Monthly Archives: June 2015

කාමය : 3 මේ කාම සමුදය, කාම නිරෝධය කියන තැනින් අපිට හම්බවෙනවා කාමය හැදුනෙ කොහොමද…

කාමය : 3

මේ කාම සමුදය, කාම නිරෝධය කියන තැනින් අපිට හම්බවෙනවා කාමය හැදුනෙ කොහොමද කියන කාරණාව. එතකොට දැනට දකින්න ආර්ය විනයේ කාම ගුණයි කියන තැනක අපිට හම්බවෙනවා කාමය. මෙන්න මේක තමයි කාමය. කාමය කියන කොට ඔය පින්වතුන් දකින්න ඕන වස්තු කාම, ක්ලෙශ කාම කියන දෙක. ඒ වස්තු කාම ක්ලේශ කාම කියන දෙකෙන් දකින්න ඇහැ – රූප, කණ – ශබ්ද වගේ දෙවල් වස්තු කාමය. ඒ අරබයා ඇති තණ්හාව ස්නේහය ක්ලේශ කාමය, මෙන්න මේක තමයි ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියන කොට දකින්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ කාමය ගැන තව මෙහෙමත් දකින්න ඕන. මට ටිකක් මතක මදි. නමුත් ක‍්‍රම කීපයක් තියෙනවා. ක‍්‍රම එකොළහක් බුදු රජාණන් වහන්සෙ දේශනා කරනවා මේ කාමය ගැන දකින්න කියලා. මේ වස්තු කාමය ක්ලේශ කාමය නිකම්ම එකක් නෙමෙයි මෙන්න මෙහෙම එකක් කියලත් දකින්න ඕන. කොහොමද?

අංගාරකාසුපමා කාමා – කාමය කියන්නෙ ගිනි අඟුරු වලක් වගෙයි. කියලා දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ? සැප කැමති. දුක අකමැති, දුක පිළිකුල් කරන යම්කිසි පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයගෙ කැමැත්ත මොකක් ද? සැප කැමතියි. දුක අකමැතියි. දුක පිළිකුල් කරනවා. සැපයි ප‍්‍රාර්ථනා කරන්නෙ. මෙන්න මෙහෙම පුරුෂයෙක් ඉන්නවා විශාල ගිනි අඟුරු වළක් තියෙනවා ගිනිදැල් නෑ. නමුත් හාත්පස දිලිසෙන විශාල ගිනි අඟුරු වළක් තියෙනවා. බලවත් පුරුෂයො දෙන්නෙක් ඇවිල්ලා අර පුරුෂයගෙ අත් දෙකෙන් අල්ලගන්නවා බාහු දෙකෙන්. කොයි පුරුෂයගෙද? සැප කැමති, ජීවත්වෙනු කැමති, දුක පිළිකුල් කරන පුරුෂයාගෙ. අත් දෙකෙන්ම

අල්ලගෙන මේ ගිනි අඟුරු වළට ඇදගෙන එනවා. ගිනි අඟුරු වළට දාන්න ඇදගෙන එන මේ පුරුෂයාව අඩියක් අඩියක් ගානෙ ගිනි අඟුරු වලට කිට්ටු වෙනවා කියන්නෙ තමන්ගෙ බලාපොරොත්තුවම අත හැරෙනවා. මොකක්ද බලාපොරොත්තුව සැප කැමතියි. ජීවත් වෙන්න කැමතියි. දුක අකමැතියි. ලැබෙන්නෙම මොකක් ද මෙයාට. දුක ලැබෙනවා සැපම නැතිවෙනවා. ජීවත්වීමේ කැමැත්තම නොලැබෙනවා. එබ`දු වූ පුරුෂයෙක් ගිනි අඟුරු වලකට දැම්මොත්, ගිනි අඟුරු වළ නිසා හාත්පස දැවෙනවා නම් මරණය හෝ මරණය සමාන දුකට පත් වෙනවා නම් ඒ හේතුවෙන් මේ පුද්ගලයාගෙ ප‍්‍රාර්ථනාවම කැමැත්තම අතහැරෙනවා නම් මේ කාමය කියන එක එබ`දු විදියකට දකින්න කියනවා.

ආර්ය විනයෙ කාම ගුණ වෙච්ච තැනක, අපි කාමය නිර්මාණය කරගෙන ඉන්නවා. අද අපි හිතාගෙන ඉන්නෙ මේ කාමය කියන එක ඒ කියන්නෙ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම් කියලා මේ අපි සැප වි`දිනවා. අපි මේ සතුටු වෙනවා. අපිට පිහිටක් පිළිසරණක් ඇතුව ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නෙ. ගෙවල් දොරවල්, යාන වාහන මේවා ගොඩක් අපි වටේ ළංකර ගත්තහම, අපිට සාමාන්‍යයෙන් කෙලෙසුන්ගෙන් ගැවසීගත් අපේ මනසට හිතෙන්නෙ අපි පිහිටක් ඇතුව ඉන්නවා. සරණක් ඇතුව ඉන්නවා දුකෙන් මිදෙන ක‍්‍රමේක ඉන්නවා කියලා. නෑ. අපි කවුරුවත් එහෙම වටකරගත්තා කියලාවත් වට කර නොගත්තත් කාමය තුළ ඉන්න කෙනා පිහිටක්, සරණක් ඇතුව ඉන්නවා එහෙම නෙවෙයි. ඒකට පෙන්නනවා අංගාරකාසුපමා කාමා. කාමය ගිනි අඟුරු වළක් වගෙයි. මේ ලෝකෙ සත්වයා සැප කැමතියි. ජීවත්වනු කැමතියි. දුක පිළිකුල් කරනවා. එබ`දු ලෝකයාට දවසින් දවස සැප තමන් කෙරෙන් අයින් වෙනවා නම්, දුක තමන් කෙරේ ළං වෙනවා නම්, ජීවත් වීමේ බලාපොරොත්තුව මොහොතින් මොහොත අත අරවනවා නම්, ඒ ටික ඔක්කොම කරනවා කියනවා මේ කාමය. මේ කාමයෙන්, කාම රාගයෙන් මඩනාලද සිතින් යුක්ත කෙනා, මෙලොවම කාම රාගය නිසා නොයෙක් දුක් දොම්නස් වලට පත් වෙනවා. සංසාරික වශයෙන් ද සතර අපාය ආදි දුක්වලට පත්වෙන්න තියෙන අකුසල ධර්ම කෙරිලා, ඒ අකුසල ධර්මයන්ට පත්වෙනවා, පත් කරනවා සැප කැමති වුනාට දුකම ලබා දෙන ධර්මයක් නිසා කාමය දකින්න කියනවා මොකක්ද අංගාරකාසුපමා කාමා.

ඊට පස්සෙ අට්ඨික`ඞඛලූපමා කාමා. කාමය ඇටසැකිල්ලක් වගේ දකින්න කියනවා මොකක්ද? මස් නැති ලේ තැවරුන ඇට කෑල්ලක්, සතෙක් මරන තැනක ඇට කෑල්ලක් සුනඛයෙකුට වගේ විසි කළොත්, ඒ සතා මොකද කරන්නෙ ලේ තැවරුන මේ ඇට කෑල්ල ලෙවකනවා. ලෙව කෑවට බඩ එහෙම පිරෙන්නෙ නෑ. ඊට පස්සෙ මේ ඇට කූර හපනවා. හපනකොට, හපනකොට, හපනකොට මොකද වෙන්නෙ. තමන්ගෙ කට තුවාල වෙලා ඒ ඇට කෑල්ලෙ ලේ ගෑවෙනවා. තමන්ගෙ කට තුවාල වෙලා ලේ රහ දැනෙනවා. ඒ සතා හිතනවා කියන්නෙ මේ ඇට කූරෙ තියෙන රහ තමයි දැනෙන්නෙ කියලා තව හපනවලූ. දැන් අලි කටු කන්නෙ. අලියා ඔය අන්දර කටු වගේ කටු ජාති කන්න හරි කැමතියි. හරි ආසයි. ඇයි ඒ? ඒ කටු කනකොට කටේ ඇනිලා ලේ එනවා. ලේ එනකොට ඒ ලේත් එක්ක තව හපනවා දැන් අලියා හිතන්නෙ මේ අන්දර කටු වලින් තමයි මේ රහ එන්නෙ කියලා. ඒ වගේ මේ ලෝකයා ද පෙන්නනවා මේ කාමය නිසා බඩපිරුන කෙනෙක් නෑ. කුස පිරුන කෙනෙක් නෑ. ඇති වෙච්ච කෙනෙක් නෑ. කාම සැපයෙන් සන්තර්පණය වෙච්ච පිරිච්ච කෙනෙක් ඉන්නවද බලන්න කවුරුවත් නෑ.

අලියා අර ලේ රහ දැනෙන්න දැනෙන්න තවත් හපනවා වගේ අපි හිතාගෙන ඉන්නවා දරු මල්ලො, ගෙවල් දොරවල්, මිල මුදල් ඔන්න මේවා එකතු කරනවා. එකතු කරන කොට මේවා එකතු කළානෙ කියලා මනෝ සම්ඵස්සයෙන් උපදින සැපයක් අපි වි`දිනවා. ඒක මනෝ සම්ඵස්සයෙන් උපදින සැපේ. අපි හිතපු නිසා උපදින සැපයක්. අපි හිතනවා මේ වස්තූන් එකතු කරපු නිසා සැප එනවා කියලා. ආයෙත් එකතු කරනවා. ආයෙත් මට රත්තරං ගොඩක් තියෙනවනේ කියලා හිතනවා. හිතපු නිසා අපිට සෝමනස්සයක් එනවා. දැන් මේ හිතපු නිසා අපිට සැපයක් එන්නෙ. හිතන්නෙ මේ එකතු කරපු නිසයි මේ සැපය එන්නෙ. මට දරු මල්ලො, ගෙවල් දොරවල් තියෙනවනේ කියලා අපි හිතනවා. මනෝමයෙන් සිහි කරනවා. සිහි කරපු නිසා ඒ මනෝ ස්පර්ශය නිසා අපිට යම් සොම්නසක් එනවා. අපි හිතනවා මේවා එකතු කරපු නිසයි. ආයෙත් එකතු කරනවා. එහෙම කරන්නේ නැද්ද අපි? අර සතා ටිකක් හපනකොට කටේ ඇනෙනවා කටු. ලේ එනවා ඒ තමන්ගෙම ලේ රහ තමන්ට දැනෙනවා. හිතන්නෙ කොහොමද? එයාගෙ සංඥාව එන්නෙ කොහොමද? බාහිර කටු වලින් තමයි මේ රහ එන්නෙ. ඒ වගේ ගෙවල් දොරවල්, යාන වාහන ඉඩ කඩම්, මිල මුදල් එකතු කරනවා. මට

