Monthly Archives: November 2016

New photo from Facebook November 15, 2016 at 09:17AM

“මේ ධර්මය එළඹ සිටි සිහිය ඇත්තන් සඳහායි, මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහායි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ නිකන් නොවේ.

“මේ ධර්මය (ලෝකයේ යථාර්තය), දුරාවබෝධය (අවබෝධය දුෂ්කරය), අතක්කාවචරය (තර්කයට ගෝචර නොවේ), පණ්ඩිතයින් විසින්ම දත යුතුය” යනුවෙන්ද බුදුරජාණන් වහන්සේ විසින් දේශිතය.

නමුත් මේ යථාර්තය අවබෝධ කළහොත් මේ දිවියෙදීම ලෙඩ රෝග හා මරණයෙන් මිදිය හැකිය. ඒ සඳහා උපරිම උත්සහ කරමු.

ඒ සඳහා උපකාරයක් -> http://sudassana.org/ හා http://goo.gl/Aekzis via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 14, 2016 at 09:43AM

ඉපදෙන මැරන සසරින් එගොඩ වීමට මාර්ගය කියන්නේ බුද්ධ ධර්මයෙන් පමණි.

පසුවට පසුතැවිලි නොවන්නට, තරුණ වියේදීම ධර්මයට එක්වන්න -> http://sudassana.org/ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 13, 2016 at 03:00PM

මෝඩ මට තේරෙන්නේ බාහිර කෙනෙක් සැප දුක් ගෙනාවා වගේ. නමුත් යථාර්තය තමයි කව්රුවත් සැපවත් දුකවත් මට ගෙනත් දීලා නැහැ. සැපත් දුකත් දෙකම කෙලෙස් ටික නිසා උපද්දවාගෙනයි විදලා තියෙන්නේ කියල දැක්ක දවසටයි මේ දුකේ කලකිරෙන්නේ. අනන්ත සංසාරේදීම හැමදාම වුනේ මේ වැරැද්ද නිසා දුක් වින්ද එක. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 13, 2016 at 12:00PM

ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ මග කියා දෙන්නා වූ පින් කෙත් බඳු වූ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා…!

සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං

සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාට මම නමස්කාර කරමි…!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. වර්තමානයේ මෙම බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා විසින් සම්මා සම්බුද්ද ශාසනය සහ බෞද්ධයන් උදෙසා කරන්නා වූ අමිල මෙහෙය අගය කරමින් මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

ධර්ම දානය: http://ift.tt/1NO2uXY විසිනි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 13, 2016 at 09:10AM

මහා රාහුලොවාද සූත්‍රය -> http://ift.tt/2a8QDHM

ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?”
“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්‍යවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් කිසි තදබවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.
115
“රාහුල, ආපො ධාතුව කවරීද, අධ්‍යාත්ම ආපො ධාතුවක් වන්නේය. බාහිර ආපො ධාතුවක් (ද) වන්නේය. රාහුල, අධ්‍යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්‍ර යන මොහුද, මෙයින් අන්‍ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ’ එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.
116
“රාහුල, තෙජො ධාතුව කවරීද, අධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තෙජො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මෙයින් අන්‍යවූ තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික තෙජො ධාතුව යයි කියනු ලැබේ. රාහුල, යම් අධ්‍යාත්මික තෙජො ධාතුවක් වේද, බාහිරවූ යම් තෙජො ධාතුවක් වේද, මේ දෙකම තෙජො ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි. තෙජො ධාතුවෙහි සිත නොඇලෙයි.
117
“රාහුල, වායො ධාතුව කවරීද, අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 12, 2016 at 03:00PM

