Monthly Archives: October 2016

New photo from Facebook October 19, 2016 at 12:00PM

සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැති කැල්සියම් ගොඩක් පමණක් (හිරිගල් පර වැනි) ඇත්තේය යන සිහිය නුවණ හොඳින් වඩන්න.
මේ අනාත්ම කැල්සියම් ගොඩ දැක්කහම ආත්ම සඥාවක් ඇතිවන්නේ අපේ හිතේ නේද? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 18, 2016 at 12:00PM

මේ සිවියකින් වහපු ඇටකටු කුඩුව ගැන දැන්වත් කලකිරෙමු නේද?
ඉදිලා, නරක්වෙලා, පනුවෝ ගහලා පොලොවට පස් වෙන පළතුරු ගෙඩියක් වගේමයි නේද මේ කයත්? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 16, 2016 at 03:00PM

ප්‍රශ්නය; ස්වාමීන්වහන්ස පටිච්චසමුප්පාදයේ අවිද්‍යා මූලිකවයි, තණ්හා මූලිකවයි ඒ දෙක වෙන්නෙ කොහොමද?

ඒ කියන්නෙ අවිද්‍යාව කියන ධර්මතාවය ප්‍රභවය කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයකුත් තියනවා. තණ්හාව මුල් කාරණාව කරගෙන ප්‍රභවය කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයකුත් තියනවා. මේ දෙකම විපාක, විපාක උනාට මේ දෙකේ වෙනස්කම් දෙකකුත් තියනවා. ඒක අනිවාර්යයෙන්ම අපි දැනගත යුතුමයි. නමුත් වර්තමාන කාලයට ආපහු අපි ආවොත් මේ ටික කථාකරන්න වෙන්නෙ අද කාලෙ තියෙන ප්‍රශ්ණ ගැටළුතාවයක් නිසා.

මේ අවිද්‍යා මූලික තණ්හා මූලික ධර්මතා දෙකේ පැටලීම මත තමයි අද ශාසනේ මේ බ්‍රහ්මචරියාව වෙනස් වෙලා තියන්නෙ. අපි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ප්‍රතිසන්ධි පැත්ත අවිද්‍යාවෙන් හටගත්තෙ කියලා. අවිද්‍යා කර්ම එක්කයි අපි ප්‍රතිසන්ධි වශයෙන් පැමිණියේ කියලා හිතාගෙන ඉන්න හින්දා ප්‍රතිපදාවට අපිට හම්බවෙලා තියනවා තණ්හාව නිසා එන ස්කන්ධයෝ නැතිකරන්න. නමුත් ඕක දෙපැත්ත වෙන්න ඕනේ. ප්‍රතිසන්ධි වශයෙන් පැමිනෙන ස්කන්ධ ටික තණ්හා මූලික උනොත් අපිට හම්බවෙනවා අවිද්‍යා මූලික ස්කන්ධ ටික නැතිකරන්න.මෙන්න මේ මත බ්‍රහ්මචරියාව නැත්නම් මාර්ගය යෙදෙන්නෙ තණ්හාව නැතිකරන්නද අවිද්‍යාව නැතිකරන්නද කියන උත්තරය එනවා.

අපි මේ ධර්මතාවය සහේතුකව සාකච්ඡා කලොත් එකතුවෙලා, ඒ කියන්නෙ මගේ අදහසකට ඕගොල්ලො ඇහුම්කන්දෙනවා නෙමෙයි. මගේ අදහසකට ඕගොල්ලෝ එකතු වෙනවා නෙමෙයි. නමුත් පවතින ධර්මතාවය සහේතුකව අපි කථා කලොත් හොඳටම දන්නවා චතුරාර්‍ය සත්‍යයේදී දුකට හේතුව තණ්හාව නිසා කියලත් පෙන්නනවා. තණ්හාව නැතිවෙනකොට දුක නැතිවෙනවා කියලත් පෙන්නනවා. ඒ දුකේ ඇතිවීම නැතිවීම පෙන්වන බව ඇත්තයි. නමුත් කිසි තැනකදී දුක් නැතිකිරීමේ ප්‍රතිපදාවක් පනවලා තියනවද කියලා බලන්ඩ තණ්හා මූලිකව තණ්හාව නැතිකරන්න කියන තැනින්.

ප්‍රතිපදාවක් පනවන්නෙ හැමවෙලාවෙම “අවිජ්ජා නිරොධො විජ්ජා උප්පාදා” අවිද්‍යාව නැති කිරීම විද්‍යාව උපදිනවා කියන තැනකින් හැමවෙලාවෙම අවිද්‍යා නැතිකිරීමෙන් විද්‍යාව උපදිනවා කියන සම්මා දිට්ඨියකින් මාර්ගය පටන්ගන්නවා විනා තණ්හාව මූලිකව මාර්ගයක් නැහැ. සහේතුකව උත්තරයක් හම්බවෙනවා එහෙම නම් ප්‍රතිපදාව හම්බවෙන්න ඕනෙ අවිද්‍යාව නැතිකරනවා කියන තැනින්. ඔන්න ඔය කාරණා දෙකම වඩාත්ම වැදගත් වෙන්නෙ අපිට ඒ නිසයි. අවිද්‍යා මූලිකව උපන්නොත් තියන දෝෂය තමයි අවිද්‍යා කර්මයෙන් හටගත්තහම අපිට ආපහු කරන්න දෙයක් නැහැ අවිද්‍යාවට. අවිද්‍යාව හම්බවෙන්නෙත් නෑ.එතකොට අවිද්‍යාවට හටගත්ත ධර්මයන්ගෙන් තණ්හාව උපාදාන නොයෙදෙන විදිහට පරිස්සම් වෙන්න තමයි තියන්නෙ.

තණ්හාව උපාදානය නොයෙදෙන්න ඉන්නෙ කියන ක්‍රමයක් නැහැ අපිට. ඒ කියන්නෙ දරුවට තියෙන තණ්හාව අයින් කරන්න කියලා කියනවා නමුත් දරුවට තියෙන තණ්හාව අයින් කෙරෙන ක්‍රමයක් නැහැ. මෙන්න මේ බෙදීම හරියටම තෝරගත්ත දවසටයි ශාසනයේ බ්‍රහ්මචරියාව විද්‍යාමාන වෙන්නෙ. මේ පටිච්චසමුප්පාදයේ වැරැද්ද, චතුරාර්‍ය සත්‍යයේ වැරැද්ද තියන්නෙ. දැන් තණ්හා මූලික ස්කන්ධ ටිකෙන් තමයි පෙන්නුවෙ ප්‍රතිසන්ධි පැත්ත හටගන්න දුක්වූ ස්කන්ධ ටිකේ උත්පාදය නිසයි තණ්හා මූලිකව ප්‍රතිසන්ධිය පැනෙව්වෙ, ඒකයි දුක පෙන්නුවා දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිවෙනකොට දුක නැතිවෙනවා කියලා තණ්හා මූලික හේතුව නිසා දුක්වූ ස්කන්ධයන්ගේම හටගැනීම පෙන්නුවා.

කෙලෙස් එකතුවීමෙන් නෙමෙයි ස්කන්ධ මට්ටමේම දුක් වූ ස්කන්ධ ටික හම්බවෙනවානෙ, හම්බවෙන මට්ටම පෙන්නනවා තණ්හා මූලිකව කියලා. ඊටපස්සෙ තණ්හාව නැතිඋනොත් ඒ ටික නැතිවෙනවා කියන එක පෙන්නුවා. හැබැයි ප්‍රතිපදාවෙදි පෙන්නුවා. ඒ ටිකට කෙලෙස් එක්ක සම්මිශ්‍ර වෙලා එන ස්කන්ධ දුක උපද්දවා ගන්න දුක ඉස්සෙල්ලා නතර කලයුතුයි කියලා උත්තරයක් තියනවා. දැන් අපි අද තියෙන අර්ථය ගත්තොත් අපි කථාකරන්නෙ අවිද්‍යා සංඛාර පෙරයි කියලා. පටිච්චසමුප්පාදයේ අද තියෙන සිද්ධිය දිහා ගත්තොත් විඤ්ඤාණ නාමරූප සලායතන ඵස්ස වේදනා කියන ටික අපේ ජීවිතේ උනොත්, තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකට අපි කියනවා වර්තමාන හේතු කියලා. එතකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා උපදින ස්කන්ධ ටික හැටියට අපි පෙන්නන්නෙ අත දික්කරලා කොහාටද? අනාගත ඵලයි කියලා. ඔන්න දැන් මෙතන ඉඳලා මේ ජීවිතේ තණ්හා උපාදාන භව හේතුටික නිසා අනාගතේට තමයි අත දික්කලේ අපි මොකක්ද? අනාගත ඵලය කියලා.

