Monthly Archives: May 2015

සංසාරයේ ලැබූ බෙලි කැපුම් වලින් ගලාගිය රුධිරය සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි. බ…

සංසාරයේ ලැබූ බෙලි කැපුම් වලින් ගලාගිය රුධිරය සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි. බුදුරජාණන් වහන්සේ අපිව හරි මගට ගන්නවත් අතිශෝක්තියෙන් යමක් කියන පුද්ගලයෙක් නොවේ.
මේ මොහොතේ පටන් අප්‍රමාදීව මේ මර උගුලෙන් ගැලවෙන්නේට වෙර දරන්න.
ඒ සඳහා සුළු උපකාරයක් ->

දුතීය චේතනා සූත‍්‍රය : 12 කොටස ගාමිණී සූත‍්‍රයෙ හොඳට පෙන්නනවා ලැබෙන භෝගයන්ගෙ…

දුතීය චේතනා සූත‍්‍රය : 12 කොටස

ගාමිණී සූත‍්‍රයෙ හොඳට පෙන්නනවා ලැබෙන භෝගයන්ගෙ පමණ, ආදීනව දැනගෙන කොච්චර කළත් මේ ධර්මයන්ගෙන් ජීවිතේට ලැබෙන්නෙ මෙන්න මේ වගේ මට්ටමක් විතරයි. කවදාහරි දවසක මේ සියල්ල අතහැරිය යුතුයි කියලා, නිස්සරණ ආධ්‍යාශයෙන් පරිහරණය කරන්න කියනවා. ඒවගේ තමන් සතු භෝගයන් අනුන්ටත් සාධාරණයි කියන අදහසින් පරිහරණය කරන්න කියනවා. ධර්මයන්ගෙන් යුක්ත කෙනෙකුගෙ මනස පෙන්නනවා – දීමට සේ¥ අත් ඇතිව – තමන්ගෙ බත් පිඟානෙන් භාගයක් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔක්කොම නෙමෙයි, භාගයක් තමන්ට ඉතිරි කරගෙන. අන්න ඒ වගේ මට්ටමකට හැදෙන්න කියනවා.

අපි දැන් සමාදන් වෙන පංච ශීලයට, අෂ්ටාංග උපෝසථ ශීලයට මේ ටිකත් එකතු වුනාම පුදුමාකාර ගුණ යහපත් ජිවිතයක් ගොඩ නැගිලා තියේවි. තමන් ගැන විතරක් බලන, අවස්ථාවාදී ජීවිතයක් ගොනු වෙලා තියෙනවා නම් එහෙම වෙලා තියෙන්නෙ කොතනක හරි අඩුවක් තියෙන නිසයි. බණ දහම් අහන්න අහන්න රළු බව අඩුවෙන්න ඕන. එහෙම නොවෙනවා නම් අර ශීලයකින් හරි එකක් අල්ලාගෙන කඩාගෙන යන්න හදන ගතිය ඔය තියෙන්නෙ. ඒක කෙලේසයක්. ඒ ශීලයට මේ වටපිටාවත් එකතු වුනාම මෘදු අනතිමානි ගුණයක් ඇතිවෙලා තියේවි. කරණීය මෙත්ත සූත‍්‍රයෙ තියෙන්නෙ, යම් ශාන්ත පදයක් තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න කෙනා දක්ෂයෙක් වෙන්න ඕන, වඩාත් දක්ෂයෙක් වෙන්න ඕන, අනතිමානී වෙන්න ඕන කියලා ගුණ ටිකක් තියෙන්නෙ. ඔය ගුණ ටික එයාගෙ ජීවිතේට නිරායාසයෙන් ලැබෙනවා මෙන්න මේ පන්සිල් හරි අටසිල් හරි ගත්තහම, ඒ ප‍්‍රධාන ශීලය ප‍්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඒ ශීලය වටා අනිත් ධර්මතා ටිකත් ගොනුවුනහම. හොඳ ගුණ යහපත් මනුෂ්‍යයෙක් නිමාණය වෙලා තියේවි. දෙමව්පියො, සහෝදරයො, ඥාති, හිතෛෂීන් ගැන හිතන්න පුළුවන් මනුෂ්‍යයෙක් බිහිවෙලා. වටපිටාවෙ අනිත් අයගෙ දුක හදවතට දැනෙන ගුණ යහපත් පුද්ගලයෙක් ජීවත් වෙනවා. ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි, තමන් ගැන විතරක් බලන කෙනෙක් නෙමෙයි. එහෙම නැතිනම් දකින්න, කොතනක හරි අඩුයි අපේ ජීවිතය.

