Monthly Archives: June 2016

New photo from Facebook June 18, 2016 at 09:10AM

කොහොඹ ඇටයක් හිටෙව්වොත් ලැබෙන්නේ තිත්ත ඵලයක්. මි අඹ ඇටයක් හිටෙව්වොත් ලැබෙන්නේ මිහිරි වූ ඵලයක්. අපිට නොපෙනුනාට අපේ ජීවිතයේත් සසරෙත් තියෙන්නේ මේ වගේ හේතු ඵල සම්බන්ධයක්.

මිහිරි වූ ඵල ලැබෙන මිහිරි වූ බීජ හැකිතාක් සිටවන්න. එනම් නොයෙක් පින්කම් වලින් ජීවිතය මිහිරි කරගන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 17, 2016 at 12:00PM

ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක් ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින් ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.

යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට, අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.

මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක් පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත හැකිවේ.

අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන් පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන් ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල් කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක් නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත හැකිය.

දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘ නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින් වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ, සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන් වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි. ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන් වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘ සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින් තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.

ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක විපාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම් බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින් වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.

වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා අකටයුතුකම් සිදු කරති.

ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත් දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන් පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන් වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය. හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.

ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින් මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම් ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!

තෙරුවන් සරණයි!

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 16, 2016 at 12:00PM

පින් කරනවා නම් මෙන්න මේ වගේ කරන්න. ශ්‍රද්ධාව මයි උතුම්ම ධනය.
මිලමුදල් කොපමණ තිබුනත් ඒක නොවේ බුදුදහමේ සැබෑ ධනය කියන්නේ. ඔය මිලමුදල් ඔක්කොම මැරෙද්දි අතාරින්න ඕනේ, නැතිනම් ගංවතුරට හරි විනාශ වෙනවා.

බොහොම පින් අම්මේ, මේ පින් බලයෙන් ලෞඛික ලෝකෝත්තර සියළුම යහපත උදා වේවා!!! සසර කෙලවර අමා මහා නිර්වාණ සුවයෙන් සැනසීමට මේ උතුම් පින හේතු වාසනා වේවා!!!
පින්වත් අහිංසක අම්මාට. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 15, 2016 at 12:00PM

කර්ම චක්‍රයෙන් – ධර්ම චක්‍රයට

ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත…

… මේ ලිපිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ මට ඔබ වහන්සේගෙන් ඇසිය යුතු වැදගත් කාරණාවක් නිසාය. මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්ණ වල දී පාලනය කර ගත නොහැකි කෝපජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති, දඩබ්බර ගැහැණියක් මෙන් මුර ගාමි. මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාව ම එපා වේ. එහෙත් ඉතා ඉක්මණින් යළිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යළි ප්‍රභාවත් වේ. මට සිද්ධිය ද අමතක වේ. මෙය හරියට නිශ්චල ජල තටාකයක, උඩින් හමා යන සුළං පහරක් වැනිය. සුළං පහරට කැළඹෙන ජලය සුළං පහර හමා ගිය පසු යළි නිසල වේ. කැළඹීම ගැඹුරු නැත.

මෙය මට බලනොපෑවාට, මා අවට අයට තදින් බලපායි. ‍මා මෙන් මෙය ඉක්මණින් අවසන් කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්තිද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පත් වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනාය.

ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මෙවන් සිද්ධිවලින් පසු ප්‍රබලව මට ඒ සිද්ධිය විස්තර කිරීමට හැක. මගේ දුර්වලතාවය හොඳින් පෙනේ. දුර්වලතාවය මතු වූ අන්දම ද පෙනේ. එයට පැටළුණු අයගේ දුර්වලතා ද පෙනේ. මා පාලනය කර ගන්නට තිබුණා නේද කියා සිතේ. ඒත් යළි යළිත් මම මේ වැරදි දේ කරමි. එය දැන් පුරුද්දක් මෙන් මතු වේ. වරකට මට මෙය පිටස්තර බලවේගයක් ද කියා ද සිතේ. පිටස්තර බලවේගයක් වූවත් එයට අසු වෙනවා නම් එය මාගේ දුර්වලතාවයකි. ‍

මේ පැහැදිලි කිරීමට තවත් අතුරු කතාවක් මා ඔබ වහන්සේට කිව යුතු ය. ස්වාමීන් වහන්ස, දොළොස් දහසක් වර්ෂයන් ඈතට මට පසුගිය ආත්ම පෙනේ. සියලුම ආත්ම නොව මේ ආත්මයට බලපාන කුසල අකුසල කර්ම කළ ආත්මයන් ය. ඉන් ඉතා ප්‍රබලව බලපාන ආත්ම තුනකි.

1. වසර දොළොස් දහසකට පෙර අත්ලාන්තික් සාග‍රයේ තිබූ ඉසුරුමත් රාජ්‍යයක රාජ කුමරියක් වූ ආත්මය.
2. ඉන් අනතුරුව ලංකා පුරයේ (ලක්දිව) ඉතාම නැණවත්, රූමත්, පිරිමියෙකු ලෙස, දැඩි ප්‍රතාපයෙන් යුත් තේජවන්ත රජ කුමරියක වූ ආත්මය.
3. දෙවන පෑතිස් රජු කල අනුලා බිසවගේ පාරිචාරිකාවක ලෙස සිට ඇය හා මහණව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මහණ දම් පිරූ ආත්මය (මේ කුසලය බොහෝ කලකට බලපායි. සසර හරි මඟට ගෙන යන්නේ මේ කුසලය මතුපිට එන කුසල චිත්තයන් යැයි මට වැටහේ)

මේ ආත්මයේ මම 18 වසරක් තිස්සේ, අන්ත කටුක මානසික පීඩා කරදර මැද හිරකාරියක සේ අප්‍රමාණ වද වේදනා විඳිමින් සිටිය ද, හැම දේකම වැරැද්ද, ප්‍රසිද්ධ අවමානය, තනිවීම, සමච්චලයට ලක් වීම වැනි දේට මුහුණ දුනිමි. මේ, ලංකා පුරයේ රජ කුමරියක වී සිටියදී කළ බරපතල පාපකර්මයේ අවසාන පියවරයි. ඒ කර්මය මා ගෙවා නිම කල ද, තවමත් ටිකක් තිබේ. ගිනි පුපුරු නිවී ගිය ද ඇති උණුසුම මෙනි. මෙහි අන්ත දුක දකුණු ඉන්දි‍යාවේ දේවාලයක දේවදාසියකව ගෙව්වෙමි. එය තිරිසනෙකු සේ වද වින්ද ආත්මයකි. මම අන් ස්ත්‍රියකගේ පුරුෂයාට ලොල්ව, පලි ගැනීමක් වශයෙන් මාගේ රාජ බලය ද, දැඩි ප්‍රතාපය ද යොදවා, ‍මාගේ ‍සහෝදරයා ලවා (අප සමපාලකයෝ වීමු) යට කී පතිභක්තිමත්, සියුමැලි, රූමක් කාන්තාව සිරකාරියක කළෙමි. ඈ බලවත් සේ කම්පාව, තනි ව, භීතියෙන් වද වින්දා ය. ඈට වද දීම (මානසික වධ), මට විනෝදයක් විය. ඈ මේ නිසා සමාජයේ අවමානයට ලක් වූවාය. සැමියා ඇයට ම පරිභව කර ඈ නෙරපා දැමීය. ඈ එවිට ගැබ්බරව සිටියා ය. තනිව ඒ දුක අවමානය ද වින්දා ය. අසරණව මිය ගියා ය.