අනාගතය කියන එකට ගියොත්, මැරිලා අපි ආපහු උපන්නොත් කොතනක හරි. දැන් එහෙනම් ඒකෙ උත්තරේ තිබුනා නේද පෙර ජීවිතේ තණ්හාව උපාදාන භව නිසයි හටගත්තෙ කියලා. උත්තරේ ආවනෙ. නමුත් අපි එහෙනම් තණ්හා උපාදාන භවයෙන් හටගත්ත ස්කන්ධ ටිකකයි පිහිටලා තියන්නෙ, දැන් අවිද්‍යාව දුරුකොට යුතුයි කියන උත්තරයට එන්නැහැ. අපි අනිත් පැත්තට ආපහු මේ තණ්හා උපාදානයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ පිහිටලා ඉඳගෙන කියනවා පෙර අවිද්‍යා සංඛාරය නිසයි කියලා. ඒ ටික පෙන්නනවා පෙර අවිද්‍යා සංඛාරය නිසයි කියලා. දැන් අද අපේ ජීවිතේ ගන්න, පෙර ජීවිතේක අපි කොහේ හරි හිටියනම් කොහෙහරි ඉපදිලා.එදා කිව්වෙ එදා ඇතිකරගන්න තණ්හා උපාදාන නිසා අනාගත ඵලයි කියලා මේ ජීවිතේ පෙන්නුවෙ. දැන් මෙතන්ට ඇවිල්ලා අපි අර පැත්තට අත දික්කරලා පෙන්නනවා මොකක්ද? පෙර අවිද්‍යා සංඛාරයි කියලා.

එතකොට තණ්හා මූලිකයි කියලත් අවිද්‍යා මූලිකයි කියලත් පෙන්නලා තියන්නෙ දෙකම එක මිසක අපිට මේ දෙන්නා දෙන්නෙක් විදිහට හඳුන්වලා දීලා නෑ, පෙන්නලා නෑ. කාටද හම්බවෙලා තියන්නෙ තණ්හා මූලික ස්කන්ධ ටික මෙන්න මේකයි අවිද්‍යා මූලික ස්කන්ධ ටික මෙන්න මේකයි කියලා. පැහැදිලිව වෙන් වෙන්කරලා පෙන්නන්න පුළුවන්ද. දැන් ප්‍රතිසන්ධි මට්ටමේ ඉඳලා පංච විඤ්ඤාණය මේ ඔක්කොම ටික පෙන්නන්නෙ අනාගත සිද්ධියට. එහෙම උනොත් තියෙන දෝෂය මොකක්ද කියලා දන්නවද? ආයෙ ලේසි වැරැද්දක් නෙමෙයි වරදින්නෙ. කාම භූමියේ උපන්න මිනිහා හැමදාම කාමාවචරවමයි. ඒ මනුස්සයට රූපාවචර අරූපාවචර වෙන්ඩ බැහැ. වෙනවා නම් වෙන්නෙ මොකටද කාම විපාකයකට රූපාවචර අරූපාවචර තණ්හාවක් හදාගෙන වෙනවා.

මොකද වේදනා පච්චයා තණ්හා.විපාකය කාමාවචරයි වෙනස් කරන්න බැහැ කාම මට්ටමේ තියන්නෙ. අපිට වෙන්නෙ දන්නෙම නැතුව අපි ඇවිල්ලා ආපහු එක්තරා නියතයකට, එක්තරා අන්තෙකට. ඊගාවට මේ ජීවිතේ ඇතුලෙ කර්ම කොතනක වත් නෑ. අවිද්‍යාව කොතනක වත් නෑ. කෙලෙස් ටිකෙන්ම තමයි කර්මයි කෙලෙසුයි දෙකම වෙලා තියන්නෙ. ඇයි මේ ජීවිතේ අවිද්‍යාව කියන එක පේන මානෙක නැහැනෙ. පෙර ජීවිතෙත් ගියහම ඒ ජීවිතෙත් මේ වගේම අවිද්‍යාව ඒ ජීවිතෙත් නෑ කියලා. මේ වගේ විමසීමක් කලොත් මනාව අද තියෙන මේ ක්‍රම රටාව කිසිම විදිහක සහේතුක භවක් නැහැ නුවණක් තියෙන කෙනෙකුට. හොඳ බුද්ධිමත් කෙනෙකුට නින්දා කලහැකියි, වාදාරෝපණය කල හැකියි මේ පටිච්චසමුප්පාදය සිද්ධියේ තියෙන ක්‍රමයට අද පෙන්නලා තියෙන අර්ථයට සහේතුකව ඕගොල්ලො එකම දේනේ පෙන්නන්නෙ. සහේතුකව බෙදලා නෑනෙ කියලා චෝදනා කරන්න පුළුවන්.