දැන් මෙහෙම දේවල් තියෙනවනෙ කියලා හිතින් සිහි කරනවා. හිතින් සිහි කරපු නිසා සෝමනස්සයක් එනවා. දැන් බැරිවෙලා හිතින් සිහි නොකළොත් ඕගොල්ලන්ට මේවා කොච්චර ගොඩ ගැහුවත් සැපක් එනවද? නෑ. හිතින් සිහි කරපු නිසා, චිත්ත ස්පර්ශය නිසා සැපක් එනවා. ආයෙත් හිතනවා මොකෙන්ද එන්නෙ. මේවා එකතු කරපු නිසා කියලා ආයෙත් එකතු කරනවා.

ඊට පස්සෙ බාහිර වස්තූන් කයට ගැටීම නිසා, කාය ස්පර්ශය නිසා සැපක් එනවා. ආපහු හිතනවා මොකක්ද? මේ සැපය එන්නෙ බාහිර වස්තු නිසා කියලා ආයෙත් ඒකට අතදානවා. අර මං කියන්නෙ ඉස්සරහ පිඟානක අපිට හොඳට ලස්සණට අයිසිං කරලා හොඳ කේක් කෑල්ලක් තියෙනවා. දැන් කෑල්ලක් කඩලා කනවා. කටේදි කෙළත් එක්ක මිශ‍්‍ර වෙලා වමනෙ ගොඩක් වෙලා හපනවා. හපනකොට වමනෙ ටික හැපීම නිසා සැපයක් එනවා. ආයෙ පෙන්නනවා මොකක්ද මේ කේක් කෑල්ල නිසයි සැපය. ආයෙත් අතදානවා. දැන් මේ සැපය ආවෙ කේක් කෑල්ල හින්දද? නෑ මොකක් හින්දද? වමනෙ ගොඩ නිසා. දැන් බැරිවෙලා ඕගොල්ලො හරි රහයි කියලා වි`දින ඒ කටේ තියෙන ටික අතට ගන්නකො. අතට ගත්තොත් පිඟානෙ තියෙන ටිකවත් කයිද? කකා ඉන්න කෙනෙක් ඒ ළඟම ඉන්න කෙනෙක් කටේ තියෙන ටික බිමට දැම්මොත්, වමනෙ දැම්මොත් පලාතෙ ඉන්නවද? ඔන්න ඔහොම තැනකින් දැන් සැප වි`දින්නෙ. අලියා කටු ඇනිලා දැන් ලේ රහ එන්නෙ උගේම ස්පර්ශයෙන්. නමුත් එයාගෙ සංඥාව යන්නෙ කොහේට ද? කටු ටිකට. ඒ වගේ දැන් කේක් කෑල්ල හපනකොට තමයි එන්නෙ මොකක්ද? රසය. නමුත් අපේ සංඥාව යන්නෙ මොකේටද? පිඟානෙ තියෙන එකට. දැන් කේක් කෑල්ලෙන් ද මේ රසය වි`දින්නෙ. වමනෙ ටිකෙන්ද? වමනෙ ටිකෙන් රස විඳ විඳ කේක් කෑල්ල කියලා හිතනවා. අර අලියා කරපු දේම නෙමෙයිද කරන්නෙ. අර ඇට කූර ලෙවකාපු බල්ලා කරපු දේම නෙමෙයිද? කරන්නෙ. මුළු කාමයම ඔය වගේ නෙමෙයිද?

දැන් පි‍්‍රය මනාප ලස්සන කෙනෙක් හෝ දෙයක් හෝ අල්ලනවා කියන්නකො. කාය ස්පර්ශය නිසා පොට්ඨබ්බය නිසා අපිට බාහිර අරමුණු කයට ගැටීම නිසා සැපක් වි`දිනවා. අපි අරමුණු කරන්නේ මේ ඇහැට පේන දේ තමයි හැපෙන්නෙ කියලා. වෙන්නෙ වෙන එකක් හිතා ගන්නෙ වෙන එකක්. දැන් දිවට ගැටෙන්නෙ වෙන එකක්. පේන කේක්

කෑල්ල වෙන එකක්. නමුත් හිතාගන්නෙ වෙන එකක්නේ අපි. ඒ වගේ. ඔන්න ඔය වගේ අර්ථයෙන් මේ කාමය කියන එක කිසිම වෙලාවක කුසගින්න හැදුන සුනඛයෙක් ඇට කූරක් ලෙව කෑවා කියලා කවදාවත් බඩ පිරෙන්නෙ නෑ කියනවා ඒ වගේ කාම පිපාසයෙන් යුක්ත කෙනාට ඇති තරම් රූප පෙන්නන්න. පිරෙන දවසක් නෑ. ඇති තරම් ශබ්ද අහන්න. පිරෙන දවසක් නෑ. පුළුවන් තරම් ගඳ සුවඳ ආඝ‍්‍රාණය කරන්න. පිරෙන දවසක් නෑ. රස වි`දින්න එක එක විදියට හිත කියන කියන විදියට රස කෑම හදලා කන්න ඇති දැන් නේ. ඇතිවෙලාද? ම්හු. පිරුනෙ නෑ. කයට හිත කියන කියන විදියෙ කාය ස්පර්ශ දෙන්න. පිරුන දවසක් නෑ. පිරෙන දවසක් නෑ. ඒ නිසා අට්ඨික`ඞඛලූපමා කාමා. කාමය කියන්නෙ කවදාවත්ම තෘප්තියකට පත්වෙන්න බැරි, පත්කරවන්නෙ නැති දෙයක්, ඒකම ඒකෙ ආදීනවයක් නෙවෙයිද? ඒකම ඒකෙ වෙහෙසක් නෙමෙයිද? පුරවන්න බැරි දෙයක් පුරවන්න කියලා හදන මේ ගතියම. කාමය කියන එක මෙන්න මෙබ`දු ආදීනවයකින් යුක්තයි කියලත් දකින්න, වස්තු කාම, ක්ලේශ කාම කියලා නිකම් දකින්න එපා. අපි වි`දින කාමය දකින්න. මොකක්ද? අට්ටික`ඞඛලූපමා කාමා, කාමය කියන එක ඇටසැකිල්ලක් වගෙයි.

මාංසපෙසුපමා කාමා, කාමය කියන එක මස් වැදැල්ලක් වගෙයි කියනවා. මස් කුට්ටියක් අරගෙන මස් කපන තැනක මනුස්සයෙක් මස් ටිකක් කපලා පැත්තකින් තියලා යනකොට උකුස්සෙක් ඇවිල්ලා මස් කැටියක් ගහගෙන යනවා. දැන් මස් කැටිය කටේ තියෙන කොට මොකද කරන්නෙ අනික් උකුස්සො ඔක්කොම කොටනවා කියනවා ඒ උකුස්සට. මස් කැටිය තියෙන තාක්ම බේරෙන්න බෑ. බැරිවෙලා ඌ ඒක අතහරිනවා. එතකොට තව එකෙක් ගත්තොත්. ගත්ත එකාට කොටනවා. මේ කාමය කියන එක දකින්න කියනවා මාංසපේසි උපමාවෙන්. කාමය ගත්ත කෙනා හරියට, කාමය අල්ලාගත්ත කෙනා මොකද වෙන්නෙ අපි කියමු ඔන්න ඉඩකඩම්, ලොකු විශාල වත්තක්
තියෙනවා. ඒක ගත්තා. දැන් ඒ වත්ත නිසා ඒකෙ හරියට වැඩ කරන්නෙ නෑ. හරියට ඵලදාවක් නෑ. නොයෙක් දේවල් ගැන දුක් දොම්නස් ඔන්න එයාව පන්නගෙන එනවා. පි‍්‍රය විප්පයෝග දුක්ඛ, අපි‍්‍රය සම්පයෝග දුක්ඛ. නොයෙක් දේවල්. බැරිවෙලා අයියෝ මේක කරදරයි කියලා කාට හරි විකුණලා දැම්මොත්,දැන් එයා නිදහස් වෙනවා. අර දුක් ටික ඔක්කොම එයා පන්නාගෙන එනවා. ඒක කාට හරි විකුණලා දැම්මොත් දැන් ඒ දුක් ටිකෙන් එයා මිදෙනවා. අනික් කෙනා අහුවෙනවා.

ඒ විතරක් නෙමෙයි ඒ වත්ත නිසා මෙලොව විතරක් නෙමෙයි පරලොව වශයෙන් ද වෙන අකුසල කම_. සේවකයො හරියට වැඩ කරන්නෙ නෑ. බනින්න වෙනවා. නින්දා කරන්න වෙනවා. අපහාස කරන්න වෙනවා. ඒකට හතුරුකම් කරන කෙනාට ලෝකෙ ඉතින් ඔක්කොම මෛති‍්‍රයෙන් ම කරන්න බෑනෙ. පුළුවන්, දහමක් තියෙන කෙනාට. නමුත් ලෝකෙ කාමෙන් පිරිච්ච කෙනා එහෙම කරන්නෙ නෑ. ඒකට එකට එක කරන්න හදනවා. ඔන්න සම්පරායික වශයෙන් අකුසල්, මෙලොව වශයෙන් උපක‍්‍රම කරන්න වෙනවා. ඉතින් ඒ මස් කෑල්ල අත නොහැර තිබුනොත් මොකද වෙන්නෙ. මෙලොව පරලොව වශයෙන් දුක් වි`දින්න තියෙන හේතු ටික එයා අනුවම ලූහු බ`දිනවා. බැරිවෙලා එයා ඒක අත හැරියොත් විකුණලා දැම්මා කියන්නකො වෙන කෙනෙක් ගත්තොත්. දැන් මොකද වෙන්නෙ. ගත්ත කෙනාට මෙලොව පරලොව වශයෙන් දෙකෙන්ම දුක් වි`දින්න තියෙන හේතු ටික එයාව පන්නගෙන එනවා. ඒ වගේමයි අපි දරුවො කියලා හිතාගෙන ඉන්න තැනත්, ගෙවල් දොරවල් කියලා හිතාගෙන ඉන්න එකත් මමයි කියලා හිතාගෙන ඉන්න තැනත්, මේ ඔක්කොගෙම එහෙමයි.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

කාමය

කෙලෙස් යුද්ධය මෙලොව ඇති බිහිසුනුම යුද්ධයයි. අපි හැමදාම මේ යුද්ධයෙන් පැරදිලා ඉන්න…

කෙලෙස් යුද්ධය මෙලොව ඇති බිහිසුනුම යුද්ධයයි. අපි හැමදාම මේ යුද්ධයෙන් පැරදිලා ඉන්නේ. ඒ මහා වීරවරුන් විතරයි යුද්ධය ජය ගන්නේ…

රාගයට ඇලී ගිය තැනැත්තා සැම විටම අරමුණ සුභ වශයෙන් දකියි. මල කුණක් කෙරෙහි වුවද රාග…

රාගයට ඇලී ගිය තැනැත්තා සැම විටම අරමුණ සුභ වශයෙන් දකියි. මල කුණක් කෙරෙහි වුවද රාගය ඇතිවිය හැකිය. රාගය තුනී කිරීමට අසුභ සංඥාව වැඩිය යුතුය.