මම යස රඟට මේ ආත්මයේ ඒ කර්මයේ ශේෂය ගෙවූයෙමි. තනි වීමි. නින්දා ලැබීමි. සැමියා විසින් ද, ඔහුගේ වර්ගයා විසින් ද දරුණු ලෙස පරිභව කරනු ලැබීමි. දරුවන් හා තනිව දුක් ‍වින්දෙමි. නොකළ වැරදි වලට සමා‍ජයේ ගර්හාවට ලක් වීමි. ප්‍රකටව ම පරිභව ලැබීමි. හිරකාරියක වීමි. දරුවන් හා තනිව සිටිමි (සැමියා මා පලවා හැරියේ ය).

මේ දුක් පීඩා එන විට මම කුසල බලය (සිල් රැකීමේ බලය) මතු වීමෙන් මෙයට හේතුව සොයන්නට වීමි. බෞද්ධ දර්ශනයේ ගැඹුර සෙවීමටත්, සත්‍යය සොයමින් යෑමටත්, කියවීමටත්, පින් දම් කිරීමටත්, ධර්මයට ඇලීමටත් පුරුදු වීමි. මාගේ මනැස ද, නැණැස ද ඇරුණේ ය. කර්ම වේගය කෙතරම් බරපතල ලෙස ගෙව්වත් අද මට ඒ ශේෂයක්වත් මනස් පීඩාවක් නැත. දුක් පීඩා මතක නැත. කිසිම වේදනාවක් නැත.

අත්ලාන්තික් සාග‍රයේ රාජ කුමරියක වූ මාගේ නම ‘ඇනීහා’ විය. අවුරුදු 14 දී වෛද්‍ය පූජකවරියක ලෙස පූජකාරාමයට ඇතුළු කරන ලදී. නිල් මහනෙල් තටාකයක් ඉදිරියේ දී කසිණයක් පුහුණු වීමට මට සිදු විය. මට නිල් කසිණ පුහුණු කළෙ, ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ගේ තුවාල සනීප කිරීමට හා වේදනාව නැති කිරීමට මගේ මනසින් ‘නිල් ආලෝක ධාරා’ නිකුත් කිරීමට ය. ඒ යුගයේ වෛද්‍ය විද්‍යාව, මානසික බලය හා සම්බන්ධව කෙරුණේ ය. නිල් ආලෝක ධාරා නිකුත් කිරීමට මට විශේෂ බලයක් තිබුණු බැව්, අධිමානසික බල තිබූ පූජකවරු දැන ගත්හ. එහෙත් පුහුණු වූයේ අවුරුදු 4 ක් පමණි. මට අවුරුදු 18 දී පූජකාරාමයෙන් ද, රටින් ද පැන ගියෙමි.

මේ ආත්මයේ මට නිල් පාට දුටු විටම සිත පහන් වේ. එකඟ වේ. ප්‍රභාමත් වේ. උද්වේගයෙන් පිම්බී යයි. සිත ශාන්ත වේ. නිවේ. නිල් මහනෙල් මල මට ඉතා ප්‍රිය ය. අහස් නිල ඉතා ප්‍රිය ය.

මේ ආත්ම තුන මා දැක්වූයේ, ඒ මේ ආත්මයට ඉතා සම්බන්ධ බැවිනි.
1. මට මතුවන ‘කෝප පිස්සුව’ මගේ අකුසල කර්මයේ කොටසක් ද?
2. නීල කසිණය යළි වැඩීමෙන් මගේ සිත නිවා ගත හැකි ද?

බොහෝ දේ ලිවීම ඔබ වහන්සේට මහත් කරදර බව දනිමි. කරදර කරනවාට දෙපා නැමැද සමාව ඉල්ලමි.

ප.ලි.

පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. තවත් ළඟින් සිටින කොටසක් පරම හතුරෝ ය. මට මේ දෙකොටසම කෙරේ ඇත්තේ, එකම හැඟීමකි.

මේ හැර මේ සංඥා තලයට අයත් නැති නොපෙණෙන කල්‍යාණ මිත්‍රයෝ සිටිති. ඇතැම් ආත්ම (මට මතකයට නොඑන) ගැන ඔවුහු මට කියති. අවුරුදු දොළොස් දහසකට පෙර මා චාතුර්මහාරාජික දෙව්ලොවේ සිට පොළෝ තලයට ආ බවත්, යළිත් මේ ආත්මයෙන් පසු එහි එන බවත් මට දන්වා ඇත.

ඉදිරියේ ඇති ආත්ම දෙකක් මට පෙනේ. එකක් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (ශල්‍ය) ලෙස උපත ලැබීම. ඉන්පසු ආත්මය මහණ දම් පිරීම. මේ ආත්ම දෙක ම පිරිමි ආත්ම ය. ප්‍රබල කුසල බලපාන ආත්මයන් ය. මේ ආත්මයත්, ඊළඟ ආත්මයත් අතර ලොකු පරතරයක් පෙනුන ද, ඒ කා‍ලයේ මා ඉන්නේ කොහේ ද කියා මට නොපෙනුනේ ය. දැන් මට දන්වා ඇති පරිදි ඒ චාතුර්මහාරාජිකයේ ය. මනස ඉතා පැහැදිලි විට ඔවුහු මට කතා කරති.
මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ. තව වසර දහයකින් මට ඒ ග්‍රහලොවට මට එන්නට පවා හැකි වේ යැයි, ඔවුහු මට කියති. අධිමානසික තරංග මත ගමන් කිරීමේ ශක්තිය මේ ග්‍රහ ලොවේ වැසියන්ට තිබේ. ඔවුහු විද්‍යා ඥානයෙන් ද, මානසික බලයෙන් ද අති ප්‍රබල ය. මනැස් සංඥාවෙන් කතා කරති. මේ කල්පයේ වැදගත් සිදු වීම් ඔවුන් ‘ටෙලිවිෂන්’ සේ චිත්‍රගත කර ඇත. ඒ අතර ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඇතැම් කොටස් එහි ඇත.

මේ ගැන සෙවූ මට තාරකා විද්‍යාඥයින් මේ තරු පොකුරේ සෞර ග්‍රහ මණ්ඩලයක් තිබෙන බව සැක කරන බව තාරකා විද්‍යා පොත්වල දක්නට ලැබුණි. විද්‍යාඥයින් සැක පහළ කරන්නේ තර්කානුකූලව ඔප්පු කළ සාධක ඇත්නම් පමණි. හේතු ඇත්නම් පමණි.

මම ද මේ ගැන විමසිලිමත් වෙමි. ඔවුන් ආශ්‍රයට සුදුසු ප්‍රබල මනස් ඇතියවුන් බැවින් ඒ මට මහත් ප්‍රීතියකි. පසුගිය කාලයේ මාස හතරක් තිස්සේ මේ සංඥා මට ලැබුණේ ය. දැන් ඒවා නැවතී ඇත. මගේ කර්ම වේගය හීන වී, මගේ මනැස පැහැදිලි වන තෙක් මට සංඥා දීමට ඔවුන් බලා සිට ඇත.

මේ සියල්ල මට අරුම විශේෂ සිද්ධීන් ලෙස නොදැනේ. මේ සංසාරය විහිදී යන දුර පමණක් පැහැදිලි වේ. දැන් මහ පොළොවේ සිටියත්, එන ආත්මයේ චාතුර්මහාරාජිකයේ උපන්නත් මට එක සේ දැනේ. විශේෂ ප්‍රීතියක් නැත. මේ සියල්ල මනස නම් මායාමය බලවේගය මවන මායාවන් නොවේ ද?

