New photo from Facebook November 21, 2016 at 03:00PM

ස්ත්‍රී රූප බාහිරයේ නැහැ. මනසේ හදාගත්ත ක්ලේශයක් කියල දැනගෙන ස්ත්‍රී රූපය බොරුවක් වුන දවසට ස්ත්‍රියක් ඉඳීම නිසා, ලෙඩ වීම නිසා, මහලු වීම නිසා, මැරුණ නිසා, අහිවීම නිසා, අප්‍රිය පුද්ගලයන් හා එකතුවීම නිසා එන සියළු දුකෙන් මනස මිදෙන්නේ. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න අප්‍රමාදීව කායගතාසතිය නම් නිවන් මඟ වඩන්න.

අපිට අසංඛ්‍යක් ආයුෂ නැහැ මේ බුද්ධෝත්පාද කාලේ ලැබුන මනුස්ස ජීවිතයේ. ඒ නිසා නොපමාව දුක පිරිසිද දැක දැක සමුදය ප්‍රහාණය කරමින් නිවන සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන්න. ප්‍රමාද වෙලා සතර අපායට ඇද වැටිලා මේ ඉමක් කොනක් පාරක් තෙරක් නොමැති සංසාර සාගරයට වැටෙන්න නම් එපා. මේ සංසාර සාගරයේ ඉන්නේ ජරා මරණ නමැති සැඩ මත්සයෝ. මේ ජරා මරණ නමැති සැඩ මත්සයන්ට අහු වෙලා අනන්ත සංසාරේ අපි හිතන්න බැරි තරම් දුක් වින්ද අය, විදිමින් එන අය, විඳින්න ඉන්න අය. ඒ නිසා කලණ සිතින් මතක් කරනවා දුකට අකමැති නම් බුදුහාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරලා මේ දහමේ හැසිරෙන්න කියල. ඉතින් ප්‍රර්ථනා කරනවා අසීමිත වූ මහග්ගත මෙත් සිතින් සියළු දෙනාටම අද අදම මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න ලැබේවා!

ඒ සදහා පිටුවලක් වීමට sudassana.org වෙබ් පිටුවේ 2015 නොවැම්බර් මස සිට අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න via Facebook Pages http://ift.tt/1GMS4Lf