Monthly Archives: June 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2y2uBao
ප්‍රතිග්‍රාහකයෙකු ඉන්නවා නම් ඔබගේ අවසන් බත් කටෙන් ද කොටසක් දන් දෙන්න. බුදුරජානන් වහන්සේ දානය ඉතා ඉහලින් වර්ණනා කර ඇත. සෑම දිනකම කිසියම් ම දෙයක් හෝ දන් දෙන්නට පුරුදු වෙමු

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Mg2EiH
මෙ කපින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

පියා – සුනන්‍ද නම් රජතුමා
මව – සුනන්‍දා දේවිය
ප්‍රධන් වීර්ය – දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
බෝධිය – රුක් අත්හන
ආයු ප්‍රමාණය – අවුරුදු ලක්‍ෂයයි. (100,000)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JvlxMM
සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය දජ්ජාප්පස්මිම්පි යාචිතො,
එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ දෙවානසන්තිකෙ.

පින්වතුනි, මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් මුගලන් මහ රහතන් වහන්සේ ඇසූ පැනයක් නිසා දේශනා කරන ලද්දක්.

මුගලන් මහ රහතන් වහන්සේ එක්තරා කාලයකදී දෙව්ලොවට වැඩම කොට දිව්‍ය අප්සරාවන් ගෙන් දෙව් සැප ලබන්නට කළ පින් ගැන අහලා බුදුරජාණන් වහන්සේ ළඟදි මෙහෙම ඇහුවා.

ස්වාමීනී ඇත්ත කී පමණින්, ක්‍රෝධ නොකළ පමණින්, සුලු දෙයක් දන් දුන් පමණින් දිව්‍ය සම්පත් ලබන්නට පුළුවන්ද කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ.

සච්චං 🌸 සත්‍යය, ඇත්ත.
භණෙ 🌸 කියන්නේ.
න කුජ්ඣෙය්‍ය 🌸 කිපෙන්නෙ නෑ.
යාචිතො 🌸ඉල්ලුවාම.
අප්පස්මිං+අපි 🌸 ටිකක් තිබෙන නමුත්.
දජ්ජා 🌸 දෙනවා.
එතෙහි තීහි ඨානෙහි 🌸මේ කරුණු තුනෙන්.
දේවානං+සන්තිකෙ 🌸 දෙවියන් ළඟට.
ගච්ඡෙ 🌸 යන්නේය.

ඇත්ත කීම, කෝප නොවීම, කවුරු හරි යමක් ඉල්ලන විට ස්වල්පයක් තිබුණත් ටිකක් හරි දීම, කියන ගුණ තුළින් දෙවියන් අතරට යන්න පුළුවන්.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HsLLxr
මෙවැනි අධිෂ්ඨානයක් සිත තුල ඇති කර ගන්න.
බුදුරජාණන් වහන්සේගේ මාර්ගය කුමක්දැයි ඉගන ගන්නට ත්‍රිපිටකය පරිහරණය කරන්න. ත්‍රිපිටකය ලබාගන්න -> http://pitaka.lk/books

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LZWdzQ
== මාඝ සූත්‍රය ==
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල මාඝ (ශක්‍ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය:
’’කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ක්‍රෝධය නසා සුවසේ සැතපෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. ශක්‍රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්‍රෝධයාගේ විනාශය ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Hj26EU
යහපත් වචනය යනු කුමක් ද? – සුභාසිතවාචා සූත්‍රය

https://ift.tt/2JarO4d

[සැවැත්නිදාන යි]

48. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:

කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි.
සත්‍යභාෂිත ද වෙයි.
ශලක්ෂණභාෂිත ද (සිළුටු වචන) වෙයි.
අර්‍තථසංහිත භාෂිත ද වෙයි.
මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.

මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත වචනය සුභාෂිත වෙයි, දුර්භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.