New photo from Facebook December 21, 2016 at 12:00PM

මත්පැන් බීමෙන් සිදුවන හානි
———————————————————

මත්පැන් බොනවා නම් සිරෝසීස් ගැනත් දැන ගන්න

ඇල්කොහොල් හෙවත් මධ්‍යසාරවල සමාජ භාවිතය විග්‍රහ කරන්නේ කෙසේද?

මධ්‍යසාර භාවිතය එක් සමාජයකට පමණක් සීමා නොවුණත් බටහිර රටවල සහ ආසියාවේ සුපිරි සහ මධ්‍යම පාන්තික සමාජවල මෙය පිළිගත් පානයක් විදිහටයි. (Social Drink) ප්‍රචලිත වී තිබෙන්නේ.
නමුත් මෙහි තවත් පැත්තක් වන්නේ එය Social Drink කියන අදහසින් ඔබ්බට ගොස් ඇබ්බැහිවීමක් බවට පත් වීමයි. මධ්‍යසාරවල ආදීනව නිසා තමාටත්, පවුලටත්, සමස්ත සමාජයටත් මහත් ව්‍යසනයක් ඇතිකරවන බලපෑමක් දක්වා මෙය වර්ධනය වී තිබෙනවා.
මධ්‍යසාරවලට ඇබ්බැහිවීම යන කාරණයේදී පන්ති භේදයක් නැතිව සහ විශේෂයෙන් දුප්පත් සහ නූගත්කම ඊට සෘජු බලපෑමක් එක්කර තිබෙනවා.

වෙළෙඳපොළේ දක්නට ලැබෙන විවිධ මත්පැන් වර්ගවල මධ්‍යසාර අන්තර්ගතය කෙසේද?

ඕනෑම මත්පැන් (අරක්කු) වර්ගයක මත් ගතිය ඇතිකරවන්නේ ඊතයිල් ඇල්කොහොල් C2H2OH මඟින්. මෙය විවිධ ප්‍රමාණවලින් ඒ ඒ මත්පැන්වල අඩංගු වෙනවා. සම්මත අරක්කු වර්ගවල මෙම ඊතයිල් ඇල්කොහොල් (30%) ක් සියයට තිහක් අඩංගුයි. බියර්වල 4% – 8% අඩංගු වන අතර වයින්වල සුළු ප්‍රමාණයක් අඩංගුයි.
මීට අමතරව ආයුර්වේද ඖෂධවලත් ප්‍රමිතියකට අනුකූලව මධ්‍යසාර යම් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. නමුත් ග්‍රාමීයව දක්නට ලැබෙන කසිප්පුවල අඩංගු ඇල්කොහොල් ප්‍රමාණයේ ප්‍රමිතියක් නෑ.
අද ලංකාවේ සුලබ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ ග්‍රාමීයව සකසන කසිප්පු භාවිතයයි. මෙහි මධ්‍යසාර අන්තර්ගතය හඳුනාගන්නේ කොහොමද?
මධ්‍යසාර අධිකව ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. කසිප්පු නමින් හඳුන්වන ග්‍රාමීය නිෂ්පාදන කිසිම ප්‍රමිතියකින් තොරව සකසන නිසා එහි අඩංගු ඊතයිල් ඇල්කොහොල් ප්‍රමාණය නිශ්චිතව හඳුනාගන්නේ නෑ. මේ නිසා ඉන් ඇතිකරන අහිතකර ප්‍රතිවිපාක වැඩියි. අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය කෙසේ වෙතත් මෙවා සකසන නිෂ්පාදන ක්‍රමවේදයත් මුළුමනින්ම සෞඛ්‍යයට හානිකර විය හැකියි.
මධ්‍යසාර සකසා ගැනීමේ ක්‍රියාවලියේදී ඊතයිල් සහ මීතයිල් යනුවෙන් වර්ග දෙකක් ගැන කතා කරන ඒ මොනවාද?
මධ්‍යසාර සකසා ගැනීමේදී අතුරු ඵල දෙකක් විදිහට ඊතයිල් සෑම මත්පැන් වර්ගයකම අඩංගු වෙනවා. එයින් තමයි මත් ගතිය ඇතිකරවන්නේ. නමුත් මීතයිල් කියන්නේ අධික විෂ සහිත අතුරු ඵලය ප්‍රමිතිගත ස්කාගාරවලදී මෙම ඊතයිල්, මීතයිල් වෙන වෙනම වෙන්කර ගත්තත් ග්‍රාමීයව සකස් කරන මත්පැන් වර්ගවල නම් එවැනි ක්‍රියාවලියක් සිදුවන්නේ නෑ.

