New photo from Facebook March 23, 2016 at 09:30AM

මනුෂ්‍ය ජීවිතයක් ලැබීමට අප කොතරම් වාසනාවන්තද?

ස්වාමීන්වහන්ස, කෝටි බිලියන ගණන් වටිනා ස්වීප් එකක් ඇදෙනවා කිව්වොත් අපි හිතන්නේ මහා දෙයක් කියලා. නමුත් ස්වාමීන්වහන්ස, තඹයක් තරම්වත් වටින දෙයක් නෙමෙයි. මේ ඇදිලා තියෙන ස්වීප් එකේ වටිනාකම දන්නේ නැහැ. බොරු නෙමෙයි, හිතන්න ස්වාමීන්වහන්ස, බුදුරජාණන්වහන්සේ පෙන්නනවා මහ මුහුදේ ඉන්න සත්තු – මේ මුළු පොළවෙම තියෙන ගස් වැල් අඟලෙ, අඟලෙ කෑලි වලට කපලා මුහුදෙ ඉන්න එක සතාට එක කෑල්ල කෑල්ල තියාගෙන ගියොත්, මුළු පොළවේම තියෙන ගස්වැල් ඉවර වෙනවා, ඒත් මුහුදෙ ඉන්න සත්තු වැඩියි කියලා. මොකද මේ පෘථිවියේ හතරෙන් තුනක් ජලය, ජලයේ ඉන්න සත්තු වැඩියි. ගොඩබිම ගත්තහම එක ඉඩමක ඉන්න කඩි, කූඹි, වේයෝ, මේ මුළු පෘථිවියේම ගොඩබිමයි, ජලයෙයි ඉන්න සත්තු ගත්තොත් සත්ව විෂය කොච්චරද?
ගිය ජීවිතයේ මරණාසන්න අවස්ථාවේ දී – ඒ එකම සත්ව යෝනියකටවත් යන්නේ නැතුව, එකම තැනකටවත් ප්‍ර‍තිසන්ධි ගන්නේ නැතුව, මනුෂ්‍යය මව් කුසක ප්‍රතිසන්ධි ගත්තා කියනකොට හිතාගන්න කොහොමද කියන එක. ඇඟ කිලිපොලා යනවා ස්වාමීන්වහන්ස – මේ ලැබුණ ජීවිතයේ වටිනාකම. අපිට තේරුණේ නැති වුණාට.
නමුත් අවාසනාවට – අර මම කියන්නේ කෝටි ගණනක් වටිනා මැණිකක් තියෙන්නේ වටිනාකම නොදන්නා කිරි සප්පයෙක් අතේ නම්, ඔය වටිනා මැණික එයාගෙ ජීවිතෙන් අයින් කරන්න දෙන්න ඕනේ මොකක්ද – රුපියලක් නැත්නම් ශත පණහක් විතරයි. කෝටි ගණනක් වටිනා මැණිකක්. හැබැයි පුංචි පැටියෙක් අතේ තියෙන්නේ. ටොපියක් පෙන්නලා ‘මේ බලන්න පුතේ මේක හරි රසයි. මේක අරන් ඕක දෙන්න පුතේ’ කිව්වොත් දෙන්නේ නැද්ද? දිවෙත් ගාලා පෙන්නනවා, ඇයි රහයි නේ. ශත පනහේ, රුපියලේ ටොපිය අරගෙන ළමයා ඒක දෙයි. ඇයි ඒ? ‘වටිනාකම නොදන්නාකම’ නිසා. කෝටි ගණනක් වටිනා මැණික වටිනාකම දන්නා කෙනෙක් අතේ තිබුණොත් – රුපියලක්, ශත පණහක් දීලා ගන්න පුළුවන්ද? ගුටිකන්නයි වෙන්නේ.
ස්වාමීන්වහන්ස, ඒ වගේ මේ තුන් භවයේම තුණුරුවන් හා සමාන රත්නයක් නැහැ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. දුක් ගිනි නිවෙන මේ ධර්මය නිසා. මේ චෛත්‍යය වන්දනීය, පූජනීය තත්වයට පත්වුණේ ස්වාමීන්වහන්සේලා වන්දනීය, පූජනීය තත්වයට පත්වුණේ මේ දහම නිසා. මේ වටිනාකම ආවේ. නමුත් අපිට ඒකෙ වටිනාකම තේරෙන්නේ නැහැ, මෙච්චර වටින්නේ මොකක් නිසාද කියලා.
ආලෝකෝ උදපාදි පොත ඇසුරෙන් -> http://ift.tt/20rXBKK

ෆොටෝ එක -> http://ift.tt/1fQW6PA via Facebook Pages http://ift.tt/1GMS4Lf