New at Little Bit


from Path to Nirvana https://ift.tt/3eNz1Sz
“** පිණ්ඩපාතය සැහැල්ලුය, සරලය, දුප්පත්ය, එහෙත් ඒ පිණ්ඩපාතය තුල අප්‍රමාදී බවද සැඟවිලාය. කුසගින්න නොදැනෙන, පිපාසය නොදැනෙන, මනුෂ්‍ය ධර්මයන් ඉක්මවාගිය, උතුම් තැනයි භික්‍ෂුත්වය.
** මම උදේම පාත්‍රය අරගෙන, කුටියෙන් එලියට බහින්නේ රොඩී පවුලක දරුවෙක් පොල්කට්ටක් අරගෙන, සිඟමන් යදින්න රොඩී රැහෙන් එලියට බහිනවා වගේ කියලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක් සිංහනාද කරනවා. ඒ උතුම් පරපුරේ, ආත්ම ගරුත්වය අපි රකින්න ඕනේ, දායක පින්වතුන්ලගෙන් අපි කැමති දෙය ඉල්ලලා නොව, ලැබෙන දෙය වලදලායි.”

අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.