Monthly Archives: May 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IKJdQN
බුදුරජාණන් වහන්සේගේ කටහඬ – අටුවා රස කතා

ඇතැම් අයගේ කටහඬ ටින් කබල්වලට තට්ටු කරන්නාක් මෙනි. නැතහොත් කපුටන් කෑ ගසන්නාක් මෙනි. එවන් හඬවල් රළු ය. අමිහිරි ය. ඇසීමට ප්‍රිය නූපදී. පිත්, සෙම් ආදියෙන් අවහිරයක් නො වී නැඟී එන තථාගත බුදුරජාණන් වහන්සේගේ ස්වරය බ්‍රහ්මයාගේ ස්වරයට සමාන ය. අංග අටකින් යුක්ත ය.

“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්‍යා – සවනීයා විසාරිනෝ
බින්දු ගම්භීර නින්නාදී – ත්‍යේව අට්ඨංගිකෝ සරෝ”
යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය.

පහසුවෙන් මුවින් නික්මෙන බව, සිනිඳු බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බව, ගැඹුරු බව, නින්නාද ඇති බව යන මේ අංග අට භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි අංගයෝ ය. අෂ්ට අංගයන්ගෙන් යුක්ත වන බුදුරජුන්ගේ හඬ කුරවි කෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය.

කුරවි කෙවිල්ලා හිමාල වනයෙහි වාසය කරන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තිමත් ව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කෙතරම් මිහිරි ද කිවහොත් ඒ හඬ කන වැකුණු මෘගයෝ හා පක්ෂීහූ මත් වූවන් මෙන් එයට ඇහුම්කන් දෙන්නට පටන් ගනිති. තණකොළ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙළා එයට ඇහුම්කන් දෙති. පියාසර කරන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි පිහිනන මත්ස්‍යයෝ වරල් නොගසා ඒ හඬ අසති. කුරවීක පක්ෂියාගේ හඬට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්ම ඝෝෂාව ඉතාමත් මිහිරි ය. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කර විටදී ශ්‍රාවකයෝ ධර්මය අසන අයුරු ධම්මචේතිය සුත්‍රය කියවීමෙන් අපට මොනවට පැහැදිලි වේ.

කුරවීක පක්ෂියාගේ හඬ පිළිබඳව බ්‍රහ්මායු සූත්‍ර අටුවාවෙහි මෙවැනි කතාවක් සඳහන් වෙයි.

අසන්ධිමිත්‍රා නමින් හැඳින්වෙන ධර්මාශෝක අධිරජුගේ දේවිය දිනක් මහා සංඝයාගෙන් මෙසේ විමසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ හඬ වැනි හඬක් වෙනත් කා හට හෝ තිබෙනවා ද?”

“එබඳු හඬක් කුරවීක නම් පක්ෂියාට ඇත.”

“ඔවුහු කොහි වාසය කරන්නේ ද?” දේවිය ඇසුවා ය. හිමාලයේ වසන බව මහා සංඝයා වදාළහ.

දේවිය කුරවීක පක්ෂියෙකු දකින්නට කැමති බව රජතුමාට කීවා ය. ධර්මාශෝක රජතුමා “මේ කූඩුවෙහි කුරවික පක්ෂියෙකු ඒවා” කියමින් රන් කූඩුවක් යැව්වේ ය. එම කූඩුව අහසින් ගොස් එක් කුරවීක පක්ෂියෙකු ඉදිරියේ නැවතුණි. පක්ෂියා කූඩුව ඇතුළට ගිය විට කූඩුව ආපසු පැමිණ රජතුමා ඉදිරියේ නැවතිණ. නමුත් එම පක්ෂියා නාද කළේ නැත. ඌ ලවා නාද කරවන්නට නො හැකි වූ තැන රජතුමා “මේ පක්ෂියා හඬන්නේ කෙසේ ද?” යැයි ඇසී ය.

“දේවයන් වහන්ස, නෑයන් දුටු කල මේ පක්ෂියා හඬ නගන්නාහ” යි ඒ ගැන දන්නා අය කීහ.

රජතුමා කූඩුව වටේට ම කණ්ණාඩි තැබ්බවී ය. පක්ෂියා උගේ ඡායාව කණ්ණාඩිවලින් දැක, ‘නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද කරන්නට පටන් ගත්හ. සියලුම නගරවැසියෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්‍රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතා ඤාණයෙන් බබළන තථාගතයන් වහන්සේගේ ස්වරය කෙතරම් මිහිරි වන්නට ඇති දැ” යි බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයට පත් වූවාහ.

ඇසුර: බ්‍රහ්මායු සූත්‍ර අටුවාව
සටහන – මානෙල් පොඩිමැණිකේ
https://mahamegha.lk/

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LumfuL
” එක වරක් භික්ෂූන් වහන්සේ නමක් ලොකු කඩදාසි පිටු 16 ක ලිපියක් එවනවා මට දොස් කියලා සාප කරල මාව අපායටම දාලා .මම ඉතින් එය මුල ඉඳල අග දක්වා ම මගේ හිතේ බිංදුවක්වත් වේදනාවක් ඇති නොවන විදියට කියවල පසුවදා ම ඒ නමට ලිපියකින් ආශිර්වාද කළා. මට දහසක් දෙනෙක් ගුණ කියනවට වඩා එක් කෙනෙක් හරි මෙහෙම අගුණ කියනකොට මට සන්තෝසයි.මගේ අගුණයක් තියෙනවා නම් මම ඒක හදාගන්නව.ගුණයක් තියෙනවා නම් මම එයින් සතුටු වෙනවා.දැන් තමුන්වහන්සේ ලියල තියෙන කරුණු වලින් මට එක වරදක්වත් සිදු වෙලා නැති බව මගේ හිත කියනවා .තමුන්වහන්සේ ගේ ලිපියෙන් මගේ හිත මැන ගන්න මට පුලුවන් වුණා .මීට පෙර තමුන් වහන්සේ ගැන මම දැනගෙන හිටියේ නහැ .අදින් පස්සේ ඔබවහන්සේ ත් මගේ මෛත්‍රී චිත්ත තරංග ධාරාවලියට ඇතුළු වුණා .තමුන්වහන්සේ මගේ කල්‍යාණ මිත්‍රයෙක් වුණා කියලා ස්තූති කරල ලිපියක් යැව්වා .පස්සේ නැවත ලොකු කඩදාසි පිටු 16 ක ලිපියක් එවනවා ප්‍රශංසා කරලා.ඇත්තටම ඒ වගේ වේදනාකාරී දේ පවා වේදනා නිවෙන හැටියට පිළිපැදලා තියෙනවා .
කවදාවත් මම කිසි කෙනෙකු සමඟ තරහ ගන්නේ නහැ .බැන ගෙන නහැ .එකම දවසක් කෙනෙකුට පහරක් ගහල තියෙනවා .කෙනෙකුව කරදරයකින් බේරන්න.තරහට නොවේ.ඊට පස්සේ පහර කෑ කෙනා සන්සිදුනා.

මම සාමණේර කාලයේම අධිෂ්ඨාන කරගත්තා උපසම්පදා වුනොත් ගරු ලඝු කිසිම ඇවතකට දැන දැන පත් වන්නේ නහැ කියලා .අද වනතුරු ගරු ඇවත් වලට පත් වෙලා නහැ .මම දෙවාරයක් මානත් පිරුවා.පිරිවෙස් නම් පුරලා නහැ .ඒ මානත් පිරුවේ ඇවැත් වෙලා නොවෙයි.සංඝයා සතුටු කරන්නයි.පැයක් පමණ කාලයක් දීර්ඝව ගැඹුරටම සිව්පස ප්‍රත්‍යවේක්ශාව කරගන්නවා. හැම දෙයින්ම මම ප්‍රයෝජන ගන්නවා.මෛත්‍රී භාවනාව වැඩිවශයෙන් මම භාවිතා කරනවා .අද කාලයේ ලොව බොහො අයට තියෙන්නේ ගිනි ගත් සිතක් නිසා අපි මෛත්‍රී බලය කාටත් බෙදා දෙනවා.ත්‍රිලක්ශන විපස්සනාව කරනවා.අසනීප ගණනේ හිටියත් ප්‍රතිපත්ති අඩු කරන්නේ නහැ .ඉතින් මම මගේ ගැන හිතලා නිතර සතුටු වෙනවා. අපි ආරණ්‍ය ප්‍රතිපත්ති වලින් ඉවත් වුණේම නහැ .ආරණ්‍යයෙන් ගමට ගියේ නහැ. ගමෙන් නගරයට ගියේ නහැ .ආරණ්‍යයේමයි ජීවත් වෙන්නේ.”
— නාඋයනේ අරියධම්ම හිමි
යති ශේෂඨ උතුමන් මෙදා ද පහළ ව නිවී ගියහ……..

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2kmhLu7
දුක නිරුද්ධ වීම කුමක් ද?
ඇසත්, රූපත් නිසා ඇසේ විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීම ස්පර්ශයයි.
ස්පර්ශය නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි.
තණ්හාවේම ඉතුරු නැතිව නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි.
උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි.
ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරෝධ වෙයි.
මෙසේ මේ සියලු දුකේ නිරෝධය වේ. මේ දුකේ නිරුද්ධ වීමයි.

