Monthly Archives: September 2018

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2IacalK
සහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සුත්‍රය
අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වග්ගය

සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.

දිනක් බුදු රජාණන්වහන්සේ සමීපය ට පැමිණි ආනන්ද තෙරුණ් වහන්සේ බුදු රජාණන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියේය.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස,අතීතයේ ලොව වැඩ සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ ගේ අභිගු නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්ත්වයන්ට ඇසෙන සේ ධර්ම දේශනා කල බව ඔබ වහන්සේ වරෙක පැවසූ සේක.ස්වාමිනී ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කල හැකිද ?”

ඒවිට බුදු රජාණන් වහන්සේ “ආනන්ද, අභිගු මහරහතන් වහන්සේ ශ්‍රාවකයෙකි .ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකගේ හැකියාව ප්‍රමාණ කල නොහැක” යි වදාළ සේක.

දෙවනුවත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ඇසූවේය.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අතීතයේ ලොව වැඩ සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ ගේ අභිගු නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්ත්වයන්ට ඇසෙන සේ ධර්ම දේශනා කල බව ඔබ වහන්සේ වරෙක පැවසූ සේක.ස්වාමිනී ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කල හැකිද ?

“ආනන්ද, අභිගු මහරහතන් වහන්සේ ශ්‍රාවකයෙකි .ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකගේ හැකියාව ප්‍රමාණ කල නොහැක” යි දෙවෙනි වරටත් වදාළ සේක.

තෙවනුවත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ඇසූවේය.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අතීතයේ ලොව වැඩ සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ ගේ අභිගු නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්ත්වයන්ට ඇසෙන සේ ධර්ම දේශනා කල බව ඔබ වහන්සේ වරෙක පැවසූ සේක.ස්වාමිනී ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කල හැකිද ?

එවිට බුදු රජාණන්වහන්සේ “ආනන්ද,ඔබ චූලනිකා ලෝක ධාතුව පිලිබඳ අසා තිබෙනවාද? ” යැයි ප්‍රශ්න කළ සේක .

එවිට ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ යමක් දේශනා කරන්නේ නම් මේ එයට කාලයයි .භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ ගේ දේශනාව අසා ධාරණය කරගනු ඇත.” යනුවෙන් කියා සිටියේය.

“එසේ නම් ආනන්දහොඳින් අසන්න. ආනන්ද , හිරු,සඳු දෙක අලෝකය විහිදුවමින් යම් තාක් දුර ගමන් කරයිද ඒ තාක් දුර සහශ්‍රී ලෝක ධාතුව වෙයි ., ඒ සහශ්‍රී ලෝක ධාතුවෙහි චක්‍රාවට දහසකි, ඒ චක්‍රාවට දහසෙහි . සූර්යයන් දහසක් ඇත..චන්ද්‍රයන් දහසක් ඇත මේරු පර්‍වත දහසක් ඇත. දහසක් ජම්බුද්වීපඇත . දහසක් අපරගොයාන ඇත . දහසක් උතුරුකුරු දිවයින් ඇත . දහසක් පූර්‍වවිදෙහ ඇත . මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙති . චාතුර්මහාරාජික දෙව්ලෝ දහසක් ඇත . තව්තිසා දෙව්ලෝ දහසක් ඇත . යාම දෙව්ලෝ දහසක් ඇත , තුසිත දෙව්ලෝ දහසක් ඇත . නිර්‍මාණරතී දෙව්ලෝ දහසක් ඇත . පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසක් ඇත . ආනන්ද , මේ දහසක් චක්‍රාවට වලින් යුත් ලෝක ධාතුවට චූළනී ලෝක ධාතුව (සහශ්‍රී ලෝක ධාතුව ) යයි කියනු ලැබේ.”

ආනන්ද එවැනි චූලනිකා ලෝක ධාතු දහසක් එක් වූ තැනට (චක්‍රාවට දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්ද මෙබඳු ද්වි සහශ්‍රී ලෝක ධාතු දහසක් එක්වූ තැනට (චක්‍රාවට කෝටි සියයක් ) ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.

ආනන්ද, බුදු රජාණන්වහන්සේ නමක් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවට ඇසෙන සේ කතා කරන්නට හැකියි . අවශ්‍ය නම් ඊටත් එහාට කතා කල හැකියි .” යනුවෙන් පැවසූ සේක.

“ස්වාමීනි, බුදු රජාණන්වහන්සේ කෙනෙක් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවට හෝ අවශ්‍ය නම් ඊටත් එහාට කතා කරන්නේ කෙසේද? ”

“ආනන්ද, බුදු රජාණන්වහන්සේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව පුරා ශරීරාලෝකයක් පතුරුවනවා . මේ ආලෝකය දකින්නා වූ සත්ත්වයන් ඒ දෙස බලනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඒ සියළු සත්ත්වයන්ට කතා කරනවා .බුදු රජාණන්වහන්සේගේ ශබ්දය අසවන්න සලස්වනවා . ආනන්ද ,මේ ආකාරයෙන් බුදු රජාණන්වහන්සේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවට කතා කරනවා .අවශ්‍ය නම් විශ්වයේ ඊටත් එහා සිටින සත්ත්වයින්ට වුවත් කතා කරනවා “.

බුදු රජාණන්වහන්සේගේ මෙසේ වදාළ කල්හි ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට, “මාගේ ශාස්තෲන් වහන්සේ මෙසේ මහත් සෘද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයක් ” යැයි කීවේ ය.

මෙසේ කී විට උදායි තෙරුන් ආනන්ද තෙරුන්ට “ආනන්ද, ඉතින් ඔබේ ශාස්තෲන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද?” යැ යි කීය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ උදායිතෙරුන්ට,”උදායි, එසේ නොකියන්න .උදායි, එසේ නොකියන්න .උදායි, ඉතින් ආනන්ද තෙරුන් කෙලෙසුන් සහිත ව මරණයට පත් වුවහොත් , ඒ සිත පැහැදීම නිසා සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් මුළු පෘථිවිය ම පාලනය කරමින් සක්විති රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්ද තෙරුන් මේ ආත්මයේදීම රහත්ව පිරිනිවන් පාන්නේය “යි වදාළ සේක.

මිතුරනි,අපගේ ස්වාමී වූ බුදු රජාණන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි.උන්වහන්සේ ගේ ආශ්චර්යයවත්භාවය පිලිබඳ සිත පහදවා ගත්තත් ඒ පිනම ඇති අප්‍රමාණ කාලයක් සතර අපායෙන් ගැලවීමට.ඉතින් අප මොනතරම් නම් වාසනාවන්ත ද එබඳු වූ ශාස්තෘන් වහන්සේ නමක් සරණ යෑමට?

