමාධියට දැන් අපි කියපු විස්තර ටික පේනවා. සත්වයො, පුද්ගලයො දැකපු තැන දැන් අපිට නාම රූප දෙකක් පෙනුනානේ. දැන් නාම රූප කියලත් නෑ. ඇහැට පෙනෙන දේ වර්ණ සටහන් මාත‍්‍රයක්මයි කියන තැනට එනවා.

ආත්ම දෘෂ්ටියට සාපේක්ෂව තමයි අනාත්මය. ලෝකෙ තුළ තමයි, නිත්‍ය සැප ආත්ම. ඒ දැක්මට විරුද්ධව ලෝකෙ තුළම දකිනවා අනිත්‍යයි දුකයි, අනාත්මයි කියලා. විමුක්ති මුඛ. ඔය ටික දැක්කහම ලෝකෙන් එළියට එනවා. එළියට ආවහම ආත්මයි, අනාත්මයි දෙකම අතහැරෙනවා. වර්ණ සටහන ආත්මත් නෑ. අනාත්මත් නෑ. වර්ණ සටහන් මාත‍්‍රයක්මයි තියෙන්නෙ. ඒක බාහිරමයි. බලන නිසාමයි පෙනෙන්නෙ. පෙර නොතිබීමයි හටගත්තෙ කියලා ඔය විස්තර ඕන නෑ. ඇහෙන් බලනකොටම, වර්ණ සටහන් මාත‍්‍රයක් කියලා දකිනකොටම ඔය විස්තර ටික ඉබේම තියෙනවා. පෙනෙන දේ අහකට යනකොටම නැතිවෙනවා කියන එක ඉබේම හිටිනවා. ඒ සමාධියට ඇත්ත ඇති හැටියෙ දකිනවා. දකිනකොට කළකිරෙනවා.

මේ තරම් චිත‍්‍රයක් තුළ, වර්ණ සටහනක් තුළ, මවු මළ දුකට අ`ඩපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩියි නේද? මේ අවිද්‍යාව ලේසි නෑ නේද කියලා එයාට පේනවා. එදාට තමයි දුකේ කළකිරෙන්නෙ. කළකිරුණම මේ රූපාරම්මණයෙ ඇලෙන්නෙ නෑ. ඇලෙන්නෙ නැතිවුනාම හිත කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. මේ රූපාරම්මණ, ශබ්දාරම්මණ ගන්ධාරම්මණ කියන මේ ටිකට නැඹුරු වෙලා විඤ්ඤාණය උපදින්නෙ නෑ. ඇස් ඉදිරිපිටට රූපය එනකොටම ඒ රූපයෙ යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් පහළ වෙනවා. අරමුණේ විඤ්ඤාණය පිහිටන්නෙ නෑ.

විඤ්ඤාණං මජ්ෙඣ කියලා කිවුවෙ, සිත රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ඕවා එකක්වත් ඇසුරු කරලා නෑ. උපාදාන වෙලා නෑ. හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනුමකින්, දැක්මකින් ජීවත් වෙනවා. ඔතනට කියනවා රහතන් වහන්සේ කියලා. සෝපදිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ පරිහරණය සහිතයි තවම. නමුත් ගුරු බර බහාතැබුවා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදුනා කියන තැනට එනවා.

මෙන්න මේ මට්ටමේ ජීවත් වෙනවා. යම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් සළායතන පච්චයා. ආයතන ටික නිසා දිවි පැවැත්මක් තියෙයි නම් යම් නුවණකින් යුක්ත චිත්ත චෛතසික ටිකක් උපදී නම් මෙන්න මේ පැවැත්මට කියනවා ජීවිත පච්චයා, සළායතන පච්චයා කියලා. කය කෙළවර කොට ඇති වේදනා, දිවි කෙළවර කොට ඇති වේදනාවක් පමණක්ම වි`දිනවා. ඒ ටික ඇතිවෙන්න තිබුණ පුරාණ කර්මයෙන් හටගත්ත ඒ හේතුන්ට යම් ආයු සන්තතියක් තියේ නම් ඒ ආයුෂ ඉවර වෙනකොට ඒ ටිකත් ඉවර වෙනවා. කලමයි දැකපු දේ ඇතිබවට අහපු දේ ඇති බවට රැුස්වෙන ගතිය නතර කරලා තිබුනෙ. මරණාසන්න මොහොතෙ උපදින අන්තිම නිමිත්තෙත් ප‍්‍රත්‍ය නිසා හටගෙන ප‍්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවයි කියන සිහි නුවණ විතරයි තියෙන්නෙ. ඒ නුවණ යම්සේ ද ස්කන්ධ ටික එසේයි. ස්කන්ධ ටික යම්සේ ද ඒ නුවණ එසේයි. ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට මත්තේ විඤ්ඤාණය පිහිටන්න නිමිතිත් නැති වෙනකොට ‘නිබ්බන්ති ධීරා යථායංපදීපො’ ඒ ධීරයන් වහන්සේ නිවෙනවා පහනක් නිවුනා වාගේ.