උපාසකයෙකු පරිහානියට පත් වීමට හේතුවන කරුණු (එම සූත්‍ර වලම තවත් පරිවර්තනයක් පහතින්…

උපාසකයෙකු පරිහානියට පත් වීමට හේතුවන කරුණු
(එම සූත්‍ර වලම තවත් පරිවර්තනයක් පහතින් දැක්වේ. බලන්න සූත්‍ර පරිවර්තනයෙදී කොතරම් වෙනසක් වෙලා තියනවද කියලා)

කාමය : 2 බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නෙ යම් කිසි ගහක් කැපුවත් ගහේ මුල දැඩිව හො…

කාමය : 2

බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නෙ යම් කිසි ගහක් කැපුවත් ගහේ මුල දැඩිව හොඳට තියෙනවා නම් ඒ ගහ නැවත දළු දානවා වගේ ‘ඒවං තණ්හා අනුසයෙ අනුහතේ නිබ්බන්තතී දුක්ඛ මිදං පුනප්පුනං’ මේ තණ්හා අනුසය නැති නොකළොත් මේ දුක නැවන නැවත උපදිනවා කියලා. ඒ විදියට දුක නැවත නැවත නූපදින්ට නම් ක්ලේශ කාම වස්තු කාම කියන දෙකම අපිට සමුච්ෙඡ්ද වශයෙන් නැතිවෙන්ට ඕනෙ. එතකොට අපිට පුළුවන් මේ වස්තුකාම ක්ලේශ කාම කියන දෙකෙන් මිදෙන්න නුවණින්. ඒකෙ ස්වභාවය තේරුම් කරගත්තහම. එතකොට අපි බලාගන්න ඕන ඉස්සරවෙලාම වස්තුකාම කිවුවෙ ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිල මුදල්, ¥ දරුවො කියලා අපිට හම්බවෙන මේ දේවල් වස්තු කාම. තව පැත්තකින් ගත්තහම, නිෂ්පරියායකින් ගත්තහම ඇහැ, රූප, කණ, ශබ්ද, නාසය, ගන්ධ, දිව, රස, කය, කයට ගැටෙන පොට්ඨබ්බ කියන මෙන්න මේ දස ආයතනය රූප දහයම අපිට හම්බ වෙන්නෙ කොහොම ද වස්තු කාමය හැටියට. ඒ අරබයා ඇති ක්ලේශයට කියනවා මොකක් ද ක්ලේශ කාමය කියලා. එතකොට මේ වස්තු කාම, ක්ලේශ කාම කියන ධර්මතා දෙක අපිට කාමය වුනාට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

‘සංකප්ප රාගො පුරිසස්ස කාමො නෙතෙ කාමා යානි චිත‍්‍රානි ලොකෙ සංකප්ප රාගො පුරිසස්ස කාමො තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡුන්දන්ති’ කියලා

අපිට මේ කාමය කියන එක, අද කාමය වෙච්ච දේ. හොඳට බලන්න බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘සංකප්ප රාගො පුරිසස්ස කාමො – නෙතෙ කාමා යානි චිත‍්‍රානි ලොකෙ’ මේ පුරුෂයාගේ සංකප්ප රාගො පුරිසස්ස කාමො – කාමය කියලා කියන්නෙ සංකප්ප රාගො සංකල්පනාවයි රාගයයි දෙකලූ පුරුෂයාගේ කාමය. ‘නෙතෙ කාමා යානි චිත‍්‍රානි ලොකෙ’ මේ ලෝකයේ තියෙන චිත‍්‍ර කාමය නෙමෙයිලූ. අපිට ඇහැට පෙනෙන, කණට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන අද අපිට කාමය වෙච්ච දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේවා කාමය වුනේ පුරුෂයාගෙ කල්පනාව නිසයි. පුරුෂයාගෙ, ඒ ඒ පුද්ගලයාගෙ රාගය නිසයි මේවා එයාට කාමය වුනේ. නමුත් මේවා කාමය නෙමෙයි. මේවා ලෝකෙ හුදු චිත‍්‍ර විතරයි. ලෝකෙ පවතින යථා ස්වභාවය විතරයි. ‘සංකප්ප රාගො පුරිසස්ස කාමො’ ආපහු පෙන්නනවා. සංකල්පයයි රාගයයි දෙකයි පුරුෂයගෙ කාමය. ‘තිට්ඨන්ති චිත‍්‍රානි තථෙව ලොකෙ’ මේ ලෝකෙ චිත‍්‍ර එහෙම තියෙනවා. ලෝකෙ චිත‍්‍රවල නෑ, අපි උපදවාගෙන ඇසුරු කරන කාමය කියලා එකක්.