ම‍ගේ එකම අධ්‍යාශයත්, උවමනාවත් සර්වඥතා ඥාණය ප්‍රත්‍යාක්ෂ කිරීම පමණි. මේ මගේ අන්තිම ස්ත්‍රී ආත්මය යි. සසර බරපතල පව් මම මේ ආත්මයේ දී ගෙවා නිම කරමි. ඉන්පසු සසර ඉදිරි මග පැහැදිලි විසල් ඍජු ගමන් මගක් ලෙස මට දැනේ. බාධක කිසිත් නැත. මගේ සිත පැහැදිලි අහසක් මෙන් විශාලව පැතිරී යයි. සියල්ල එක නිමේෂයකට එක්වර මම දකිමි. ඉන්පසු සිත වැසී යළිත් නිශ්චල වෙයි. මෙය ඉතා ප්‍රබලව දැන් මට දැනේ.

මේ ගමන් මගට සුදුසු ධර්ම දානය දෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සසර මේ සන්ධිස්ථාන‍යේ දී මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ ම විය යුතු ය.

මේ දීර්ඝ ලිපිය ලියා ඔබ වහන්සේට කරදර කරනවාට දහස් වරක් සමාය ඇයැදිමි.

ප.ලි.

මේ ලිපිය ලියූ පසු මට කරුණක් නිරවුල් විය. කෝප පිස්සුව බරපතල කර්මය කළ ආත්මයේ තිබූ චරිත ලක්ෂණයකි. එය අද මට මා කෙරේ ම නින්දා පමුණුවන, ගර්හාවට ලක් කෙරෙන ආයුධයක් විය. කර්ම පල දෙන හැටි! දැන් මා මෙයට ප්‍රතිවිරුද්ධව නැගී කර්ම වේගය සිඳිය යුතු ය. එය කරන්නෙ කෙසේ ද? මෙය මතුවන්නේ මා නොසිතූ විට ය. හදිසි කුණාටුවක් මෙනි.

සසර ගමනේ මගේ ස්ත්‍රී භාවය නිමා වූ අන්දම ඔබවහ‍න්සේ හමු වූ විටෙක කියමි. එය කර්ම‍ වේගය පිළිබ ඳ විචිත්‍ර කතාවකි.

—————–
මෙය කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේට (මාතර ඥාණාරාම හිමියන් විය යුතුය) ලැබුණු ලිපියකි. මේ උතුම් කත තවමත් ජීවතුන් අතර සිටියත්, චාතුර්මහාරාජිකයේ සිටියත් ඇයට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරමු. මේ උතුම් බුද්ධෝත්පාද කාලය අප්‍රමාදීව ගෙවන්නට සියලු දෙනාට මේ කථාව දහම් පඬුරක් වේවා !! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 14, 2016 at 06:00PM

දුරු කළ යුතු තරහ ගතිය

ද්වේෂය, තරහ යනු චිත්තාවේගයකි. එනම් වේගවත්ව එන චිත්ත ධාරා තමාට යහපත පිණිස නොපවතී. අධික වේගයෙන් ධාවනය වන රථයක් පාලනය කිරීම අපහසුය. එසේ පාලනය කිරීමට උත්සාහ කිරීමම අනතුරු ඇතිවීමට හේතුවකි. එමෙන්ම අධිකව තරහව ඇතිකර ගන්නා පුද්ගලයාට ද මුහුණදීමට සිදුවන්නේ ද මෙවන් තත්ත්වයකටය. ආදිත්තපරියාය සූත්‍රයට අනුවද මෙය මහා ගින්නකි. ගින්න කුණුරොඩු මෙන්ම වටිනා වස්තූන්ද විනාශයට පත් කරයි. ඕනෑම හොඳ මිනිසෙකු අයහපත් වීමට ද්වේෂයට ගත වන්නේ ස්වල්ප වේලාවකි. එය බුද්ධිමත්ව තේරුම්ගත යුතු ය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අනත්ථජනනෝ දෝසෝ – දෝසෝ චිත්තපකෝප
නෝ භයමන්තරතෝජාතං – තංජනෝ නාව බුජ්ඣති
දුට්ඨෝ අත්ථං නදා ජානානි – දුට්ඨෝ ධම්මං නපස්සති
අන්ධන්තමං තදහෝති – යං දෝසෝ සහනේ නරං

පින්වතුනි,

ද්වේශය තමාට හා අනුන්ට නොයෙක් අනර්ථය ඇතිකරයි. සත්වයාගේ සිත බොරකරයි. එය බියකි. අඥානයන්ට එය නොදැනෙයි. කිපුණහම ආත්මාර්ථය පරාර්ථය දැනෙන්නෙ නෑ දසකුසල අකුසල දැනෙන්නේ නෑ මේ නිසා ඔහුගේ සසර ගමන දික්වෙයි.

ධර්මයට අනුව ද්වේෂය යනු කෙනෙකු පිළිබඳ ඇතිවන නොසතුට, අප්‍රසාදය, නොරුස්සන සහගත බවයි. මෙය ඇතිවනුයේ සිතෙහිය. සිත අපිරිසුදු කරන මූලික අකුසල තුන අතර ද්වේෂය එකකි.සිත අපිරිසුදු වන ක්ලේශ ධර්ම එක්දහස් පන්සියයක් පමණ ඇති අතර ද්වේෂය බලවත් වූ ක්ලේෂයකි. අ.නි. උපකිලට්ඨචිත්ත සූත්‍රයට අනුව උපන් දරුවාගේ සිත ඉතා ප්‍රභාස්වරය. එහෙත් ආගන්තුක ක්ලේෂ ධර්ම නිසා එම ප්‍රභාස්වර බව වැඩිහිටි තත්ත්වයට පත්වීමත් සමග නැති වී යයි. ප්‍රභාස්වර හෙවත් පැහැපත් බව නැතිවන ප්‍රධාන ක්ලේෂ ධර්මය ද්වේෂයයි.

ධර්මයෙහි ව්‍යාපාදය, උපනාහය, ක්‍රෝධය, ආඝාතය, පටිඝය ලෙස සඳහන් වන්නේ ද මෙම ද්වේෂයයි. පංචනීවරණ ධර්ම තුළ ව්‍යාපාදය ලෙස දක්වන්නේ ද මෙයයි. නිවන මුවාකරන ධර්මතා පහ අතර ව්‍යාපාදය එක් ප්‍රබල නීවරණයකි. කෙතෙක් බණ භාවනා සිදුකළත් මෙය ක්‍ෂය නොවනතාක් නිවණ සාක්‍ෂාත් කර ගත නොහැක.

අඥාන ඇත්තන්ට අනියමාර්ථයේ ද ද්වේෂය තරහව ඇතිවේ. විශේෂයෙන් සම්මාසතියෙන් තොර වීම නිසා සිහිකල්පනාව ඇති නොකරගැනීම නිසා තමාගේ පය ගලක මුලක වැදුණාත් අඥානයා තරහ ඇති කර ගනී. ස්වභාවදහමේ සංසිද්ධි නිසාද ඔහු එම තත්ත්වය ඇතිකරගන්නා අවස්ථා ද ඇත. අව්ව, වැස්ස, ආදී අවස්ථාවන් වලද විශේෂයෙන් මේ තත්ත්වය පිළිබිඹු වේ. එය බෞද්ධයෙකුට උචිත ක්‍රියාවක් නොවේ.

ද්වේෂය පහළවීමේ දී බලපානු ලබන තාරකා දෙකක් පිළිබඳව අ.නි. දේසුප්පාද සූත්‍රය පැහැදිලි කරයි. එනම්,

1. ප්‍රතිඝනිමිත්ත – හේතුව
2. අයෝනිසො මනසිකාරය – නුවණින් කල්පනා නොකිරීම. වශයෙනි.

බුදුදහම හේතුඵලවාදයකි. සෑම ක්‍රියාකාරකමක්ම මෙම න්‍යාය ධර්මයට යටත්ය. චිත්ත චෛතසික ඇතිවීමෙහිලා ද මෙය පොදුය.

ද්වේෂය හටගන්නේ සමාජ ජීවිතයේ දී ඔබ මුහුණ දෙන හේතු බුද්ධිමත්ව කල්පනා නොකිරීම නිසාවෙනි. මොහොතක් කල්පනා කර බලන්න කාර්යාලය තුළ, බස්රථය, පොදු ස්ථාන, කඩපිල්, සාමාන්‍ය සමාජයේදී ඇති වන යම් යම් සිද්ධි බුද්ධිමත්ව සිතීමෙන් ද්වේෂය පහළ නොවී ගැටුම් ඇති නොවීමට හේතු වේ. එසේම බුද්ධිමත්ව නොසිතීම නිසා ගැටුම් නිර්මාණය කරගනී. මේ සඳහා ඕනෑතරම් උදාහරණ වර්තමාන සමාජයෙන් සොයාගත හැකි අතර ඔබට ද මෙවන් අත්දැකීම බොහෝ විට ඇතිවාට සැක නැත. ද්වේෂය පුද්ගලයා අගතියට පත් කරයි. එවිට ඔහුට හොඳ, නරක පිළිබඳ අවබෝධ හීනවී යාහැකිය. අ.නි. අගති සූත්‍රය ඊට කදිම නිදසුනකි.

ආර්ය තත්ත්වයට පත් නොවූ සියල්ලන්ටම මෙය පොදුවූවකි. එහෙත් මෙය බද්ධ වෛරයක් දක්වා වර්ධනය කිරීම යහපත පිණිස නොපවතී. එහෙයින් තරහ ආවිටම එය බුද්ධිමත්ව සිතා පාලනය කරගත යුතු ය. ඒ සඳහා ආධාරක ලෙස බුදුදහම යොදා ගත හැකිය. තරහව නැතිකරගත හැකි උපක්‍රම පහක් අ.නි. ආඝාතපටිවිනය සූත්‍රය දක්වයි. ආඝාත යනු තරහවයි. පටි යනු විනය හික්මීමයි. සූත්‍රයේ වචනාර්ථය වන්නේ හාත්පසින් ඇතිවන තරහව නැති කිරීම යනුයි. එම කරුණු පහ මෙසේ ය.

යමෙකු පිළිබඳ ආඝාතය (තරහව) ඇතිවුවහොත් ඔහු කෙරෙහි මෛත්‍රිය පතුරුවන්න.

කරුණාව පතුරුවන්න
උපේක්‍ෂාවෙන් යුක්ත වන්න
නොසිතා නො මෙනෙහි කරන්න
කර්ම ස්වකතාව මෙනෙහි කරන්න

ද්වේෂයට ප්‍රතිපක්‍ෂ ස්වභාව මෛත්‍රියයි. ද්වේෂය නිසා කය, මනස, ලෙඩ වන අතර මෛත්‍රිය නිසා නිරෝගී වෙයි. මෛත්‍රිය යනු මිතුරුකමයි. එවිට සතුරු බව තුරන් වේ. මෛත්‍රියෙන් ආනිශංස බොහෝමයක් ලද හැකිය. මෙත්තානිසංස සූත්‍රය මීට කදිම නිදසුනකි. එසේම උපේක්‍ෂාව මැදහත් බව ඇතිකර ගැනීම තුළින් ද ද්වේෂය නැති කරගත හැකි ය. යමක් පෞද්ගලික කර ගැනීමට යාම නිසා තරහව වැඩිවන අතර මේ ලෝකයේ මෙය මට පමණක් සිදු වූ දෙයක් නොවුන බව අවබෝධ කර ගැනීම නිසා ද්වේෂය නැතිව යයි. එසේම තමා පි‍්‍රයනොකර පුද්ගලයා සිහි නොකරන විට මතක්නොවන විට ඔහු පිළිබඳ ඇති වූ තරහවද සිහිපත් නොවේ. එවිට ද්වේෂ නමැති චිත්ත චෛතසිකය නැතිකර ගත හැකි ය. අවසාන වශයෙන් කර්මස්වකතාව නම් උපක්‍රමය සිදු කළ යුතු ය. එනම් තමන් කරන ලද ක්‍රියාවන්හි ප්‍රතිඵල තමාට භුක්ති විඳීමට සිදුවන බවත් එහෙයින් නරක කර්ම රැස් කිරීම තුළ අයහපත් විපාක විඳීමට සිදුවන බව අවබෝධ කර ගැනීමයි. ඔහු කරගනු ලබන දෙය ඔහු විසින් ගෙනයන බවත් තමන් කරනු ලබන දෙය තමන් ගෙන යන බවත් සිහිපත් කර ගත යුතු ය. එය වෙනකෙනකුට පැවරිය නොහැකිය. ද්වේෂය අනෙකකුගේ ලෙඩක් නම් තමන් එයට බෙහෙත් ගැනීම හෝ එම ලෙඩ බලෙන් ඇතිකර ගැනීම හෝ සිදු නොකළ යුතු ය.

ද්වේෂය, තරහ යනු චිත්තාවේගයකි. එනම් වේගවත්ව එන චිත්ත ධාරා තමාට යහපත පිණිස නොපවතී. අධික වේගයෙන් ධාවනය වන රථයක් පාලනය කිරීම අපහසුය. එසේ පාලනය කිරීමට උත්සාහ කිරීමම අනතුරු ඇතිවීමට හේතුවකි. එමෙන්ම අධිකව තරහව ඇතිකර ගන්නා පුද්ගලයාට ද මුහුණදීමට සිදුවන්නේ ද මෙවන් තත්ත්වයකටය. ආදිත්තපරියාය සූත්‍රයට අනුවද මෙය මහා ගින්නකි. ගින්න කුණුරොඩු මෙන්ම වටිනා වස්තූන්ද විනාශයට පත් කරයි. ඕනෑම හොඳ මිනිසෙකු අයහපත් වීමට ද්වේෂයට ගත වන්නේ ස්වල්ප වේලාවකි. එය බුද්ධිමත්ව තේරුම්ගත යුතු ය.

ද්වේෂයෙහි ආදීනව දක්වන තැන අ.නි. කෝධන සූත්‍රය ඉතා වැදගත්ය. මෙයට අනුව ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයාට ඇති වන අලාභ හතකි.

1. දුර්වර්ණ වීම,
2. දුකසේ සයනය කිරීම,
3. ධනය හීන වීම,
4. භෝග නැතිවීම,
5. යසස් ඇති නොවීම,
6. මිතුරන් ඇති නොවීම,
7. මරණින් මතු අපාගතවීම.

මෙයින් පැහැදිලි වන්නේ ද්වේෂය හේතුකොට ගනිමින් ආධ්‍යාත්මිකව මෙන්ම භෞතිකව මිනිසා පිරිහීමට පත්වන ආකාරයයි. මෙම භයානක රෝගයෙන් නිදහස් වීම බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා සෑම කෙනෙකුගේම දෙලොව දියුණුවට හේතු වේ. එමෙන්ම විවේක බුද්ධිය ඇතිවීමට ද ද්වේෂයෙන් යුක්ත නොවීම හේතුවක් වේ.

“සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා”
සියලු සත්වයන්ට යහපතක් වේවා!

ගෞරව ශාස්ත්‍රවේදී,
සියඹලාගොඩ ධම්මින්ද හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 13, 2016 at 12:00PM

~ ඊර්ෂ්‍යාව නිසා ලැබෙන දෙයක්‌ නැත ඔබට තිබෙන සැනසීමද අහිමි වේ ~

මිනිස්‌ සිත තුළ හටගන්න එක්‌දහස්‌ පන්සීයක්‌ තරම් වූ කෙලෙස්‌ සතුරන් අතරින් ‘ඉස්‌සා’ නැත්නම්, ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඉතා භයානක කෙලෙස්‌ සතුරෙක්‌. චිත්ත අභ්‍යන්තරයෙන් හටගන්න ඊර්ෂ්‍යාව යම් සැනසිල්ලක්‌ අපේ සිතේ තිබුණ ද ඒක වහා විනාශ කරලා දානවා. ඒ විතරක්‌ නොවෙයි මෙලොව පරලොව අපට මහා පරිහානියක්‌ උරුම කරලා දෙනවා. සංසාරෙම අඳුරෙන් අඳුරට අපව තල්ලු කර දමනවා. අනුන්ගේ සැප සම්පත්වලට යාන වාහන ඉඩකඩම් කීර්ති ප්‍රශංසා තනතුරු ආදියට අකමැති බව ඒවා නොඉවසන ගතියට තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ

ඇතැම් අය ඉන්නවා අනුන්ගේ ලස්‌සනට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ගේ වත්තක්‌ කුඹුරක්‌ හොඳට හැදුනොත් ගහක ගෙඩියක්‌ හොඳට හැදුනොත් ඒකටත් ඊර්ෂ්‍යා කරනවා. හූල්ලනවා. හදි හූනියම් දේපළ විනාශ කරවීම්, ගිනි තැබ්බවීම් කරවනවා. වස විස කැවීම් හා නානාවිධ උපක්‍රම කරමින් අනුන් විනාශ කරන්න හදනවා. ඒවා හරි නොගියාම අනුන්ගෙ අඩුපාඩු කියන්න ගන්නවා. අනෙකාගේ කතාවේ බහේ ඇඳුමේ පැළඳුමේ එහෙමත් නැත්නම් කන බොන විදියේ ගමනෙ බිමනේ හරි ඇඟපතේ හරි අඩුපාඩුවක්‌ දකිනවා. ඒ අඩුපාඩු අනුන් එක්‌ක කිය කිය සතුටු වෙනවා. ඇයි මේ ඊර්ෂ්‍යාව හින්දා. නොඉවසිල්ලෙන් බලාන ඉන්නේ අනුන්ගේ සැප සම්පත් විනාශ වෙනකල්. බැරි වෙලාවත් තමුන් ඊර්ෂ්‍යා කරන උදවියට නපුරක්‌ කරදරයක්‌ වස්‌තු විනාශයක්‌ වුණොත් ඇතැම් දෙනා සාද පවත්වලයි ඒ සතුට භුක්‌ති විඳින්නේ.

ඊර්ෂ්‍යා කරන කිසිම කෙනෙක්‌ කියන්නේ නැහැ තමන් අනුන්ට ඊර්ෂ්‍යා කරන බව. එයා කියන්නේ “මං, කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වුණාට මිනිස්‌සු මට ඊර්ෂ්‍යා කරනවනේ” කියලයි. තමුන්ගේ හිතේ තියන ඊර්ෂ්‍යාව තමුන්ට පේන්නේ නැහැ. මේක කොච්චර හීන දීන තිරශ්චීන ක්‌ලේශයක්‌ ද කියනවා නම් පවක්‌ වුණත් බලන්න. සතුන් මරන කෙනාට ඒකෙන් මස්‌ ලැබෙනවා. සොරකම් කරන කෙනාට ඒකෙන් මුදල් ලැබෙනවා. ඒත් ඊර්ෂ්‍යා කරන කෙනාට මොනවද ලැබෙන්නේ. කිසිම දෙයක්‌ නැහැ. හැබැයි සිතේ සැනසිල්ල නම් අහිමි වෙලා යනවා. ඉතා බිහිසුණු ප්‍රතිවිපාක කිහිපයක්‌ එයා වෙත ළඟා වෙනවාය කියලා අංගුත්තර නිකායේ කෝධන සූත්‍රයේදී බුදුන් වහන්සේ වදාළා.

පිරිසක්‌ ඉන්නවා අනුන්ගේ ලස්‌සනට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිඵලයක්‌ විදියට ඒ උදවියට ලැබෙන ප්‍රතිවිපාකය තමයි තමුන්ගෙ ලස්‌සන පිරිහිලා යන එක. මොකද? ඊර්ෂ්‍යාව නිසා ලේ ධාතුව අපිරිසිදු වෙලා එන්න එන්නම ඒ ඇත්තෝ දුර්වර්ණ වෙනවා. කැත වෙනවා. තවත් සමහරු අනෙකාගේ සැනසිල්ලට නින්දට ඊර්ෂ්‍යා කරනවා. උපක්‍රම කර කර අනුන්ගේ සැනසිල්ල නැති කරන්න හදනවා. එහෙම කරන එකේ ප්‍රතිවිපාක විදිහට තමුන් ළඟ යම් සැනසිල්ලක්‌ තිබුණ ද ඒක අහිමි වෙලා යනවා. හරියකට නින්දවත් යන්නේ නැහැ. ඇයි ඒ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා නිසා.

ඒ වගේම යමෙක්‌ අනුන්ගේ ඉගෙනීමට ඊර්ෂ්‍යා කළොත් වෙන්නේ තමන්ගේ නැණ නුවණ පිරිහිලා යන එකයි. ඇතැම් දෙනා අනෙකාගේ වස්‌තුවට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිවිපාක විදියට තමා සන්තකව යම් වස්‌තුවක්‌ තියනවද ඒක නොසිතූ විදියට විනාශ වෙලා යනවා. අනුන්ගේ කීර්ති ප්‍රශංසාවලට පරිවාර සම්පත්තියට ඊර්ෂ්‍යා කළාම තමන්ගේ කීර්ති ප්‍රශංසා වලටයි හානි සිද්ධ වෙන්නේ. තමන්ගේ පරිවාර සම්පත්තියයි පිරිහිලා යන්නේ”ය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.

ඉන් පැහැදිලි වෙනවා අනුනට ඊර්ෂ්‍යා කරන එක තමන්ටම හානි කරගන්නවා වගේ වැඩක්‌ බව. අනුන්ට එල්ල කරන ඊර්ෂ්‍යාව දෙගුණ තෙගුණ වෙලා ආපහු තමා වෙතට එනවා. එහෙම ඇවිල්ලා මෙළොව වශයෙන් මහා පරිහානියකට අපව ඇද දමනවා. ඒ විතරක්‌ ද නෑ. සිතෙන්, කයෙන්, වචනයෙන් ගොඩාක්‌ අකුසල් කරගෙන ඒ ඇත්තෝ මරණෙන් මත්තේ සතර අපායේ උපදින බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.

බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී වදාළා. “ඇතැම් අය අනුන්ගේ (පරලාභ සත්කාර) ලාභ සත්කාරවලට (ඉස්‌සති) ඊර්ෂ්‍යා කරනවා. (ඉස්‌සං බJධති) ඊර්ෂ්‍යාවෙන් බැඳෙනවා. එහෙම ඊර්ෂ්‍යා කරලා අකුසල් කරගෙන අපාය දුර්ගති විනිපාත නිරයේ උපදින බව පැවසූහ. එහෙම අපායට නොගිහින් ඒ ඇත්තෝ යළි මිනිසත් බවක්‌ ලැබුවොත් අල්පේශාක්‍ය වෙලයි උපදින්නේ. ඒ කිව්වේ හීන දීන කිසි ආලෝකයක්‌ තේජසක්‌ නැති තැන්වල. ඉන් පැහැදිලියි ඊර්ෂ්‍යාව මෙලොව පරිහානිය පිණිස පවතින ක්‌ලේශයක්‌ වුණොත් නොවෙයි මරණින් මත්තේ අපායගාමී වෙන්නත් බලපාන ක්‌ලේශයක්‌ බව. එහෙම අපායකට නොගිහින් යළි මිනිසත් බවක්‌ ලැබුවත් අර ඊර්ෂ්‍යා කිරීමේ විපාක විදියට අල්පේශාක්‍ය ජීවිතයි ලැබෙන්නේ. ඒ නිසා මේකේ ආදීනව හොඳට හඳුනාගත යුතුමයි. අපේ හිතෙත් ඊර්ෂ්‍යාවක්‌ හට ගන්න බැරිද? පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්‌. නමුත් ඒකට වර්ධනය වෙන්න දෙන්න හොඳ නෑ. ඒක අනුවණ කමක්‌. හටගත්ත ගමන් ඒක හඳුනගන්න ඕන. “ඕන්න මගේ හිතේ ඊර්ෂ්‍යාවක්‌ හටගත්තා. මේක බොහෝම හානිදායක ක්‌ලේශයක්‌. බුද්ධාදි උතුමන් වහන්සේලා නරක යෑයි වදාළ දෙයක්‌. සත්ත්වයා අඳුරට පරිහානියට ඇද දමන ක්‌ලේශයක්‌. ඒ නිසා මම මේක සිතෙන් පලවා හරිනවා.” නුවණ තියන කෙනා ඊර්ෂ්‍යාවේ ආදීනව දැක ඒක හිතෙන් අයින් කර ගත යුත්තේ එලෙසයි.

ඒ විතරක්‌ නොවෙයි ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්‍ෂ ගුණාංගය වන මුදිතාව එයා සිත තුළ පුරුදු කරනවා. මුදිතාව කියන්නේ අනුන්ගේ සැපත සතුටේදී අනුන්ගේ ජයග්‍රහණයේදී තමනුත් සතුටු වෙන එකටයි. අවංක හදවතින් අනුන්ට දියුණුව ප්‍රාර්ථනා කරන එකයි. අපටත් පුළුවන් නම් අනුන්ට දියුණුව පතන්න, අනුන්ගේ දියුණුවේදී පෙරළා සතුටු වෙන්න. ඒක කොයි තරම් වටිනවද? එහෙම වුණොත් අපට හැමදාම සතුටෙන් සොම්නසින් ඉන්න ලැබෙනවා. මුදිතාව පුරුදු කළොත් කිසි වියදමක්‌ නැතුව සතුට අප වෙත ළඟා වෙනවා. ඒ විතරක්‌ නොවෙයි මුදිතාව පුරුදු කරන සිතක ඊර්ෂ්‍යාවට ඉඩක්‌ නෑ. ඊර්ෂ්‍යාව පෑල දොරෙන් පිටවී යනවා. ඒත් සැබෑවටම අනෙකාගේ දියුණුවේදී සතුටු වන මුදිතා සිත් ඇත්තෝ මේ ලෝකේ දුර්ලභයි. ඔබත් උත්සාහ ගත යුතු වන්නේ ඒ දුර්ලභ අය අතර කෙනෙක්‌ වෙන්නටයි.

එහෙම වුණොත් ඔබේ ජීවිතය තුළ සතුට දොරේ ගලාවි. ඒ විතරක්‌ නොවෙයි, මුදිතා සිත නිසාම පරලොවත් ඔබට ලොකු රැකවරණයක්‌ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදීම වදාළ “මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා අනුන්ගේ ලාභ සත්කාරවලට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මුදිතා ගුණය පුරුදු කරනවා. අනුන්ගේ දියුණුවේදී සතුටු වෙනවා. එහෙම ඇත්තෝ මරණින් මත්තේ ස්‌වර්ග ලෝකයට යනවාය කියා. ස්‌වර්ග ලෝකවලට නොයා යළි මිනිසත් බවක්‌ ලැබුවොත් අනුන්ට ඊර්ෂ්‍යා නොකරපු එකේ ප්‍රතිඵලයක්‌ විදියට එයාට මහේශාක්‍ය ජීවිත ලැබෙනවාය කීවා”

ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතා සිත පුරුදු කොට ඉන් මෙලොව සැනසිල්ල ලබන්න පරලොව සැනසිල්ල ලබන්න කෙලවර උතුම් නිවනින් සැනසිල්ල ලැබීම පිණිසමත් ඔබ සැමට මෙම දහම් කරුණු උපකාරයක්‌ම වේවා.

ඔබ සැමට තෙරුවන් සරණයි..
දිවයින බුදුමඟ අන්තර්ජාල කලාපය-රාජසිංහගම තිලකධම්ම හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

අවිද්‍යාවෙන් සකස්කළ සංස්කාර සමුහය දුක ගෙනෙන ආකාරය මනාව පැහැදිලි කරන ඉතා විශිෂ්ට ධර්ම දේශනාවකි. අනිවාර්යයෙන්ම සවන් දෙන්න. ‘රූපං රූපත්ථාය සංඛතං අභිසංඛරොන්තී ති සංඛාරො’ – ඒ කීවේ, ‘රූපය, රූපය පිණිස සකස් කරන නිසා, පිළියෙල කරන නිසා සංඛාර යි’

2016-06-11 සිතින්ම සකස් කළ නිමිති සමූහය – සංස්කාර ස්කන්ධය Mankadawala Sudassana Thero
ඇලන්මැතිනියරාමයේදී පැවැත්වූ දේශනාව. ඉතා වැදගත් දේශනාවකි. මෙහි හඬ පටය ලබාගැනීමට sudassana.org වෙත පිවිසෙන්න.
More info @ https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
June 13, 2016 at 09:50AM

New photo from Facebook June 11, 2016 at 12:00PM

ප්‍රේතයන්ව ඉපදීමට හේතු

1.තමන් ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට බෙදා නොදීම.
2.ඊර්ෂ්‍යා සහගත වීම.
3.තමාගේ සම්පත් සඟවන සුළු පුද්ගලයෙක් වීම.
(සඬම්මෝපායනය ඇසුරිනි)

ඔබත් මෙම කරුණු තේරුම් ගෙන ඔබේ ශක්ති ප්‍රමාණයෙන් තමා සතු දේ අනුන්ට බෙදා දෙන්න. අසරණයන්ට උපකාර කරන්න. අනුන්ට ඊර්ෂ්‍යා නොකරන්න. අනුන්ගේ සැපත දැක අවංකව සතුටු වන්න.තමන්ගේ සම්පත් සඟවා නොගෙන උතුම් වූ ආර්‍යසංඝයා විශ‍යෙහි දන් දෙන්න තවද දුගී මගී යාචකයන්ටද හැකි පමණින් දන්දී සතුටුවන්න.ඔබ කරන පින් කම් වලදී ඔබගේ මියගියා වූ ඤාතීන් සිහිකර පින් අනුමෝදන් කරන්න. ඔබ සමඟ සිට මිය පරලොව ගිය ඤාතීන් ගණන මෙතෙකැයි කියා නිමකල නොහැකි නිසා වෙන් සමහර විට ඔවුන් ඔබෙන් පින් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැක. ඔබත් ප්‍රේත අපායෙන් මිදී සුවසේ සුගති සම්පත් අනුභව කොට ඉතා ඉක්මනින් නිවනින් සැනසීමට උත්සාහ ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි
නිවන් මඟ දහම් පණිවිඩයකි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook June 11, 2016 at 08:47AM

මව්පිය උපස්ථානය

ශාන්ති නායක සම්මා සම්බුදුපියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ “දීවින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි යදිදං මාතුච්ච පීතුච්ච” කියලා. මේ දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ පින්වතුන්ට විශේෂ උපදේශයක් දී වදාළා. ඒ උපදේශයේ සිංහල අර්ථය මෙහෙමයි.

“මහණෙනි, මේ ලෝකයෙහි පිහිට වෙලා, පිළිසරණ වෙලා, ආධාර වෙලා, කෙළෙහිගුණ දක්වලා, උපස්ථාන කර, උපකාර කරලා සෑහීමකට පත්වෙන්න බැහැ, නිමාවක් කරන්න බැරි, වටිනා පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මහණෙනි තමන් මේ ලෝකයට දායාද කරන්න යෙදුන, බිහිකරන්න යෙදුන, මවුපිය දෙදෙනායි.

මේ බුද්ධ අනුශාසනාව අනුව දෙමාපියන්ට සැලකීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක් බව මේ දේශනාවෙන් ඉස්මතු වෙනවා නේ ද තමන් හදා වැඩූ මේ සමාජයේ යහපත් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම පිණිස යමෙක් වෙත වාසනා සම්පත් සැලසුණේ නම් ඒ තමන්ගේ දෙමාපියන් දෙදෙනා නිසයි. ඒ දෙමාපියන්ට උපස්ථාන කිරිම, උපකාර කිරීම තමන්ගේ දියුණුව අභිවෘද්ධිය පිණිස පවතිනවා. මහා මංගල කාරණා 38 ඇතුළත මවුපිය උපස්ථානය ද හඳුන්වා දී වදාළේ උතුම්ම මංගල කාරණයක් නිසයි. මංගල කියලා කියන්නේ මෙලොව සැපත හා පරලොව සැපත කෙළවර අමාමහ නිවන් සැපතයි.

ඒ නිසා, යම්කිසි පුද්ගලයෙක් තමා හදා වැඩූ දෙමාපියන්ට අවංකවම මවුපිය උපස්ථාන සිද්ධ කරනවා නම් මේ පුණ්‍ය කර්මය සසර දුක්ගිනි නිවාලමින් ආශ්‍රවක්‍ෂය කිරීමෙන් (කෙලෙස්මල සෝදා හැරීමෙන් චිත්ත සන්තානයේ පාරිශුද්ධ භාවයට යන අමා මහ නිවනින් සැනසීම පිණිස පවතිනවා) කියන පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කරගෙන මවුපිය උපස්ථානය සිදුකර ගැනීමෙන් පින්වතුන්ට මෙලොව යහපත් ලෙස ජීවිතයක් ගතකර ගැනීමටත් නිවන් දක්නා ජාති දක්වා ම හොද ජීවිතයක් ගතකර ගැනීමටත් අවසානයේ බුද්ධාදි උතුමන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අමාමහ නිවන් සුවයෙන් සැනසීමටත් ත්‍රිවර්ග සම්පත්තිය සිදුකර ගැනීමටත්, මේ මහා මවුපිය උපස්ථානය සිදුකර ගැනීම පිණිස අධිෂ්ඨාන තබා ගනිමු.

යමෙක් මවුපියනට නො සලකන්නේ නම් ඒ දරුවෝ වසල දරුවෝ හැටියට වදාළා. අසත්පුරුෂයෝ කියල දේශනා කොට වදාළා. ඒ වගේම මවුපියනට නො සලකන දරුවො මෙලොව වශයෙන් පිරිහීමට පත්වන බව දේශනා කළා. ඒ වාගේම නරකාදී සතර අපායට වැටෙන බව දේශනා කළා. ඒ නිසා, දමාපියන්ට නො සලකා හැරීම බරපතල වරදක් නේ ද? ඒ නිසා, මේ පින්වතුන් සැම දෙනාමත් ඉහත සඳහන් කළ හැටියට මව්පිය උපස්ථාන පුණ්‍යකර්මය මංගල කාරණයක් හැටියට තේරුම් අරගෙන ඒ මංගල කාරණය සාක්ෂාත් කිරීමට මේ මොහොතේ සිට යම්කිසි අධිෂ්ඨානයක් කරගනිමු.

එවිට ඔබ කෘතගුණ සලකන්නෙක් බවට පත්වෙනවා. එසේම සර්වඥයන් වහන්සේගේ අනුශාසනයත් ඉටු කරන බව ශාස්තෘන් වහන්සේට නියම ආකාරයෙන් ම ගෞරව දක්වන්නෙක් බවට පත්වෙනවා. පිරිහීමේ දොරටු වසාලන දියුණුවේ දොරටු විවර කරන්නෙක් බවට ද පත්වෙනවා. උතුම් මංගල කාරණාවක් සපුරන ඔබගේ දෙලොව දියුණුව හා නිවන් මගද සකස් කරගැනීමට පරම වාසනාවද සැලසෙනවා.

ඒ නිසා මවුපියන් ඔබට කළ අසහාය උපකාරයන් නිරතුරුව ස්මරණය කරන්න. දෙමාපියන් මෙන් අන් කිසිවකු හෝ තම ලෞකික අභිවෘද්ධියට උපකාරී නො වන බව ද නිරතුරු සිහි කරන්න. ඔබ මේ ලොව දකින්නේ මවුපියන් ගේ නෙත් තුළින් බව සිතන්න. තම ජීවිතයේ මුලික හැඩගැස්ම සකස් කළ මුල් ගුරුවරුන් මවුපියන් බව සිතන්න. ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් නො සලකා කළ උපකාරයන්ට ප්‍රතිඋපකාර කළ නො හෙන බව සිහියට ගන්න. එසේ සිතන ඔබට මවුපියන් හට සැලකීමට උපස්ථාන උපකාර සැලසීමට නිරායාසයෙන් සිත් පහළ වනු ඇත. එය එසේම වේවා! සුබ මඟුල් කරුණූ සපුරමින්, ගුණවත් මව්පියන් පෙරටු කර ගනිමින් ගුණ පිලිවෙත් පුරා, එකට ම නිවන් මග දොරටු විවර කර ගැනීමට සැමට හැකිවේවා!

කැලණියේ අත්ථදස්සි හිමි
==============================================

මව්පිය ගුණ

ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව මිනිස් සමාජයේ මහා බලයක්ව පවතින බව අපට හමුනොවන බුද්ධියට ගෝචර නොවන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්හ. අප දරුවන් වශයෙන් මේ ගැන සිතා විමසා බලා දෙමව්පියන් ගේ ගුණ ගැන සිතා මානුෂිකත්වයෙන් වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධව ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල කිඳාබැස ගෙන ඇතිබව නිසාම මහා බ්‍රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති උච්චරේ
අහුණෙය්‍යාච පුත්තා නං
පජාය අනුකම්පකා’’

පින්වත් දුවේ, පුතේ

අගක් මුලක් පරක් තෙරක් නොපෙනෙන මහා සයුර සේ, මවගේ ගුණ පියාගේ ගුණ පිඬුකොට ගණනය කොට සීමාකොට දැක්විය නොහැකිය. ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මගේ, මවගේ පියාගේ ගුණ බොහෝ අවස්ථාවල ගෙනහැර දැක්වූහ. මහා බ්‍රහ්මයා සියලු ලෝ වැසි සත්ත්වයන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ යම්සේ පතුරුවන්නේද? එසේ මව පියා දරුවන්ට මේ ගුණ පතුරුවා අපට කිසිම – කායික මානසික දුකක් දෙමාපියන් දෙන්නේ නැහැ. දරුවන්ට සැප ලබා දීමටයි මව පියා වෙහෙසන්නේ.

