New at Little Bit


from Path to Nirvana https://ift.tt/2PEI5gW
දානයේ මුලික අරමුණ ඔබ දන්නවාද?

දානය ගැන නම් අමුතුවෙන් ලංකාවේ අයට කියලා දෙන්න අවශ්‍ය නෑ. ගෝඩාක් දෙනෙක් දන් දෙනවා. ඒත් දානයේ මුලිකම අරමුණ මොකක්ද ඇහුවොත් බොහෝ දෙනෙක් දෙන පිලිතුර නිවරදිම නෑ.

මම කීප දෙනෙකුගෙන්ම දානයේ මුලිකම අරමුණ මොකක්ද කියලා ඇහුවා.ඒ ගෝඩාක් දෙනෙක් කිව්වේ, එක එක අරමුණු වලට දන් දෙනවා කියලයි,මියගිය අයට පින් දෙන්න,ලෝභය නැති කරගන්න,අත හැරීම පුරුදු කරගන්න,නිවන ප්‍රාර්ථනා කරගෙන ඒ වගේ.

මේ පිලිතුරු වැරදි නෑ. ඒත් දානයේ මුලිකම අරමුණ මේ පිලිතුරු ඇතුලේ නෑ කියලයි මට හිතෙන්නේ.මොකද මේ එකක් වත් දානයෙන් විතරක්ම කරගත හැකි දේවල් නෙවෙයිනේ.දානයෙන් විතරක්ම වෙන දෙයක් තියෙනවා ඒක තමයි දානයේ මුලිකම අරමුණ.දානයෙන් පින් ලැබීම,ලෝභය අඩුවීම,අත්හැරීම පුරුදු වීම ඒ මුලිකම දේට පරිභාහිරව ලැබෙන දේවල්.

අපි හිමීට මේක විසදගමු. ඊට කලින් දානයේ මුලිකම අරමුණ? ඔබට හිතෙන හැටියට,දන්න විදිහට මේ මොහෙතේම හිතලා නිකම් අදහස හිතේ තියාගෙන මේ ලිපිය කියවලා බලලා පස්සේ කැමති නම් සදහන් කරන්න ඔබ හිතපු දේ හා මෙහි සදහන් දේ එකමද, හරිද වැරදිද කියලා,ඒ වගේම මේ ලිපියේ කරුණු ධර්මාණූකූල නොවේ නම් ඒ ගැනත් කියන්න.

දැන් ඔබේ හිතේ යම් දෙයක් ඇති දානයේ මුලිකම අරමුණ ලෙස.බලන්න පහත විඩියෝවේ දානයේ මුලිකම අරමුණ තියෙනවා හොදට බලන්න ඒක ඔබට එලියට ගන්න පුලුවන්ද කියලා.මේක ලංකාවේ විඩියෝවක් නම් නෙවෙයි. ඒත් මේකේ මම කියන කරුණ තියෙනවා.
👇👇👇
https://ift.tt/2CVsdDY

දැන් සමහර අයට උත්තරේ ලැබිලත් ඇති.සමහර අයට නැතිවත් ඇති. අපි බලමු මේක ධර්මානූකූලව විසදාගන්න.

දානයේ මුලිකම අරමුණ තමයි ප්‍රතිග්‍රාහකයා සතුටු කිරීම. ප්‍රතිග්‍රාහකයාට පහසුවක් ඇති කිරීම. ප්‍රතිග්‍රාහකයා කියන්නේ අපි දානය ලබා දෙන කෙනා.මේක තමයි දානයකදී ඉටු විය යුතු මුලිකම දේ.මේක ඉටු නොවුනොත් දානයක් නෙවෙයි කියලා නෙවෙයි මේ කියන්නේ නමුත් දානය නැත්තම් අපි දෙයක් කෙනෙක්ට දෙනකොට අපි දෙන දෙයින් ඒ දේ ලබන කෙනා සතුටු වෙන්න ඕනී. ඒකෙන් තමයි නිවරදිවම දානය හා එහි ආනිසංස ලැබෙන්නේ.

