New at Little Bit


from Path to Nirvana https://ift.tt/3kxNV3e
අද දින ඉදිරිපත් කරන පාලි වචනය…

බුද්ධ ශබ්දයේ තවත් යෙදීම්

2. වාක්‍යයක කර්මය ලෙස:
ඒකවචන – බුද්ධං
බහුවචන – බුද්ධෙ

බුද්ධං (බුදුරජාණන් වහන්සේ): මෙහි දී වාක්‍යයක කර්මය වශයෙන් යෙදේ.
උදා: බුද්ධං සරණං ගච්ඡාමි (බුදුරජාණන් වහන්සේ සරණ යමි) – මෙහි සරණ යන්නේ ‘මම’ යි. ඒ සරණට බඳුන් වන්නේ බුදුරජාණන් වහන්සේයි.

3. ‘විසින් / කරණ කොටගෙන’ යන අර්ථයේ:
ඒකවචන – බුද්ධෙන
බහුවචන – බුද්ධෙහි/බුද්ධෙභි

බුද්ධෙන (බුදුරජාණන් වහන්සේ විසින්)
උදා: යථා බුද්ධෙන දෙසිතං (බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයට)

බුද්ධෙහි (බුදුරජාණන් වහන්සේලා විසින්)
උදා: වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති ආරඤ්ඤිකො හොති (බුදුරජාණන් වහන්සේලා විසින්, බුද්ධශ්‍රාවකයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යක වෙයි)

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.

1. යෙකෙචි බුද්‌ධං සරණං ගතාසෙ (මහාසමය සූත්‍රය)
(සිං) යම් කිසිවෙක් …………. සරණ ගියා නම්..

2. බුද්‌ධං අප්‌පටිපුග්‌ගලං; අහං වන්‌දෙ (සක්කපඤ්හ සූත්‍රය)
(සිං) මම අප්පටිපුග්ගල වූ ……………… වදිමි.

3. යදා බුද්‌ධො අභිඤ්‌ඤාය, ධම්‌මචක්‌කං පවත්‌තයි (සීහ සූත්‍රය)
(සිං) යම් කලෙක ………………. අවබෝධ කරලෙන ධර්මචක්‍රය පවත්වන ලද සේක් ද…

4. විජ්‌ජාචරණසම්‌පන්‌නං, බුද්‌ධං වන්‌දාම ගොතමං (ආටානාටිය සූත්‍රය)
(සිං) විජ්ජාචරණසම්පන්න වූ ගෞතම ………….. වදිමු.

5. විහාරදානං සඞ්‌ඝස්‌ස, අග්‌ගං බුද්‌ධෙන වණ්‌ණිතං (චුල්ලවග්ගපාළි)
(සිං) සංඝයාට විහාර පූජා කිරීම ……………….. අග්‍ර යැයි වර්ණනා කරන ලදී.

6. විගරහි බුද්‌ධො භගවා
(සිං) භාග්‍යවත් ……………. ගැරහූ සේක.

7. තත්‌තකං කාලං අතික්‌කමිත්‌වා බුද්‌ධෙහි දින්‌නනයෙ ඨත්‌වා (මහාපදානසූත්‍ර අටුවාව)
(සිං) එපමණක් කාලයක් ඉක්මවා ………………. දුන් නයෙහි පිහිටා…

8. තස්‌ස චෙ, ආවුසො, භික්‌ඛුනො එවං බුද්‌ධං අනුස්‌සරතො (මහාහත්‌ථිපදොපමසුත්‌තං)
(සිං) ඉදින් ඇවැත්නි මෙසේ ……………….. සිහි කරන්නා වූ ඒ භික්ෂුවට

9. බුද්‌ධෙහි පච්‌චෙකබුද්‌ධෙහි සාවකෙහි අඤ්‌ඤෙහි ච පණ්‌ඩිතෙහි බහුස්‌සුතෙහි ගරහිතා. (මහාසුදස්සන සූත්‍ර අටුවාව)
(සිං) …………………….. පසේ බුදුවරුන් විසින් ශ්‍රාවකයන් විසින් අන් නුවණැති බහුශ්‍රැතයන් විසින් ගර්හා කරන ලදී.

10. විනයස්‌ස කති මූලානි, යානි බුද්‌ධෙන පඤ්‌ඤත්‌තා (පරිවාරපාළි)
(සිං) විනයට යම් මූලයක් ……………. පනවන ලද්දේ ද ඒ මූලයෝ කොතෙක් ද?

උපුටාගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්