කෙලෙස් ටික නැතිකළහම සෝපදිශේෂ නිබ්බාන වෙනවා. මේ පෙනෙන රූපාරම්මණයේ, ශබ්දාරම්මණයේ, ගන්ධාරම්මණයේ තියෙන අවිද්‍යාව නොදන්නාකම නැතිකරගන්න. ඒකට විද්‍යාව, සම්මා දිට්ඨිය, ඇත්ත ඇති හැටියෙ දකිනවා කියනකම ඇති කරගන්න. එච්චරයි ඕන . ජරා මරණ දුකෙන්, පංච උපාදානස්කන්ධ දුකෙන්ම මුදවලා. කෙලෙස් නැති කරපු කෙනාටම ස්කන්ධයන්ගේ නිරෝධය නිවන වෙනවා මිසක, කෙලෙස් සහිත කෙනාට ස්කන්ධයන්ගේ බි`දීම මරණයක් වෙනවයි කියන කාරණාවත් දකින්න.

කෙනෙකුට මරණයක් වෙන ඒ ජීවිතයම කෙනෙකුට නිවීමක් වෙනවා කෙලෙස් ටික නැත්නම්.

රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියන තැනක ද පුද්ගලයෙක් පිරිනිවන් පෑවා නෙවෙයි, අවශේෂ දුක් වූ ස්කන්ධයෝ නිරුද්ධ වුනා කියලා දකින්න. රහතන් වහන්සේ නමක් ජීවත් වෙනවා කියලා අපි කතා කරන තැනකදී ද ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ චිත්ත චෛතසික ටිකක් පවතිනවා.

අද සත්වයෙක් පුද්ගලයෙක් කියන තැනක ස්කන්ධ ටිකකුයි කෙලෙස් ටිකකුයි දකින්න. ඕක තමයි ඇත්ත.

මේ දුතිය චේතනා සූත‍්‍රයෙදි පෙන්වනවා අපිට බොහොම වටිනා කාරණාවක් මේ ස්පර්ශ ආයතන හයට ගෝචර වෙන, අරමුණු වෙන ආරම්මණයන් කෙරෙහි හිතුවත්, කල්පනා කළත්, අනුසය වශයෙන් පවතිනවා නම් විඤ්ඤාණය පිහිටනවාමයි. නොසිතුවත්, කල්පනා නොකළත් අනුසය වශයෙන් පැවතුනොත් විඤ්ඤාණය පිහිටනවාමයි. මෙ පේන අරමුණු අරබයා හිතලාවත් නොහිතලාවත් බේරෙන්න බැහැ. විඤ්ඤාණය පිහිටියොත් ජරා මරණ සෝක පරිදේව දුක් ඇතිවෙලා සසර පවතිනවාමයි කියලා පෙන්නනවා.

සිතන්නෙත් නැත්නම්, කල්පනා කරන්නෙත් නැත්නම්, අනුසය වශයෙන්වත් පවතින්නෙ නැත්නම් විඤ්ඤාණය පිහිටන්නෙ නෑ. විඤ්ඤාණය නොපිහිටියොත් සාක්ෂාත් වෙයි නිවන. අරමුණේ විඤ්ඤාණය නොපිහිටන විදියට වගබලා ගන්නකො. අරමුණේ විඤ්ඤාණය නොපිහිටන්න නම් අනුසය වශයෙන් නොපවතින්න ඕන. අනුසය වශයෙන් නොපවතින්න පුළුවන් වෙන්නෙ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකින් විතරමයි. දකින අහන හැම අරමුණකම ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශන මට්ටමක් එන්නට ඕන.

ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියලා කිවුවෙ තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත්, අපි නූපන්නත් උපන්නත්, ආරම්ණයක ඇත්තක් තියෙයි. ශබ්දයක් ඇහෙනවා කියන තැනක, ගන්ධයක් දැනෙනවා කියන තැනක, පවතින ඇත්තක් තියෙනවා මේ ඇත්ත ඇති හැටිය දකින්න. ලෝකෙ කෙනෙකුට රූපයක් හම්බවෙනවා නම් හම්බවෙන්නෙ සැබෑවටම මොන වගේ රූපයක්ද, මොන විදියට ද කියලා ඇත්තක් තියෙනවා. අපි කෙනා කෙනා රූප ගැන හිතාගෙන ඉන්න විදියක් තියෙන්න පුළුවන්. ඒ ඒ කෙනාගෙ ආශ‍්‍රව මත එබඳු රූප තියෙන්න පුළුවන්. නමුත් සත්‍ය වශයෙන්, යථාර්ථ වශයෙන් කාටත් එක විදියට පවතින සත්‍ය වූ සැබෑ වූ රූප මට්ටමක් තියෙනවා ඇහැට රූපයක් පේනවා කියනකොට. ඒ ගති ටික ඒ විදියටම හසුකර ගන්න දකින මට්ටමට කිවුවා සම්මා දිට්ඨි කියලා. සත්‍යාවබෝධයක් කියලා.

