New at Little Bit


from Path to Nirvana https://ift.tt/3edmmbW
ගිලානෝපස්ථානය පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ මෙම බුද්ධවචනය වරදවා තේරුම් ගෙන සමහර කෙනෙක් ගිලනෝපස්ථානය බුද්ධ උපස්ථානයට සමාන කරති. එහෙත් මෙම දේශනා පාඨයේ නිවැරදි අර්ථය වන්නේ ‘බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව කටයුතු කරන, එයට ගරු කරන, බුදුරජාණන් වහන්සේට අවවාද පිළිගැනීම් වශයෙන් උවටැන් කරන යම් කෙනෙක් වේ නම්, හෙතෙමේ ගිලානෝපස්ථානය කළ යුතු බව’ යි.
ඒ බව සමන්තපාසාදිකා විනයාර්ථකථාව මෙසේ අර්ථ දක්වයි.
“යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනීකරණෙන උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය’ මම ඔවාදකාරකෙන ගිලානො උපට්ඨාතබ්බොති අයමෙවෙත්ථ අත්ථො. භගවතො ච ගිලානස්ස ච උපට්ඨානං එකසදිසන්ති එවං පනෙත්ථ අත්ථො න ගහෙතබ්බො.”
‘යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය ඉති, යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය” සො ගිලානං උපට්ඨහෙය්‍ය’ යනු; යො, යමෙක්; ඔවාදානුසාසනීකරණෙන, අවවාද අනුශාසනා ඉටු කිරීම් වශයෙන්; මං උපට්ඨහෙය්‍ය, මට උවටැන් කරන්නේ නම්; සො, හෙතෙමේ; ගිලානං උපට්ඨහෙය්‍ය, ගිලානෝපස්ථානය කරන්නේ ය. මම ඔවාදකාරකෙන, මගේ අවවාදය ඉටු කරන්නා විසින්; ගිලානො උපට්ඨාතබ්බො ඉති, ගිලනාට උවටැන් කළ යුතු යැයි; එත්ථ, මෙම දේශනාවෙහි; අයං එව අත්ථො, මේ අර්ථය ම ය. භගවතො ච, භාග්‍යවතුන් වහන්සේට ද; ගිලානස්ස ච, ගිලනාට ද; උපට්ඨානං, උවටැන් කිරීම; එකසදිසං ඉති, එක සමාන යැයි; එවං පන, මෙසේ වනාහි; එත්ථ, මේ දේශනා පාඨයෙහි; අත්ථො, අර්ථය; න ගහෙතබ්බො, නො ගත යුතු ය.’
එබැවින් භාග්‍යවතුන් වහන්සේට කරන උපස්ථානය ගිලානෝපස්ථානයට සමාන කිරීම බුද්ධ දේශනය වරදවා ගැනීමකි. අනන්ත ගුණයෙන් සමන්වාගත බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය, බුද්ධ පූජාව තරම් වටිනා අන් කිසිදු පූජාවක් නැත්තේම ය.