දානයේ මුලික පරමාර්ථය ප්‍රතිග්‍රහකයාගේ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම බැවින් සුදුසු කල…

දානයේ මුලික පරමාර්ථය ප්‍රතිග්‍රහකයාගේ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම බැවින් සුදුසු කල්හිම දන් දීමෙන් මහානිසංස වේ.

සුදුසු කල් හී ධනය ලැබීමට ද හේතු වේ

කාලෙන ඛො පන භික්ඛවෙ දානං දත්වා… කාලාගතස්ස අත්ථා පචුරා හොන්ති.

මහණෙනි! සුදුසු කල්හි දන් පිරිනමා ඒ දානවිපාකයෙන් යම් යම් තැනෙක උපදී නම් ආඪ්‍යෙයෙකි. මහාධනවතෙකි. මහත් භෝගියෙකි. ඔහුට ධනය අවශ්‍ය වූ කල්හි ධනය සුලභ වෙයි. වයෝවෘද්ධ වන තෙක් නොසිට ප්‍රථම වයසෙදී ම ධනය සුලභ වෙයි.

භාග්‍යවතුන් වාහාන්සේට දේශනා කළ පරිදී සුදුසු කල්හී දන් දීම යනු

1. ආගන්තුකයා හට දන් දීම
2. ගමිකයා (traveler) හට දන් දීම
3. ගිලනා හට දන් දීම
4. දුර්භික්ෂයෙහි දන් දීම
5. නව ශස්‍ය – නවවල ප්‍රථම කොට සිල්වතුන්ට දන් දීම

කවර අවස්ථාවක නමුත් දන් දීම සුදුසුය. විශේෂයෙන් දිය යුතු අවස්ථා ඇත. එබඳු කල්හී කෙරෙන ප්‍රධානය සුදුසු කල්හි දීමයි.

දන් දීම නිසා භවබෝග සම්පත් ලැබෙයි. එනමුත් ප්‍රථම වයසෙදී ම (තරුණ වියේදීම) අවශ්‍ය ධන සම්පත් ලැබීම කුශල විපාකයෙකි. ඊට හේතුව ඔහු පූර්ව භවයන් හී සුදුසු කල්හී දන්දීමය.