දුක්‌ඛසමුදය සූත්‍රය – https://ift.tt/2s8RCCu

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2GHphbv
තමන්ගේ ධන ධාන්‍යාදි වස්තූන් කෙරෙහි හා අඹු දරුවන් කෙරෙහි ද තෘෂ්ණාව දුරු කොට, ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාව ය. අත් පා ආදි ශරීරාවයවයන් ගැන ආලය හැර, ප්‍රඥා සම්පාදනය හා තමන් ගේ ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා උප පාරමිතාව ය. තමාගේ ජීවිතය ගැන නො තකා ප්‍රඥාව සම්පාදනය කිරීම හා ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාව ය. ප්‍රඥාවෙන් අන්‍යයන්ගේ වස්තුව හා අඹු දරුවන් රැක දීම ප්‍රඥා පාරමිතාව හැටියට ද, අන්‍යයන්ගේ ශරීරාංගයන් රැක දීම ප්‍රඥා උප පාරමිතාව සැටියට ද, අන්‍යයන්ගේ ජීවිතය රැක දීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව සැටියට ද, කියන්නටත් වටනේය.

තමා ගේ වස්තුව හා අඹු දරුවන් හැර නෑ මිතුරන් හැර ශරීරාවයවයන් ගැනත් ජීවිතය ගැනත් නො තකා ප්‍රඥා සම්පාදනය සඳහා අරණ්‍යාදියට වැද භාවනා කරන යෝගාවචරයා ගේ ඒ ක්‍රියාව ප්‍රඥා පාරමිතාව ද වේ. ප්‍රඥා උප පාරමිතාවද වේ. ප්‍රඥා පරමාර්ථ පාරමිතාවද වේ.

සේනක පණ්ඩිත කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ නුවණින් මරණ භයින් තැති ගෙන තමන් වහන්සේ වෙත පැමිණි බ්‍රාහ්මණයා ගේ පසුම්බිය තුළ සර්පයකු ඇති බව තමන් වහන්සේ නුවණින් දැක, සර්පයා දක්වා බ්‍රාහ්මණයා ගේ දිවි රැක දීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව බව චරියා පිටක අටුවා ආදියෙහි දක්වා තිබේ. මහෞෂධ පණ්ඩිතයන් විසින් තමන් වහන්සේ ගේ නුවණින් වේදේහ රජු ගේ දිවි රැක දීමත්, තමන් වහන්සේ ගේ ජීවිතය ගැන නොතකා වේදේහ රජු වෙනුවෙන් තමන් වහන්සේ ගේ නුවණ යොදා ක්‍රියා කිරීමත්, දහම් සොඬ රජතුමා විසින් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය සෙවීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාව ය.

මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සත්තුභත්ත ජාතක, උම්මග්ග ජාතක, සම්භව ජාතක, මහා බෝධි ජාතක, විධුර ජාතක, මහා ගෝවින්ද ජාතකාදියෙන් දැක්විය යුතුය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2s4pXT7
බ්‍රහ්මචාරී සීලය හා එහි ආනිශංස
——————————————————–

බ්‍රහ්මචාරී බව තුන්ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරියාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතන දී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිශංස ගැනයි.

සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ළාමක, ග්‍රාම්‍ය ධර්මයක් වන මෛථූන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේ ම පිරිසිදු බඹසර කියන්නේ සියලු ලිංගික කටයුතුවලින් වැළකීමට යි. සියලු ලිංගික කටයුතුවලින් වැළකී සිටීම යැයි යමක් ඇද්ද එය උතුම් ම සීලයක්. අතීතයේ උපන් දා සිට බඹසර රකින තාපසයෙක් ගැන ශක්‍ර දේවේන්ද්‍රයා පවා බිය වූ විස්තර ගැන ජාතක කතාවලින් තොරතුරු ලැබෙනවා. සමහර ජාතක කතාවල දෙව්ලොව පවා සලිත වන ඒ උතුම් සීලය දෙදරවන්නට දිව්‍ය අප්සරාවන් පවා එවා ඇති විස්තර තියෙනවා.

