New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HAFwbP
මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ

ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන්නේ බුරුම ජාතික මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේය. උන් වහන්සේ 1954 දී රැන්ගුන් නුවර දී මහ ජනයා හා ගිනස් ආයතනයේ සාමාජිකයන් ඉදිරියේ ත්‍රිපිටක කෝවිද විභාගය සදහා සම්පූර්ණ ත්‍රිපිටකයේ පිටු 16000 එක දිගට මතකයෙන් සජ්ජායනය කළ සේක. බුරුමයේ භික්ෂූන්ට තනතුරු නම්බුනාම ලැබෙන්නේ රජුන්ට සමීප වීම මගින් නොව විභාග මගිනි. මේ සදහා පළමුව ධර්ම කථික විභාගය සමත් විය යුතුය. ධර්ම කථික විභාගය අසමත් කිසිවෙකුට බණ කීම නීතියෙන් වරදකි. ඉන් පසු විභාග තුනක් පැවැත්වේ. මෙය ඉතා දිගු විභාග වේ. ත්‍රිපිටකය ආශ්‍රයෙන් පැවැත්වෙන මෙම විභාග පඨමග්‍යාන විභාග වේ. මේවාගෙන් ඉහලම ලකුණු ලබන පිරිස ධම්මාචරිය විභාගයට සුදුසුකම් ලබයි. ධම්මාචරිය විභාගය ඉතා අසීරුය. දින නමයක් තිස්සේ පවත්වනු ලබන මෙම විභාග වලින් පාලි භාෂාවේ ඉතා ගැඹුරු ව්‍යාකරණය හා අභිධර්මය පිළිබද හසල දැනුම පරීක්ෂා කරයි. මෙම විභාගය සමත් වන්නේ සහභාගී වන්නන් ගෙන් 3% ට අඩු පිරිසකි.

ධම්මාචරිය විභාගය සමත් වූ වස් 40 පිරිපුන් . ධර්ම විශාරද , ග්‍රන්ථ කාරක , චෝදනා නැති ස්වාමින් වහන්සේලා හට අග්ග මහා පණ්ඩිත යන ගෞරවෝපාධිය බුරුම රජය පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේද එම උපාධිය ලද ස්වාමින් වහන්සේලා කීප නමක් වැඩ සිටි බව ඔබ දන්නවා ඇත.

ධම්මාචරිය විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ අය ත්‍රිපිටක කෝවිද විභාගයට සුදුසුකම් ලබයි.

මෙහිදී සමස්ත ත්‍රිපිටකය. සියලු අටුවා , සියලු ටීකා , සන්න , ගැට පද , ආදිය පිළිබද දැණුම පරීක්ෂා කරන අතර වසර 70 ක් තුළ මෙම විභාගයෙන් සමත්ව ඇත්තේ ස්වාමින් වහන්සේලා 12 දෙනෙක් පමනි. ( මෙම විභාගයට අග්ග මහා පණ්ඩිත උපාධිය ලද ලාංකික ස්වාමින් වහන්සේලා පෙනී සිටි අතර ඔවුන්ගෙන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නා හිමියන් පමණක් මෙහි කොටසක් පමණක් සමත් විය . අන් සියල්ලෝම අසමත් වූහ. ) මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම එය අවසන් කළ ස්වාමින් වහන්සේලා දෙනම අතරින් මිංගුන් සයදේව් හිමි පළමුවැන්නාය. විභාගය සම්පූර්ණ වීමට මුළු ත්‍රිපිටකය කට පාඩමින් කිව යුතුය. ත්‍රිපිටකයෙන් අසන අහඹු ප්‍රශ්න වලට අටුවා ටීකා ගැටපද වලින් ව්‍යාකරණය කරමින් පිළිතුරු දිය යුතුය.

බුරුමයේ පැවති 6 වන ධර්ම සංගායනාවේදි මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.මහා කාශ්‍යප ආසනය දැරීය. තවත් ත්‍රිපිටක ධර වූ මහාසි සයදේව් ස්වාමින් වහන්සේ උපාලි ආසනය දරා ප්‍රශ්න විචාළ අතර මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්හ. මෙතෙක් ඒ දෙනම තරම් ත්‍රිපිටක ධර ස්වාමින් වහන්සේලා ථේරවාද රටවල් හතරේම බිහිවී නැත. එනිසා හත්වන ධර්ම සංගායනාවක් කිරීමට නොහැකිව පවතී.

ධර්ම සංගායනා, විනය සංගායනා සුදුස්සන් කළ යුතු අතර නුසුදුස්සන් විසින් සංගායනා කරන විට ඒවා විහිළුවක් වේ. ඒවා ඉබේම නිෂ්ප්‍රභ වේ. ඒවා සංඝ සන්නිපාත පමණි. දන් වළදා විසිර යා හැකිය. එනිසා ධර්ම සංගායනා කිරීමට නොහැඛි සැබෑ හේතුව ත්‍රිපිටක කෝවිද භික්ෂූන් නැති වීම බව සියල්ලෝම දැන ගනිත්වා.