Monthly Archives: May 2015

දුතීය චේතනා සූත‍්‍රය : 14 කොටස දිට්ඨි විශුද්ධිය කිව්වෙ සත්ව පුද්ගල දෘෂ්ටිය නෑ…

දුතීය චේතනා සූත‍්‍රය : 14 කොටස

දිට්ඨි විශුද්ධිය කිව්වෙ සත්ව පුද්ගල දෘෂ්ටිය නෑ. සත්ව පුද්ගල හැඟීම නෑ කියන එක නෙවෙයි. දෘෂ්ටිය නෑ. අවස්ථාවට රැුවටෙන්න පුළුවන් වුනත්, ‘‘නෑ මෙතන නාම රූප දෙකක් තියෙන්නෙ” කියන කාරණාව තියෙනවා. යම් දවසක් තියෙනවා ඇහෙන් බලනකොට පුද්ගලයෙක් වෙනුවට නාම රූප දෙකක් තියෙන්නේ කියලා පෙනෙන මට්ටමට එනවා. එදාට නීවරණ ධර්ම නෑ. නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකිනකොට තමන් තුළ ප‍්‍රමෝදය උපදිනවා. සිතේ ඔද වැඩුන ගතිය, පී‍්‍රතිය කියන එක හැම වෙලේම පවතිනවා ඒ මනසෙ. ප‍්‍රමෝදය නිසාම පී‍්‍රතිය. පී‍්‍රතිය නිසාම පස්සද්ධිය කියලා ආධ්‍යාත්මික ධර්මතා ටිකක් වැඩෙනවා. ඒ නිසාම මේ හිත කය දෙක සංසිඳෙනවා. සැහැල්ලූ වෙනවා, සැහැල්ලූව නිසාම සැපය ඇතිවෙනවා. සැපය නිසාම හිත සමාධි වෙනවා.

ඔන්න ඔය සමාධියට එනකොට ‘විවිච්චේව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මේහි’ කියලා කියනවා. වෙනදා වගේ කාමච්ඡුන්ද ආදී වස්තූන්ට තියෙන කැමත්තත් නෑ. පුද්ගල භාවය ගෙවිලා හින්දා. නීවරණ ධර්මත් නෑ. අන්න ඒ සමාධියට දැන් අපි කියපු විස්තර ටික පේනවා. සත්වයො, පුද්ගලයො දැකපු තැන දැන් අපිට නාම රූප දෙකක් පෙනුනානේ. දැන් නාම රූප කියලත් නෑ. ඇහැට පෙනෙන දේ වර්ණ සටහන් මාත‍්‍රයක්මයි කියන තැනට එනවා.

ආත්ම දෘෂ්ටියට සාපේක්ෂව තමයි අනාත්මය. ලෝකෙ තුළ තමයි, නිත්‍ය සැප ආත්ම. ඒ දැක්මට විරුද්ධව ලෝකෙ තුළම දකිනවා අනිත්‍යයි දුකයි, අනාත්මයි කියලා. විමුක්ති මුඛ. ඔය ටික දැක්කහම ලෝකෙන් එළියට එනවා. එළියට ආවහම ආත්මයි, අනාත්මයි දෙකම අතහැරෙනවා. වර්ණ සටහන ආත්මත් නෑ. අනාත්මත් නෑ. වර්ණ සටහන් මාත‍්‍රයක්මයි තියෙන්නෙ. ඒක බාහිරමයි. බලන නිසාමයි පෙනෙන්නෙ. පෙර නොතිබීමයි හටගත්තෙ කියලා ඔය විස්තර ඕන නෑ. ඇහෙන් බලනකොටම, වර්ණ සටහන් මාත‍්‍රයක් කියලා දකිනකොටම ඔය විස්තර ටික ඉබේම තියෙනවා. පෙනෙන දේ අහකට යනකොටම නැතිවෙනවා කියන එක ඉබේම හිටිනවා. ඒ සමාධියට ඇත්ත ඇති හැටියෙ දකිනවා. දකිනකොට කළකිරෙනවා.

මේ තරම් චිත‍්‍රයක් තුළ, වර්ණ සටහනක් තුළ, මවු මළ දුකට අ`ඩපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩියි නේද? මේ අවිද්‍යාව ලේසි නෑ නේද කියලා එයාට පේනවා. එදාට තමයි දුකේ කළකිරෙන්නෙ. කළකිරුණම මේ රූපාරම්මණයෙ ඇලෙන්නෙ නෑ. ඇලෙන්නෙ නැතිවුනාම හිත කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. මේ රූපාරම්මණ, ශබ්දාරම්මණ ගන්ධාරම්මණ කියන මේ ටිකට නැඹුරු වෙලා විඤ්ඤාණය උපදින්නෙ නෑ. ඇස් ඉදිරිපිටට රූපය එනකොටම ඒ රූපයෙ යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් පහළ වෙනවා. අරමුණේ විඤ්ඤාණය පිහිටන්නෙ නෑ.

විඤ්ඤාණං මජ්ෙඣ කියලා කිවුවෙ, සිත රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ඕවා එකක්වත් ඇසුරු කරලා නෑ. උපාදාන වෙලා නෑ. හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනුමකින්, දැක්මකින් ජීවත් වෙනවා. ඔතනට කියනවා රහතන් වහන්සේ කියලා. සෝපදිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ පරිහරණය සහිතයි තවම. නමුත් ගුරු බර බහාතැබුවා. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදුනා කියන තැනට එනවා.

මෙන්න මේ මට්ටමේ ජීවත් වෙනවා. යම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් සළායතන පච්චයා. ආයතන ටික නිසා දිවි පැවැත්මක් තියෙයි නම් යම් නුවණකින් යුක්ත චිත්ත චෛතසික ටිකක් උපදී නම් මෙන්න මේ පැවැත්මට කියනවා ජීවිත පච්චයා, සළායතන පච්චයා කියලා. කය කෙළවර කොට ඇති වේදනා, දිවි කෙළවර කොට ඇති වේදනාවක් පමණක්ම වි`දිනවා. ඒ ටික ඇතිවෙන්න තිබුණ පුරාණ කර්මයෙන් හටගත්ත ඒ හේතුන්ට යම් ආයු සන්තතියක් තියේ නම් ඒ ආයුෂ ඉවර වෙනකොට ඒ ටිකත් ඉවර වෙනවා. කලමයි දැකපු දේ ඇතිබවට අහපු දේ ඇති බවට රැුස්වෙන ගතිය නතර කරලා තිබුනෙ. මරණාසන්න මොහොතෙ උපදින අන්තිම නිමිත්තෙත් ප‍්‍රත්‍ය නිසා හටගෙන ප‍්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවයි කියන සිහි නුවණ විතරයි තියෙන්නෙ. ඒ නුවණ යම්සේ ද ස්කන්ධ ටික එසේයි. ස්කන්ධ ටික යම්සේ ද ඒ නුවණ එසේයි. ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට මත්තේ විඤ්ඤාණය පිහිටන්න නිමිතිත් නැති වෙනකොට ‘නිබ්බන්ති ධීරා යථායංපදීපො’ ඒ ධීරයන් වහන්සේ නිවෙනවා පහනක් නිවුනා වාගේ.

කෙලෙස් ටික නැතිකළහම සෝපදිශේෂ නිබ්බාන වෙනවා. මේ පෙනෙන රූපාරම්මණයේ, ශබ්දාරම්මණයේ, ගන්ධාරම්මණයේ තියෙන අවිද්‍යාව නොදන්නාකම නැතිකරගන්න. ඒකට විද්‍යාව, සම්මා දිට්ඨිය, ඇත්ත ඇති හැටියෙ දකිනවා කියනකම ඇති කරගන්න. එච්චරයි ඕන . ජරා මරණ දුකෙන්, පංච උපාදානස්කන්ධ දුකෙන්ම මුදවලා. කෙලෙස් නැති කරපු කෙනාටම ස්කන්ධයන්ගේ නිරෝධය නිවන වෙනවා මිසක, කෙලෙස් සහිත කෙනාට ස්කන්ධයන්ගේ බි`දීම මරණයක් වෙනවයි කියන කාරණාවත් දකින්න.

කෙනෙකුට මරණයක් වෙන ඒ ජීවිතයම කෙනෙකුට නිවීමක් වෙනවා කෙලෙස් ටික නැත්නම්.

රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියන තැනක ද පුද්ගලයෙක් පිරිනිවන් පෑවා නෙවෙයි, අවශේෂ දුක් වූ ස්කන්ධයෝ නිරුද්ධ වුනා කියලා දකින්න. රහතන් වහන්සේ නමක් ජීවත් වෙනවා කියලා අපි කතා කරන තැනකදී ද ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ චිත්ත චෛතසික ටිකක් පවතිනවා.

අද සත්වයෙක් පුද්ගලයෙක් කියන තැනක ස්කන්ධ ටිකකුයි කෙලෙස් ටිකකුයි දකින්න. ඕක තමයි ඇත්ත.

මේ දුතිය චේතනා සූත‍්‍රයෙදි පෙන්වනවා අපිට බොහොම වටිනා කාරණාවක් මේ ස්පර්ශ ආයතන හයට ගෝචර වෙන, අරමුණු වෙන ආරම්මණයන් කෙරෙහි හිතුවත්, කල්පනා කළත්, අනුසය වශයෙන් පවතිනවා නම් විඤ්ඤාණය පිහිටනවාමයි. නොසිතුවත්, කල්පනා නොකළත් අනුසය වශයෙන් පැවතුනොත් විඤ්ඤාණය පිහිටනවාමයි. මෙ පේන අරමුණු අරබයා හිතලාවත් නොහිතලාවත් බේරෙන්න බැහැ. විඤ්ඤාණය පිහිටියොත් ජරා මරණ සෝක පරිදේව දුක් ඇතිවෙලා සසර පවතිනවාමයි කියලා පෙන්නනවා.

සිතන්නෙත් නැත්නම්, කල්පනා කරන්නෙත් නැත්නම්, අනුසය වශයෙන්වත් පවතින්නෙ නැත්නම් විඤ්ඤාණය පිහිටන්නෙ නෑ. විඤ්ඤාණය නොපිහිටියොත් සාක්ෂාත් වෙයි නිවන. අරමුණේ විඤ්ඤාණය නොපිහිටන විදියට වගබලා ගන්නකො. අරමුණේ විඤ්ඤාණය නොපිහිටන්න නම් අනුසය වශයෙන් නොපවතින්න ඕන. අනුසය වශයෙන් නොපවතින්න පුළුවන් වෙන්නෙ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකින් විතරමයි. දකින අහන හැම අරමුණකම ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශන මට්ටමක් එන්නට ඕන.

ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියලා කිවුවෙ තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත්, අපි නූපන්නත් උපන්නත්, ආරම්ණයක ඇත්තක් තියෙයි. ශබ්දයක් ඇහෙනවා කියන තැනක, ගන්ධයක් දැනෙනවා කියන තැනක, පවතින ඇත්තක් තියෙනවා මේ ඇත්ත ඇති හැටිය දකින්න. ලෝකෙ කෙනෙකුට රූපයක් හම්බවෙනවා නම් හම්බවෙන්නෙ සැබෑවටම මොන වගේ රූපයක්ද, මොන විදියට ද කියලා ඇත්තක් තියෙනවා. අපි කෙනා කෙනා රූප ගැන හිතාගෙන ඉන්න විදියක් තියෙන්න පුළුවන්. ඒ ඒ කෙනාගෙ ආශ‍්‍රව මත එබඳු රූප තියෙන්න පුළුවන්. නමුත් සත්‍ය වශයෙන්, යථාර්ථ වශයෙන් කාටත් එක විදියට පවතින සත්‍ය වූ සැබෑ වූ රූප මට්ටමක් තියෙනවා ඇහැට රූපයක් පේනවා කියනකොට. ඒ ගති ටික ඒ විදියටම හසුකර ගන්න දකින මට්ටමට කිවුවා සම්මා දිට්ඨි කියලා. සත්‍යාවබෝධයක් කියලා.

වෙන මුකුත්ම බුදුරජාණන් වහන්සේගෙ දේශනාවක් වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ, මේ ලෝකයෙ තිබුන සැබෑම ස්වභාවය අවබෝධ කරගෙන පෙන්නුවා මිසක වෙන දෙයක් පෙන්නුවේ නැ බුදු දහම කියලා. ඒ නිසා ඒ පෙනෙන රූපායතනයේ සැබෑම ගතිය දකින එකට සම්මා දිට්ඨි කිවුවා. ඒ සැබෑම ගතිය නොදැක්ක අපි ඒ ගතිය දන්නෙ නෑ. ඒ ගතිය මුලින් ම දැක්ක බුදු රජාණන් වහන්සේ පෙන්නුවා සැබෑ ගතියේ ලක්ෂණ ටික මෙන්න මේවා. බාහිරයි, උපාදායයි, මේ හේතු වලින් හටගන්නෙ, තියෙනවා නෙමෙයි හටගෙන නැතිවෙනවා මේ ගති ටික පෙන්නුවා. මුඛ පරම්පරාවෙන්, සත් පුරුෂ ඇසුරෙන් අපිට ලැබෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන සද්ධර්මය අහනවා කියන්නෙ ඔය ගතිටික අපේ ජීවිතයෙන් බලාගන්න පුළුවන් ලක්ෂණ ටික අහගන්න. අහගෙන ඔන්න කල්‍යාණ මිත‍්‍ර ඇසුර සද්ධර්ම ශ‍්‍රවණය ලැබුනා. නමුත් දකින්නෙ නෑ. ඊට පස්සෙ ශිලයක පිහිටලා සමථ කමටහනකින් සිත වඩමින් බලනවා. මේකට කියනවා ධර්මානුධර්ම ප‍්‍රතිපදාව. විදර්ශනා කරන එක යෝනිසෝ මනසිකාරය. කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මේ ටික එකතු වෙනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට මේ කියපු ගතිය තමන්ට තේරෙනවා. නමුත් එළඹ සිටින්නෙ නෑ. තව දුරටත් මේ විදියටම කරනවා.

කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව තව ටිකක් පැහැදිලි වෙනවා. යම් දවසක් තියෙනවා නම් අර්ථය පිහිටන තැනට ජීවිතය එන දවසක් එදාට මත්තේ කටයුත්තක් නැහැ කියලා තමන් තුළම සිහි නුවණ උපදිනවා.

අපි මේ ශාසනයට ආවෙ අහස වගේ හිස්තැනක් බලන්නවත්,නිරෝධය අල්ලන්න කියලා එකක් කරන්නවත්, අසීමිත මනසක් බලන්නවත් නෙමෙයි, අපි මේ ශාසනයට ආවෙ ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් කියන මේ දුකෙන් මිදෙන්න.

එකම දරුවා ඇස් ඉදිරිපිට මැරිලා වි`දින දුකෙන් මිදෙන්න. තමන්ගෙ ආදරණීය අම්මා තාත්තා මැරිලා වි`දින්න වෙන දුකෙන් මිදෙන්න. ඒ ටික තමන්ට ලැබෙනකම් මේක කරන්න. ඒ දුකේ මිදීම නිවනයි කියලා දකින්න. සළායතන නිරෝධය, භව නිරෝධය නිවනයි කියලා දකින්න. ඒ නිසා මේ බුද්ධොත්පාද කාලෙ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා බොහොම වටිනා පරිසරයක් ලබපු අපිට මේ ටික බැරි නැ. වාසනාව තියෙන නිසයි අපිට මේ වගේ දහම් වටපිටාවක් ලැබුනෙ. අද අපිට තියෙන්නෙ විකෘති නොවූ මනසකින්, ප‍්‍රකෘති මනසක් හදාගෙන – මේක හොඳට අහන්න. කලබල වෙන්න එපා. බස් එකට නගින්න. බස් එකේ දුවන්න හදන්න එපා. බස් එක යන වේගෙන් යයි. ඉක්මනට යන්න කියලා බස් එකේ දුවන්න ගියොත් අත පය තුවාල වෙයි. වෙන යමක් වෙන්නෙ නෑ. ඒ නිසා යන වාහනේකට නැගලා ඉඳගෙන ඉන්න. ඒ යන වේගෙන් යයි.

ඒ නිසා මේ ශාසනයට ඇවිල්ලා බණ දහම් අහගෙන තමන්ට හැකි ප‍්‍රමාණයට උත්සාහවත් වෙන්න. එහෙම කළොත් අපිට මේ ජීවිතයේම සසර දුක් ගෙවාගන්න මාර්ග ඥානයක් ලබාගන්න බැරි නෑ. ඒ සඳහා මේ දේශනාව
හේතු උපනිශ‍්‍රයම වේවා!

සියලූ දෙනාටම තෙරුවන් සරණයි!

සමාප්තයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

ඉතින් ඔබ තේරුම් ගන්න ධර්මය යනු මෙය යි. ඉවසීම ධර්මය යි. කරුණාව ධර්මය යි. වෛර නොකි…

ඉතින් ඔබ තේරුම් ගන්න ධර්මය යනු මෙය යි. ඉවසීම ධර්මය යි. කරුණාව ධර්මය යි. වෛර නොකිරීම ධර්මය යි. ද්වේෂ නොකිරීම ධර්මය යි. පලි නොගැනීම ධර්මය යි. එකට එක නො කිරීම, ධර්මය යි. මෙත්සිත පැතිරවීම ධර්මය යි. මේවා නැති තැන උදේ සිට සවස් වනතුරු කොතරම් බණ දේශනා කළද, එතැන ඇත්තේ ප්‍රයෝජනයට නොගන්නා වචන සමූහයක් පමණකි. එනිසා වෛර සිතට ඉඩ නොදී, ඒ නිමිත්ත අමතක කොට, මෙත් සිත වඩන්නට හැකිනම් එය මහත් ලාභයකි. සතුට ලැබෙන්නේ, මෙත් සිතෙන් මිස, වෛරයෙන් නොවේ. එනිසා ධර්මය සිහි කරන තැනැත්තා, ජය පරාජය පසෙකලා මෙත් සිත වඩයි. වෛර නොකිරීම සැපතකි!

ක්‍ෂාන්තියෙන් දුරැලිය යුතු ක්‍රෝධය
පල්ලත්තර සුමනජෝති නා හිමි

ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම තියාපු මේසයක හෝ පුටුවක හෝ වෙනත් අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත් වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි.

සමහරවිට ඔබ ඔබටම බැණගන්න, දොස් කියා ගන්න තරම් ඔබ දරුණු වේ. ඇතැම් අනුවණයන් එබඳු අවස්ථාවල අඹු දරුවන්ට මාපියාදීන්ට පවා බණිමින් පහර දෙමින් තම සිත සනසා ගන්න උත්සාහ කරනව

කොධං වධිත්වානතදාචි සොචති
මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති
සබ්බේසං වුත්තං ඵරුසං චමෙථ
එකං ඛන්තිං උත්තම මාහු සන්තො

යම් කෙනෙක් ක්‍රෝධය නසල කිසියම් දවසක ශෝක නොකෙරෙයි. එසේම කිසිවෙක් ගුණමකු කම නමැති මක්ඛය නසල බුද්ධිමතුන්ගේ පැසසුමට භාජන වෙති. එමෙන්ම හැමදෙනාගෙන්ම අසන්නට ලැබෙන ඵරුෂ බස් හැකිතාක් ඉවසන්න. මේ කියන ක්‍රෝධය, මකු බව, ඵරුෂ බස, යන මේවා ඉවසීම උතුම් ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය යයි සත්පුරුෂයෝ කියති යන්නයි මේ ගාථාවේ අදහස. ක්‍රෝධය උපදින්නේ තමාට අපි‍්‍රය අරමුණ සිත ගැටීමෙනි. එයට අප පටිඝය කියල කියනව. අපි‍්‍රය අරමුණු නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ඉඳුරන්ගෙන් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අපි‍්‍රය අරමුණ යි. සිත අපි‍්‍රය අරමුණක් සමඟ ගැටුණාම සිතේ ඇතිවන රළු බව, පරුෂ බව, තද බව ක්‍රෝධයයි. එවිට සිත චණ්ඩ බවට පත්වේ. අනතුරුව ඒ චණ්ඩ වූ සිතේ ප්‍රමාණයට එම සිත ඉපදීමට හේතු වූ වස්තුවෙන් හෝ පුද්ගලයාගෙන් පළිගැනීමට සේ පෙළඹේ.

කිසියම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මට පෙර අනර්ථයක් නොකෙළසා දැනුදු කරයි. මතු ද කෙරේ. එසේම මාගේ අසවල් සතුරාට යහපතක් පෙර කෙළේ ය. දැනුදු කරයි, මතුද කරන්නේය යන නව ආකාරයෙන් අපේ සිත්වල ක්‍රෝධය උපදින බව බුද්ධදේශනාවයි. මේ නව විධ ආඝාත වස්තුවලට අමතර ව ද අපේ සිත්වල ක්‍රෝධය උපදියි. මේ අස්ථාන ක්‍රෝධයත් එක් වූ විට එය දශවිධ වේ. කිසිම සතුරු කිසිවක් නොමැතිව ඉබේම ඇතැම්විට අපේ සිතේ ක්‍රෝධය උපදින කොතෙකුත් අවස්ථා තිබේ. ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම තියාපු මේසයක හෝ පුටුවක හෝ වෙනත් අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත් වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි. සමහරවිට ඔබ ඔබටම බැණගන්න, දොස් කියා ගන්න තරම් ඔබ දරුණු වේ. ඇතැම් අනුවණයන් එබඳු අවස්ථාවල අඹු දරුවන්ට මාපියාදීන්ට පවා බණිමින් පහර දෙමින් තම සිත සනසා ගන්න උත්සාහ කරනව. සමහරවිට එම ද්‍රව්‍ය කඩා බිඳ දමන අනුවණයෝ ද සිටිති. අද අප රටේ අනුවණ බොහෝ දෙනා ස්වභාව ධර්මයට අකාලයේ අනුව වැස්සක් වැටුණත් වැස්ස සමඟ ක්‍රෝධ කරනව. පෑව්වත් ක්‍රෝධ කරනව. බණිනව. එයටත් වඩා විහිළුව අද ස්වභාව ධර්මයට අනුව සිදුවන කවර දෙයකට හෝ රජයට හෝ ජනපතිට හෝ මැති ඇමැතිවරුන්ට හෝ බැණවැදීමයි. මේ රටේ සිදුවන ස්වභාවික විපත්වලටත් පොදු ජනයා කරන වැරදිවලටත් විශේෂයෙන් තමන් අනුමත නොකරන යම් සිද්ධියක් වේ නම් ඒ සියල්ලටම වගකිය යුත්තන් සේ සලකා බැණ වදින්නේ පාලකයන්ට ය. මෙසේ කී නොකී බොහෝ සිද්ධිවලට වගකිය යුත්තේ අන්‍යයන් බව සිතා අප ඇතිකරගන්නා ක්‍රෝධය බොහෝවිට අස්ථාන ක්‍රෝධයයි.