නමුත් ඔය සිද්ධි ටිකේ වැරැද්ද ගවේෂණය කලහම මට ඕක තේරුනේ ඔන්න ඔය සිද්ධියේ වැරැද්ද මත චතුරාර්‍ය සත්‍යම වැරදිලා තියන්නෙ. ප්‍රතිපදාවට තණ්හාව නැතිකරනවා කියන තැනක උත්තරයක් ඇවිල්ලා තියන්නෙත් මේ පටිච්චසමුප්පාදයේ වැරැද්ද නිසයි. නමුත් එහෙම තණ්හාව නැතිකරනවා කියන ප්‍රතිපදාවක් චතුරාර්‍ය සත්‍යයේදී පෙන්නනවානම් ඒ චතුරාර්‍ය සත්‍ය බලාගන්න ක්‍රමයත් වැරදියි. මේ පටිච්චසමුප්පාදයේ වැරැද්ද නිසා චතුරාර්‍ය සත්‍යයේත් වැරැද්ද තියනවා. චතුරාර්‍ය සත්‍ය වැරදිලා නම් එයාට පටිච්චසමුප්පාදය කොතනක හරි වැරදිලා ඇති. එතකොට කලම බ්‍රහ්මචරියාව වැහිලා මේ සිද්ධියෙන්. මම දන්නැහැ ලෝකේ කොච්චරක් දුරට තේරෙනවාද පේනවද කියලා.නමුත් සහේතුකව නුවණක් තියෙන කෙනෙක් දැක්කොත් එයාට මේකේ මේ තරම් පරස්පරයක් තියනවා කියන එක තේරෙයි.

ගතානුගතිකව අපිට යන්න පුළුවනි මොනවා හරි දෙයක් කිය කියා. නමුත් සැබෑම නුවණින් විමසීමක් කලොත් මේක තුල ඇතිවෙන ප්‍රශ්ණ ගැටලු රාශියක්. එතකොට ඔය සිද්ධියේ සැබෑ අර්ථය මට හිතෙනවා ඕක නිවැරැදි වෙනවා මෙන්න මෙහෙම ආවොත් කියන එකක් තියනවා. හැමවෙලාවෙම ප්‍රතිසන්ධිය පැනවිය යුතුයි ,ඉපදීම පැත්ත පැනවිය යුතුයි, පනවන්ට ඕනෙ,අවිද්‍යා මූලිකව නෙමෙයි තණ්හා මූලිකවයි කියලා. මොකද ඒකට හේතුව දැන්ද අද ඇතිකරගන්න තණ්හා උපාදාන භව නිසා ජාති කියලනෙ පෙන්නන්නෙ.එතකොට පටිච්චසමුප්පාදයේ ජාතිය කියන එක ගත යුතුයි “අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැනින් නෙමෙයි. භව පච්චයා ජාතියි කියන තැනින් දැක්ක යුතුයි කියලයි මම කියන්නෙ. ප්‍රතිසන්ධිය දැක්ක යුතුයි.භව පච්චයා ජාති කියන තැනින්. එතකොට ඒ ස්කන්ධ ටික තණ්හා මූලිකයි. ප්‍රතිසන්ධි වශයෙන් තණ්හාව මූලිකව මොකටද?

දැන් ධර්මයෙ උනත් සඳහන් වෙන්නෙ “අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං කියන එකේදී, මේ ගේ හදන තෘෂ්ණාව නැමැති වඩුවා හොයාගෙන මෙච්චර කාලයක් ඔහු නොදකිමින් ආවා. මම මේ තෘෂ්ණාව නැමැති වඩුවා දැක්කා, කියන තැනකින්නෙ කියන්නෙ. ඉන්න ජීවිතේ රැවැට්ටුවට මායාවකින්, විඤ්ඤාණය නැමැති මායාකාරයා ලෝකය හදලා දුන්නට ඒකට ඇතිකරගන්න තණ්හා උපාදාන නිසා නැවත ප්‍රතිසන්ධියට යන්නෙ. හැබැයි මායාවකට හසු උනොත් තණ්හාව ඇතිනොවී තියන්නෙ නෑ. තණ්හාව ඇතිඋනොත් ප්‍රතිසන්ධියට නොයා තියන්නෙ නෑ. ඒකයි අවිද්‍යාවෙන් පටන්ගන්න ඒ චක්‍රය නොනැවතීම ජරා මරණ දක්වා පෙන්නන්නෙ රැවටුනොත් ආයෙ මග නවත්තන්න බැහැ කියන සිද්ධියකින්.