අපි එක තැනකින් ශීලය කියලා අල්ලගෙන ඇති. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෑහෙන්නෙ නෑ. මෙන්න මේ ගතිටික ජීවිතයට හේත්තු වුනහම, එයා සුදුසුයි හිත හදාගන්න, සමථ කමටහනක් වඩන්න. අර ශීලයට කියනවා සමාධි සංවත්තනික ශීලය. එයාගෙ ගුණය නිසා හිත කැළඹෙන, වෙහෙසෙන ටික අතහැරිලා. එයාගෙ ජීවිතය දිහා බැලූවොත් එයාගෙ හිතට සතුට එන විදියට අනුන්ගෙ වචනයක් ඇහුනත් එයාගෙ ජීවිතේ සතුට එන විදියටයි තියෙන්නෙ. ‘‘අපෝ භාවනා කළාට එයා මෙහෙමනේ” කියලා බනින මට්ටමක් ලෝකයාට පෙනිලත් නෑ.‘‘මං එහෙම කළේ නෑනේ” කියලා දුක එන මට්ටමක් තමන් ගාවත් නෑ. විපිළිසර නොවීම තමයි, මේ ශීලයේ ප‍්‍රධාන ලක්ෂණය.

චේතනා කරණීය සූත‍්‍රයෙ හොඳට පෙන්වනවා ඔය ගැන. ශීලය ඇති කෙනාට විපිළිසර නොවේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. විපිළිසර බව නැත්නම් මට ප‍්‍රමෝදය ඇතිවේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. ප‍්‍රමෝදය නැත්නම් මට පී‍්‍රතිය ඇතිවේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. පී‍්‍රතිය තියෙන කෙනාට පස්සද්ධිය ඇතිවේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. පස්සද්ධිය තියෙන කෙනාට සැපය ඇතිවේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. සැපය ඇති කෙනාට සමාධිය ඇතිවේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. සමාධිය ඇති කෙනාට ඇත්ත දකීවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. ඇත්ත දකින කෙනාට කලකිරේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. කලකිරෙන කෙනාට නොඇලේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. නොඇලෙන කෙනාට මිදේවා කියලා ප‍්‍රාර්ථනා ඕන නෑ. මිදෙනවා.

බුදුරජාණන් වහන්සේ විපිළිසර නොවන ශීලය කියන තැනකින් චේතෝ විමුක්තිය දක්වාම, අර්හත්වය දක්වාම මේ ශීලයට බැඳලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ අපි වගේ කඩාගෙන, එක තැනකින් අල්ලගෙන එක සිල්පදයක් කඩාගෙන, ඒ කැඩුන එකට බැන බැන යන මට්ටමක් නෙවෙයි කියන එක මතක තියාගන්න.

මේ ශීලයට තව එකතු වෙනවා ආචාර ගෝචර ධර්ම. ජීවිතේ රළු මටටම් අතහරින්න වෙනවා. නාන තොටුපොළකට ගියොත් වටපිටාව ශුද්ධ පවිත‍්‍ර කරලා මිසක එයා නාන්නෙ නෑ කියලා පෙන්නනවා. වල් පැල තියෙනවා නම් ඒවා ගලවලා ඉවත් කරනවා. එබඳුවූ මට සිලූටු ගුණයන් එකතුවෙලා තියෙන්න ඕන. එහෙම නැතුව ආත්මාර්ථකාමීව යන්න පුළුවන් ගමනක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න. ඕකට එකතුවෙන්න ඕන චාරිත‍්‍ර, වාරිත‍්‍ර ශීල, කටයුතු නොකටයුතු කියන ටිකකුත් තියෙන බව තේරුම් ගන්න.