මධ්‍යසාර ශරීරගත වීමේදී සිදුවන්නේ කුමක්ද?

මධ්‍යසාර සුළු හෝ වේවා අධි හෝ වේවා කුමන මාත්‍රාවක් වුවත් ශරීරගත වූ විට මුලින්ම ආමාශය සහ අන්ත්‍රවලට උරාගන්නවා. ඉන්පසු එය රුධිරය මගින් අක්මාවට ගමන් කරනවා. අක්මාවේදී විවිධ සංඝටකවලට බෙදී පරිවෘත්තිය ක්‍රියාවලියකට භාජනය වන අතර එහිදී විෂ සහිත අතුරු ඵල නිපදවෙනවා. අධි මාත්‍රාවක් නිරන්තරයෙන් ගැනීමෙන් ඉක්මනින් අක්මාවට හානි විය හැකිය.

මධ්‍යසාර ශරීරගත වීමෙන් අක්මාවට හානි සිදු වී එම ක්‍රියාවලිය එතැනින් නවතින්නේ නෑ. ශරීරයේ සමස්ත ඉන්ද්‍රීය පද්ධතියටම කරන බලපෑම විග්‍රහ කළොත්?

මධ්‍යසාර සුළු හෝ අධි මාත්‍රාවෙන් කාලාන්තරයක් ශරීරයට ඇතුළු වීමෙන් මොළයට හානි සිදු වෙනවා. එනම් මොළය දිය වී කුඩා වෙනවා. ඒ වගේම මොළය පිටුපස කොටස ක්ෂය වීමක් සිදුවිය හැකියි. තවද පාදයේ ස්නායු දුර්වල වීම, දෙඇස් මුළුමනින්ම අන්ධ වීම, වකුගඩු නරක් වීම, හෘද වස්තුව ඉදිමීම ආදී වශයෙන් සෑම ඉන්ද්‍රියකටම විවිධ බලපෑම් ඇතිකර වනවා. මධ්‍යසාරවල අඩංගු මෙතනෝල් වැනි ඇතැම් සංඝටකවලින් මානසික ආබාධ ඇතිකරවිය හැකියි.

මධ්‍යසාර නිසා ශරීරයේ ඉන්ද්‍රියන්ට හානි සිදු වී ඇති විටෙක මතුවන මූලික රෝග ලක්‍ෂණ මොනවාද?

කෑම අරුචිය, අත් පා ඉදිමීම, බඩ පුරවා දැමීම, ඇස් කහ පාට වීම යන රෝග ලක්‍ෂණවලට අමතරව අක්මාව, ආමාශය වැනි ඉන්ද්‍රියන්ට බරපතල හානි සිදු වී ඇති විට ලේ වමනය, කළු පැහැයෙන් මළ පිටවීම ආදී ලක්‍ෂණ පහළ වෙනවා. අක්මාව තුළ පීඩනය වැඩිවන විට ලේ නහර පිපිරීමෙන් තමයි මෙවැනි තත්ත්වයක් මතුවන්නේ.
ඒ වගේම මෙහි බරපතල අවදානම වන්නේ මෙම සියලු රෝග ලක්‍ෂණ පහළ වීම සිදුවන විට අක්මා සෛලවලින් සියයට හැටක්ම විනාශ වී තිබීමයි.
අරක්කු බොන අයත් දන්න වචනයක් තමයි “සිරෝසීස්”. නමුත් වෙන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ.
මධ්‍යසාර නිරන්තරයෙන් ශරීර ගතවූ විට ඇතිවන සුලබම රෝගය තමයි සිරෝසීස්. සිරෝසීස් ඇතිවන්නේ අක්මාවට හානි වීමෙන්. අක්මාවේ පටක සම්පූර්ණ වෙනසකට ලක්වීමෙන් එහි සෛලවලට හානි කරනවා. එවිට සෛල මුළුමනින්ම කෙඳි සහිත පටක බවට පත්වෙනවා. අවසානයේ අක්මා සෛල නැතිව කෙඳි ගොඩක් පමණක් ඉතිරි වෙනවා. එවිට මුළුමනින්ම අක්මාව අක්‍රීය වී එහි ක්‍රියාවලිය මුළුමනින්ම නවතිනවා. මෙය නිට්ටාවට සුව කළ නොහැකි බරපතළ රෝග තත්ත්වයක්.