අවිද්‍යා මූලික ස්කන්ධ කියලා මම පෙන්නන්නෙ අවිද්‍යා පච්චයා සංඛාරා කියන තැනින් පටන් අරගෙන පෙන්නන විඤ්ඤාණ නාම රූප සලායතන ඵ්ස්ස වේදනා කියලා පටිච්චසමුප්පාද සිද්ධිය තුල පෙන්නන ධර්මතා ටික තියනවා. දැන් හොඳට බලන්න මේකේ ස්කන්ධ දෙකක් තියනවා ඔගොල්ලො නොදැක්කට. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැනත් විඤ්ඤාණ නාම රූප සලායතන ඵස්ස වේදනා කියන තැනත් විපාකයක් දුක්ඛ සත්‍ය. “භව පච්චයා ජාති” කියන තැනත් විපාක දුක්ඛ සත්‍යක්. මේ දෙකම එකගොඩට දාලා බෑ. මේ දෙක දෙකක්. මෙ දෙකම පුරාණ කර්මයෙන් හටගත්තේ කියලා දාලා බෑ. ඒක විසඳීම සාධාරණ නෑ. පරාස දෙකක් එකක් උපදිනවා කියන සිද්ධිය, අනික ඉපදුනාට පස්සෙ ඇත්ත නොදන්නාකම නිසා හදාගන්න ස්කන්ධ ටිකක් කියලා දෙකක්.

එතකොටම එකක් තියනවා සැබෑවටම වූ දෙයක් වෙනස් කරන්න බැරි කෙලෙස් ඇතිවේවා නැතිවේවා. තව එකක් තියනවා නුවණ මත වෙනස් කරන්න පුළුවන් උපදවන්න පුළුවන් අඩු කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් ඒ ස්කන්ධයන් අරඹයා නුවණ මත හා මෝඩකම මත. ඒකයි අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවයෙන් හටගන්න විපාක ටිකට තමයි විඤ්ඤාණ නාම රූප සලායතන ඵස්ස වේදනා කියලා පටිච්චසමුප්පාදයේ කියන්නෙ. පටිච්චසමුප්පාදය ඇතුලෙ කථා කරන විඤ්ඤාණ නාම රූප සලායතන ඵස්ස වේදනා කියන ටික ප්‍රතිසන්ධි මට්ටම කියන ස්කන්ධ ටිකට ඈඳගන්න එපා, අයිති නැහැ. ප්‍රතිසන්ධි මට්ටමේ ස්කන්ධ ටිකේ අයිතිය තියන්නෙ එතනත් විඤ්ඤාණ නාම රූප සලායතන ඵස්ස වේදනා කියන පහක්ම තියනවා තණ්හා මූලිකව. ඒ ටික හැම වෙලාවෙම දැනගන්න භව පච්චයා ජාති කියන තැනිනුයි ඒක දැක්ක යුත්තෙ කියන එක. විපාක ධර්මතා දෙකක් තියනවා දිට්ඨධම්ම සම්පරායක කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න එක දිට්ඨධම්ම විපාකයක්. අපි කියමු ප්‍රතිසන්ධි වශයෙන් අපි කාම ධාතුවේ උපන්නා. ඔන්න තණ්හා මූලිකයි. භව පච්චයා ජාති.

‘ඉද පටිසන්ධි විඤ්ඤාණං ඔක්කන්ති නාමරූපං පසාදෝ ආයතනං ඵුටේඨා ඵස්සො, වෙදයිතං වේදනා’ කියලා ධර්මතා පහක්ම එතනත් තියනවා ප්‍රතිසන්ධි විඤ්ඤාණය මුල්වෙලා. ඒ ප්‍රතිසන්ධි විඤ්ඤාණය, ඒ ටික ගන්න පටිච්චසමුප්පාදයේ මම අර කියපු අඹ ඇටේ උපමාවේ කියපු ඒ ධර්මතා ටික හරි.ඒක තියාගන්න සංඛාර පච්චයා විඤ්ඤාණං කියන තැනට නෙමේ භව පච්චයා ජාති කියන තැනට.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2016.04.21 නාඋල භික්ෂුන් වහන්සේලා අරඹයා පටිචචසමුප්පාදය විස්තර කර සිදු කරන ලද ඉතා වටිනා දේශනාව ඇසුරෙන්

දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2ekfEmv via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 15, 2016 at 03:00PM

සදා පුජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි. අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස.මේ පින්වත් හැමදෙනාම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුනත්, ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා “මමෙව බුද්ධො, මමෙව ධම්මො, මමෙව සංඝො” බුදුහාමුදුරුවෝ මගේමයි, ධර්මය මගේමයි, සංඝරත්නය මගේමයි. තුනුරුවන් හැරෙන්න මට වෙන පිහිටක් නැහැ කියන වචනය කටින් නොකිව්වත් ක්‍රියාව තුලින් කරමින් තුනුරුවන් සැඟවෙන තැන් කරගෙන, පිහිට තැන් කරගෙන, ආරක්ෂා තැන් කරගෙන මේ ස්ථානයට ආවේ මේ සසර දුක් ගිනි නිවෙන සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කලණ සිත් ඇතුවම.

පින්වතුනි බුදුරජානන්වහන්සේ එදා උපවත්තන නම් සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩ ඉන්න වෙලාවේදී දෙවියෝ, මනුස්සයෝ බොහෝ සෙයින් තථාගතයන් වහන්සේට මල්, සුවඳ දුම්, නොයෙක් ආදී දෙයින් පූජා කරනකොට, ඒ වගේම නොයෙක් තුර්‍ය වාදන පවත්මින් පූජා සත්කාර කරනකොට තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්වහන්සේ අමතා දේශනා කළා “ආනන්ද මේ ලෝකයා කරන පූජාවන් මේවා මට කරන පූජාවන් නෙමෙයි, ඒවා ඒ අයටම කරගන්නා පූජාවන්.” කුමක් නිසාද බුදුරජනවහන්සේ වෙනුවෙන් කියල හෝ යම්කිසි කෙනෙක් ආමිස පූජාවන් පැවැත්වුවොත් භාග්‍යවතුන් වහන්සේ පරිබෝජනය නොකලත් ඒ අයට පින් සිද්ධ වෙනවා. ඒ අයට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතිනවා. එතකොට ඒ කරන පූජාවන් ඒ අයටම කරගන්න පූජාවන් කියල.

යම්කසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් අන්න ඒ අයයි තථාගතයන් වහන්සේට පූජා කරන්නේ, ඒ අයයි තථාගතයන් වහන්සේට ගරු කරන්නේ, ඒ අයයි තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ කියල පෙන්නුවා. කුමක් නිසාද, පින්වතුනි එදා සතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුනා දීපංකර බුදුරජාණන්වහන්සේගේ කාලේදී අපේ බුදුරජාන්වහන්සේ සුමේධ තාපසව ඉපදුන වෙලාවේදී. නමුත් ඒ තරම් හේතු සම්පත් තිබුනත් පින්වතුනි, බණ අහන බණ කියන ඔබ මා වෙනුවෙන් ඒ නිවන ප්‍රතික්ෂේප කරලා ඒ දුක් ගිනි නිවා ගැනීම තමන් වහන්සේගේ සසර දුක් ගිනි නිවා ගැනීම ප්‍රතික්ෂේප කරලා මේ ඝෝර වූ භයංකාර සසරට අවතීර්ණ වුනේ අපිව සසරෙන් එතෙර කරන්න.

පින්වතුනි අපි හැමකෙනෙක්ම සසර ඉදිමින් අනන්ත අපරිමාණ දුක් විදිනවා. ඒ දුක් විඳින්නේ අපි අපේ තියෙන පෞද්ගලික කෙලෙස් වලට. අපි අපේ තියෙන පෞද්ගලික අඩුපාඩු වලට. නමුත් නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුන බෝසතන්වහන්සේ නමක් දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් නිසා නෙමෙයි. අහිංසක ලෝකයා නිසයි. පින්වතුනි ඒ මේ කාලය තුල අනුන්ගේ සැප වෙනුවෙන් තමන්ගේ සැප අත්හල කෙනෙක් ඉන්නවා නම් ඒ බෝසතාණන් වහන්සේලා හැරෙන්න වෙන කෙනෙක් නම් නෙමෙයි. අනුන්ගේ දුක් නිවීම සදහා තමන් දුක් වින්ද කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි ඒ බෝසතාණන් වහන්සේලා හැරෙන්න තව කෙනෙක් නම් නෙමෙයි.

පින්වතුනි බුදුරජාණන්වහන්සේට මේ ධර්මය නිකන්ම පහලවුනේ නැහැ, නිකන්ම අවබෝධ වුනේ නැහැ. ඒ සදහා අනන්ත අපරිමාණ කෘර වූ කටුක වූ දුක් වේදනා විඳිමින් පාරමී ධර්ම පුරන්න වුනා. පින්වතුනි අද වගේ දවසක බුදුරජාණන්වහන්සේගේ ගුණ සිහිපත් කරන අපි ඒ ටිකත් සිහිපත් කරන්න ඕනේ. සිහිපත් කලයුතුයි. පින්වතුනි එදා ශාන්තිවාදී තාපසව ඉපදුන වෙලාවේදී අතපය කෑලි කෑලි වලට කපද්දීත් ද්වේශ සිත් මාත්‍රයක්වත් කලාබු රජ්ජුරුවෝ ගැන හිතන්නේ නැතුව ක්‍ෂාන්ති පාරමිතාව පිරුවේ පින්වතුනි මුළු ලොවටම ක්ෂාන්තියක් ලබාදෙන්නයි.

ඒ වගේම හිමාල වනයේ මහා විශාල හස්ති රාජයෙක් සර්වාංගයම ධවල ඒ කියන්නේ සුදෝ සුදු මහා විශාල හස්ති රාජයෙක් වෙලා ඉපදුන වෙලාවේදී ඒ හස්ති රාජයාගේ දළ වලින් රැස් විහිදෙනවා. ඉතින් ඒ තරම් විශාල ඒ හස්ති රාජයාට පුළුවන්කම තියෙනවලු ඕනෑම දෙයක් එක ක්ෂණයකින් සුණුවිසුනු කරලා දාන්න. ඒ තරම් ජවසම්පන්නයි. එබදු වූ හස්ති රාජයෙක් වෙලා උපන්න වෙලාවේදී සෝණුත්තර කියන වැද්දා ඇවිල්ලා දළ කපාගන්න හදනකොට ඒ වැද්දාට තනියම කපා ගන්න බැරි වෙනකොට තමන්වහන්සේගේ දළ දෙක කපන්න තමන්ම කියතේ කොනක් ඇල්ලුවා කියනවා හොඩවැලෙන්. අල්ලලා කපල දුන්නු කෙනෙක්. අපේ අතක් කපන්න හදනකොට කියතේ කෙරවලක් අල්ලලා අත හෝ ශරීර අවයක් කපලා දෙනකන් ඉඳීද? කපලා ඒ ඇත් දළ දුන්නේ සර්වඥතා ඥාණය නමැති දළ ලබාගෙන මේ ලෝකෙම සසර දුකෙන් එතෙර කරවන්න.

දෙමව්පියෝ දන්නවා දරු සෙනෙහස කියන එක. පින්වතුනි වෙස්සන්තර රාජ කාලේදී තමන්ගේ දරුවෝ සියතින් අල්ලලා දුජක බමුණාට දන් දුන්නේ මුළු ලෝකෙම දරුවෝ ගැන හිතාගෙන. ඉතින් මේ වගේ මහා විශාල දුක් විඳලා පාරමී ධර්ම පුරලයි පින්වතුනි බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ පාරමී ධර්ම පුරන හැම වේලාවකම බෝසතාණන් වහන්සේගේ සිතේ අදහසක් තිබුනා. වචනයෙන් කියන වචනයක් තිබුනා. බෝධි සම්භාර ධර්ම පුරන හැම කාලයකම හැම ජීවිතයකම කියපු වචනයක් තිබුනා. මොකක්ද, “බුද්ධො අහං බෝධිස්සාමි” මම කවදාම හරි දවසක මේ ධර්මය අවබෝධ කරගන්නවා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ධර්මය අවබෝධ කරගෙන ලෝකයාටත් මම ඒක අවබෝධ කරවනවා. “මුත්තො අහං මොචෙපරිං”. මම කොහොම හරි මේ සසර දුකෙන් මිදිලා අනික් අයවත් මේ සසර දුකෙන් මුදවනවා. “තින්නො අහං තාරිස්සාමි, සංසාඔඝා මහභයා” මේ භයංකාර සංසාර ඕඝයෙන් මමත් එතෙර වෙලා අනික් අයවත් එතෙර කරනවා කියන කලණ සිතින්මයි, කලණ අදහසින්මයි පෙරුම් පිරුවේ.

ඒ නිසයි බුදුරජාණන්වහන්සේ එදා පිරිනිවන් මංචකයේදී පෙන්නුවේ ආනන්ද යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරුනොත් හෙතෙම මා පුදනවා කියල. බුදුරජාණන්වහන්සේගේ බලාපොරොත්තුවක් අරමුණක් තිබුනා මේ අහිංසක දුක් විඳින ලෝකයා සංසාර දුකෙන් එතෙර කරවන්න ඕනේ කියන. පින්වතුනි අපි බුදුහාමුදුරුවන්ට ආදරෙයි නම් බුදුහාමුදුරුවෝ ගැන මොහොතකට හෝ සෙනෙහසයි නම් ඇත්තටම අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙයි. අපි කෙරෙහි මේ තරම් කැප කිරීමක් කල, අපි කෙරෙහි මේ තරම පරිත්‍යාගයක් කළ ඒ මගේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ , මගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් මගේ හිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන මොහොතකට හරි මගේ පෞද්ගලික මතිමතාන්තර වලට ජීවත්වන මගේ ජීවිතය එක මොහොතකට, එක පැයකට, එක දවසකට නතර කරලා මගේ බුදුහාමුදුරුවන්ගේ ඒ අධිෂ්ඨානය ඉෂ්ඨ කරලා දෙන විදිහට ජීවත් වෙනවා කියන එක කරන්න පුළුවන් නම් , කරනවා නම් මෙන්න මෙයා බුදුහාමුදුරුවන්ට නියම සෙනෙහවන්ත කෙනා.