මෙන්න මේ වගේ මටසිලූටු ජීවිතයක්, හාත්පස පරිපූණ ජීවිතයක් අනුන් ද උපවාද නොකරන, තමන් ද උපවාද නොකරන සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා දොස් නොකියන ශිලයක් හැදෙන්න ඕන.

පෝයදාට පද ටික කියලා සමාදන් වුනාට ඒ ශීලය හැදෙන්නෙ නෑ. පන්සිල් පද කැඩෙන්නෙ නැතුව රැුක්කා කියලා ඒ ශිලය හැදෙන්නෙ නෑ. අර මුලින් කියපු ධර්මතා හතරත් ගොනු වුනහමයි ඒ ශීලය හැදෙන්නෙ. ඒ ජීවිතය එයාටත් ලාභයක්, බුදු රජාණන් වහන්සේ වදාරනවා එබඳු ජිවිතයක් ගත කරන උපාසක කෙනෙක් උපාසක රත්නයක්. උපාසිකාවක් නම් උපාසිකා රත්නයක්.

දැන් ගැඹුරු දහම අහනවා. කඩාගෙන යන්න හදනවා, ජීවිතේ අනිත් වටපිටාව මුකුත් නෑ. ඒ නිසයි මම මේ ටික කියන්න අදහස් කළේ. මේ ශාසනය එහෙම පුළුවන් ශාසනයක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න. අත්තිවාරම ශක්තිමත් නම් හැදෙන ගොඩනැගිල්ල හොඳ තත්ත්වයේ තියෙයි. මෙබඳු ශීලයක පිහිටලා, මෙබඳු ගුණවතෙක් වෙලා, සත්පුරුෂයෙක් වෙලා, සත්පුරුෂයන් විසින් ප‍්‍රශංසා කරන ලද චරිතයක් ඇත්තෙක් වෙලා ඉන්න කෙනා සුදුසුයි හිත වඩන්න. හිත වඩන කොටත් සබ්බත්තික භාවනා සහ පාරිහාරිය භාවනා කියලා ආකාර දෙකක් තියෙනවා. වැඩි වෙලාවක් එක තැනක ඉන්නකොට චිත්ත සමථයක් ඇතිවෙන කමටහනකුත්, වැඩ කටයුතු කරන කොට නීවරණ ධර්ම දුරුවෙන විදියට හිත රැුකගෙන කටයුතු කරන්න තවත් කමටහනකුත් ඕන කරනවා.

ආනාපාන සතිය වගේ කමටහනක් අරගෙන සති නිමිත්තෙ හිත තබාගෙන සිහියෙන්ම ආශ්වාස කරනවා. සිහියෙන් ම ප‍්‍රාශ්වාස කරනවා. ආශ්වාස, ප‍්‍රාශ්වාස අනුව හිත ගෙනියන්නෙ නැහැ. හිත අහකට ගියොත් ආපහු ගන්නවා. එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් උපාය කරන්න පුළුවන් මටසිලූටු කමටහනක් තෝරා ගන්නවා. වෙනත් වැඩක් කරනකොට හිත රැුකගන්න අවශ්‍ය වෙනවා.

රූප, ශබ්ද ආදී අරමුණු ඇස් ඉදිරිපිටට එද්දි, අපිගාව තියෙන කෙලෙස් ධර්මයෝ නැගිටලා එන්න ඉඩ තියෙනවා. අපිගාව තියෙන කෙලෙස් ධර්මයෝ සිහිවෙලා රූප, ශබ්ද, ගන්ධ සොයාගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අතරට සම්බාධකයක් දාගන්න. මේ කෙලෙස් හුවමාරුව නතර කරන්න. ‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’ කියලා, නැත්නම් මේ කයේ කුණප ස්වභාවය සිහිකරන්න. නැත්නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, අරහං, එහෙමත් නැත්නම් ‘අනේ බුදුරජාණන් වහන්සේ අපි වගේ අසරණ සත්වයෝ මේ සසරින් එතෙර කරන්න මොන තරම් නම් වෙහෙසිලා තියෙනවද? අනන්ත සංසාරෙ පෙරුම් පිරුවෙ අපි මේ සසරින් එතෙර කරවන්න නේද ‘ කියලා තමන්ට ශ‍්‍රද්ධාව ඇතිවෙන විදියට හිතන්න. මේ හිතන එකෙන් මහා විශාල අර්ථයක් සිද්ධවෙනවා. කෙලෙස් හුවමාරු වෙන්නෙ නැහැ. ආධ්‍යාත්මික අරමුණු සිහිකරලා බාහිර අරමුණුවලට නීවරණ පතිත වෙන්නත්, අරමුණු ගැටෙන කොට තමන්ගෙ මනසෙ නීවරණ ඇතිවෙන්නත් තියෙන ඉඩ අවුරනවා තමන්ගෙ මනසෙ ඇතිකර ගන්නා යෝනිසෝ මනසිකාරයෙන්.

එහෙම කරනකොට එක තැනක ඉඳගෙන වැඩිවෙලාවක් භාවනා කරන එක අමාරු නෑ. එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් භාවනා කරනකොට වැඩ කටයුතු කරද්දි මනසිකාරය කරන එක අමාරු නෑ. ශීලයක පිහිටලා බොහෝ ම යහපත් උපාසක රත්නයක්, උපාසිකා රත්නයක් වෙලා, එයා එක තැනක හිටියත්, වැඩ කරමින් හිටියත් දහමකර්මයි ඉන්නෙ. කෙලෙස් ගනුදෙනුව විතරයි අතහරින්න ඕන. හොඳට මතක තියාගන්න. ඇහැ රූපෙට සංයෝජනවත් රූපෙ ඇහැට සංයෝජනවත් නෙමෙයි. කිසිම රූපෙකින් නරක දෙයක් අපිට හම්බ වෙලා නෑ. කිසිම රූපෙකින් හොඳ දෙයක් අපිට හම්බවෙලත් නෑ. හොඳ – නරක දෙක රූපෙ නෑ. ඇහැත් රූපයත් දෙන්නා එකට යා කරන තණ්හාවයි, මෙතන තියෙන බැම්ම. ඒ නිසා ඇහැ පරිහරණය කරන කොට මේ දහම සිහිපත් කරගත්තම, ඇහැ වෙන පැත්තක, රූපය වෙන පැත්තක තියෙන්නෙ. මේ දෙන්නා නිසා සංයෝජනය හට ගැනිලා නෑ.

කන ශබ්දයටවත් ශබ්දය කනටවත් සංයෝජනයක් නෙමෙයි. මෙ දෙන්නා නිසා ඇතිවෙන තෘෂ්ණාවයි, කෙලේසයයි බැම්ම. ඒ නිසා කුසල ආරම්මණයක් හැම වෙලේම මැදින් තියාගන්න. එහෙම තියාගෙන තමන් ජීවිතේ ජීවත් කරන්න. මේ අවබෝධය නැතුව කැලේකට ගිහිල්ලා ඉන්න කෙනෙකුට වඩා ගෙදර වැඩ කටයුතු කරමින් ඉන්න ඔබට නිවන් දකින්න පුළුවන් වේවි. – උපායයි ඕන වෙන්නෙ. පරිසරය නෙවෙයි. ඇඳුම නෙවෙයි. – ඒ බව නොදන්නකොට පරිසරය වෙනස් කරගෙන, ඇඳුම වෙනස් කරගෙන විශේෂණයකට පත්වෙන්න හදනවා අපි. ඒ හදන්නෙ අපි ගාව එහෙම විශේෂණයක් නැති නිසා.

හිත එක තැනක තියාගන්න අමාරු වෙන්නෙ හිතේ හිතේ කතා කරන ගතිය නිසයි. ඒ ගතිය අඩුවෙන්න චිත්ත සමථයක් ඇතිකරගන්න. ශිලයක පිහිටලා, චිත්ත සමථය ඇති කරගෙන, උපායේ දක්ෂ වෙන්න. ඕනම කෙනෙක් ගෙන් ඇහුවොත්, සිල්වතෙක් වෙන්නෙ මොකටද කියලා නිවන් දකින්න කියලා කියන්න. ආනාපාන සතිය, බුදුගුණ, අසුභය මරණය වඩන්නෙ ඇයි කියලා ඇහුවොත් නිවන් දකින්න කියලා කියන්න. තමන්ට අර්ථය තියෙනවා නම් මේ ඔක්කොම කරන්නෙ මේ කාරණාව සඳහාය කියලා අන්න ඒකයි නිවන් දකින්න කියලා කිවුවේ.

ඊට පස්සෙ විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කියලා කියන්නේ මේ කියන්නෙ පූවභාග ප‍්‍රතිපදාව – සාමාන්‍ය ලෝකයා සත්වයෙක් පුද්ගලයෙක් කියලා දකින තැනක ඊට වඩා විශේෂණයකින්, විශිෂ්ටව දැකිය යුතුයි. තමන් සහ අනුන් කියලා සත්ව පුද්ගල භාවයට හම්බවෙන අරමුණු වල නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා දකින්න. එතන දී ඔය පින්වතුන්ගෙ ජීවිතවලට වඩාත් ආදරය, සෙනෙහස ඇතිකළ, ඇතිකරන බාහිර වස්තු තියෙන්න පුළුවන්. ගේ දොර ඉඩකඩම් තියෙන්න පුළුවන්. ඒවා කෙරේ තියෙන තණ්හාව අතහරින්න හදන්න ඕන නැහැ. අපේ හිතේ බැ`දිලා තියෙන අරමුණක් අරමුණක් ගානෙ තණ්හාව නැති කරන්න ගියොත් මුහුදෙ මාළු අල්ලලා ඉවර කරන්න ගියා වගේ වෙයි. ඒක කරන්න බැරි දෙයක්. නමුත් සත්වපුද්ගල භාවයෙන් යුක්ත සවිඥානක වස්තුන්ගෙ තියෙන රළු තණ්හාව අයින් කරන්න කටයුතු කරන්න. අර දේවල්වලට තියෙන තණ්හාව ඉබේම අත හැරෙනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

දුතීය චේතනා සූත‍්‍රය

පරලොව සැප කැමති අය සතුන්ට හිංසා කිරීමෙන් වළකිති. ‘‘සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන…

පරලොව සැප කැමති අය සතුන්ට හිංසා කිරීමෙන් වළකිති.

‘‘සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන විහිංසති;
අත්තනො සුඛමෙසානො, පෙච්ච සො න ලභතෙ සුඛං.

‘‘සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන න හිංසති;
අත්තනො සුඛමෙසානො, පෙච්ච සො ලභතෙ සුඛ”න්ති. තතියං;

සුගතියේ උපදින සත්වයින් ඉතා ස්වල්පයයි, සත්වයින් සියල්ලන්ම වගේ ඉන්නේ දුගතියෙයි. මැ…

සුගතියේ උපදින සත්වයින් ඉතා ස්වල්පයයි, සත්වයින් සියල්ලන්ම වගේ ඉන්නේ දුගතියෙයි.
මැරෙන මනුෂ්‍යයින් අතරින් සුගතියේ නැවත උපදින්නේ නියපිට ඇති පස් ප්‍රමාණය තරම් ඉතා ස්වල්පයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ නිසායි. මේ අප්‍රමාදී වීමට කාලයයි.

මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එය නම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන් අතහැර…

මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එය නම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරිම, නොඇල්ම නම්වු විරාගය, නැවැත්ම නම්වු නිරෝධය, නිවීම නම්වු නිබ්බානය.