මධ්‍යසාරවල ආදීනව නිසා ඇතිවන වෙනත් රෝගාබාධ මොනවාද?

සිරෝසීස් තත්ත්වය සමගම සිහි මඳ ගතියක් ඇතිවනවා. ඒ මොළයට ඇතිකරන බලපෑම නිසයි. හෙපටික් එන්සොෆොලොපති නැමති මෙය ඇතිවුණොත් ඉන් සියයට පනහක්ම මරණයට පත් වෙනවා.
තවද උදරයේ වතුර පිරීමෙන් අන්ත්‍ර හෙවත් බඩවැල් අක්‍රීය වීමත්, විෂබීජ අන්ත්‍ර කුහරවලට ඇතුළු වීමත් සිදුවිය හැකියි. එවිට රෝගියා මිය යනවා. ස්නායු අඩපණ වීමෙන් පාදවල දැනීම අඩුවීම, (ෆෙරිෆරල් නියොරොපති) මස් පිඬු දියවීම, මතකය අඩුවීම, මොළය ක්ෂය වීම, හෘදය ඉදිමීම (ඩයිලේටස් කාඩියොමයෝපති) වැනි රෝග ලක්‍ෂණ ඇතිවිය හැකියි.

මධ්‍යසාර නිසා රෝගී වූ පුද්ගලයෙක් රෝහල් ගතකළ විට ලැබෙන ප්‍රතිකාර මොනවාද?

සාමාන්‍යයෙන් මෙවැනි රෝගියෙක් රෝහල්ගත වන්නේ ලේ වමනය, කකුල් ඉදිමීම, බඩ ඉදිමීම වැනි රෝග ලක්‍ෂණ ඇති වූ විටයි. මේ තත්ත්වය පෙන්නුම් කරන විට අක්මාවෙන් සියයට හැටක්ම විනාශ වී හමාරයි. එමනිසා හදිසි ප්‍රතිකාර සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවෙනවා.
මෙහිදී මුලින්ම මුඛයෙන් ආහාර දීම නවත්වා බට මගින් ආහාර ලබා දෙනවා. සේලයින් සහ සේලයින් සමඟ ලබා දෙන එන්නත් ලබා දී අක්මාවේ අම්ල ගතිය අඩු කරනවා. එමෙන්ම අක්මාවේ පුපුරන ලද රුධිර වාහිනී හැකිළීමට බෙහෙත් ලබා දෙනවා.
මීට අමතරව UGIE ශල්‍යකර්මයත් වැදගත්. එහිදී කැමරා සහිත නලයක් ශරීරයට ඇතුළු කර රුධිර නාලවලින් ලේ වහනය වීම වැළැක්වීමයි සිදුකරන්නේ. මේ සඳහා ශල්‍ය වෛද්‍යවරයෙකුගේ සහාය අවශ්‍යයි.
හානි වූ අක්මාවට බෙහෙත් දැමීමත් ප්‍රතිකාරයක්. එහිදී FFP නැමැති ප්‍රෝටීන අඩංගු ලේ වර්ගය රෝගියාට ලබා දීමටත් සිදුවෙනවා.
මධ්‍යසාරවලට ඇබ්බැහි වී සිටියත් එහි ආදීනව බුද්ධියෙන් වටහා ගත් ඇතැමුන්ට එයින් මිදෙන්න සැබෑ වුවමනාවක් තිබෙනවා. නමුත් ඔවුන් පවසන්නේ එසේ කළොත් නැති ලෙඩ ඇතිවෙන බවයි.
ඇත්තෙන්ම ඔය කියන්නේ කාලාන්තරයක් අරක්කු බීපු අය එකවරම එය ගැනීම නැවැත්තුවොත් ඇඟ වෙව්ලීම, ඇඟ කැසීම, නින්ද නොයාම, ෆිට් එක, සිහි මද ගතිය ඇතිවන නිසයි. මේ තත්ත්වයන් ඇතිවෙනවා නම් ඒවාටත් ඖෂධ සහ ප්‍රතිකාර අපි ළඟ තිබෙනවා. අතුරු ආබාධවලට, විෂාධියට බෙහෙත් දෙනවා. මානසික සායනවලට යොමු කරනවා. අරක්කුවලින් මිදෙන්න ඕනෑ කියන හැඟීම කෙනකුට ඇතිවීමත් සමාජයට හොඳක් නිසයි අපි නොමසුරුව ප්‍රතිකාර ලබා දෙන්නේ.