අද පින්වතුනි මෙබදු වූ බුද්ධ පූජාවකින් ජීවිතය පූජා කරන්න හොදම දවසක්. ඒ නිසා හැමදෙනාම ශ්‍රද්ධාවෙන් හිත පිහිටුවාගෙන තමන්ගේ ඒ අදහස මුදුන් පමුණවා ගන්න අවස්තාව ඉඩ ලැබෙන ආකාරයට ජීවිතය තුලින් බුද්ධ පූජාවක් කරන්න ලැබෙන ආකාරයට හැමදෙනාම කටයුතු කරන්න කියල මුලින්ම අද මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ මතක් කරනවා.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016.05.21 වෙසක් පොහෝ දින ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී “කීංසුකොපම සුත්‍රය” ඇසුරෙන් සිදු කරන ලද දේශනාවක් ඇසුරෙන්. නිවන් දැකීමට අප විසින් කුමක් කටයුතුද කියා ඉතා පැහදිලිව මේ දේශනාවේදී ස්වාමින් වහන්සේ විස්තර කරනවා. මේ දේශනාව ශ්‍රවනය කරලා අප්‍රමාදී වෙන්න කියල මතක් කරනවා.

සම්පුර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2dr4dKU via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook October 15, 2016 at 09:08AM

වසර දෙදහස් ගණනක සිට බොහෝ රටවල මනුෂ්‍යයින්ගේ වන්දනාවට පාත්‍ර වූ අපගේ බුදුහිමි.

1. ඒ භාග්‍යවතුන් වහන්සේ, මෙසේ ද සත්ථා දේවමනුස්සානං වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙලොව හිතවැඩ පිණිස අවවාද අනුසාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරලොව අර්ථය පිණිස අවවාද අනුසාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිර්වාණ පරමාර්ථයෙන් අනුසාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් ජාති කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් ජරා කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් ව්‍යාධි කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් මරණ කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් සෝක කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් පරිදේව කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් දුක්ඛ කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් දෝමනස්ස කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් උපායාස කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් රාග කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් දෝස කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් මෝහ කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් මාන කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් දිට්ඨි කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් ක්ලේස කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් කාය දුච්චරිත කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් වචි දුච්චරිත කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් මනෝ දුච්චරිත කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අත්තකිලමතානුයෝග කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් කාමසුකල්ලිකානුයෝග කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් සංසාර කාන්තාරයෙන් එතෙර කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් සතර මග ඵල නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අජාති නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අජර නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අව්‍යාධි නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අමත නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අසෝක නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අපරිදේව නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අදුක්ඛ නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අදෝමනස්ස නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අනුපායාස නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් වීතරාග නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් වීතදෝස නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් වීතමෝහ නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් අනාසව නම් වූ නිවනට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් නිවන් පුරයට පමුණුවා වදාළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන් විනයෙහි පිහිට වූ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන්ට විමති සිඳුවමින් දහම් දෙසන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන්ට අර්ථය වටහා දෙමින් දහම් දෙසන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන්ට අර්ථය තීරණය කර දෙමින් දහම් දෙසන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන්ට ප්‍රතිපත්තියෙහි පිහිටුවමින් දහම් දෙසන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන්ට ප්‍රතිපත්ති ඵල රස විඳුවමින් දහම් දෙසන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත්වයන්ට මාර්ගඵල නිර්වාණය ලබා දෙමින් දහම් දෙසන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තමන්ගේ සිතෙහි නූපන් නිවන් මඟ ඉපදූ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුන්ගේ සිතෙහි නූපන් නිවන් මඟ ඉපදවූ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බෝධිසත්වයන්ට විවරණ දෙමින් නිවන් මඟ පෙන් වූ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

51. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තමන් ඉපද වූ නිවන් මඟ දන්නා බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

52. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුන්ට උපදින නිවන් මඟ දන්නා බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

53. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බෝධි සත්ත්වයන්ට උපදින නිවන් මඟ දන්නා බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

54. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තමන් ගමන් ගත් නිවන් මඟ අන් අයද ගමන් කරවූ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

55. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු සත්ත්වයන් සංසාර සාගරයෙන් එතෙර කිරීමට මඟ පෙන් වූ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

සාධු ! සාධු ! සාධු !

මාගේ බුදුරජාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක.

මාගේ බුදුරජාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක.

මාගේ බුදුරජාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක.

සෝ භගවා ඉතිපි සත්ථා දේව මනුස්සානං!!! via Facebook Pages http://ift.tt/1GMS4Lf