Monthly Archives: March 2018

New at Little Bit

from Path to Nirvana http://ift.tt/2Fxa1yp
පුන්නාග පුප්ඵිය ථෙරාපදානය
14
’’වැද්දෙකුවූ මම මහ වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක, බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
15
’’සුවඳැති මිහිරි සුවඳ කැවුණු එම මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
16
’’මින් දෙ අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
17
’’මින් එක් අනූවන කපෙහි අඳුරු දුරු කරන්නාවූ, සත් රුවනින් යුත්, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
18
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

(සැදැහැ සිතින් පොහොසත් වූ පුංචි දියණියක විසින් වැලි වලින් සාදා සුවඳ මලින් පුදකළ මනරම් චෛත්‍ය )

අපිද ඒ අසිරිමත් පින අනුමෝදන් වෙමු ..

සාදු සාදු සාදු …🙏🙏🙏 උපුටා ගැනිමකි

New at Little Bit

from Path to Nirvana http://ift.tt/2GcKSdv
මේ කුණප කොටස් 32ක් ඇති කයේ පිරිසිදු බවක් නොදැකිය හැකියි. අසූචි ගොඩක් කෙසේ නම් සෝදා පිරිසිදු කරන්නද?
බුදුවරු ධර්මය දේශනා කරන්නේ සිත පිරිසිදු කර ගැනීමටයි. සිත අපිරිසිදු වූවොත් සියල්ල අපිරිසිදු උනා වේ.

New at Little Bit

from Path to Nirvana http://ift.tt/2HdHfTA
තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම කුශල් සිතක් වේ. යම්කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයෙකුට දීමෙහි දී ඇතිවන කුශල සිතට සමාන සිතක් දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නැති ව ඉපදවීම ඉතා දුෂ්කර ය.

අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේ ත්‍රිලෝක විජය නම් වූ චක්‍රවර්ති රජ ව මනෝමය මහා දානයක් දුන් බව බුද්ධාපදාන පාළියෙහි දැක් වේ. මනෝමය දානය යනු දාන වස්තූන් හා ප්‍රතිග්‍රාහකයන් නැතිව, දාන වස්තු හා ප්‍රතිග්‍රාහකයන් සිතින් ම මවා ගෙන සිතින් ම දෙන්නා වූ දානයෙකි. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමා දුන් මනෝමය දානය කවර ආකාරයකින් වත් සත්‍ය වශයෙන් සිදු කළ නො හෙන අති විශාල දානයෙකි. ඒ මෙසේ යැ:

එතුමා විවේකස්ථානයක හිඳ දසදහසක් සක්වළ සෑම තැන ම දියෙහි ද, ගොඩ ද, අහසේ ද ඇත්තා වූ රන් – රිදී – මුතු – මැණික් ආදී රත්න සියල්ල තමාගේ භවනය සමීපයට සිතින් රැස් කළේ ය. එය සත්‍ය වශයෙන් රැස් කිරීමක් නො වේ. රැස් කරන සේ ද – රැස් වූ සේ ද සිතින් සිතා ගැනීමකි. ඉක්බිති එතුමා සිතින් ම රිදියෙන් බිමක් කොට ඒ රත්නයන්ගෙන් මහල් බොහෝ ගණනක් ඇති දහස් ගනන් කාමර ඇති, දහස් ගණන් ශාලා ඇති, දහස් ගණන් දොර ඇති, දහස් ගණන් කණු ඇති මාලාකර්ම ලතාකර්මයෙන් සුසැදි අති විශාල ප්‍රාසාදයක් සිතින් ම තැනූයේ ය. ඉර – සඳ – තරු ආදියෙන් අලංකාර කරන ලද වියනින් ද, රහුදැල් – මල් දම් – කොඩි – තොරන් – පුන් කලස් ආදියෙන් ද එය දෙව් විමනක් සේ සරසන ලද්දේය. එහි නොයෙක් පැහැති බුමුතුරුණු අතුරා සත් රුවනින් ම කල ලක්ෂ ගනන් හිඳින නිදන අසුන් පිහිට වී ය. ඒවායේ අගනා ඇතිරිලි අතුරන ලදහ. කොට්ට – මෙට්ට තබන ලදහ. පහන් පිහිටුවන ලදහ. වාසස්ථානයකට තිබිය යුතු සියල්ල ම එහි තබන ලද හ.