අද සමස්ත ලෝකයාම පෙළන අසාධ්‍ය රෝගයන් බවට ක්‍රෝධය පත්ව තිබේ. රටක් තවත් රටක් දිසාව බලන්නේත්, මිනිසුන් සෙසු මිනිසුන් දිශාව බලන්නේත් ක්‍රෝධයෙනි. මේ ක්‍රෝධය නිසා කුලල්කා ගනිති. නිලධාරීහු කුළල් කා ගනිති. එකරටක සිටින ඒ ඒ ජාතීහු කුලල් කා ගනිති. මාපියෝ, අඹු සැමියෝ, මාපිය දූ දරුවෝ, ස්වාමි සේවකයෝ ආදී හැම දෙනාම ප්‍රමුඛත්වය දී ඇත්තේ ක්‍රෝධයටයි. මේ අනුවනයෝ ක්‍රෝධය නිසා පළිගන්නට පෙළඹී අනුන් නැසීමට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරමින් නිෂ්පාදනය කරන්නේ මිනිසා, සත්වයා ජීවත් කරවීමට අවශ්‍ය දෙය නොවේ. ඒ ඒ රටවල වාසය කරන ජනතාව බුරුතු පිටින් කලණයෙන් මරා දැමීමට උපයෝගී කරගත හැකි අවි ආයුධයි. වසවිසයි.

ක්‍රෝධය යටපත් කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. නිර්වාණමාර්ගඥානයේ දී එය ප්‍රකාශ වන්නේ සකෘදගාමි ඤාණයෙන් එහි ඇති ඕලාරක තත්ත්වය අඩු වී අනාගාමි මාර්ගඥානයෙනි. “අක්කෝධෙන ජිනෙ කෝධං” යන බුදුන්ගේ දෙසුම අනුව ක්‍රෝධය දිනිය යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනි. ක්‍රෝධ කිරීම වසල ධර්මයක් හෙවත් පහත්ම පහත් අයගේ ගතියක් බව වසල සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කර තිබේ. දස පාරමිතාවෙන් සවන පාරමිතාව ක්‍ෂාන්ති පාරමිතාවයි. බුදුබව ලබන්න පෙරුම් පුරණ බෝසතුන් වහන්සේ විසින් මෙම ඉවසීමේ ගුණ ධර්මය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළ යුතු නම් ක්‍රෝධය හෙවත් අන්‍යයන්ගේ ඇණුම් බැණුම් ආදිය ඉවසිය යුතුයි. බුදු පසේ බුදු රහත් යන බෝධිත්‍රයෙන් කවර හෝ බෝධියකට පැමිණ නිවන් අවබෝධ කරන්නට උත්සාහ දරන යෝගාවචරයා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව අපරාධ ඉවසීමෙන් මෙම පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. ඉවසීම හෙවත් ක්‍ෂාන්ති ගුණය යෝගාවචරයාගේ බලයක් හෙවත් ශක්තියක් වශයෙන් “ඛන්ති බලං” යන්නෙන් (අංගුත්තර නිකාය) බුදුන් දේශනා කර තිබේ. ඉවසීමේ ශක්තියෙන් සතුරන් දමනය කළ හැකි බව එයින් කියයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දිනක් පිණ්ඩපාතේ වැඩියහ.එක්තරා මිසදිටු බමුණෙක් උන්වහන්සේ ඉවසන කෙනෙකැයි අසා තිබුණි. සැරියුත් හාමුදුරුවො මඟ වඩිනව දුටු සේ උන්වහන්සේ ළඟට කිට්ටු වී කම්මුලට පහරක් ගැසීය. පහර කෑ සැරියුත් හාමුදුරුවෝ කිසිවක් නොකියා බිම බලාගෙන ඉදිරියට වැඩියහ. එකී සිටි බෞද්ධ පිරිසක් අපේ හාමුදුරුවෝ කිසිවක් නොකියා බිම බලාගෙන ඉදිරියට වැඩියහ. එකී සිටි බෞද්ධ පිරිසක් අපේ හාමුදුරුවන්ට පහර දුන්නේ ඇයිදැයි අසමින් බමුණාට පහර දෙන්නට සූදානම් වන විට සැරියුත් හාමුදුරුවෝ, පින්වත්නි, යි කියා බෞද්ධ පිරිස අමතා ඒ බමුණා පහර ගැසුවේ මටයි. ඔහුගෙන් පළිගන්නවා නම් මමයි පලිගත යුත්තේ. ඔබලා නොවෙයි කීවිට ඔවුහු බැහැරව ගියහ. මෙය බලා සිටි මිසදිටු බමුණා උන්වහන්සේ සමීපයට දිව ගොස් වැඳ වැටී සමාව ගෙන උන්වහන්සේ නිවසට වඩමවා ගෙන ගොස් වඩා හිඳුවා දන් පිළිගන්වා උපාසකයකු වූ බව අපේ බණ පොතේ සඳහන් වේ. බලන්න ඉවසීමේ බලය.

ක්‍ෂාන්තිය යන්නට අර්ථ සපයන අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර තිබේ. ක්‍ෂාන්තිය නම්, ක්‍ෂමාකිරීම, ඉවසීම, නොසැඬ බව, කුඩුකේඩුකම, සිතේ නොසතුටු ගතිය යන ස්වභාවයන් ඉවසීමකි. මෙ බඳු චිත්ත ශක්තිය හෙවත් ඉවසීම පරම තපසක් බව බුදුන් දක්වා ඇත්තේ “ඛන්ති පරමං තපොතිතික්ඛා” යනුවෙනි. ක්‍ෂාන්තිය හෙවත් ඉවසීම ක්‍රෝධය යටපත් කර ගැනීම දිනීමට අසීරු යුද්ධයක් දිනීම වැනියයි බුදුන් වහන්සේ වදාළේ කුද්ධං අප්පටි කුජ්ඛන්තො යුද්ධං ජයහි දුජ්ජයං” යනුවෙනි. එනම් තමාට ක්‍රෝධ කරන්නාට පෙරලා ක්‍රෝධ නොකිරීම දිනිය නොහැකි යුද්ධයක් දිනීම වැනියි යනු එහි අදහසයි. එමනිසා තමාට ක්‍රෝධ කරන්නහුට පෙරළා ක්‍රෝධ කිරීම පාපයක් වශයෙන් සලකන ලෙසට උන්වහන්සේ අපට අවවාද කළසේක. පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන අර්ථයන්(ස්වාර්ය) උතුම් අර්ථයක් බවත් එසේම අර්ථයන් අතුරෙන් ක්‍ෂාන්තියට වඩා උතුම් අර්ථයක් හෙවත් අභිවෘද්ධියක් නැතැයි ද වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාරා තිබේ.

යොහවෙ බලවා සන්තො
දුබ් බලස්ස තිතික්ඛති
තමෙම පරමං ඛන්තිං
නිච්චං ඛමති දුබ්බලො

හැම අතින් ම අතිශයින් බලවත් පුද්ගලයෙක් දුබලයා විසින් තමාට කිසියම් අපරාධයක් කළ විට එය ඉවසීම හෙවත් එකට එක නොකිරීම හෝ දුබලයාට සමාව දීම විශිෂ්ටතම ඉවසීමයයි වදාළහ

බුදු දහමේ උගන් වන්නේ ‘සබ්බෙ සත්තා භවන්තු සුඛී, තත්තා’යනුවෙනි. එහෙයින් ඉවසීමට ආගමක් අනවශ්‍ය බව සිතන්න. ක්‍රෝධය හැම සත්වයාටම තිබෙන අති දුබලකමකි. තිරිසනාට ක්‍රෝධයක් ඇති වූ විට එය යටපත් කරන හැටි ඉවසන හැටි ඔහු නොදනී. එසේ මනුෂ්‍යයන් වන අපි ක්‍රෝධයත් ඉවසීමෙන් හඳුනන්නෙමු. ශාන්තියක් හඳුනන්නෙමු. ඉවසීමෙන් සැනසීම ලැබේ යන උතුම් සිංහල කියමන මෙනෙහි කොට හා ධර්මානුකූලව සිතා ක්‍රෝධ ගින්න නිවාලන්නට උත්සාහ කිරීම සත්පුරුෂ ගතියයි. ‘අක්කොධෙන ජිනෙ කොධං’ යයි වදාළේ ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් හෙවත් ඉවසීමෙන් දිනාගත යුතුයි.

ක්‍රෝධ සිතත් උපන්විට ඔබ හොඳට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. බුදුන් වදාළා කෙනෙකුට පහර දීම හරියට දෙකොණ ගිනිගත් දර කැබැල්ලකින් පහර දීමක් බඳුය කියල. එහි තේරුම දෙකොණ ගිනිගත් දර කඩක් අනෙකාට පහර දෙන්නට තමන් අතට ගන්නවිට පළමුව තමාගේ අත දැවේ. අනතුරුවයි සතුරා දැවන්නේ. එමෙන්ම අසූචි වැගුණ දර කැබැල්ලකින් පහර දීමත් එවැනියි, එසේත් නැත්නම් තමා මේ පහර දෙන්නේ පෙර ආත්ම ගණනක් තමාට මාපිය වූ හෝ සහෝදර සහෝදරියන් වූ හෝ වෙනත් ඥාති හිතවතෙක් වූ හෝ කෙනකුට නොවේදැයි සිතන කොට ඔබේ ක්‍රෝධය යටපත් වේ. එකම සසර සයුරේ ගිලී සිටින අප නිතරම ඉවසීමෙන් යුතුව සහෝදර ප්‍රේමයෙන් ජාති කුල, ආගම් භේද පෞද්ගලික කරුණු වශයෙන් සලකා මනුෂ්‍යයෝ වශයෙන් පොදුවේ අප හැමෝම එකම මිනිස් කොටසක් බව සිතා බුදුන් විසින් ‘චත්තාරො වණ්ණා සම සමා’ යි වදාළ පරිදි සිතා සමඟියෙන් සමාදානයෙන් කටයුතු කරන්නේ නම් මිනිස් දහමට ප්‍රමුඛත්වය දුන් මිනිසුන් හැටියට ලෝකයාගේ ප්‍රශංසාවට ඔබත් මමත් හැමෝමත් ලක්වනු ඇත.

