New photo from Facebook October 28, 2016 at 12:00PM

ඇසුරු නොකළ යුතු මිතුරන් හතර දෙනෙක්
http://ift.tt/2fd82GB
මිත්තපතිරූපකා
254
“ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි.
255
“ගෘහපති පුත්‍රය, අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තේ මේ කරුණු සතරින් දතයුතු.
“හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි. සුලු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමහට බියක් ඇතිකල්හි ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයොජනය පිණිස කටයුතු කරයි.”
“ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන නැතැත්තා දතයුතුයි.”
256
“ගෘහපති පුත්‍රය, වචීපරම නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තා කරුණු සතරකින් දතයුතු. ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමිණ සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් වචීපරම නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දත යුතුයි.
257
“ගෘහපති පුත්‍රය, අනුප්පියහාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දතයුතුයි. මිතුරාට පව් කිරීමද අනුමත කරයි. කුසල් කිරීමද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුප්පියභාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුයි.
258
“ගෘහපති පුත්‍රය, අපාය සහාය නම්, මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දත යුතුයි. මත්වීමට හා ප්‍රමාදයට කාරණාවූ මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංචාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. ප්‍රමාදයට කරුණුවූ සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අපාය සහාය නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුය”යි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
259
සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මේ කාරණය වදාරා නැවතද මෙසේ කීවාහුය.
“අඤ්ඤදත්ථුහර, නම් (හිස් අතින් අවුත් මිතුරාගෙන් යමක් ගෙනයන) යම් මිතුරෙක් වේද? වචීපරම නම් වචනයෙන් පමණක් සලකන) යම් මිතුරෙක් වේද? අනුප්පියභාණී නම් (කරන හොඳ නරක දෙකට ඉදිරිපිටදී ගුණ කියන, නැති තැන අගුණ කියන) යම් මිතුරෙක් වේද, අපාය සහාය නම් (පව් කටයුතුවල යොදවන) යම් මිතුරෙක් වේද යන මේ අමිත්‍රයන්වූ මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙන, මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.” via Facebook Pages http://ift.tt/1GMS4Lf