ඉක්බිති රජතුමා අතීත වූ ද, වර්තමාන වූ ද සියලු බුදුවරයන් වහන්සේලා ද, පසේ බුදුවරයන් වහන්සේලා ද, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ද ඒ ප්‍රාසාදයට සිතින් වැඩම කරවන ලදහ. දෙව්ලොව හා මිනිස්ලොව කප් රුක් වලින් නා නා වස්ත්‍රයන් ගෙන ඒ සැම දෙනා වහන්සේට සිතින් ම තුන් සිවුරු පිදී ය. ප්‍රණීතවත් ආහාර පානයන් පිළියෙල කොට මාණික්‍යමය පාත්‍රවලට බෙදා ඒ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට සිතින් ම පිරිනැමී ය. තෙල් ගිතෙල් මී සකුරු ආදී බෙහෙත් වර්ග ද ඒ ආර්‍ය්‍යයන් යන් වහන්සේලාට පිරිනැමීය.

එතුමා තමාගේ ප්‍රාසාදයෙහි ස්වර්ණමය අසුන්වල බුදු පසේබුදු – මහරහතන් වහන්සේලාගෙන් සමහර කෙනකු සැතපී සිටින සැටි ද, සමහර කෙනකු සමාපත්තිවලට සම වැදී සිටින සැටි ද, සමහර කෙනකු දහම් දෙසන සැටි ද, බුදුවරු බුදුවරුන්ගෙන් පැන විචාරන සැටි ද, බුදුවරු ඒවා විසඳන සැටි ද, ශ්‍රාවකයන් බුදුවරයන්ගෙන් පැන විචාරන සැටි ද, බුදුවරු ශ්‍රාවකයන්ගෙන් පැන විචාරන සැටි ද, ඒවා විසඳන සැටි ද, රහතන් වහන්සේලා ඔවුනොවුන් පැන විචාරන විසඳන සැටි ද සිතමින් ප්‍රීති විය.

ප්‍රාසාදය අවට උයන් පොකුණුවල මල් පිපී තිබෙන සැටි ද, තමා මල් නෙලා ප්‍රාසදයට ගෙන ගොස් පුදන සැටි ද, නා නා වර්ණ පක්ෂීන් ප්‍රාසාදය අවට මල් රුක් වල ගයමින් – නටමින් ඒ පෙදෙස අලංකාර කරන සැටි ද, ප්‍රාසාදය අවට පූජා පිණිස නොයෙක් තූර්ය්‍යයන් වාදනය කරන සැටි ද, ගී නැටුම් පවත්වන සැටි ද, දෙව් මිනිසුන් එහි රැස් වන සැටි ද, ගස් මුදුන් කඳු මුදුන් වල නන් පැහැති කොඩි ලෙළදෙන සැටි ද, සිතින් බලමින් එතුමා ප්‍රීති වි ය. එතුමා තමාගේ මනෝමය දානයෙන් ලෝකයා හට මෙසේ අනුමෝදන් කරවන ලද්දේ ය.

“යං කිඤ්චිකුසලං කම්මං කත්තබ්බං කිරියං මම
කායෙන වාචා මනසා තිදෙස සුකතං මයා
යෙ සත්තා සඤ්ඤිනො අත්ථි යෙ ච සත්තා අසඤ්ඤිනො
කතං පුඤ්ඤඵලං මය්හං සබ්බෙ භාගී භවන්තු තෙ

යෙසං කතං සුවිදිතං දින්නං පුඤ්ඤඵලං මයා,
යෙච තස්මිං න ජානන්ති දෙවා ගන්ත්වා නිවෙදයුං
සබ්බලොකම්හි යෙ සත්තා ජීවන්තාහාර හෙතුකා
මනුඤ්ඤං භොජනං සබ්බං ලභන්තු මම චෙතසා”

කය වචන සිත යන තුන් දොරින් සිදු කළ යුතු වූ කුශලකර්ම සංඛ්‍යාත යම්කිසි ක්‍රියාවක් දෙව්ලොව ඉපදීමට හේතු වන පරිදි මා විසින් මනා කොට කරන ලද ද ඒ කුශලයා ගේ ඵලය,