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2OIQVtL
අනුරුද්ධ තෙරණුවෝ
පස්වෙනි සූත්‍රයෙහි,, ‘දිබ්බචක්‍ඛුකානං යදිදං අනුරුද්දධො’ යනු දිවැස් ඇති භික්‍ෂූන් අතුරෙන් අනුරුද්ධ තෙරුන්වහන්සේ අග්‍රයයි කියයි. ඔහුගේ පුරුදු කරනලද දක්‍ෂතාවේ අග්‍රභාවය දතයුතුයි. තෙරුන්වහන්සේ වනාහි බොජුන් සඳහා පමාවීම පමණක් හැර ඉතිරි කාලය ආලෝකය වඩා දිවැසින් සත්වයන් බලමින්ම වාසය කරති. මෙසේ දිවාරාත්‍රියෙහි පුරුදුකරනලද දක්‍ෂතාව හේතුකොටගෙන උන්වහන්සේ දිවැස් අත්තවුන් අතුරෙන් අග්‍රතමවූහ. තවද කල්පල්‍ෂයක් අත්‍ථ‍ර්‍‍නා කරලද බැවින්ද උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූවෝම වෙත්. එහි උන්වහන්සේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූවෝම වෙත්. එහි උන්වහන්සේගේ ප්‍රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මේ කුලපුත්‍රයාද පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේගේ කාලයෙහි පසුබත්කල්හි දහම් ඇසීම සඳා වෙහෙරට යන මහජනයා සමඟ විහාරයට ගියේය. එකල්හි මෙතෙමේ එක්තරා අප්‍රසිද්ධ නම් ඇති ධනවත් කෙළෙඹියෙක් වූයේය. හෙතෙම භාග්‍යවතුන්වහන්සේ වැඳ පිරිස් කෙළවරෙහි සිටියේ දහම් අසයි. ශාස්තෘන්වහන්සේ දේශනාව අනුසන්‍ධි ගන්වා එක් දිවැස් ඇති භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඉක්බිති කෙළෙඹියාට මෙසේ සිත්විය. ශාස්තෘන්වහන්සේ යමෙකු මෙසේ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රභාවයෙහි තැබූසේකද ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂඨයෙකි. ‘අහෝ! මමද අනාගතයෙහි පහළවන බුදුවරයකුගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙහි අග්‍රවන්නෙමි නම් යෙහෙකැ’යි සිත් උපදවා පිරිස අතුරෙන් ගොස් හෙට දිනය සඳහා භික්‍ෂු සංඝයා සමඟ භාග්‍යවතුන්වහන්සේට ඇරයුම් කොට ‍දෙවැනි දිනයෙහි බුදුපාමොක් බික් සඟනට මහදන්දී මාවිසින් මහත්වූ තනතුරක් පතනලදැයි ඒ ක්‍රමයෙන්ම අද සඳහා හෙට සඳහායි ආරාධනා කොට දින සතක් මහදන් පවත්වා පිරිවර සහිත භාග්‍යවතුන්වහන්සේ‍ට උතුම් වස්ත්‍රදී, ‘භාග්‍යවතුන්වහන්ස, මේ සත්කාරය මම දිවසැපත් සඳහා මිනිස් සැපත් සඳහා නොකරමි. නුඹවහන්සේ මෙයින් දින සතකට මත්තෙහි යම් භික්‍ෂුවක දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක්ද මමද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ඒ භික්‍ෂුව මෙන් අග්‍ර වෙම්වායි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කොට වැද හොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවන බව දැන මෙසේ වදාළසේක. ‘පින්වත් පුරුෂය, ආනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුරජාණන්වන්සේ උපදිනසේක. උන්වහන්සේගේ සසුනෙහි නුඹ දිවැස් ඇත්තවුන් අතුරෙන් අග්‍රවූ අනුරුද්ධ නම් වන්නෙහිය.’ මෙසේද පවසා භූත්තානුමෝදනාවකොට විහාරයටම වැඩිසේක.
කෙළෙඹි තෙමේද බුදුරජාණනන්වහන්සේ වෙසෙන තෙක් අත් නොහැම යහපත් කටයුතු කොට ශාස්තෘන්වහන්සේ පිරිනිවන පෑ කල්හි සත් යොදුන්වූ ස්වර්‍ණ චෛත්‍යය තනා නිමවූ කල භික්‍ෂුසංඝයා වෙත එළඹ, ස්වාමීනි දිවැසට උපකාරක දේ කුමක්දැයි විමසීය. ‘උවසුව, පහන්දානය දීම නම් වටනේය’යි කීය. ‘මැනව, ස්වාමීනි කරන්නෙමි’යි දහසක් පත් ඇති පහන්ගස් දහසක් කරවූයේය. ඉන් අනතුරුව ඊටතරමක් අඩු, තරමක් අඩු නොයෙක් දහස් ගණන් පහන්ගස් කරවීය. ඉතිරි පහන් වනාහි අප්‍රමාණ විය. මෙසේ දිවි ඇති තෙක් පින්කම්කොට දෙවියන් අතුරෙහිද මිනිසුන් අතුරෙහිද සැරිසරන්නේ කල්පලක්‍ෂයක් ඉක්මවා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක ඉපිද ශාස්තෘන් පිරිනිවන් පෑකල යොදනක්වූ චෛත්‍යය නිමවූ කල්හි බොහෝ රන් පාත්‍ර කරවා ඉතා පිරිසුදු ගිතෙල් පුරවා මැද එකෙනක උක්සකුරු පිඬක් තබා මුවවිටිනි් මුවවිට ගටවමින් ‍චෙත්‍යය වටකොට තමාට සියල්ලෙන් මහත්වූ රන් බඳුනක් රකවා පිරිසුදු ගිතෙල් පුරවා එහි මුවවිටෙහි හාත්පසින් වැටිදහසක් දල්වා මැද කොත රෙදිවලින් වෙලා ඒ බදුන හිසෙහි තබා සියලුරැය යොදුනක්වූ සෑය වටේ ගියේය. මෙසේ ඒ අත්බැවින්ද දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්ලොව උපන්නේ යළි බුදුකෙනෙකුන් නොපහළවූකල්හි එනුවරම දිළිඳු කුලයක ගෙහි පිළිසිඳ ගෙන සුමන නම් සිටුවරයකු ඇසුරුකොට විසීය. ඔහුට අන්නභාරයයි නමක් විය. ඒ සුවන සිටුතෙමේ දුගීමගී යාචකයන්ට ගෙදොරෙහි මහදන් දෙයි. ඉක්බිති එක්දිනක් උපරිට්ඨ නම් වූ පසේබුදුන්වහන්සේ ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමාපත්තියට සමවන්සේක් එයින් නැගිට අද කවරකුට අනුග්‍රහ කිරීමට වටනේදැයි විමසූසේක. පසේබුදුවරු නම් දිළින්දන්ට අනුකම්පා කරන්නාහු වෙති. උන්වහන්සේ අද මා විසින් අන්නභාරට අනුග්‍රහ කිරීමට වටනේයයි සිතා දැන් අන්නභාරතෙමේ වනයෙන් තමන්ගේ ගෙට එ‍න්නේයයි දැන පාසිවුරු ගෙන ගන්‍ධමාදන පව්වෙන් අහසට නැගී ගම්දොරෙහිදීම අන්නභාරගේ ගෙමිදුලෙහි බටසේක. අන්නභාර තෙමේ හිස් පාත්‍රය අතැති පසේබුදුන්වහන්සේ දැක දැක පසේබුදුන් වැඳ, ස්වාමීනි හික්‍ෂාව ලබන්නහුදැයි විමසීය. ‘මහ පිනැත්ත, ලබනනෙමුය’යි පැවසූසේක. ‘ස්වාමීනි, මඳක් මෙහිම වැඩසිටුනා මැනවැ’යි පවසා වේගයෙන් ගොස් තමන්ගේ ගෙහි මාගමගෙන්, සොදුර මට තැබු බත්පංගුව ඇද්ද නැද්දැයි ඇසීය. ‘ඇත, ස්වාමීනි’, කීවාය. හෙතෙම එයින්ම ගොස් පසේබුදුන්වහන්සේගේ පාත්‍රය ගෙන අවුත් ‘සොදුර, අපි පෙර පින් නොකළ බැවින් බොජුන් සොයමින් හැසිරෙමු. අපට දෙනු කැමැත්ත ඇති කල්හි දානවස්තුවක් නොවෙයි. දානවස්තුව ඇතිකල්හි පිළිගන්නෙකු නොලබමු. අද උපරිට්ඨ පසේ බුදුන්වහන්සේ දක්නාලද සේක බත්පංගුවද ඇත. මගේ පංගුව මේ පාත්‍රයෙහි හෙලන්නැයි කීවේය. වියත් ස්ත්‍රිය. ‘යම් හෙයකින් මගේ සැමියා බත්පංගුව දෙයිද මා විසිනුදු මේ දානයෙහි කොටස්කාරියක විය යුතුය’යි තමාගේ බත් කොටසද උපරිට්ඨ පසේබුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටුවා දුන්නීය. අන්නභාරතෙමේ පාත්‍රය ගෙන පසේබුදුන් වහන්සේ අතෙහි තබා ‘ස්වාමීනි, බෙමඳුවූ දුක් ජීවිතයෙන් මිදෙමු’යි කීවේය. ‘මහපිනැත්ත, එසේ වේවා’යි වදාළසේක. හෙතෙම තමන්ගේ උතුරු සළුව පොළොවෙහි එක් තැනක එළා ‘ස්වාමීනි, මෙ‍හි හිඳ වළඳනසේක්වා’යි පැවසීය. පසේ බුදුන්වහන්සේ හිඳ නව අාකාර පිළිකුල් බව ප්‍රත්‍යවේක්‍ෂා කරමින් වැළඳූකල්හි අන්නභාරතෙමේ පා දෙවුනා දිය දුන්නේය. පසේබුදුන්වහන්සේ නිමවූ බත් කිස ඇතිසේක්,
‘ඔබේ ඉටු පැතූ සියල්ලම ඉටුවේවා! පසළොස්වක් සඳමෙන් සියලු සංකල්පයෝ සපිරෙත්වා’යි!
අනුමෙවෙහි කොට මගට පිළිපන්සේක. සුවන සිටුවරයාගේ ඡත්‍රයට අධිගෘහිතවූ දේවතාවා, ආශ්චර්‍ය්‍යයකි, දානයක්, උත්තමදානයක් උපරිට්ඨ පසේ බුදුන් කෙරෙහි පිහිටුවනලද’යි තෙවරක් කියා සාධුකාර දුන්නේය. සුමනසිටු තෙමේ, කිම, ඔබ මෙපමණ කලක් දන් දෙන්නාවූ මා නොදක්නෙහිඳ’යි ඇසීය. ‘මම ඔබේ දානයෙහ් සාධුකාර නොදෙමි. අන්නභාර විසින් උපරිට්ඨ පසේබුදුන් වහන්සේට දුන් පිණ්ඩපාතයෙහි පැහැදී සාධුකාර දෙමි’යි කීවේය. සුමන සිටුතෙමේ සිතීය: ‘මෙය පුදුමයකි, මම මෙතෙක් කල් දන් දෙන්නේ දෙවියන් ලවා සාධුකාර දෙවීමට නොහැකි වූයෙමි. මේ අන්නභාර තෙමේ මා නිසා වසන්නේ මනාවූ ප්‍රතිග්‍රාහක පුද්ගලයකු ලදබැවින් එක් පිණ්ඩපාත දැනයකින්ම සාධුකාර දෙවීය. මොහුට සුදුසු දෙයක් කොට මේ පිණ්ඩපාතය මා සතු. කර ගැනීමට වටීය’යි අන්නභාර කැඳවා අද ඔබවිසින් කිසිවකුට කිසියම් දානයක් දෙනලදදැයි විමසීය. ‘ආර්‍ය්‍යයෙහි, එසේය. උපරිට්ඨ පසේබුද්න් වහන්සේට මා මාවිසින් තමන්ගේ බත් පංගුව දෙන ලද’යි කීවේය. එම්බා පින්වත, කහවණු ගෙන ඒ පින්ඩපාතය මට දෙව’යි කීය. ස්වාමීනි නොදෙමි’යි කීය. හෙතෙම දහස දක්වා (කහවණු ගණන) නැංවීය. අන්තභාර තෙමේ දහසකිනුදු නොමෙි’යි කීවේය. පින්වත එසේ වේවා, ඉදින් ඔබ පිණ්ඩපාතය නෙදෙහි නම් දහසක් ගෙන පින මට දෙව’යි කීවේය. ‘එයද දීමට සුදුසුද නොසුදුසුදැයි නොදනිමි. ආර්‍ය්‍යවූ උපරිට්ඨ පසේබුදුන්වහන්සේ විමසා ඉදින් දීමට සුදුසුවන්නේ නම් දෙන්නෙමැ’යි ගොස් පසේබුදුන්වහන්සේ‍ වෙත පැමිණ, ස්වාමීනි, සුමන සිටුතුමා මට දහසක් දී නුඹවහන්සේට දුන් පිණ්ඩපාතයෙහි පින් ඉල්වයි දෙම්දැයි නොද‍ම්දැයි ඇසීය. ‘පණ්ඩිතය, ඔබට උපමාවක් (ඉදිරිපත්) කරමි. යම්සේ කුලසියයක් ඇති ගමක එකම ගෙයක පහනක් දල්වන්නේද? සෙස්සෝ තමන්ගේ තෙලින් වැටී තෙමා දල්වා ගන්නාහුද පළමු පහනෙහි ආලෝකය ඇතැයි කිවයුතුද නැතැයි කිවයුතුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, වැඩිවූ ආලෝකයක් වේයයි පැවසීය. පණ්ඩිතය එසේම හැන්දකන කැඳ වේවා! හැන්දක හික්‍ෂාව වේවා! තමන්ගේ පින්ඩපාතයෙහි අනුන්ට පින් දෙන්නහුට සියයකට හෝ දහසකට හෝ දේවා! යම් පමණක් දෙයිද එපමණට වැඩෙයි. ඔබ දෙන්නේ එකම පිණ්ඩපාතයක් දුන්නෙහිය. සුමන සිටුව දුන් පිනෙන් පිණ්ඩපාත දෙකක් වෙයි. එකක් නුඹටය, එකක් ඔහුටය යනුවෙනියි වදාළ සේක. හෙතෙම පසේබුදුන්ට වැද සුමන සිටුහුගේ සමීපයට ගොස්, ස්වාමීනි, පිණ්ඩපාතයෙහි පින ගනුමැනවැයි කීවේය. ‘එසේනම්, කහවණු දහසක් ගනුවයි සිටුතෙමේ කීවේය. ‘මම පිණ්ඩපාතය නොවිකුණමි. සැදැහැයෙන් නුඹවහන්සේට පින දෙමි’යි කීවේය. “දරුව නුඹ මට සැදැහැයෙන් පින දෙව‍හි, මම වනාහි නුඹගේ ගුණය පුදමින් දහසක් දෙමි. ගන්න දරුව’යි කීවේය. එසේ වේවායි දහස ගත්තේය. ‘දරුව නුඹට දහස ලැබුණු කාලයෙහි සිට සියතින් වැඩ කීරීමක් නැත. වීථියෙහි ගෙයක් තනවා වසන්න. යමකින් ඔබට වැඩක් ඇත්නම් එය මට පමුණුවා ගනුවයි කීවේය. නි‍රෝධ සමාපත්තියෙන් නැඟී සිටි පසේබුදුන්වහන්සේට දුන් පිණ්ඩපාතය නම් එදවසෙහිම විපාක දෙයි. එබැවින් සුමන සිටු තෙමේ අන් දිනෙක අන්නභාර රැගෙන රජගෙට නොයන්නේ වුවද එදවස (ඔහු) ගෙන ගියේය. අන්නභාරයග් පිනෙහි විපාකයෙන් රජ තෙමේ සිටුවරයා නොබලා අන්භාරවම බැලීය. දේවයන්වහන්සේ කුමක් නිසා මේ මිනිසා දෙස බෙහෙවින් බලන්නේදැ’යි (සුමන සිටු රජු විමසීය) ‘අන් දිනෙක නොදුටුවිරූ හෙයින් බලමි’යි කීවේය. ‘දේවයන් වහන්ස, මෙතෙම බැලිය යුත්තෙකි’ ‘බැලියයුතු බවට මොහුගේ කවර ගුණයක්ද?’ ‘අද තමාගේ බත්කොටස තෙමේ අනුභව නොකොට උපරිට්ට පසේබුදුන්ට දුන්හෙයින් මගේ අතින් දහසක් ලැබීය, දේවයිනි.’ ‘මෙතෙමේ කිනම් වේද?’ ‘දේවයිනි, අන්නභාර නම්වෙයි’ ඔබගේ අතින් ලද හෙයින් මගේ අතින්ද ලැබීමට සුදුසු වෙයි. මමද ඔහුට පූජා කරන්නෙමැ’යි පවසා දහසක් දුන්නේය. ‘දරුවනි, මොහුට විසීමට ගෙයක් දනුව’යි (සේවකයිනට පැවසීය)’ මැනවි දේවයිනැයි එක් ගෙයකට තැනක් පිරිසුදු කරන්නාහු උදැල්ලෙන් ගැසූ ගැසූ තන්හිද නිදන් කළ ගෙලෙන් ගෙල එකට ගැටී සිටිනු දැක රජුට සැළ කළාහුය. රජතෙමේ ‘එසේ නම් ගොස් සාරවු’යි කීවේය. සාරන සාරන විට (නිදන්කළ) යටට යයි. එබැවින් යළිගොස් රජුට දැනවූහ. රජතෙමේ ‘අන්නභාරගේ වචනයෙන් සාරවු’යයි කීවේය. ඔවුහු ගොස් අන්නභාරගේම වචනයයි (කියා) සෑරූහ. උදැල්ලෙන් ගැසූ ගැසූ තන්හි හතු පොහො‍ට්ටු මෙන් කළ මතුවිය. ඒ ධනය ගෙනවුත් රජු සමීපයෙහි ගොඩ ගැසූහ. රජතෙමේ ඇමතියන් කැඳවා මේ නගරයෙහි අන් කවරකුට මෙපමණ ධනයක් ඇත්දැයි විමසීය. දේවයන්වහන්ස, කිසිවකුට නැතැයි (ඇමතිවරු) කීහ. එසේ නම් මේ අන්නභාර තෙමේ මෙනුවර ධනසෙට්ඨ නම් වේවා!’යි පැවසීය. ඒ දිනයෙහිම සිටුසතද ලැබීය. හෙතෙම එතැන් පටන් දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්ලොව උපන්නේය. දිගුකලක් දෙවිමිනුසුන් අතුරෙන් හැසිර අපගේ ශාස්තෘන්වහන්සේ පහළ වන කල්හි කිඹුල්වත් නුවරෙහි අමිතෝදන ශාක්‍යයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. නම්ගන්වන දිනයෙහි ඔහුට අනුරුද්ධ’යයි නමක් කළාහුය. මහානාම ශාකය්‍යාගේ කනිටු සොයුරුවූද ශාස්තෘන්වහන්සේගේ සුළුපියාගේ පුතුවූද මෙතෙම අතිශයින් සියුමැළිවූයේ මහපිනැත්තෙක් විය. සෘතු තුනට සුදුසුවූ තුන් පහයක සරසනලද නළුවන් පිරිවරනලද දෙවියකු මෙන් සැපත් වින්දේය. අපගේ බෝසතුන්වහන්සේ‍ද එසමයෙහි තුසීපුරෙන් සැව සුද්ධෝදන මහරජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන අනුකුමයෙන් වැඩිවියට පැමිණියාහු එකුන්තිස් වසක් ගිහිගෙහි වැස මහබිනික්මන් නික්ම පිළිවෙළින් අවබෝධ කරනලද සර්‍වඥතා ඥාන ඇතිසේක් බො‍්මැඩ සත්සතියක් ගෙවා ඉසිපතනෙහි දම්සක් පවත්වා ලෝකානුග්‍රහය කරනසේක් රජගහනුවරට පැමිණ මගේ පුතා රජගහනුවරට පැමිණියේයි අසා ‘යව්” මගේ පුතු රැගෙන එව්’යයි පියා විසින් යවනලද දහසක් පිරිවර ඇති දස ඇමතියන් ඒහභික්‍ෂුපැවිද්දෙන් පැවිදිකරවා කාළුදායී තෙරුන් විසින් චාරිකා ගමන අයදනා ලදසේක්:
රජගහ නුවරින් විසිදහසක් භික්‍ෂූන් පිරිවරනලද්දාහු කිඹුල්වතට ගොස් ඥාතිසමාගමෙහි නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයන්ගෙන් ප්‍රාතිහාර්‍ය්‍ය සහිතවූ විසිතුරු දම්දෙසුම්කොට මහජනයාට අමාපැන් පොවා දෙවැනි දවස්හි පාසිවුරු රැගෙන නුවර දොරටුවෙහි සිට කුල නගරයට පැමිණියාවූ බුදුන්වහ‍න්සේලාගේ කවර පුරුද්දක්දැයි සලකා බලමින් ගෙපිළිවෙළින් පිඬුහැසිරීම පුරුද්දකැයි දැන ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනසේක්, ‘ඔබගේ පුතා පිඬු හැසිරෙති’යි අසා පැමිණියාවූ රජුට ධර්‍මකථා කියා ඔහු විසින් සිය නිවෙස්නට පමුණුවා කරනලද සත්කාර සම්මාන ඇතිසේක් එහිදී කළයුතු ඥාති ජනයාට අනුග්‍රහයකොට රහල් කුමරුවා පැවිදි කරවා නොබෝ දිනකින්ම කිඹුල්වත් පුරෙන් මල්ල රටෙහි සැරිසරන සේක් අනුපිය අඹවනයට වැඩිසේක. එකල්හි සුද්ධෝදන මහරජතෙමේ ශාක්‍ය සමූහයා රැස් කරවා, ‘ඉදින් මගේ පුත්‍රයා ගිහිගෙහි විසුවේ නම් සත් රුවනින් යුක්තවූ සක්විති රජ වන්නේය. මගේ මුණුබුරුවූ රාහුල කුමරුවාද ක්‍ෂත්‍රිය සමූහයා සමඟ ඔහු පිරිවරා හැසිරෙන්නේය. නුඹලාද මෙකරුණ දන්නාහුය. දැන් වනාහි මාගේ පුත්‍රයා බුදුවූයේය. උන්වහන්සේ‍ට යම්තාක් පිරිවර වේද එපරිද්දෙන් නුඹලා එක් එක් කුලයෙන් එක් එක් දරුවා බැගින් දෙව්’යයි පැවසීය. මෙසේකී කල්හි එකපහරින්ම දහසක් ක්‍ෂත්‍රිය කුමාරවරු පැවිදිවූහ. එකල්හි මහානාම තෙමේ ගෘහප්‍රධාන වෙයි. හෙතෙම අනුරුද්ධ ශාක්‍යයා කැඳවා, දරුව අනුරුද්ධ, දැන් ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරු පැවිදිවූ භාග්‍යවතුන් අනුව පැවිදිවෙති. අපගේ කුලයෙහි ගිහිගෙන් නික්ම අනගාර්ය පැවිද්දට පත් කිසිවෙක් නැත. එහෙයින් ඔබ හෝ පැවිදිවෙව. මම හෝ පැවිදි වන්නෙමි’යි කීවේය. හෙතෙම ඔහුගේ වචනය අසා ගිහිගෙහි රුචි නොකොට තමා සත්වැනි කොට ඇත්තේ ගිහිගෙහි නික්ම අනගාර්යයෙහි පැවිදිවිය. ඔහුගේ පැවිද්දෙහි අනුපිළිවෙළ සංඝභේද ක්‍ඛන්‍ධකයෙහි පැමිණියේමය. මෙසේ අනුපිය අඹවනයට ගොස් එසේ පැවිදිවූවන් අතුරෙන් භද්දිය ස්ථවිරයන්වහන්සේ ඒ ඇතුළ් වසෙහිදීම රහත්බවට පැමිණියේය. අනුරුද්ධ තෙරුන්වහන්සේ දිබ්බචක්‍ඛුඤාණය ඉපදෙවේව්ය. දෙව්දත් තෙමේ අටසමවත් ඉපදෙව්වේය. අනඳ තෙරුන්වහන්සේ සෝවාන් පෙලෙහි පිහිටියහ. භගු තෙරද කිම්බිල තෙරද පසුව රහත්බවට පැමිණියාහුය. ඒ සියලු තෙරවරුන්ගේම තම තමන්ට එළඹුනාවූ තන්හි පෙර ප්‍රත්‍ථ‍ර්‍‍නාභිනීහාරය ප්‍රකට වෙයි. මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ වනාහි දම් සෙනෙවි සැරියුත් තෙරුන් සමීපයෙහි කමටහන් ගෙන චෙතිය රටෙහි පාචීනවංසමිගදායට ගොස් මහණදම් කරන්නේ සප්ත මහා පුරුෂවිතර්‍කයන් විතර්‍කනය කළහ. අට වැන්නෙහි වෙහෙසට පත් වෙත්. ශාස්තෘන්වහන්සේ අනුරුද්ධ තෙමේ අටවැන්නෙහි වෙහෙසට පත් වේයයි දැන ඔහුගේ අදහස සපුරන්නෙමියි එහි ගොස් පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්සේක් අටවැනි මහාපුරුෂ විතර්‍කය සම්පූර්‍ණ කරවා සිවුපසෙහි සතුටුවීම භාවනාවෙහි ඇලීම යන මේවායින් සමන්විතවූ මහා ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව වදාරා අහසට පැන නැඟී හේසකලා වනයටම වැඩිසේක. තෙරුන්වහන්සේ තථාගතයන් වැඩි කෙණෙහිම ත්‍රිවිද්‍යාප්‍රාප්ත මහා ක්‍ෂීණාශ්‍රවයෙක් වී ශස්තෘන්වහන්සේ මගේ සිත දැන අවුත් අටවැනි මහා පුරුෂ වතර්‍කය සම්පූර්‍ණ කරවා දුන්සේක. මගේ සිත මස්තකප්‍රාප්ත වූයේය’යි බුදුන්වහන්සේගේ ධර්‍ම දේශනාවද තමන් අවබෝධ කළ ධර්‍මයද අරභයා මේ උදාන ගාථාව පැවසූහ.
‘ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෘන්වහන්සේ මගේ අදහස දැන සෘද්ධියෙන් මනෝමය කයින් එළඹිසේක.
නිෂ්ප්‍රපංචයෙහි ඇළුණු බුදුරජාණන්වහන්සේ මගේ අදහස යම්සේ වීද ඊට වැඩියෙන් දෙසූ සේක. නිෂ්ප්‍රපංචය දේශනා කළ සේක.
මම උන්වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇල්ම ඇතිව විසීමි. ත්‍රිවිධ විද්‍යාව ලබනලදී. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කරනලදී.
ඉක්බිති මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ ජේතවන මහවෙහෙරෙහි වසනසේක ‘මගේ සසුනෙහි දිවැස් ඇත්තවුන් අතුරෙන් අනුරුද්ධ තෙරණුවෝ අග්‍රයහ’යි උන්වහන්සේ අග්‍රස්ථානයෙහි තැබූසේක.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2DgTWA9
මහාකාශ්‍යප තෙරණුවෝ
සිවුවැන්නෙහි ‘ධුතවාදානං’ යන මෙහි ධුතය දතයුතුය; ධුතවාදය දතයුතුය; ධුතධර්‍මයන් දතයුතුය; ධුතඞ්ග දතයුතුය එහි ධුත යනු සොලවනලද කෙලෙස් ඇති පුද්ගලයා හෝ කෙලෙස් සොලවන්නාවූ ධර්‍මය හෝ වේ. ධුතවාදො යන මෙහි වනාහි ධුතවාදී නොවන ධුතයෙක් ඇත. ධුතයෙක් නොවන ධුතවාදියෙක් ඇත. ධුතයෙක්ද නොවන ධුතවාදියෙක් නොවන්නක්ද ඇත. ධුතයෙක් මෙන්ම ධුතවාදියෙක්ද ඇත. ධුතයෙක්ද නොවන ධුතවාදියෙක් නොවන්නෙක්ද ඇත. ධුතයෙක් මෙන්ම ධුතවාදියෙක්ද ඇත. එහි යමෙක් ධුතඞ්ගයෙන් තමාගේ කෙලෙස් සෙලවූකල්හි අනිකෙකුට ධුතාංගයෙන් අවවාද නොකරයිද අනුශාසනා නොකරයිද බක්කුල තෙරුන්මෙන්වූ මෙතෙම ධුතයෙකි. ධුතවාදියෙක් නොවේය’යි යම්සේ කියනලද්දදෙද එහෙයිනි. යමෙක් වනාහි දුතතඞ්ගයෙන් අවවාද කරයිද අනුසාසනා කරයිද, උපනන්ද තෙරු මෙන්වූ මෙතෙම ධුතයෙක් නොවේ. ධුතවාදියෙකි. ‘ඒ මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රතෙමේ ධුතයෙක් නොව ධුතවාදියෙකි. ‘ඒ මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රතෙමේ ධුතයෙක් නොව ධුතවාදියෙකැ’යි යම්සේ කියනලද්දේද එහෙයිනි. යමෙක් දෙකින්ම වියුක්තවූයේ ලාළුදායී මෙන්වූ මෙතෙම ධුතයෙක් නොවන්නේ ධුතවාදියෙක්ද නොවන්නේවෙයි. ‘ඒ සේ ආයුෂ්මත් ලාළුදායී තෙමේ ධුතයෙක් නොවන්නේද ධුතවාදියෙක් නොවන්නේදවේය’යි යම්සේ කියන ලද්දේද එහෙයිනි. යමෙක් වනාහි දෙකින්ම යුක්තවූයේ ආයුෂ්මත කාශ්‍යප තෙරුන් මෙන් වූ මෙතෙම ධුතයෙක්ද ධුතවාදියෙක්දවෙයි. ‘යම් මේ ආයුෂ්මත් මහා කාශ්‍යප තෙමේ ධුතයෙක්ද ධුතවාදියෙක්ද වේය’යි කියමි. එසේ කියනලද්දේද එහෙයිනි. ‘ධුතධර්‍ම දතයුතුය’ යනු අප්පිච්ඡතා, (අපිස්බව), සන්තුට්ඨිතා (සතුටුබව), සල්ලෙඛතා (සැහැල්ලුබව), පවිවෙකා (විවේකීබව), ඉදමට්ඨිකතා (පමණදැනීම) යන මේ ධුතංග චේතනාවට පිරිවරවූ ධර්‍මපස අපිස්බවම ඇසුරුකොට ඇත යනාදී වචනයෙන් ධුතධර්‍මනමි. එහි අපිස්බවද සතුටුබවද අලෝභයයි. සැහැල්ලුබවද පවිවේකී බවද අලෝභයෙහි හා අමෝහයෙහි යන ධර්‍ම දෙකෙහි ඇතළත් වෙයි. ඉදිමට්ඨිකතා (පමණ දැනීමේ) ඥානයමයි. එහි ආලෝභයට විරුද්ධ වස්තුන්හි ලෝභයද අමෝහයට ප්‍රතිපක්‍ෂවස්තූන්හි ආදීනවයන් සඟවන්නාවූ මෝහයද සොලවයි. අලෝභයෙන් අනුදත් දෙය සෙවීම්වශයෙන් පවත්නා කාමසුඛානුයෝගයද අමෝහයෙන් ධුතංගයන්ගේ ඉතා රූක්‍ෂවශයෙන් පවත්නා අත්තකිලමථානුයෝගයද සොලවයි. එබැවින් මේ ධර්‍මයෝ ධුතධර්‍මයෝයයි දත යුත්තතාහ. ‘ධුතංගානි වේදිතබ්බානි” යනු පංසුකූලිකාංගය -පෙ- නෙසජ්ජිකාංගය යන තෙළෙස් ධුතංගයෝ දතයුත්තාහ යනුයි. ‘ධුතවාදානං යදිදං මහාකස්සපො’ යනු යම්තාක් අය ධුතවාදය කියත්ද ඒ සියල්ලන් අතුරෙන් මහාකාශ්‍යප ස්ථවිරයන්වහන්සේ අග්‍රයහයි අග්‍රස්ථානයෙහි තැබූසේක ‘මහාකස්සපො’ යනු උරුවෙලකස්සප, නදීකස්සප, ගයාකස්සප කුමාරකස්සප යන මේ කුඩා අනුකුඩා තෙරුන් ගෙන මෙතෙම මහත්ය. එබැවින් මහාකාශ්‍යපය’යි කියනලදී.
