New photo from Facebook May 26, 2016 at 09:00AM

අප ගේ බුදු රජාණන් වහන්සේ සුභ නැකැත ගැන දේශනා කරල තියෙනව.

සුනක්ඛත්තං සුමංගලං සුප්පභාතං සුවුට්ඨිතං
සුඛණෝ සුමුහුත්තෝ ච සුයිට්ඨං බ්‍රහ්මචාරිසු

නිවන් මග අනුගමනය කරන උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනවින් පුදන ලද දානයක් ඇද්ද, ඒ දන්දෙන වෙලාව තමයි සුභ නැකැත. සුභ මංගල්‍යය. සුභ උදෑසන. සුභ නැගී සිටීම. සුභ මොහොත. සුභ මුහුර්තිය.
(අංගුත්තර නිකාය – මංගල වර්ගය)

යම් උදෑසනක කය, වචනය, හිත මුල් කරගෙන යහපතේ හැසිරෙනව නම් එය සුභ උදෑසනක් බවත්; දහවලත්, සන්ධ්‍යාවත් ඒ අයුරින් යහපතේ යෙදීම තුළින් ම සුභ වන බවත් එම දෙසුමේ සඳහන් වෙනවා. via Facebook Pages http://ift.tt/1GMS4Lf