New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IpInEo
සබ්බපාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සචිත්තපරියෝදපනං,
ඒතං බුද්ධානසාසනං,

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.

======

ඛන්තී පරමං තපෝ තිතික‍්ඛා,
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

අනුන් කළ නුරුස්සනා දෙය ඉවසීම ය යි කියන ලද ක්ෂාන්තිය උතුම් තපසකි. බුදුවරු නිවන උසස් යැයි කියත්. අනුන්ට හිංසා පීඩා කරන, අනුකම්පාවක් නැති පැවිද්දා ශ්‍රමණයෙක් නො වේ.

======

අනුපවාදෝ අනුපඝාතෝ,
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤු තා ච භත්තස්මිං,
පන්තං ච සයනාසනං,
අධිචිත්තේ ච ආයෝගෝ
ඒතං බුද්ධාන සාසනං

අනුන්ට හෙළා තළා කතා නො කිරීම ද, අනුන් ට හිංසා නො කිරීම ද, භික්ෂුන් ට අයත් ශික්ෂා පදයන් හී හික්මීම ද (හෙවත් ඒවා පිළිපැදීම ද) ආහාරයෙ හි පමණ දැන අනුභව කිරීම ද, ගමින් දුරු වූ (විවේක ඇති) ආරාමයන් හී විසීම ද, සමාධි භාවනාවෙ හි යෙදීම ද යන මේවා බුදුවරුන් විසින් කළ යුතු යැ යි ප්‍රකාශ කරන ලද හ.