“ තථාගතයන් වහන්සේගේ ශ්රී ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්…

“ තථාගතයන් වහන්සේගේ ශ්රී ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්ධ ශරීරයෙක පමණක් ප්රථකට වන්නා වූ අනුව්යතඤ්ජන ලක්ෂණයෝ ම අසූවෙ කි. එමැ අසූ අනුව්ය්ඤ්ජන ලක්ෂණයෝ කවරේද යත්, හේ මෙසේ දත යුතු :-

1. තථාගතයන් වහන්සේහට මනහර පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.

2. තථාගතයන් වහන්සේහට අන්යෝඤන්යප ප්රැමාණයෙන් සම වූ පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.

3. තථාගතයන් වහන්සේහට මනාව වට වූ, නාලාකාර පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.

4. තථාගතයන් වහන්සේහට තඹ පැහැ නිය දරන පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.

5. තථාගතයන් වහන්සේහට යම් තම් උඩු අග් බලා සිටින නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.

6. තථාගතයන් වහන්සේහට ඔපවත් මෘදු වූ, වට වූ නිය සහ නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇත්තේ ය.

7. තථාගතයන් වහන්සේහට මනාව වට වූද, උස් වූද ගොප් ඇට (දෙපා වළලුකර අස්ථි) ඇත්තේ ය.

8. තථාගතයන් වහන්සේහට සම වූ පාද සහ පා පතුල් තල ඇත්තේ ය.

9. තථාගතයන් වහන්සේහට ගජේන්ද්රදයෙකු (හස්ති රජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.

10. තථාගතයන් වහන්සේහට මෘගේන්ද්ර යෙකු (සිංහ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.

11. තථාගතයන් වහන්සේහට සරාසරේන්ද්රකයෙකු (හංස රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.

12. තථාගතයන් වහන්සේහට උසභේන්ද්ර යෙකු (වෘෂභ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇත්තේ ය.

13. තථාගතයන් වහන්සේහට වඩිනා කල්හි, සැම විට මැ දකුණු ශ්රීෙ පාදය පෙරට තබා වඩිනා ගමන් විලාස ඇත්තේ ය.

14. තථාගතයන් වහන්සේහට පිටතට නො නෙරූ උස් වූ දනහිස් අස්ථීන් ඇත්තේ ය.

15. තථාගතයන් වහන්සේහට කෝෂයට වැදහෙව සිටි පරිපූර්ණ පුරුෂ ව්යහඤ්ජනයක් (පුරුෂ නිමිත්තක්) ඇත්තේ ය.

16. තථාගතයන් වහන්සේහට කැළැල් නැත්තා වූද, පළුදු නැත්තා වූද නාභියක් ඇත්තේ ය.

17. තථාගතයන් වහන්සේහට ඉතා උස් ද නො වූ, ඉතා ගැඹුරු ද නො වූ, පිටතට නො නෙරූ උදරයක් ඇත්තේ ය.

18. තථාගතයන් වහන්සේහට දක්ෂිණා වෘත්තව පිහිටි නාභියක් ඇත්තේ ය.

19. තථාගතයන් වහන්සේහට නාඹර රඹ (කෙසෙල්) කඳන් යුගලක් වන් ඌරු යුග්මයක් (දෙ කලවා) ඇත්තේ ය.

20. තථාගතයන් වහන්සේහට ඇත් සොඬ වන් මනාව වට වූ, මනහර බාහු යුග්මයක් (දෙ අත්) ඇත්තේ ය.

21. තථාගතයන් වහන්සේහට රත් පැහැ (රෝස පැහැ) අතුල් තල සහ පතුල් තල ඇත්තේ ය.

22. තථාගතයන් වහන්සේහට අවශ්ය ය තන්හි ඝන වූද, අවශ්යතය තන්හි සියුම් වූද, මෘදු මොළොක් සම සහ සම් සිවිය ඇත්තේ ය.

23. තථාගතයන් වහන්සේහට රැළි නො වැටුණු සම ඇත්තේ ය.

24. තථාගතයන් වහන්සේහට පැල්ලම්, බිබිලි, ගඩු, ගෙඩි සහ ඉදිමුම් රහිත වූ සම ඇත්තේ ය.

25. තථාගතයන් වහන්සේහට සියළු තන්හි කැළැල් රහිත වූ සම ඇත්තේ ය.

26. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රන වූ, කුණු දූලි රහිත වූ, කුණු දූලි නො රඳනා සම සහිත දේහයක් ඇත්තේ ය.

27. තථාගතයන් වහන්සේහට හස්තීන් (ඇතුන්) කෝටි දහසකගේ (10 000 000 000) කාය බල ඇත්තේ ය. එ බැවින් සර්ව්ඥයන් වහන්සේ දසබල නම්වන සේක.

28. තථාගතයන් වහන්සේහට අගින් මදක් උඩු බලා සිටි උත්තුංග නාසිකාවෙක් (නාසයක්) ඇත්තේ ය.

29. තථාගතයන් වහන්සේහට ඉතා දිගු ද නො වූ, ඉතා කෙටි ද නො වූ, වඩා තර ද නො වූ, වඩා සිහින් ද නො වූ මනාව සමානුපාතව පිහිටි නාසිකාවෙක් (නාසයක්) ඇත්තේ ය.

30. තථාගතයන් වහන්සේහට ඉතා දිගු ද නො වූ, ඉතා කෙටි ද නො වූ, වඩා තර ද නො වූ, වඩා සිහින් ද නො වූ, අන්යෝ න්යි ප්රාමාණයෙන් සම වූ මනාව පිහිටි රත් පැහැ (රෝස පැහැ) තොල් සඟලක් ඇත්තේ ය.

31. තථාගතයන් වහන්සේහට දුර්වර්ණ නො වූ (පැල්ලම් රහිත වූ), ඵලක රහිත පවිත්රද දන්ත පංක්තියක් ඇත්තේ ය.

32. තථාගතයන් වහන්සේහට ඔප දැමූ ශංඛ පෘෂ්ඨයක් (හක් බෙල්ලෙකුගේ කටුවක් ) වැනි වූද, දිගු දන්තයන්ගෙන් හෙබියා වූද ශුභ්රන වර්ණ (සුදු පැහැ) දන්ත පංක්තියක් ඇත්තේ ය.

33. තථාගතයන් වහන්සේහට ඔපවත් වූද, මෘදු වූද දන්ත පංක්තියක් ඇත්තේ ය.

34. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රර වූ මනාව පිහිටි පසිඳුරන් (පංචේන්ද්රිංය) ඇත්තේ ය.

35. තථාගතයන් වහන්සේහට මනාව වට වූ, වටකුරු පළිඟුවන් දළදා (රදනක දත්) සතරෙක් ඇත්තේ ය.

36. තථාගතයන් වහන්සේහට දිගු වූ, මනහර මුව මඬලක් (මුහුණක්) ඇත්තේ ය.

37. තථාගතයන් වහන්සේහට පරිපූර්ණව පිරුණු, කාන්තිමත් කොපුල් සඟලක් (දෙ කම්මුල්) පිහිටා ඇත්තේ ය.

38. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත ගැඹුරුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.

39. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත දිගුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.

40. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත ඇද සහ පැලුම් රහිත වැ සෘජුව විහිදුණු හස්ත රේඛා ඇත්තේ ය.

41. තථාගතයන් වහන්සේහට යටි අතුල් තල (දෙ අත්ල) මත විහිදුණු රත් පැහැ (රෝස පැහැ) හස්ත රේඛා ඇත්තේ ය.

42. තථාගතයන් වහන්සේහට ස්ව ශරීරයෙන් නිති බඹයක් (සතර රියනක් නොහොත් අඩි සයක්) තරම් දුර විහිදෙන ජෝතිමත් වූ රශ්මි මණ්ඩලයෙක් (බ්යාසමප්රඩභාවෙක්) ඇත්තේ ය.

43. තථාගතයන් වහන්සේහට මෘදු වූද, මොළොක් වූද සම්පූර්ණව වටකුරුව පිහිටි කොපුල් සඟලක් (දෙ කම්මුල්) ඇත්තේ ය.

44. තථාගතයන් වහන්සේහට අන්යෝවන්ය් ප්රදමාණයෙන් සම වූද, නේත්ර් මණ්ඩ (ඇස්) නො ඉක්ම වන්නා වූද මනහර ඇස්පිය ඇත්තේ ය.

45. තථාගතයන් වහන්සේහට නො කැළැල් වූ දෘෂ්ටිග්රාොස ය කරන අක්ෂි ස්නායු පසක් ඇත්තේ ය.

46. තථාගතයන් වහන්සේහට අගින් නො නැමුණු, එහෙත් උඩු අග් බලා සිටින කුණ්ඩලාකාර අඳුන්වන් ශරීර ලෝම ඇත්තේ ය.

47. තථාගතයන් වහන්සේහට මනාව පිහිටි වටකුරු ජීහ්වයෙක් (දිවක්) ඇත්තේ ය.

48. තථාගතයන් වහන්සේහට මොළොක් වූ සුරක්ත ජීහ්වයෙක් (දිවක්) ඇත්තේ ය.

49. තථාගතයන් වහන්සේහට පද්මයක පිහිටි ශේඛරපත්ර්වන් (පෙති) ලඹසවන් (දෙසවන්) ඇත්තේ ය.

50. තථාගතයන් වහන්සේහට මනාව සුපිහිටි වටකුරු කර්ණ ජිද්රව (දෙසවන් සිදුරු) ඇත්තේ ය.

51. තථාගතයන් වහන්සේහට අන්යෝකන්යිව නො බැඳුණු, අන්යෝඹන්ය්ව නො ඇලුණු කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇත්තේ ය.

52. තථාගතයන් වහන්සේහට ශරීර මංශ පේශී සමැඟින් ගැඹුරින් මොනව ට බැඳුණා වූ කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇත්තේ ය.

53. තථාගතයන් වහන්සේහට මෞලියෙක්වන් (වොටුන්නක්වන්) ශිරෝධාතුවෙක් ඇත්තේ ය.

54. තථාගතයන් වහන්සේහට දිගින් ද පුළුලින් ද සම සම වැ පිහිටි මනහර නළල්පටක්වන් ලලාටයෙක් (නළලක්) ඇත්තේ ය.

55. තථාගතයන් වහන්සේහට වටකුරු ව පිහිටි ලලාටයෙක් (නළලක්) ඇත්තේ ය.

56. තථාගතයන් වහන්සේහට දුන් දණ්ඩෙකවන් හැඩ ඇති ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.

57. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද, මුදු වූද ලෝම සහිත ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.

58. තථාගතයන් වහන්සේහට අන්යෝ්න්ය ව නේත්ර මණ්ඩල (ඇස්) හා සමව ද, සමාන්තරව ද පිහිටි ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.

59. තථාගතයන් වහන්සේහට විශාල වූද, මනහර වූද ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.

60. තථාගතයන් වහන්සේහට නේත්රත මණ්ඩල (ඇස්) නො ඉක්ම වන්නා වූද, නේත්ර මණ්ඩල කෙළවර කොට ඇත්තාවූ ද මනහර ඇස් බැමි සඟලෙක් ඇත්තේ ය.

61. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද, මොළොක් වූද සමෙන් සහ සම් සිවියෙන් ආවාරිත දේහයක් ඇත්තේ ය.