සිරෝසීස් වැනි තත්ත්වයක් මුල් අවස්ථාවේ හඳුනාගත නොහැකිද?

බාහිරින් පෙන්වන ලක්‍ෂණවලින් නම් එය කිසිසේත්ම හඳුනාගන්න බෑ. සිරෝසීස් මුල් අවස්ථාවේදීම හඳුනාගන්න නම් ලේ පරීක්‍ෂාවක් කර ගන්න ඕනෑ. LFT (Liver Function Test) නමින් හඳුන්වන මෙම රුධිර පරීක්‍ෂාව මගින් අක්මාවට යම් බලපෑමක් වෙලා ද යන්න කල් ඇතිව හඳුනාගන්න පුළුවන්.

ආයු කාලය වැඩිකර ගන්න නම් මාසයකට වරක් දෙවරක්වත් මධ්‍යසාර ගත යුතු බටව නොබොන අයට ඇතැමුන් උපදෙස් දෙනවා. මේ කතාවේ ඇත්ත මොකක්ද?

මේ කතාවේ කිසිම ඇත්තක් නෑ. ඔය කාරණය පිළිබඳ සිදුකළ පර්යේෂණවලින් සුළු පිරිසක් ඇල්කොහොල් ශරීරයට අවශ්‍ය බවත්, එය දිනකට තේ හැන්ඳක් හෝ දෙකක් (20 ml) පමණ බවත් කියනවා. නමුත් බොහෝ පර්යේෂණවලින් ඒ අදහස තහවුරු කර නෑ.
මධ්‍යසාර පිළිබඳ මෙවැනි මත දරන්නන් සහ ඇබ්බැහිවූවන් මත් රකුසා පිළිබඳ නොදන්නා යථාර්ථයන් බොහොමයි. වෛද්‍යවරයකු ලෙස ඔබ ඔවුනට දෙන උපදේශය.
සමහරු හිතන්නේ ඇල්කොහොල් සමාජ ජීවිතයට අත්‍යවශ්‍ය කොටසක් බවයි. නමුත් සමාජයට මුහුවීමට මත් වතුර වීදුරුවක් වුවමනා නෑ. අවශ්‍ය වන්නේ පෞරුෂයයි. අනෙක කසිප්පු ද, සීල් අරක්කු ද, වයින් ද, බියර් ද කියලා වෙනසක් නෑ. ඒ සියල්ලම සිරුරට අහිතකරයි.
ඒ විතරක් නෙමෙයි මත්පැන් නිසා රෝගාතුර වූවන්ට රජය විශාල මුදලක් ප්‍රතිකාරවලට යටකරනවා. මැරෙන්න කියලා බෙහෙත් නොදී අත්හරින්නේ නෑ. අරක්කු බීලා රෝහල් ගතවන අය කල්පනා කළ යුතු තවත් දෙයක් තිබෙනවා. තමන්ට දෙන හැම ලේ බිඳුවක්ම මේ රටේ අහිංසක ජනතාව පරිත්‍යාගශීලීත්වයෙන් අසරණ රෝගීන් වෙනුවෙන් ලබා දුන් ඒවා බවයි. මධ්‍යසාරවලින් තමා විසින් තමාව නැතිකර ගන්නවා විනා අන් යථාර්ථයක් එහි නෑ
.
———————————————————————-

දුම්වැටි මත්ද්‍රව්‍ය මත්පැන් ලිංගික බෙලහීනතා ඇතිවීම

ජිවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ලිංගික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි. මේ ක්‍රියාවලියේදී ලිංගික නිරෝගී බව ඉතාම වැදගත් තැනක් ගන්නවා.
ලිංගිකව රෝගී වූ අයෙකුට ජීවිතයේ බොහෝ දේ නොලැබී යනවා. ඒත් ඒ ගැන කිව නොහැකිව බොහෝ දෙනා ලතැවෙනවා. මේ ලිපියේ අරමුණ විවිධ කායික රෝග නිසා ඇතිවෙන ලිංගික බෙලහීනතාවයන් හා ඊට අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමයි.
ලිංගික දුබලතාවයන්ට හේතුවන රෝග පිළිබඳවත් ඉන් මිදී සාර්ථක ජීවිතයක් ගතකරන ආකාරය පිළිබඳවත් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ලිංගික බෙලහීනතාවයකට බලපෑහැකි කායික රෝග ආකාර කීපයකින් දැක්විය හැකියි. විශේෂයෙන් හෝමෝනවල (Testosterone ටෙස්ටස්ටෙරෝන් ) බලපෑම් නිසා ලිංගික දුබලතා ඇතිවෙනවා. සමහර කායික රෝග නිසා මේ හෝමෝනය නිපදවීම අඩුවෙනවා. එවැනි තත්ත්වයකදී ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි. මෙහිදී මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවිය හැකි බලපෑම් සහිත රෝග තත්ත්ව ප්‍රධාන තැනක් ගන්නවා. මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටිවල ඇති රසායනික ද්‍රව්‍ය නිසා සිරුරේ ඇතිවෙන වෙනස්කම් හේතුවෙන් මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවෙනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය ලිංගික උත්තේජකයක් ලෙස භාවිතාකරන අයත් අප අතර සිටිනවා. ඇත්තෙන්ම මෙය උත්තේජකයක් නොවෙයි. නමුත් බොහෝ කාම අපරාධකරුවන් මේවා පාවිච්චි කරන්නේ තම ලැජ්ජා බය දෙක නැතිකර ගැනීමටයි. නමුත් මෙහි ඇති සත්‍ය කථාව නම් දිගුකාලීනව මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ලිංගික බෙලහීනතා රෝග ලක්‍ෂණ ඇතිවීමයි.
ඇතැම් ආසාදන රෝග තත්ත්ව නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා. කම්මුල්ගාය රෝගී ත්ත්ත්වය වෘෂණ කෝෂවලට බලපෑම් ඇතිකරනවා. මේ හේතුව නිසා වෘෂණ කෝෂවල දැඩි වේදනාකාරී තත්ත්වයක් ඇතිවෙනවා.
එවැනි අයට පසුකාලීනව ටෙස්ටස්ටෙරෝන් හෝමෝනවල ස්‍රාවයේ ගැටලු ඇතිවීම නිසා ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි.
බරවා රෝගය නිසා වෘෂණ කෝෂ ඉදිමීම සිදුවෙනවා. මේ නිසා ටෙස්ටස් ;ටරෝන් හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවෙනවා.
හෘද රෝග තත්ත්ව නිසාත් ලිංගික දුබලතා ඇතිවිය හැකියි. විශේෂයෙන් රුධිරවාහිනී පටුවීම නිසා (Atherosclerosis – ඇතරොස්ක්ලෙරෝසිස් ) නිවැරදිව රුධිර සැපයුම සිදුනොවීමෙන් ශරීර ඉÁද්‍රිය ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවෙනවා. මේ නිසාත් ලිංගික පද්ධතියට බලපෑම් සිදුවෙනවා.
වකුගඩු හා මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝග නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවෙනවා. වකුගඩු අක්‍රිය වීම (Hydrocoele) නිසාත් වෘෂණ කෝෂයේ පිටත තිබෙන ශිරා විස්තාරනය වීම Varicocele -වැරිකොසිල් ) නිසාත් ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය නිපදවීම අඩුවෙනවා.
ශරීරයේ තිබෙන බොහෝ බරපතළ ආබාධ නිසා ශරීරයේ් ඉÁද්‍රියන්ට වන බලපෑම් හේතුවෙන් ලිංගික බෙලහීනතා ඇති වෙනවා.
දියවැඩියා රෝගී තත්ත්වයේදී ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට කෙරෙන බලපෑම නිසා ලිංගික උත්තේජනයක් නොලැබීයා හැකියි. මෙහිදී වන්නේ ඉන්සියුලීන් ක්‍රියාකාරීත්වයේ අඩු-වැඩි වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයි.
ශරීරයේ හෝමෝන නිපදවන ග්‍රන්ථි එකින් එක සම්බන්ධතා පවත්වනවා. මේ නිසා තයිරෝයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩි ක්‍රියාකාරීත්වයද ලිංගික බෙලහීනතා ඇතිකරවීමට එක් හේතුවක් වෙනවා.
ස්නායු පද්ධතියේ ආබාධ ශරීර ඉÁද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට බලපෑම ඇති කරනවා. මේ නිසා නිවැරදිව ශරීරය පුරා පණිවුඩ හුවමාරුව සහ රුධිර ගමනා ගමනය සිදු නොවීම හේතුවෙන් ලිංගික ඉÁද්‍රියන්ට ද බලපෑම් ඇතිකිරීම නිසා ලිංගික බෙලහීනතා ඇතිකරනවා. අපස්මාර රෝගයේ ටෙම්පෝරල් ලෝබ් Temporal lobe සහ එපිලෝසි Epilepsy තත්ත්වයේදීත් ලිංගික ආබාධ ඇතිවිය හැකියි.
මොළයේ ඇතිවෙන රෝගී තත්ත්ව නිසාත් ලිංගික දුබලතා ඇති වෙනවා. මොළයේ ඇතිවෙන අසාමාන්‍ය වර්ධනයන් ( ගෙඩි) හේතුවෙන් ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවෙනවා. මේ නිසා ලිංගික දුබලතා ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වසවිස මෙන්ම පළිබෝධ නාශක දීර්ඝ කාලීනව ශරීර ගතවීම නිසාත් ලිංගික දුබලතා ඇතිවෙනවා. ලිංගික අවයව සහ ගුදමාර්ගය ආශි‍්‍රත පෙදෙසේත් යටිබඩ ආශ්‍රීතවත් කෙරෙන ශල්‍යකර්මවලින් පසුව ඇතැම්විට ලිංගික බෙලහීනතා තත්ත්ව ඇතිවිය හැකියි. මෙහිදී සිදුවන්නේ එම ප්‍රදේශ ආශි‍්‍රතව ඇති ස්නායු පද්ධතියට හානිවීම් නිසා ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑමයි.
ලිංගික ප්‍රදේශය ආශි‍්‍රතව කෙරෙන විකිරණ ප්‍රතිකාර නිසාත් ලිංගික බෙලහීනතා ඇතිවිය හැකියි. ලිංගික බෙලහීනතාවය සඳහා කායික රෝග තත්ත්ව බොහෝ දුරට බලපානවා. එවැනි අයට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග ඉතිහාසය, මානසික තත්ත්වය, පවුලේ තත්ත්වය සොයා බැලිය යුතුයි.
කායික රෝගී තත්ත්වයක් නම් එම කායික රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදීම කෙරෙනවා. කායික රෝගී තත්ත්වවලදී ලිංගික උත්තේජක ඖෂධ භාවිතය අවශ්‍යවන්නේ නැහැ. කායික රෝගී තත්ත්වය පාලනය කරගන්නා ඕනෑම අයෙකුට සාර්ථක ලිංගික සබඳතාවක් ජීවිතයේ වැඩි කාලයක් තුළ පවත්වාගෙන යාමට හැකි වෙනවා. මානසික රෝගී තත්ත්වයක් නම් උපදේශනය මඟින් එම රෝගියාට අවශ්‍ය දැනුම්වත් කිරීම් කළ යුතු වෙනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය , දුම්පානයට ඇබ්බැහි වීම සෘජුවම ලිංගික ගැටලු ඇතිකරන තත්ත්වයක් මෙවැනි අවස්ථාවලදී කළයුතු හොඳම ප්‍රතිකාරය වන්නේ එවැනි වැරදි පුරුදුවලින් ඉවත්වීම පමණයි.

———————————————————————————————————

මත්පැන් සහ මොලය – Alcohol and your Brain

පහත දැක්වෙන සාධක මත මත්පැන් වලින් ඇතිවන හානියේ තීව්රතාවය වෙනස්විය හැකි බව පෙනීගොස් ඇත.

1. ස්ත්‍රී පුරුෂ භාවය
2. වයස
3. උස
4. බර
5. ශරීර සෞඛය
6. අමාශයේ ඇති ආහාර ප්‍රමාණය
7. තමන් ගන්නා පානයේ අඩංගු මත්පැන් (Alcohol Concentration) සාන්ද්‍රණය
8. නියම කර ඇති හෝ නොකල ඖෂධ ලභාගැනීම

මත්පැන් වලින් ඔබට වන බලපෑම ගැන කතාකිරීමේදී රුධිරයේ අඩංගු මත්පැන් සාන්ද්‍රණය (Blood Alcohol Concentration – BAC) ඉතා වැදගත්.

Total amount of alcohol = Blood Alcohol
Total body water Concentration

Total amount of alcohol : මත්පැන් ප්‍රමාණය
Total body water :ශරීරයේ අඩංගු සම්පුර්ණ ජලය ප්‍රමාණය

මත්පැන් ජලයේ දියවන අතර මත්පැන් සමග ජලය වැඩිපුර පානය කිරීමෙහි යම් හිතකර බවක් ඇතත් මත්පැන් වලින් වන හානිය ගැන සිතනවිට එය සුළුවෙන් හෝ පානය කිරීමට අනුබල දීමක් කිසිවිටකත් නොකළ යුතුය. “පොඩ්ඩක් ගත්තට කමක් නැහැ,””පාටියකදී විතරක් පොඩ්ඩක් ගන්නවා ” “I’m a Social drinker” ” බියර් එකක් නම් බිව්වට අවුලක් නැහැ ” වැනි වදන් වලට මුවාවී ලීටර් ගණන් මත්පැන් පානයකර අවාසනාවන්ත ඉරණම් උදාකරගත් ජිවිත බොහෝය.

මත්පැන් පානය කර වාහන පැදවීම නීතිවිරෝදී මෙන්ම කෙනෙකුට කළහැකි අනුවනම ක්‍රියාව ලෙසද හැඳින්විය හැක. මෙසේ ප්‍රකාශ කිරීමට තීරණාත්මක සාදක බොහොමයක් ඇත. ඔබ ලබාගන්න මත්පැන් ආහාර මාර්ගය ඔස්සේ අමාශයට ගමන් කරයි. එහිදී පානය කල මත්පැන් වලින් 20% පමණ ඉක්මනින්ම අවශෝෂණය කරගන්නා අතර ඉතිරි 80% කුඩා අන්ත්රයේදී (කුඩා බඩවැලේදී) අවශෝෂණය වේ. ඉන්පසුව අවශෝෂිත මත්පැන් (Alcohol) හදවත මගින් මධ්‍ය ස්නායු පද්ධතිය Central Nervous System-CNS (මොලය ශුශුම්නාව) ඇතුලත්ව ශරීරයේ සැම කොටසකටම පරිවහනය කරනු ලබයි.

මත්පැන් පානයකර ඉතා සුලුවෙලාවකින්ම හිස ප්‍රදේශයේ යම් ඉහිල් බවක් හෝ හිසේ බර ගතියක් දැනෙන්නට වන්නේ මෙම මත් පැන් ඉතා ඉක්මනින් මොලය කරා ගමන් කරන බැවිනි. මොලයේ ස්නායු සෛල අතර සහ ස්නායු සෛල සහ අනෙකුත් ශරීර කොටස් අතර සන්නිවේදන ක්‍රියාවලියේ වේගය අඩාළ කිරීම මෙහිදී සිදුවේ.

එබැවින් ඉතා සුළු මත්පැන් ප්‍රමාණයකින් උවද කෙනෙකුගේ “හැඟීම්, තීරණ ගැනීම්, සමබර තාවය, මතකය, කථනය, කොපවිම ” ආදිය වෙනස් වන බව නිරීක්ෂණය කලහැක. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 වනතෙක් ඔබේ මොලය වර්ධනය වේ. එහිදී මත්පැන් වලින් වැලකිසිටීම වැදගත් වන්නේ ආපසු හැරවිය නොහැකි හානි ඔබේ මොලයට සිදුවීමට ඉඩඇති බැවිනි.

මෙහිදී මොලයේ සෙරිබ්‍රල් කෝටෙක්ස් Cerebral Cortex (සංවේදන පාලනයවන ප්‍රදේශය) ප්‍රදේශයට බලපෑම් ඇතිවූවිට කෙනෙකු කතා පෙට්ටියක් මෙන් කියවීමටත්, ආත්මවිශ්වාසයෙන් මෙන් හැසිරීමටත්, සමාජ ශීලි ගති පෙන්වීමටත් පටන් ගන්න අතර චින්තන ක්‍රියාවලියටද බලපෑම් ඇතිවේ. එබැවින් නිවැරදි තීරණ හෝ විනිශ්චයන් ලබාදීමට නොහැකි වීමත් පැහැදිලිව සිතීමට නොහැකි වීමත් මෙහිදී සිදුවේ.

සැලසුම් කිරීම, අදහස් ගොඩනැගීම, තීරණ ගැනීම, ස්වයං පාලනය ආදියට වගකියන මොලයේ ඉදිරිපස කොටසට (Frontal lobes) බලපෑම් ඇතිවූවිට පහත සඳහන් ලක්ෂණ දැකියහැකිවේ.