‘අථෙත්ථ ධීරා විනයන්ති ඡුන්දන්ති’ නමුත් ධීරයන් වහන්සේලා පණ්ඩිතයන් වහන්සේලා මෙන්න මෙහි ඡුන්දය දුරු කරනවා. අපි මෙන්න මේ ටික පොඞ්ඩක් බලමු. දැන් අපි දැක්කා. ක්ලේශ කාමය කියන එක අපිට ඇතිවුනේ වස්තු කාමය හම්බ වෙච්ච නිසානෙ නේද? ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, ¥ දරුවො කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කාමනීය වස්තු අපිට හම්බවුන කාම වස්තු තිබුන නිසයි තණ්හාව. ක්ලේශ කාමය පැවතුනේ. අපිට කාමය හැටියට හම්බවෙන තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘නේතෙ භික්ඛවෙ කාමා අරියස්ස විනයෙ කාමගුණා’ මේවා ආර්ය විනයේ කාම ගුණයි කාමෙ නෙමෙයි කියලා. ඔන්න ඔය ටික හොඳට බලන්න ඕනෙ ආර්ය විනයටයි මේවා කාම ගුණ කියලා කිවුවෙ.

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාටයි මේවා කාම ගුණ හැටියට පෙනෙන්නෙ. අපිට ඒවා කාමය. දැන් මෙතන තියෙනවා ප‍්‍රශ්ණයක්. අපිට කාමෙ වෙන්ටත් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට මේවා කාම ගුණ වෙන්ටත් හේතුව මොකක් ද?

මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තහම, අපිට කාමය බුදු පසේ බුදු , මහ රහතන් වහන්සේලා කියනවා මේවා කාමගුණ, කාමය නෙමෙයි, කාමය ඇති කරගන්නට, හිතෛෂි දේවල්. ඊට පස්සෙ තව තැනකින් කියනවා පුරුෂයාගෙ සංකප්ප රාගය, සංකල්පනාවයි ඇලීමයි කාමය. මේවා නිකම් චිත‍්‍ර විතරයි කියලා. ඇහැට පේන දේ සම්පූණ_ කාමය වුනොත් රහතන් වහන්සේලාට කාමයෙන් මිදිලා ඉන්න පුළුවන් වෙයි ද? බෑ. එහෙනම් රහතන් වහන්සේලාත් කාමය ඇසුරු කරනවා නම්, මේ ලෝකයාත් කාමය ඇසුරු කරනවා නම්, රහතන් වහන්සේලා කාමයෙන් මිදිලා නෙක්ඛම්ම සුඛයක් වි`දිනවා කියලා කියන්න පුළුවන් ද? බෑ. එතකොට මෙතන තියෙන ධර්මතාවය අපි ටිකක් විමසලා බලන්නට ඕනෙ. එහෙනම් කොහොමද මේ කාමය අපිට හැදුනෙ, කියන එක. අපි කාමය කියන එක හදාගෙන, කාම ලෝකය කියන එක උපදවාගෙනයි. අපි පරිහරණය කරන්නෙ. නමුත් අපි ඒක දන්නෙ නෑ. අපි හිතන්නෙ අපිට තණ්හාව ඇතිවෙන්න තියෙන වස්තූන් තියෙන නිසයි අපි මේ කැමැත්තෙන් ඉන්නෙ කියලයි. යම් වෙලාවක අපි අපේ කෙලේසය නිසයි දුක් වි`දින්නෙ කියන එක අපිට තේරෙනවා මේ කාමය කියන එක හැදෙන හැටි, අපිට කාමය වෙච්ච හැටි ටිකක් තේරුම් කරගන්න පුළුවන් වුනොත්. එතකොට කාමය කියන තැන දී පින්වතුනි, බුදු රජාණන් වහන්සේ පෙන්නුවෙ මොකක් ද? මේ චිත‍්‍ර, චිත‍්‍ර කියලා කිවුවෙ ඇහැට පෙනෙන මට්ටම. කණට ඇහෙන මට්ටම. මේවා කාමගුණ කියලා. කොහොම ද කාම ගුණය කාමයක් වුනේ. සංකල්පයෙන්, රාගයෙන් කියනවා. ඇහැට පේන දේට අනුව අපි හිතනකොට අපි හිතන විදියේ දෙයක් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නෙ. අන්න එතකොට අපි හිතන්නේ ලෝකේ යථා ස්වභාවය දකින, දැකපු මනසකින් නෙමෙයි අපි හිතන්නේ අපේ මනස තුල කාම ලෝකය නිර්මාණය වෙන විදියටයි අපි හිතන්නෙ. කන බොන ආහාරයෙන් හැදුන, හම්, මස්, ලේ, නහරින් හැදුන රූපයක් තියෙන තැනක අපිට නිමිත්තක් පහළ වෙනවා හිතට. ඒකට අපි මනුෂ්‍යයෙක් කියලා හිතුවහම අපි දැනගන්නෙ කොහොම ද? මේ පේන රූපය මනුෂ්‍යයෙක් කියලයි

