New at Little Bit


from Path to Nirvana http://bit.ly/2HnbyfC
== ලොව පුරා බුදු දහම ==
ලොව පුරා බෞද්ධයින් මිලියන 500 ක් (ලෝක ජනගහනයෙන් 7%) පමණ මේ වන විට සිටින බවට ලෝක ප්‍රසිද්ධ Pew පර්යේෂණ ආයතනය වාර්තා කරන අතර ඉගැන්වීම් සහ පිළිපැදීම් මූලික කොටගෙන බුදු දහම ප්‍රධාන ආකාර තුනකට ලොව පුරා පැතිරී තිබේ.

1. ථේරවාදී බුදු දහම.
2. මහායාන බුදු දහම.
3. වජ්‍රයාන බුදු දහම.

== ලෝකයේ වැඩිම බෞද්ධයින් වෙසෙන රටවල් ==
ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රට ලෙස චීනය වාර්තා වන අතර livepopulation වෙබ් අඩවියට අනුව මේ වන විට චීනයේ බෞද්ධයින් 249,984,513 ක් වෙසෙන අතර එය චීන ජනගහනයෙන් 18.2% ක් ලෙස සඳහන්.

ලොව දෙවැනි ඉහළම බෞද්ධයින් වෙසෙන රට ලෙස ජපානය සැලකෙන අතර මේ වන විට ජපානයේ බෞද්ධයින් 84,637,025 වාසය කරයි. එය ජපාන ජනගහනයෙන් 66.8% කි.

එම ලයිස්තුවේ තුන්වන තැන උසුලන්නේ වියට්නාමය වන අතර මේ වන විට වියට්නාමයේ බෞද්ධයින් 80,859,275 වාසය කරයි. එය වියට්නාමයේ ජනගහනයෙන් 9.3% කි.

තායිලන්තය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් සිව්වන තැනට පත්ව ඇති අතර මේ වන විට එහි බෞද්ධයින් 60,383,597 ක් වාසය කරයි.

බෞද්ධයින් 50,063,246 ක් වෙසෙන මියන්මාරය හෙවත් බුරුමය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් පස්වන තැනට පත්ව තිබෙන්නේ මුළු ජනගහනයෙන් 89% ක් බෞද්ධ වෙමිනි.

ශ්‍රී ලංකාවට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ පස්වන ස්ථානය වේ. ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණන වෙබ් අඩවියට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ බෞද්ධයින් 14,272,056 ක් වෙසෙන අතර එය ශ්‍රී ලංකා ජනගහනයෙන් 70.1% ක් ලෙස සඳහන්.

== ජනගහනයට සමානුපාතිකව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන රටවල් ==
ජනගහනයට සමානුපාතිකව ලොව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන ප්‍රමුඛ රටවල් 5 පහත පරිදි වන අතර ශ්‍රී ලංකාව එහි පස්වන ස්ථානයේ පසුවෙයි.

1) කාම්බෝජියාව – 96.9%
2) තායිලන්තය – 93.6%
3) මියන්මාරය – 89.0%
4) භූතානය – 75.3%
5) ශ්‍රී ලංකාව – 70.1%

ලොව ප්‍රධාන බෞද්ධ රටවල සිදු කෙරෙන ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් සහ පිළිපැදීම්
== මහායාන බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
චීනය
ජපානය
නේපාලය
භූතානය
වියට්නාමය
තායිවානය
කොරියාව
මැලේසියාව
සිංගප්පූරුව

== ථේරවාදී බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
කාම්බෝජියාව
තායිලන්තය
මියන්මාරය
ශ්‍රී ලංකාව
ලාඕසය

== වජ්‍රයාන බුදු දහම ක්‍රියාත්මක රටවල් ==
ටිබෙටය
මොන්ගෝලියාව