1. හැඟීම් පාලනයේ දුර්වලතා
2. දුරදිග නොසිතා කටයුතුකිරිම
3. ප්‍රචණ්ඩකාරිවිම හෝ තමාගේ එදිනෙදා චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් ඉදිරිපත්කිරීම

සම්භන්ධිකරණය, චින්තනය සහ දැනුවත් වීම පාලනයවන සෙරිබෙල්ලම් (Cerebellum) ප්‍රදේශයට බලපෑම ඇතිවූවිට තමන්ගේ මානසික මෙන්ම ශාරීරික හැකියාවන් අඩාලවේ. ඇතැම් විට සමබරව ඇවිදීමට නොහැකිව ඇදවැටී තුවාල සිදුවිමටද මෙහිදී බොහෝ ඉඩ ඇත.

මතකශක්තිය සහ මතකය සම්බන්ද වන හිපොකැම්පස් (Hippocampus) ප්‍රදේශයට බලපෑම් ඇතිවූවිට දැන් ඔබට ඇසුණු දෙයක්වත් මතක නැතිවීමටත්, පසුගිය රාත්‍රියේ ඔබ කලේ කුමක්දැයි කියාවත් ඔබට මතක නැති වීමට පුළුවන. එමෙන්ම ඉගෙනීමට සහ කරුණු ධාරණය කරගැනීමටද භාදා ඇතිවේ.

හයිපොතැලමසය (hypothalamus)ශරීරයේ කාර්යන් රැසකට වගකියන මොලයේ පිහිටි විශේෂ ප්‍රදේශයකි, එයට බලපෑම් ඇතිවූවිට රුධිර පීඩන, මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය, පිපාසය, බඩගින්න වැඩිවන අතර ශරීර උෂ්ණත්වය සහ හර්ද ස්පන්දනය අඩුවේ.

හර්ද ස්පන්දනය සහ ශරීර උෂ්ණත්වය පාලනය වැනි ස්වන්ක්රිය ක්‍රියා වලට සම්බන්ද මෙඩුලා (Medulla)ප්‍රදේශයට බලපෑම එල්ලවුවිටද ශරීර උෂ්ණත්වයට බලපෑම් එල්ලවේ. සීතල පරිසරයකදී එළිමහනේ මත්පැන් පානය කිරීමනිසා ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට වඩා පහත වැටියහැක. මෙම භයානක තත්වය හයිපොතර්මියා (Hypothermia) ලෙස හඳුන්වයි.

ඉහත සියලු හානිදායක තත්වයන් මොලය සම්බන්ද කරුණු කාරණාවේ. ඊට අමතරව මත්පැන් නිසා ඇතිවිය හැකි වෙනත් හානි බොහෝය.

ආහාර මාර්ගයේ කැල්සියම් සහ වෙනත් පෝෂපදාර්ථ අවශෝෂණය සඳහා වන කොටස් මත්පැන් නිසා හානියට පත්වූවිට කැල්සියම් ඌනතාවයන් මෙන්ම මන්ද පෝෂණය පවා ඇතිවිය හැක. දත් දුර්වලවීම සහ නොයෙකුත් අස්ථි ආභාධ කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන අනිසි පල විපාකවේ. එමෙන්ම පෝෂ පදාර්ථ අවශෝෂණයේ දුර්වලතා නිසා කොපමණ පෝෂජනක ආහාර ගත්තද නිසි පෝෂණයක් නොලැබේ.

ඉතිං ඔබේ මොලය මත්පැන් වලින් විනාශ වීමට පෙර සිතන්න

1. වර්ධනය වන මොලයට මත්පැන් ඉතා විෂ සහිතය
2. මත්පැන් වලට මොලයේ කොටස් සදහටම අකර්මන්‍ය කලහැක
3. මුදල් සහ කාලය විනාශවීම.
4. පව්ලේ සමගියට භාදා ඇතිවීම.
5. මත්පැන් සමග අත්වැල් බැඳගෙන සිටින දුම්වැටි වලට, සුදූ ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට ඇති හැකියාව.

ඔබේ මොලයේ දිගුකාලින ක්රියාකාරිත්වයටත් යහපත් මානසික හා ශාරීරික සෞඛයටත් වැදගත් වන්නේ මත්පැන් වලින් දුරස්වීම මිස එය වැළඳ ගැනීම නොවේ.

…………තීරණය ඔබේ………….. via Facebook Pages http://ift.tt/1GMS4Lf