යම් කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බඹසර මනා ව රකිනවා නම් එහි ආනිශංස ගොඩාක් තියෙනවා. මනා ව රකිනවා කියන්නේ පිරිමියෙකු සමඟ හෝ ස්ත්‍රියක සමඟ අඹු සැමි ඇසුරක් නොපැවැත්වීම, ස්වයං වින්දනයේ නොයෙදීම, කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ශරීරය රාග සිතින් ස්පර්ශ නොකිරීම, රාගයෙන් මත් වූ යුවළක් සේ රාග නිශ්‍රිත වචන ස්ත්‍රියක හෝ පිරිමියෙකු සමඟ කතා නොකිරීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීමට යොමු නොවීම. හුදෙක් කෙටියෙන් ගතහොත් සියලු ලිංගික කටයුතුවලින් වැළකීමයි. බුද්ධ දේශනාවට අනුව තිරිසන්ගත සතෙකු සමඟ හෝ මුඛය, ගුද මාර්ගය, යෝනි මාර්ගය යන මාර්‍ගත්‍රයෙහි කාම සේවනයක් සිදු වේ නම් බඹසර නැති වෙනවා. මේ සියලු දෝසවලින් පහව සුදෝ සුදු සකක් සේ පිරිසිදු බඹසර රැකීමේ ආනිශංස ඛුද්දක නිකායට්ඨකතාවේ දසසික්ඛාවල මෙසේ සඳහන් වෙනවා.

1. පහ වූ සතුරන් ඇති බව. (සතුරන් අඩුයි)

2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.

3. සුව සේ සැතපීම (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)

4. සුවසේ අවදි වීම (වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)

5. අපාය බයෙන් මිදීම (බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)

6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)

7. ක්‍රෝධ නොකරන සුලු බව (මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)

8. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව (තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)

9. යටිකුරු නොවන බව (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)

10. බිම බලාගෙන නො යෑම (ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)

11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම (බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)

12. පිරිපුන් ඉඳුරන් ඇති බව

13. පිරිපුන් ලකුණු ඇති බව (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)

14. කිසි තැනක සැක නැති බව (ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)

15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)

16. සැප විහරණ ඇති බව (සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)

17. කිසි තැනකින් එන බියක් නැති බව (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)

18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)

මේ වගේ ලෞකික ආනිශංස ගොඩක් ලැබෙන බව ඛුද්දක නිකායේ අටුවාවේ විස්තර වෙනවා. ඊට අමතර ව නිවන සොයාගෙන යන සත්පුරුෂයෙකුගේ ජීවිතය මැණිකක් නම් ඒ ජීවිතය ඔපමට්ටම් වෙන්නේ බඹසරින්. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන් පැනවුණු සිල්පදයත් බ්‍රහ්මචාරී බවයි. බඹසර රැකගන්නට කෙනෙකුට අමාරු නම් ඒ සංයෝජනය ප්‍රහාණය කිරීමට ඇත්තේ ද බ්‍රහ්මචාරී බව ම යි.

අනිත් කාරණාව අබ්‍රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා. අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන ගූථ නිරයක් තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අශූචි පිරිලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අශූචියේ ගිලිලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අශූචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මැරි මැරී ඉපදෙනවා. කාම ප්‍රේත යෝනි ගැන ඔබ අහලා ඇති නේ. මේ නිරය භය නැති වෙනවා උතුම් බඹසර රැක්කා නම්. එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියලා. අඩු ම තරමේ විවාහයක් වෙනකල් වත් බඹසර රකිනවා නම් ඒ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැකගන්න ඒක පූජනීයයි. ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝ ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා. බඹසර රකින අය දෙව්ලොව, බඹලොව උපදින්න හේතු සම්පත් ලබනවා!

තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා, වණ වෙලා, පණුවෝ ගහලා, ඉදිමිලා, ලෙඩ වෙලා කොච්චර නම් විඳවනව ද? සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා. විටෙක තලනවා. මේ සියල්ල බඹසරක් නැති වීමේ විපාක නො වෙයි ද? විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳ ද? විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවා ම යි. ඉඩ ලද විගස විපාක දෙනවා.

ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින් ම විඳවනවා. සමහර වයසක උදවිය වළපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දිත් කාම පිපාසයෙන් ම ඉන්නවා. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?

කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බැහැ. මනුෂ්‍යය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතය වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණ අය ඒ අවයව කඩ කඩා කනවා. ආයෙ මතුවෙනවා. ආයේ කඩ කඩා කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද? මනුස්ස ලෝකයේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම්, ආදරයේ හාමත, මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල් ම යි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස්කර ගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් හොඳ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ මහා කස්සප මුනිඳුන්ගේ තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ මෙත් කරුණා ගුණෙන් ශෝභමාන අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් ආර්ය සඟරුවනේ ගුණ බලයෙන්, රුවන්මැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන්, ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ඉර්ධියෙන්, සිරිපා කමලින් විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා!

_____________________________________________

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)
_____________________________________________

උපුටා ගැනීම – මහාමේඝ පුවත් සඟරාව