62. තථාගතයන් වහන්සේහට මංගල ලක්ෂණයන්ගෙන් විසිතුරු වූ විපුල බවට පැමිණි පරිපූර්ණ දේහයෙක් ඇත්තේ ය.

63. තථාගතයන් වහන්සේහට ජෝතිමත් දේහයෙක් ඇත්තේ ය.

64. තථාගතයන් වහන්සේහට සර්වාකාරයෙන් පවිත්රක වූ පියුමෙක්වන් අතිශයින් පවිත්රර වූ දේහයෙක් (සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක්) ඇත්තේ ය.

65. තථාගතයන් වහන්සේහට ක්ෂණික වැ ඵොට්ඨබ්බාග්රාේස ය කරන (ස්පර්ශග්රා ස ය කරන) සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක් ඇත්තේ ය

66. තථාගතයන් වහන්සේහට නිති චන්දන (සඳුන්) සුගන්ධය හමන, චන්දන සුගන්ධය වහනයවන, චන්දන සුගන්ධයෙන් ඔපවත් වූ සඳුන් මංජුසාවක්වන් (සඳුන් කරඬුවක්වන්) දේහයෙක් ඇත්තේ ය.

67. තථාගතයන් වහන්සේහට අන්යෝඳන්යබ ප්ර මාණයෙන් සම වූ, එනම් දිගින් ඔවුනොවුන් ඉක්ම වා නො යන සම වූ ශරීර ලෝම ඇත්තේ ය.

68. තථාගතයන් වහන්සේහට සියුම් වූද, සියුමැලි වූද ශරීර ලෝම ඇත්තේ ය.

69. තථාගතයන් වහන්සේහට සියුම් වූ සුකුමොළ වැ චලනය වන්නා වූ මෘදු ශ්වාස ධාරාවෝ (අශ්වාස ප්රදශ්වාසයෝ) ඇත්තේ ය.

70. තථාගතයන් වහන්සේහට සැමැ විටම මුව මඬල සරසන සිත (මඳ සිනහ) ඇත්තේ ය. (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඬල සරසන මඳ සිනහව “සිත” නමින් හැඳින්වෙන්නේ ය. එමැ සිත සිනහව සෝමනස්ස සහගත හසිතුප්පාද කිරිය චිත්තය මුල් වැ හට ගන්නේ ය. කිරිය සිත් බුද්ධ ප්ර ත්යේ ක බුද්ධ අරහන්තයන උත්තමයන්ට පමණක් හටගන්නේ ය.)

71. තථාගතයන් වහන්සේහට නිති පියුම් (නෙළුම්) සුගන්ධය හමන, පියුම් සුගන්ධය වහනයවන, පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ පියුම් කෙමියෙක්වන් මුව මඬලක් ඇත්තේ ය.

72. තථාගතයන් වහන්සේහට අඳුන්වන් පැහැ ඇති කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

73. තථාගතයන් වහන්සේහට මනාව සුවඳවත් වූ කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

74. තථාගතයන් වහන්සේහට හෙළ පියුම් (සුදු නෙළුම්) සුගන්ධය හමන, හෙළ පියුම් සුගන්ධය වහනයවන, හෙළ පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

75. තථාගතයන් වහන්සේහට කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

76. තථාගතයන් වහන්සේහට නො පැසෙන, ශුක්ල (සුදුවන්) බවට නො පැමිණෙන, මහළුවන විට හණ වැහැරිවන් නො වන කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

77. තථාගතයන් වහන්සේහට සියුම් සියුමැලි මෘදු කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

78. තථාගතයන් වහන්සේහට සංකූල නො වූ (එකිනෙක පටලැවී අවුල් නො වුණු) කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

79. තථාගතයන් වහන්සේහට දිගු කැරලි සහිත කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇත්තේ ය.

80. තථාගතයන් වහන්සේහට වොටුන්නක මුදුනේ පැළඳි මල් දමක්වන් ශිරෝධාතුවෙන් නිති පැන නැඟි දිගින් රියනක් (අඟල් දහඅටක්) තරම් වූ රශ්මි කදම්භයක් (කේතු මාලාවක්) ඇත්තේ ය.

යි. එමැ අසූ අනුව්යදඤ්ජන ලක්ෂණයෝ කියවා නිමවන ලදහ.”෴…………………..සත්පුරුෂයන් විසින් කියවා බුද්ධානුස්සති කටයුතු යි෴ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බෝ කල් ලොව පවතීවා !!!.

මේ පිරිසිදු ප්රුණීත ශ්රීු ස්ද්ධර්මය මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ අතීතයේ වැඩසිටියාවූ මහරහත් උතුමන් වහන්සේලා ප්රයමුඛ මහා සංඝරත්නයටත් වර්තමානයේ වැඩසිටින්නාවූ මහා සංඝරත්නයටත් මේ ධර්ම දානය උපහාරයක්ම වේවා. ඒ උතුම් මහා සංඝරත්නයට නිවන් පිණිසම මේ ධර්ම දානයම කුසලය හේතු වේවා. මේ දහම් ලිපිය සපයා දුන් අයියාටත් නිවන් පිනිසම මේ කුසලය හේතු වේවා. වාසනා වේවා.

මේ කුසලය අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා…
………………………………….
උපුටා ගැනීම ශ්‍රද්ධා පිටුව.

දුතීය චේතනා සූත‍්‍රය : 13 කොටස රන් රිදී, මුතු මැණික්, ගෙවල් දොරවල් කියලා බාහි…

දුතීය චේතනා සූත‍්‍රය : 13 කොටස

රන් රිදී, මුතු මැණික්, ගෙවල් දොරවල් කියලා බාහිර යම්තාක් වස්තු තියෙනවා නම් ඒ ඔක්කොම තියෙන්නෙ මම සහ මගේ දූ දරුවෝ කියන ධර්මතා වටායි. මම සහ මගේ දූ දරුවො කියන තැන තියෙන බැඳුම අඩුවෙන විදියට, වැරදි දැක්ම අඩුවෙන විදියට, දිට්ඨිය අඩුවෙන විදියට සවිඥානක වස්තු විතරක් විදර්ශනා කරන්න. අනික් ධර්මයන්ගේ තියෙන බැ`දීම් ඉබේම අඩුවෙයි. ඒ නිසා තමන්ගේ ශරීරය පැත්තට නැඹුරු වෙලා හොඳට හිතන්න. කෙස්, ලොම්, නිය, දත් කියලා පිළිවෙළින් මේ ශරීරයෙ කොටස් බලන්න. ඉතාම වේගෙනුත් නෙමෙයි. ඉතාම හෙමිනුත් නෙමෙයි. කෙසේ ටිකක් කපලා පැත්තකට දැම්මොත් කෙස් පෙනෙනවා. පුද්ගලයෙක් පෙනෙන්නෙ නෑනෙ. ශරීරය බලනකොටත් කෙස් කියනකොට ඒ ගතිය හිතට මවාගන්න. තමන්ව ඈඳන්නෙ නැතුව කෙස් ටිකට කෙස් කියන ගතිය විතරක් හිතට ඈඳගන්න පුළුවන් වෙන්න ඕන. රෝම කූප ටික ගලවලා පැත්තකට දැම්මොත් ඒ රෝම කූප ටික මම කියලා පුද්ගලයෙක් කියලා පේන්නෙ නෑනෙ. ඒ වගේ ලොම් කියනකොට තමන්ගෙ ලොම් නොවී, කෙනෙක්ගෙ ලොම් නොවී, ලොම් කියන ගතිය හිතට ගන්න පුළුවන් වෙන්න ඕන. නිය, දත්, හම්, මස්, නහර මේ විදියට පුද්ගලභාවය ඈඳෙන්නෙ නැතුව, ඒ ඒ වස්තුව විතරක් තනිවෙන විදියට හිතට අරමුණු කරගන්න.

එහෙම අරමුණු කරගෙන කන, බොන ආහාරය නිසානෙ මේ කොටස් හැදිලා තියෙන්නේ කියලා හොඳට බලන්න. දැන් මේ මගේ ශරීරය ගැන බලනවා නෙවෙයි. තව කෙනෙක්ගෙ ශරීරය ගැන බලනවා නෙවෙයි. එතන
තියෙන කොටස් බලන්නෙ. කය කිවුවෙ කොට්ඨාශ කියන අර්ථයෙන් කොටස් තිස් දෙකකින් හැදුන නිසා කාය කියලා කියනවා. අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙලා තියෙන කොටස් තිස් දෙකකින් යුක්ත රූප මිටියක් මේ කය. කොටස් කියන අර්ථයෙන් තමයි කය කියන්නෙ.

ජෛමෙ භික්ඛවෙ වේදනා කායා
ජෛමෙ භික්ඛවෙ සංඥා කායා

මහණෙනි, මේ වේදනා කොටස් හයයි, සංඥා කොටස් හයයි. මේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදී කුණප කොටස් තිස් දෙක හොඳට බලලා, කන බොන ආහාරය නිසයි මේ කොටස් ටික හැදිලා තියෙන්නේ, කියලා බලන්න. ආහාරයටත් හොඳට නිමිති තියාගන්න. බත්, පාන් කව්පි මුං ඇට ආත්ම භාවයකින් තොර ආහාරය.

එබඳු ආහාරය නිසයි, මේ කොටස් ටික තියෙන්නෙ. එහෙනම් ආහාරය නැමති හේතුව නිසා කය නමැති මෙබඳු ඵලයක් හැදිලා තියෙනවා. මේ කයට හේතුව ආහාරයයි කියලා හොඳට තීරණය කරන්න. ආහාරයෙන් හැදුන මේ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු නිසා පැමිණි විඤ්ඤාණය පවතිනවා. නැත්නම් ප‍්‍රතිසන්ධි වශයෙන් පැමිණි විඤ්ඤාණය නැත්නම් සිත මේ කය ඇසුරු කරගෙන පවතිනවා.

සිත කියන්නෙ අවිද්‍යා, කම, තණ්හා නමැති හේතුවක ඵලයක්. රූපය කියන්නෙ ආහාර නමැති හේතුවේ ඵලය. අපි නාම – රූප කියන තැනක දෙපැත්තකින් පැමිණි හේතු දෙකක ඵලයක් තියෙන්නෙ. කනබොන ආහාරයෙන් යුක්ත රූපය කරන ලොකුම කෘත්‍යය තමයි පෙර කර්ම විපාක වි`දින්න උවමනාවෙන් පැමිණි, තණ්හාවට පැමිණි මේ විඤ්ඤාණයට නවාතැනක් දීලා තියෙන එක. විඤ්ඤාණයට ගොදුරු ගන්න දැලක් වියලා දෙන කාර්යය තමයි මේ කය කරලා තියෙන්නෙ.