මෙම මහාකාශ්‍යප තෙරුන්වහන්සේගේද ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. අතීතයෙහි වනාහි කල්පලක්‍ෂයකට මත්තෙහි පියුමුතුරා යන ශාස්තෘන්වහන්සේ පහළවූසේක. උන්වහන්සේ හංසවතී නගරය ඇසුරුකොට ඛෙම නම් මිගදායෙහි වාසයකරනකල්හි වේදෙහ නම් කෙළෙඹියා අසූ කෙළක් ධනයෙන් ආඪ්‍යවූයේ උදෑසනින්ම මනා බොජුන් වළදා පෙහෙවස් අංග ඉටා සුවඳමල් ආදිය ගෙන විහාරයට ගොස් ශාස්තෘන්වහන්සේ වැඳපුදා එකත්පසෙක හුන්නේය. එකෙණෙහි ශාස්තෘන්වහන්සේ මහානිසඟතෙරුන් නම් වූ තෙවැනි සව්වා ‘මහණෙනි, ධුතවාදී මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් යම් මේ නිසඟ තෙරුන්වහන්සේ අග්‍රය’යි අග්‍රස්ථානයෙහි තැබූසේක. උවසුතෙමේ එය අසා පැහැදුනේ ධර්‍මකථාව අවසන්හි මහජනයා නැගිට ගිය කල්හි ශාස්තෘන්වහන්සේ වැඳ, ‘ස්වාමීනි, හෙට මගේ හික්‍ෂාව පිළිගනුමැනවැයි කීවේය. භික්‍ෂුසංඝයායි’ ‘ස්වාමීනි, එක් හෙරණකුදු විහාරයෙහි ඉතිරි නොකොට හික්‍ෂාව පිළිගනු මැනවැයි’ කීවේය. ශාස්තෘන්වහන්සේ ඉවසූ (පිළිගත්)සේක. උවසුතෙමේ ශාස්තෘන්වහන්සේගේ ඉවසීම දැන ගෙට ගොස් මහදනක් පිළියෙළකරවා දෙවෙනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ‍ට දැන්වූයේය. ශාස්තෘන්වහන්සේ පාසිවුරුගෙන බික්සඟන පිරිවරනලද්දාහු උවසුවහුගේ ගෙට ගොස් පනවනලද අසුන්හි හුන්සේක් දක්‍ෂිණෝදකය අවසන්හි කැඳආදිය පිළිගන්නාහු බත් වැළඳුසේක. උවසුතෙමේද ශාස්තෘන්වහන්සේ සමීපයෙහි හුන්නේය. මේ අතුරෙහි මහා නිසභස්ථවිරයන්වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ වීදියටම පිළිපන්හ. උවසු තෙමේ දැක නැඟිට ගොස් තෙරුන් වැඳ ස්වාමීනි. පාත්‍රය දෙනුමැනවැ’යි කීවේය. තෙරහු පාත්‍රය දුන්හ. ‘ස්වාමීනි, මෙහිම පිවිසෙන්න. ශාස්තෘන්වහන්සේද ගෙහි වැඩ හුන්සේකැයි කීවේය. ‘උවසුව නොවටනේය’යි තෙරහු පැවසූහ උවසුතෙමේ තෙරුන්ගේ පාත්‍රය ගෙන පිණ්ඩපාතය පුරවා ගෙනගොස් දුන්නේය. ඉක්බිති තෙරුන්ට පසුගමන් කොට නැවැත්තේ ශාස්තෘන් සමීපයෙහි හිඳ මෙසේ කීවේය: ‘ස්වාමීනි, මහා නිසභස්ථවිරයන්වහන්සේ ශාස්තෘන්වහන්සේ ගෙහි හුන්සේකැයි කියනලද කල්හිද ඇතුළු වීමට නොකැමැති වූහ. උන්වහන්සේට ඔබවහන්සේගේ ගුණයන්ට වඩා අතිරේකවූ ගුණයක් ඇත්තේ වේද?’ බුදුවරුන්ට වනාහි ගුණ වැණීමෙහි මසුරුබවෙක් නම් නැත. ඉක්බිති ශාස්තාන්වහන්සේ මෙසේ වදාළසේක. ‘උවසුව, අපි පිඬු සඳහා පැමිණෙමින් ගෙහි හිඳින්නෙමු. ඒ භික්‍ෂුව මෙසේ හිඳ හික්‍ෂාව බලාපොරොත්තු නොවෙයි. අපි ග්‍රාමාන්ත සෙනසුන්හි වසමු, හෙතෙම අරණෙහිම වසයි. අපි සැඟවුණු තැන්හි වසමු. හෙතෙම අභ්‍යවකාශයෙහිම වසයි. මෙසේ ඒ තෙරුන්වහන්සේගේ මේමේ ගුණයයයි මහසමුදුර පුරවන්නාක් මෙන් වදාළසේක. උවසුතෙමේ ප්‍රකෘතියෙන්ම දැල්වෙන පහනෙක්හි තෙල් වත්කළ කල්හි මෙන් බෙහෙ‍වින්ම පැහැදී (මෙසේ) සීතිය: ‘අනෙක් සැපතකින් මට කවර වැඩක්ද? අනාගතයෙහි එක් බුදුවරයෙකු සමීපයෙහි ධුතවාදීන් අතුරෙහි අග්‍රභාවය සඳහා ප්‍රත්‍ථ‍ර්‍‍නා කරන්නෙමි’ යනුවෙනි. හෙතෙම නැවතද ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කොට ඒ ක්‍රමයෙන්ම සත් දිනක් දන්දී සත්වැනි දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරුදී ශාස්තෘන්වහන්සේගේ පාමුල හෙව මෙසේ කීවේය: ‘ස්වාමීනි සත්දිනක් දන් දෙන්නාවූ මට යම් මෛත්‍රීසහගත කායකර්‍මයක් මෛත්‍රීසහගත වචීකර්‍මයක් මෛත්‍රි සහගත මනොකර්‍මයක් වීද. මෙයින් මම වෙනත් දෙවසම්පත්තියක් හෝ ශක්‍රමාරබ්‍රහ්මසම්පත්තියක් හෝ නොපතමි. මේ මාගේ (පුණ්‍ය) කර්‍මය වනාහි අනාගතයෙහි එක් බුදුවරයෙකුගේ සමීපයෙහි. මහානිසඟ තෙරුන්වහන්සේ විසින් පත්වූ තනතුර ලබාගැනීම සඳහා මේ තෙළෙස් ධුතංගධාරීන් අතුරෙන් අග්‍රභාවයට ඇපයක් වේවා. යනුවෙනි. ශාස්තෘන්වහන්සේ මොහුවිසින් මහත්වූ තනතුරක් පතනලදී. (එය) සමෘද්ධවන්නේදැයි බලනසේක් ඉටුවන බව දැන ‘ඔබ විසින් ප්‍රියවූ තනතුරක් පතනලදී. අනාගතයෙහි කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුවරයෙක් උපදින්නාහුය. ඔබ උන්වහන්සේගේ තෙවැනි සව්වන මහකසුප් තෙරනම් වනනෙහිය’යි වදාළ සේක. උවසුතෙමේ එය අසා බුදුවරුන්ගේ කථා දෙකක් නම් නැතැයි ඒ සම්පත්තිය දෙවෙනි දිනයෙහි ලැබිය යුත්තක් මෙන් (කොට) හැඟීය. හෙතෙම දිවි ඇති තෙක් දන්දී සිල් රැක නන් අයුරුවූ කලණකම් කොට එහි කළුරිය කළේ ස්වර්‍ගයෙහි උපන්නේය. එතැන්පටන් දෙවි මිනිසුන් අතුරෙහි සැප විඳින්නේ මෙයින් අනූඑක් කල්පයෙක්හි විපස්සී සම්මාසම්බුදුන්වහන්සේ බන්‍ධුමතී නගරය ඇසුරුකොට ඛෙම නම්වූ මිගාදායෙහි වසනකල්හි දෙව්ලොවින් සැව එක්තරා පිරිහීගිය බමුණු කුලයෙක්හි උපන්නේය. එකල්හි විපස්සි භාගයවතුන්වහන්සේ සත්වෙනි සත්වෙනි අවුරුද්දෙහි ධමර්‍ය දෙසනසේක. මහත් කෝලාහලයක් (කැළඹීමක්) වෙයි. දෙවිවරැ ‘ශාස්තෘන්වහන්සේ ධර්‍මය දෙසනසේකැයි’ සියලු දඹදිව්හි සැළකරති. බමුණා ඒ පුවත ඇසීය. ඔහුට එකම හඳනාසළුවක් වෙයි. බැමිණියටද එසේමය. දෙදෙනාටම එකම පොරෝනාවකි. සියලු නුවරෙහි එකසාටක බමුණායයි පළටවිය. කිසියම් කටයුත්තකට බමුණන්ගේ රැස්වීමක් ඇතිකල්හි තෙමේ ගෙහි සිටී. බැමිණිය ඒ වස්ත්‍රය පොරවා (එහි) යයි. එදවසෙහි බැමිණියට, ‘පින්වතිය, කිම රෑ දහම් අසන්නෙහිද දහවල් දහම් අසන්නෙහිදැ’යි කීය. ‘ස්ත්‍රීජාතිකවූ අපි රෑ දහම් ඇසීමට නොහැක්කම්හ. දහවල් දහම් අසන්නෙමි’යි බමුණා ගෙහි තබා වස්ත්‍රය පොරවා උවැසියන් සමඟ දහවල් ගොස් ශාස්තෘන් වැඳ එකත්පසෙක හුන්නී දහම් අසා උවැසියන් සමඟ ගියේය. ඉක්බිති බමුණා බැමිණිය ගෙහි තබා වස්ත්‍රය පොරවා විහාරයට ගියේය. එකල්හි ශාස්තෘන්වහන්සේ පිරිස මැඳ සරසනලද ධර්‍මාසනයෙහි වැඩහුන්සේක් විසිතුරු අවන්පත ගෙන අහස් ගඟට බසින්නාක් මෙන් මහමෙර මථනදණ්ඩකොට සයුර කළඹන්නාක් මෙන් ධර්‍මය දෙසූසේක. පිරිස් කෙළවර හිඳිමින් ධර්‍මය අසන්නාවූ බමුණාගේ සියලු සිරුර පුරවමින් පළමු යාමෙහිදීම පස්වණක් ප්‍රීතිය උපන්නේය. හෙතෙම පෙරවූ වස්ත්‍රය හකුළා බුදුන්වහන්සේට දෙන්නෙමැයි සිතීය. ඉක්බිති ඔහුට ආදීනව දහසක් දක්වන්නාවූ මසුරුබව උපන්නේය. බැමිණියටද මටද එකම වස්ත්‍රයකි. ‍අන් කිසි පොරෝණයක් නැත. නොපොරොවා නම් පිටත හැසිරීමට නොහැකියයි සර්‍වප්‍රකාරයෙන්ම නොදෙනු කැමැත්තේවිය. ඉක්බිති ඔහුට පළමුයාමය ඉක්මුණු කල්හි මැඳුම් යමෙහිද එසේම ප්‍රීතිය උපන්නේය. හෙතෙම එතෙරවීම හෝ මරණයවේවා පසුව දනිමියි වස්ත්‍රය හකුළා ශාස්තෘන්වහන්සේගේ පාමුලෙහි තැබීය. ඉක්බිති වම් අත හකුළා දකුණු අතින් තෙවරක් අපො‍ළා මවිසින් දිනනලදී. මවිසින් දිනන ලදියි හඬතුනක් නැඟීය. එකල්හි බන්‍ධුමා රජ‍තෙමෙ ධර්‍මාසනයට පිටු පසින් තිරය තුළ හුන්නේ ධර්‍මය අසයි. රජුට නම් ‘මවිසින් දිනනලද’යි යන ශබ්දය ප්‍රිය නොවෙයි. හෙතෙම, යව කුමක් කියන්නෙහිදැයි මේ පුරුෂයා විමසුවයි මිනිසෙකු යැවීය. ගොස් ඒ පුරුෂයා විසින් විමසනලද හෙතෙම මෙසේ කීවේය. ‘සෙස්සෝ ඇත්යහන් ආදියට නැඟ කඩු සම් ආදිය ගෙන සතුරු සෙන් දිනති. එය අසිරියක් නොවේ. මම වනාහි පිටුපසින් එන්නාවූ කුළුගෝණා‍‍ගේ හිස මුගුරෙන් බිඳ ඔහු පළවා හරින්නාක් මෙන් මසුරුසිත මැඩ පෙරවූ වස්ත්‍රයි දසබලයන්වහන්සේට දුනිමි. මවිසින් ඒ මසුරුබව දිනන ලදී’. ඒ පුරුෂයා අවුත් රජුට එපුවත සැළ කළේය. රජ තෙමේ මෙසේ කීවේය: පින්වත්ති, ‘අපි දසබලයන්වහන්සේට සුදුසු දෙය නොදනුම්හ. බමුණා දන්නේය.’ (මෙසේ කියා) වස්ත්‍රයුගලයක් යැවීය. එදැන බමුණා සිතුවේය: මෙතෙම නිහඬව සිටි මට පළමුව කිසිවක් නොදී ශාස්තෘන්වහන්සේගේ ගුණ කියනවිට දුන්නේය. ශාස්තෘන් වහන්සේගේ ගුණයන් නිසා උපන් දෙයින් මට කවර වැඩෙක්දැයි ඒ වස්ත්‍රයුගලයද දසබලයන් වහන්සේටෙම දුන්නේය. රජතෙමේ බමුණාවිසින් කුමක් කරන ලද්දැයි විමසා ඔහු විසින් ඒ වස්ත්‍රයුගලයත් තථාගතයන් වහන්සේටම දෙන ලදැයි අසා වෙනත් වස්ත්‍ර යුගල දෙකක් යැවීය.හෙතෙම ඒවාද දුන්නේය. රජතෙම් වෙනත් සතරක්දැයි මෙසේ වස්ත්‍රයුගල දෙතිසක් දක්වා යැවීය. ඉක්බිති බමුණා මෙය වඩා ගැනීමක් මෙන් වේයයි තමා සඳහා එකක්ද බැමිනිය සඳහා එකක්දැයි වස්ත්‍රයුගල දෙකක් ගෙන යුගලතිහක් තථාගතයන් වහන්සේටම දුන්නේය. එතැන් පටන් ඔහුට ශාස්තෘන්වහන්සේ විශ්වාස ඇත්තෙක් වූසේක. ඉක්බිති රජතෙමේ ශීත කාලයෙහි එක්දිනක් ශාස්තෘන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසන්නාවූ ඔහු දැක ලක්‍ෂයක් වටිනා තමාගේ පෙරවූ රත් කම්බිලිය දී ‘මෙතැන්පටන් මෙය පොරවා ධර්‍මය අසව’යි කීවේය. හෙතෙම ‘මේ කුණු කයෙහි එළවූ මේ කම්බිලියෙන් මට කවර වැඩෙක්දැයි සිතා ඇතුල් ගඳකිළියෙහි තථාගතයන්වහන්සේගේ ඇඳ මත්තෙහි වියනක් කොට ගියේය. ඉක්බිති එක් දිනක් රජතෙමේ උදෑසනම විහාරයට ගොස් ඇතුල් ගඳ කිළියෙහි ශාස්තෘන්වහන්සේ සමීපයෙහි හුන්නේය. එකල්හි සවණක් බුදුරැස් කම්බිලියෙහි හැනී සිටියි. කම්බිලිය බෙහෙවින්ම බබළයි. රජතෙමේ බලන්නේ හැඳින, ස්වාමීනි, අපගේ මේ කම්බිලිය අපිවිසින් එකසාටක බමුණාට දෙන ලදියි කීවේය. ‘මහරජ, ඔබ විසින් බමුණා පුදන ලදී. බමුණා විසින් අපි පුදනු ලදුම්හ’යි පැවසූසේක. රජතෙමේ ‘බමුණා සුදුස්සක් දත්තේය. අපි නොදත්තෙමු’යි පැහැද මිනිසුන්ට උපකාරවන යමක් වේද ඒ සියල්ල අට අට කොට සබ්බට්ඨක නම්වූ දානයක් දුන්නේය. ඔහුට දී පුරෝහිත තනතුරෙහි තැබීය. හෙතෙමේද අටක් අටක් නම් සිවුසැටක් වේයයි සිවුසැටක් ලහබත් පිහිටුවා දිවි ඇතිතෙක් දන්දී සිල්රැක එයින් සැව දෙව් ලොව උපන්නේය. යළි එයින් සැව මෙකපෙහි කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේද කාශ්‍යප දශබලයන් වහන්සේගේද යන බුදුවරුන් දෙනොගේ අතර කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක උපන්නේය. හෙතෙම වියට පැමිණ ගිහිගෙහි වසන්නේ එක් දිනයක වනයෙහි සක්මනෙහි හැසිරෙයි. එකල්හි පසේබුදුවරු නදීතෙරෙහි සිවුරුකම් කරන්නාහු නුවාපටිය නොපොහෝනා කල්හි අකුළා තැබීමට පටන්ගත්තාහුය. හෙතෙම දැක’ ‘ස්වාමීනි කුමක් නිසා හකුළා තබන්නහුද’යි ඇසීය. නුවා පටිය නොපොහෝනේයයි සැළකළාහුය. ස්වාමීනි මෙයින් කරන්නැ’යි සළුවදී උපනුපන්තන්හි මට කිසිදු පරිහානියක් නොවේවායි ප්‍රාත්‍ථ‍ර්‍‍නයක් තැබීය. ගෙහිද මොහුගේ නැගණිය සමඟ බිරිය කලහ කරත්දී පසේබුදුන්වහන්සේ පිඬු පිණිස වැඩිසේක. ඉක්බිති ඔහුගේ නැඟණිය පසේබුදුන් වහන්සේට පිණ්ඩපාතය දී ඔහුගේ බිරිය සඳහා මෙබඳු වූ ලාමක තැනැත්තියක යොදුන් සියයකින් දුරුකරන්නෙමැයි පවසා ප්‍රාත්‍ථ‍ර්‍‍නයක් තැබුවාය. ගෙමිදුලෙහි සිටි ඕ එය අසා මැය විසින් දෙනලද බත මෙතෙමේ නොබුදීවා’යි පාත්‍රය ගෙන පිණ්ඩපාතය ඉවතදමා මඩපුරවා දුන්නීය. අනෙක් තැනැත්තිය දැක, ‘මෝඩතැනැත්තිය, මට බණුව හෝ පහරදෙව මෙබඳුවූ අසංඛ්‍ය දෙකක් පිරූ පාරමිතා ඇත්තහුගේ පාත්‍රයෙන් බත් ඉවත දමා මඩ දැමීම නොසුදුසුයයි කීවාය. ඉක්බිති ඔහුගේ බිරියට නුවණින් සලකා බැලීමක් උපන. ඕ තොමෝ ‘ස්වාමීනි, වැඩසිටිනු මැනවැ’යි මඩ ඉවත් කොට පාත්‍රය දොවා සුවඳසුණෙන් උළා චතුමධුර පුරවා මත්තෙහි ඉසිනලද, පියුම් ගැබෙහි පැහැයෙන් යුත් ගිතෙලින් බබලන්නාවු පාත්‍රය පසේබුදුන් වහන්සේගේ අතෙහි තබා, ‘මේ පිණ්ඩපාතය යම්සේ බැබලීමට පත්වූයේද එසේ මට බැබලීමට පත් සිරුරක් වේවා’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නයක් තැබුවාය. පසේබුදුන් වහන්සේ අනුමෙවෙනි බණ දෙසා අහසට පැනනැඟුණුසේක. ඒ අඹුසැමි යුවළද දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව ඉපිද නැවත ඉන් සැව උවසුතෙමේ කාශ්‍යප සම්මාසම්බුදුන් වහන්සේගේ කාලයෙහි බරණැස අසූකෙළක් ධනය ඇති සිටිවරයකුගේ පුතෙක් වීද අනෙක් තැනැත්තිය එබඳුවූම සිටුවරයකුගේ දියණියක් වීද උපන්හ. වැඩිවිටය පත් ඔහුට ඒ සිටු දුවම කැඳවාගෙන ආහා. පෙර නොදුන් විපාක ඇති ඒ කර්‍මයාගේ ආනුභාවයෙන් පතිකුලයට පිවිසි කෙණෙහි එළිපත්ත තුළදීම ඇයගේ සියල්සිරුර විවර කළ වැසිකිලියක් මෙන් දුගඳ විය. සිටු කුමරා මේ කාගේ ගඳක්දැයි විමසා සිටු කුමරියන්ගේයයි අසා ‘ගෙන ගොස් හැරලව’යි පැමිණි රියෙන්ම කුලගෙයට යැවීය. ඕ මේ පලවා හැරීමෙන් සත් තැනෙක්හි ආපසු හරවනු ලැබුවාය. මෙකල්හි කාශ්‍යප දශබලයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. උන්වහන්සේට ඝන පාෂණ සුණෙන් කළ බිමින් යුතුව රත්රන් උළෙන් (ගඩොලින්) යොදුනක් උස චෛත්‍යයක් (ගොඩනැඟීමට) අරඹුහ. ඒ චෛත්‍යය කරවන කල්හි ඒ සිටුදූ තොමෝ, මම සත් තැනෙක්හි ආපසු හරවා එවනු ලැබූවාය. මට ජීවිතයෙන් කවර වැඩක්දැයි සිතුවාය. තමාගේ ආභරණභාණ්ඩ බිඳුවා රියනක් දිග වියනක් පළල අඟල් සතරක් උස රන් ‍ගඩොලක් කරවූවාය. ඉක්බිති හිරියල් මනෝසිලා පිඬක් ගෙන උපුල් බඳුන් අටක් රැගෙන චෛත්‍යය කරන තැනට ගියාය. එකෙණෙහි එක් ගඩොල් පෙළක් පිරිකෙව් කොට එන්නා වූ සම්බන්‍ධක ගඩොලක අඩුවක් වෙයි. සිටුදුව ‘මේ ගඩොල මෙහි තබව’යි වඩුවාට කීවාය. ‘මෑණියනි, සොඳුරු වේලාවෙහි පැමිණියා වෙහි. තමාම තබන්නැ’යි වඩුවා කීය. ඕ තොමෝ නැඟී හිරියල් මනෝසිලා තෙලෙන යොදා ඒ බදාමෙන් ගඩොල පිහිටුවා මත්තෙහි උපුල්බඳුන් අටින් පුදා වැඳ උපනුපන් තැන කයින් සඳුන්සුවඳ හැමේවා මුවින් උපුල් සුවඳ හැමේවායි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කොට චෛත්‍යය වැඳ පැදකුණු කොට ගියාය. ඉක්බිති එකෙණෙහිම යම් සිටු පුතකුගේ ගෙට පළමුව පමුණුවන ලද්දීද ඒ සිටුපුත්‍රයාට ඇය අරභයා සිහිය උපන්නේය. නගරයෙහිද නැකත් කෙළියක් ප්‍රකාශවිණි. හෙතෙම, එකල්හි මෙහි කැඳවාගෙන එන ලද සිටුදුව කොහි ඇද්දැ’යි උපස්ථායකයන්ගෙන් ඇසීය. ‘ස්වාමීනි, කුලගෙහිය’යි ඔවුහු කීහ. ‘ඇය කැඳවාගෙන එන්න. නැකත් කෙළි කෙළිමි’යි පැවසීය. ඔවුහු ගොස් ඇය වඳ සිටියාහු ‘දරුවනි, කුමක් නිසා පැමිණියහුදැයි’ඇය විසින් විමසන ලද්දාහු එපුවත පැවසුවාහුය. ‘දරුවනි, මවිසින් අබරණ බඩුවලින් චෛත්‍යය පුදනලදී. මට අබරණ නැතැ’යි කීකල්හි ඔවුහු ගොස් සිටුපුත්‍රයාට සැළ කළාහුය. ‘ඇය කැඳවාගෙන එවු, පළඳනා ලබන්නෙමු’යි හෙතෙම පැවසීය. ඔවුහු ඇය කැඳවාගෙන ආවාහුය. ඇයගේ ගෙට පිවිසීමත් සමඟ සියලු ගෙහි සඳුන් සුවඳද නිලුපුල් සුවඳද හැමුවේය. සිටුපුත්‍රයා, පළමුව නුඹේ සිරුරෙන් දුගඳ හැමීය. දැන් නුඹ‍ගේ සිරුරෙක් සඳුන් සුවඳ හමයි. මුවින් උපුල්සුවඳ හමයි. මේ කිමෙක්දැ’යි ඇය විමසීය. ඕතොමෝ මුල පටන් තමා විසින් කළ දෙය සැළ කළාය. සිටුපුත් තෙමේ ‘බුදුසසුන ඒකාන්තයෙන්ම සැපතට පමුණුවනසුලුය’යි පැහැදි යොදුනක් උසවූ රන්සෑය කම්බිලි සැට්ටයකින් වසා ඒ ඒ තන්හි රියසක් පමණවූ රන්පියුමින් අලංකාර කළේය. ඒ රන්පියුම්වල දොළොස් රියනක් එල්ඹෙන්නේ වෙයි. හෙමතම එහි ආයුෂ ඇති තෙක් සිට ස්වර්‍ගයෙහි ඉපිද එයින් චුතව බරණැසින් යොදුනක් පමණවූ තැනක එක්තරා ඇමතිකුලයක උපන්නේය. සිටු කන්‍යාව දෙව්ලොවින් සැව රජකුලයෙහි දෙටු දියණියව උපන්නාය. ඔවුන් වියපත් කල්හි කුමරා වසන ගමෙහි නැකැත් කෙලියක් ප්‍රකාශවිණි. හෙතෙම මවට, ‘මෑණියනි, මට සළුවක් දෙන්න. නැකත් කෙළියෙහි යෙදෙන්නෙමැ’යි කීවේය. ඇය සේදූ වස්ත්‍රයක් ගෙනවුත් දුන්නාය. ‘මෑණියනි, මෙය රළුය’යි කීය. වෙනෙකක් ගෙනවුත් දුන්නාය. එයද ප්‍රතික්‍ෂ්ප කළේය. ඉක්බිති මව ඔහුට, ‘දරුව යම්බදු ගෙයක අපි උපන්නාහු වෙම්ද (එහි) මීට වඩා මුදුමොළොක්වූ වස්ත්‍රයක් ලැබීමට අපට පිණක් නැතැ’යි කීවාය. ‘මෑණියන් ලබන තැනකට යමියි හෝ කීය. පුත මම අද ඔබට බරණැස් නුවරෙහි රාජ්‍යප්‍රතිලාභය කැමති වෙමි’යි කීවාය. හෙතෙම මව වැඳ ‘මෑණියනි, යමි’යි කීවේය. ‘දරුව යව’යි කීවාය. ‘කොහි යන්නේද මෙහි හෝ එහි හෝ ගෙහි හිඳින්නේ’යි ඇය සිතුවාය. හෙතෙම වනාහි පිණෙහි මෙහෙයවීමෙන් නික්ම බරණැසට ගොස් උයනෙහි මඟුල්ගල් තලාවෙහි හිසසිට පොරවා වැද‍හොත්තේය. එය බරණැස රජුගේ කළුරිය කිරීමෙන් සත්වැනි දිනය වෙයි. ඇමැතිවරු රජුගේ සිරුරුකිස කරවා රාජංගනයෙහි හිඳ, ‘රජුට එක් දියනියක් පමණක්ම ඇත. පුතෙක් නැත. රජකුනැති රාජයය නොමනායි. කවරෙක් රජ වන්නේද ඔබ වේවා! ඔබ වේවායි සාකච්ඡා කළාහුය. බො‍හෝ බලාසිටීමට නොවටීයි. රාජරථය පිටත් හරින්නෙමු’යි පුරෝහිත තෙමේ පැවසීය. ඔවුහු කුමුදු පැහැති අසුන් සිවු දෙනකු යොදවා පඤ්චවිධරාජකකුධභාණ්ඩද සේසතද රථයෙහිම තබා රථය පිටත් කොට පිටුපසින් තුර්‍ය්‍යභාණ්ඩ වාදනය කළාහුය. රථය නැගෙනහිර දොරින් නික්ම උයනට අභිමුඛ වූයේය. ‘පුරුද්දෙන් උයනට අභිමුඛව යයි. නවත්වමු’යි ඇතමෙක් කීහ. පුරෝහිත තෙමේ ‘නොනවත්වමු’යි කීවේය. රථය කුමරුවා පැදකුණු කොට නංවා‍ගැනීමට සුදාණමින් සිටියේය. පුරෝහිත තෙමේ පොරෝණයෙහි කොණ මෑත් කොට පාදතලයන් බලන්නේ මේ දිවයින ති‍බියේවා! දෙදහසක් දිවයින් පිරිවර කොට ඇති සතර දිවයින්හි ඒකරාජ්‍යය කිරීමට සුදුස්සෙකැයි කියා යළිදු තූර්‍ය්‍ය භාණ්ඩ වාදනය කරවුයයි තෙවරක් තූර්‍ය්‍යභාණ්ඩ වාදනය කරවූයේය. ඉක්බිති කුමරුවා මුහුණ විවෘත කොට බලා දරුවනි කුමන කටයුත්තකින් පැමිණියහුදැයි ඇසුවේය. ‘දේවයන් වහන්ස, නුඹට රාජ්‍යය පැමිණෙයි’ කීහ. රජු කොහිදැයි ඇසීය. ‘දේවත්වයට ගියේයෙ’යි කීහ. ‘දින කීයක් ඉක්මුණේද?’ ‘අද සත්වැනි දිනයයි.’ ‘පුතෙක් හෝ දුවක් හෝ නැද්ද?’ ‘දේවයිනි, දියණියක් ඇත. පුතෙක් නැත.’ ‘රජ්‍යය කරමි’යි කීවේය. ඔවුහු එකෙණෙහිම අභිෂේක මණ්ඩපයක් කරවා රජ දුව සියලු අලංකාරණ‍යන්ගෙන් සරසවා උයනට පමුණුවා කුමරුවාට අභිෂේක කළායුහ. ඉක්බිති අබිසෙස් කරනලද ඔහුට දහසක් වටින් වස්ත්‍රයක් එළවූය. හෙතෙ, දරුවනි, මේ කිමෙක්දැයි ඇසූහ. ‘දෙවයන් වහන්ස, හඳිනා වස්ත්‍රයකැ’යි කීහ. ‘දරුවනි, රළු නොවේද? වෙනත් වඩා සියම් වූවක් නැද්ද’යි ඇසීය. මිනිසුන් පරිභෝගකරන වස්ත්‍ර අතුරෙහි මීට වඩා සියුම් වූවක් නැතැයි කීහ. ‘නුඹලාගේ රජතුමා මෙබඳුවූ වස්ත්‍රයක් හැන්දේද?’ ‘එසේය, දේවයිනි’, ‘නුඹලාගේ රජතුමා පින් ඇත්තෙකැයි නොහඟිමි’යි රන් කෙණ්ඩිය ගෙනෙවු, වස්ත්‍රයක් ලබමු’යි කීවේය. රන් කෙණ්ඩිය ගෙන ආහ. හෙතෙම නැඟිට අත් දොවා මුවසෝදා අතින් දිය ගෙන පෙරදිගෙහි විසිරීය. ඝනපොළොව බිඳී කප්රුක් අටක් පැන නැං‍ඟේය. යළි දිය ගෙන දකුණය, අපරදිගය, උතුරය යනමෙසේ සතර දිගෙහි දිය විසිරීය. සියලු දිශාවන්හි අට අට බැගින් කප්රුක් දෙතිසක් නැං‍ඟේය. හෙතෙම එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ එකක් පොරවා ‘නන්‍ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටින ස්ත්‍රීහු නූල් නොකටිත්වායි මෙසේ බෙර හසුරුවයි කියා ඡත්‍රය ඔසවා අලංකාරයෙන් සරසන ලද්දේ ඇතුපිට නැගුනේ නුවරට පිවිස, පහයට නැඟී මහසැපත් වින්දේය. මෙසේ කල් යන කල්හි එක් දින් දේවිය රජුගේ මහ සැපත් දැක, ‘අහෝ තවුස්තුමනි’යි කුළුණුබර බවක් දැක්වූවාය. දේවිය, කිමෙක්දැ’යි අසනලද්දී දේවයන්වහන්ස, සැපත් ඉමහත්ය. අතීතයෙහි බුදුවරුන් අදහා යහපත් දේ කෙළෙහුය. දැන් අනාගතයට හේතුවන්නාවූ කුසල් නොකරන්නහුදැයි කීවාය. කවරකුට දෙන්නෙම්ද? සිල්වත්හු නැතැයි කීය. දේවයන්වහන්ස, දඹදිව රහතුන්ගෙන් නොසිස්ය. නුඹවහන්සෙ දානය පමණක් පිළියෙළ කළ මැනවි. මම රහතුන්වහන්සේලා ලබමැයි කීවාය. රජතුමා දෙවැනි දිනයෙහි පෑළදිග දෙරටුවෙහි දානය පිළියෙළ කරවීය. දේවිය උදැසනින්ම පෙහෙවස් අංග ඉටා මතු මහල්තලයෙහි පෙරදිගට මුහුණලා උරයෙන් හෙව. ඉදින් මේ දිශාවෙහි රහත්වරු නොවූහ. ඒ සත්කාරය දුගී වාචකයන්ට දුන්නාහුය. දෙවැනි දිනයෙහි දකුණු දොරටුවෙහි දානය පිළියෙළ කොට එසේම කළේය. අනතුරු දිනයෙහි පැසුළු දිග දොරටුවෙහිය. උතුරු දොරටුවෙහි පිළියෙළ කළ දිනයෙහි දේවිය එසේම ඇරයුම් කළ කල්හි හිමවතෙහි වසන්නාවූ පදුමවතියගේ පුතුන්වූ පන්සියයක් පසේබුදුවරුන් අතුරෙන් දෙටුවූ මහාපදුමවතියගේ පුතුන්වූ පන්සියයක් පසේබුදුවරුන් අතුරෙන් දෙටුවූ මහාපදුම පසේබුදුන්වහන්සේ සොහොයුරන් ඇමතූසේක. ‘ඇවැත්නි, නන්‍දරජතෙමේ නුඹවහන්සේලා ඇරයුම් කරයි. ඔහුගේ අරයුම පිළිගනුමැනවැයි කීසේක. උන්වහන්සේ‍ලා පිළිගෙන දෙවැනි දිනයෙහි අනෝතත් විලෙහි මුවසෝදා අහසින් අවුත් උතුරු දොරටුවෙහි බැස්සාහුය. මිනිස්සු ගොස්, දේවයනවහන්ස, පසේ බුදුවරු පන්සියයක් ආවාහුය’යි රජුට සැළකළාහුය. රජතෙමේ දේවිය සමඟ ගොස් වැඳ පාත්‍රය ගෙන පසේබුදුවරුන් පහයට නංවා එහි උන්වහන්සේලාට දානයදී බත්කිස අවසන්හි රජතෙමේ සංඝස්ථවිරයන් වහන්සේගේ ද දේවිය සංඝනවකයන්වහන්සේගේද පාමුලෙහි හෙව, ‘ආර්‍ය්‍යයන්වහන්සේලා ප්‍රත්‍යයන්ගෙන් ක්ලාන්ත නොවන්නාහුය. අපි පිනෙන් නහමු. අපට දිවි ඇති තෙක් මෙහි විසීමට පිළිණ දෙනුමැනවැයි පිළිණ කරවා උයනෙහි පනසල් පන්සියයක් සක්මන්මළු පන්සසියක් දැයි සියලු අයුරින් වසන තැන් සපයා එහි වැස්වූවාහුය. මෙසේ කල් යන කල්හි රජුගේ පසල් දනව්වක් කිපියේය. හෙතෙම ‘මම පසල් දනව්ව සංසිඳවීමට යමි. නුඹ පසේබුදුන්වහන්සේලා කෙරෙහි නොපමාවූව’යි දේවියට අවවාද කොට ගියේය. ඔහු නොපත් කල්හිම පසේබුදුන් වහන්සේලාගේ ආයුසංස්කාරය ගෙවුණේය. මහාපදුම පසේබුදුන්වහන්සේ තුන්යම් රැය ධ්‍යානක්‍රීඩා කොට අරුණැඟීමෙහිදී අරමුණු පුවරුව අරමුණු කොට සිටිසේක්ම අනුපාදිශේෂ පරිනිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. මේ ක්‍රමයෙන්ම සෙස්සෝදැයි සියල්ලෝම පිරිනිවන් පෑහ. දෙවැනි දිනයෙහි දේවිය පසේබුදුන්වහන්සේලා වැඩ සිටින තැන බිම පිරිසුදු කරවා මල් විසුරුවා දුම් අල්ලා උන්වහන්සේලාගේ වැඩමවීම බලාපොරොත්තු වෙමින් හුන්නී වැඩමවීම නොදක්නී ‘යව දරුව, කිම ආර්‍ය්‍යයන්වහන්සේලාට කිසි අපහසුවක් දැයි දනුව’යි පුරුෂයකු යැවීය. හෙතෙම ගොස් මහාපදුම පසේබුදුන්වහන්ගේ පන්සලෙහි දොර විවිර කොට එහි නොදක්නේ සක්මනට ගොස්. අරමුණු පුවරුව ඇසුරු කොට සිටි උන්වන්සේ දැක වැඳ ‘ස්වාමීනි සුදුසු කාලය’යි සැළකළේය. පිරිනිවන් පෑ සිරුරක් කුමක් කියන්නේද? හෙතෙම නිදන්නේයයි හඟිමින් ගොස් පිටිපතුල අතින් පිරිමැඳ පාවල සිසිල් බවින්ද තද බවින්ද පිරිනිවන් පෑ බව දැන දෙවැන්නා වෙතට ගියේය. මෙසේ තැන්වැන්නා වෙතදැයි සියල්ලන් පිරිනිවන් පෑබව දැන රජගෙට ගියේ, ‘දරුව පසේබුදුවරු කොහිදැ’යි විමසන ලදුයේ ‘දේවිය, පිරිනිවන් පෑවාහ’යි කීවේය. දේවිය හඬන්නී වැලපෙන්නී නික්ම නුවරුන් සමඟ එහි ගොස් ආගමික උත්සව පවත්වා පසේබුදුවරුන්ගේ ශරීරකෘත්‍යය (ආදාහනය) කොට ධාතුන් ගෙන ‍චත්‍යයක් පිහිටෙව්වාය. රජතෙමේ ප්‍රත්‍යන්තය සෙමෙහි පිහිටුවා පැමිනියේ පෙරගමන් පැමිණි දේවියගේන, ‘සොඳුර, කිම පසේබුදුරුන් කෙරෙහි පමා නොවූහුද? ආර්‍ය්‍යවරු සුවයෙන්දැ’යි ඇසීය. ‘දේවයිනි, පිරිනවන් පෑහ’යි කීවාය. මෙබඳුවූ පඬිවරුනට මරණය එළඹෙයි. අපට කොයින් නිදහසෙක්දැයි රජතෙමේ සිතීය. හෙතෙම නගරයට ගොස් උයනටම පිවිස දෙටුපුතු කැඳවා ඔහුට රාජ්‍යය පවරා තෙමේ ශ්‍රමණප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවිය. දේවියද, ‘මොහු පැවිදිවූ කල්හි මම කුමක් කරන්නෙම්දැ’යි ඒ උයනෙහිම පැවිදි වූවාය. දෙදෙනාම ධ්‍යාන වඩා ඉන් සැව බඹලොව උපන්හ. ඔවුන් එහි වසන කල්හි අපගේ ශාස්තෘන්වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් දම්සක් ඇත්තෝ, පිළිවෙළින් රජගහනුවරට පැමිණිසේක. ශාස්තෘන් වහන්සේ එහි වසන කල්හි මේ පිප්ඵලී මාණවකයාගේ විසිවැනිවියද භද්දාවගේ සොළොස්වෙනි වියද පැමිණි‍කල්හි මවුපියෝ පුතු බලා ‘දරුව එබ වයසට පැමිණියෙහිය. කුලවශය නම් පිහිටුවිය යුතුය’යි බෙහෙවින්ම බලකළාහුය. ‘මගේ කනට මෙබඳු කථාවක් නොකියවු. මම නුඹලා යම්තාක් ජීවත්වන්හුද ඒතාක් පිළිදැඟුම් කරන්නෙමි. නුඹලාගෙන් පසුව නික්ම පැවිදි වන්නෙමි’යි මාණවක තෙමේ පැවසීය. ඔවුහු කිහිප දිනක් ගෙවා යලි කීවාහුය. හෙතෙම එසේම පිළකෙව් කළේය. යළිත් කීවාහුය. යළිදු පිළිකෙව් කළේය. එතැන්පටන් මව නිරතුරුවම කියන්නීය. මාණවක තෙමේ, ‘මගේ මවට හඟවන්නෙමි’යි රත්රන් නිෂ්ක දහසක්දී රන්කරුවෙකු ලවා එක් ස්ත්‍රීරූපයක් කරවා එහි මැදීම් ගැටීම් ආදී කටයුතු අවසානයෙහි එයට රත්වතක් හඳහා පැහැයෙනුත් මල්වලින් මෙන්ම නොයෙක් අලංකාරයන්ගෙන් සරසවා මව කැඳවා ‘මෑණියනි, මෙබඳුවූ අරමුණක් ලබන්නේ ගෙහි සිටිමි. නොලබන්නේ නොසිටිමි’යි කීවේය. පණ්ඩිතවූ බැමිණිය (මෙසේ) සිතුවාය: ‘මගේ පුතා පිණත්තෙකි, දෙනලද දන් ඇත්තෙකි, කරනලද පැතුම් ඇත්තෙකි. පින් කරන්නේ තනිවම නොකළේය. ඒකානත්යෙන්ම මොහු සමඟ කරනලද පින්ඇති රන්රුවට සමානවූ තැනැත්තියක් වන්නීය’යි සිතා බමුණන් අටදෙනෙකු කැඳවා සියලු කැමැතිදෙයින් සතපවා රන්රුව රියක නංවා ‘දරුවනි, යම් යම් තැනක අපගේ ජාති ගෝත්‍ර භෝගයන්ගෙන් සමානවූ මෙබඳුවූ දැරියක දකින්නහුද මෙම රන්රුවම අපයකොට දෙවුය’යි පිටත් කළාය. ඔවුහු මෙය අපට වැඩක්දැයි නික්ම කොහි යන්නෙමුදැයි සිතා මුදුරට නම් මෙබඳුය. මදුරටට යමුයි මදුරටෙහි සාගල නුවරට ගියාහුය. එහි එම රන්රුව නහන තොටහි තබා එකත්පසෙක හුන්නාහුය. ඉක්බිති භද්‍රාවගේ කිරිමව භද්‍රාව නහවා සරසා සිරියහන් ගැබ හිඳුවා නෑමට ආපසු එන්නී ඒ රුව දැක ‘මගේ ස්වාමි දියණිය මෙහි ආවාය’යි හැඟීමෙන් ‘නොහික්මුණු තැනැත්තිය, නුඹ මෙහි කුමට පැමිණියාදැ’යි තර්ජනය කොට අතුල්පහරක් ගසා ඉක්මණට යව’යි කොපුල පැත්තට පහර දුන්නීය. අත ගලක හැපුනාක්මෙන් පුපුරුගැසීය. ඕ ඉවත්වෙමින්ම, ‘මහගෙලක් දැක ස්වාමිදියනියයි හැඟීමක් උපදවා ගතිමි. මෙසේ හැඩිවූවක් මගේ ස්වාමිදියණියගේ ඇඳුම් පිළිගන්නියටද නොහොබී’යි කීවාය. ඉක්බිති ඒ මිනිස්සු ඇය පිරිවරා ඔබගේ ස්වාමිදියණිය මෙබඳුදැයි ඇසූහ. ‘මෝ කවරෙක්? මැයට සියගුණයකින් දහස් ගුණයකින් මගේ ස්වාමිදියනිය රුවින් වැඩිය. දොළොස් රියන් ගැබක හුන්විට පහන් කිසක් නැත. ශරීරාලෝකයෙන්ම අදුර ඵවයි’යයි කීවාය. ‘එසේ නම් එව’යි පුදපඬුරැ ගෙන රන්රුව රියෙහි නංවා කොසියගෝත්‍ර බමු‍ණාගේ ගෙදොර සිට පැමිණීම සැළකළාහුය. බමුණා පිළිසඳර කොට කොහි සිට ආවාහුදැයි විමසීය. මගධ රට මහාතිත්‍ථගමෙහි කපිල බමුණාගේ ගෙහි සිටය’යි කීහ. ‘කුමක් නිසා පැමිණියහුද?’ මෙනම් කරුණෙනියි කීහ. ‘යහපත්ය දරුවනි, අපගේ බමුණා සමානජාතිගෝත්‍රධනය ඇතතෙකි. දැරිය දෙ‍න්නෙමැයි පඬුරු පිළිගත්තේය. ඔවුහු කපිල බමුණාට ‘දැරියක් බලන ලද්දීය. කළ යුත්තක් කරහු’යයි හසුනක් යැවූහ. මානවක තෙමේ ‘ඔවුහු නොලබන්නෝයි මම සිතුවෙමි. මොවුහු ලබන ලද්දීය’යි කියත්, බලාපො‍රෝත්තු රහිතවූවෙක්වී, ‘හසුනක් යවන්නෙමැ’යි රහසිගතව ‘භද්‍රාවනි, තමාට ජාගෝත්‍රධනයට අනුකූලවූ ගෙහිවිසීමක් ලබාවා! මම (ගිහිගෙන්) නික්ම පැවිදි වන්නෙමි. පසුව විපිළිසර නොවව’යි හසුනක් ලිවීය. භද්‍රවෝද අසුවල් නමැත්තාට මා දෙනු කැමැත්තේයයි අසා රහසිගතවූවා, ‘ආර්‍ය්‍යපුත්‍රයනි , තමන්ට ජාතිගෝත්‍රධනයට අනුරූපවූ ගෙහි විසීමක් ලබාවා! මම නික්ම පැවිදි වන්නෙමි. පසුව විපිළිසර නොවන්නැයි හසුනක් ලීවාය. හසුන්දෙකම අතර මගදී එක්විය. ‘මේ කවරකුගේ හසුනක්’ද? පිප්ඵලීමානවකයා, විසින් භද්‍රාවට යවන ලද්දකි.’ මෙය කවරකුගේ ලිපියක්ද? භද්‍රාව විසින් පිප්ඵලීමානවකයාට යවන ලද්දකි’යි කීකල්හි හසුන් දෙකම කියවා, දරුවන්ගේ වැඩක් බලව’යි ඉරා වනයෙහි විසිකොට සමාන හසුනක් ලියා එයින්ද මෙයින්ද ඔවුනට යැවූහ. මෙසේ නොකැමැති වන්නාවූ ඔවුන්ගේ එක්වීම විය. එදවසෙහිදීම මානවක තෙමේ එක් මල්දමක් ගෙන තැබීය. භද්‍රාද එසේම තැබුවාය. ඒවා වමින් මැද තබා බුදිනලද රාත්‍රි ආහාර ඇත්තෝ යහනට නැගෙමුයයි අවුත් මානවකයා දකුණු පසින් යහනට නැංගේය. භද්‍රා වම්පසින් යහනට නැඟී, ‘යමකුගේ පැත්තෙන් මල් මැලවෙයිද ඔහුට රාගසිතක් උපනැයි දැනගන්නෙමු’යි මේ මල්දම නොඇලිය යුතු’යි කීවාය. ඔවුහු ඔවුනොවුන්ගේ සිරුර පැහැසීමේ බියෙන් තුනයම් රැය නින්දට නොඑළෙඹන්නෝම කල් ගෙවත් දහවල්හි වනාහි සිනාපමණකුදු නොවීය. ඔවුහු ලෝකාමිෂයෙන් නොඇලී මවුපියන් ජීවත්වන තෙක් පවුල් කටයුතු නොවිමසා ඔවුන් කළුරිය කළ කල්හි විමසා බැලූහ. පිප්ඵලීමානවකායගේ සම්පත්තිය අසූසත් කෙළක් ධනයකි. එක් දිනක සිරුරෙහි ගල්වා ඉවතදැමිය යුතු රන් සුණුම මගධ නැලියෙන් දොළොස් නැලියක් ලැබීමට වටී. යන්ත්‍රවලින් ක්‍රියාත්මකවන සැටක් පමණ ජලතටාකයෝයි. දොළොස් යොදුනකවූ කර්‍මාන්තයෝයි. අනුරාධපුරය පමණවූ තුදුස් ගමකි. තුදුස් ඇත් හමුදාවකි. තුදුස් අස්හමුදාවකි. තුදුස් රථ හමුදාවකි. හෙතෙම එක් දිනක් සරසන ලද රියට නැඟ මහජනයා විසින් පිරිවරන ලද්දේ කර්‍මාන්ත භූමියට ගොස් කෙත් කෙළවරෙහි සිටියේ නඟුලෙන් බිදුණු තැන්වලින් ගැඩවිල් ආදී පණුවන් උඩට ගෙන කන කවුඩු ආදී ලිහිණින් ‘දැක් දරුවනි, මොවුන් කුමක් කත්දැ’යි විමසීය. ‘ස්වාමීනි, ගැඩවිලුන්යයි කීහ. ‘මොවුන් විසින් කරනලද පාපය කවරකුට වන්නේද? ‘ස්වාමීනි, නුඹ වහන්සේටය.’ ‘ඉදින් මොවුන් විසින් කරනලද පාපය මට වේනම් අසූසත් කෙළත් ධනය කුමක් කරයිද? දොළොස් යොදුනක්වූ කර්‍මාන්තය කුමක් කරයිද? යන්ත්‍ර බඳනාලද සැටක්වූ තටාක කුමක් කරයිද? තුදුස්ගම් කුමක් කරයිද? මේ සියල්ල භද්‍ර කාපිලානියට පවරා නික්ම පැවිදිවෙමි’යි හෙතෙම සිතුවේය. භද්‍රා කාපිලානියට පවරා නික්ම පැවිදිවෙමි’යි හෙතෙම සිතුවේය. භද්‍ර කාපිලානියද එකෙණෙහිම ඇතුල් බිමෙහි තලකළ තුන්ක්විසුරුවා කිරිමව්වරුන් විසින් පිරිවරණ ලද්දී හුන්නා කවුඩන් විසින් කනුලබන ගලපණුවන් දැක, ‘මව්වරුනි මොවුන් කුමක් කතිදැ’යි විමසුවාය. ‘ආර්‍ය්‍යාවනි, පණුවන්ය’යි කීහ. ‘අකුසලය කාට වේද?’ ‘ආර්‍ය්‍යාවනි, නුඹටය’ ‘මට සිවුරියන් වස්ත්‍රයක්ද නැළියක් පමණ බත්ද ලැබීමට වටී. ඉදින් වනාහි මෙපමණ දෙනා විසින් කරනලද මේ අකුසලය මට වේනම් දහසක් භවයන්ගෙනුද සසරින් හිස ඔසවන්නට නොහැක්කේවෙමි. ස්වාමිපුත්‍රයන් ආ කෙණෙහිම සියල්ල ඔහුට පවරා නික්ම පැවිදි වන්නෙමි’යි ඕ සිතුවාය. මානවකයා පැමිණ නා පහයට නැඟ මාහැඟි පළඟක හුන්නේය. ඉක්බිති ඔහුට සක්විති රජකුට සුදුසු බොජුන් පිළියෙළ කළාහුය. දෙදෙනාම වළඳා පිරිවර ජනයා නික්මගිය කල්හි හුදෙකළාව පහසුතැනක හුන්නාහුය. ඉක්බිති මානවක තෙමේ ‘භද්‍රාවනි, මේ ගෙට එන්නී කොපමණ ධනය ගෙනාවවේදැයි භද්‍රාව විමසුවේය. ‘ස්වාමීනි, ගැල් පණස්පන්දහසකි.’ මේ සියල්ලද මේ ගෙහි අසූසත් කෙළක් වූ යන්ත්‍ර බඳනා ලද තටාක සැටක් ආදී භේද ඇති යම් සම්පත්තියක් වේද එයද යන සියල්ල ඔබටම පැවරුවෙමි’යි කීවේය. ‘ආර්‍ය්‍යයෙනි, නුඹවහන්සේ කොහි යන්නහුද?’ ‘මම පැවිදිවන්නෙමි’ ‘මමද නුඹවහන්සේගේ පැමිණීම බලමින් හුන්නෙමි. මමද පැවිදිවන්නෙමි’ කීවාය. ඔවුනට ගිනිගත් අතුපැලක් මෙන් භවත්‍රය එළඹ සිටියේය. ඔවුහු සල්පිලෙන් කසාවත්ද මැටිපාත්‍රයන්ද ගෙන්වා ගෙන ඔවුනොවුන් කෙස් බහවා, ‘ලෝකයෙහි රහතුන්වහන්සේලා යමෙක් වෙත්ද? අපගේ පැවිද්ද ඔවුන් උදෙසා’යි කියා පසුබියෙහි පාත්‍රය හෙලා අංශයෙහි එල්වා පහයෙන් බැස්සාහුය. ගෙහි දාසයන් අතුරෙහි හෝ කම්කරුවන් අතුරෙහි හෝ කිසිවෙක් නොදත්තාහුය. ඉක්බිති ඔවුන් බමුණු ගමින් නික්ම දස්කම් කරුවන්ගේ ගම් දොරටුවෙන් යද්දී හැසිරීම් සලකුණුවලින් තුදුස්ගම් වැසියෝ දැන ගත්හ. ඔවුහු හඬමින් පාදයන්හි හෙව, ‘ආර්‍ය්‍යවරු අප අනාථයන් කරහුදැ’යි කීවාහුය. ‘පින්වත්නි, අපි භවත්‍රය ගිනිගත් අතුපැලක් මෙනැයි පැවිදිවන්නෙමු. ඉදින් නුඹලා අතුරෙහි එකෙකා නිදහස් කරමුද (ඒ සඳහා) අවුරුදු සියයක්ද නොපොහෝනේයි. තොපිම තොපගේ හිස් සෝදා නිදහස්වී ජීවත් වහුයයි කියා ඔවුන් හඬත්දීම ගියාහුය. තෙරුන් වහන්සේ ඉදිරියෙන් යන්නේ මෙසේ සිතීය: සියලු දඹදිව අගය ඇති ස්ත්‍රියකවූ භද්දාකාපිලානී මගේ පසුපසින් එයි. (මෙසේ ඇති කල්හි) ‘යමෙක් මොවුහු පැවිදීවීත් වෙන්ව යාමට නොහැක්කෝය. නුසුදුස්සක්ම කරති’යි මෙසේ සිතන්නේ නම් එය සිදුවිය හැක්කකි. මෙසේ කිසිවෙක් හෝ සිත කිළිටිකොටගෙන අපාය පුරවන්නෙක් වන්නේය. (එබැවින්) මැය හැරදමා මා මා (තනිව) යායුතුයි සිතක් පහළ කළේය. හෙතෙම ඉදිරියෙන් යන්නේ දෙකට බෙදිගිය මාවතක් දැක ඒ මත්තෙහි සිටියේය. භද්දාවද අවුත් වැඳ සිටියාය. ඉක්බිති ඇයට, ‘බද්දාවනි, ඔබව වැනි ස්ති්‍රයක මා පසුපසින් එනු දැක මොවුහු පැවිදිවීමත් වෙන්වීමට නොහැක්කෝයයි සිතා අපකෙරෙහි දූෂ්‍ය සිත් අැති මහජනයා අපාය පුරවන්නෝ වෙත්. මේ දෙමගෙහි ඔබ එකක් ගනුව මම එක් මඟකින් යන්නෙමි’යි කීවේය. ‘එසේය ස්වාමීනි, පැවිද්දන්ට මාගම නම් කිළුටකි. පැවිදිවීත් වෙන් නොවෙතියි අපගේ දොස් දක්වත්, නුඹවහන්සේ එක් මඟක් ගනුමැනව. වෙන් වන්නෙමු’යි තෙවරක් පැදකුණු කොට සිවුතන්හි පසඟ පිහිටුවා වැඳ නියදසය එක් කිරීමෙන් බබලන ඇඳිළිබැඳ කල්ප ලක්‍ෂයක් ප්‍රමාණවූ කාලය මුළුල්ලෙහි කරනලද මිත්‍රසන්‍ථවය අද බි‍ඳේයයි පවසා නුඹවහන්සේලා දක්‍ෂණජාතිකයෝ නම් වෙති. නුඹවහන්සේට දකුණුමග සුදුසුවෙයි. අපි මාගම්හු නම් වාමජාතිකයෝයි. අපට වම් මඟ සුදුසුයයි වැඳ මඟට පිළිපන්නාහ. ඔවුන් වෙන්වූ කල්හි මේ මහපොළොව, ‘සක්වළගල හා මේරුපව්ව දැරීමට හැකි වන්නේවුවද නුඹවහන්සේගේ ගුණයන් දැරීමට නොහැකි වෙමි’යි කියන්නාක් මෙන් හඬ නඟමින් කම්පා විය. අහසෙහි අකුණු හඬ මෙන් පැවතිණ. සක්වළ පව්ව උඩට නැමී ගියේය. සම්මා සම්බුදුන්වහන්සේ වේළුවන මහවෙහෙරෙහි ගඳ කිළියෙහි වැඩහුන් සේක් පොළොව කම්පා වන ශබ්දය අසා කවරකුට නම් පොළොව කම්පා වේදැයි සිහිකරන සේක් පිප්ඵලී මානවකයාද භද්දාකාපිලානිද මා උදෙසා අපමණ සැපත් හැරපියා පැවිදිවූවාහුය. ඔවුන් වෙන්වන තන්හි දෙදෙනාගේම ගුණබලයෙන් මේ පොළොව කම්පාව හටගත්තේය.
මාවිසිනුදු මොවුනට සංග්‍රහ කළ යුතුයයි ගඳකිළියෙන් නික්ම තමන් වහන්සේම පාසුවුරු ගෙන අසූමහ සව්වන් අතුරෙන් කිසිවෙකුටද නොඅමනා තුන්ගව් මග පෙරගමන් කොට රජගහ නුවරටද නාලන්දාවටද අතුරෙහි බහුපුත්තක නම්වූ නුගරුක්මුල්හි පළක් බැඳ වැඩහුන් සේක. වැඩහුනේ වනාහි එක්තරා පාංශුකූලිකයෙකු මෙන් නොහිඳ බුදුවෙස් ගෙන අසූරියන් ඝන බුදුරැස් විහිඳුවමින් වැඩහුන්සේක. මෙසේ එකෙණෙහි පර්‍ණජත්‍ර ශකටචක්‍ර කූටාගාරාදිප්‍රමාණවූ බුද්ධරස්මීහු ඔබමොබ සැළෙමින් දුරට විහිදෙමින් සඳදහසක්, හිරුදහසක් නැගෙනකල්හි මෙන් කරමින් ඒ වනකෙළවර එකළු කළහ. බබළන තරුගණයා ඇති අහස මෙන්ද පිපුණු නෙලුම් මහනෙල් ඇති දිය මෙන්ද දෙතිස් මහාපුරුෂලක්ෂණ ශ්‍රියෙන් වන කෙළවර දිලුනේය. නුගරුකේ කඳනම් සුදුවෙයි. කොල නිල්ය. ගෙඩි රතුය, එදවසෙහි වනාහි සියක් අතු ඇති නුගස රන්වන් වූයේම වෙයි. මහා කාශ්‍යප තෙරුන්වහන්සේ ‘මෙතෙම මගේ ශාස්තෘවරයා වන්නේය. මෙතුමා උදෙසා මම පැවිදි වූයේ වෙමි’යි දුටුතැන් පටන් නැමී නැමී ගොස් තුන් තන්හි වැඳ, ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෘවරයාය. මම ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෘවරයාය. මම ශ්‍රාවකයා වෙමි’යි කීය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඔහුට ‘කාශ්‍යපය, මේ ගරුකිරීම පොළවට කරන්නෙහි නම් එයද දැරීමට නොහැකි වන්නේය. තථාගතයන්වහන්සේගේ මෙබඳු ගුණමහත්වය දන්නාවූ ඔබවිසින් කරලද ගරුකිරීම මගේ ලොමකුදු සැලීමට නොහැකි වෙයි. කාශ්‍යපය, හිඳගන්න, ඔබට උරුමය දෙන්නෙමි’යි පැවසූසේක. ඉක්බිති බුදුන්වහන්සේ ඔහුට අවවාද තුනින් උපසම්පදාව දුන්සේක. දී බහුපුත්තක නුගරුක් මුලින් නික්ම තෙරුන් පිටුපසින් එන ශ්‍රමණයා කොට මගට පිළිපන්සේක. ශාස්තෘන්වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂලක්‍ෂයෙන් විචතුය. මහකසුප් තෙරුන්ගේ (සිරුර) සත් මහා පුරුෂලක්‍ෂණයෙන් යුක්තය. හෙතෙම රන්මුවා මහ නැවක පස්සෙන් බඳනා ලද්දක් මෙන් ශාස්තෘන්වහන්සේගේ පියෙන් පිය ළුහු බැන්දේය. ශාස්තෘන්වහන්සේ මඳක් මඟ ගොස් මගින් බැස එක්තරා ගසක් මුල හිඳීමට කැමති බවක් දැක්වූසේක. තෙරුන්වහන්සේ, ‘ශාස්තෘන්වහන්සේ හිදිනු කැමැතිසේකැ’යි දැන තමා විසින් පොරවන ලද පටසළුවෙන් තැනූ දෙපට සිවුර සතරට නමා (අසුන) පැනවූහ. ශාස්තෘන්වහන්සේ එහි හිඳ අතින් සිවුර පිරිමදිමින් කාශ්‍යපය, ඔබගේ මේ පට පිළියෙන් කළ සඟළසිවුර මෙලෙක්ය’යි කීසේක. තෙරුන්වහන්සේ, ශාස්තෘන්වහන්සේ මගේ සඟළසිවුරේ මෙළෙක් බව කියන සේක පොරවනු කැමැති වනසේකැ’යි දැන, ස්වාමීනි, භාගයවතුන් වහන්සේ සඟළ සිවුර පොරවන සේක්වායි පැවසූහ. ‘කාශ්‍යපට, නුඹ කුමක් පොරවන්නෙහිද? කිමෙක්ද කාශ්‍යපය, ඔබ මේ පරිභෝගයෙන් දිරුණු පාංශුකූලය දැරීමට හැකි වන්නෙහිද? මාවිසින් මේ පාංශුකූලය ගන්නාලද දිනයෙහි දිය හිමිකොට මාහොළොව කම්පාවිය. බුදුවරුන්ගේ පරිභෝගයෙන් දිරුණු මේ සිවුර නම් අල්පගුණ ඇත්තෙකු විසින් දැරීමට නොහැක්කේය. ප්‍රතිබලසම්පන්න ප්‍රතිපත්ති ඇත්තෙකු විසින් දැරීමට නොහැක්කේය. ප්‍රතිබලසම්පන්න ප්‍රතිපත්ති පිරීමෙහි සමත්වන්නාවූ ජාතිපංශුකූලිකයෙකු විසින් දැරීමට වටීය’යි වදාරා තෙරුන් සමඟ සිවුර මාරුකරගත්සේක. මෙසේ වනාහි සිවුරු මාරුව කොටම තෙරුන්විසින් පොරවන ලද සිවුර භාගයවතුන්වහන්සේ පෙරවූසේක. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ සිවුර පෙරවූහ. එකල්හි අචෙතනිකවුද මේ පොළොව, ‘ස්වාමීනි, දුෂ්කර ක්‍රියාවක් කළසේක. තමන් පෙරවූ සිවුර ශ්‍රාවකයාට දුන් විරූවක් නම් නැත. මම නුඹවහන්සේගේ ගුණය දැරීමට නොහැකි වෙමියි කියන්නාක් මෙන් දිය කෙළවරකොට කම්පා විය. තෙරුන්වහන්සේද, මාවිසින් බුදුන්වහන්සේගේ පරිභෝග චීවරය ලබනලදී. කිම මාවිසින් දැන් කළයුතු මින් වැඩි දෙයක් ඇද්දැයි උඩඟුබවක් නොකොට බුදුන් සමීපයෙහිම තෙළෙස් ධුත ගුණයන් සමාදන්වී සත්දිනක් පමණක් පුහුදුන්ව අටවැනි දින උදෑසන සිවුපිලිසිඹියා සමඟ රහත්බවට පැමිණියහි. ශාස්තාන්වහන්සේද ‘කස්සපො භික්‍ඛවෙ චන්‍දූපමො කුලානි උපසංකමති අපකස්සෙව කායං අපකස්ස චිත්තං නිච්චං නවො කුලෙසු අප්පගබේභා’ යන මේ ආදී සූත්‍රයන්ගෙන් තෙරුන් පසසා පසු කල්හි මේ කාශ්‍යප සංයුත්තරය අත්‍ථ‍ර්‍‍ාත්පත්ති කොට මගේ සසුනෙහි ධුතවාදී භික්‍ෂූන් අතුරෙන් මහාකාශ්‍යප තෙමේ අග්‍රයයි තෙරුන්වහන්සේ තනතුරෙහි තැබූසේක.

