New photo from Facebook June 30, 2016 at 08:47AM

හිමිදිරි උදැසනක සිල්වත් ස්වාමීන්වහන්සේ දකින්නට ලැබීම කොතරම් සතුටක්ද? උන්වහන්සේ ලාට දන්දෙන්නට ලැබීම කොතරම් සැපක්ද?

කෙලෙස් වලින් දුෂණය වූ සිත පිනෙන් ප්‍රීතියෙන් පිරිසිදු කරගමු.

———————————
අපේ fan කෙනෙක් එවූ ලිපියක් පහත දැක්වේ

“අපදාන පාලි නම් උතුම් පොත් වහන්සේ පරිහරණය කරමු-සාංඝික දානයකින් උපරිම පිනක් රැස්කරගනිමු”
බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේලාගෙන් මෙවන් ප්රශ්නයක් අසනවා. “මහණෙනි,වඩා අනුසස් ගෙනෙන්නේ තථාගතයන් වහන්සේට සැරියුත් තෙරුන් පූජා කරන දානයද නැත්නම් සැරියුත් තෙරුන්ට තථාගතයන් වහන්සේ පූජා කරන දානයද?” එවිට භික්ෂූන් වහන්සේලා පවසනවා “සැරියුත් තෙරුන් තථාගතයන් වහන්සේට පූජා කරන දානය වඩා අනුසස් ගෙනෙයි” කියා. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා “මහණෙනි එසේ නොකියන්න.සැරියුත් තෙරුන් ට වඩා කර්ම විපාක පිලිබඳ තථාගතයන් වහන්සේ බොහෝ සෙයින් දන්නා බැවින් තථාගතයන් වහන්සේ සැරියුත් තෙරුන්ට පූජා කරන දානයම වඩා ආනිශංස ගෙන දෙයි ” යනුවෙන්.
රහතන් වහන්සේලාට කර්ම රැස් වීමක් සිදුනොවුනත් බුදුරජාණන් වහන්සේ අපට පහදා දීමට උත්සාහ කල ඒ වැදගත් කරුණ කුමක්ද ??
එනම් කිසියම් දානයක් හෝ පූජාවක් මහත්ඵල මහානිශංස වීම සඳහා “පූජා බුද්ධිය”(මහත් කර්ම ඵල දන්නා බව සහ ඒ පිලිබඳ විශ්වාස කරන බව) කොතරම් බලපෑමක් සිදුකරන්නේද යන්නයි.
ගෞතම සසුනේ වැඩසිටි රහතන් වහන්සේලාගේ අතීත කතා ඇතුලත් “අපදාන පාලි” නම් උතුම් පොත් වහන්සේ පින් කැමති ලෝවැස්සන් කෙරෙහි අනුකම්පාවෙන් රහතන්වහන්සේලා ඉතිරි කල මහා නිධානයක් බඳුය.එලෙසම එය තුණුරුවන සතු “අනන්ත ගුණස්කන්ධ “කියාදෙන අචාර්යවරයෙක් බඳුය.
පින් කැමති මනුෂ්යයන්ගේ තුණුරුවන කෙරෙහි ඇති චිත්ත ප්රසාදය සහ පූජා බුද්ධිය වඩ වඩාත් වර්ධනය කිරීමට එයින් ලැබෙන්නේ මහත් උපකාරයකි.