කය ඇසුරු කරගෙන පවතින සිත නිසයි, කන බොන ආහාරයෙන් යුක්ත, අචේතනික, අවිඥානක මේ කය හැඟීම් දැනෙන මට්ටමට පත්වුනේ. හැම වෙලාවෙම සිතේ තියෙන ගති ටිකටයි, මේ කය හැදෙන්නේ. සිතේ සිතිවිලි රළුයි නම් කයේ ප‍්‍රසාද රළුයි. සිතේ සිතිවිලි මෘදුයි නම් කයේ ප‍්‍රසාද මෘදුයි. ඒකයි වේදනා, සංඥා, සංඛාර මුදුතා – කාය මුදුතා වේදනා සංඥා, සංඛාර ලහුතා – කාය ලහුතා සිතිවිලි වල සැහැල්ලූ බවෙන් කය සැහැල්ලූයි. සිතිවිලි වල මුදු බවෙන් කය මුදුයි. සිතිවිලි වල රළු බවෙන් කය රළුයි. හැම වෙලාවෙම කයේ පැවැත්ම තියෙන්නේ සිතේ පැවැත්ම මත. මේ කය සවිඥානක වෙලා තියෙන්නෙ. හැඟීම් දැනෙන බව තියෙන්නෙ, කයට නෙමෙයි, කය ඇසුරු කරගෙන කයේ බැ`දිලා ඉන්න හිතට.

කයට යමක් ගැටෙනකොට ඔය පින්වතුන්ට දැනුම තියෙන්න ඕන කයට දැනුනා නෙමෙයි, සිත කයේ බැ`දිලා තියෙන නිසයි මේ දැනීම කියන තැනට. කය ඇසුරු කරගෙන තියෙන සිතෙන් උපද්දන විඥප්ති රූප නිසයි මේ කය ඉදිරියට ආපස්සට යන්නෙ. අත් දිග කමිසයක් තිබුනොත් ඒ කමිසෙ අත්වලට පුළුවන්ද ඉහළ පහළ යන්න. බැහැ. ඒ කමිසය කෙනෙක් ඇඳගත්තම ඒ පුද්ගලයා අත ඉහළ පහළ කරනකොට කමිසෙ අතත් ඉබේම ඉහළට පහළට යනවනේ.

ඒ වගේ විඥප්ති රූප උපද්දලා, ඒ කියන්නෙ මේ කය විදියටම රූපයක් හදලා ඒක මේ රූපෙට බහලා තමයි අපි මේ අත ඔසවන්නෙ. යෑම්, ඊම් කරන්නෙ. නොඑසේනම් අද ද මේ කය මළමිනියමයි. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ ඉදිරියාම්, ආපසු ඒම් කියලා දකින්න.

මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නෙ. කිසිම දවසක හම්, මස්, ලේ, නහරින් යුක්ත මේ රූපයට, මේ කයට රූප පේන්නෙ නෑ. රූප පේන එකට සම්බන්ධත් නෑ. මේ පුටුවෙ ඉඳගෙන ඉන්න මට ඔය පින්වතුන්ව පේනවා. මේ පුටුවටත් පේනවද? නෑ. පුටුව උපකාරයි මට ඉඳගෙන ඉන්න, ඉඳගෙන ඉන්න මට රූප පේනවා. ගනුදෙනුව තියෙන්නෙ රූපයයි, මමයි – පුටුවයි මමයි අතර පුටුවයි රූපයයි අතරෙ කිසිම ගණුදෙනුවක් නෑ. පුටුව උපකාරයි මට ඉඳගෙන ඉන්න වගේ කයේ උපකාරය ලබලා ඉන්න සිතෙන් තමයි රූප දකින්නෙ.

දකින රූපය සිතටත්, සිත කයටත් සම්බන්ධයි. රූපයයි, කයයි අතර සෘජු සම්බන්ධයක් කිසිම වෙලාවක නෑ. මේ විදියට දැක්කොත් ඉඳගෙන ඉන්න මට රූප පේනවා කියන මට්ටම අතහැරෙනවා. ‘‘මොකද මං දිහා බලන්නෙ” කියලා තරහ යන්න තියෙන මිම්ම අතහැරෙනවා. රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ වි`දින ස්ති‍්‍රයක් හෝ පුරුෂයෙක් ඔය පින්වතුන්ට දකින්න බැරිවෙයි.

ඇයි ඒ?

චක්ඛු විඤ්ඤාණ හිත ගෑනු හිතක්ද? පිරිමි හිතක් ද? එබඳු තැනකින් නම් රූපය දකින කෘත්‍යය වෙන්නෙ, ගෑනු කෙනෙක් මං දිහා බැලූවා, පිරිමි කෙනෙක් මං දිහා බැලූවා කියන්න පුළුවන්ද? සුදුසු ද කියන්න. මේ නාම රූප දෙකේ කෘත්‍යය නොදන්න නිසයි අපි ඔහොම කියන්නෙ. රූප දකින කෘත්‍යය කරන හිත හඳුන්වනවා චක්ඛු විඤ්ඤාණය කියලා. ඒ කෘත්‍යය කරලා ඒ සිත නිරුද්ධ වෙනවා. මේ විදියට ආරම්මණයෙන්, ආරම්මණයට ඉපිද නිරුද්ධ වෙන චිත්ත චෛතසික ටිකක් තියෙන්නෙ. ඒ ටික මේ කය ඇසුරු කරගෙනයි පවතින්නෙ. කයට ඕකය කියලා කියනවා. මේ සිතට නවාතැනක්, ගෙයක්. ඉබ්බා යන යන තැන උගේ කටුව අරගෙන යනවා වගේ, අපි මේ යන යන තැන ගේ අරගෙන යන්නෙ. මම යනවා එහෙම නෙමෙයි. ගේ අරගෙන එක තැනකට යනවා, ඔන්න එතන තියෙන ෆොටෝ ටික ගත්තා, ශබ්ද ටික ඇහුවා, ආයෙත් තව තැනකට ගියා ඔන්න රූප බැලූවා, ශබ්ද ඇහුවා, එනවා. ඉතින් අපි කියනවා වන්දනාවේ ගියා, විනෝද චාරිකා ගියා. ඔය ටික තමයි කරන්නෙ.

ඔය පින්වතුන්ට හොඳට බලන්න පුළුවන්කම තියෙනවා, කය අසුරු කරගෙන පවතින හිතෙනුයි, රූප බලන්නෙ, ශබ්ද අහන්නෙ, ගඳ සුවඳ වි`දින්නෙ, ලෝකය කියලා යම් තාක් මිමි තියෙනවා නම් ඒ ඔක්කොම, කයේ කිසිම සම්බන්ධයක් නැතුව සෘජුවම හිතට අරගෙන තියෙන්නෙ.

ඔය ටික දකිනකොට එයාගෙ ජීවිතේ වෙන්නෙ චක්ඛු විඤ්ඤාණයයි, චක්ඛු විඤ්ඤාණයෙන් දැනගන්න රූපායතනයයි විතරයි. කය අතහැරෙනවා, කය අයිති නෑ මේ පෙනෙනවා කියන මට්ටමට. අද මේ තියෙන්නෙ කෙලේසයක් විතරයි. ලෝකෝත්තර මාර්ගයෙදි මේ ගුටි කන කය අතහැරෙනවා. මේ නීවරණයකින් සම්බන්ධ වෙලා තියෙන්නෙ.

ඇත්තටම ජීවිතේ තියෙන්නෙ රූප පේනවා කියන තැන. ශබ්ද ඇහෙනවා කියන තැන. ශබ්දයයි, සෝත විඤ්ඤාණයයි, ඒ ටිකේ තියෙන චිත්ත චෛතසික ටිකයි, මුළු ජීවිතේම එච්චරයි. ඒකට කය අයිති නැහැ. ඒ ටික අතහැරෙනවා. නීවරණ චිත්තයටයි මේ ටික තියෙන්නෙ. මෙහෙම බැලූවාම තේරෙනවා. කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටික නිසා දැකීම්, ඇහීම් ආදී කෘත්‍ය ටිකක් වෙනවා කියලා. ඉඳගෙන ඉන්න මම රූප බලනවා, හිටගෙන ඉන්න මම රූප බලනවා, නිදාගෙන ඉන්න මම රූප බලනවා, ඇවිදිමින් ඉන්න මම රූප බලනවා කියන මිමි අතහැරෙනවා. පෙනෙන, ඇහෙන, දකින දේට කයේ සම්බන්ධය අතහැරෙනවා.

ඔය විදියට කය වෙනම බලන්න. කය ඇසුරු කරගෙන ඉන්න හිත වෙනම බලන්න. කය හැදිච්ච එකට ප‍්‍රත්‍යය වෙනම බලන්න හිත හැදිච්ච එකට ප‍්‍රත්‍යය වෙනම බලන්න. මේ දෙන්නා එකතුවෙලා කෙරෙන වැඩෙත් බලන්න. එතකොට තේරෙනවා. කය, හිතට නවාතැන් දීලා. ඒ නවාතැන් පොලේ ඉඳගෙන අහනවා බලනවා කියන කෘත්‍ය ටිකක් කරලා හිත. ඔය ඇත්ත නොදන්නාකම නිසා, ඔය ඇත්ත නොදකිනකම නිසා, නාම රූප දෙකේ පැවැත්ම නොදන්නාකම නිසා, පුද්ගලයෙක් එනවා, පුද්ගලයෙක් යනවා, සත්වයෙක් රූප බලනවා, සත්වයෙක් ශබ්ද අහනවා, මම රූප බලනවා, මම ශබ්ද අහනවා කියන තැනකින් අපිට ප‍්‍රපංච යෙදිලා.

ඒ මම කරනවා, පුද්ගලයෙක් කරනවා කියන ටික ලිහෙන්න නම් මෙන්න මේ ටික අල්ලලා දෙන්නම වෙනවා. ඇත්ත පෙන්නන්න, පෙන්නන්නයි වැරැුද්ද අතහැරෙන්නෙ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා හිතුවට හරියන්නෙ නෑ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන්න මෙතන තියෙන රූපෙත් බලපානවා.

මෙන්න මේ හේතු නිසයි රූපය හැදුනෙ. එබඳු රූපය අසුරු කරගෙන සිත පවතිනවා. මේ දෙන්නා හින්දයි කය මෙහෙම වෙලා තියෙන්නෙ. කවුරු හරි මගේ කියලා අයිතිය ලබාගන්න නඩුවක් දැම්මොත් අපිට සාක්ෂි ඉදිරිපත් කරන්න වෙනවා. ‘‘නෑ, ඔයාගෙ නෙමෙයි, මගෙ” කියන්න. නඩුකාරයා නිකම්ම පිළිගන්නෙ නෑනෙ. ඒ වගේ මාරයා කියනවා, ‘‘මේ කය මගේ” කියලා ‘‘තව පුද්ගලයෙක්ගෙ” කියලා අපිට ඔප්පු කරන්න වෙනවා ‘‘නෑ ඕක මගෙ හෝ තව පුද්ගලයෙක්ගෙ නෙවෙයි. ඔතන තියෙන්නෙ මෙහෙම ටිකක්” කියලා.