from Path to Nirvana https://ift.tt/2NsbPRk
වෙස් වලාගත් කොටි

කඳුකරයේ ගෝත්‍රික මිනිස්සු ටික දෙනෙක් හැරෙන්නට කිසිවෙක් නගරබදට ගොස් නැත. ඔවුහු භික්ෂූන් වහන්සේලා දැක නැත. මෙම කඳුකරයේ ගමෙන් හැතැක්ම 1-2 දුරින් පිහිටි වනාන්තරයේ ආචාර්ය මන් සහ භික්ෂු පිරිස වාසය කරති. ගස් යට කුඩා මැසිවල ලැගුම් ගනිති. අළුයම පිඬු පිණිස ගමට ගිය විට “ඇයි ආවේ?” යැයි අසති. දානය පිණිස පැමිණි බව ආචාර්ය මන් සැළකළහ. ඔවුන් පුදුමයෙන් බලා සිටියහ. එවිට පින්ඩපාතය යනු කුමක්දැයි ආචාර්ය මන් කියා දුන්හ. “ඔබට ඕනෑ උයපු ආහාරද? වියලි ආහාරදැයි ඇසූහ.” “උයාපු ආහාර” යැයි කී විට ඉතා ස්වල්ප ප්‍රමාණයක් පාත්‍රවලට දැමූහ. එම භික්ෂූන් දෙනම කුටියට පැමිණ එම බත් වැළඳූහ. ව්‍යංජන කිසිවක් නැත.

මුල සිටම ගෝත්‍රික මිනිස්සු ශ්‍රද්ධා බුද්ධියක් නැති බැවින් දාන මානාදිය නොදනිති. භික්ෂූන් පිළිබද සැක පහළ කරති. එදින සවස ගම්මුලාදෑනියා බම්බු ටකය නාද කර මුළු ගම එක් රැස් කළහ. ආචාර්ය මන් සහ අනිත් භික්ෂුව ගැන කථා කරමින් “යම් කිසි කොටි වර්ගයක් වෙස් වලාගෙන ඇවිත් කැලෑවේ සිටිති. කුමන ගෝත්‍රය දැයි නොදනිති. එහෙත් විශ්වාස කල නොහැකියැ’යි කීහ.”
“එම කැලයට දර පිණිස හෝ හැහැණු සහ ළමයි නො යා යුතුයි.
එම කොටි දැඩි ප්‍රහාරයක් එල්ල කල හැකිය.”
යනාදී වශයෙනි

මෙම කථාව කරන වේලාවේ ආචාර්ය මන් සමාධියට පත් වී සිටියහ. එබැවින් සියල්ල දනිති. ඇසෙති. දකිති. නමුත් ඒ පිළිබද කෝපයට පත් නොවුණි. අසීමිත මෛත්‍රියක්, කරුණාවක්, අනුකම්පාවක් මේ මිනිසුන් කෙරේ හට ගති. උන්වහන්සේ දුක් වූයේ මේ පිරිස මෙවැනි බොරු භයක්, සැකයක් නිසා බොහෝ අකුසල් රැස්කර සසර දුක් විදීම ගැනය. මැරී ගොස් කොටි යෝනියේ උපදී. පසුදා උදෑසන තම ශිෂ්‍යයාට මේ සියල්ල දැන්වූහ.

“ඊයේ හවස ගම්මුලාදෑනියා මුළු ගමම කැඳවා අපි කොටි වර්ගයක්, භික්ෂූන් මෙන් වෙස්වලාගෙන සිටිති. ඒ අය අපගේ අඩවිය අයත් කර ගනිති. අප විනාශ කරති. ” ආදී වශයෙන් කීවා. අප මේ ගම හැර ගියොත් මේ මිනිස්සු ඇත්තෙන්ම භයානක පවු සිදුකර ගනිති. ශ්‍රද්ධාව නැති බැවින් අප කෙරෙහි පව්කාර අදහස් ඇතිකරගෙන අකුසල කර්ම සිදු කරති. මේ අයට අනුකම්පාවෙන් අපි මෙහේම රැඳී සිටිමු. මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. මේ අයගේ වැරදි දෘෂ්ටිය බිඳෙනතුරු මෙහි සිටිය යුතුයි.

ගම්මු උන්වහන්සේලා සැක කලා පමණක් නොව දෙතුන් දෙනා කණ්ඩායම් වශයෙන් නොයෙක් අවි ආයුධ රැගෙන මුර කරති. සමහරවිට උන්වහන්සේලා සක්මන් කරනවා ඈතින් බලා සිටිති. ආචාර්ය මන් සමීපයට සමහර විට පැමිණෙති. සක්මන් කොන් ළඟ හෝ මැද්දේ බලා සිටිති. විනාදි 10-15 සක්මන් මැද සිට වටපිට බලමින් පරීක්ෂා කරති. මෙම මුර කිරීම, දැඩි පරීක්ෂාව දිනපතා සති ගණනක් කරති.

මෙම භික්ෂූන් වහන්සේලාගේ සැපදුක් ගැන ගම්මු කිසි හැඟීමක් නැත. කෑම බීම ලැබෙනවාදැයි කිසි සැළකිල්ලක් නැත. ජීවත් වෙන්නේ කෙසේදැයි නොසිතති. මෙසේ ජීවත්වීම ඉතාම දුෂ්කර විය. තම්බපු බත් පමණක් ලැබේ. ඒ වුවද සමහර විට නොලැබේ. ලැබුනු ප්‍රමාණය නොසෑහේ. වැඩිපුර ජලය බී සැනසේ.

ගල්ගුහා හෝ ගිරි හෙල් ආදී කිසි ආවරනයක් නැති බැවින් ගස් යට රෑ දවල් ගත කිරීමට සිදුවිය. වැසි කාලය ඉතා දුෂ්කරය. මුළු දවස ධාරානිපාත වැසි කඩා හැලේ. වැස්ස නැවතී ටිකක් වියලී ගිය විට වහලයකට සුදුසු තණකොළ වියලි කොළ සොයමින් ගොස් යාන්තම් නොතෙමී සිටින්නට පියස්සක් තනා ගත්හ. අවම වශයෙන් දවස ගතකිරීමට පමණක් එය සෑහේ. තද වර්ශාව මැඩපැවැත්වීමට රෙදි වලින් මැසූ වට ආවරණයක් ඇත. එහි තුල එක්කෙනෙකුට පමණක් හිඳිය හැක. එය කූඩාරමක් වැනි කූඩයට සවිකර තිබේ. මෙයින් යම්කිසි ආවරනයක් ලැබේ. නිතරම කඳු මුදුන් වලින් එන සුළඟ චන්ඩ මාරුතයකි. කූඩාරම කැඩී ඉගිලී යයි. සිවුරු පිරිකර තෙත බරිත වේ. දවල් කාලයේ නම් යම් පිළියමක් සෙවිය හැකිය. එහෙත් රාත්‍රී කාලය නම් කිය නොහැකි තරම් විනාශයකි. පුදුම අසහනයකි.

ශීත සැඩ සුළං ගස් අතු ඉති ගෙන යති. භයංකර ශබ්දය සිත කම්පා කරයි. කොයි මොහොතේ මරණයට පත්වේදැයි නොදනී. වැස්ස, සුළඟ, ශීතල, රාත්‍රිය, ඝන අඳුර ඇත. කැඩී බිදී යන සුන්බුක් කැබලි ඒ මේ අත හමායයි. කුසගින්න, පිපාසයද බලවත්ය. උෂ්න කාලයද එතරම් දුෂ්කරය. මේ සියල්ල ඉවසුවේ ගමේ මිනිස්සුන්ගේ සැක බිය දුරු කිරීමටය. බොන වතුර කේතලය පුරවා ගැනීම බොහෝ ඈත කඳු පාමුලට යා යුතුය. මේ සියලු දුක් මධ්‍යයේ ගමේ මිනිස්සු කිසි සැලකිල්ලක් නොදක්වති.

ආචාර්ය මන්ගේ භාවනා බලය හා අවබෝධය නිසා කිසිම සැලීමක් හෝ කළකිරීමක් නැත. වන මෘගයන්ගේ කෑ ගැසීම උන්වහන්සේට සතුට එලවයි. කුල්මත් කරයි. රෑ කාලයේ ගස් යට භාවනා කරන විට ළඟ පාත කොටි ගොරවන ශබ්දය ඇසේ. මේ විශාල සත්තු පුදුමයකට මෙන් ආචාර්ය මන් සමීපයට නොපැමිනෙත්. කලාතුරකින් කොටියෙක් අවුත් කූඩාරම තුළට හොම්බ දමා ඉව කර ගොදුරු සොයති. උන්වහන්සේ යන්තම් සෙලවුනු විගස ඌ කඩාපැන දුවයි. නැවත පැමිණෙන්නේ නැත.

සෑමදාම මිනිස්සු තුන් දෙනෙක් අවුත් විපරම් කරති. උන්වහන්සේ දෙස බලා පහත් හඩින් යම් යම් දේ කියති. ආචාර්ය මන් කිසි වගක් නැත. ඔවුන්ගේ සිත් දකී. ඒ බව ඔවුන් නොදනිත්. ඔවුන් කථා කරන දේ ඇසේ. දිබ්බ චක්ඛු, දිබ්බ සෝතයෙනි. යමෙක් ඒ අයගේ කථා බහ දනී යන්න නොදන්නා හෙයින් කිසි අවහිරයක් නැතිව කථා කරත්. ඒ අය යම්කිසි වැරැද්දක් සොයති. ආචාර්ය මන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන්ට අසීමිත කරුණාවකිනි. ගමේ වැඩි සංඛ්‍යාවක් ටික දෙනෙකුගේ දූෂිත පාලනයට ලක්වී ඇති බව උන් වහන්සේ දැන ගත්හ. මෙම අඩවියේ ආචාර්ය මන් මාස කීපයක් විසූහ. තවමත් මෙම මිනිස්සු උන්වහන්සේගේ සුළු ප්‍රමාද දෝශයක් හෝ සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් ගත් වැරදි නිගමනය කෙසේ හෝ හරි නිගමනයක් ලෙස ඔප්පු කිරීමටය. එහෙත් උන්වහන්සේ පළවා හැරීමට තැත් නොකළහ. වරින් වර ඔත්තු සෙවීමේ යෙදෙති. මාස ගණනාවක් ඔවුන් වෙහෙසට පත් වුවද එකම වැරැද්දක් නොදකිති.

එක් සන්ද්‍යාවක උන්වහන්සේ සමාධි සුවයෙන් සිටින විට ගම්මු එක් රැස් වී තමන් වහන්සේ ගැන සාකච්ඡා පවත්වන බව දැනුණි. ගම්මුලාදෑනියා අනෙකුත් අයගෙන් තමන්ගේ ඔත්තු පරීක්ෂණවල ප්‍රතිඵල ඇසූහ. මේ භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කිසිම දෝෂයක් සොයා ගැනීමට නොහැකි බව ඔවුන් එක හෙලා දැන්වූහ. ඔවුන්ගේ සැකය නිසා බොහෝ නරක විපාක ඇතැයි කීවාහ.

“ඔබ එසේ කියන්නේ ඇයි”

“ඇයි යන හැමවිටම දකින්නට ලැබෙන්නේ උන්වහන්සේලා ඇස් පියාගෙන ඉඳගෙන ඉන්නවා නොසෙල්වී ගස් ගල් වගේ නැත්නම් ඇවිදිනවා ඉදිරියට-ආපසු උඩ බිම වටපිට බලන්නේ නෑ. මේ අය කොටි වර්ගයක් නම් වටපිට බලමින් කුරුමානම් අල්ලති. එවැන්නක් නැත. මෙතෙක් කල් ඒ අයගේ හැසිරීම් වරදට හසුකල නොහැකිය. එසේ වරදක් වූයේ නම් අපට අසුවෙති. අපි මෙවැනි අපරාධ හොද අයට කිරීමෙන් මහා විපත්තියකට පත්විය හැක. දැන් කරන්නට ඇත්තේ මේ අය සමඟ කථා කර අරමුණ පැහැදිලි කර ගැනීමයි.

හොඳ භික්ෂූන් වහන්සේලා සොයා ගන්න බැහැ. හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලාට අපි ගෞරව දැක්විය යුතුයි. මේ භික්ෂූන් ව්‍යාජ, වංක, ද්‍රෝහී පුද්ගලයන් ලෙස චෝදනා කලයුතු නැත. මෙය විසඳීමට අප ගිහින් ප්‍රශ්න කරමු. ඇයි ඔබ ඇස්පියාගෙන ඉන්නේ? ඇයි ඔබ ඉස්සරහට ඇවිදින්නේ? ආපසු හැරී ඇවිදින්නේ? මොනවද හොයන්නේ?

මේ රැස්වීමේදී ඔවුහු යම් නියෝජිතයෙක් යවා ප්‍රශ්න කිරීමට තීරණය ගති. පසුදා උදෑසන ආචාර්ය මන් අනිත් භික්ෂුව අමතා “ගමේ මිනිස්සුන්ගේ ලොකු පරිවර්තනයක් වී ඇත. ඊයේ රාත්‍රියේ රැස්වීමක් පැවැත්වූවා අපදෙදෙනා පිළිබඳ. අද උදේ යම් නියෝජිතයෙක් එනවා අපගෙන් විමසීමට ඒ අයගේ සැක බිය දුරුකිරීම පිණිස”

ඒ අනුව එදින සවස ගමේ නියෝජිතයා පැමිණියේය. “ඔබ මොනවාද ඇස් පියාගෙන හොයන්නේ? ඒ මේ අත ඇවිදිමින්?”

ආචාර්ය මන් පිළිතුරු දෙමින් “මගේ බුද්ධො නැතිවෙලා මම බුද්ධො සොයමින් රෑ දවල් ඇස් පියාගෙන ඒ මේ අත ඇවිදිමින් සොයනවා”

“බුද්ධො යනු කුමක්ද? එය සොයාගැනීමට අපට හැකිවේද?”

බුද්ධො යනු තුන් ලෝකයේ ඉතාම වටිනා මැණික. ඒ මැණික තුළින් මුළු තුන් ලෝකයම දකිනවා. ඔබට පුළුවන්නම් එය සොයා දෙන්ට බොහොම හොඳයි. එවිට අපි සියලු දෙනාට ඉක්මණින් පහසුවෙන් බුද්ධො සොයාගත හැකියි.

“ඔබේ බුද්ධො නැතිවෙලා බොහෝ කල්ද?”

නෑ එතරම් කාලයක් නෑ ඔබ උදව් කරනවා නම් අපට ඉක්මණින් සොයාගත හැකියි.

බුද්ධො ලොකු දෙයක්ද?

ලොකුත් නැහැ පොඩිත් නැහැ. නියම ප්‍රමාණය අපට සෑහෙන. බුද්ධො සොයාගත් කෙනෙක් උතුම් පුද්ගලයෙක් වෙනවා. ඔහුට ඕනෑම දෙයක් පේනවා.

දේව ලෝකයයි අපායයි දකින්න පුළුවන්ද?

ඇත්තෙන්ම පුළුවනි නැත්නම් උතුම් පුද්ගලයෙක් වෙනවාද?

අපේ මළගිය දරුවන් දකින්නට පුළුවන්ද? අපේ මළගිය බිරිඳ දකින්නට පුළුවන්ද?

ඔබට ඕනෑ දෙයක් දකින්නට පුළුවන් බුද්ධො ලබාගත්තොත්.

එය බොහෝ ආලෝකමත්ද?

ඉරු සියක් දාහකටත් වඩා ආලෝකමත්. ඉරට බැහැ දේවලෝක අපාය ලෝක වලට ආලෝකය දෙන්ට. නමුත් උද්ධොට පුළුවන් හැම තැනම ආලෝකය යවන්ට.

අපේ ගැහැණු අයට හා දරුවන්ට පුළුවන්ද මෙය සොයන්ට?

හැමෝටම පුළුවනි. ගැහැණු මිනිස්සු බාල මහලු සැමට පුළුවනි මෙය සොයන්ට උදව් දෙන්ට.

මේ උතුම් බුද්ධොට පුළුවන්ද අප අවතාර හොල්මන් වලින් ආරක්ෂා කරන්ට?

බුද්ධො ට පුළුවන් දේ අනන්තයි. තුන් ලෝකයටම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ තුන් ලෝකයේ සත්ත්වයෝ බුද්ධො වඳිනවා.පුදනවා. ගෞරව කරනවා. වෙන කිසිම කෙනෙක් බුද්ධො තරම් උසස් නැහැ. හොල්මන් අවතාර නොහෝම භයයි. බුද්ධො ට නැමිලා දිගාවෙලා වඳිනවා. හොල්මන් අවතාර භයයි බුද්ධො ව සොයන අයට පවා. සොයා ගන්ට බැරි වුණත්, සොයන අයට පවා බයයි.

මේ බුද්ධ රත්ණය මොන පාටද?

එය නොයෙක් පාටින් දිස්නෙ ගහනවා. බුද්ධො යනු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශක්තියක්. දිලිසෙන ප්‍රඥා ස්කන්ධයක් එය ද්‍රව්‍යමය දෙයක් නොවේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට පරිත්‍යාග කළ වටිනා මැණිකක් දැන් බොහෝ කාලයක් ගතවුනා නැතිවෙලා ඉතින් අප සොයනවා. කොහේ සිට වුනත් සොයන්නට පුළුවනි. අවශ්‍ය වන්නේ හිඳිමින් හෝ ඇවිඳිමින් සිතන්න. “බුද්ධො, බුද්ධො, බුද්ධො” තම සිතින් සිතන්න. තම ශරීරය දෙස සිතින් බලමින් වෙන මොන දෙයක්වත් සිතන්නේ නැතිව බුද්ධො බුද්ධො බුද්ධො සිතන්න. මේ වචන ගැන පමණක් සිතන්න. ඔබට මෙය කරන්නට පුළුවනි නම් මට ඉස්සෙල්ලා වුවත් සොයන්නට හැකිවේවි.

කෙතරම් කාලයක් හිඳිමින් ඇවිඳිමින් හොයන්නට ඕනෑද?

පටන් ගන්න විට විනාඩි 10-15 පමණ වරකට ඇති. බුද්ධො බොහෝ වේලා සොයන්ට කියන්නේ නැහැ. මුලින් පටන් ගන්න විට ඔබ වෙහෙසට පත් වී සෙවීම අත හරින නිසා. උද්‍යෝගය නැති වුනොත් සෙවීම අතපසු කරනවා. එවිට කවරදාවත් සොයන්නට බැහැ. මේ කාලය ඇති, මුල් අවස්ථාවේදී තව කීවොත් ඔබට තේරුම් ගන්ට බැහැ. එවිට “බුද්ධො” හමුවන්නේ නැහැ.

මේ සියල්ල අසා සිතේ දරාගෙන ගැමියා යන්ට ගියේය. ආචාර්ය මන් කෙරෙහි කිසි ගෞරවයක් දැක්වූයේ නැත. ඒ ගෝත්‍රිකයන්ගේ පුරුද්දයි. දැන් යන්ට හොද කාලය යැයි සිතුන විට නැහිට යයි. අවසර ගැනීමක් නැත. සමුගැනීමක් නැත. ඔහු ගමට ගිය විගස බොහෝ ගැමි ජනයා දුව ඇවිත් විස්තර ඇසූහ. “ආචාර්ය මන් නිශ්චලව සිටිමින් ඇස් පියාගෙන ඉන්නේ, එහේ මෙහේ සක්මන් කරන්නේ බුද්ධො නම් වටිනා මැණික සොයා ගැනීමට. උන්වහන්සේ අපි සිතූ අන්දමට වෙස්වලාගත් කොටියෙක් නොවේ.” ඔහු උන්වහන්සේ කල සියලු විස්තර කියාදුන්හ. ගැමියෝ, මුලාදෑනියාගේ සිට කුඩා දරුවන් පවා “බුද්ධො” සොයන්නට පටන් ගත්හ. එනම් ඇසිපියාගෙන “බුද්ධො, බුද්ධො” යන වචනය භාවනා කිරීමයි.

දින කීපයකට පසු මහත් ආශ්චර්‍යමත් සිද්ධියක් විය. එක් ගැමියෙකුගේ මනසේ ධර්මය අවබෝධ විය. ආචාර්ය මන් කී පරිදි ඔහු රෑ දවල් නිරන්තරයෙන් “බුද්ධො” භාවනා කළහ. එවිට ඔහුගේ සිත සමාධිගත විය. ඔහුගේ සතුට, ප්‍රීතිය, සුඛ ඒකඟතාවය නිම් හිම් නැත. ඉන් ටික දිනකට ප්‍රථම ඔහු සිහිනයක් දුටුවේය. ආචාර්ය මන් ඔහුගේ හිස් මුදුනේ දැල්වෙන විශාල ඉටිපන්දමක් තැබුවේය. එය නිසා තම ගත, සිත ආලෝකමත් විය. අවට පරිසරය ආලෝකමත් විය.

ඔහු ආචාර්ය මන් වෙත ගොස් තමා දුටු අත්භූත සිහිනය ගැන තම සිතේ ඇති ප්‍රීති සුඛ එකඟතාවය පිළිබඳ කීහ. ආචාර්ය මන් ඔහුට ධ්‍යාන කිරීමට තව තවත් උපදෙස් දුනි. ඔහුගේ දියුණුව ඉතා ඉක්මණින් වැඩී ගියේය. ඔහුට පරචිත්ත විජානනය පහළ විය. ඔහු එය තම ගැමි භාෂාවෙන් කියා සිටියහ. තමා ලැබූ තත්වය ගැන පැහැදිළි නැත.

ටික දිනකට පසු ඔහු ආචාර්ය මන් ගේ සිත දුටුවේය. විහිළුවට මෙන් ආචාර්ය මන් “ඔබ එහි අකුසල් දැක්කාද?” යි ඇසීය. “ඔබවහන්සේගේ සිත කිසි අරමුණක් නොගනී. එහි ඇත්තේ දීප්තිමත් ආලෝකයක් පමණි. ඔබ වහන්සේ වැනි කෙනෙක් මෙලොව ඇත්තේ නැත. ඔබ වහන්සේ මෙහි අවුරුද්දක් පමන රැඳී සිටියහ. ඇයි මට මේ ස්වභාවය කලින් නොකීවේ? මම කෙසේ කියම්ද? ඔබ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත. උන් වහන්සේ පිළිතුරු දුණි.

ඔබ වහන්සේ අග්‍රගණ්‍යයේ ආචාර්යවරයෙක් බව මම දැන නොසිටියෙමි. දැන් අප සියලු දෙනාම දන්නවා ඔබ වහන්සේ ඉතාම දක්ෂයෙක් බව. අප ඔබවහන්සේගෙන් ඇසූ විට ඇයි මෙසේ ඇස් පියාගෙන ඉන්නේ? ඇයි මෙසේ සක්මන් කරන්නේ ? ඔබවහන්සේ කීවා වටිනා මැණිකක් නැතිවෙලා එය සොයනවා. ඒ “බුද්ධො” නම් මැණික සොයා ගන්න උදව් කරන්න කියා. එය ඉතාමත් දීප්තිමත් විහිදී අයන ආලෝකයක් කීවා. ඇත්තෙන්ම එය තමයි ඔබවහන්සේගේ සිතේ ඇත්තේ. “බුද්ධො” නැතිවුනා කීවෙ අපව ප්‍රයෝගයෙන් භාවනා කිරීමට යොමු කිරීමට. එවිට අපේ සිතෙත් එම ආලෝකය විහිදුවන්න. ඔබ වහන්සේ මහා වීරයෙක්. නුවණැත්තෙක්. ඔබවහන්සේගේ එකම අරමුණ අපට ධර්මය බෙදා දීම. අපේ සිතේ “බුද්ධො” පහළ කිරීම.

මෙම මිනිසාගේ සිත තුළ ධර්මය පහළවීම පිළිබඳ පුවත ඉක්මණින් මුලු ගම පුරා පැතිරී ගියේය. සියලු දෙනාම “බුද්ධො” භාවනාව කලහ. කුඩා දරු දැරියන් පවා කලහ. ආචාර්ය මන් කෙරෙහි ශ්‍රද්ධාව ඉමහත් විය. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ගෞරව කලහ. කිසිවෙක් වෙස්වලාගත් කොටි ගැන නැවත කථා නොකලහ. මින් පසු එම මිනිසා ආචාර්ය මන්ගේ පාත්‍රය පිණ්ඩාපාතයෙන් පසු දිනපතා එම ආරණ්‍ය සේනාසනයට රැගෙන ගියේය. දානයෙන් පසු ඔහු භාවනා කමටහන් ගත්තේය. යම් දිනෙක ඔහුට වැඩ ඇත්නම් තමන්ට එන්ට බැරිබව කියා පණිවිඩයක් එවයි. එම ගෝත්‍රික මිනිසුන් අතරෙන් සෑහෙන දෙනෙක් භාවනාවට හුරු වුනි. එහෙත් ඒ ප්‍රථම පුද්ගලයා මෙන් සාර්ථක නොවීය.

මිනිසා තෘප්තිමත් වූ විට සියලු දෙයක්ම නිසි ආකාරයෙන් සිදුවේ. විශාල පරිවර්තනයක් වේ. උදාහරණලෙස මුල් කාලයේ මේ මිනිස්සු ආචාර්ය මන් හට කිසි සැළකිල්ලක් නොදැක්වූහ. උන්වහන්සේ කෑවාද? නිදාගත්තාද? හුන්නාද? මළාදැයි වගක් නැත. දැන් ශ්‍රද්ධාව ඇතිවී මුලදී ඉතා දුර්ලභ සියලු දේ දැන් වැඩි වැඩියෙන් ගලා එයි. කිසිවක් නොඅසාම උදව් උපකාර කරත්. ගමේ මිනිස්සු එකතු වී සක්මන් මළුවක් තැනූහ. පැලක් ඉඳිකලහ. ආහාර වැළඳීමට මැස්සක් සෑදූහ. උදව් කිරීමට ආ අය වාද කලහ. අවමන් කළහ. ප්‍රශ්න කලහ. කථා බහ කළහ.

“අර සක්මන් මළුව බලන්න. තණකොළ වල් පැළෑටි වලින් වැසී ඇත. එම කැලෑවේ ඇවිදින්නේ වල් ඌරෙක් විය යුතුයි ඔබ එනමුත් එහිම ඇවිදියි. ඔය මළුව කුමකටදැයි ඇසූ විට නැති වූ “බුද්ධො” සෙවීමට යැයි පවසති. ඔබ ඇස් පියාගෙන ඉන්නේ ඇයිදැයි ඇසූ විට – නැති වූ “බුද්ධො” සොයමියි කියයි. ඔබවහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙකි. එහෙත් ඒ බව නොකියන්නේ ඇයි?. ඔබ අමුතු පුද්ගලයෙක්. ඒ වුනත් ඒ ගතිගුණ අපි අගේ කරනවා. ඔබ වහන්සේ නිදාගන්නේ පුස්කාපු වියළි කොළරොඩු වලින් සෑදූ මැස්සක. ඔබවහන්සේ මෙහි මාස දහයක් පමන මෙසේ දුක් විඳින්නේ ඇයි? මෙය ඌරුකොටුවක් වගේ. මෙය දකින විට අපට ඉතා දුක් ඇතිවී අඬන්න හිතෙනවා. අපි මහා මෝඩ රැලක්. අපි සියලු දෙනාම මෝඩ වුනා. ඔබ වහන්සේ මේ තරම් වටිනා පුද්ගලයෙක් බව අපි දන්නේ නෑ. සමහරු චෝදනා කලා නොයෙක් මත අනුව. සියලු දෙනාම ඒ නිසා පොළඹවා ගත්තා. අපි සැක කලා. අප්‍රිය කලා. නමුත් දැන් අපිට හොදට විශ්වාසයි. අපි ගරු කරනවා. මේ කඳුකර ගෝත්‍රික මිනිස්සු යමෙක් විශ්වාස කරන විට එය උපරිම වශයෙන් සිදුකරයි. හදවතින්ම භක්තිය පුද කරයි. ඒ අයගේ හිතවත්කම් අසීමිතය. තම ජීවිතය පරදුවට තබා පරිත්‍යාග කරත්. තමන් හදවතේ දරාගත් දේ වෙනස් නොකරත්. ටිකින් ටික ආචාර්ය මන් ඔවුන්ගේ භාවනාව දියුණු කිරීමට උපදෙස් දුණි.

උන්වහන්සේ මෙහි වර්ශයකට අධික කාළයක් විසූහ. පෙබරවාරියේ සිට ඊලඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා, ඉන්පසු වෙනත් තැනකට වැඩියහ. ඔවුන් හට තිබූ බලවත් කරුණාව නිසා ඔවුන් හැර යාම දුෂ්කර විය. ඔව්හු උන්වහන්සේගේ යාම පිළිබඳ විරෝධය පළ කළහ. උන්වහන්සේ මරණය තෙක් සිටිනවානම් මුළු ගමම එකතු වී අවමංගල උත්සවය සිදුකරන බව කීහ. ඒ අයට අවබෝධයෙන් ම ප්‍රතිඵල ගැන විශ්වාස ඇත. ඒ නිසා හටගත් ශ්‍රද්ධාව භක්තිය වැරදි ලෙස දුටහ. උන් වහන්සේගේ ගුණ හඳුනාගත් පසු ඇත්තෙන්ම පසුතැවිළි වී සමාව අයැද සිටියහ. උන්වහන්සේ ඔවුන්ට සමාව දුනි. මේ බව පසු කාලයකදී තම ශිෂ්‍යයන්ට උන්වහන්සේ සැළකළහ. ඒ නිසා ඔවුන් ණයගැති නොවේ. තමන් වහන්සේලා දෙනමට දැන් නිකම් යා හැකිය.

නමුත් ඔවුන්ගෙන් වෙන් වී යාම ලෙහෙසි වූයේ නැත. ඔවුන් කන්නලව්, ලතෝනි දෙමින් හඬා වැලපීම බලා සිටින්නට බැරි තරම් විය. උන් වහන්සේගේ ගමන් වැළැක්වීමට මුළු ගමම අවුත් මහ හඬින් විලාප දුනි. එය කැලෑව දෙදරා ගියේය. මැරුණා හා සමානව හැඬූහ. තමන් වහන්සේගේ අරමුණ පැහැදිළි කරමින් ඔවුන් අස්වැස්සූ නමුත් ඉන් ඵලක් වූයේ නැත. තම හැඟීම් හෙලි කිරීම වැරදි බව ධර්මයට අනුව පෙන්වා දුනි. මඟ අවුරා සිටියහ.

තරමක් සන්සුන් වූ විට උන්වහන්සේ පිටත් වීමට සූදානම් විය. එවිට පුදුම එලවන දෙයක් සිදුවුණි. මුළු ගමේ මිනිස්සු ගෑණු දරු දැරියෝ උන්වහන්සේ පසුපස දිව ආහ. වටකරගෙන් එකෙක් උන්වහන්සේගේ පිරිකර උදුරාගති. එකෙක් පාත්‍රය ගති. එකෙක් කූඩය, වතුර කේතලය, ආදී වශයෙනි. අනිත් අය සිවුරේ එල්ලී ඇදගෙන සිටියහ. අතින්ද ඇද්දහ. කකුළෙන්ද අල්ලා ගති. හඬමින් වැලපෙමින් කුඩා දරුවන් මෙන් හැසිරුණහ. යන්නට දෙන්නේ නැතැයි කීහ.

