New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Lt3bMd
පින් බර ජීවිතයක් ගෙවන්න කැමති අයට ලස්සන කතාවක් තමයි කියල දෙන්න යන්නේ. සතෙක් කරපු ලස්සන පින්කමක්. මේක සඳහන් වෙන්නේ බුදු රජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයේ අපදාන පාලි කියන කොටසේ. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තමයි මේ සිද්ධිය සිදු වුණේ. ඔන්න පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වනාන්තරයේ වැඩ ඉන්න වෙලාවක ඒ වනාන්තරයේ හිටියා විශාල සිංහරාජයෙක් මේ සිංහයා වනයේ ඇවිදින කොට බුදු රජාණන් වහන්සේ භාවනා කරමින් වැඩ ඉන්නවා දැක්කා. බුදු රජාණන් වහන්සේගේ බුදු සිරුරයි ශාන්ත ස්වභාවයයි දැක්කට පස්සේ සිංහයාට හිතුනා මේ තැනැත්තා නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. මොකද වෙන මිනිස්සු මාව දකින කොටම බයේ දුවනවා. මේ පුද්ගලයා හිටිවනම සාන්තව වැඩ ඉන්නවා. කියලා හිතල සිංහයාගේ හිතේ පැහැදීමක් ඇති වුණා. සිංහ ලීලාවෙන් වට පිට බැලුවා. එතකොට දැක්කා අසල පිහිටි පියුම් පිපුණ ලස්සන පොකුණක්. සිංහයා පොකුණට බැහැල හොඳින් පිපුණු ලස්සන පියුමක් කටින් ඩැහැගෙන බුදු රජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිත් ඒ මල බුදු රජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ තැම්පත් කෙරුවා. දැන් සිංහයාගේ සිත අමුතු සතුටකින් පිරිලා. කියා ගන්න බැහැ. ඒ වෙලාවේ බුදු රජාණන් වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් සිංහයාගේ හිත දිහා බැලුවා.උන් වහන්සේට පේනවා සිංහයාගේ සිත බුදු අසිරිය දැකලා ප්‍රීතියට පත් වෙලා කියලා. දැන් සිංහයා සිතේ සතුට කියා ගන්න බැරි නිසා කෑ ගහන්ට පටන් ගත්තා සිංහ නාද කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදු රජාණන් වහන්සේ මේ සිංහයා බුදු රජාණන් වහන්සේට මලක් පූජා කරල කර ගත්ත පිනේ ආනිසංස ගැන බැලුවා. පින්වතුනේ හරිම පුදුමයි බුදු රජාණන් වහන්සේට පේනවා මේ පින්කම මහත් ඵල මහානිශංස ලැබෙන පින්කමක්. පින්වතුනේ මහත් ඵල ලැබෙනවා කියලා කියන්නේ කවදා හරි නිවන් දකිනකන් අවසන් වෙන්නේ නෑ කියන එකයි. ඒ කියන්නේ කවදා හරි නිවනින් තමයි කෙළවර වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ වනාන්තරයට අරක් ගත් දෙවි වරු එතෙන්ට රැස් වුණා. බුදු රජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ දෙවි වරුන්ටත් එක්ක ඇසෙන්නට සිංහයා කළ පින්කම පිළිබඳ ව දේශනා කොට වදාළා. “තථාගතයන් වහන්සේට පියුමක් පූජා කළ මේ සිංහයා දිව්‍යලෝක මනුස්ස ලෝක සැප විඳිමින් සංසාරේ ගමන් කරන විට කල්ප ලක්ෂයකට පස්සේ ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වෙනවා අන්න ඒ බුදු සසුනේ මනුස්ස ලෝකයේ ඉපදිලා බුදු බණ අහල පිණ්ඩෝලභාරද්වාජ නමින් මහණ වෙලා උතුම් අරහත්වයට පත් වෙනවා කියලා වදාළා. ඉතින් පින්වත්නි අපේ ගෞතම බුදධසාසනේ වැඩ අනන්ත ගුණ ඇති මහා තේජස් ඇති පිණ්ඩෝලභාරදවාජ මහ රහතන්වහන්සේ තමයි ඒ. උන් වහන්සේට තමයි සිංහනාද කරන භික්ෂූන් වහන්සේලා අතර අග තනතුර ලැබුණේ. භික්ෂූන් වහන්සේලා සිංහනාද කරනවා කියලා කියන්නේ අභීත ප්‍රකාශ නිකුත් කරනවා කියන එකයි. ඉතින් පින්වත්නි පිණ්ඩෝලභාරද්වජ මහ රහතන්වහන්සේ දවසක් දා සමාධියට සමවැදී ලා පෙර ජීවිත දකින නුවණින් තමන් නිවන් දකින්න ට කළ පින් ගැන බලන විට තමයි මේ කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කරපු පින්කම දැක්කේ. ඉතින් පින්වතුනේ කල්පනාවට ගන්න පින් කියන දේ ජීවිතයට ගොඩාක් එකතු කර ගන්ට ඕනැ. පින් තිබුණොත් තමයි සංසාරේ සැප ලැබෙන්නේ සසරෙන් එතෙර වීමට පසුබිම සකස් කරල දෙන්නෙත් පින විසින්. දැන් බලන්න සතෙක් වෙලා කළ පිනකින් සසරින් එතෙර වෙච්ච හැටි.ඔබ සියලු දෙනාටත් ලස්සන ලස්සන පින්කම් ගොඩක් කරගෙන පින්බර කෙනෙක් වෙන්න ට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි.