Monthly Archives: December 2016

New photo from Facebook December 20, 2016 at 09:00AM

අල්ලපු ගෙදරට හොරු පැන්නොත්, අපේ ගෙදරටත් හොරු පනියි කියලා සැකෙන් රෑට ඇහැරිලා ඉන්නවාලු. නමුත් අසල්වැසියෙකු මියගියොත්, ගානක් වත් නැතිව ප්‍රමදීව වාසය කරනවලු.
— ලෝවැඩ සඟරාවෙන්

මරණානුස්මතිය වඩමු. අප්‍රමාදීව කුසලයේ යෙදෙමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 19, 2016 at 12:30PM

සියලු ලෝකයන්හි අග්‍ර වූ යම් බුද්ධ රත්නයක් කෙරෙහි යමෙක් සිත පහදවා ගනී නම් ඔහුට අග්‍ර වූ ප්‍රතිපලයම ලැබේ.

අසුචියෙන් සැදී මේ ශරීරය දවසක කුණුවෙලා පොලවට පස් වන බව නිතරම සිහිවේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf

පිටක.lk සිංහල ත්‍රිපිටකය දැන් android app එකක් ලෙසින්. ඔබගේ android phone හෝ tablet එකේ install කරගෙන අන්තර්ජාලය නොමැතිවම ත්‍රිපිටකය කියවන්න. සරල සිංහල පරිවර්තනය සහිතයි. හැකිතාක් share කරන්න. Offline Sinhala Tripitaka in the text format. 1) You can easily read suttas in the Pali Tripitaka and the corresponding Sinhala Translations by using this app. 2) Click on the sutta name to view/expand the sutta text. 3) Sutta list in a tree view can be accessed by clicking on the “නාමාවලිය” 4) Pali Sinhala Dictionary can be accessed by clicking on the “ශබ්දකෝෂය” 5) You can select a Pali word from the Tripitaka and search the Sinhala meaning by pasting it in the Dictionary. අපගේ අරමුණ ත්‍රිපිටකය භාවිතය ලංකාව තුළ ජනප්‍රිය කිරීමත්, එමගින් පිරිසිදු බුදු දහම ම ලංකාව තුළ ප්‍රචාරය කිරීමත්ය. පාලි ත්‍රිපිටකය ට අපි විශේෂ වැදගත්කමක් ලබා දී ඇති අතර, සිංහල පරිවර්තනයන් ගණනාවක් ඇතුලත් කිරීමේ පහසුවද ඇත. ත්‍රිපිටකය ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඉතා වටිනා ධර්ම දානයකි. යෝජනා හෝ චෝදනා සඳහා අපට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්න. අපගේ ලිපිනය admin@pitaka.lk Complete online web version with some more features of this can be found on the following URL. http://pitaka.lk/ It is entirely possible that there are further mistakes in the text. If you find one feel free to send us an email at admin@pitaka.lk

Sinhala Tripitaka පිටක.lk – Android Apps on Google Play

More info @ http://ift.tt/2hJdD7D
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
December 18, 2016 at 10:05PM

New photo from Facebook December 18, 2016 at 06:00PM

මේ පැත්තේ අවුරුදු 50-60 ට තියන වටිනාකම්, වගකීම්, බැඳීම්, මැනීම් එකක්වත් අනෙක් පැත්තට ගියවිට වලංගු නොවේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ “මේ දීර්ඝ සංසාරයේදී තමාගේ මව, පියා, බිරිඳ, සැමියා, .. සහ දරුවා නොවූ සත්වයෙකු සොයා ගැනීම අපහසුය” කියායි.
මෙවැනි ධර්මයක් අසන්නට වත් ලැබෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයකදී පමණි. සැමදෙනාම නොපමාව කුසල් දහම් රැස් කරමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 17, 2016 at 01:58PM

සක්කපඤ්හ සූත්‍රය -> http://ift.tt/2gLyfHM
344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.
මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය.

ඉතිරිය -> http://ift.tt/2gLyfHM via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook December 16, 2016 at 12:00PM

මේ සිල්පදය සමාදන් වී දිවිහිමියෙන් එය ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස. කාමයේ වරදවා හැසිරීමට හැකියාව තිබියදීත් සමාදන් වූ සිල්පදය නිසා එසේ නොකිරීමෙන් ලැබෙන ආනිසංස via Facebook Pages http://ift.tt/1GMS4Lf