Monthly Archives: October 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2SpQfvF
== කර්‍මජ රෝග සුව කිරීමට ක්‍ර‍මයක් නැත්තේ ද? ==
කර්‍මයෙන් හටගන්නා රෝග සුව කිරීමටත් ක්‍ර‍ම ඇති බව දම්පියාටුවාවේ ක්‍රෝධවර්‍ගයෙහි එන රෝහිණී ගේ කථාවෙන් තේරුම් ගත හැකි ය. ඒ මෙසේ ය:

එක් කලෙක අනුරුද්ධ මහරහතන් වහන්සේ පන්සියයක් භික්ෂූන් ද සමග කිඹුල්වත්පුරයට වැඩි සේක. උන්වහන්සේ ගේ නැගණිය වන රෝහිණිය හැර සෙසු නෑයෝ උන් වහන්සේ දක්නට පැමිණියහ. රෝහිණිය ගේ නො පැමිණීම ගැන විචාළ කල්හි ‘කුෂ්ඨ රෝගයක් වැළඳී ඇති බැවින් ලජ්ජාවෙන් ඈ නො පැමිණියාය’ යි නෑයෝ තෙරුන් වහන්සේට සැල කළහ. එකල්හි තෙරුන් වහන්සේ ඇය කැඳවා ගෙන එන පරිදි කෙනකු යැවූහ. රෝහිණී තේරුන් වහන්සේ ගේ අණ නො ඉක්මවා, සියුම් හැට්ටයකින් සිරුර වසා ගෙන තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණ, කුෂ්ඨරෝගය නිසා ලජ්ජාවෙන් කලින් නො පැමිණි බව සැළ කළා ය. එකල්හි තෙරුන් වහන්සේ ‘නැගණියනි, තිට පිනක් කිරීම නරකයැ’යි ඇසූහ. “හොඳය: හිමියනි! මම කිනම් පිනක් කරන්නෙම්දැ?” යි රෝහිණී කිවා ය. ‘මහසඟනට අසුන්හලක් කරව’ යි තෙරුන් වහන්සේ වදාළහ. එබඳු ලොකු වැඩක් මම කෙසේ කරන්නෙම් දැ යි රෝහිණී කීවාය. තිගේ ආභරණ රාශියක් තිබෙනවා නොවේ ද? ඒවා කොතෙක් වටිනවාදැ යි තෙරුන් වහන්සේ ඇසූහ. ‘ස්වාමීනි, දසදහසක් පමණ වටනේය’ යි රෝහිණී කීවා ය. ‘එසේ නම්, ඒවා මිල කොට ඒ මිලයෙන් අසුන් හලක් කරවව’යි වදාළ සේක. ‘මට අසුන්හලක් කවුරු කරවා දෙත්දැ’යි රෝහිණී කීවා ය. තෙරුන් වහන්සේ ළඟ සිටි නෑ පිරිස දෙස බලා, ‘එය කරවීම නුඹලාට බාරය’ යි වදාළහ. ‘නුඹවහන්සේ කුමක් කරන සේක් දැ’යි නෑයෝ කීහ. ‘අපි ද එයට සහාය වන්නෙමු’යි තෙරුන් වහන්සේ වදාළහ.

නෑයෝ ආසන ශාලාව කරවනු පිණිස දැව ආදිය රැස් කළහ. තෙරුන් වහන්සේ ආසන ශාලාව කිරීමට උපදෙස් දුන්හ. එය දෙමහල් ගොඩනැගිල්ලක් විය. එහි උඩු මාලයේ සොල්දරය දැමූ තැන් පටන් මහ සඟනට පැන් තැබීම්, හැමදීම්, අසුන් පැනවීම් ආදි වත් සියතින් ම කරන ලෙස තෙරුන් වහන්සේ රෝහිණීට නියම කළහ. ඕ මහත් සැදැහැයෙන් තෙරුන් වහන්සේ වදාළ පරිදි දිනපතා සංඝයා ගේ වත පිළියෙත කළා ය. භික්ෂූහු දිනපතා ම අසුන් හළට ගොස් ඇය ගෙනැවිත් තබන පැන් පරිභෝග කරන්නාහ. ඇය පනවා තබන අසුන්වල වැඩ සිටින්නාහ. අසුන්හලෙහි වත පිළිවෙත කරත් කරත් ම කිසිම බෙහෙතකින් සුව කළ නො හැකිව තුබූ ඇගේ කුෂ්ඨරෝගය ක්‍ර‍මයෙන් වියළී යන්නට පටන් ගත්තේ ය.

ශාලාව කරවා අවසානයෙහි රෝහිණී බුදුපාමොක් මහසඟන එහි වැඩම කරවා මහදනක් දුන්නා ය. දන් වළඳා අවසානයෙහි තථාගතයන් වහන්සේ ‘මේ දානය කාගේදැ’යි ඇසූහ. එකල්හි අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ‘මේ දානය මාගේ නැගණිය වන රෝහිණිය ගේ ය’යි සැළ කළහ. එකල්හි තථාගතයන් වහන්සේ ඇය කැඳවන ලෙස වදාළහ. ඕ තොමෝ බුදුන් වහන්සේ ඉදිරියට එන්නට නො කැමති වූවා ය. එහෙත් තථාගතයන් වහන්සේ නැවත ද ඇය කැඳවූහ. ඇය අවුත් වැඳ සිටි කල්හි තථාගතයන් වහන්සේ ‘තී නො ආයේ කුමක් නිසා දැ’යි වදාළහ. ‘මාගේ ශරීරයේ සම කැත වී ඇති බැවින් ලජ්ජාවෙන් නො ආමි’යි රෝහිණී කීවා ය. එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ රෝගය කවර හේතුවකින් ඇති වූයේ දැයි තී දන්නෙහි දැ’ යි විචාළ සේක. රෝහිණී ‘නො දනිමි ස්වාමීනි’යි සැල කළ කල්හි, ‘තිගේ ක්‍රෝධය නිසා තිට මේ රෝගය ඇති වූයේ ය’යි වදාළ සේක. රෝහිණී, මා විසින් කුමක් කරන ලදදැ’යි විචාළ කල්හි, තථාගතයන් වහන්සේ අතීතයෙහි ඇය කළ පාපය වදාළ සේක. ඒ මෙසේ ය:-

අතීතයෙහි රෝහිණී බරණැස් රජු ගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ රජු ගේ එක් නාටිකාංගනාවක් හා වෛර බැඳ ඇගෙන් පළි ගැනීමට සිතා දිනක් ඇය තමා සමීපයට ගෙන්වා ඇයට නො දැනෙන පරිදි අනිකකු ලවා ඒ ස්ත්‍රිය ගේ යහනෙහි ඇතිරිලිවල කසඹිලියා ගෙඩි සුණු කරවා ගැල්වූවා ය. ඕ තොමෝ ද ක්‍රීඩා කරන ආකාරයෙන් කසඹිලියා සුණු ඇගේ ශරීරයෙහි ද ගැල්වූවා ය. එකෙණෙහි ම නාටිකාංගනාව ගේ ඇඟේ පළු මතු වී කසන්නට පටන් ගත්තා ය. ඈ වේදනාව නො ඉවසිය හැකිව තමා ගේ යහනෙහි වැතිර ගත්තා ය. එහි වූ කසඹිලියා සුණු තැවරීමෙන් ඇගේ වේදනාව තවත් බලවත් වූවා ය. මේ රෝහිණිය අතීතයේ කළ පාපය ය. තථාගතයන් වහන්සේ මේ යටගිය පුවත ගෙන හැර දක්වා දහම් දෙසූ කල්හි බොහෝ දෙනකුන් සමග රෝහිණී ද සෝවාන් ඵලයෙහි පිහිටියා ය. එකෙණෙහි ම කුෂ්ඨරෝගය සම්පූර්ණයෙන් සුව වී ඇගේ ශරීරය රන් රුවක් මෙන් බබලන්නට වූයේ ය.

