Monthly Archives: January 2016

New photo from Facebook January 11, 2016 at 08:36AM

අති දුර්ලභව සත්ධර්මය ඇසෙන වටපිටාවක ලැබූ මනුෂ්‍ය ජීවිතය අපතේ යවන්නට ඉඩ නොදෙන්න. මෙලොවද පරලොවද බොහෝ දුක් ගෙනදෙන මේ කාම ලෝකයේ ඔබේ දරුවන්ව අතරමන් කිරීමෙන් වළකින්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 10, 2016 at 08:51AM

1. මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
2. පහත් කුලවල නොඉපිද උසස් කුල වලම ඉපදුණා.
3. කැමති කැමති යාන වාහන ලැබුණා.
4. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.
5. බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.
6. සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා.
7. උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
8. සැමකල්හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
9. තම පිරිස කිසිවෙකුට භේද කල නොහැකි වුණා.
10. ඤාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු වුණා.
11. ශීත උශ්ණ වලින් පීඩාවක් වුණේ නැහැ.
12. කායික දාහ මනසික දාහ නැති උතුමෙක් වුණා.
13. නිවන් සුවය ලැබීමට එම පින උපකාර වුණා.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියළුම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක..
සාදු..! සාදු..! සාදු..!

මුළු කතාව කියවන්න -> http://ift.tt/1Pl5CeC
ත්‍රිපිටකය පරිශීලනයට පුරුදු වෙමු via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 07, 2016 at 03:00PM

ප්‍රඥා නමැති ආයුධයෙන් මේ කෙලෙස් බන්ධනය බිදලා නිවන් පුරට යන්න මේ බුද්ධෝත්පාද කාලයේදී උත්සාහ ගනිමු.
ඒ සදහා අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ පංච උපාදාන ස්කන්ධයේ අනාත්ම බව නිවැරදිව බලන ආකාරය පිළිබද දේශනාවක්
https://www.youtube.com/watch?v=Ho5F23Ne9dY via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 07, 2016 at 09:08AM

දුප්පතෙකුට සුළු දෙයක් දන් දීමද ඉතා අපහසුය. පොහොසතෙකුට විශාල දෙයක් දන් දීමද ඉතා පහසුය. එම නිසා දුප්පතෙකුව සිට සුළු දෙයක් දන් දුන්නද එය මහත්ඵල මහානිසංස වේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 06, 2016 at 09:00AM

කිංදද සූත්‍රය කියවන්න -> http://ift.tt/1JWBS6i
ත්‍රිපිටකය පරිශීලනයට පුරුදු වෙමු

මෙම සූත්‍රය අංගුත්තර නිකායේ අඩංගු යයි පොස්ට් එකේ සඳහන් වී ඇත්තේ වැරදීමකිනි. එය අඩංගු වී ඇත්තේ සංයුත්ත නිකායේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 05, 2016 at 12:00PM

මහලු වන තෙක් නොසිට තරුණ වියේදීම පිළිවෙත් පිරීමට එක්වන්න. ඔබට පංච සීලය රැකීමට, භාවනා කිරීමට නොහැකිව ඇත්තේ කුමක් නිසාද? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 04, 2016 at 09:00AM

භික්ෂුන් වහන්සේලා 200ක ගේ පමණ සහභාගිත්වයෙන් ලබුනොරුව අරණ්‍ය සේනාසනයේ පසුගිය දිනක පැවැත්වූ වැඩසටහනේ දී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනා 5 ක හොඳ තත්වයේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න. පටිච්චසමුප්පාදය, සතර සතිපට්ථානය ආදී ගැඹුරු දහම් කරුණු මනාව ගලපමින් මේ කරන දේශනා නොබෝ දිනකින්ම බුදු සසුන තුළ නැවත රහතන්වහන්සේලාගේ යුගයක් ඇති වීමට ඉවහල් වනු ඇති බව අපගේ විශ්වාසයයි.
http://ift.tt/1NZxrLH

2015-12-29 නිමිති ලෝකය ඇසුරෙන් කෙරෙන ආරම්භක දේශනය
2015-12-29 පටිච්චසමුප්පාදය ඇසුරෙන් කෙරෙන දෙවැනි දේශනය
2015-12-29 පළමු දින ප්‍රශ්න ගැටළු සාකච්ඡාව
2015-12-30 සතර සතිපට්ඨානය නිවැරදිව වඩන අයුරු
2015-12-30 දෙවැනි දින ප්‍රශ්න ගැටළු සාකච්ඡාව

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා දෙන්න. මේ දේශනා ඇසුරෙන් ඉදිරි දිනක පොතක් මුද්‍රණය කිරීමට අදහසක් ද ඇත. via Facebook Pages http://ift.tt/1GMS4Lf