වෙන මුකුත්ම බුදුරජාණන් වහන්සේගෙ දේශනාවක් වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ, මේ ලෝකයෙ තිබුන සැබෑම ස්වභාවය අවබෝධ කරගෙන පෙන්නුවා මිසක වෙන දෙයක් පෙන්නුවේ නැ බුදු දහම කියලා. ඒ නිසා ඒ පෙනෙන රූපායතනයේ සැබෑම ගතිය දකින එකට සම්මා දිට්ඨි කිවුවා. ඒ සැබෑම ගතිය නොදැක්ක අපි ඒ ගතිය දන්නෙ නෑ. ඒ ගතිය මුලින් ම දැක්ක බුදු රජාණන් වහන්සේ පෙන්නුවා සැබෑ ගතියේ ලක්ෂණ ටික මෙන්න මේවා. බාහිරයි, උපාදායයි, මේ හේතු වලින් හටගන්නෙ, තියෙනවා නෙමෙයි හටගෙන නැතිවෙනවා මේ ගති ටික පෙන්නුවා. මුඛ පරම්පරාවෙන්, සත් පුරුෂ ඇසුරෙන් අපිට ලැබෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන සද්ධර්මය අහනවා කියන්නෙ ඔය ගතිටික අපේ ජීවිතයෙන් බලාගන්න පුළුවන් ලක්ෂණ ටික අහගන්න. අහගෙන ඔන්න කල්‍යාණ මිත‍්‍ර ඇසුර සද්ධර්ම ශ‍්‍රවණය ලැබුනා. නමුත් දකින්නෙ නෑ. ඊට පස්සෙ ශිලයක පිහිටලා සමථ කමටහනකින් සිත වඩමින් බලනවා. මේකට කියනවා ධර්මානුධර්ම ප‍්‍රතිපදාව. විදර්ශනා කරන එක යෝනිසෝ මනසිකාරය. කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මේ ටික එකතු වෙනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට මේ කියපු ගතිය තමන්ට තේරෙනවා. නමුත් එළඹ සිටින්නෙ නෑ. තව දුරටත් මේ විදියටම කරනවා.

කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව තව ටිකක් පැහැදිලි වෙනවා. යම් දවසක් තියෙනවා නම් අර්ථය පිහිටන තැනට ජීවිතය එන දවසක් එදාට මත්තේ කටයුත්තක් නැහැ කියලා තමන් තුළම සිහි නුවණ උපදිනවා.

අපි මේ ශාසනයට ආවෙ අහස වගේ හිස්තැනක් බලන්නවත්,නිරෝධය අල්ලන්න කියලා එකක් කරන්නවත්, අසීමිත මනසක් බලන්නවත් නෙමෙයි, අපි මේ ශාසනයට ආවෙ ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් කියන මේ දුකෙන් මිදෙන්න.

එකම දරුවා ඇස් ඉදිරිපිට මැරිලා වි`දින දුකෙන් මිදෙන්න. තමන්ගෙ ආදරණීය අම්මා තාත්තා මැරිලා වි`දින්න වෙන දුකෙන් මිදෙන්න. ඒ ටික තමන්ට ලැබෙනකම් මේක කරන්න. ඒ දුකේ මිදීම නිවනයි කියලා දකින්න. සළායතන නිරෝධය, භව නිරෝධය නිවනයි කියලා දකින්න. ඒ නිසා මේ බුද්ධොත්පාද කාලෙ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා බොහොම වටිනා පරිසරයක් ලබපු අපිට මේ ටික බැරි නැ. වාසනාව තියෙන නිසයි අපිට මේ වගේ දහම් වටපිටාවක් ලැබුනෙ. අද අපිට තියෙන්නෙ විකෘති නොවූ මනසකින්, ප‍්‍රකෘති මනසක් හදාගෙන – මේක හොඳට අහන්න. කලබල වෙන්න එපා. බස් එකට නගින්න. බස් එකේ දුවන්න හදන්න එපා. බස් එක යන වේගෙන් යයි. ඉක්මනට යන්න කියලා බස් එකේ දුවන්න ගියොත් අත පය තුවාල වෙයි. වෙන යමක් වෙන්නෙ නෑ. ඒ නිසා යන වාහනේකට නැගලා ඉඳගෙන ඉන්න. ඒ යන වේගෙන් යයි.

ඒ නිසා මේ ශාසනයට ඇවිල්ලා බණ දහම් අහගෙන තමන්ට හැකි ප‍්‍රමාණයට උත්සාහවත් වෙන්න. එහෙම කළොත් අපිට මේ ජීවිතයේම සසර දුක් ගෙවාගන්න මාර්ග ඥානයක් ලබාගන්න බැරි නෑ. ඒ සඳහා මේ දේශනාව
හේතු උපනිශ‍්‍රයම වේවා!

සියලූ දෙනාටම තෙරුවන් සරණයි!

සමාප්තයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!