New at Little Bit


from Path to Nirvana https://ift.tt/2NfnXCi
තෙරුවන් සරණයි…!

පෙර කල පව්/අකුසල් දුරු කල හැකි එකම ක්‍රමය

කුමන හෝ ආකාරයක පෙර කන ලද පවක්/අකුසලයක් තිබේ නම් එය දුරුකල හැකි එකම ක්‍රමය පින්/කුසල් කිරීම පමණයි. ඒත් සියලුවම පෙර පව්/අකුසල් එසේ දුරු කල නොහැකියි ඒත් යම් යම් දේවල් පුලුවන්.

මේ ගැන බුදුරජාණන්වහන්සේ ලෝණඵල/ලොණකපල්‌ල සූත්‍රයේදී දේශනා කරනවා සමහර අයගේ කරපු පව් වල විපාක පින් කිරීම මගින් අඩුවෙලා යන බව,

උදාහරණයට දක්වා තිබෙනවා ලුනු කැටයක් ගගකට වගේ ලොකු වතුරකට දැම්මොත් ඒ ගගේ වතුර ලුණු රස නොවන්නා සේ පිනෙන් පිරුනු කෙනෙක් අතින් සිදුවන අකුසල් විපාක නොදෙන හෝ අඩුවෙන බව. ඒ වගේමයි වතුර පොඩ්ඩකට ලුනු කැටයක් දැම්මොත් ඒක ලුණු රස වෙනවා වගේ පව් වැඩී නම් ඒවා විපාක දීමේ හැකියාව වැඩි බවත් බුදුරජාණන්වහන්සේ ඒ සූත්‍රයේදීම පෙන්වා දෙනවා.

පහත යොමුවෙන් ගොස් ඔබත් ඒ සූත්‍රය කියවා බලන්න.
👇👇
https://ift.tt/363Z7xK

ඒ නිසා කෙනෙක්ට හිතෙනවා නම් මේ කාලේ මගේ පෙර පව්/අකුසල් පලදෙන කාලයක් කියලා කරන්න පුලුවන් එකම දේ පින්කම් කිරීම පමණයි. නිවරදිව කරන බෝධිපුජාවකින් වෙන්නෙත් ඔය දේම තමයි. ඒකෙන් කරන්නේ බුදුරජාණන්වහන්සේ උදෙසා පුජා පවත්වලා එයින් පින් රැස් කරගැනීම. ඒත් අද කාලේ ගෝඩාක් අය බෝධි පුජා කියලා කරන්නේ ග්‍රහ පුජාවල් ඒ නිසා
නිවරදිවම බෝධිපුජාවක් පවත්වන විදිහ ගැන සදහන් රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෝධි පුජාව නම් ග්‍රන්ථයේ ඒ යොමුවත් පහතින් දක්වන්නම් කියවා බලා කරනවා නම් ඒ අයුරින් බෝධි පුජාව කරන්න.
👇👇👇
https://ift.tt/2JiR3PE

තව ඔබට අවශ්‍ය නම් මේ වගේ කරන්න පුලුවන් විවිධ පින්කම් තියෙනවා. අලෝක පුජා,මල් පුජා,බෙහෙත් ඖෂධ පුජා, ආහාර,කැවිලි පුජා වගේ බුදුරජාණන්වහන්සේ උදෙසා කල හැකි ඕනීම පුජාවක් කරලා පින් රැස් කරගන්න පුලුවන්. ඒ වගේම ඔබට සාංඝික දානයක් වගේ දේකිනුත් මහා පිනක් රැස් කරගන්න පුලුවන් මේවා සාමාන්‍යයෙන් ගෝඩාක් අය කරන දේවල් ඒකෙන් ටිකක් එහාට ගිහින් කරන්න දෙයක් කියන්නම් කරලා බලන්න කැමති නම්.

මුලින්ම හොදින් පිරිසිදුවෙලා බුදුන්වැදලා ශීලයක් සමාදන් වෙන්න ගිහි කෙනෙක් නම් පංච ශීලයේ ඉදන් දසසිල් දක්වා ඕනීම සීලයක්. සීලයේ උඩට යන්න පුලුවන් නම් බලය වැඩී.හොදින් සමාදන් වෙලා ඒ සීලය රකින්න. අවශ්‍ය නම් යම් කාලයක් යොදාගන්න. සතියක්,මාසයක් නිවරදිවම දිවිහිමියෙන් සමාදන් වූ සීලය රකින්න කැඩෙන්න නොදී රකින්න. කැඩුනොත් ආයී සමාදන් වෙන්න. එහෙම රැකලා අධිෂ්ඨාන කරපු කාලේ අවසානයේ මේ සිල් රැකීමේ පින දෙවියන්ට අනුමෝදන් කරන්න. කරදර දුරු වෙන්න කියලා හිතන්න. ඒවා හිතන්න දේකුත් නෑ නිවරදිව කරානම් ඒක වෙයි. මේවා ප්‍රායෝගික දේවල් කරලම බලන්න හිතට එකගව කරන්න ලේසිත් නෑ.

තවත් ඔබට වීර්‍ය තියනවා නම් සිල් රකින ගමන් භාවනාවක් වඩන්න. මෛත්‍රී භාවනාවේ සිට ඕනීම එකක්. ඊට පස්සේත් භාවනාව දවස ගානේ කරලා හරි ඒ පිනත් අනුමෝදන් කරන්න දෙවියන්‍ට. එයින් පසු දුරු විය හැකි අකුසල් කර්ම විපාකයක් තියේ නම් නියත වශයෙන්ම දුරු වෙලායයි. ඒ නැතත් භාවනාව වඩලා ඔබ සිත හදා ගත්තොත් ඔබට ඕනීම දේකට මූණ දෙන්න පුලුවන් අටලෝ දහමින් කම්පානොවෙන හිතක් හැදෙයි. ඊට පස්සේ වෙන ඕනීම දෙයක් දරාගෙන සතුටින් ජීවත් වෙන්න ඔබටත් හැකියාව ලැබෙයි.
ඔබත් කරලම බලන්න.

තෙරුවන් සරණයි…!

Yohan Sewwandika