කෙනෙක් සතර මහා ධාතුවේ අම්මා, තාත්තා නොදකිනවා නම් තමන් හෝ තමන්ගේ ආත්මය නොදකිනවා නම් සතර මහා ධාතුවේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, බඩු මුට්ටු නොදකිනවා නම් ඒක රැවටෙන එක වෙන්න පුළුවන් නමුත් මේක හැදුන හැටිවත් දන්නේ නැති නම් හැදෙන හැටි දන්නෙත් නැත්නම් දිට්ඨි සම්පන්නයෙක් නම් නෙමෙයි. සතර මහා ධාතුවේ රූප ලෝකයට අම්මා වුනේ රැවටෙන්න පුළුවන් හැදිච්ච හැටි දන්නවා දිට්ඨි සම්පන්නයා. ආශ්‍රව වැඩි නිසා මේක දැනගෙන හිටියත් අම්මා අම්මා කියල රැවටෙන්න පුළුවන් නමුත් සිහිකලොත් මේ රූපය අම්මා වුනේ කොහොමද කියල මනසේ තියෙන ගති ටික නිසා හදාගත්ත සතර මහා ධාතු රූපය ඒ රූපය දකිනකොට මනසේ ආපහු මේ ගති ටික යෙදෙනවා නේද කියල සතර මහා ධාතුවේ අනාත්මය හොඳට දකිනවා.

දිට්ඨි සම්පන්නයා කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. හොඳට මතක තියාගන්න සෝතාපන්න පුද්ගලයාගේ ලක්ෂණය. ස්පර්ශ ආයතන හයේ ආත්ම වූ කිසිවක් දකින්නේ නැහැ. අනාත්මමයි. දිට්ඨි සම්පන්නයා කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. එයා දකින්නේ නැහැ කවදාවත්ම අම්මා කෙනෙක් ඉන්නවා, ඉන්න අම්මා හම්බවෙනවා, හම්බවෙච්ච අම්මා ඉන්නවා කියන එක දකින්නේ නැහැ කවදාවත්. මෙය ඇති කල්හි මෙය වේ. මෙය නැති කල්හි මෙය නොවේ. අම්මා හම්බවෙන හැටිත් දන්නවා අම්මා හම්බ නොවෙන හැටිත් දන්නවා.

පුටුව හැදෙන හැටිත් දන්නවා. පුටුව නොහැදෙන හැටිත් දන්නවා. කෙනෙක් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයෙන් මනසේ තියෙන පුටුව වූ රූපයේ හැඩයට සතර මහා ධාතුව රාශි කළා. සතර මහා ධාතු රූපය දකිනකොට ආපහු මේ ගති ටික මනසේ යෙදෙනවා කියල දන්නවා නම් එයා පුටු හදන්නේ නැහැ. අවකාශ ධාතුව තුල මේ හැඩයට සතර මහා ධාතුව රාශි කරයි. සතර මහා ධාතුවයි රාශි වෙන්නේ කියන නුවණකින්. එදාට මේ සතර මහා ධාතුව කැඩුනාට පුටුව කැඩුනා කියල දුක් විඳින්නේ නැහැ එයා. නුවණ නිසා.

අවිද්‍යා, කර්ම තණ්හා ,ආහාර නිසා සතර මහා ධාතුව මේ විදිහට රාශි වෙනවා. රාශි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට අම්මා කියන ගතිය මනසේ යෙදෙනවා කියල දන්න නිසා එයා මේ සතර මහා ධාතු රූපය අම්මා ඉන්නවා කියල ප්‍රපංච කරන්නේ නැහැ. ආශ්‍රව නිසා රැවටිලා බලන්න පුළුවන්. නමුත් සිහි කලොත් අම්මා හැදිච්ච හැටි නොදන්නවා නොවේ. මේ නුවණ තියේ නම් බය නැතුව කියන්න මම දිට්ඨි සම්පන්නයි කියල. චුට්ටක්වත් බය වෙන්නත් එපා. ඕගොල්ලොන්ට ඕක තේරුනේ නැත්තම් මේ හිස්බව දැක්කා කියල මේ ශාසනයේ මාර්ග ඵල ලැබෙන්නේ නැහැ. මේක ප්‍රඥාවෙන් අවබෝධ කටයුක්තක්.

සතර මහා ධාතුවේ අම්මා, තාත්තා, දුව, පුතා දකින්නේ නැතුව අනාත්මයි කියල කෙනෙක්ට දකින්න පුළුවන් නම් ශුන්‍යත විමොක්ෂය කියල කියනවා ඒකට. සතර මහා ධාතුවේ අම්මා, තාත්තා, පුටු, මේස කියන කිසිම නිමිත්තක් නැත්නම් අනිමිත්තයි. සතර මහා ධාතුව අම්මා කියල සතර මහා ධාතුව ප්‍රර්ථනා කරන් නැත්තම් පුටුවක් ලැබේවා කියල රත්තරන් ලැබේවා, රිදී ලැබේවා කියල කැමැත්තෙන් සතර මහා ධාතුව එකතු කරන් නැත්තම් අප්පණීහිතයි. මේ දර්ශනය නිසයි එයා සතර මහා ධාතුවේ නොඇලෙන්නේ. නොඇලෙන නිසා මිදෙනවා.

සතර මහා ධාතුව එක්ක ගණුදෙනුව තියෙන්නේ රාග, ද්වේශ, මෝහ තියෙන මනසටයි. රාගය අශුන්‍යකරයි , ද්වේශය අශුන්‍යකරයි, මෝහය අශුන්‍යකරයි. රාගය නිමිත්තක්, ද්වේශය නිමිත්තක්. මෝහය නිමිත්තක්. රාගය ප්‍රර්ථනා කරන ධර්මයක්, ද්වේශය ප්‍රර්ථනා කරන ධර්මයක්, මෝහය ප්‍රර්ථනා කරනධර්මයක්. රාගය තියෙන තැන අශුන්‍යයි, ද්වේශය තියෙන තැන අශුන්‍යයි, මෝහය තියෙන තැන අශුන්‍යයි. රාග, ද්වේශ, මෝහ තියෙයි නම් සතර මහා ධාතුවේ නිමිති තියෙයි. සතර මහා ධාතුවේ සත්වයෝ, පුද්ගලයෝ, ද්‍රව්‍ය කාරණා තියෙයි. රාග, ද්වේශ, මෝහ තියේ නම් සතර මහා ධාතුව තුල ප්‍රර්ථනා කටයුතු බොහෝ වස්තු තියෙයි.

අනිමිත්ත, ශුන්‍යත, අප්පණීහිත කියන්නේ පටිච්ච සමුප්පාදය දන්නා වූ දක්නා වූ මනස නිසා, ස්කන්ධයන්ගේ උදය වැය දන්නා වූ දක්නා වූ මනස නිසා නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදය වැය දන්නාකම නිසා සතර මහා ධාතුවේ කිසිම නිමිත්තක් දකින්නේ නැහැ. අනිමිත්තයි. සතර මහා ධාතුවේ සත්ව පුද්ගල ආත්මීය වූ ධර්මයක් දකින්නේ නැහැ ශුන්‍ය යි. සතර මහා ධාතුවේ සතුටු වියයුතු ප්‍රර්ථනා කටයුතු කිසිවක් දකින්නේ නැහැ අප්පණීහිතයි. ඔය විමොක්ෂය කුමකටද? ඔය නොඇලීම කුමකටද නිවනට. ඔන්න ඔය මට්ටමට පත්වෙච්ච මනසට නිරායාසයෙන්ම හටගත්ත සියලුම දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා.

කණ්නාඩිය ඉස්සරහට යනකොට දැකපු ඡායාව පැත්තකට ගියහම ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා කියල ඕගොල්ලොන්ට පේනවා නේද? ඒ විදිහට මේ සතර මහා ධාතුව පිරිසිඳ දකින මට්ටම ආවා කියල කියන්නේ රහත් වුනා. එයා ජීවත් වෙන්නේ මේ තුන් විමොක්ෂයන්ගෙන් එක් විමොක්ෂයක් එක්ක ගණුදෙනු කරමින් සතර මහා ධාතුවේ. සතර මහා ධාතුවෙන් මිදිලා පවතින්නේ ඒ මනස. පෙනෙන දේ තුල තමන් නැහැ. තමන් එක්ක පෙනෙන දේ නැහැ. ඒ හින්දා එයා මෙලොවට අයිති කෙනෙකුත් නොවෙයි. එයා පරලොවට අයිති කෙනෙකුත් නොවෙයි. එයා මෙලොව පරලොව දෙඅතරට අයිති කෙනෙකුත් නොවේ. එයා මෙලොව දුක් විඳින කෙනෙකුත් නොවේ. පරලොව දුකට හිමිකාරයෙක් නොවේ. එයා මෙලොව පරලොව දෙඅතර උභයාර්තයේ දුක් විඳින කෙනෙකුත් නොවේ. ඒ විදිහේ මනසකින් ඉන්නේ. ඒ හින්දා අරමුණෙන් අහකට යනකොට දැකපු දේ නිරුද්ධයි කියල කන්නාඩියෙන් අයින් වෙනකොටම ඡායාව ඉතුරු නැතිවම නිරුද්ධයි වගේ අතීත ඇහැ නිරුද්ධයි, රූපය නිරුද්ධයි, චක්ඛු විඤ්ඤාණය නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. නිරෝධ සංඥාව එළඹ සිටිනවා.

ලෝකය ඇසුරු කරනකොට ශුන්‍යතාවයෙන් ඇසුරු කරනවා. අනික් වෙලාවට නිරෝධ සංඥාවෙන් වැඩ ඉන්නවා. මෙන්න මේ තැනට යන ආරම්භයට ස්කන්ධයන්ගේ උදය වැය දන්නවා නම් එයාට කියනවා “අමතං ද්වාරං ආහච්ච” නිවන් දොරේ හැපිලා හිටින කෙනෙක් කියල කියනවා එයාට. “සේඛෙන ඥාණෙන සමන්නාගතෝ ඉතිපි” එයාට සේඛ ඥාණයකින් යුක්තයි මම, සේඛ ධර්මතාවයකින් යුක්තයි මම තමන්ට බය නැතුව කියන්න පුළුවන්. කුමක් නිසාද තමන් සතර මහා ධාතුවත්, සතර මහා ධාතුවේ ඇතිවීමත්, නැතිවීමත් දන්නා නිසා. එබදු කෙනෙකුට පුළුවන් ඇස් ඉදිරිපිටට එනකොටම නගරහිමියාට වූ පරිදි වචනය පවරා දෙන්න.

සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියල පවරලා දෙන්න එපා. චිත්ත සන්තානයේ තියෙන රූප අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තට තණ්හා උපාදාන වුන නිසා මේ සිතේ තියෙන චිත්ත චෛතසික ටිකේ හැඩයටයි මේ රූපය හැදෙන්නේ. ඒ රූපය දකිනකොටම ඒ ගති ටික ආපහු මනසේ යෙදිලා. එහෙමයි සතර මහා ධාතුවේ තමන්ව දකින්නේ. හිතේ තියෙනවා මෙන්න මේ හැඩ වලටයි ස්ත්‍රීන් කියන්නේ මේ හැඩ වලටයි පුරුෂයෝ කියන්නේ මේ හැඩ වලටයි මනුස්සයෝ කියන්නේ කියල නිමිති ටිකක්. ඒ නිමිති ටිකට මගේ ප්‍රසාද ටික සවිඤ්ඤාණක වෙනවා. සවිඤ්ඤාණක ප්‍රසාද වලට රූප ගැටෙනකොටම ඇස් ඉදිරිපිටට රූප හම්බවෙනකොට අර මනසේ තියෙන සත්වයෝ, පුද්ගලයෝ, ස්ත්‍රී, පුරුෂයෝ කියන ගති ටික නැගිටලා ඇවිල්ලා. ඔහොමයි මට තව සත්වයෝ පුද්ගලයෝ පෙනිලා තියෙන්නේ සතර මහා ධාතුවේ.

අන්තිමට ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික ආහාර නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා, ප්‍රත්‍ය නිසා හටගත්ත ස්කන්ධයෝ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික මැද තියාගෙන ඒ කියන්නේ අනාත්ම වූ ස්කන්ධ ටික කෙලෙස් ටිකකින් උපද්දවලා උපන් ආනාත්ම වූ ස්කන්ධයෝ ටික අරඹයා ආපහු කෙලෙස් ටික මනසේ යෙදුනහම අනාත්මය වැහිලා ආත්මීයවයි අපි ජීවත් වෙන්නේ. පටිච්ච සමුප්පාදයෙන් කරන්නේ මේ මැද ඇත්ත පෙන්නලා දෙපැත්ත පිරිසිඳු කරන එක. “උභෝ අන්තේ විජිත්වාන මජ්ජේ මන්තා නලිප්පති” අන්ත දෙක දැකල මැද තැවරෙන්නේ නැතුව ඉන්න. මනසේ තියෙන පුටුව කියන ගති ටිකටයි සතර මහා ධාතුව රාශි වුනේ රාශි වෙච්ච සතර මහා ධාතුව දැකපු නිසා පුටුව කියන ගති ටික මනසේ යෙදුනේ කියල දන්නා නිසා සතර මහා ධාතුවේ ඇලෙන් නැතුව ඉන්නවා.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2016.06.12 රත්නපුරයේ දී කරන ලද ඉතා වටිනා දේශනාව ඇසුරෙන්.

දේශනාව ශ්‍රවනය කිරීමට
http://ift.tt/2eqLEZG via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 12, 2016 at 12:00PM

බුදුරජුන් ජීවමාන කාලයෙහි ගයා ප‍්‍රදේශයෙ හි සුචිලෝම නම් කර්කශ වූ ඉදිකටු බඳු ලෝමගස් ඇති යක්ෂයෙක් විය. දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ භවනට වැඩ ඔහු දමනය කොට සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. පෙර පිරූ පාරමී ඇති මොහු මෙලෙස ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක් වීමට හේතුව මෙසේ වදාළ සේක.

මොහු කාශ්‍යප සම්බුදු සසුනෙහි භික්ෂුවක්ව සිටිය දී දිනක් දිගු මාර්ගයක පැමිණ, බොහෝ දහඩිය දා තිබිය දී ඇඟ පිරිසිදු කර නො ගෙන ඇඳට තම ඇතිරිල්ලක් ද නො ගෙන සාංඝික ඇතිරිල්ල මත අනාදරව ඇල විය. වසර විසි දහසක් පැවිදි දම් පිරුවත් මේ වරද මතු වී දහඩිය එන රෝම කූප ඉදිකටු බඳු වූ යක්ෂයෙක් වී ඉපදුනි. ඒ දිවියේ ද සසර දී පිරූ පාරමී ඇති බැවින් මගඵල නිවන් සුවය ලැබූ සේක.

(සංයුක්ත නිකායට්ඨ කථාවේ 233 පිටුව)

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

#PathtoNirvana #Karma #Buddhism #BuddhaStory via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 12, 2016 at 09:42AM

මොහොතක් නැවතී අනිත්‍ය වඩමු

මේ මල් වල පැහැයට හා සුවදට හේතු වන ධර්මයෝ නිරුද්ධ වී යාමෙන් එම මල් වල පැහැය හා සුවද නිරුද්ධ වී යන්නා සේ යම් යම් හේතු ප්‍රත්‍යෙයන් හට ගෙන පවතින්නාවූ සංස්කාරයෝ හේතු නිරුද්ධ වී නිරුද්ධ වන බව නුවණින් දකිමි…. via Facebook Pages http://ift.tt/1GMS4Lf