ඒකයි මෙත්තා හෙවත් මෛත්‍රිය කියන්නේ. දුකට පත් සියලු අවස්ථාවලදී ජීවිතය පරදුවට තබා වහාම ක්‍රියාත්මක වී දුකෙන් මුදවා ගැනීමයි. කරුණාව කියන්නේ දරුවන්ට මැදහත් සිතෙන් සලකනවා, කිසිම දරුවකුට වෙනසක් නැහැ. මුදිතා ගුණය එයයි. උපේක්ෂාව යනු දරුවන් ගුණ ධර්මයෙන් පෝෂණය වී සත්පුරුෂයන් බවට පත් වූ විට මැදහත් සිතින් ආශිර්වාද කිරීමයි. මේ සතර බ්‍රහ්ම විහරණ හෙවත් ගුණ ධර්ම අපට වෙනත් කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. දෙමාපියන් අපට මේවා දෙන්නේ මුදල්, තාන්න – මාන්න, කීර්ති – ප්‍රශංසා බලාපොරොත්තුවන් ද නොවේ.

මුල් ළමාවිය’ සංවර්ධනය අත්පොත තබන්නේ් මව, පියායි හොඳ නරක කියාදී ගුණධර්මයෙහි පිහිටුවීම මුලින්ම සිදුවන්නේ මව හා පියාගෙනි.

‘ආහුනෙය්‍ය’ යනු පිදීමට සුදුස්සෝ යනුයි. බුදුපියාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට ඇති ගුණයන් මවටද පියාටද ඇති බව පෙන්වා දුන්හ.

දෙලොවටම යහපතක්!

මංගල සූත්‍රයේදී ‘මාතා පිතු උපට්ඨානං..’ යනුවෙන් මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කරුණක් බව පෙන්වා දුන්හ. මෙලොව වශවෙන් පැමිණෙන උවදුරුත් පරලොව වශයෙන් පැමිණෙන උවදුරුත් දුරු කරන්නේ නම් එය මංගල කරුණකි. දෙමාපියන්ට සලකන විට ඒ අය අප මේ ලෝක වශයෙන් ආරක්ෂා කරනවා. ගුණ ධර්මයන්ගෙන් පෝෂණය කරලා තුනුරුවන් වෙත යොමුවීම නිසා මිය ගිය පසු සුගතියට යාමට හේතුවෙනවා. ඒකයි දෙමාපියන්ට සැලකීම මංගල කරුණක් වන්නේ.

‘මාතුපෝෂක’ ජාතක කථාවේදී පුතා මව කරේ තබාගෙන මුහුදේ පිහිනුවා. මව පුතාට බුදුවීමට නියත වරම් දුන්නා. ඒ ‘බුදු මව‘ නිසා – පුතාට බුදුවිමට වරම් දුන්න බැවින් මේ සසරේ සැරිසරන දුකට පත් බොහෝ සත්ත්වයන් බුදුන් දැක නිවන් දැක්කා.

යම් පුතෙක් දුවෙක් තම මව පියා වයස ගිය පසු හැකිකම තිබෙද්දී සලකන්නේ් නැත්නම් ඔවුන් වසලයන් බවත් පිරිහීමට පත්වන බවත් බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්හ.

යෝ මාතරං වා පිතරංවා
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තො න භරති
තං පරාභවතො මුඛං

මුලින් කී අදහසයි මේ ගාථාවේ තියෙන්නේ. අපගේ කුදු මහත් සියලු කටයුතු කරන්නේ මව සහ පියාය. සියලු දුකේදී පිහිට වෙනවා. කවර රටක දේශයක ජාතියක මවෙක් පියෙක් වුවද සිය හදවතින්ම දරුවට ලෙන්ගතුය. අජාසත් කුමාරයා කුඩා කල අතේ ඇඟිල්ලක විෂ ගෙඩියක් නිසා වේදනාවෙන් කෑගසද්දී සිය පුතා සැනසීම සඳහා බිම්බිසාර පිය මහරජතුමා පුතාගේ විෂ ගෙඩිය සහිත ඇඟිල්ල කටේ දමාගෙන සිටින විට ගෙඩිය පුපුරා සැරව කටේ පිරුණා. පිය රජතුමාගේ දැඩි පුත්‍ර ස්නේහය නිසා ඔහුට අනාදරයක් අපහසුවෙක් සිදුවේයැයි සිතා කටෙන් ඇඟිල්ල නොගෙනම සැරව ගිල්ලා!

චින්තන ශක්තියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයන් වශයෙන් අපගේ යුතුකම් මනුෂ්‍යකම් හරියට ඉටුකරනවානම් කිසිසේත් ‘දූ දරු, මව්පිය සබඳතා’ බිඳ වැටෙන්නේ නැත. උතුම් දරු සම්පත ප්‍රාර්ථනා කරන දෙමාපියන් තම කුසට දරුවකු පැමිණි පසු ‘ගැබ් පෙරහර’ නමින් උපදින්නට පෙර දරුවා වෙනුවෙන් කළයුතු පූර්ව කෘත්‍යයක් කිරීමක් අප අතර ඇත. මව , පියා දෙදෙනාම ඉතාමත් කාරුණිකව මේ කාලය ගත කරනවා. මෛත්‍රිය, කරුණාව දයාව වැඩෙන සිතුම් පැතුම් නිරවුල් මානසික වාතාවරණයක් දෙදෙනාව සනසා ගන්නවා. මව නිතරම ආගමික පරිසරයකට යොමු කරනවා. ගුණවත්, නැණවත් ශක්තිමත් වීරෝදාර දරුවන් බිහිවන්නේ මවගේ පියාගේ මානසික කායික යහපත් ක්‍රියාදාම මෙන්ම පෝෂ්‍යදායි ආහාර ලබාදීමෙනි.

පින්වත් ගුණවත් දරුවන් බිහිවීම සමාජයේ නිවීමට හේතුවේ. සැනසීමට හේතුවේ. දෙමව්පියන්ට නොසැලකීම පිරිහීමට හේතුවකි. තිරිසන් සතුන් පවා තම දරුවන්ට අසීමිත සෙනෙහසක් දක්වයි.

උසස් මානසික ශක්තියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයන් වන අප මේ සර්ව සාධාරණ මව්පිය සබඳතාවය ගැන දෙමාපිය, දූ දරු සබඳතාවය ගැන සිතා විමසා බැලිය යුතුය. මේ ගැන විමසීමේදී කිසිසේත් අපට අපේ වගකීම්වලින් බැහැර වීමට පැහැර හැරීමට හැකියාවක් නැත. බුදුපියාණන් වහන්සේ ‘මව්පිය සෙනෙහස’ පැහැදිලි කර දුන්නේ මෙසේය.

‘මහණෙනි! දෙමාපියන්ගේ පුත්‍ර සෙනෙහස තම සිවිය සිඳගෙන හමේ නතර වෙනවා. හම සිදුරු කරගෙන මස්වල නතර වෙනවා. මස් සිඳගෙන නහරවැල නතර වෙනවා. නහර සිඳගෙන ඇටකටුවල නතර වෙනවා. ඇට සිඳගෙන ඇට මිදුලුවල නතර වෙනවා.

ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව මිනිස් සමාජයේ මහා බලයක්ව පවතින බව අපට හමුනොවන බුද්ධියට ගෝචර නොවන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්හ. අප දරුවන් වශයෙන් මේ ගැන සිතා විමසා බලා දෙමව්පියන් ගේ ගුණ ගැන සිතා මානුෂිකත්වයෙන් වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධව ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල කිඳාබැස ගෙන ඇතිබව නිසාම මහා බ්‍රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.

මහණෙනි, මෙලොව අප දකින මහා බ්‍රහ්මයා මව්පියන්ය. ඉතාමත් පැහැදිලිව බුදුපියාණන් වහන්සේ මව්පියන්ට සැලකීම මෙසේද අවධාරණය කරනවා.

මව්පියන් දරුවන්ට කළ සැලකිල්ලට උපස්ථානයට ණය ගෙවන්න ඒ දෙදෙනා උරහිස තබා මුළු ජීවිත කාලයම කැප කරලත් බැරි බව දේශනා කළහ.

වතුරුගම ගම්පහ සිරි සීවලී හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf