New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HQUP5i
බුද්ධ ශබ්දයේ තවත් යෙදීම්

7. ‘යමක් කෙරෙහි’ යන අර්ථයේ (ආධාරාර්ථය)
ඒකවචන – බුද්ධෙ/බුද්ධම්හි/බුද්ධස්මිං
බහුවචන – බුද්ධෙසු

බුද්ධෙ (බුදුරජාණන් වහන්සේ කෙරෙහි)
උදා: යෙ, භික්‌ඛවෙ, බුද්‌ධෙ පසන්‌නා, අග්‌ගෙ තෙ පසන්‌නා. (මහණෙනි, යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම්, අග්‍රස්ථානයක පැහැදුණේ වෙයි)

බුද්ධෙසු (බුදුරජාණන් වහන්සේලා කෙරෙහි)
උදා: දිට්‌ඨෙව ධම්‌මෙ පාසංසො, යො බුද්‌ධෙසු සගාරවො (යමෙක් බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ගෞරව සහිත නම්, මෙලොව ම ප්‍රශසංසා කළ යුතු වෙයි)

මෙය ‘කල්හි’ යන අර්ථය දැක්වීමට ද යෙදේ.
උදා: බුද්‌ධෙ පරිනිබ්‌බුතෙ (බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි)

ඇතැම්විට ‘අතරින්’ යන අර්ථය දැක්වීමට ද යෙදේ.
උදා: බුද්ධෙසු වා පච්චෙකබුද්ධබුද්ධසාවකෙසු (බුදුරජාණන් වහන්සේලා හෝ පසේබුදු, බුද්ධශ්‍රාවකයන් වහන්සේලා අතරින්)

අභ්‍යාස
පහත පාලි වාක්‍යවල සිංහල පරිවර්තනයේ ඇති හිස්තැන් පුරවන්න.

1. සො බුද්‌ධෙ අවෙච්‌චප්‌පසාදෙන සමන්‌නාගතො …
(සිං) හෙතෙම ………………. ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ ..

2. නත්‌ථි ඉමස්‌මිං භික්‌ඛුසඞ්‌ඝෙ එකභික්‌ඛුස්‌සාපි කඞ්‌ඛා වා විමති වා බුද්‌ධෙ වා ධම්‌මෙ වා සඞ්‌ඝෙ වා මග්‌ගෙ වා පටිපදාය වා.
(සිං) මේ භික්ෂු සංඝයා අතරෙහි එක් භික්ෂුවකට නමුදු ………………….. හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාග්රය කෙරෙහි හෝ ප්‍රතිපදාව කෙරෙහි සැකයක් හෝ විමතියක් නැත.

3. කස්‌මා අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු බුද්‌ධෙසු වෙරමකාසී’’ති ආහ.
(සිං) කවර හෙයකින් අතීත අනාගත වර්තමාන ………………… වෛර කළේදැ යි ඇසීය.

4. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්‌භකාරො බුද්‌ධෙ අවෙච්‌චප්‌පසාදෙන සමන්‌නාගතො
(සං) මහරජ ඝටීකාර කුම්භකාර තෙමේ …………………… නොසැලෙන පැහැදීමකින් යුතු වූයේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන ධනඤ්‌ජානී නාම බ්‍රාහ්‌මණී මණ්‌ඩලකප්‌පෙ පටිවසති අභිප්‌පසන්‌නා බුද්‌ධෙ ච ධම්‌මෙ ච සඞ්‌ඝෙ ච.
(සං) එසමයෙහි ධනඤ්ජානී නම් බැමිණිය ……………. ද ධර්මයෙහි ද සංඝයා කෙරෙහි ද විශේෂයෙන් පැහැදුනී මණ්ඩලකප්ප නම් ගමෙහි වාසය කරයි.

6. සොළසකප්‌පසහස්‌සබ්‌භන්‌තරෙ බුද්‌ධෙසු උප්‌පන්‌නෙසුයෙව උප්‌පජ්‌ජන්‌ති
(සිං) සොළොස් කල්ප ලක්ෂයක් ඇතුළත ………………… උපන් කල්හි ම උපදිති.

7. යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද්‌ධෙ පරිනිබ්‌බුතෙ
(සං) යම් තැනක තථාගතයන් වහන්සේ අතීත ……………….. පිරිනිවි කල්හි…

8. අථ ඛො චිත්‌තො ගහපති මිත්‌තාමච්‌චෙ ඤාතිසාලොහිතෙ බුද්‌ධෙ ච ධම්‌මෙ ච සඞ්‌ඝෙ ච චාගෙ ච සමාදපෙත්‌වා කාලමකාසීති.
(සිං) ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ මිතුරු ඇමතියන් ද සහලේ නෑයන් ද ……………….. ද ධර්මයෙහි ද සංඝයා කෙරෙහි ද ත්‍යාගයෙහි සමාදන් කරවා කලුරිය කළේය.

9. කතමෙසානන්‌ති අතීතෙසු විපස්‌සීආදීසු බුද්‌ධෙසු කතමෙසං.
(සිං) කතමේසානං යනු අතීත විපස්සී ආදි …………………. කවරෙක් ගේ ද යනුයි.

10. පරිබ්‌බාජකා කිර බුද්‌ධෙසු වා බුද්‌ධසාවකෙසු වා අත්‌තනො සන්‌තිකං ආගතෙසු…
(සිං) පරිබ්‍රාජකයෝ ………………….. හෝ බුද්ධශ්‍රාවකයන් තමන් සමීපයට පැමිණි කල්හි..

උපුටා ගැනීම සා මාගධී මූලභාසා පිටුවෙන්