New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZTGc8h
පෙණ පිඬක් මෙන් හරයක් නැති රූප උපාදානස්කන්ධය. – ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය

95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?

මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වුවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?

https://ift.tt/2ZQ7gVI