සිත් ඇත්තා වූ ද සිත් නැත්තා වූ ද සියලු ම සත්ත්වයෝ ලබත්වා. මා විසින් මේ පින් ඵලය දුන් බව නො දන්නා වූ සත්ත්වයනට දෙවියෝ ගොස් ඒ බව දන්වත්වා. ලෝකයේ යම් සත්ත්ව කෙනෙක් ආහාරයෙන් ජීවත් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ කුශල චිත්ත බලයෙන් සියලු යහපත් බොජුන් ලබත්වා යනු ඒ ගථාවල අදහස යි.

මෙසේ දෙන ලද මනෝමය දානයෙන් ලැබූ බොහෝ ඵල ද අපදාන පාළියෙ දක්වා තිබේ. දික් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. නැති දේ තමාගේ සිතට ඇති වස්තූන් සේ පෙනෙන සැටියට සිතිය හැක්කේ සමධිය පුරුදු කළ යෝගාවචරයනටය. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමාට තමාගේ සිතට පෙනෙන සැටියට ප්‍රතිග්‍රාහකයන් හා දාන වස්තූන් සිතින් නිර්මිතකර ගත හැකි වූයේ ඔහු යෝගාවචරයකු වූ බැවිනැයි සිතිය හැකි ය.

මේ කථාව මෙහි දක්වන ලද්දේ සිතින් ම ද දානමය කුශලය සිදුකර ගැනීමට ඉඩ ඇති බව දැන ගනු පිණිසය. තමා අයත් වස්තූන් කෙරෙහි ලෝභය දුරු කොට ඒවා දිමට ශක්තිය නැති තැනැත්තන් විසින් වස්තුව වියදම් නො කොට සිතින් ම දන් දෙමි යි කියා සිතූයේ ද ඒවායේ බලයක් නැත. ඒවා ඇත්තා වූ වස්තුව දීමේ දී ඇති වන සිතුම්වලට සමාන නො වන බැවිනි. මනෝමය කුශලය මතු විපාක ගෙන දීමට තරම් ශක්තියක් ඇතිවීමට නම් ඇත්තා වූ වස්තුව දීමේ දී පහළ වන කුසල චිත්තයට සමාන සිත් සිතිය යුතු ය. තමා අයත් වස්තුව දීමට ශක්තියක් නැති කමින් ඒවායේ ලෝභය දුරු කිරීමට ශක්තියක් නැති කමින් සිතින් දන් දෙන තැනැත්තකුට මනෝමය දානය දීම් වශයෙන් තමා අයත් වස්තු පරිත්‍යාග කිරීමේ දී ඇති වන සිත්වලට සමාන සිත් ඇති නො වේ.

මෙය බොහෝ දෙනාට මුළා විය හැකි කරුණෙකි. සිතින් ම දන් දුන්නාම ඇත කියා තමා අයත් වස්තුව නො දී සිතින් ම දෙන්නට සැරසීම නො මඟ යාමෙකි. තමා ගේ වස්තුවට ඇති ලෝභය දුරු කළ නො හැකියන්ට සිතින් දන්දීම පුරුදු කිරීමෙන් කියයුතු එක්තරා ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් දන්දීමේ ශක්තිය ලැබීමය. සිතින් දන් දී දන් දීමට සිත පුරුදු කරන කල්හි දීමට ඇති භීතිය ක්‍රමයෙන් පහවී තමා අයත් වස්තුව දීමේ ශක්තිය ක්‍රමයෙන් ලැබෙන්නේ ය. එසේ කරන තැනැත්තාගේ සිත ක්‍රමයෙන් දීමට නැවෙන්නේ ය. ඒ හේතුවෙන් කල් යාමෙන් ඒ තැනැත්තාට දන් දිය හැකි කෙනකු විය හැකි ය.

“යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා”

යනුවෙන් වර්තමාන බෞද්ධයන් කරන වන්දනාව ද නැත්තා වූ බුදුවරයන් සිතින් අරමුණු කොට කරන්නක් බැවින් මනෝමය වන්දනාවෙකි. නැත්තා වූ බුදුවරයන් සිතින් සලකා ගෙන, මල් පහන් – සුවඳ – ආහාර යනාදිය ඒ බුදුවරයන්ට පිදීම ද අර්ධ වශයෙන් මනෝමය දානයකි. එය අර්ධ මනෝමය දානයක් වනුයේ දන් දීමකට තිබිය යුතු දාන වස්තුවය – ප්‍රතිග්‍රාහකයෝ ය යන අංග දෙකින් දාන වස්තුව වූ එක් අංගයක් ඇති ව ප්‍රතිග්‍රාහකාංගය නැති ව කරන පූජාවක් වන හෙයිනි.

ත්‍රිලෝක විජය රජතුමාගේ දානයට අතීත වර්තමාන බුදුවරයන් වහන්සේලා පමණක් ගන්නා ලදහ. අනාගතබුදුවරයෝ නො ගන්නා ලදහ. ඒ බව –

“යේ ච එතරහි අත්ථි බුද්ධා ලොකෙ අනුත්තරා
අතීතා වත්තමානා ච භවනං සබ්බෙ මා හරිං”

යන අපදාන ගාථාවෙන් දැක් වේ. මෙකල කරන වන්දනාවට කාලාත්‍රයෙහි ම බුදුවරයන් ගෙන තිබේ. ඒ වෙනසද සැලකිය යුතු කරුණකි.

http://ift.tt/2FyGPu6
හැකිතක් share කර පිනක් රැස් කර ගන්න

from Path to Nirvana http://ift.tt/2D2kfEP
== මළවුන්ට පින්දීම ==
හැකි තාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇති වීම නිසා පරදත්තුපජීවික ප්‍රේත ව උපදිති. ඒ පරදත්තුප ජීවික ප්‍රේතයෝ සා පිපාසා සන්සිඳුවා ගත හැකි පමණට බත් පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර‍ නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය. ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍ර‍මය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ ප්‍රේතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිට එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. ප්‍රේතත්වයට පැමිණ සිටින තමාගේ ඥාතීන්ට සංග්‍ර‍හ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍ර‍මයත් ඔවුන් උදෙසා පින් කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඥාතීන් උදෙසා පින් කොට ඔවුනට පින් අනුමෝදන් කරවති.

ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඥාතීන් හා මිත්‍ර‍යන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මිය ගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නො සලකා සිටීම අසත් පුරුෂ කමෙකි. එබැවින් මිය ගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සැම දෙනා විසින් ම පින් දීම කළ යුතු ය. මිය යන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති. බලාපොරොත්තු වන්නෝ ප්‍රේත වූවන් පමණකි. එහෙත් මිය ගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මිය යන සෑම දෙනා ම උදෙසා පින් කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.

පින් අනුමෝදන් වන පරදත්තූප ජීවික ප්‍රේතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් ප්‍රේතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර‍ ලැබීම සඳහා වස්ත්‍ර‍ ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු ඇතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතු ය. බිම්සර රජතුමා ආහාර පානයන් දන් දී පින අනුමෝදන් වීමෙන් ඥාති ප්‍රේතයෝ බත් පැන් ලැබූහ. එහෙත් හැඳීමට වස්ත්‍ර‍ නො ලැබුවෝ ය. වස්ත්‍ර‍ නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසු දින රජතුමා වස්ත්‍ර‍ දන් දී ඔවුනට පින් දිණ. එයින් ඔවුහු වස්ත්‍ර‍ ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර‍ සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ ප්‍රේතයන්ට සියල්ල ම ලබාදීම සඳහාය.