පින් කැමති මනුෂ්යයන්ට ආර්ය මහා සංඝරත්නය තරම් පින් කෙතක් තවත් නැත.ඒ පින් කෙත ලෝකයේ අද ජීවමානව පවතී.අප බොහෝ දෙනා සාංඝික දන් දුන්නද ,බුද්ධ ප්රමුඛ සංඝරත්නය විෂයෙහි දෙන දානයකින් රැස්කරගතහැකි උපරිම පින රැස්කරගන්නවාද යන්න ප්රශ්නයකි.දානයක් මහත්ඵල මහානිශංස වීම සඳහා චිත්තප්රසාදයත්,පූජා බුද්ධියත් ඉතා වැදගත් බැවින් අපදාන පාලියේ එන කතාවල සඳහන් ආනිශංස ගැන කියවා ඒ ලබා ඇති දැනුම අප පූජා කරන දානය මහත්ඵල මහානිශංස වීමට බලවත් උපකාරයක් කරයි. දානය සඳහා සූදානම් වන මොහොතේ පටන් ,පිලියෙල කරන කාලයේත්,පූජා කරන වේලාවේත්,ඉන් පසුවත් ඒ කතා වල සඳහන් කරුණු මෙනෙහි කිරීම තුලින් නිම් නැති අති ප්රබල ආනිශංස ලැබීමට හේතු වේ.මෙලෙස සාංඝික දානයකින් ජනිතවන පින වඩ වඩාත් ප්රබල කරගැනීමට අපි අනුගමනය කරන ක්රමයක් ඔබටද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේට එක් දන් වේලක් පූජා කල පිනෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලේ දුගතියකට නොගොස් අවසානයේ අරහත්වයටද පත්වූ රහතන් වහන්සේ ලාගේ කතා වලින් ද අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට බෙහෙත් පූජා කර ඒ පිනෙන් ගෞතම බුද්ධ සාසනය දක්වා සුගතියෙහි ම ඉපදුන රහතන්වහන්සේලා ගේ කතා වලින්ද එක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පිලිබඳ අනුමානයෙන් හෝ සිතාගත හැක.ඇතැම් කෙනෙක් අතීත භවයක දී කොණ්ඩඤ්ඤ බුදු රජාණන්වහන්සේට ඇඟ ගල්වන තෙල් පූජා කොට කොණ්ඩඤ්ඤ බුද්ධෝත්පාදයේ පටන් ගෞතම බුද්ධෝත්පාදය දක්වා දුගතියකට නොගිය බව සඳහන් වේ.මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ දුගතියෙන් මුදවාලීමට තරම් ඒ දානයෙන් රැස්වූ පින මොන තරම් ප්රබල ඇතිද?එසේනම් එක් බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ ගුණස්කන්ධය කොපමණ වනු ඇතිද ?
නමුත් මා මේ දානය පූජා කරන්නේ මගේ ස්වාමී වූ ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ .උන්වහන්සේද ඇතුලු අතීතයේ ලොව පහල ව ,සියලු බුදුකිස නිමවා පිරිනිවන් පෑ ගණන් කල නොහැකි තරම් අතීත ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ලා වෙනුවෙන්ද ,අනාගතයේ ලොව පහල වන ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ලා වෙනුවෙන්ද ,මේ තුන් කාලයට අයත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලාගේ බුදු සසුන්වල වැඩ සිටිනා තුන් කාලයට අයත් ආර්ය මහා සංඝරත්නයද යන සියල්ල වෙනුවෙනි.
මෙයින් සාරාසංඛෙය්ය කල්ප ලක්ෂයකට පෙර ලොව පහල වූ බුදුරජාණන් වහලාට වන්දනා කිරීමෙන් අදටත් පින් රැස් වේ නම් බුදුවරුන් ගේ ගුණ කවදා නම් නිමවේද?අනන්ත අපරිමාණ කල්ප ගණන් ගත වුවත් නිම නොවේමය.එසේ නම් තුන් කාලයට අයත් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා දන් පැන් පූජා කිරීමෙන් මා මේ රැස් කරගන්නා පින් කවදා කෙසේනම් ගෙවී අවසන් වනු ඇතිද? ”
මේ ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන්ම අප්රමාණ පින් රැස් වන බව අපගේ විශ්වාසයයි.පින් කැමැත්තෝ මේ ලිපියෙන් ප්රයෝජන ලබත්වා. via Facebook Pages http://ift.tt/1GMS4Lf