අපි දැනගන්නෙ. එතකොට දැන් මනුෂ්‍යයා උපදලා තියෙන්නෙ කන බොන ආහාරයෙන් ද අපේ මනසින් ද. අපේ මනසින් නේ ද? ඒ වගේ මේ සතර මහා ධාතුව තියෙන තැනක අපේ හිතේ පහළ වෙන නිමිති වලටයි අපි ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් කියලා හිතන්නෙ, එහෙම හිතුවහම අපිට, අපේ මනසට සම්පූර්ණ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් වලින් යුක්ත වූ ලෝකයක් හම්බ වෙනවා. මේ කල්පනාව නිසා හෝ ඒ කියන්නෙ පෙනෙන දේට අනුව අපි කල්පනා කළොත් ඔන්න කාමය උපදිනවා. තව පැත්තකින් ගත්තහම ඒක තමයි සංකප්පය. රාගය කියලා කියන්නෙ පෙනෙන දේට කල්පනා කරන්න ඕන නෑ. පෙනෙන දේට අනුව හිත නැමිලා පවතින බවම, ඉදිරියෙන් තියෙන දේ මෙහෙම බලනවා කියන්නකො. මේ තමයි රාගය, පෙනෙන දේ ඇලිලා, ශබ්දයක් අහන බවම ශබ්ද රාගය, රූප බලන බවම රූප රාගය, ගඳ සුවඳ ආඝ‍්‍රාණය කරන බවම ගන්ධ රාගය, රස වි`දින බවම රසය පිළිබඳ ඇති රාගය. කයට ස්පර්ශය අනුව හිත නැමී පවතින බවම පොට්ඨබ්බ රාගය, මෙන්න මේ කාමය නිර්මාණය වෙලා තියෙනවා. අපිට කාම වස්තු හැදිලා තියෙන්නෙ, අපි ඉස්සරහට තව ටිකක් බලමු. අපිට අද කාමය හැදිලා තියෙන්නෙ ඇහැට පෙනෙන, කණට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට දැනෙන ඒ අරමුණු අරබයා හිතන බව සහ ඊට නැමී පවතින මනස නිසයි, කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අපි අද හිතාගෙන ඉන්නවා රුප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බ කාමය තමයි කියලා. බාහිරින් කාම වස්තු තියෙනවා කියලා. එහෙම තියෙන ඒවටයි අපි තණ්හා කරන්නෙ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ලෝකෙ චිත‍්‍ර මිසක කාමෙ නෙවෙයි. ඇහැට, කණට, නාසයට, දිවට, ශරීරයට, යම් අරමුණු ගැටෙන කොට, අරමුණු හම්බ වෙන කොට ඒ අරමුණු අරබයා අපේ මනසින් කරන කල්පනාව සහ අපේ මනස ඊට ඇලිලා පවතින ස්වභාවය මතයි කාමය කියන එක නිර්මාණය වෙන්නේ. කාමය කියන එක නිර්මාණය වෙලා තියෙන්නෙ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට ඔන්න කාමය කියන එක දකින්න ඕන වස්තු කාම ක්ලේශ කාම කියන ධර්මතා දෙකත්, වස්තු කාමය නිර්මාණය වෙච්ච නිසයි ක්ලේශ කාමය හැදුනෙ. ක්ලේශ කාමය හැදෙන්ට හේතු වෙච්ච වස්තු කාමය කියන එක හැදුනෙ කොහොමද සංකල්පයෙන්, අපේ රාගයෙන් කියන එකෙන්.

සංකල්පය රාගය කියන කොට අපි හිතන්නෙ ක්ලේශ කාමය කියලා. නෑ සංකප්ප, රාග කියන දෙකෙන් වස්තු කාමය හැදිලා වස්තු කාමයට ඇති කෙලේසයයි අපිට ක්ලේශ කාම වෙන්නෙ. කාමය නැති තැනක කෙලේසය පවතින්න පුළුවන් ද? බෑ. ඉස්සෙල්ලා කාමය හදාගන්න වෙනවනේ. කාමය තිබුනොත්නෙ කාමය කියන්නෙ මොකක් ද? පෙනෙන්න තියෙන දෙවල්. කැමති වෙන්න දේවල් තියෙන්න එපායැ. කැමති වෙන දේවල් හදාගන්නත් අපිට සංකල්පනාවයි රාගයයි උපකාරී වෙනවා. අපි ඒක තව ටිකක් ඉදිරියට යන කොට වෙන්නෙ කොහොම ද වුනේ කොහොමද කියන එක බලමු.

දෙන දෙයෙහි උපරිම ආනිශංස ලබන්නේකෙසේ ද? . එක කලක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන…

දෙන දෙයෙහි උපරිම ආනිශංස ලබන්නේකෙසේ ද?
.
එක කලක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරවරයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී දේවිය තම දෑතින්ම කපු කටා මසන ලද චීවර දෙකක් බුදුරජාණන් වහන්සේට පිළි ගැන්වීමට රැගෙන ආවාය. ඇයට මහානිශංස ලබාදෙනු වස් එම චීවර යුග්මය මහා සංඝයාට පුදන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙම කථා ප්‍රවෘත්තිය මෙන්ම පෞද්ගලික දාන 14 ක් හා සාංඝික දාන 7 ක් පිළිබඳව ද කරුණු ඇතුළත් සම්බුද්ධ දේශනාවකි. මජ්ඣිමනිකායන්තර්ගත දක්ඛිණවිභංග සූත්‍රය. උක්ත දානයන්ගේ ආනිශංස මෙන්ම දාන විසුද්ධි හතරක් පිළිබඳව ද මෙහි තවදුරටත් සඳහන් වේ. මෙම ධර්ම කාරණා මෙතැන් සිට පෙළ දහමට අනුව විමසා බලමු.
.
මහාප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම
.
ස්වාමිනි, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමීය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේ ය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෝතමි තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළෝ ය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින් වියන ලදී. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීවාය.

