New at Little Bit


from Path to Nirvana http://bit.ly/2WUJrHB
අසන දරන සිහි කරන සත්පුරුෂයනට රෝග ශෝක භයාදිය දුරුවීම ආයුරාරෝග්‍යාදි සම්පත් ලැබිම යනාදී පර්‍ය්‍යාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය ය. ඒ ගුණය පිරිත් දහමෙහි විශේෂයෙන් ඇත්තේ ය. වෛශාලිපුරයෙහි පැවති රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය රතන සුත්‍රය දේශනය කිරීමෙන් දුරුවීය. අදත් ඒ සුතුරෙන් බොහෝ දෙනාට රෝගාදිය දුරු වේ. එය එහි සාන්දෘෂ්ටික ගුණයය. මෛත්‍රීසුත්‍රය සජ්ක්‍ධායනා කිරීමෙන් භික්ෂුන් පන්සියය නමකට පැමිණ තුබු අමනුෂ්‍ය උපද්‍රවය නැති විය. ඔවුන්ට කලින් කරදර කළ අමනුෂ්‍යයන්ගෙන් උපකාර ද ලැබෙන්නට විය. එය ඒ සුත්‍ර ධර්මයේ සාන්දෘෂ්ටික ඵලයකි. දීඝවාපී චෛත්‍යයෙහි සුණුපිරියම් කරන කාලයේ යම් කිසි කටයුත්තකට සෑයට නැඟි භික්ෂුවක් චෛත්‍ය ගර්භයේ ලෙස්සා ආයේය. එය දුටු යට සිටි භික්ෂුහූ “ඇවැත්නි, ධජග්ගපරිත්තය සිහිකරව’යි කීහ. ලෙස්සා එන භික්ෂුව මරණ භයින් “ධජග්ගපිරිත මා රකීවා’යි කීය. එකෙණෙහි චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්ම, වැටෙන භික්ෂූවට පිහිට විය.
(සංයුත්තට්ඨකථා)

දරුවන්ගේ හා මාපියන්ගේ මරණයෙන් හට ගත් ඉමහත් ශෝකයක් උමතුව සිටි පටාචාරාගේ ශෝකය දහම් ඇසිමෙන් සන්සිඳණ. ඉක්බිති “නසන්ති පුත්තා තාණාය” යනාදී ගාථා අසා ඕ සෝවාන් ඵලයට ද පැමිණියා ය.

සුබ්‍රහ්මා නමැති දේවපුත්‍රයාට පැමිණ තුබු මරණභය-
“නාඤ්ඤත්‍ර බොජ්ක්‍ධංගා තපසා – නාඤ්ඤත්‍රින්ද්‍රියසංවරා
නාඤ්ඤත්‍ර සබ්බනිස්සග්ගා – සොත්ථීං පස්සාමි පාණිනං”

යන ගය ඇසිමෙන් දුරු විය. ඔහු සෝවාන් ඵලයට ද පැමිණියේ ය. තමාගේ ආයුෂය ගෙවී ගොස් අති බව දැන බියපත් වූ සක්දෙව් රජුට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දහම් ඇසිමෙන් නැවත ද ආයු ලබා ගත හැකි විය. මේවා පර්‍ය්‍යාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ඵලයෝ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/3Z3uWk