New at Little Bit

from Path to Nirvana http://ift.tt/2Fe6Z5Z
රහතන් වහන්සේ සතු බලය
.
▬▬▬▬

අප දකින රහත් බලය

අප බෞද්ධයන් වශයෙන් නිරන්තරයෙන්ම සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්‍රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම් යි. මේ තත්ත්වයට ඇත්තෙන්ම පත් වීමෙන් අප අපේක්ෂා කරන්නේ සංසාර ගමනේ කෙළවරක් දැකීමටයි. ඒ මොකද අප නිරන්තරයෙන් ම කාමභෝගී සත්වයන් ලෙස විවිධ ගැටලුවලින් නිරතුරුව ම පෙළෙමින් ඒ ගැටලුවලට මැදි වී සැනසීමක් නැතුව ජීවත් වන සාංසාරික සත්ත්වයන් බවට පත් වී සිටින නිසයි. මේ නිසා මේ රහත් බව යන වචනය ඇසෙන පමණින් අපේ උපාසක උපාසිකාවෝ සාධුකාර දෙන්නට යොමු වෙනවා. එහෙම නම් මේ රහත් බවේ කිසියම් බලගතු ශක්තියක් බලයක් තිබෙන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ රහත් බවේ ශක්තිය කුමක්ද යන්න පැහැදිලි කර දීම සඳහා “ඛීණාසවබල” නමින් ම සූත්‍රයක් රැයක් දේශනා කර තිබෙනවා. අංශ්‍රව හෙවත් සත්වයා සසර බැඳ තබන සිත කිලිටි බවට පත් කරන කෙලෙස් සිඳ බිඳ සහමුලින් නැති කිරීම යන අර්ථය මේ “බීණාසව“ යන වචනයෙන් තේරුම් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ වැනි ඛීණාශ්‍රවයන් වහන්සේ සමඟ සැවැත් නුවර ජේතවනාරාමයේ දී කෙරෙන ධර්ම සාකච්ඡාවක ආකාරයෙන්, සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ මේ සාකච්ඡාව පැවැත් වීමෙන්ම ඛීණාශ්‍රවයන් වහන්සේ නමක් සතු ශක්ති හෙවත් බල පිළිබඳ අපට පැහැදිලි වන්නේ මෙම රහත් බවට කෙතරම් බලගතු උත්තරීතර මානසික තත්ත්වයක් ලැබී තිබෙනවා ද යන්නයි.

▬▬▬▬

පළමුවන බලය

එවැනි ඛීණාශ්‍රව බල අටක් මෙහිදී කියැවෙනවා. එහිදී පෙන්වා දී ඇති පළමු වැනි බලය වන්නේ රහතන් වහන්සේ ලෝකයේ පවතින සියලු ම දෑ සංස්කාර ගණයට වැටෙනවා. ඒ සංස්කාර සියල්ල අනිත්‍යයයි. ඉතින් මේ කාරණය බෞද්ධයන් වශයෙන් අප කියනවා. පිළිගන්නවා. ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යනුවෙන් මේ පාඨ ඉදිරිපත් කර අප දේශනාත් පවත්වනවා. ඇත්තෙන්ම අප කිසිවෙක් එය අනිත්‍ය බව මනා නුවණින් හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එහෙත් රහතන් වහන්සේට මෙය බලයක් වන්නේ උන්වහන්සේ විසින් මෙම සංඛාර අනිත්‍යය වශයෙන් මනා නුවණින් දැක තිබීම යනු එය තවත් දකින්නට විමසන්නට දෙයක් නැති ලෙස සහමුලින්ම හරියට ම දැක තිබෙනවා. ඒ නිසා සංස්ඛාර පිළිබඳ උන්වහන්සේගේ ඇලීමක් ඇති වන්නේ නැහැ. දැන් අප එහෙම පිරිසක් නොවෙයි. අපිත් ඛීණාශ්‍රවයන් වහන්සේ සතු ඒ ශක්තිය ඒ ආකාර ම බව වචනයෙන් ප්‍රකාශ කරනවා. එය පිළි ගන්නවා. ඒ වුණත් ඒ අපි සංස්ඛාරයන්ගේ ඇලෙනවා. යම් යම් දේ ගැන ආශාව බැඳීම ඇති කරගන්නවා. එහෙම වුණත් රහතන් වහන්සේ තමන් වහන්සේ තුළින් මේ ආශ්‍රවයන් සපුරා ම ඉවත් ව ඇති බව පසක් කරගෙනයි උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් කරන්නේ. උන්වහන්සේ කෙසේවත් මේ තාවකාලික සංස්ඛාරයන්හි ඇලෙන්නේ නැහැ.

▬▬▬▬

දෙවන බලය

දෙවන බලය ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ මෙම සිත කිළිටි කරන කෙලෙස් හෙවත් කාමයන් ගිනිගෙන දිලිසෙන අඟුරුවළක ආකාරයෙන් උන්වහන්සේ දකිනවා. සත්වයාගේ සිත මේ ආකාරයෙන් මෙම කාමාදි ආශ්‍රවයන් නිසා දැවෙන, රත්වෙන ආකාරය මනානුවණින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අඟුරුවළකට මෙම කාමයන් උපමා කොට රහතන් වහන්සේ දකින්නේ අඟුරුවල ඇතුළේ පමණක් නොව එය වටේ හාත්පසින්ම රත්කරවන ස්වරූපයකින් යුක්ත වන නිසායි. මේ ආකාරයෙන් සත්වයාගේ සිත කාමාදී ආශ්‍රයන්ගෙන් දැඩි ලෙස පෙළෙන ආකාරය උන්වහන්සේ මනා නවුණින් දැන ගෙනම එම බලය තමන් සතු බව අත්විඳිනවා.

▬▬▬▬

තෙවන බලය

රහත් බවේ තෙවන ශක්තිය ලෙස ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේගේ සිත නිරන්තරයෙන් ම පලසමවත් සුවයට යොමුවන බවයි. එයින් ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ සිත නිරන්තරයෙන් ම වෙනත් යහපත් අරමුණක නො ගැටී සිටින හැම අවස්ථාවක ම උන්වහන්සේ යොමු වන්නේ තමන් වහන්සේ විසින් උදාකර ගත් මෙම නිවන් සුවය අත් විඳීමටයි. කෙලෙස්වලින් දුරු වූ නිසා සැබවින්ම මනා වූ පැවිදි බවට පත්ව එම පැවිදි සුවය අත්විඳිනා බවක් එයින් කියැවෙනවා. එමෙන් ම කිසිදු ආකාරයකින් කෙලෙස්වලට හටගැනීමක් ඇතිවන කිසිම නිමිත්තක් උන්වහන්සේට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. එයින් තමන් වහන්සේ ම මේ රහත් බවේ සුවය අත්විඳිනවා. නිවන් සුවය කෙබදුදැයි උන්වහන්සේට විස්තර විවරණ සැපයීමක් කාගෙන්වත් අපේක්ෂාවක් නැහැ. එය උන්වහන්සේ තත්ත්වාකාරයෙන්ම අත් විඳිනවා. ආශ්‍රවයන් තමන් කෙරෙන් දුරු වී ඇති ආකාරය උන්වහන්සේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.

▬▬▬▬

සිවුවන බලය

එමෙන් ම රහත් බවේ සිවුවන බලය හෙවත් ශක්තිය වන්නේ උන්වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන මේ සතර සති පට්ඨානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව වඩා ඒ සියල්ල මැනවින් අවබෝධ කොට අවසන් කර ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ වචන මට්ටමෙන් අප මේ අනුපස්සනා හතර ගැන කියනවා. ඒ වගේම ධර්මානුකූලව විස්තර වශයෙන් දැන ගෙන ප්‍රකාශ කරනවා. ධර්ම සාකච්ඡාවක් මාතෘකා වශයෙන් යොදා ගෙන සාකච්ඡා කරනවා. එහෙත් ඒ අප එසේ කරන්නේ මේ සතර සතිපට්ඨාන වැඩීමකින් අවසාන වශයෙන් යථාවබෝධයකින් තොරවයි. එහෙත් රහතන් වහන්සේ ඒ රහත් බවට පත්වීම යන්නෙන් ම අදහස් කරන්නේ උන්වහන්සේ යථාවබෝධ වශයෙන් එම සතර සතිපට්ඨාන මැනවින්ම වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් ඥානයෙන් යුක්ත වන බවයි. එය සතරවන බලය ලෙසයි සඳහන් වන්නේ.

▬▬▬▬

පස්වන බලය

මී ළඟ පස්වැනි බලය හෙවත් ශක්තිය ලෙස පෙන්වා දෙන්නේ රහතන් වහන්සේ ඡන්ද, චිත්ත, වීරිය හා විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වඩා එහි ද සම්පූර්ණත්වයට අඩුවක් නොමැතිව පැමිණ ඇති බවයි. මේ යෝගාවචරයන් හෝ භික්ෂුවක් නිවන් අරමුණුූ කොට සිත සමාධි ගත කිරීමෙන් භාවනාව වැඩීමේ දී මෙම සතර සෘද්ධිපාද සියල්ල සපුරා ගත යුතුව ඇත. මේ අනුව යෝගාවචරයා ඡන්දය හෙවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවීමේ කැමැත්ත අධික කොට ගෙන සිතේ ඒකාග්‍රතාව ඇති කිරීම ප්‍රධාන කොටගෙන සෘද්ධිපාදය මෙන්ම වීර්යය, චිත්ත, විමංසා යන තුනෙන් එකක් මුල්කරගෙන සෘද්ධිපාදයන් වඩන විට එහි විශාරදත්වයට එම යෝගාවචරයා පත් වෙනවා, දැන් මෙයින් අදහස් කරන්නේ මෙම ඉහළ තත්ත්වය ඇති කර ගැනීමද රහත් බවේ තවත් බලයක් ශක්තියක් ලෙසයි.

▬▬▬▬

සයවන බලය

මීළඟට රහත් බවේ සයවැනි ශක්තිය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදෙන පරිදි සද්ධා, වීරිය, සති, වීරිය, සමාධි හා පඤ්ඤා යන පහ පඤ්ච ඉන්ද්‍රිය වශයෙන් සැලකෙන අතර නිවන්මග පසක් කර ගනු පිණිස මේ පහ ම අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. එනම් එම පස් ඉඳුරන් මඟින් නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උදා කරගන්නා බවයි. මේ අනුව මෙම ඉන්ද්‍රිය පහ පිළිබඳ අවශ්‍යතා සියල්ලම අඩුවක් නොමැතිව සපුරා ගෙන ඇති බව රහතන් වහන්සේට සෘජුව ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති බව කියැවෙනවා.

▬▬▬▬

සත්වන බලය

රහත් බවේ සත්වැනි ශක්තිය හෙවත් බලය ලෙස බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. චතුරාර්යසත්‍යාවබෝධය පිණිස අවශ්‍ය කරන බෝධ්‍යාංග සතු මෙ ආකාරයෙන්ම සපුරාගෙන ඇති බව. එම හත නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන මේවා යි. නිවන් අවබෝධ පිණිස මේ හත සම්පූර්ණ කරගෙන තිබිය යුතුව ම පවතිනවා. එම උත්තරීතර රහත් බවට පත් වූ ආර්ය උත්තමයා තමන් සතුව එම ශක්ති හෙවත් බල පහ සම්පූර්ණයි කියා සෑහීමට ද පත්වෙනවා.

▬▬▬▬

අටවන බලය

අවසාන හෙවත් අටවැනි බලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රහත් බවට පත් උත්තමයා තමන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින්ම පසක් කර ගෙන ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මේ අංග අටෙන් සමන්විත ආර්ය මාර්ගය ප්‍රතිවේධ කර ගෙන එහි කිසිදු අඩුවක් නො කොට සපුරා ගත් බවය.

▬▬▬▬

උත්තරීතර ශක්තියක් හා බලයක්

මෙතෙක් අප විසින් බුද්ධ දේශනාව අනුව පැහැදිලි කෙරුණු රහත් බවේ මෙම බල ශක්ති අපට සම්පූර්ණ වීම රහත් බව යන්නෙන් අදහස් කෙරෙනවා. එහෙම නම් රහත් බවක් ලබන උත්තමයා මොන විදියෙන් මානසික වශයෙන් උසස් තත්ත්වයකට පත්ව සිටිනවා ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. එයින් පැහැදිලි වෙන තවත් කරුණක් වන්නේ මේ තත්ත්වයට පත් වන්නට ඇති කර ගත යුතු සූදානම කෙතරම් බරපතළ කාර්යයක් වෙනවා ද යන්නයි. තමන් තුළ මේ කියන බල ශක්ති අට සම්පූර්ණ වූ උත්තමයාට පමණක් එම උත්තරීතර තත්ත්වයට පත් වුණා යන්න නිවැරැදිව ප්‍රත්‍යක්ෂ වෙනවා. අප මේ හැම බලයක් ම විස්තර කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නොව වාච්‍යාර්ථයෙන් ම පමණයි.
.
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
.
මුදුන (Muduna)