දෙවනුව ද, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හී මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනු යි. එහෙත්, තුන්වන වරටද මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළෝය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. තුන්වෙනුව ද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙසේ වදාළ සේක. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.
.
ආනන්ද හිමියන්ගේ ඉල්ලීම
.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා. ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමීය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය, අත් පා වැඩූ තැනැත්තීය. පෝෂණය කළ තැනැත්තීය. කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදු මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය.

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් සරණ කොට ගියෝ ය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී සතුන් මැරීමෙන් වැළකුණේ ය. සොරකම් කිරීමන් වැළකුනීය. කාමයන්ගෙන් වරදවා හැසිරීමෙන් වැළකුනීය. බොරු කීමෙන් වැළකුණාය. රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය.

ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. සංඝයා කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්ත වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූයෝ ය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති වූවෝය. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති වූවෝ ය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නා වූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට උපකාර ඇති සේකයැයි සැලකළ සේක.
.
බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය
.
ආනන්දය එය එසේය. යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රති උපකාර කළ නොහැක්කේ යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැගිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් සරණ යෑමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පස්පවින් වැළකීම
.
ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුණෝ වේද, සොරකම් කිරීමෙන් වැලකුණෝ වේද,, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණෝ වේද, බොරු කීමෙන් වැළකුණෝ වේද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කිරීමෙන් වැළකුණෝ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයාහට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියැයි කියමි. එනම් වැඳීමය, දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකරය, යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද පස්පවින් වැළකීමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය
.
ආනන්දය, යම් පුද්ගලයකුª නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්තවූයේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාහට මේ අතවැසිවු පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකි යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය. සායනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් කෙරෙහි ඇතිකළ (අචලප්‍රසාදයට) උපකාරයට මේ එකක්වත් සම කළ නොහැක)
.
සත්‍යාවබෝධය
.
ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා සත්‍යයෙහි සැක නැතිබවට පැමිණියේ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයා හට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකියැයි කියමි. (මේ සියල්ලින් උපකාර කළද සත්‍යාවබෝධය ඇතිකළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පුද්ගලික දාන දාහතරකි
.
ආනන්දය, පුද්ගලික දාන දාහතරක් වෙත්. එනම් ආර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමී පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි.

සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැර වූ කාමයන්හි පහ වූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දාහතරවන පුද්ගලික දානයයි.
.
පුද්ගලික දානයන්ගේ ආනිශංස
.
ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානයදී දහසක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘතග්ජන සීලවන්තයකු කෙරෙහි දානයක දී ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය. ශාසනයෙන් පිටත්හි වූ කාමයන්හි පහ වූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටි ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය.

සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තා වූ ප්‍රමාණයක් නැත්තා වූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේ ය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? සකෘදාගාමී පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නාහු කෙරෙහි කියනුම කවරේ ද? අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? තථාගත රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේ ද? පසේ බුදුන් කෙරෙහි කියනුම කවරේ ද? අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දුන් දනෙහි අනුසස් කියනුම කවරේ ද?
.
සංඝික දාන හතකි
.
ආනන්දය, සංඝික දාන සතක් වෙත්, ඒවා නම් මෙසේය. බුදුන් ප්‍රධාන භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සාංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි.

භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සාංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවන සංඝික දානයයි.

මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වන සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇත්තා වූ ලාමක ස්වභාව ඇත්තා වූ කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයැයි නොකියමි.
.
දාන විසුද්ධි හතරකි
.
ආනන්දය, මේ දාන විසුද්ධිහූ සතරක් වෙත්. ඒවා කෙසේද යත්. 1. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු වේද, මහත්ඵල වේද ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. 2. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 3. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 4. ආනන්දය, දායකයා කෙරෙනුත් පිිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, එබඳු දානයක් ඇත්තේ ය.
.
පළමු දාන විසුද්ධිය
.
ආනන්දය,, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මේ දානය වනාහි දායකයා කෙරෙන් පිරිසුදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
දෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ. දායකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
තෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු ද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද දුශ්ශීල වූ ලාමක වූ ස්වභාව ඇත්තෙක් වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහී දානය දායකයා කෙරෙහිද පිරිසුදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසුදු නොවේ.
.
සිව්වන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.
.
ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතරවෙත්යැයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. උන්වහන්සේ නැවත ද මෙසේ වදාළහ.
.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් අධර්මයෙන් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් නැත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය නො අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලද දෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ මහත්වූ කර්මය හා කර්ම ඵලය නො අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසුදු නොවේ.
.
යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත් වූ විපාක ඇත්තේයැයි කියමි.
.
යම් පහ වූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලද දෙයින් යහපත් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්ම ඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිස දාන අතුරෙන් අග්‍ර යැයි කියමි.
.
භාග්‍යවතුන්වහන්සේ මෙසේ මෙම දම්දෙසුම නිමකළ සේක. ආනන්ද තෙරුවන් වහන්සේ එය සතුටින් පිළිගත්හ.
.
(දක්ඛිනවිභංග සූත්‍රය – මජ්ඣිම නිකාය ඇසුරෙනි)