තවත් වසරකින් රුවන්වැලි මහා සෑයට සිදු කෙරෙන විශාල මේ විශාල පූජාවට ඔබ සැමගේ උපකාරය ලබාදෙන්න.

Thusitha
සැදැහැවත් මිතුර/මිතුරිය,

2018-08-18 වන දින එනම් අද සිට දින 365 ක් ගිය තැන ශාසන හිතකාමී සියලු ශ්‍රී ලාංකික ගිහි පැවිදි පින්වතුන් එක්ව පවත්වන්නට නියමිත පංච මහා අධිෂ්ඨාන පූජාව පිළිබඳව එළි දක්වනු ලබන මංගල අවස්ථාවයි මෙය. මේ ඔබගේ අනුපමේය සහාය ශාසනය උදෙසා ඇවැසි මොහොතයි. පසුගිය වසරේ මැද භාගයේ සිට අප කල්‍යාණ මිතුරු මිතුරියන් මෙන්ම ගෞරවණීය සංඝරත්නය ද මෙහි සංවිධාන කටයුතු වල නිහඬව නියැලී සිටිත්. මේ මොහොතේ මෙය කියවන ඔබටද මෙම භාරදූර කර්තව්‍යට දායක විය හැක. එය මුදලින් නොව සංවිධාන කටයුතුවලට සහාය දීමෙන් හා පිළිවෙත් රැකිමෙනි. එමෙන්ම මෙම දැන්වීම සහ ඉදිරියේදී පළ කරනු ලබන දැනුවත් කිරීම් තම මිතුරු මිතුරියන් සහ නෑදෑ හිතවතුන් වෙත ගෙනයාමෙන් සහ ඔවුන් බොදු පිළිවෙත්හි යෙදීමට උනන්දු කරවීමෙනි. ඉදිරියේදී ඒ සඳහා ඔබව අපි පියවරෙන් පියවර පෙළගස්වන්නෙමු. එය අනාගත පරපුර වෙනුවෙන් අප හට පැවරී ඇති කාර්‍යයයි. එය අපගේ නිවන් ගමනට පාරමිතාවක් වනු ඇත.
More info @ http://ift.tt/2wVTJep
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
August 18, 2017 at 03:17PM