New photo from Facebook February 27, 2016 at 09:11AM

රුවන්වැලි මහා සෑය කප්රුක (කන්චුක) පූජාව සහ දර්ම යාත්‍රාව 26 . 03. 2016 දින සෙනසුරාදා සවස 3.00 සිට පසුදා පහන් වන තුරු . මෙහෙයවනු ලබන්නේ විචිත්‍ර දර්ම කතික පූජ්‍ය ගලිගමුවේ Ganadeepa සහ පූජ්‍ය වල්පොල හෝතම ස්වාමින්වහන්සේලා විසිනි.

මෙයින් වසර දෙදහස් හයසියයකට ඉහතදී බුද්ධගයා ශුද්ධ භූමියේ ජයසිරි මහ බෝ මැඬ දී මාර පරාජය කොට සවාසනා සකලක්ලේශයන් සෝධා හැර සර්වඥතාඥාන සමධිගමයෙන් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේපන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙවියන් සහිත ලෝක සත්වයාට සදහම් අමාව බෙදා දී සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් අමා මහ නිවන් පුර පමුණුවාමෙයින් දෙදහස් පන්සිය පනස් පස් වසරකට පෙර කුසිනාරා නුවර උපවත්ථන සාල වනෝද්‍යානයේ දී අප ගේ බුදු පියානන් වහන්සේ පිරිනිවන් පා වදාල සේක.ක..ශ්‍රී බුද්ධ වර්ෂ 382 හි දී රජ බවට පැමිණි දුටුගැමුණු මහ රජතුමාණෝ මාගම සිට අනුරාධපුරයට සැපත්ව එහි සිටි ආක්‍රමණිකයන් සමග කළ මහ සටනකින් ජය ගෙන ලංකා රාජ්‍යය එක්සේසත් කොට හුදෙක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂාවෙන් ම බුදු සසුන බැබළවූහ.වෙසක් පුර පසළොස්වක් පොහෝ දින විසා නැකතින් රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු දුටුගැමුණු මහ රජාණන් විසින් ආරම්භ කරන ලදී.
සිවු බුදුවරයන් වහන්සේ විසින් රහතන් වහන්සේලා සමග සමාපත්තියට සමවැදීමෙන් පරිභෝග කල රුවන්මැලි චෛත්‍ය භූමියේ, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රොණයක් පමණ තැන්පත් කොට චෛත්‍යයක් බැඳවිය යුතු බවත් දේවානම්පියතිස්ස මහ රජු මුනුබුරු දුටුගැමුණු මහ රජතුමාණන් විසින් එම චෛත්‍යරාජයා නිර්මාණය කරනු ලබන බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එය අසා බලවත් සතුටට පත් දේවානම්පියතිස්ස මහ රජතුමාණෝ, ගල් ටැඹක් පිහිටුවා සෙල් ලිපියක් කරවූහ. එම ලිපිය රන් පතක ලියා කරඳුවක බහා රජ වාසලෙහිද තැන්පත් කළහ.දේවානම්පියතිස්ස මහ රජුන් ලියා තැබූ රන් පත හා සෙල් ටැම් ලිපිය කියවා, අප්‍රමාණ ප්‍රීතියට පැමිණ රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කරවීමට අධිශ්ඨාන කර ගත්හ.

මෙසේ ම්හත් ආශ්චර්යමත් වූ පුන්‍ය බූමියක පිහිටා තිබෙන රුවන්වැලි ම්හා සෑයේ තවත් අවුරුදු 2446 කින ම්හා දාතු පරිනිර්වාණය සිදු වන බව සදහන්ව තිබේ .එනම් යලිත් බුදු රුවක් ම්වී යමාමහා පෙලහර පාන බවටද සදහන්ව තිබේ .

මෙවන් පුන්‍ය බුමියක් පිළිබඳව අප පවුලේ සියලු දෙනාගේ සිත් තුල ඉස්මතු වූ බුද්ධාලම්බන ප්‍රිතිය සහ සර්දාව හේතු කොට්ගෙන රුවන්වැලිසෑය පුද බිමේදී ම්හා පින්කමක් සංවිදානය කිරීමට අප විසින් තීරණය කරන ලදී.එනම් 2016 මාර්තු මස 26 වෙනි සෙනසුරාදා සවස 3.00 සිට පසු දින පහන් වන තුරුම පින්කම් රාශියක් සිදු කෙරුණු අත. මෙම පුන්‍ය කර්මය ශ්‍රීලංකාවේ දර්ම දේශනා පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසුලන විචිත්‍ර දර්ම කතිකායානන් ව්හන්සේලා දෙනම්ක් වන පූජ්‍ය ගලිගමුවේ Ganadeepa සහ පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේලා විසින් මෙහෙයවන ලබන අතර චෙත්‍ය වන්දනාව පූජ්‍ය ගනේවත්තේ චන්ද්‍රරතන ස්වාමින්වහන්ස විසින් පවත්වනු ලබයි.මෙහිදී චතුරාර්‍ය සත්‍ය පිලිබඳ දර්ම දේශනා , අටවිසි බුද්ධ පූජා , දර්ම සාකච්ඡා අදී වශයෙන් අංග රාශියකින් සමන්විත වේ .එබැවින් මේ ම්හා පුන්‍ය කර්මයට එදිනට ශ්‍රීලංකාවේ සිටී නම් පින්වත් ඔබ සියලු දෙනාටම සහභාගි වන ලෙසට අප පවුලේ සියලු දෙනා විසින් ඉතා ගවුරවයෙන් ආරාධනා කර සිටිමු.

සාදු ,සාදු , සාදු . ඔබ සියලු දෙනාටම තෙරුන් සරනයි .

විස්තර සදහා කාලිංග ගුනරත්න 0423 936711, 0771087642 via Facebook Pages http://ift.tt/1GMS4Lf