ඔය විදියට ආධ්‍යාත්මික කය ගැන හොඳට බලන්න. යද්දි, එද්දිත්, නිදාගෙන, ඇවිදින, හිටගෙන, ඉඳගෙන, ඉන්න හතර ඉරියවුවෙදිමත් මේක කරන්න පුළුවන්. පර සත්තානංවා, පර පුද්ගලානංවා අම්මා, තාත්තා, දුව, පුතා, අයියා, අක්කා කියලා හිතෙනකොට හිතන අරමුණ හිතෙන් අල්ලගන්න. දරුවෙක් කියලා හිතෙනකොට ඒ අරමුණ හිතෙන් අල්ලගෙන එතන ද බලන්න. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන රූපය, එබඳු රූපය ඇසුරු කරගෙන පවතින විඤ්ඤාණය නිසා ඒ කය සවිඥානක වෙලා තියෙනවා නේද? කය ඇසුරු කරගෙන පවතින හිත නිසා කයේ යෑම ඒම වෙනවා නේද? කය ඇසුරු කරගෙන ඉන්න හිතට නේද රූප පේන්නෙ? මේ නාම රූප දෙක නොදන්නාකම නිසා සත්වයෙක් කියන අදහසක් ඇති වෙලා නේද? කියලා හොඳට හිතනවා. සත්ව, පුද්ගල භාවයට හම්බවෙන හැම අරමුණක්ම, හැකි පමණක් හිතන්න හිත හුරු කරන්න. එහෙම හිතනවා, සමථ කමටහනකින් හිත වඩනවා. සමථ කමටහනකින් හිත වඩමින් මෙහෙම හිතනවා. ශිලයක පිහිටලා, මට සිලූටු ගුණ යහපත් චරිතයක් ඇතුව, දහමට අනුව ජීවත්වෙන්න උත්සාහ ගන්න ඕන. ලෝකය හැම වෙලාවෙම අසත්පුරුෂයි. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න බලනවා. නමුත් ඒ හැම තැනකදීම තාදී ගුණයෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ කියන එකයි මගේ අදහස.

අඛණ්ඩව මේ විදර්ශනාව කරගෙන යන්න. අද දවසෙදි වරදක් සිදු වුනත්, ‘‘අපිට මේ භාවනාව කරන්න බෑ වැරදි වෙනවනෙ. වැරදි හදාගෙනම භාවනා කරනවා” කියලා ඉන්න එපා. එහෙම වෙන්නෙ නෑ කවදාවත්. වැරදි වෙන කෙනාමයි භාවනා කළයුත්තෙ. රෝහලට යන්නෙ ඕනෙ රෝගියෙක් මිසක නිරෝගි කෙනෙක් යන්න ඕනද? ඒ වගේ තරහා යනවා නම්, කෙලෙස් ඇතිවෙනවා නම්, තණ්හාව ඇතිවෙනවා නම් එයාමයි භාවනා කරන්න ඕන. පන්සිල්වත් රකින්න බැරි නම් එයා තමයි ඉක්මණින්ම භාවනා කරන්න සුදුසු කෙනා. මොකද රෝගය උත්සන්නයි. අපිට බෑ ඕවා කියන තැනකින් නෙමෙයි තියෙන්නෙ.

ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ ටික හදාගන්නවා. ආයෙත් අඩුපාඩු වෙනවා. අයෙත් හදාගන්නවා. ඔහොම යනකොට අද දවසෙදි වුන වැරදි හෙට දවසෙ නොකෙරෙන දහමක අද ඉන්න. ශිලයක පිහිටලා හිත වඩමින් විදර්ශනා කරනකොට නීවරණ ධර්ම ටික ටික දුරු වෙනවා. ‘අත්ථි කායොති වා පනස්ස සති පච්චුපටිඨිතා හොති’ සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හො`දින් එළඹ සිටිනවා. සත්වයෙක් පුද්ගලයෙක් කියන තැන තියෙන්නෙ නාම රූප ධර්මතාවයක්ය කියන එක පෙනෙන මට්ටමට එනවා. එතකොට කාමච්ඡුන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡුා කියන නීවරණ ධර්ම ක‍්‍රම ක‍්‍රමයෙන් ගෙවි ගෙවී යනවා. අඛණ්ඩව ඔය විදියට ප‍්‍රතිපදාවේ හැසිරෙන කොට සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හො`දින් එළඹ සිටියා කියන්නෙ නීවරණ ධර්ම දුරු වුනා කියන එක. නාම රූප ධර්මයෝ වැටහෙනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

සැප සම්පත් විසින් අඥාණ පුද්ගලයාව විනාශ කරලා දානවා. නමුත්, සසරින් එතෙර වීමට නිවන…

සැප සම්පත් විසින් අඥාණ පුද්ගලයාව විනාශ කරලා දානවා. නමුත්,
සසරින් එතෙර වීමට නිවන සොයා ගෙන යන කෙනාව ඒ විදිහට වනසන්ට බැහැ.
අඥාණ පුද්ගලයා සැප සම්පත් වලට තියෙන ආශාව නිසා වැනසෙන්නේ අනුන් ලවා තමන්වම විනාශ කර ගන්නවා වගේ….

(භාග්‍යවතුන් වහන්සේ, ජේතවන අසපුවේදී අපුත්තක සිටාණන් අරභයා වදාළ ගාථාවකි)

බුදුරජාණන් වහන්සේ තරම් සමගියේ ආනිසංස දේශනා කළ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නැත. උන…

බුදුරජාණන් වහන්සේ තරම් සමගියේ ආනිසංස දේශනා කළ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නැත. උන්වහන්සේගේ ශ්‍රාවකයින් වූ අපි හැකිතාක් සමගිව කටයුතු කිරීමට වෙර දරමු.
”United we stand, divided we fall”
——————————–
වෛරය පවතිනතාක් කල් සමාජ සමගිය ගොඩ නොනැඟේ
බුදුරජාණන් වහන්සේ සමස්ත සමාජය ප‍්‍රධාන ඒකක හයකට බෙදා වෙන්කර ඇත්තාහ.

මවුපිය දූදරු, ස්වාමිපුරුෂ භාර්යා, ගුරු සිසු, අධ්‍යාත්මික නායකයන් හෙවත් ශ‍්‍රමණ සහ ශ‍්‍රාවක, හිතමිතුරු සහ ස්වාමි සේවක යනුවෙනි. ඊට අමතරව තවත් කුඩා සහ අනු කුඩා ඒකක රාශියකින් සමාජය ගොඩනැඟී තිබේ.

රටක් හෝ සමාජයක් දියුණුවීම යනු මේ එකිනෙක ඒකකයන්හි පවතින අන්‍යොන්‍ය සහයෝගිතාවයයි.

ජන සමූහයක් ගොඩ නැඟූ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස බුදුරජාණන් වහන්සේ සමගිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

සමගිය හෙවත් සාමුහිකත්වය බිඳ වැටෙන්නේ අප සිතන පතන ආකාරයේ පවතින දුර්වලතා මතය.

කෙනෙක් තමන්ගේ පවුලේ සමගිය ගැන සිතනවා නම් පළමුව කළ යුතු වන්නේ තම මනස දියුණු කර ගැනීමය.

කෙනෙක් දෝෂාරෝපණය කෙළේ යැයි, පහර දුන්නේ යැයි, හිමි වන්නට තිබුණු දෙයක් පැහැර ගත්තේ යැයි අප කෙරෙහි කෝපයක් ඇති වන්නේ නම් එතැන දී වෛරය දළුළනවා මිසක සමගිය හෙවත් එක්ව හිඳීමේ, එක්ව වැඩ කිරීමේ පසුබිම ගොඩ නැඟෙන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය ධම්ම පදයේදී ඉතා අපූරුවට පෙන්වා දී තිබේ.

අක්කොච්චිමන් අවධිමන්
අජිනිමන් අභාසිමේ
යේතං උපනයිහන්තී වේරං තේ සං න සම්මතී

කෙනෙක් මට බැන්නේය, මට ගැසුවේය, මා පැරද වූයේය. මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යම් කෙනෙක් සිතෙහි දැඩි කොට බැඳ ගන්නේ ද ඔහු ගේ වෛරය සන්සිඳෙන්නේ නැත. සරල උදාහරණයක් ගෙන බලමු.

දෙපාර්ශවයක් අතර, එසේත් නැතිනම් ගෘහ ජීවිතයේ ඇතිවූ ගැටලුවක් විසඳ්‍ර ගැනීමට සාකච්ඡා කරන්නේ නම් බොහෝකොට පෙරමුණ ගන්නේ අතීත සිදුවීම්ය. අතීතයේ දී කළ අකටයුතුකම්ය. දිගින් දිගටම ඒවායෙහි එල්ලී සිටිනවා මිසක අත්හැර දමන්නට සූදානම් නැත.

සාමූහිකත්වය අවශ්‍ය නම්, එක්ව සිටීමේ වැදගත්කම තේරුම් ගන්නවා නම් අතීතය හා බැඳුණු දේවලින් මිදිය යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති.

පෙර සිදුවීම් අත්හැර අලුතින් සිතන්නට පටන් ගන්නවා යනු වර්තමානයේ හෝ අනාගතයේ හෝ එවැනි කටුක අත්දැකීම් ඇතිවීම වැළැක්වීමට උපක‍්‍රම හඳුනා ගැනීමය. එසේ නැතිව වෛරය පවතින තාක් කල් සමාජයේ සමගිය ගොඩ නැඟෙන්නේ නැත.

”නහී වේරේන වේරානී
සම්මන්තී ද කුදාචනං
අවේරේනච සම්මන්තී
ඒස ධම්මෝ සනත්තනෝ”

මේ ලොව කිසි කලෙකවත් වෛරය වෛරයෙන් නොසන් සිඳෙන්නේය. අවෛරයෙන්ම වෛරය සන්සිඳෙන්නේය. එය පෙර සිටම පැවැති ස්වභාවයකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

අපි මෙලෙස සිතමු. කාමරයෙහි ඇති, අතිශයින්ම දුර්ගන්ධ හමන මී කුණක්, ඉවත් කර ගෙබිම සෝදා හරින්නැයි තවත් කෙනකුට පැවරුවහොත් ඒ කෙරහි තරහවෙන් ඒ තැනැත්තා තවත් අපිරිසුදු ජලය ප‍්‍රයෝජනයට ගනිමින් ගෙබිම සෝදා හරී.

එවිට දුර්ගන්ධය වර්ධනය වීමක් මිසක අඩුවීමක් සිදුවන්නේ නැත. වෛරය ද ඒ හා සමානය.

ලොව ස්වභාවය නම් අසමගිකමට වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමය. ඒ ඒ ජනවර්ගයන්හි සංස්කෘතීන් පිළිබඳව එකිනෙකා කෙරෙහි එකඟතාවක් නොපැවතීම ස්වභාවිකය. පවුලේ පසුබිම ගෙන බලමු.

ස්වාමි පුරුෂයා ගේ සියලුම සිතුම් පැතුම් පිළිබඳව, බිරියගේ සිතුම් පැතුම් හා කි‍්‍රයාකාරකම් පිළිබඳව කිසිදු සැමියකුට හෝ බිරියකට සියයට සියයකම එකඟතාවයක් නැත. පවුලේ සිට සමාජය දක්වා පැතිරී ගිය පසු එය ඊටත් වඩා බලවත්ය.