කීප විටක් ආචාර්ය මන් ඉවසීමෙන් කරුණු පැහැදිලි කලහ. එවිට ඔවුහු මඳක් සන්සුන් වූහ. උන්වහන්සේ යන්නට නික්මුණ විට නැවතත් ඒ ආකාරයෙන්ම දුව ඇවිත් අල්ලා ගත්හ. මෙසේ පැය ගණනක් ගතවිය. මුළු කැලයේම ශබ්දය දෝංකාර දුනි. මානසික ආබාධිතයන් මෙන්ද කෝල සන්නියක් මෙන්ද ඔවුන්ගේ වැළපීම බලා සිටින්නට මහත් දුකකි. වෙස් වලාගත් කොටි ගැන මතකයක්වත් නැත. ඇත්තේ හද පත්ලෙන් පැන නගින ආදර භක්තියකි. අති උත්තම පුරුෂයෙකුට කරණ පූජා උපහාරයකි. මහ මිනිස්සු පවා හඬා වැළපුනහ. ක්‍රමයෙන් හඬ වැඩී ගොස් මහා ශබ්දයෙන් සියල්ල එකවිට කෑ ගසා “යන්ට එපා” යයි කීහ. “අපේ පපුව පැළී මැරේවි” “ඉවසන්ට බෑ” අන්තිමේ දී එහෙනම් ඉක්මණින් ගිහින් එන්න යැයි කීහ.

මෙසේ ආචාර්ය මන් කරුණු පැහැදිළි කර දුන්හ. නොහෝ සැක බිය ඇතිව සිටි අය දැන් ආදර භක්තියෙන් හඬා වැලපෙති. උන් වහන්සේ මහත් විපර්යාසයක් සිදුකර ඇත. එය බුද්ධ ශ්‍රාවකයන්ගේ සුවච ගුණය වේ. සාමීචි ගුණය වේ. බුද්ධ ශ්‍රාවකයෝ පළිගැනීම් නොකරති. අනුන්ට නො ගරහති. යමෙක් තමන් කෙරෙහි අප්‍රසන්න තාවය ඇතොත් ඔහුට කරුණාව, මෛත්‍රිය උපදවති. අනුන්ගේ වැරදි, නොමනා හැසිරීම් නිසා උරණ නොවෙති. එකට එක කිරීමක් නැත. තම හදවතේ ඇති කරුණා, මෛත්‍රී ගුණය නිසා අනුන්ගේ කෙළෙස් ගිනි නිවී ශ්‍රද්ධාව හට ගනී. ආර්ය සංඝ රත්නය මිනිසාගේ සරණ වෙති. මෙවැනි උසස් චින්තනයක් මෙලොව කොහේවත් නැත.

(ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ ආධ්‍යාත්මීය චරිතාපදානය පොතෙනි.)

සම්පූර්ණ pdf පොත අවශ්‍ය නම් කමෙන්ට් එකක් මගින් හෝ මැසේජයක් මගින් දැනුම් දෙන්න.

තෙරුවන් සරණයි!!!

