New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JvlxMM
සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය දජ්ජාප්පස්මිම්පි යාචිතො,
එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ දෙවානසන්තිකෙ.

පින්වතුනි, මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් මුගලන් මහ රහතන් වහන්සේ ඇසූ පැනයක් නිසා දේශනා කරන ලද්දක්.

මුගලන් මහ රහතන් වහන්සේ එක්තරා කාලයකදී දෙව්ලොවට වැඩම කොට දිව්‍ය අප්සරාවන් ගෙන් දෙව් සැප ලබන්නට කළ පින් ගැන අහලා බුදුරජාණන් වහන්සේ ළඟදි මෙහෙම ඇහුවා.

ස්වාමීනී ඇත්ත කී පමණින්, ක්‍රෝධ නොකළ පමණින්, සුලු දෙයක් දන් දුන් පමණින් දිව්‍ය සම්පත් ලබන්නට පුළුවන්ද කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ.

සච්චං 🌸 සත්‍යය, ඇත්ත.
භණෙ 🌸 කියන්නේ.
න කුජ්ඣෙය්‍ය 🌸 කිපෙන්නෙ නෑ.
යාචිතො 🌸ඉල්ලුවාම.
අප්පස්මිං+අපි 🌸 ටිකක් තිබෙන නමුත්.
දජ්ජා 🌸 දෙනවා.
එතෙහි තීහි ඨානෙහි 🌸මේ කරුණු තුනෙන්.
දේවානං+සන්තිකෙ 🌸 දෙවියන් ළඟට.
ගච්ඡෙ 🌸 යන්නේය.

ඇත්ත කීම, කෝප නොවීම, කවුරු හරි යමක් ඉල්ලන විට ස්වල්පයක් තිබුණත් ටිකක් හරි දීම, කියන ගුණ තුළින් දෙවියන් අතරට යන්න පුළුවන්.