විවිධ සංස්කෘතීන්ට අයිති, විවිධ ජාතීන්ට අයිති, විවිධ වාර්ගික ලක්‍ෂණවලින් යුතු අය ගේ ස්වභාවයන් එකිනෙකට වෙනස්ය. එය අප ගේ සිතෙහි ස්වභාවිකවම නොරිස්සුම් සහගත තත්ත්වයන් ඇති කරයි.

මේ තත්ත්වය හඳුනා ගත් විවිධ ව්‍යාපාර කණ්ඩායම් මේ අසමගිකමට වෙළඳපොළක් නිර්මාණය කර ඇත. ලොව අසමගිකම හරහා බිහිවුණු විශාලතම වෙළෙඳපොළ ආයුධ හා ඖෂධ වෙළෙඳපොළයි.

අසමගි වූවන් අතර ආයුධ විකුණා ගැනීමේ පහසු පරිසරයක් උදාවේ.

ඉන් අනතුරුව ආයුධ භාවිත කිරීම නිසා ඇතිවන තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ඖෂධ වෙළෙඳ පොළ බිහිවේ.

ලොව එකිනෙකා අතර සම්මුති වශයෙන් හෝ එකඟතාවය නමැති කාරණය පවත්වා ගෙන යෑමට මේ වෙළෙඳපොළ විසින් බලවත් කරනු ලැබූ ආයතන ඉඩ දෙන්නේ නැත.

අපි සමගිව සිතන්නට පුරුදු වුවහොත් එම ආර්ථිකයේ විශාල පසුබෑමක් සිදුවන බව දන්නා බැවිනි.

යම් තැනෙක, පවුලක හෝ වේවා රටක සමාජයක හෝ වේවා සමගි සම්පන්න බවක් තිබේ නම් එයට විශාල බලයක් හිමි වේ. අපේ ජනවහරේ ‘සමගිය බලය වේ’ යන කියමන නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසාය.

සංඝ සමාජයේ පැවැත්ම පිළිබඳ සාකච්ඡා කරන බුදුරජාණන් වහන්සේ මෙසේ උගන්වා ඇත.

”සුඛා සංඝස්ස සාමග්ගේ
සමග්ගානං තපෝ සුඛෝ”

සංඝයා ගේ සමගිය පරම සුවයකි. එසේම සමගිවූවන් ගේ තපසම උත්තම සැපතකි යනුවෙනි.

මෙහි කියැවෙන වැදගත්ම කාරණය කුමක්ද?

යම් සමාජ ඒකකයක සිටින මිනිසුන් ගේ සිත නිරෝගීව, නිරවුල්ව තබා ගැනීම සඳහා සමගිය අත්‍යවශ්‍ය වන බවය.

එවැනි සමගි සම්පන්න අයගෙන් සැදුම්ලත් ආයතනයක් තිබේ නම් එය ඉතා දිගුකාලයක් නොනැසී පවත්නා බවය.

පිරිස වැඩිවන්නට වැඩි වන්නට ඕනැම තැනෙක අසමගිය වර්ධනය වීම නොවැළැක්විය හැකිය.

පවුල් ඒකකයට වුවද එය පොදු වූවකි. පිරිස වැඩි වූ කල එම පවුල සංකීර්ණ වේ. එකිනෙකා මුණ ගැසීමට තිබෙන වේලාව අඩු වේ.

මේ තත්ත්වයේ දී එකිනෙකා කෙරෙහි අසමගිය ඇතිවේ. ඕනෑම සමාජ ඒකකයක් මේ කාරණය තේරුම් ගෙන වැඩ කරන්නේ නම් අසමගිය ඇතිවී සතුට නැතිවී යෑම වළක්වා ගත හැකි වනු ඇත.

”ඛන්තී පරමං තථෝ තිථික්කා”

සැමවිටම ඉවසීමෙන් යුතුව පැවැතීම උතුම් මිනිස් ගුණයක් බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති. උතුම්ම – තපස් ගුණය ඛන්තී හෙවත් ඉවසීමය.

එකිනෙකා ගේ චර්යාවන්, කතාබහ, ගති ලක්‍ෂණ, හැසිරීම්, අදහස්, ආකල්ප ඉවසා දරා ගන්නට තරම් මානසික තත්ත්වයක් අප කෙරෙහි නැතිනම් ස්ථිරවම එතැන අසමගිය නිර්මාණය වේ.

එසේ නම් සෑම සමාජ ඒකකයක ම සමගිය ඇති කිරීමට එකිනෙකා කෙරෙහි ඉවසීම පැවතිය යුතුය. එය එක්තරා වි දිහක කැප කිරීමකි.

පරිත්‍යාගශීලී වීමකි. බුද්ධ කාලයේ කොසඹෑ නුවර භික්‍ෂූන් වහන්සේ දහසක් දෙනා අතර ගැටුමක් හට ගත්තේය.

බුදුරජාණන් වහන්සේ කොතරම් අවවාද කළත් ගැටුම සමථයකට පත් වූයේ නැත.

උන්වහන්සේ එම භික්‍ෂුන් වහන්සේ අතහැර හුදකලාවම වනගතව විසූහ. ඉන්පසු උන්වහන්සේට සමාජයෙන් දඬුවම් ලැබේ. වරද වටහා ගන්නේ ඉන් අනතුරුවය.

තමන් කෙරෙහි නොවු නොඉවසීම හඳුනාගෙන නැවත ගැටුම් ඇති නොකර ගන්නට අධිෂ්ඨාන කර ගන්නේ ඉන්පසුවය.

අසමගි වු පිරිස් සිටින තැනෙක නායකයා හැසිරෙන ආකාරය ද ඉතා වැදගත්ය.

අසමගිවූවන්ගෙන් එක් පිරිසකගේ කීම පමණක් අසා තීරණ ගතහොත් ඒ ගැටලුව විසඳෙන්නේ නැත.

මෙවැනි අත්දැකීම් බොහොමයක් ඔබට ද තිබුණා විය හැකිය.

විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ නායකයා ලෙස ඔබ කළ යුත්තේ ඔබට වඩාත් හිතෛෂී අය ළං කර ගැනීම නොවේ.

ඔවුන් ගේ කේලාම් අසා තීන්දු ගැනීම නොකොට නිදහස් පුද්ගලයකු බවට පත්විය යුතුය.

දෙපාර්ශවයටම ගැති නොවී ඇහුම්කන් දිය යුතුය. පවුලක නම් දරුවන් දෙදෙනා ගේ ගැටලුවක දී එක් දරුවකු ගේ පාර්ශවය නියෝජනය කිරීම මවුපියන් විසින් නොකළ යුතුය.

මෙම කාරණා ගැඹුරින් තේරුම් ගතහොත් දිනෙන් දින වර්ධනය වන අසමගිකම් අවම කිරීමට ඔබට හැකිවනු ඇත.

අප රණ්ඩු දබර වන්නේ අප කෙරෙහි වු කෙළෙස් නිසාය. ඉවසා දරාගත නොහැකිකම නිසාය. ඉවසීමෙන් සහ සමගියෙන් වෙසෙන අයට ජයග‍්‍රහණය කළ නොහැකි ඉලක්කයක් නැත. භගවත් ගීතාව නම් වු හින්දු ආගමික ග‍්‍රන්ථය ගෙන බලමු.

එහි එන ඇතැම් උපදෙස් අනුව අසමගි කමෙන් ප‍්‍රයෝජන ගන්නා ආකාරය උගන්වා ඇත. සාම, දාන, භේද, දණ්ඩ යනුවෙන් එහි මූලික සංකල්ප හතරක් හඳුන්වා දී තිබේ.

යමක් තමන් ගේ කර ගන්නට අපේක්‍ෂා කරනවා නම් එසේ කළ යුත්තේ කෙසේදැයි එහි උපදෙස් දෙයි. ‘සාම’ නම් තමන් ගේ අවශ්‍යතාවයන්ට අදාළ තැනැත්තා නම්‍යශීලී කර ගැනීම සඳහා කතා කිරීමය.

කතා කරන අතරේ දී එකිනෙකා ගේ දුර්වලතා හඳුනාගෙන ‘දාන’ හෙවත් යම් යම් වරප‍්‍රසාද පිරි නැමිය යුතුය.

දාන පිරිනැමීමේ දී ස්ථිරවම භේද හටගනී. දුර්වලතාවයන්ට වරප‍්‍රසාද ලබා දී එයින් ප‍්‍රයෝජන ගන්නා විට සමගි සම්පන්න බව පළුදු වී යයි.

සාමූහිකව සිතීමේ ගුණය දුරස් වී යයි. භේද භින්න වූ පසු ‘දණ්ඩ’ හෙවත් පහරදීම් පහසුය.

මෙමඟින් කෙරෙන්නේ සාමූහික කණ්ඩායම් බෙදා වෙන් කිරීමය. මෙම සිව් සංකල්පයන් රටක යහපැවැත්ම සඳහා නොව තනි පුද්ගලයකු ගේ හෝ, කුඩා කණ්ඩායම්වල අවශ්‍යතා සපුරා ගන්නට පමණක් අවකාශය සලසනු ඇත.

සාමය හා සමගිය ඇති කිරීමෙහි ලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මීට හාත්පසින්ම වෙනස් මාර්ගයකි.

එනම් සප්ත අපරිහානීය ධර්මවලට අනුව කටයුතු කළ යුතු බවයි.

සමගිව හමුවීම, සමගිව කතා කිරීම, සමගිව තීන්දු තීරණ ගැනීම, සමගිව විසිර යෑම වැනි කාරණා රාජ්‍ය පාලනයේ දී පමණක් නොව පවුල් ඒකකයේ ද සමගි සම්පන්න බව වර්ධනය කර ගැනීමට හේතු වේ.

මෙය බෞද්ධ අබෞද්ධ ඕනැම කෙනෙක් අවධාරණය යොමු කළ යුතු කරුණකි. එක් අවස්ථාවක වටු වැද්දාගෙන් ගැලවී යන්නට ඉතා කුඩා වටු කුරුල්ලන් හට හැකියාව ලැබිණි.

ඒ මහා දැල ඔසවාගෙන ඉගිලී යන්නට සාමූහිකව කි‍්‍රයාකළ නිසාය. ඔවුන් ගේ ජීවිත රැකුණේ් සමගි සම්පන්න වූ බැවිනි.

කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේදී දෙන්නකු තුන්දෙනකු ගිලිහී යනවා නම්, දුරස් වී තනිවම සිතනවා නම් එය සමස්ත කණ්ඩායමේම තීරණවලට විශාල බලපෑමක් වනු ඇත.

මේ නිසා ඔබට සමාජයේ සාමූහිකත්වය ඇවැසි නම් පළමුව කළ යුත්තේ තරහව, ඊර්ෂ්‍යාව වැනි මනෝභාවයන් උපරිම ලෙස පාලනය කර ගැනීමය.

දෙවැනුව ඉවසීම, ආදරය, ඇහුම්කන් දීම යන ගුණාංග පුරුදු පුහුණු කරගත යුතුය. එවිට සමගි සම්පන්න සමාජයක විසීමේ උපරිම තෘප්තිය ඔබට ලබාගත හැකිවනු ඇත.

කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරවාසී ගෞරව ශාස්ත‍්‍රවේදී මාවරලේ භද්දිය හිමි
සාකච්ඡා කළේ – රමණී සුබසිංහ