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2pq78ZL
සැරියුත් මුගලන් තෙරවරු
දෙවෙනි තෙවෙනි සූත්‍රයන්හි ‘මහාපඤ්ඤානං’ යනු මහත් ප්‍රඥාවෙන් යුක්තවූවන් අතුරෙන්ය. ඉද්ධිමන්තානං යනු සෘද්ධියෙන් යුක්තවූවන් අතුරෙන්ය. ‘සාරිපුත්තො මොග්ගල්ලානොං යනු ඒ තෙරවරරුන්ගේ නම්ය. මොවුන්ගේද ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි සැරියුත් තෙමේ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නේය. නමින් සරද මානවනම් වූ‍යේය. මුගලන් තෙමේ ගෘහපතිමහාසාර කුලයෙහි උපන්නේය. නමින් සිරිවඞ්ඪ කෙළෙඹි නම්වූයේය. ඒ දෙදෙනාම වැළිකෙළියෙහි පටන් යහළුවෝ වූහ. සරද මානව තෙමේ පියාගේ ඇවෑමෙන් කුලයට අයත් මහාධනය පිළිපැද එක් දිනක් රහසිගතවූයේ, ‘මම ඉහාත්මභාවය ගැන පමණක්ම දනිමි. පරලොව ආත්මභාවය ගැන නොදනිමි. උපන්සත්‍වයන්ට මරණයනම් ඒකාන්තය, මවිසින් එක් පැවිද්දකින් පැවිදිව මොක්‍ෂධර්‍මග‍වේෂණයක් කිරීම වටනේය’යි සිතීය. ‍හෙතෙම යහළුවා වෙත එළඹ ‘යහළු’ සිරිවඩ්ඪ, මම පැවැදිව මොක්‍ෂධර්‍මය සොයමි. ඔබ මා සමඟ පැවිදි වීමට හැක්කෙහිද නොහැක්කෙහිදැයි ඇසීය. නොහැක්කෙමි, යහළුව, ඔබම පැවිදි වන්නෙහි’යි කීය. හෙතෙම, පරලොව යන්නාහු යහළුවකු හෝ නෑමිතුරන් හෝ ගෙනගියෝ නම්නැත. තමා කළදෙය තමාටම වෙයි’යි සිතීය. ඉක්බිති රුවන්ගබඩාව අරවා දුගීමාගීයාචකයන්ට මහදන්දී පර්‍වතපාදයට පිවිස සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහුට එකෙක් දෙදෙනෙක් තිදෙනෙක්යයි මෙසේ අනුපැවිද්දෙන් පැවිදිවූ සිවුසැත්තෑදහසක් පමණවූ ජටිලයෝවූහ. හෙතෙම පංචාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ඒ ජටිලයන්ටද කසිණපරිකමර්‍ය කියාදුන්නේය. ඔහු සියල්ලෝද පංචාභිඥාද අෂ්ටසමාපත්තීන්ද ඉපදෙව්වාහුය. එකල්හි අනොමදස්සී නම් බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. නුවර චන්‍දවතී නම් වූයේය. පියා යසවන්ත නම්වූ ක්‍ෂත්‍රියයායි. මව යශෝධරා නම් වූ දේවියයි. බෝධිය කුඹුක් ගසයි. නිසභ තෙරුන්ද අනෝම තෙරුන්ද යන දෙදෙනා දැගසව්වෝයි. උපස්ථායකයා වරුණ තෙරනම්වූයේයි. සුන්‍දරාද සුමනාද යනු අග්‍රශ්‍රාවිකා දෙදෙනායි. උන්වහන්සේට ආයුෂ (අවුරුදු) ලක්‍ෂයක් වූයේය. සිරුර අටපනස් රියන් උස් වූයේයි. සිරුරු පැහැය දොළොස් යොදුනක් පැතිරිණි. භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර ඇත්තෝවුසේක. ඉක්බිති එක්දිනක් උදෑසන කල්හි මහාකරැණා සමවතින් නැඟිට ලොව බලනසේක් සරද තවුසා දැක ‘අද මා සරද තවුසා වෙත යාමේ හේතුවෙන් මහත් ධර්‍මදේශනාවක්ද වන්නේය. හෙතෙමේද අගසවු තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිඩ්ඪ කෙළෙඹියා දෙවැනි ශ්‍රාවක තනතුර (පතන්නේය) දෙසුම කෙළවර ඔහුගේ පිරිවර සිවුසැත්තෑ දහසක් ජටිලයෝ රහත්බවට පැමිණෙන්නාහුය. මා එහි යාමට වටනේය’යි තමාගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නොඅමතා සිංහයකු මෙන් ඒකචාරීවී සරද තවුසාගේ අතවැස්සන් පලාපල සඳහා ගිය කල්හි මාගේ බුදුබව දනීවායි සරද තවුසා බලාසිටියදීම අහසින් බැස පොළොවෙහි පිහිටි සේක. සරද තවුසා බුද්ධානුභාවයද උන්වහන්සේගේ ශරීරනිෂ්පත්තියද දැක ලක්‍ෂණ ශාස්ත්‍රය විමසා මේ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ තැනැත්තේ නම් ගිහිගෙහි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදිවන්නේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුකෙනෙක් වෙති. මේ පුරුෂයා නිසැකවම බුදුකෙනෙකැයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුනක් පනවා දුන්නේය. භාග්‍යවතුන්වහන්සේ පනවනලද අසුනෙහි වැඩහුන්සේක. සරද තවුසාද තමන්ට සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හුන්නේය. එකල්හි සිවුසැත්තෑදහසක් ජටිලයෝ මිහිරිමිහිරිවූ ඔදවන් පලාපල ගෙන ඇදුරුවරයාගේ සමීපයට පැමිණියාහු බුදුන්වහන්සේද ඇදුරුවරයාද හුන්නාවූ අසුන් බලා, ‘ආචාරීනි, අපි මේ ලෝකයෙහි ඔබවහන්සේට වඩා උසස් වූවෙක් නැතැයි (සිතා) හැසිරෙමු. මේ පුරුෂයා ඔබවහන්සේට වඩා උසස්යයි හැ‍ඟේය’යි කීවාහුය. ‘දරුවනි, කුමක් කියහුද? අබැටක් සමඟ සැට අට ලක්‍ෂයක් යොදුන් උසැති මහමෙර සම කිරීමට කැමැත්තහුද? දරුවනි, සර්‍වඥවූ බුදුරදුන් සමඟ මා උවම් නොකරහු’යි තවුසා කීය. ඉක්බිති ඒ තවුසෝ ‘ඉදින් මෙතෙම ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක්නොවීනම් අපගේ ඇදුරුවරයා මෙබඳු උපමා නොඑළවන්නේය. මෙතෙම ඒකාන්තයෙන් මහාපුරුෂයකැ’යි (සිතා) සියල්ලෝම වැදහෙව හිසින් නැමඳූහ. ඉක්බිති ඔවුන්ට ඇදුරුවරයා ‘දරුවනි, බුදුරජාණන්වහන්සේට සුදුසුවූ දියයුතු දෙයක් අපවෙත නැත. ශාස්තෘන්වහන්සේද පිඬුපිණිස හැසිරෙන වේලෙහි මෙහි පැමිණිසේක. අපිදු හැකි පරිද්දන් දානයක් දෙන්නෙමු. නුඹලා යම් යම් මිහිරිතමවූ පලවැලක් වේද ඒ ඒ දෙය ගෙනඑවයි ගෙන්වාගෙන අත්දොවා තෙමේ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටෙවව්වේය. ශාස්තෘන්වහන්සේ විසින් පලවැල පිළිගත් කෙනෙහි දෙවියෝ දිව්‍යඔජස් හෙළුවාහුය. තවුසා දියද තෙ‍මේම පෙරා දුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා හුන්කල්හි සියලු අත්වැසියන් කැඳවා ශාස්තෘන්වහන්සේ බත්කිස නිමවා හුන්කල්හි සියලු අතවැසියන් කැඳවා ශාස්තෘන්වහන්සේ අගසව්දෙනම බික්සඟන සමඟ පැමිණෙත්වායි සිතූසේක. උන්වහන්සේලා ශාස්තාන්වහන්සේගේ සිත දැන රහතුන්වහන්සේලා ලක්‍ෂයක් පිරිවරකොට ඇත්තෝ අවුත් ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. ඉක්බිති සරදතවුසා, ‘දරුවනි, බුදුරදුන් වැඩහුන් අසුනද පහත්ය. ශ්‍රමණයන්වහන්සේලා ලක්‍ෂයටද අසුන් නැත නුඹලාවිසින් අද උදාරවූ බුද්ධසත්කාරයක් කිරීමට වටනේය. පර්‍වතපාදයෙන් පැහැයෙන් සහ සුවඳින් යුත් මල්ගෙනෙවු’යි අතවැසියන් ඇමතීය. කියනකාලයම පමාවක්මෙන් වෙයි. සෘද්ධි ඇත්තවුන්ගේ වනාහි ගෝචරය අචින්ත්‍යයි. මොහොතකින් පමණ ඒ තවුසෝ පැහැයෙන් හා සුවඳින්යුත් මල් රැගෙන බුදුන්වහන්සේට යොදුනක් පමණවූ මලසුනක් පැනවූහ. අගසව් දෙනමට තුන්ගව්ද සෙසු භික්‍ෂූන්ට අඩයොදුන් ආදී භේද ඇත්තේද සංඝනවකයන්ට ඉස්බක් පමණදවිය. මෙසේ අසුන් පැනවුණු කල්හි සරද තවුසා තථාගතයන්වහන්සේගේ ඉදිරියෙහි ඇඳිළිබැඳ සිටියේ ‘ස්වාමීනි අපට බොහෝ කලක් හිතසුව සඳහා මේ මලසුනට නඟිනුමැනවයි කීවේය.
නොයෙක් මල්ද සුවඳද එකට රැස්කොට මලසුනක් පනවා මේ වචනය කීවේය.
(මහා) වීරය, ඔබට සුදුසුසේ මේ අසුන පනවනලදී. මගේ සිත පහදමින් මලසුනෙහි හිඳිනු මැනවි.
බුදුරජාණන්වහන්සේ සත් රෑදහවලක් දෙවියන් සහිත (ලොව) බබුළුවමින් මගේ සිත පහදවා මලසුනෙහි වැඩහුන්සේක.
ශාස්තෘන් වහන්සේ මෙසේ හුන් කල්හි අගසව් දෙනමද සෙසු භික්‍ෂූහුද තමතමන්ට ලැබුණු අසු‍න්හි හුන්නාහුය. සරද තවුසා මහත්වූ මල් කුඩයක් ගෙන තථාගතයන් මත්තෙහි දරමින් සිටියේය. ශාස්තෘන්වහන්සේ ජටිලයන්ට මෙම සත්කාරය මහත්ඵල වේවායි නිරෝධසමාපත්තියට සමවන්සේක. ශාස්තෘන්වහන්සේ සමවත් බව දැන දෑගසව්වෝද සෙසු භික්‍ෂුහුද සමවතට සමවන්නාහුය. තථාගතයන්වහන්සේ සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද හුන්කල්හි අතවැස්සෝ පිඬුසිඟා හැසිරෙන වේලාව පැමි‍ණිකල්හි වනමුල්පල වළඳා සෙසු කල්හි බුදුන්ට ඇඳිලි බැඳ සිටිති. සරද තවුසා පිඬුහැසිරීමටද නොගොස් මල් කුඩය අල්වාගත් ක්‍රමයෙන්ම දිනසතක් ප්‍රීතිසුවයෙන්ම කල්ගෙවීය. ශාස්තෘන්වහන්සේ නිරෝධයෙන් නැඟිට දකුණුපස්හි හුන් අගසව් නිසඟ තෙරුන් ඇමතූසේක. ‘නිසහය, සත්කාර කරන්නාවූ තවුසන්ට පුෂ්පාසනානුමෝදනාව කරව’ යනුවෙනි. තෙරුන්වහන්සේ සක්විති රජෙකුවෙතින් ලැබූ මහාලාභයක් ඇති යෝදයෙකු මෙන් සතුටු සිත්ඇත්තෝ ශ්‍රාවකපාරමීඥානයෙහි සිට මලසුන් අනුමෙවෙනි බණ ඇරඹූහ. උන්වහන්සේගේ දෙසුම අවසන්හි දෙවැනි සව් ඇමතූසේක. ‘මහණ, ඔබද ධර්‍මදේශනා කරන්න’ යනුවෙනි. අනෝමතෙරුන්වහන්සේ ත්‍රිපිටක බුද්ධවචනය විමසමින් ධර්‍මදේශනා කළහ. දෙසව්වන්ගේම දෙසුමෙන් එකෙකුටද අභසමය නොවූයේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ අප්‍රමාණවූ බුද්ධවිෂයෙහි සිට දම්දෙසුම ඇරඹූසේක. දෙසුම කෙළවර සරද තවුසා හැර සියලුම සිව්සැත්තෑදහසක් ජටි‍ලයෝ රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ‘මහණෙනි, එවයි අත දිගහළසේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස්රවුළු අතුරුදහන්විය. අටපිරිකර සිරුරෙහි පැළඳගත්තෝම වූහ. සරදතවුසා කුමක්හෙයින් රහත්බවට නොපත්වූයේදයත්? විසිරුණු සිත් ඇතිබැවිනි. ඔහුට වනාහි බුදුන්වහන්සේගේ දෙවැනි අසුනෙහි හිඳ ශ්‍රාවකපාරමීඥානයෙහි සිට දම් දෙසුම කරන්නාවූ අගසව්වන්වහන්සේගේ‍ දෙසුම ඇසීමට පටන්ගත් අවස්ථාවෙහි සිට මම ද ඒකාන්තයෙන්ම අනාගතයෙහි පහළවන බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මේ ශ්‍රාවකයන්වහන්සේ විසින් ලබනලද තනතුර ලබන්නේනම් යෙහෙකැයි සිතක් උපන්නේය. හෙතෙම ඒ පරිවිතර්‍කනයෙන් මගපල අවබෝධකිරීමට අසමත්වූයේය. තථාගතයන්වහන්සේ වැඳ හමුවෙහි සිට, ‘ස්වාමීනි, නුඹවහන්සේට අනතුරු අසුනෙහි හුන්නාවූ භික්ෂුව නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක්නම් වේදැ’යි ඇසීය. ‘මාවිසින් පවත්වනලද ධර්‍මචක්‍රය අනුපවත්වන්නාවූ ශ්‍රාවකපාරමීඥානයෙහි කෙළවරට පැමිණි සොළොස්ඥානයන් අවබෝද කොට සිටියාවූ මෙතෙම මගේ සසුනෙහි අගසව් නම් වෙයි’යි පැවසූසේක. ‘ස්වාමීනි සත්දිනක් මල්කුඩයක් දරන්නාවූ මවිසින් යම් සත්කාරයක් කනරලද්දේද මම මෙහි ප්‍රතිඵලයෙන් අන්‍යවූ ශක්‍රආත්මයක් හෝ බ්‍රහ්මාත්මයක් නොපතමි. අනාගතයෙහිවනාහි මේ නිසඟ තෙරුන් මෙන් එක් බුදුකෙනෙකු‍න්ගේ අගසව් වන්නෙමියයි පැතුමක් කෙළෙමියි පැවසීය. ශාස්තෘන්වහන්සේ මේ පුරුෂයාගේ ප්‍රාත්‍ථ‍ර්‍‍නය සඵල වන්නේදැයි අනාගතංසඥානය යොමා බල‍නසේක් කල්පලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයයක් ඉක්මවා සමෘද්ධවනබව දුටුසේක. දැක සරද තවුසාට, ‘ඔබගේ මේ පැතුම හිස්නොවෙයි. අනාගතයෙහිවනාහි කල්පලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයක් ඉක්මවා ගෞතමනම් බුදුකෙනෙක් උපදිති. ඔහුගේ මව මහමායා දේවිය නමු. පියා සුද්ධෝන මහරජ නමි. පුතා රාහුලනමි. උපස්ථායකයා ආනන්‍ද නමි. දෙවැනි සව්වා මුගලන් නමි. ඔබ වනාහි උන්වහන්සේගේ අගසව් වන දම්සෙනෙවි සැරියුත් වන්නෙහි’යි පැවසූසේක. මෙසේ තවුසාට විවරණදී දම්දෙසා බික්සඟන පිරිවරකොට ඇත්තාහු අහසට පැනනැගුණුසේක. සරද තවුසාද අතවැසි තෙරුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මගේ යහළුවාට, ඔබේ යහළු සරද තවුසා විසින් අනෝමදස්සී බුදුරදුන්ගේ පාමුලෙහි අනාගතයෙහි පහළවන ගෞතම බුදුරදුන්ගේ සසුනෙහි අගසව්තනතුර පතනලදී. ඔබ දෙවෙනි සව්තනතුර පතන්නැයි කියනු මැනවැ’යි යහළු සිරිවඩ්ඪ කෙළෙඹියාට හසුනක් යැවීය. මෙසේද කියා තෙරුන්වහන්සේලාට කලින්ම එක් පසෙකින් ගොස් සිරිවඩ්ඪගේ නිවෙසදොරටුවෙහි සිටියේය. සිරිවඩ්ඪ තෙමේද බොහො‍්කලකින් මගේ ආර්‍ය්‍යයා ආයෝයැයි අසුනෙහි හිඳුවා තමා පහත් අසුනෙක හුන්නේ ‘ස්වාමීනී, ඔබවහන්සේගේ අතවැසි පිරිස නොපැනේයයි විමසීය. ‘එසේය, යහළුව, අපගේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ වැඩියහ. අපි උන්වහන්සේට අපගේ ශක්තියෙන් සත්කාර කෙළෙමු. ශාස්තෘන්වහන්සේ සැමට දහම්දෙසූසේක. දෙසුම කෙළවර මා හැර සෙස්සෝ රහත්බවට පත්වූවාහු පැවිදිවූහ’යි කීය. ‘ඔබ වහන්සේ කුමක් නිසා පැවිදි නොවූයේද? ‘මම ශාස්තෘන්වහන්සේගේ අගසව් නිසඟ තෙරුන් දැක අනාගතයෙහි පහළවන්නාවූ ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසව් තනතුර පැතුවෙමි. නුඹද උන්වහන්සේගේ සසුනෙහි දෙවැනිසව්තනතුර පතන්නැ’යි කීවේය. ‘බුදුවරුන් සමඟ මගේ (ඇසුරෙන්) පරිචයක් නැත. ස්වාමීනි’. ‘බුදුන්සමඟ කථාකිරීමට මට භාර වේවා. ඔබ මහත්වූ අධිකාරයක් (සත්කාරයක්) පිළියෙළ කරන්න.’ සිරිවඩ්ඪතෙමේ ඔහුගේ වචනය අසා තම නිවෙස දොරටුවෙහි රජමිම්මෙන් කිරියඅටක් පමණවූ තැන සමතලාකරවා වැලිවිසුරුවා විළඳ පස්වැනි කොට ඇති මල් විසුරුවා නිලුපුල් පියැසි ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනය පනවා සෙසු භික්‍ෂූන්ටද අසුන් පිළියෙළකොටදී මහත්වූ සත්කාර සම්මාන සාදවා බුදුරදුන්ට ඇරයුම්කිරීම සඳහා සරද තවුසාට සංඥාවක් දුන්නේනය. තවුසා ඔහුගේ වචනය අසා බුදුපාමොක් බික්සඟන ගෙන ඔහුයේ නිවෙසට ගියේය. සිරිවඩ්ඪතෙමේ පෙරගමන්කොට තථාගතයන්වහන්සේගේ අතින් පාත්‍රය රැගෙන මණ්ඩපයට පිවිසුවා පනවනලද අසුන්හි හුන්නාවූ බුදුපාමොක් බික්සඟනට දක්‍ෂිණොදකයදී මිහිරි බොජුනෙන් වළඳවා බත්කිස අවසන්හි බුදුපාමොක් බික්සඟන මාහැඟි වස්ත්‍රයන්ගෙන් හඳවා, ‘ස්වාමීනි මේ පටන්ගැන්ම සුළුතැනක් සඳහා නොවේ. මේ නයින්ම දිනසතක් අනුකම්පා කරනු මැනවැ’යි කීවේය. ශාස්තෘන්වහන්සේගේ ඉවසූසේක. හෙතෙම ඒ නයින්ම සත්දිනක් මහදන් පවත්වා භාග්‍යවතුන්වහන්සේ වැඳ ඇඳිලිබැඳ සිටියේ, ‘ස්වාමීනි, මගේ යහළු සරද තවුසා යම් ශාස්තෘන්වහන්සේ කෙනෙකුට අගසව් වෙමැයි ප්‍රාර්ථනා කලේද? මම උන්වහන්සේටම දෙවැනි සව්වා වෙමැ’යිකීවේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ඔහුගේ පැතුම ඉටුවනබව දැක විවරණ දුන්සේක. ‘ඔබ මෙයින් කල්පලක්‍ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයක් ඉක්මවා ගෞතම බුදුන්වහන්සේගේ දෙවැනි සව්වා වන්නෙහිය’ යනුවෙනි. බුදුරදුන්ගේ විවරණය අසා සිරිවඩ්ඪතෙමේ තුටුපහටුවූයේය. ශාස්තෘන්වහන්සේද භුත්තානුමෝදනය කොට පිරිවරසහිතවූසේක් විහාරයටම වැඩිසේක. සිරිවඩ්ඪතෙමේ එතැන්පටන් දිවිඇතිතෙක් පින්කම්කොට දෙවැනි අත්බැව්හි කාමාවචර දෙව්ලොව උපන්නේය. සරද තවුසා සිවුබඹවිහරණ වඩා බඹලොව උපන්නේය. එතැන්සිට මේ දෙදෙනාගේම අතුරැකර්‍මයක් නොකියනලදී. අපගේ බුදුරදුන්ගේ උපතට පෙරම සරද තවුසා රජගහනුවරට නුදුරෙි උපතිස්ස ගමෙහි සාරි නම්වූ බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. ඒදිනයෙහිදීම යහළුවාද රජගහනුවරටම නුදුරෙහි කොලතගමෙහි මොග්ගලී බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. ඒ කුලදෙකම සත්වැනි කුලපරපුරතෙක් එකට බැඳුණු යහළුකුලමය. ඒ දෙදෙනාටම එකම දිනෙක ගැබ් රැකවරණ දුන්නාහුය. දසමසක් ඇවෑමෙන් උපන්නාවූ ඔවුනට සසැටක් කිරිමවුවරුන් එළවූහ. නම්තබන දිනයෙහි සාරිබැමිණියගේ පුතුට උපතිස්සයයි නම් කළාහුය. අනෙකාට කෝලිත ගමේ දෙටු කුලයේ පුතු බැවින් කෝලයයි නම්කළාහුය. ඒ දෙදෙනාම වියට පැමින සියලු ශිල්පයන්ගේ පරතෙරට ගිහය. උපතිස්ස මානවකයාට කෙළිපිණිස නදියට හෝ උයනට හෝ යනකල්හි රන්සිවි පන්සියයක් පිරිවරවිය. කෝලිත මානවකයාට පන්සියයක් ආජානෙයරථවිය. දෙදෙනාම පන්සියය බැගින්වූ මානවකයන් පිරිවර කොට ඇත්තෝවෙත්. රජගහනුවරෙහිද අවුරුදු පතා ගිරග්ග නමැති නාට්‍යඋත්සවයක්වෙයි. ඒ දෙදෙනාටම එකම තැනක හැඳ (අසුනක්) බදිත්. දෙදෙනාම එක්ව හිඳ නාට්‍යඋත්සවය නරඹන්නාහු සිනාසිය යුතු තන්හි සිනාසෙත්, සංවේග වියයුතු තන්හි සංවේගයට පත්වෙත්. තෑගි දියයුතු තන්හි තෑගි දෙත්. මේ ක්‍රමයෙන් එක් දිනක් නාට්‍යඋත්සවය නරඹන්නාවූ මේ දෙදෙනාගේ නුවණ මුහුකුරා ගිය හෙයින් මුල්දිනයෙහි මෙන් සිනාසිය යුතුතැන සිනහවක් හෝ සංවේග විය යුතු තැන සංවේගයක් හෝ තෑගිදියයුතු තැන තෑගි දීමක් නොවූයේය. දෙදෙනාම මෙසේ සිතූහ: ‘මෙහි බැලියයුත්තක් ඇත්ද? මේ සියල්ලම වසර සියයක් නොපැමිනිකල්හි (වසර සියයක් ගත වීමට පෙර) නොමැතිබවට යයි. අප විසින් වනාහි එක් විමුක්තිධර්‍මයක් සෙවීමට වටනේය’යි අරමුනක් ගෙන හුන්නාහුය. ඉක්බිති කෝලත ‘යහළු උපතිස්ස, ඔබ අන් දිනක මෙන් තුටුපහටුවූයේ නොවෙහි, නොසතුටුස්වභාවය ඇත්තහි, නුඹ විසින් කුමක් සලකන ලදදැ’යි උපතිස්සට කීවේය. ‘යහළු කෝලිතය, මේවා බැලීමේ හරයක් නැත. මෙය නිසරුය. තමන්ගේ මොක්‍ෂධර්‍මයක් සෙවීමට වටනේයයි සිතමිනු හුන්නෙමි’යි උපතිස්ස කීවේය. ‘නුඹ වනාහි කුමක් නිසා නොසතුටු සිතැත්තහිදැ’යිද ඇසීය. හෙතෙමේද එයම කීවේය. ඉක්බිති ඔහුගේ තමා සමඟ එක් අදහස් ඇතිබව දැන උපතිස්සතෙමේ මෙසේ කීවේය. අප දෙදෙනා විසින්ම මනාව සිතනලදී. මෝක්‍ෂ ධර්‍මයක් සොයන්නවුන් විසින් ඒක පැවිද්දක් ලැබීමට වටී. කවරකු සමීපයෙහි පැවිදි වෙමුද’ යනුවෙනි. එකල්හි සංජය පරිබ්බාජකතෙමේ මහත් පිරිවැජි පිරිසක් සමඟ රජගහනුවර වාසය කරයි. ඔවුහු ඔහුගේ සමීපයෙහි පැවිදිවෙමුයි මානවකයන් පන්සියයක් සමඟ සංජයගේ සමීපයෙහි පැවිදිවූහ. ඔවුන් පැවිදිවූ කාලයෙහි සිට සංජය තෙමේ අතිරේක ලාභයෙන් හා කීර්තියෙන් අග බවට පත්වූයේවිය. ඔවුහු කිහිපදිනකින්ම සංජයගේ සියලු සමය (දහම) පිරිමැඳ ‘අඳුරනි, ඔබ දන්නා දහම මෙපමණෙක්මද නැතහොත් මත්තෙහිත් ඇද්දැ’යි ඇසූහ. සංජය තෙමේ, මෙපමණෙක්මය. ඔබව විසින් සියල්ල දන්නාලදැ’යි කීය. ඔවුහු ඔහුගේ කථාව අසා’ මෙසේ ඇති කල්හි මොහුගේ සමීපයෙහි බඹසර විසුම නිසරුය. අපි මොක්‍ෂධර්‍මයක් සෙවීමට නික්මුණෙමු. එය මොහුගේ සමීපයෙහි ඉපදවීමට නොහැකිය. දඹදිව වනාහි ඉමහත්ය. ගම්නියම් රජදහන්හි හැසිරෙන්නාහු අවශ්‍යයෙන්ම මෝක්‍ෂධර්‍මදේශක එක් ආචාර්‍ය්‍යවරයකු ලබන්නෙමු’යි සිතූහ. ඔවුහු එතැන්පටන් යම්යම් තන්හි පණ්ඩිත වූ මහණ බමුණන් ඇතැයි අසත්ද ඒ ඒ තන්හි ගොස් ප්‍රශ්න සාකච්ඡා කරත්. ඔවුන් විසින් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට සමත් අනෙකෙක් නැත. ඔවුන් දෙදෙනා වනාහි ඔවුන්ගේ ප්‍රශ්න විසඳත් මෙසේ සියලු දඹදිව පරීක්ෂා කොට පෙරළා සිය තැනටම අවුත් ‘යහළු ‍කෝලිත යමෙක් පළමුව අමාව (විමුක්තිය) ලබා ගනියිද හෙතෙම සැළකරාවා’යි කතිකා කළාහුය.
එකල්හි අපගේ ශාස්තෘන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පත්ව පවත්වනලද උතුම් දම්සක් ඇත්තෝ පිළිවෙළින් රජගහනුවරට සැපත්වූවෝවෙත්. ඉක්බිති සැටඑක්නමක් රහතන්වහන්සේලා ලොව පහළවූවාහුවෙතැයි කියනලදකල්හි ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත සඳහා සැරිසරවුයි තෙරුවනෙහි ගුණ පැවසීම සඳහා මෙහෙයවන ලද භික්‍ෂූන් අතුරෙහි පස්වග මහණුන්ට අයත්වන අස්සජි තෙරුන්වහන්සේ පෙරළා රජගහනුවරටම පැමිණියේ දෙවන දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස හැසුරුණහ. එකල්හි උපතිස්ස පිරිවැජිතෙමේ උදෑසනම බත්කිසකොට පිරිවැජි අරමට යන්නේ තෙරුන් දැක, මාවිසින් මෙබඳුවූ පැවිද්දෙක් නොදුටුවිරූය. ඒකාන්තයෙන් ලෝකයෙහි රහත් වූහෝ රහත් මඟට පිළිපන්වූ යමෙක් වෙත්ද මෙතෙම ඒ භික්‍ෂූන් අතුරෙන් කෙනෙකි. මම මේ භික්‍ෂුව වෙත එළඹ ඇවැත්නි, නුඹ කවරකු උදෙසාපැවිදි වූයෙහිද? ඔබගේ ශාස්තෘවරයා හෝ කවරෙක්ද? නුඹ කවරෙකුගේ ධර්‍මයට රුචි වෙහිදැ’යි අසන්නෙම්නම් යෙහෙකැයි සිතීය. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් විය. මේ භික්‍ෂුවගෙන් ප්‍රශ්න විචාරීමට මේ නොකල්ය. ඇතුළු ගමට පිවිසියේ පිඬුපිණිස හැසිරෙයි. මේ භික්‍ෂුව පිටුපසින් පිටුපසින් ළුහුබඳින්නේ නම් යෙහෙයක. අවශ්‍යතාව ඇත්තවුන් විසින් මඟ අනුදන්නාලදැ’යි යනුවෙනි. ලැබූ පිණ්ඩපාතය ඇති, කිසියම් තැනකට යන්නාවූ තෙරුන්වහන්සේ දැක, උන්වහන්සේගේ හිඳිනු කැමැත්ත දැන තමන්ගේ පිරිවැජි පුටුව පනවා දුන්නේය. කරනලද බත් කිස අවසන්හිද උප්වහන්සෙට තමාගේ කෙණ්ඩියෙන් දිය දුන්නේය. මෙසේ ඇදුරුවත්කොට කරනලද බත්කිසඇති තෙරුන් සමඟ මිහිරි පිළිසඳරකොට ‘ඇවැත්නි, ඔබවහන්සේගේ ඉඳුරෝ ප්‍රසන්නයහ. සමේපැහැය පිරිසුදුය. පැහැපත්ය. ඇවැත්නි, ඔබවහන්සේ කවරෙකු උදෙසා පැවිදිවූවහුද? ඔබවහන්සේ‍ගේ ශාස්තෘන්වහන්සේ හෝ කවරෙක්ද? නුඹවහන්සේ කවරකුගේ දහම රුචි කරන්නහුදැ’යි ඇසීය. තෙරුන්වහන්සේ, ‘ඇවැත්නි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ ශාක්‍යපුත්‍රවූ මහාශ්‍රමණයෙක් ඇත. ඒ භාග්‍යවතුන් උදෙසා මම පැවිදි වූයෙමි. හෙතෙමේ මගේ භාග්‍යවත් වූ ශාස්තෘන්වන්සේය. ඒ භාග්‍යවතුන්වහන්සේගේම ධර්‍මය මම කැමති වෙමි’යි කීහ. ඉක්බිති උන්වහන්සේගෙන්, ආයුෂ්මතුන්ගේ ශාස්තෘවරයා කුමක් ප්‍රකාශ කරන්නේද, කුමක් කියන්නේදැයි ඇසීය. ‘මේ පිරිවැජියෝ නම් සසුනට ප්‍රතිපක්‍ෂවූවෝය. මොහුට සසුනේ ගැඹුරුබව දක්වනනෙමි’යි තෙරුන්වහන්සේ සිතූහ. තමන්ගේ (සසුනට) අලුත්බව දක්වමින් මෙසේ කීහ. ‘ඇවැත්නි, මම වනාහි නවකයෙක්මි, ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍මවිනයට අලුත පැමිණියෙක්මි. මම තවමත් විස්තර වශයෙන් ධර්‍මය ප්‍රකාශකිරීමට අපොහොසත් වන්නෙමි’ යනුවෙනි. පිරිවැජිතෙමේ, ‘මම උපතිස්ස නමි. ඔබවහන්සේ හැකිපමණින් මඳක් හෝ බොහෝවක් හෝ කියනු මැනවි. මෙය නයසියයෙන් නයදහසින් වටහා ගැනීම මට භාරයයි සිතා (මෙසේ) කීවේය:
‘ම‍්‍ඳක් හෝ බොහෝවක් හෝ කියනු මැනවි, මට අත්‍ථ‍ර්‍‍ය පමණක්ම කියන්න. අත්‍ථ‍ර්‍‍යෙන් පමණක්ම මට වැඩ ඇත. බොහෝවූ බ්‍යංජනය කුමක් කරන්නේද
මෙසේ කීකල්හි තෙරුන්වහන්සේ ‘යෙ ධම්මා හෙතුප්පභවා’ යන ගාථාව කීහ. පරිබ්බජකතෙමේ පළමු පාද දෙක අසාම දහසක් නයින් යුතු සොවාන් පෙලෙහි පිහිටියේය. ඉතිරි පාදදෙක සෝවාන්වූ කල්හි නිමවීය. සෝවාන් වූවෙක්වී මතුවිශේෂතාවන් නොපවත්නා කල්හි මෙහි කරුණක් වන්නේයයි සලකා. ස්වාමීනි, මත්තෙහි ධර්‍මදේශනාව නොවඩනු මැනව. මෙපමණක්ම වේවා! අපගේ ශාස්තෘන්වහන්සේ කොහි වසනසේක්දැයි තෙරුන්වහන්සේ‍ගෙන් ඇසුවේය. ‘පිරිවැජිය. වෙළුවනයෙහිය’. ‘ස්වාමීනි, අපට පෙරටුව වැඩමවන්න. මගේ එක් යහළුවෙක් ඇත. අප විසින්, ‘යමෙක් පළමුව විමුක්තිය අවබෝද කරයිද හේ සැලකරාවා’යි ඔවුනොවුන්ට කතිකාවක් කෙළෙමු. මම ඒ පොරොන්දුව මුදා යහළුවා රැගෙන නුඹවහන්සේ ගිය මගින්ම ශාස්තෘන් සමීපයට එන්නෙමි’යි පසඟ පිහිටුවීමෙන් තෙරුන්ගේ පාළඟ හෙව තෙවරක් පැදකුණුකොට තෙරුන්වහන්සේ පිටත් කොට යවා පිරිවැජි අරම දෙසට ගියේය. කෝලිත පිරිවැජිතෙමේ එන්නාවූ ඔහු දුරදීම දැක, අද මගේ යහළුවාගේ මුවපැහැය අන් දිනයන්හි මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු විසින් නිවණ අව‍බෝද කරන්ලද්දේවන්නේයයි (සිතා) නිර්‍වාණාධිගමය ගැන විමසීය. හෙතෙමේද මොහුට, ‘එසේය ඇවැත, නිවන අවබෝධකරනලදැ’යි හඟවා ඒ ගාථාවම කීවේය. ගාථාවගේ කෙළවර කොලිත තෙමේ සෝවාන් පෙලෙහි පිහිටා, යහළුව, ශාස්තෘන්වහන්සේ කොහි වෙසේදැයි ඇසීය. ‘යහළුව, වෙළුවනයෙහිය, මෙසේ අපගේ ආචාර්‍ය්‍යවූ අස්සජිතෙරුන් විසින් කියනලදැයි පැවසීය. ‘එසේනම් යහළුව, යමු ශාස්තෘන්වහන්සේ බලන්නෙමු’යි කීය. සැරියුත්තෙරුන් නම්වූ මෙතෙම හැමකල්හිදු ගුරුපුද කරන්නෙක්මය, එබැවින් යහළු කෝලිත මානවකයාට, ‘යහළුව, අපවිසින් ලබාගත් විමුක්තිය ගැන අපගේ ඇදුරුවූ සංජය පිරිවැජියාටද කියමු. අවබෝධ කරන්නේ ප්‍රතිවෙධ කරන්නේය. ප්‍රතිවෙධ නොකරන්නේ අප අදහා ශාස්තෘන් සමීපයට යන්නේය. බුදුන්වහන්සේගේ දෙසුම අසා මාර්‍ගඵලප්‍රතිවේධකරන්නේ’ යයි පැවසීය. ඉක්බිති දෙදෙනාම සංජය සමීපයට ගොස්, ‘ඇදුරනි, නුඹ කුමක් කරන්නෙහිද? ලොව බුදුකෙනෙක් පහළවූහ. ධර්‍මය මනාව දෙසනලදී. සංඝයා මනාව පිළිපන්නේය. යමු දශබලයන්වහන්සේ දකින්නෙමු’යි කීය. හෙතෙම, ‘දරුවනි කුමක් කියහුදැ’යි ඔවුන්ද වළක්වා මහත්ලාභකීර්තීන්ට පැමිණීම ගැනම ඔවුන්ට කීවේය. ඔවුහු, ‘අපගේ අතවැසිබව නිබඳවම වේවා, නුඹවහන්සේගේ යාම හෝ නොයාම දනුමැනව’යි කීවාහුය. සංජය තෙමේ මෙපමණක් දන්නාවූ මොවුන් මගේ කීම නොකරතැ’යි දැන ‘දරුවනි, නුඹලා යන්න. මම මහළු කල්හි අතවැසිව විසීමට නොහැක්කෙමි’යි කීවේය. ඔවුහු නොයෙක් කරුණුවලින් ඔහු අවබෝධකරවීමට නොහැක්කාහු තම අවවාදයෙහි පිහිටන ජනයා රැගෙන වෙළුවනයට ගියාහුය. ඉක්බිති ඔවුන්ගේ අතවැසි පන්සියයෙන් දෙසියපනසක් දෙනා නැවැත්තාහුය. දෙසියපනසක් දෙනා ඔවුන් සමඟ ගියාහුය. ශාස්තෘන්වහන්සේ සිවු පිරිස මැද දහම් දෙසනසේක් ඔවුන් දුරදීම දැක, ‘මහණෙනි, කෝලිත සහ උපතිස්ස යන මේ දෙයහළුවෝ පැමිණෙති. මේ මාගේ යහපත්වූ අගසව් යුවළ වන්නේය’යි භික්‍ෂූන් අමතාවදාළසේක. ඉක්බිති ඒ පිරිසට හැසිරීම්වශයෙන් දහම් එළවූසේක. දෙඅගසව්වන් හැර ඒ සියලු දෙසිය පණසක් පිරිවැජියෝ රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ‘එව් මහණෙනි’යි අත විදහු සේක. සියල්ලන්ගේ කෙස්රැවුළු අතුරුදහන් විය. සෘද්ධිමයවූ පාසිවුරු පැමිණියේය. මතුමග තුන පිළිබඳ කිස නොනිමියේය. කුමක් හෙයින්ද යත්? ශ්‍රාවක පාරමීඥානයේ මහත්බව නිසාය. ඉක්බිති ආයුෂ්මත් මුගලන් තෙමේ පැවිදිවූ දිනෙන් සත්වැනි දිනයෙහි මගධ රට කල්ලවාල ගම ඇසුරුකොට මහණදම්කරන්නේ ථිණමිද්ධය බැස ගන්නා කල්හි ශාස්තෘන්වහන්සේ විසින් උත්සාහවත් කරනලද්දේ ථිනමිද්ධය දුරුකොට තථාගතයන්වහන්සේ විසින් දෙන ලද ධාතු කර්‍මස්ථානය අසමින්ම මතුමගතුනෙහි කිස නිමවා ශ්‍රාවකපාරමීඥානයේ මුදුන්පත් වූයේය. සැරියුත් තෙරණුවෝද පැවිදිවූ දිනෙන් අඩමසක් ඉක්මවා ශාස්තෘන්වහන්සේ සමඟ එම රජගහනුවර ඇසු‍රුකොට සූකරඛත ලෙණෙහි වසන්නාහු තමන්ගේ බෑණණුවන්වූ දීඝනඛ පිරිවැජියාට වෙදනාපරිග්ගහ සූත්‍රාන්තය දෙසනුලබන කල්හි සූත්‍රානුසාරයෙන් ඥානය යොමු කොට අනුනට වඩනා ලද බතක් වළඳන්නකු මෙන් ශ්‍රාවක පාරමී ඥානයේ මුදුන් පත්වූහ. උන්වහන්සේගේ බෑණා දෙසුම අවසන්හි සෝවාන් පෙලෙහි පිහිටියේය. මෙසේ මහසව්වන් දෙදෙනාගේම තථාගතයන්වහන්සේ රජගහනුවර වෙසෙත්දීම ශ්‍රාවකපාරමීඥාන කෘත්‍යය මුදුන් පැමිණියේය. පසුකලෙකවනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවසනසේක් මහපැනවතුන් අතුරෙන්. යම් මේ සැරියුත් තෙරණුවෝද සෘද්ධිමතුන් අතුරෙන් යම් මේ මුගලන් තෙරණුවෝදැයි දෙඅගසව් තනතුරෙහි තැබූසේක.