Monthly Archives: April 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2vAgxng
හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ධර්මය විනාශ වෙන්න බාහිර ආක්‍රමණ/ජාතීන් නිසා කියලයි. නමුත් ඇත්තෙන්ම ධර්මය විනාශ වෙන්නේ ප්‍රතිරුපක පහල වීම නිසයි – එනම් මේ දුසිල්වත් මහණුන් හා බෞද්ධයින් ධර්මයයි කියා වෙනත් දේවල් කියාදීමයි/කිරීමයි, ඒ වෙනුවෙන් පෙනීසිටීමයි.නිවන් මාර්ගයට යොමු කරන, දුකින් මුදවන, නිර්මල ධර්මය ලෝකයට ප්‍රතිරුපක ධර්ම නැතිව විවෘතව පවතින තාක් ලෝකයේ සිටින බුධිමත් පුද්ගලයන් ධර්මයට එක්වී ධර්මය තවත් ශක්තිමත් වීම වැළැක්විය නොහැක.

https://ift.tt/2qPUXq1

== සද්ධම්මප්පතිරූපක සූත්‍රය ==
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහාකාශ්‍යපතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, යම්හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?” ‘කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටත්. කස්සපය, යම්තාක් ලෝකයෙහි “සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදීද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.
“කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.
කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.
“කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාවූ කරුණු පසක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය.
(දහතුන්වෙනි සද්ධම්මපතිරූපක සූත්‍රය නිමි.)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qSjhHf
== ප්‍රයත්න භාග්‍යය ==

ආත්මාර්ථ පරාර්ථසාධනය පිළිබඳ වූ බලවත් වීර්යය ප්‍රයත්න භාග්‍යය ය. සිදු කරන අර්ථයෙහි විශාලත්වය අනුව ඒ ඒ දෙය සිදු කිරිමට මහත් විර්‍ය්‍යයක් වුවමනා ය. බුද්ධත්වය පමණ මහත් වූ උසස් වූ අන් තත්වයක් නැත. ඒ උසස් තත්ත්වවලට පැමිණිමට එයට සුදුසු මහත් වීර්‍ය්‍යපාරමිතා සංඛ්‍යාත වීර්‍ය්‍ය තුබු නිසා උන් වහන්සේට ලොවුතුරා බුදු බව ලැබිය හැකි විය. තථාගතයන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණි පන්සාළිස් වසක් මුළුල්ලෙහි බුඬකෘත්‍යය සිදු කළ සේක. ලෝකයෙහි ඇති කෘත්‍යයන් අතරින් සියල්ලටම මහත් වූ කෘත්‍යය බුද්ධකෘත්‍යය ය. දහස් ගණනක් ජනයා සේවයෙහි යොදවා ගෙන කරන කර්මාන්තයක් වේ නම් එය මහත් වූ කෘත්‍යයකි. එය සිදු කිරිමට එයට ප්‍රමාණ වන තරමට මහත් ප්‍රයන්තයක් ද තිබිය යුතුය. රටක් පාලනය කිරිමට එයට වඩා විශාල කෘත්‍යයකි. එය සිදු කළ හැකි වීමට ආයතනයක් පාලනය කිරිමේ ප්‍රයන්තයට වඩා මහත් ප්‍රයන්තයක් තිබිය යුතු ය. රටවල් ගණනක් පාලනය කරනවා නම් එය ඉතා මහත් කෘත්‍යයක් වන බැවින් එයට විශාල ප්‍රයන්තයක් තිබිය යුතු ය. නැතහොත් එය නො කළ හැකි ය. දිව්‍යබ්‍රහ්මලෝක සහිත සක්වළ දස දහසක් සත්ත්වයනට යහපත සිදු කිරිමට බුඬකෘත්‍යය ය. එබදු මහත් කෘත්‍යයක් රාජාදි අන් කිසිවකුට නැත. රටවල් ගණනක් පාලනය කරන රජකුගේ කෘත්‍යය බුඬකෘත්‍යය හා සසඳතහොත් ඉතා සුළු ය. දස දහසක් ලෝක ධාතුවල එද එදාට ධර්මය අවබෝධ කළ හැකි පමණට නුවණ මුහුකුරා ගියවුන් සොයා බලා ඔවුනට චතුස්සත්‍යය අවබෝධ කරවීම බුඬකෘත්‍යයෙකි. රත්නත්‍රය කෙරෙහි පහදවා තිසරණයෙහි පඤ්චශීලයෙහි පිහිටවිය හැකියවුන් බලා එසේ කිරිම බුඬකෘත්‍යයෙකි. දානාදි පින්කම්වල යෙදෙවිය හැකි පුද්ගලයන් බලා ඔවුන් ඒවායේ යෙදවීම බුඬකෘත්‍යයෙකි. පැවිද්දට සුදුස්සන් සොයා බලා දහම් දෙසා ඔවුන් පැවිද්දෙහි යෙදවීම බුඬකෘත්‍යයෙකි. සුදුසු කල් බලා පැවිද්දන්ට සිකපද පැනවීම බුඬකෘත්‍යයෙකි. පැවිදි වුවන්ට අර්හත්වයට පැමිනිය හැකි වීම පිණිස ඒ පුද්ගලයන්ට සුදුසු කමටහන් කියා දීම බුඬකෘත්‍යයකි. කමටහන් ගෙන ආරණ්‍යෘදී විවේකස්ථානවල මහණදම් පුරන පැවිද්දන්ගේ තතු සොයා ඔවුන්ට සුදුසු උපදෙස් දීම බුඬකෘත්‍යයකි. භේද වුවන් සමගි කිරිම බුඬකෘත්‍යයකි. පැවිද්දන්ට පිණ්ඩපාතය සුලභ කිරීම බුඬකෘත්‍යයෙකි. ආයු ගෙවී ඇති එදිනෙදා මිය අපායට යන්නට සිටින්නවුන් වෙත ගොස් ඔවුන්ට සුගතියෙහි ඉපදීමට සැලැස්වීම බුඬකෘත්‍යයෙකි. මිත්‍යාධර්‍ම පතුරුවා ජනයා නොමග යවන ජනයන් අපාමගට පමුණුවන, ජනයාට සඟමොක් මඟ වසන මිත්‍යාදෘෂ්ටිකයන් මැඩලීම බුඬකෘත්‍යයෙකි. මිථ්‍යාධර්‍ම අසා මිසදිටු ගෙන සිටිනා ජනයා සම්‍යක්දෘෂ්ටියෙහි පිහිටවීම බුඬකෘත්‍යයෙකි. විපතට පත්වන්නට යන ජනයා ඉන් මුදාලීම බුඬකෘත්‍යයෙකි. තථාගතයන් වහන්සේ දිවා රාත්‍රී දෙකෙහි අනසලව පසුබැස්මක් නැතිව මහත් උත්සහයෙන් ඒ බුඬකෘත්‍යයන් සිදු කරන සේක. බුඬකෘත්‍යයන් සඳහා යොදුන් ගණන් දුර මඟ ගෙවා පා ගමනින්ම ද වැඩ ම කරන සේක. රජුන්ගෙන් සිටුවරුන්ගෙන් මහධනපතීන්ගෙන් ලැබෙන ප්‍රණීත භෝජනයන් හැර දුගියන්ට අනුකම්පාවෙන් ඔවුන් පිරිනමන නීරස බොජුන් වළදනා සේක. දෙව්විමනක් බදු මනරම් ගඳකෙළියක් තිබිය දී මැසි මදුරුවන් ගගන කැළැවල වැඩ වෙසෙන සේක. රුක්මුල්හි වැඩ වෙසෙන සේක. කිසිදු සෙවනක් නැති පිට්ටනි වලද රාත්‍රිය ගත කරන සේක. ගුහාවල මඩුවල රාත්‍රිය ගත කරන සේක. මාරාන්තික රෝගයකින් පෙළෙමින් අතිශයින් දුබලව විසූ පිරිනිවන් පානා දින රාත්‍රීයේ ද ඒ මහා වීරයන් වහන්සේ අවසන් මොහොත පැමිණෙන තෙක් ම වීර්ය්‍යය නො හැර බුඬකෘත්‍යය සිදු කළ සේක. පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට හා පැමිණ සිටි භික්ෂූන්ට දහම් දෙසූ සේක. දීර්ඝ සුත්‍ර දේශනයක් වන මහා සුදර්ශන සුත්‍රය ඒ රාත්‍රියේ දී ම දේශනය කළ සේක. සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසා ඔහුගේ සැක දුරු කරවා සස්නෙහි පැවිදි කරවු සේක. ලොව්තුරා බුදු බව ලබා දීමට සමත් වූ ද, සකල බුඬ කෘත්‍යයන් සිදු කිරිමට සමත් වූ ද, සම්‍යක් ව්‍යායාම සංඛ්‍යාත මහා ප්‍රයත්නය ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qNY2a6
== අරහං ගුණයේ මහන්තත්වය ==

බුදුරජාණන් වහන්සේ වනාහි අග්ගදක්ඛිණෙය්‍ය යන නම ලබන රහතුන් පසේබුදුවරුන් ඇතුළු ලෝකයා විසින් වැදුම් පිදුම් කරන රජුන් ඇතුළු දෙවියන් ඇතුළු ශක්‍ර – බ්‍රහ්මයන් ඇතුළු මනුෂ්‍යය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැම දෙනා විසින් ගරු බුහුමන් කිරිමට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු වන සේක. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරිමට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු කෙනෙකු ලෝකත්‍රයෙහි කොතැනකවත් නැත.

ලොවුතුරා බුදුබව ලැබු අළුත උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරානදී තීරයේ අජපාල නම් නුගරුක මුල විවේකීව වෙසෙන අවස්ථාවක අප භාග්‍යවතුන් වහන්සේට එක්තරා කල්පනාවක් ඇති විය. ‘ගරුබුහුමන් කරමින් යටහත්ව ඇසුරු කළ යුතු පුද්ගලයකු ඇසුරු නො කොට කිසිවකුට ගරු බුහුමන් නො කරමින් ස්වච්ඡන්දයේ සැටියටම ජිවත් වීම දුකෙකි’ යනු උන්වහන්සේට ඇති වූ කල්පනාවය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යටහත්ව ගරුබුහුමන් කරමින් ඇසුරු කිරිම සඳහා තමන් වහන්සේට වඩා ශීලයෙන් වැඩි කෙනෙකු ඇතිදැ යි ලොව බලා වදාළ සේක.

වැඩි ශීලයක් ඇතියෙක් කොතැනකවත් නොපෙණින. ‘තමන් වහන්සේට සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්තිඥනදර්ශනයෙන් වැඩි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් බඹෙක් ඇත්තේ දැ’යි බැලූ සේක. කොතැනකවත් නොදුටු සේක. තමන්වහන්සේට වැඩි ශීලාදී ගුණයක් ඇතියකු කොතැනකින්වත් නුදුටු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ධර්මයට ගරු බුහුමන් කෙරෙමින් එය ගුරුතන්හි තබා වාසය කරන්නට ඉටා ගත්හ. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරිමට සුදුස්සන් ලොව නැත්තේ උන්වහන්සේ සැමට වඩා ශීලාදි ගුණයෙන් උසස්ව සිටින නිසා ය. තථගතයන් වහන්සේට ඇති ඒ මහත්වූ ශීලාදී ගුණස්කන්ධය අනුව අරහං ගුණයෙන් මහන්තත්වය සැලකිය යුතුය.

== අරහං ගුණයේ බලමහිමය ==
තථාගතයන් වහන්සේ අරහං ගුණය විශාලවා පමණක් නොව මහත් වු ආනුභාවයකින් ද යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකයෙහි කිසිම පුද්ගලයකුට බුදුරදුන්ගෙන් වැඳුම් නොලැබිය හැකිය. දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා වේරඤ්ජ නම් බ්‍රහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳ මෙසේ කීය. ‘පින්වත් ගෞතමයන් රාජ පරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහළු බ්‍රහ්මණයන්ට වදින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැතය’ යි මා අසා තිබේ පින්වත් ගෞතමයාණෙනි, මා අසා තිබු කරුණ එසේම ය’ , එකල්හි තථාගතයන් වහන්සේ,

‘නාහං තං බ්‍රහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය, යං හි බ්‍රහ්මණ තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය මුඬාපිස්ස විපතෙය්‍යාති.’

(අංගුත්තර අට්ඨකනිපාත 20)

යනුවෙන් ‘බ්‍රහ්මණය, මා විසින් වැඳිමට හෝ හුනස්නෙන් නැගිටිමට හෝ අසුනක් දිමට හෝ සුදුසු ශ්‍රමණයකු හෝ බ්‍රහ්මණයකු හෝ දෙවියකු බ්‍රහ්මයකු හෝ අනිකකු නො දකිමි, බ්‍රහ්මණය, යමකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැඟිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය’ යි වදාළ සේක. එසේ වීම තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයයි.

බුදුරදුන්ට ඒ අරහං ගුණය ඇතිවූයේ සවාසනා සකළක්ලේශ ප්‍රහාණයෙන් අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලැබිමෙනි. බෝධිසත්ත්ව කාලයේ දී ද ඒ අරහං ගුණයේ බීජය උන්වහන්සේට තිබිණ. නියම අරහං ගුණය නොව ඒ ගුණ බීජය ද මහානුභාව සම්පන්නය. සිඬාථී කුමාරයන් උන්වහන්සේ මව් කුසින් බිහිව දිශාවලෝකනය කළ කල්හි ඒ බිළිදාට සෑම දිශාවක හුන් මනුෂ්‍යදිව්‍ය බ්‍රහ්මණයෝ සුවඳමල් ආදිය පුදා ‘ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සම කෙනෙකු ද නැතය’ යි කීය. එකල්හි උන්වහන්සේ උතුර බලා සත් පියවරක් ගමන් කොට “ අග්ගොහමස්මි ලෝකස්ස සෙට්ඨොහමස්මි ලෝකස්ස ජෙට්ඨොහමස්මි ලෝකස්ස’ යි සිංහනාද කළහ. ශූඬෝදන මහාරාජාදි ගෘහස්ථයන් විසින් වඳින පුදන මහානුභාව සම්පන්න කාලදේවල තාපසයෝ උන්වහන්සේට වැන්දාහ. දරුවන් විසින් මව් පියන් වැඳිය යුතු වුව ද ශූඬෝදන රජතුමා බෝසතාණන්ටම වැන්දේ ය. ඒ බීජ අවස්ථාවෙහිවූ අරහං ගුණයේ ආනුභාවය ය.

ලෝකයෙහි අන් කිසිවකුට නො ලැබෙන පරිදි අප්‍රමාණ චීවරාදි ප්‍රත්‍යයන් ලැබිම ද තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයෙකි. ජිවමාන කාලයේ දි උන්වහන්සේට කෝටි සංඛ්‍යාත ධන වියදමින් අනාථපිණ්ඩිකාදි සැදැහැවත්හු විහාරාරාම කරවා පුජා කළහ. ගඟක් ගලා යන්නාක් මෙන් අපමණ අහාරපාන වස්ත්‍රාදින් උන්වහන්සේ කරා ගලා එන්නට විය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රාහ්මාදීහූද උන්වහන්සේට අපමණ පුජා පැවැත් වූහ. පිරිනිවිමෙන් පසු ද අද දක්වාමත් උන්වහන්සේට අපමණ පුජාසත්කාර ලැබෙන්නේ ය. පිරිනිවි වර්ෂ දෙදහස් පන්සියයක්ට අධික කාලයක් ගතවි ඇති අද ද උන්වහන්සේට ලැබෙන පූජා ඉතා බොහෝ ය. නොයෙක් රටවල වෙසෙන නානා ජාතික බෞඬ ජනයා විසින් විහාර වල හා තමන්ගේ නිවස් වල ද එක්දිනක බුදුරජාණන් වහන්සේ උදෙසා පුජා කරන ගිලන්පස මල් ආහාරපාන රාශීයක් එක්තැන් කළහොත් තරමක කන්දක් පමණ වනු ඇත. උන්වහන්සේ උදෙසා එක් දිනක දැල්වෙන පහන් ද ඉතා බොහෝ ය. වෙසක් පුණුපොහෝ දින ආදි විශේෂ දින වලදි ලැබෙන පුජාව සාමාන්‍ය දින වලට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් අධික වන්නේය. අනාගතයේ දීර්ඝකාලයක් මෙසේම උන්වහන්සේට අපමණ පුද පුජා ලැබෙනු ඇත.

මුළු පොත -> https://ift.tt/2vvJBMX

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qJJcSg
ලේ දන් දීමේ පින්කමට පැමිණෙන්න. බෝධිචිත්තෝපකාර විවේක සෙනසුන, රුක්මලේ පන්නිපිටිය. අප්‍රේල් 28 සෙනසුරාදා උදැසන 8 සිට

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qJJcSg
ලේ දන් දීමේ පින්කමට පැමිණෙන්න. බෝධිචිත්තෝපකාර විවේක සෙනසුන, රුක්මලේ පන්නිපිටිය. අප්‍රේල් 28 සෙනසුරාදා උදැසන 8 සිට

New at Little Bit


from Path to Nirvana https://www.facebook.com/path.nirvana/photos/a.510006802399980.1073741828.509526319114695/1676662355734413/?type=3
== දාගැබ් බැඳීමේ අනුසස් ==

වැව,දාගැබ සංකල්පය යටතේ ගමයි පන්සලයි ගොඩනැඟුණි. එය මේ රටේ රාජ්‍ය කරවන සංකල්පය තරමට බලවත් විය. සිරිලක වැව් බැඳි රාජ්‍යය, දාගැබ් බැඳි දිවයින ලෙස ලෝක ප්‍රකට විය. නිවන සංකේතවත් කළ දාගැබ ගත සිත නිවන මනස්කාන්ත දර්ශනයක් විය.
අතීතයේ රුවන්මැලිසෑය බඳවන විට එහි ඉදිකිරීම් කටයුතු සඳහා මහජනයාගෙන් කිසිවක් ලබා ගැනීම තහනම් කළ දුටුගැමුණු රජතුමා ඒ සඳහා මුරකාවල්ද යොදවා තිබිණි. මෙම මුරකාවල් බිඳගෙන තමා විසින් සාදන ලද ගඩොලක් රැගෙන වැඩම කළ සිතුල්පව්වේ වැඩවිසූ ස්වාමින් වහන්සේ නමක් පෙදරේරු මහතකු මිත්‍රකරගෙන රහසින් එම ගඩොල දාගැබට තබවා බැන්දවූ අයුරු කියැවෙන රසවත් කතා පුවතක් අපේ බණ පොත්වල ඇත. ලක්දිව පමණක් නොව ලෝකයේම මුල් දාගැබ වූ මහියංගණය දාගැබ ඉදිවීමට හේතුවූ දාගැබේ කතාව සහ දාගැබ් බැඳීමේ අනුසස් පිළිබඳව මේ ලිපියෙන් විස්තර කෙරේ.
චෛත්‍යය, දාගැබ, ස්ථූපය යන වචන ත්‍රිත්වයෙන්ම හඳුන්වන එකම නිර්මාණයට මෙම නාමයන් හිමිවූයේ මේ අයුරින් යැයි විවිධ පොතපතෙහි සඳහන් වේ. යමකු මළ පසු දවා අළු කිරීමට ගනු ලබන දර සෑය හඳුන්වන වදනකි. “චිතකය” යන්න, චිතකය තුළ අවසානයේ තැන්පත් වනුයේ දවන ලද පුද්ගලයාගේ අළු හෙවත් භෂ්මාවශේෂයි. රහතන් වහන්සේ පසේ බුදුන් වහන්සේ, සර්වඥයන් වහන්සේ යන ත්‍රිවිධ තත්ත්වයන්ට පත්වූ නික්ලේශී ඇත්තන් ආදාහනය කළ පසු ඉතිරිවන සියලු කොටස් ධාතුන් වහන්සේලා ලෙස හඳුන්වනු ලබයි. එසේ චිතකයේ ඉතිරිවන ධාතුන් වහන්සේලා රැස්කර ගොඩනඟන ලද මෙම නිර්මාණය චිතකය අර්ථයෙන් චෛත්‍යය ලෙස නම් ගැනිණ.
දෙවැනි නාමය වන දාගැබ යන්න නිර්මාණය වී ඇත්තේ එම ධාතූන් වහන්සේලා නිදන් කරනුයේ විශාල ගර්භයක නිසා ධාතු ගර්භය යන අදහස පෙදැරිව දාගැබ යනුවෙනි. තෙවනුව ඇති නාමය වූ ස්ථූපය යන්නෙන් අර්ථ ගන්වන්නේ “ථූප” ගොඩ මුදුනක් සහිතව ගොඩනැඟුණ උස් ස්ථානය ලෙසයි. මේ අනුව මෙම නාමය හිමිවී ඇත.
බුදුරජාණන් වහන්සේ ස්ථූප හෙවත් දාගැබ් ගොඩනංවා ගෞරවය කළ යුතුª පුද්ගලයෝ සතර නමක් අනුදැන වදාළහ. ඒ සතර දෙනා වහන්සේ මෙසේය.
1.ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, 2. පසේ බුදුරජාණන් වහන්සේ 3. මහ රහතන් වහන්සේ 4.සක්විති රජු
යන සිව්දෙනාට පමණක් නියමවූ මෙම දාගැබ හෙවත් ස්ථූපය අද අපවත්වන සියලුම හිමිවරුනට නියම වූවක් වශයෙන් සලකා පන්සල් ආරාමවල ඉදිකිරීම ප්‍රඥා ගෝචර නොමැත. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසුවේ පිරිනිවන්පාන බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයට කෙසේ පිළිපැදිය යුතුද යනුවෙනි. මෙහිදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එම බුද්ධ ශරීරය සක්විති රජකු ආදාහනය කරන අයුරින් ආදාහනය කර සතර මංසන්ධියක සිව් දෙස ජනයාට පෙනෙන සේ භෂ්මාවශේෂ නොහොත් ධාතුන් වහන්සේ තැන්පත්කර දාගැබක් බැඳිය යුතු බවයි.
අද ලෝකයේ බොහෝ බෞද්ධ රටවල දාගැබ් නිර්මාණය කර ඇත. එසේ නිර්මාණය කරන ලද චෛත්‍ය වර්ග රාශියක් ඇත. එයින් වර්ග අටක් ඉතා ප්‍රසිද්ධ චෛත්‍යය නිර්මාණ ශෛලීන්ය. ඒවා මෙසේ ය.
1.බුබ්බුලාකාර – දිය බුබුලක හැඩය 2. ධාන්‍යාකාර – වී ගොඩක හැඩය 3. ඝණ්ඨාකාර -ඝාණ්ඨාරයක හැඩය 4. ඝඨාකාර – කළයක හැඩය 5.පද්මාකාර – නෙළුම් මලක හැඩය 6.ආමලාකාර – නෙල්ලි ගෙඩියක හැඩය 7.චතුරස්‍රාකාර – හතරැස් හැඩය 8.අෂ්ඨාකාර – අට පට්ටම් හැඩය යනුවෙනි.
තවත් විවිධ හැඩවලට අනුව චෛත්‍ය ගොඩනැඟී ඇත. පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ලෙස හඳුන්වන ඉදිකිරීමද චෛත්‍යයක් ලෙස හඳුන්වයි. දැදිගම කොටවෙහෙර, පොළොන්නරුවේ දෙමළ මහ සෑයද එසේ වෙනත් ශෛලියක් ගත් චෛත්‍ය ලෙස හැඳින්වීමට හැක.
පොදුවේ ගත් කල චෛත්‍යයක් නිර්මාණය කිරීමේදී එය කොටස් දහයකින් සමන්විත ය. (පින්තූරයේ සඳහන්ය )
1. චූඩා මාණික්‍යය
2. කොත
3. කොත් කැරැල්ල
4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
5. ගර්භය
6. වාහල්කඩ
7. පේසා වළලු
8. සලපතල මළුව
9. වැලි මළුව
10. සඳකඩ පහන
මෙම කොටස් නවයන් සත්ත්වයා නිවන් මඟට පිවිසෙන ආකාරය පිළිබිඹු වන බව අදහසයි. මෙම අයුරින් තනවන චෛත්‍යවල දේවතා කොටුවේ ඉරහඳ සලකුණු කර ඇති අතර දේවතා කොටුවේ ගර්භයට සම්බන්ධ කොටසේ බෝ පත් හතරක්ද සටහන් කරනු ලබයි. මේ සියල්ලෙන්ම විවිධ අර්ථයන් ධර්මයට අනුව ලැබී ඇත.
මේ අනුව ලොව පළමුව ඉදිවුන දාගැබ වන්නේ ඌව දනව්වේ මහවැලි ගඟ අසබඩ ගොඩනැඟුණු මියුගුණ දාගැබ විය හැක. සමහරුන් ලොව පළමු දාගැබ තිරියායේ ගිරිහඬු සෑය ලෙස හඳුන්වනු ලබයි. එය පිළිගැනීමට අපහසු කරුණු කිහිපයක් ඇත. කෙසේ වෙතත් ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කර ඉදිවුණ මහාදාගැබ් අටක් ගැන සඳහන් වේ. දඹදිව විවිධ ප්‍රදේශවල ඉදි වූ එම චෛත්‍ය අට සහ ඉදිකළ අය මෙසේය.
1.අජාසත්ත රජු විසින් – රජගහනුවර දාගැබ 2. ලිච්ඡවි රජදරුවන් විසින් – විශාලානුවර 3.ශාක්‍යයන් – කපිලවස්තුපුර 4.බුලිවරුන් – අල්ලකප්ප රට 5.කෝලියවරුන් – රාමග්‍රාම 6.බ්‍රාහ්මණයන් – වේඨදීප 7.මල්ල රජ දරුවන් – පාවානුවර 8.මල්ල රජදරුවන් – කුසිනාරා නුවර
මෙම චෛත්‍යයන් වහන්සේලා අට හැර තවත් චෛත්‍ය දෙකක් නිර්මාණය විය. එම චෛත්‍ය තුළ නිදන් කළේ සර්වඥ ධාතුන් වහන්සේලා නොව වෙනත් දේවල්ය. එම චෛත්‍යය දෙක සහ ඒවා බැඳ වූ අය මෙසේය.
1.ද්‍රෝණ බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදූ භාජනය නිදන් කරමින් ගොඩනැඟූ තුම්භ දාගැබ
2.මෞර්යයන් විසින් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ දර සෑයේ අඟුරු තැන්පත් කර තැනවූ අංගාර චෛත්‍යය
මේ දාගැබ් දෙක සමඟ බුද්ධ පරිනිර්වාණය සමඟ ඉදිවූ දාගැබ් ප්‍රමාණය දහයකි. නමුත් ධාතුන් වහන්සේලා තැන්පත් කර දාගැබ් හදන්නට පෙර සරභූ මහ රහතන් වහන්සේ විසින් ගිනිගෙන දැවෙන චිතකයෙන් බුදුපියාණන් වහන්ස්ගේ ගී‍්‍රවා ධාතුව රැගෙන ලක්දිවට වැඩම කර මහියංගන දාගැබේ නිදන් කළ බව පැවසේ.
ලෝකයේ ඉතා ලස්සනටම හා විශාලතම දාගැබ් පිහිටා ඇත්තේ අප රටේය. ලෝකයේ සියලුම දාගැබ් අතර අග රජිඳු වන අනුරාධපුර රත්නමාලී චෛත්‍ය රාජයා අසමසම මහා දාගැබයි. එම දාගැබේ අගසව් දෙනම ලෙස තිබෙන ජේතවනය හා අභයගිරිය දාගැබ් ලොව මවිත කළ අසම සම නිර්මාණයන්ය. ලංකාව පුරා චෛත්‍යය දහස් ගණනක් ඉදිවී ඇත. කිතුනු පියතුමකු වූ මර්සලින් ජයකොඩි පියතුමා තමන් ලියූ කවියකින් කීවේ දාගැබ් ගැන කදිම අදහසකි.

ගිය ගිය තැනදි මට වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නොමැති තැන වෙහෙරක් බැඳීයන්
යනුවෙනි. අපි දැන් දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී
3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ
6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
7.සක්විති රජ පදවිය හිමි වේ
8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
11.නිර්වාණය අවබෝධ වේ
12.එතෙක් කිසිදු දුගතියක නූපදී

යමෙක් චෛත්‍යය බිඳී නම් එහි තිබෙන දේවල් පැහැර ගැනීම සිදු කරයි නම් ආනන්තරිය පාප කර්මයකට ආසන්න පාපයක් කරගත් බව වටහාගත යුතුය. ඔහු අනිවාර්යයෙන්ම අපායගාමී වීම වැළැක්වීම අපහසු කටයුත්තකි.
ඔබත් චෛත්‍යයක් බඳවන්නට බැරි අයෙක් නම් එවන් කටයුතු කරන තැනකට ශ්‍රමයෙන්, ධනයෙන් උදව් උපකාර කරන්න. එය එවැනි කුසල ධර්මයකට හවුල් වීමකි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Hg26pY
== බෝ මළුව ඇමදීමේ අනුසස් ==

හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණධම්ම හිමි

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති,
පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති,
පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,
කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.

පින්වත්නි,

ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”

පින්වත්නි, විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනව. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනව. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්.

විහාරස්ථාන වතාවත් කිරීමෙන් ලැබෙන අනුසස් අනන්තයි. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. ශරීරය වර්ණවත් වෙනව. සිනිඳු සමක් ලැබෙනවා. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග ඇති වන්නෙ නැහැ. පෙරකළ අකුසලකර්ම නිසා නිදන්ගතව සුව නොවන කුෂ්ඨ රෝගීන් සිටිනව. සිද්ධ ස්ථාන ඇමද පිරිසුදු කිරීමෙන්, කලක් එසේ කරන විට නොදැනුවත්වම කුෂ්ඨරෝග සුවවෙනව. බෝමලු, විහාරමලු ඇමදීම කුෂ්ඨ රෝගීන්ට යහපත් ඖෂධයක් වැනිය. චිත්ත පාරිශුද්ධිය මනුෂ්‍යයාට ඉතාම අවශ්‍යයයි. අපිරිසුදු සිතකින් කුමන කුසල් කළත් එයින් ප්‍රයෝජනයක් නැහැ. අපිරිසුදු සිතෙන් කරන කුසලය සම්පූර්ණවන්නෙ නැහැ. හිත පිරිසුදු කරගැනීමට කළහැකි අගනා පින්කම විහාරමලු ඇමදීමයි. ‘මේ මලුවේ කුණු රොඩු ඉවත්වී පිරිසුදු වන්නාක්මෙන් මගේ සිතද ලෝභ, ද්වේෂ, මෝහ, මාන, වෛර, ක්‍රෝධ ආදී කෙලෙසුන්ගෙන් වෙන්වී පිරිසුදුවේවා’ යන්න සිත තුළ රඳවාගන අමදින විට සිතතුළ නිතැනින්ම මෛත්‍රිය, කරුණාව උපදිනව.

කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා.

අතීතයේ අනුරාධපුරයේ විසූ අභයතෙරුන් වහන්සේට ඉතා මනහර රූප ශෝභාවක් තිබුණ. ඒ වගේම රූප ශෝභාව තියන අමාත්‍ය පුතෙකුත් එම ප්‍රදේශයේ සිටිය. “මෙම දෙදෙනා අතරින් වඩාත්ම රූප සම්පත්තිය ඇත්තේ කවරකුටදැයි දැන ගැනීමට ජනයාට අවශ්‍ය වූණා. මේ දෙදෙනාම එක්තැන දැකීමට ජනයා උපායක් යෙදුව. රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාව සඳහා අමාත්‍යපුත්‍රයා කැටුව යාමට ඔහුගේ දෙමව්පියන් පොළඹව ගත්ත. අභය තෙරුන් වහන්සේ මේ අවස්ථාවේ සෑ මලුවට පිවිසුනා. “ඔබ මහලු තෙරුන් වහන්සේද මේ ඇමදු කසල ගෙන ගොස් දමා මා සමඟ තරඟ කරන්නේදැයි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් ඇසුව. මෙසේ මේ දෙදෙනාටම රූප සම්පත්තිය ලැබීමට හේතුවූයේ පෙර භවයකදී අභය තෙරුන්වහන්සේ මහා තෙරනමක් වී කතරගම වෙහෙර මලුව අමදින විට මෙම අමාත්‍යපුත්‍රයා එකලද අමාත්‍ය පුත්‍රයෙක්ව සිට තෙරුන් වහන්සේ අමදින කසල මෙම පුත්‍රයා ඉවත්කර සෑ මලුව පිරිසුදු කළා. මලුව ඇමදූ තෙරුන් වහන්සේට ද කුණු කසල ඉවත්කළ පුත්‍රයාටද ඒ පිනෙන් විශේෂ රූප ශෝභාවක් ඇතිවුණා. චෛත්‍ය මලු, බෝමලු, විහාරමලු ඇමදීමෙන්, තීක්‍ෂණ නුවණක් ලැබෙනව. පාසල්දරුවන් විහාරස්ථාන ඇමදීමෙන් නිරවුල් දියුණු මනසක් ලබාගන්න පුළුවන්.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්‍ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්‍ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය.

මෙසේ ක්‍රමවත්ව චෛත්‍ය, විහාර, බෝමලු ඇමදීමෙන් අනන්ත අප්‍රමාණ ආනිශංස ලැබෙනවා. සිත් තැවුල්, දොම්නස් ඇතිවිට මලුපෙත් ඇමදීමෙන් සිත තුළ ප්‍රබෝධය ඇතිවෙනව. සිතේ ශ්‍රද්ධාව ඇතිව විහාරමලු ඇමැද ඔබගේ මෙලොව පරලොව ජීවිතය ආලෝක කරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HzHrjS
තිත්ත කොහොඹ ඇටයකින් ලැබෙන්නේ තිත්ත කොහොඹ ගසක් මයි. කර්මය කරන්නට පෙර එහි එවැනිම විපාකයක් ඇති බව මෙනෙහි කරන්න

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qKKR91
== භින්න ධාතු ==

භින්න ධාතු යනු කුඩා කුඩා කොටස්වලට කැඩී, බිඳී වෙන් වී ගිය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ අස්ථි ධාතුන් ය. බුදුරදුන් ගේ අදිටනට අනුව ලලාට ධාතුව ය, අකු ධාතු දෙනම ය, සතර දළදාවන් ය යන මේ මහා ධාතු සත කොටස්වලට නොකැඩී, නොබිඳී, නොවිසිරී එලෙසින් ම ඉතිරි විය. ශ්‍රී ශරීරයේ අනෙක් සියලු අස්ථි කුඩා කුඩා කැබලිවලට බෙදී වෙන් වී ගියේය.
විසිරුණු ධාතුන් ගේ ප්‍රමාණ හා වර්ණ ගැන මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කතාවේද සඳහන් ව ඇත. බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු රන්වන් පැහැයට හුරු ය. කඩසහල් තරමේ ධාතු මුතු පැහැති ය. අබ ඇට තරමේ ධාතු සමන් කැකුළු පැහැති ය.
තරමින් විශාල ප්‍රමාණයේ ධාතු නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ද ධාතු ද නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ධාතු නැළි සයකි. මුළු ධාතු ප්‍රමාණය මගධ නැළියෙන් නැළි දහසයකි. ද්‍රෝණ වශයෙන් ගත් කල්හි ද්‍රෝණ අටකි. ද්‍රෝණ බමුණා මේ ධාතු රටවල් අටකට සම සේ බෙදා දුන්නේය. ඒ අනුව එක රටකට ධාතු නැළි දෙකක් (ද්‍රෝණ එකක්) ලැබුණි. ධාතු ලැබූ රටවල් අටේ රජ දරුවෝ තම තමන් ගේ නුවරවලට ගොසින් ධාතු නිදන් කර මහා ස්තූප අටක් ඉදිකර මහා සත්කාර පැවැත්වූහ.
පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනාගතයේ දී අන්‍ය තීර්ථකයින් අතින් ධාතුන් වහන්සේලාට අනතුරු සිදු විය හැකි බව දැක අජාසත්ත මහ රජු වෙත එළැඹ” මහ රජතුමනි, මේ වන විට ශාස්තෲන් වහන්සේ ගේ ධාතු බොහොමයක් ස්ථාන කිහිපයක ම නිදන් ගත ව පවතී. එය ඒ තරම් සුදුසු නැත. අනාගතයේ දී තීර්ථකයින් ගෙන් ධාතු ස්තුපයන්ට හානි සිදුවිය හැකි යි. මහ රජතුමනි, ඒ නිසා සියලු ධාතු එක්තැන් කර එක් ධාතු නිධානයක් කළයුතු ය” යි කීහ.
මෙය ඇසූ අජාසත්ත මහ රජු සතුටු වී “ස්වාමීනි,, මම ධාතු නිදන් කර මහා ස්තූපයක් කරවන්නෙමි. ඒත් ස්වාමීනි, බෙදා දුන් ධාතු නැවත ලබා ගන්නේ කෙසේ දැ?”යි ඇසීය.”මහ රජතුමනි, ඔබ ඒ ගැන වෙහෙස නොවන්න. ධාතු ගෙන ඒම අපට භාර යි. ඔබතුමා සෑය බඳින්නැ” යි මහා කාශ්‍යප මහ තෙරණුවෝ කීහ. මෙසේ කී මහා කාශ්‍යප මහ තෙරණුවෝ” මේ රාම ග්‍රාමයේ ධාතු ස්තූපයේ ඇති ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අනතුරක් නොවෙයි. නාගයින් ආරක්ෂා කරන මේ ධාතු ද්‍රෝණය අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන මහා ස්තූපයේ පිහිටන්නේ ය.
එබැවින් අනෙක් ස්තූපයන්ගෙන් ධාතු ගත යුතු ය” යි සිතූහ. එසේ සිතා රාම ග්‍රාමයේ ධාතු ස්තූපය හැර රජගහ නුවර ය, විශාලා මහනුවර ය, කිඹුල්වත් නුවර ය, අල්ලකප්පරට ය, වේඨදීපක නුවර ය, පාවා නුවර ය, කුසිනාරා නුවර ය යන මේ මහා නුවරවල් සතෙහි වූ ධාතු ස්තූප විවෘත කරවා වන්දනා කිරීමට ධාතු ස්වල්පයක් තබා ඉතිරි සියලු ධාතු ගෙන්වා ගත්හ.
මෙසේ ධාතු ලබා ගත් මහා කාශ්‍යප මහ තෙරණුවෝ අජාසත්ත මහ රජු සමඟින් රජගහ නුවර එක්තරා ස්ථානයක් වෙත එළැඹ “ මහ රජතුමනි, මෙතැන ධාතු නිධානය කළයුතු ය”යි කියා ඒ ස්ථානයෙහි මහ රජු ලවා ඉතා රහසිගත ව ස්තූපයක් කොට ධාතු එහි නිදන් කළහ. ධාතු නිදන් කර මල්, පහන්, සුවඳ දුම් පුදා “ මේ ස්තූපය තුළ ඇති මල් පර නොවේවා ! පහන් නොනිවේවා ! සුවඳ නොවැනසේවා !” යි කියා අදිටන් කළ සේක.
එසේ කොට “අනාගතයේ දී “පියදස්සී” නම් රජ කුමාරයෙක් මේ මුළු ජම්බුද්වීපය ම එක්සේසත් කොට “ධර්මාශෝක” නමින් රජ බවට පත් වන්නේය. ඒ රජු මේ ස්තූපයේ ඇති සර්වඥයන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන දඹදිව පුරා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදුසසුන බබුළුවන්නේය. “ යන දැන්වීම රන්පතක ලියවා එහි තැන්පත් කළ සේක. මේ අතර සක්දෙවි රජු ගේ නියෝගයෙන් දෙව්ලොව නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ධාතු ස්තූපයේ ආරක්ෂාවට “වාළසංඝාටි “ නම් වූ යන්ත්‍රය මැව්වේය.
පසු කලෙක ජම්බුද්වීප චක්‍රවර්තී ධර්මාශෝක මහ රජතුමා එක් මහ තෙරුන් වහන්සේ නමක ගේ මඟ පෙන්වීමෙන් මේ මහා සෑය හඳුනා ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා වාළසංඝාටි යන්ත්‍රය බිඳුවා ස්තූපය විවෘත කර රන්පතේ සඳහන් කර තිබූ පාඨය දැක “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මා දැක ඇතැ” යි කියා සතුටු වී ධාතු ගෙන දඹදිව හා ඒ අවට ප්‍රදේශවල ධාතු නිදන් කරමින් අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේය.
ලක්දිව ථූපාරාමය තැනීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ සුමන සාමණේරයන් ලවා ධර්මාශෝක රජු වෙතින් බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයත් එම පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා ත් ගෙන්වා ගත් බව මහාවංශයේ දැක්වේ. ඒ ධාතු අශෝක රජු තමන්ට වන්දනා කිරීමට තබා ගත් ධාතුවලින් කොටසකි. දේවානම්පියතිස්ස රජු ධර්මාශෝක රජු ලබාදුන් ඒ ධාතුන් වහන්සේලා නිදන් කර ලක්දිව යොදුනෙන් යොදුන ස්තූප තැනුවේය.
රාම ග්‍රාම ස්තූපයේ සර්වඥ ධාතු ද්‍රෝණයක් තැන්පත් කර තිබුණි. මේ ස්තූපය තනා තිබුණේ ගං ඉවුරට ඉතා සමීපව ය. මේ නිසා වැඩි කල් යෑමට පෙර ගඟේ සැඩ පහරට හසු වූ ධාතු ස්තූපය ගං ඉවුරත් සමඟින්ම කඩා ගෙන ගඟට වැටුණි. ධාතු සහිත කරඬුව ගඟ දිගේ මහ මුහුදට ගසා ගෙන ගියේය. මාඤ්ජෙරික නාලොවේ නාගයෝ රැස් විහිදෙමින් තිබූ ධාතු කරඬුව දැක මාඤ්ඡෙරික නාග භවනට ගොස් මහා කෙළ නම් වූ නාරජුට මේ බව දැන්වූහ. මෙය ඇසූ නාරජු බොහෝ නාගයින් පිරිවරා ගෙන එතැනට ගොස් ධාතුන් වහන්සේලාට පුද සත්කාර කොට ධාතු කරඬුව හිස මත තබා ගෙන නාග භවනට ගොස් වටිනා රන් රිදී මුතු මැණික්වලින් ධාතු ගෙයක් තනවා ධාතු කරඬුව එහි තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා සැම කල්හි පුද සත්කාර කළේය.
දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය නිම කර වූ කල්හි මහ රහතන් වහන්සේලා ගේ උපදෙස් පරිදි සෝණුත්තර නම් වූ ෂඩ් අභිඥාලාභී සොළොස් හැවිරිදි සාමණේරයන් වහන්සේ නාලොවට වැඩම කර මහා කෙළ නාරජු සතුව පැවති සර්වඥයන් වහන්සේ ගේ ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙන නාගයින් ගේ දැඩි විරෝධය තිබිය දී ම පෙරළා වැඩම කළහ. දුටුගැමුණු මහ රජතුමා සෝණූත්තර සාමණේරයන් වහන්සේ නාලොවින් ගෙනා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට සූදානම් විය.
එකල්හි බුදුරදුන් ගේ අදිටනකට අනුව කරඬුව විවෘත වී සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී බුදුරුව මවා යමා මහා පෙළහර දැක්වූහ. දුටුගැමුණු මහ රජතුමා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ තැන්පත් කළේය. එකල්හි මහත් වූ භූමිකම්පාවක් ඇති විය. තව බොහෝ අසිරිමත් දේවල් ද සිදුවිය.
මේ තරම් විශාල සර්වඥ ධාතු ප්‍රමාණයක් වැඩ සිටින ලෝකයේ එක ම ස්ථානය දුටුගැමුණු මහ රජතුමා ඉදිකළ ලක්දිවට අලංකාරයක් වූ රුවන්වැලි මහා සෑරදුන් ය. එබැවින් මේ ස්තූපයට “මහා ස්තූපය” යනුවෙන් කියනු ලැබේ. රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීමේ මහා පුණ්‍යෙීත්සවය සඳහා ඉන්දියාවෙන් පමණක් නොව පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, ඇලෙක්සැන්ඩ්‍රියාව යන බොහෝ දුර ඈත පිිහිටි රටවල්වලින් ද ලක්ෂ ගණන් මහ රහතුන් වැඩම කර ඇත. රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීමට නාලොවින් ධාතු ගෙනා අයුරු ත් මහා සෑය තැනූ අයුරුත් මහාවංශයේ මෙන් ම ථූපවංශයේ ද විස්තර වශයෙන් දැක්වේ.
අනුරාධපුර මිරිසවැටි මහා සෑය තුළ සර්වඥ ධාතු තැන්පත් කර ඇති දුටුගැමුණු මහ රජතුමාගේ ජයකොන්තය (කුන්තායුධය) නිදන් කර ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මිරිසවැටි මහා සෑය පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර පන්සියයක් මහ රහතුන් සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
වළගම්බා මහ රජු කර වූ අභයගිරි මහා ස්තූපය තුළ ද සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. ජනප්‍රවාදයකට අනුව රනින් කරන ලද වෘෂභයෙකු ගේ උදරය තුළට සර්වඥ ධාතු පුරවා ධාතු සහිත ඒ වෘෂභ රූපය ස්තූපය තුළ නිදන් කර ඇත. අභයගිරි මහා ස්තූපය වන්දනා කිරීමට යොදා ගන්නා පාලි ගාථාවේ මේ බව දැක්වෙයි.
අනුරාධපුරයේ ජේතවනාරාමය, ලංකාරාමය, ඉසුරුමුනිය ආදී ස්තූප තුළ ද දකුණු පළාතේ කසාගල, මැණික් වෙහෙර, යටාල වෙහෙර, තිස්සමහාරාමය, සඳගිරිය, කතරගම කිරිවෙහෙර ආදී තවත් බොහෝ පුරාණ ස්තූපයන්හි බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්ස්ලා නිදන් කර ඇත.
සඳගිරිය දාගැබ සර්වඥ ධාතු නිදන් කර තැනූ රුහුණේ ඇති ඉතා පුරාණ දාගැබකි. ධර්මාශෝක මහ රජතුමා දේවානම්පියතිස්ස මහ රජු ගේ අභිෂේකය සඳහා මෙරටට එවූ දක්ෂිණාවර්ත සංඛය මේ දාගැබෙන් හමු වී තිබේ.
සංඛය තුළ ඉතා ආරක්ෂිත ලෙස සර්වඥ ධාතුන් වහන්සේලා සත් නමක් තැන්පත් කර තිබුණි. මේ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් සතර නමක් 1895 දී තිස්සමහාරාම මහා දාගැබේ දේවතා කොටුවේ නිදන් කර ඇත. සර්වඥ ධාතුªන් වහන්සේලා දෙනමක් හක්මන මුරුතමුරේ පුරාණ විහාරයට ලබාදී ඇත. අනෙක් සර්වඥ ධාතුන් වහන්සේත් දක්ෂිණාවර්ත සංඛයත් තිස්සමහාරාම මහා විහාරයේ තැන්පත් කර තිබේ. සඳගිරිය දාගැබ තිස්සමහාරාම මහා සෑය සමීපයේ පිහිටා ඇත. ගරා වැටී ඇති මේ මහා දාගැබේ සංරක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
රඹුක්කන දැළිවල කොටවෙහෙර ස්තූපය ඉතා පුරාණ ස්තූපයකි. මේ ස්තූපය දේවානම්පියතිස්ස රජු සමයේ කරවන්නට ඇතැ’යි සැලකේ. ජනප්‍රවාදයකට අනුව මේ ස්තූපයේ ධාතු නිදන් කිරීමේ උත්සවයට මිහිඳු මහා රහතන් වහන්සේ ද වැඩම කර ඇත. නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදී ඇත්තේ ද මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. මෙහි කරන ලද කැණීම්වලින් සර්වඥ ධාතු මෙන් ම රහත් ධාතුන් ද හමු වී ඇත. ගරා වැටී වල් බිහි වී ඇති මේ මහා ස්තූපයේ සංරක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.
පොළොන්නරුව මැදිරිගිරිය වටදාගෙයි කුඩා දාගැබ තුළ ද සර්වඥ ධාතු තැන්පත් ව ඇත. ඒ බව පූජාවලියේ සඳහන් වෙයි. ලංකාවේ ඇති වටදාගෙවල්වලින් වඩාත් අලංකාර වටදාගෙය වන්නේ මැදිරිගිරිය වටදාගෙය යි. මේ අවට බොහෝ පුරාවස්තු දක්නට තිබේ.
බදුල්ල මුතියංගන මහා සෑය තුළ සර්වඥ කේශ ධාතු හැරුණු විට බුදුරදුන් ගේ මුතු බවට පත් වූ දහඩිය ධාතු තැන්පත් වී ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් ද සමඟින් දැන් මේ මුතියංගණ මහා සෑය පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර එහි මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. එහි දී උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් හට ගත් දහඩිය බිඳු කිහිපයක් මුතු ඇට බවට පත් වී ඇත. මුතු ඇට බවට පත් වූ බුදුරදුන් ගේ ඒ දහඩිය ධාතු ද කේශ ධාතු ද සමඟින් නිදන් කර මුතියංගණ සෑය තනා ඇත.
මාදම්පේ සේනානායක රාම මහා විහාරයේ කළුගලින් කරන ලද ස්තූපයක් ඇත. මේ ස්තූපය තුළ බංග්ලා දේශයේ චිතගොන්හි විහාරයකින් ලැබුණු සර්වඥ කේශ ධාතු හැරුණු විට පකිස්තානයේ ස්වාත් නිම්නයේ පුරාණ ස්තූපයකින් ලැබුණු සර්වඥ ධාතු කිහිප නමක් ද පකිස්තානයේ තක්සලාවේ කාලවාන් ස්තූපයෙන් ලැබුණු සර්වඥ ධාතු කිහිප නමක් ද කණිෂ්ක රජු සමයට අයත් මීර්පූර්ඛාස් ස්තූපයෙන් හමු වූ සර්වඥ ධාතු ස්වල්පයක් ද බුදුරදුන් ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ ස්ථානයෙන් ගත් ශුද්ධ අළුවලින් කොටසක් ද තුන් වැනි ධර්ම සංගායනාවට සහභාගී වූ මජ්ඣිම මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුන් වහන්සේ නමක් ද කන්තිපුත්‍ර මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුªන් වහන්සේ නමක් ද තැන්පත් කර ඇත. ධාතු නිදන් කර ඇත්තේ 1960 වසරේ දීය.
1851 දී ජනරාල් මෙයිසි සහ සර් ඇලෙක්සැන්ඩර් කනින්හැම් යන පුරාවිද්‍යාඥයින් දෙදෙනාට ඉන්දියාවේ භෝජ්පූර්හි පුරාණ ස්තූපයක් කැණීමේ දී එහි ගර්භය තුළ තිබී රතු මැටි විශේෂයකින් තැනූ බඳුනක් හමු වී ඇත. ඒ බඳුන තුළ කුඩා පළිඟු කරඬුවක් විය. පළිඟු කරඬුව තුළ බුදුරදුන් ගේ අස්ථි ධාතු කිහිප නමක් තැන්පත් ව තිබුණි. මේ ධාතුන් වහන්සේලා ගෙන් තුන් නමක් 1940 දී ලංකාවට ලැබුණි. ලංකාවට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කරන ලදී. මේ ධාතුන් වහන්සේලා තුන් නම ප්‍රමාණයෙන් කුඩා ය. සුදු පැහැති ය.
කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ මහා ස්තූපය තුළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සතුව තිබූ සර්වඥ ධාතු විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. රුවන්වැලි මහා සෑය හැරුණු විට සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් නිදන් කර ඇති ස්තූපය විද්‍යෝදය පිරිවෙනේ මහා ධාතු ස්තූපය බව සැලකේ. මහනුවර ශ්‍රී දළදා මැදුරේ දළදා වහන්සේ වැඩ සිටින මහ රන් කරඬුව අසල තැන්පත් කර ඇති පෙරහැර කරඬුව තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තිස්දෙනමක් තැන්පත් කර ඇත.
බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් කරවන ලද බරණැස නව මූලගන්ධ කුටි විහාරයේ විශේෂ කුටියක් තුළ පකිස්තානයේ තක්සලාවේ ධර්මරාජික මහා ස්තූපයෙන් හා දකුණු ඉන්දියාවේ නාගාර්ජුනිකොණ්ඩය මහා ස්තූපයෙන් හමු වූ බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන් කොටසක් තැන්පත් කර ඇත. මේ සර්වඥ ධාතුන් වහන්සේලා සෑම වසරක ම නොවැම්බර් මාසයේ පුර පසළොස්වක පොහෝ දින මහජනයාට ප්‍රදර්ශනය කරනු ලැබේ. තක්සලාවේ ධර්මරාජික මහා ස්තූපයෙන් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේලා ගෙන් තව ධාතු කොටසක් කල්කටාවේ ධර්මරාජිත මහා විහාරයේ තැන්පත් කර තිබේ.
විශාලා මහනුවර පුරාණ ස්තූපයක නටබුන් දක්නට ලැබේ. මෙය ලිච්ඡවී රජ දරුවන් තමන්ට ලැබුණු සර්වඥ ධාතු කොටස නිදන් කර තැනූ ස්තූපය බව හඳුනා ගෙන තිබේ. මෙහි කරන ලද කැණීම්වලින් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂ හමු වී තිබේ. ධාතුන් වහන්සේලා සහිත කරඬුව පැට්නා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. කපිලවස්තුවෙන් හමු වූ ධාතු ගැන විස්තර 4, 5 පිටුවල දැක්වේ.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී හස්තයේ ඇඟිල්ලක අස්ථි ධාතුන් වහන්සේ නමක් තැන්පත් කර ඇත. “අංගුලි ධාතුන් වහන්සේ “(ජ්ඪදඨඥප ඕධදඥ අඥතඪජ) යනුවෙන් ප්‍රකට මේ ධාතුන් වහන්සේ ලා කහ පැහැයට හුරු ය.
ඉන්දියාව, ශ්‍රී ලංකාව හැරුණු විට බුරුමය (මියෙන්මාරය), තායිලන්තය, කාම්භෝජය, ලාඕසය යන රටවල ද අතීතයේ බුදුදහම පැතිරී තිබූ ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, මධ්‍යාසියාව, බංග්ලාදේශය ආදී රටවලද ලොව පෙර අපරදිග තව බොහෝ රටවල් ද බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු නිදන් කර තැනූ ප්‍රකට මෙන් ම අප්‍රකට ලොකු කුඩා විවිධ හැඩයේ ස්තූප දක්නට ඇත. මේ ස්තූප බොහොමයක බුදුරදුන් ගේ එක් ධාතුන් වහන්සේ නමක් හෝ දෙනමක් හෝ තුන් නමක් හෝ එයට වැඩි ප්‍රමාණයක් හෝ තැන්පත් කර ඇත. ඇතැම් ස්තූපවල බුද්ධ ප්‍රතිමා වැනි පූජනීය වස්තු හෝ ධර්ම ග්‍රන්ථ තැන්පත් කර ඇත. ඇතැම් ස්තූපවල මහ රහතන් වහන්සේලා ගේ ශාරීරික ධාතු නිදන් කර ඇත.
.