මේ ගැන අවසරයි රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නැමති වටිනා ධර්ම ග්‍රන්ථයේ සදහන් කොටසක් පහතින් දක්වන්නම්.

දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි.දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.
https://ift.tt/2PLbqGA

දානය ගැන දැනගත යුතු තව බොහෝ දේ තිබේ මා මේ ලිපියෙන් මුලිකව කරුණු දක්වන්නේ දානයේ මුලිකම අරමුණ ගැන පමණක් නිසා දානය ගැන තව විස්තර දැන ගැනීමට කැමති අය පහත දක්වන link වලින් බෞද්ධයාගේ අත්පොතේ දානය ගැන සදහන් කොටස හා දක්ඛිණාවිභඞ්ග සූත්‍රය හොදින් කියවන්න.

බෞද්ධයාගේ අත්පොතේ දානය ගැන සදහන් කොටස
https://ift.tt/2PLbqGA

දක්ඛිණාවිභඞ්ග සූත්‍රය
https://ift.tt/2CVsA1k

මේ ගැන තව හොදට පැහැදිලි කරගත හැකියි අප මහ බෝසතානන් වහන්සේගේ දාන පාරමිතාව ගැන සදහන් වන වෙස්සන්තර ජාතක දේශනාව හොදින් බැලුවොත්.ඉන් මේ ගැන පැහැදිලි කල හැකි අවස්ථා කීපයක් කියන්නම්.

වෙස්සන්තර ජාතකයේ එක් අවස්ථාවක අප මහ බෝසතානෝ උන්වහන්සේ සතු ඉතා වටිනා ඇතෙකු වෙනත් රාජ්‍යයෙකින් පැමිණි බමුණන්ට දන්දෙන අවස්ථාවක් සදහන් එහිදී ඒ බමුණන්ට කැමති දෙයක් ඉල්ලන්න යැයි කී විට ඇතාව ඉල්ලූ විට ඔවුන්ව සතුටු කිරීමට ඒ මාහාර්ඝ ඇතා අත පැන් වත් කොට බුදුබව පතා දන් දුන් අවස්ථාව දැක්විය හැකිය.

තවද ජූජක බමුණා පැමිණ උන්වහන්සේගෙන් ජාලිය,කෘෂ්ණජිනා යන උන්වහන්සේගේ දරුවන් දෙදෙනා ඉල්ලූ අවස්ථාවේ උතුම් බුදු බව පතා ඒ දරුවන්ද දන් දුන් අවස්ථාවද දැක්විය හැකිය. මේ අවස්ථාවන් වලින් පැහැදිලි වෙන්නේ උන්වහන්සේ දන් දීමේදී ප්‍රතිග්‍රාහකයන් සතුටු වන අයුරින් බුදුබව පතා දන් දී ඇති බවයි.

අපිත් බුදු,පසේ බුදු,මහ රහත් යන තුන්‍තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රාර්ථනා කරමින් සසර ගමන අවසන් කිරීමට යන අය නිසා දන් දීමේදී වෙස්සන්තර මහ බෝසතානන් ලෙස නැතත් දන් දෙන අවස්ථාවලදී වත් ප්‍රතිග්‍රාහකයා සතුටු කරමින්, ප්‍රතිග්‍රාහකයාට පහසුව සැලසෙන අයුරින් දන් දීමට පුරුදු විය යුතුය.

වෙස්සන්තර ජාතකය කියවීමට අවශ්‍ය අය පහත link එකෙන් ගොස් එය කියවා බලන්න.
https://ift.tt/2PE9aAJ

බොහෝ දෙනෙක් මේ දානයේ මුලික අරමුණ නොදැන දන් දෙන නිසා අද වනවිට බොහෝ ප්‍රශ්න ඇති වෙලා. ඉන් එකක් තමයි අටපිරිකර සම්බන්දව පන්සල් වල ඇති වෙලා තියෙන තත්වය. බෝහෝ දෙනෙක් අටමහ කුසල් වලින් එකක් වන නිසාත් කවදා හෝ දවසක පැවිදි වීමේදී සිවුරු පිරිකර ලැබීමට නම් ඒවා පුජා කර තිබිය යුතුයි කියන අදහස නිසාත් බොහෝ විහාරස්ථාන වලට අටපිරිකරම පුජා කරනවා. ඒ නිසාම පන්සල් වල අටපිරිකර සෑහෙන්න තියෙනවා.අනිකුත් ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය දේවල් අඩුයි.මොකද ඒවා කවුරුත් පුජා කරන් නෑ.

ඒ නිසා මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස පන්සල් වලින් ඒ වගේ පුජාවන් කරන අයට එක අටපිරිකරක් පන්සලෙන්ම දීලා ඒකට මුදල් ගෙවන ක්‍රමයක් හදලා තියෙනවා. ඒත් ඒකට ගෝඩාක් දෙනෙක් කැමති නෑ පන්සලට සල්ලි ගන්නවා කියලා. ඒත් මේ ප්‍රශ්නයේ වරද කාගෙද? දානයේ මුලිකම අරමුණ නොදන්නා ගිහි අපගේම නොවේද??

ස්වාමීන්වහන්සේලාට විනයට අනුව ගිහි අයගෙන් මේක අපිට මදි මේක පුජා කරන්න කියලා එකවර කියන්න බෑ. ඒත් ගිහි කෙනෙක් ඇහුවොත් ස්වාමීන්වහන්ස මොනාහරි අඩුපාඩු තියේද කියලා අන්න එතනදී ස්වාමීන්වහන්සේට අඩුපාඩුවක් කියන්න පුලුවන්.ඒත් අපි ගෝඩාක් එහෙම විමසීමක් නොකර අපිට හිතෙන දේවල් පුජා කරනවා එතනදී ස්වාමීන්වහන්සේලාට ඒවාට අමතරව අවශ්‍ය වෙන දේවල් සපුරාගන්න ක්‍රමයක් හදාගන්න වෙනවා.ඒකේදී තමයි පන්සල් වල ගිහි දායකයෙක් යොදාගෙන අටපිරිකර පුජා කරන්න අවශ්‍ය කෙනෙක්‍ට ඒ සදහා මුදල් ගෙවලා ගන්න ක්‍රමයක් හදලා තියෙන්නේ. මේ ක්‍රමයේ වරදකටත් වඩා අපි හරියටම දානයේ මුලික අරමුණ දැනගෙන දන් දුන්නා නම් මේ ප්‍රශ්නය විසදෙනවා මුදල් ප්‍රශ්නයක් එන්නෙත් නෑ.ඒත් එසේ නොවන නිසයි මේ ප්‍රශ්නය.

මේ මේ නිසා ඇතිඋන එක ගැටලුවක් විතරයි තවත් මේ නිසා ඇතිඋන ගැටලුවක් තමයි ස්වාමීන්වහන්සේලාට දාන වලදී දෙන ආහාර ඒ නිසා ස්වාමීන්වහන්සේලාට දැන් යම් යම් රෝගාබාධ ඇති වෙලා ඒ නිසා ඒ ගැනත් සොයා බලා දන් දිය හැකි නම් බොහෝ වටී. මොකද ස්වාමීන්වහන්සේලාගේ අල්පේච්ජ බව නිසා ලැබෙන දෙයක් වලදනවා වෙන්න පුලුවන්.ගිහි දායකයන්ට කරදර කල නොහැකි නිසා සමහරවිට උන්වහන්සේලාගේ රෝගයන්ට නොගැලපෙන ආහාර උනත් වලදනවා විය හැකියි.ඒ නිසා ඒ ගැනත් උනවහන්සේලාගෙන් විමසා උන්වහන්සේලාට පහසුවක් ඇති වෙන අයුරින් දන් දිය හැකි නම් බොහෝ ආනිසංස ලබාගත හැකියි.

මේ ගැන අප සැම දෙනා ඉදිරියේදී හෝ සොයාබලා කටයුතු කිරීමට උත්සහ කරමු.

තෙරුවන් සරණයි…!
Yohan Sewwandika