ඇතැම් අකුශල කර්‍මයන් ගේ විපාකය ඒ ඒ අකුශලයට විරුද්ධ කුශලයන් කිරීමෙන් වළකාලිය හැකි බව මේ රෝහිණී ගේ කථාවෙන් තේරුම් ගත හැකි ය. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඈ තමා ගේ ආභරණ විකුණා ආසන ශාලාවක් කරවීමෙහි හා එහි වත පිළිවෙත කිරීමෙහිත් යොදවනු ලැබූයේ ඒ පින්වලින් අතීත අකුශල කර්මයේ බලය හීන වී යන බැවිනි. ඒ පින් නො කළා නම් ජනයා ඉදිරියට නො පැමිණිය හැකි ඒ රෝගය නිසා ඇගේ ජීවිතය නිෂ්ඵල වන්නේ ය. මතු බොහෝ ජාති ගණනක් ද ඇයට එසේ ම සිදුවන්නට තිබිණ. කළ පවට විරුද්ධ වූ කුශල ක්‍රියාවෙන් ඈ ඒ දුකෙන් මිදුණා ය. ඇය කළ පාපය නම් අනික් තැනැත්තියකට දුක් දීම ය. ආසන ශාලාවක් කරවා එහි වත පිළිවෙත කිරීම අනුන්ට සැපයක් ඇතිකර දීමකි. එබැවින් එය අනුන්ට දුක් දීමේ අකුශලයට ප්‍ර‍ති විරුද්ධ කුශලයෙකි.

රේරුකානේ චන්දවිමල මහනාහිමි – ධර්‍ම විනිශ්චය පොත ඇසුරින්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qbReT9
==රාධතෙරණුවෝ==

එකොළොස් වැන්නෙහි පටිභානෙය්‍යකානං යන්නෙන් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත් ධර්‍මදේශනා වැටහෙයි. එහෙයින් තෙරණුවෝ ප්‍රතිභාහනය (වැටහීම) ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූහ. උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ අනුපිළිවෙළ කථාවයි.

මෙතෙමේත් පියුමුතුරා බුදු රජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් තථාගතයන්වහන්සේට සේවය කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර බමුණුකුලයක පිළිසිඳ ගත්තේය. මොහුට රාධමානවයයි නම් කළාහුය. හෙතෙම මහළු කල්හි තමන්ගේ අඹුදරුවන් විසින් නිගරුකරන ලද්දේ පැවිදිව කල් ගෙවන්නෙමැයි විහාරයට ගොස් තෙරවරුන්ගෙන් පැවිද්ද ඉල්වීය. දිරාපත් මහළු බමුණෙකැයි පැවිදිකරවීමට කිසිවෙක් කැමැති නොවූහ. ඉක්බිති එක් දිනක් බමුණා හාස්තෘන්වහන්සේ වෙත එළඹ පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ හේතුසම්පත් දැක කථාව මතුකිරීමට කැමතිසේක් කිමෙක්ද බමුණ, අඹුදරුවෝ ඔබ පිළිදැගුම් කරත්දැයි ඇසූ සේක. ‘භවත් ගෞතමයිනි, පිළිදැගීමක් කොයින්ද? මහල්ලෙකැයි මා පිටට නෙරපූහ’යි කීවේය. ‘බමුණ, කිමෙක්ද ඔබට පැවිදිවීමට නොවටීද?’ ‘භවත්ගෞමයිනි, කවරෙක් මා පැවිදි කරන්නේද? මහළුබව නිසා කිසිවෙක් මා නොකැමති වෙති’යි බමුණා කීය. ශාස්තෘන්වහන්සේ සැරියුත්තෙරුනට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ හාස්තෘවචනය සිරසින් පිළිගෙන රාධ බමුණා පැවිදිකොට මෙසේ සිතූහ. ශාස්තෘන්වහන්සේ මේ බමුණා ආදරයෙන් පැවිදිකරවූසේක. මාවිසින් මොහු අනදරින් පරිහරණය කිරීමට නොයුතුය.’ (මෙසේ සිතා) රාධ තෙරුන් රැගෙන කුඩාගමක විසීමට ගියහ. අලුත පැවිදිවු බැවින් එහි දුෂ්කරලැබීම් ඇති මොහුට (සැරියුත්) තෙරණුවෝ තමන්ට ලැබුණු ප්‍රණීත පිණ්ඩපාතයද ඔහුටම දී තමූ පිඬු පිණිස හැසිරෙති. රාධතෙරණුවෝ යෝග්‍ය සෙනසුන්ද යෝග්‍ය භෝජනයද ලැබ සැරියුත් තෙරණුවන් සමීපයෙහි කමටහන් ගෙන නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ. ඉක්බිති (සැරියුත්) තෙරණුවෝ ඔහු රැගෙන බුදුරජාණන්වහන්සේ දැකීමට පැමිණියහ. ශාස්තෘන්වහන්සේ දනිමින්ම, ‘සාරිපුත්‍රය, මවිසින් ඔබට යම් ඇසුරුකරන්නෙක් දෙන ලද්දේද? ඔහුට කෙබඳු දෙයක නොකළකිරෙයිද? යි ඇසූසේක. ‘ස්වාමීනි, සසුනෙහි ඇලෙන භික්‍ෂුව නම් මෙබඳු වන්නේය.’ ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේට, ‘සැරියුත් තෙරණු‍වෝ කෘතඥයෝය. කාතවේදීහුය’යි සඟමැද කථාවක් හටගත්තේය. ඒ කථාව අසා ශාස්තෘන්වහන්සේ, භික්‍ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, සාරිපුත්‍රයින්ගේ දැන් කෘතඥතාවත් කෘතවේදිත්වයත් පුදුමයක් නොවේ. හෙතෙම අතීතයෙහි අහෙතුක ප්‍රතිසන්‍ධියෙහි උපන්නේද කෘතඥකෘතවේදීම වීය’යි පැවසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, කවර කලෙකදැයි භික්‍ෂූහු විමසූහ. මහණෙනි, අතීතයෙහි පර්‍වතපාදයක පන්සියයක් පමණ වූ වඩු පුරුෂයෝ මහ වනයට පිවිස ලී ගොඩවල් සිඳ මහත් පසුරක් බැඳ නදියෙන් එතෙර වෙත්. ඉක්බිති එක් ඇත්රජෙක් එක් විෂමස්ථානයක සොඬින් (කඩා) ගන්නේ අත්තකැඩී ආ වේගය ඉවසීමට නොහැක්කේ තියුණු ලීඋලක් පයෙහි ඇනී ගියේය. පා සිදුරු විය. දුක් වේදනාවෝ හටගත්හ. හෙතෙම ගමන ඉදිරියට යාමට නොහැක්කේ එහිම වැද හොත්තේය. හෙතෙම කිහිප දිනක අවෑමෙන් ඒ වඩුවන් තමන් සමීපයෙන් යනු දැක මොවුන් නිසා මම දිවි ලබන්නෙමැයි ඔවුන්ගේ පියවර අනුව ගියේය. ඔවුහු නැවතී ඇතැ දැක බියවූවාහු පලායත්. හෙතෙම ඔවුන් පලා යන බව දැන නැවතී සිටියේය. යළි ඔවුන් සිටි කල්හි ලුහුබැන්දේය. වඩු දෙටුවා ‘මේ ඇතා අපසිටි කල්හි ලුහුබඳියි. පලායන විට සිටියි. මෙහි කරුණක් වන්නේයයි සිතුවේය.’ සියල්ලෝ ඒ ඒ ගසට නැගී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් හුන්නාහුය. හෙතෙම ඔවුන් ලඟට අවුත් තමන්ගේ පය පෙරළා දක්වමින් වැද හොත්තේය. එවිට වඩුවන්ට, ‘පින්වතිනි, මෙතෙම ගිලන් බවින් එයි. වෙනත් කරුණකින් නොවේය’යි හැඟීමක් පහළවිය. ඔහුගේ ලඟට ගොස් පයෙහි පිවිසි ලීහුල දැක, ‘මෙකරුණින් මෙතෙම ආයේය’යි තියුණු වෑයකින් උල්කෙළවර හිමිකො‍ට දැඩි රැහැනකින් බැඳ ඇද ඉවත්කළාහුය. ඉක්බිති ඔහුගේ වණමුඛය පෙළා පැරණි ලේ හරවා කහට දියෙන් සෝදා තමන් දන්නා බෙහෙත් තවරා ඉක්මණින්ම සුව කළාහුය. ඇත්රජ තෙමේ ගිලන්බවින් නැගීසිටියේය (සුවපත් වුයේ), ‘මොවුහු මට බොහෝ උපකාර වූවෝයි. මොවුන් නිසා මවිසින් දිවි ලබන ලදී. මා මොවුනට කළගුණ දන්නකු වීමට වටීයයි සිතුවේය.’ (මෙසේ සිතා) තමන් වසන තැනට ගොස් සුදු ඇත් පැටවකු රැගෙන ආවේය. වඩුවෝ ඇත්පැටවා දැක ‘අපට ඇත්දරුවකුද රැගෙන ආයේයැ’යි බෙහෙවින් සතුටු සිතැත්තෝ වූහ. ඇත්රජතෙමේ මා සිටින විට කුමක් නිසා මෙතෙම ආයේදැයි මා පැමිණි කරුණ නොදනිතියි සිතුවේය. (සිතා) සිටි තැනින් පිටත්වූයේය. ඇත්පොව්වා පියා පසුපසින් ලුහුබැඳ ගියේය. ඇත්රජතෙමේ පැටවා ආපසු එනබව දැන නවතිනු සඳහා ශබ්දසංඥාවක් කළේය. හෙතෙම පියාගේ කථාව (සංඥාව) අසා ආපසු හැරී වඩුවන් සමීපයට ගියේය. වඩුවෝ ‘මෙතෙම මේ පැටවා අපට දීමට ආයේවනැ’යි අප ලඟ ඔබ විසින් කළයුතු දෙයක් නැත. පියා සමීපයටම යවයි’ කීවාහුය. එසේ කියා ඔවුහු (පැටවා) ආපසු යැවූහ. ඇත්රජ තෙමේ තෙවැනිවර දක්වා තමන් ලඟට ආ පැටවා වඩුවන් සමීපයට යැවීය. එතැන්පටන් වඩුවෝ ඇත් පැටවා තමන් ලඟ තබාගෙන පිළිදැගුම් කරති. බොජුන් කල්හි එක් එක් බත් පිඬ බැගින් දෙති. බත ඇති පැටවාට ප්‍රමාණවත් වෙයි. හෙතෙම වඩුවන් විසින් වනය තුළ කපන ලද දැව සමූහය ගෙනවුත් එළිමහන් තැනක ගොඩ ගසයි. මේ අයුරින්මවෙනත් උපකාරද කළේය. ශාස්තෘන්වහන්සේ මෙකරුණ ගෙනහැර දක්වා පෙරද සැරියුත් කෘතඥ කෘතවේදී භාවය ප්‍රකට වූයේය. සැරියුත් තෙරණුවෝ එදා මහ ඇතා වූහ. අත්‍ථෙ‍ර්‍‍ාත්පත්තියෙහි ආවාවූ වීර්‍ය්‍යය හළ භික්‍ෂුව ඇත්පොව්වා වූයේයි වදාළසේක. සංයුත්ත නිකායට පැමිණ සියලු රාධසංයුත්තයද ධර්‍මපදයෙහිද,
වරද දක්නාසුලු පාපය හෙළා දකින නිදන් තොරතුරු කියන්නකු වැනි වූ නුවණැති යම් පුද්ගලයෙක් දක්නා ලැබේද එබඳුවූ පණ්ඩිතයෙකු ඇසුරු කරන්නේය. එබන්දකු ඇසුරු කරන්නාට යහපතක්ම වෙයි. නපුරක් නොවෙයි.
යන ගාථාව තෙරුන්ගේ ධර්‍මදේශනාගාථා නමි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ තෙරවරුන් පිළිවෙළින් තනතුරුවලතබන සේක් රාධතෙරුන් ප්‍රතිභානය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JhVuJt
==සාගතතෙරණුවෝ==

දසවැන්නෙහි තෙජොධාතුකුසලානං යන්නෙන් තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ. එහෙයින් තෙජොධාතුවට සමවැදීමේ දක්‍ෂයින් අතුරෙන් අග්‍රනම්වූහ. උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසඳගෙන මෑතකාලයෙහි ශාස්තාන්වහන්සේගේ ධර්‍මදේශනාව අසමින් එක් භික්‍ෂුවක තෙජෝධාතුවට සමවැදිමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට තනතුර පැතුවේය. හෙතෙම දිවිඇතිතෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතර සැරිසරනේනේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. මොහුට සාගතමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව අටසමවන් උපදවා එහි වසඟ බවට පත්වූයේය. ඉක්බිති එක්දිනක් ශාස්තෘන්වහන්සේ චාරිකාවෙහි හැසිරෙමින් කොඹෑනුවර සමීපයට වැඩිසේක. එසමයෙහි නදීතොටෙහි පැරණි නැවියාගේ ‍බොහෝ ආගන්තුක ගමිකයෝ සතුරුවී ඔහු තළා මැරූහ. හෙතෙම විරුද්ධසිතින් පැතුමක් තබා ඒ තොටපලෙහිම මහත් ආනුභාව ඇති නා රජෙක්වී උපන්නේය. හෙතෙම විරුද්ධසිත් ඇතිබැවින් නොකල්හි වස්වයි. කාලයෙහි නොවස්වයි. ශශ්‍යයෝ මනාව නොහටගනිත්. සියලු රටවැසියෝ ඔහු සංසිඳවීම සඳහා අවුරුදු පතා බලිකර්‍ම කරත්. විසීම සඳහාද මොහුට එක් ගෙයක් කළාහුය. ශාස්තෘන්වහන්සේද ඒ තොටින් එතෙරවී බික්සඟන පිරිවරනලද සේක් ඒ පෙදෙසෙහිම රාත්‍රිය වසන්නෙමැයි වැඩිසේක. ඉක්බිති මේ තෙරණුවෝ මෙහි නාරජ චණ්ඩයයි අසා මේ නාරජු දමනය කොට විසනැත්තෙකු කොට ශාස්තෘන් වසන තැන පිළියෙළ කිරීමට වටනේයයි නාරජු වසන තැනට පිවිස පලක් බැඳ වැඩහුන්හ. නයා කිපී මේ කවර නම් මුඩුමහණෙක් මා වසන තැනට පිවිස හුන්නේදැයි දුම්පිට කළේය. තෙරණුවෝ වැඩිමනත් දුම්පිට කළහ. නයා දිදිළීය. තෙරණුවෝ වැඩිමනත් දිදිළී ඔහුගේ තෙද යටපත් කළේය. හෙතෙම මේ භික්‍ෂුව බලවතෙකැයි තෙරුන්ගේ පාමුල වැදෙහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේගේ සරණ යමියි කීවේය. මා සරණයාමෙන් වැඩක් නැත. බුදුරජානන්වහන්සේ සරණයවයි කීහ. හෙතෙම මැනවැයි සරණගියේ වී එතැන්පටන් කිසිවකු නොපෙළීය. වැස්සද මනාව වස්වයි. ශශ්‍යයෝද මනාව නිපදෙත්, කොසඹෑ වැසියෝ සාගත ආර්‍ය්‍යයන්වහන්සේ විසින් අම්බතිත්‍ථක නාගයා දමනය කරනලදැයි අසා ශාස්තෘන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් මහත් සත්කාර පිළියෙළ කළාහුය. ඔවුහු දසබලන්වහන්සේට මහත් සත්කාර කොට ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ වචනයෙන් සියලුගෙවල්වල කාපොතික නම් මද්‍යපානය පිළියෙළ කොට දෙවන දිනයෙහි පිඬු පිණිස හැසිරෙන සාගත තෙරුන්ට එක් එක් ගෙහිදී ටික ටික දුන්නාහුය. තෙරණුවෝ ශික්‍ෂාපදය නොපැනවී තිබියදී මිනිසුන්විසින් අයදිනුලබන්නාහු එක් එක් ගෙහිදී ටි ටික බී ශාස්තෘන්වහන්සේගේ නොදුරට ගොස්ම නොරහත් බැවින් සිහිය අත්හැර කසළගොඩක වැටුනාහ. ශාස්තෘන්වහන්සේ ඔහු දැක කරනලද බත් කිස ඇති සේක් නික්මෙමින් ඔහු ගෙන්වා ගෙන විහාරයට ගොස් නින්දා කොට ‍ශික්‍ෂාපදය පැනවූසේක.

හෙතෙම දෙවැනි දිනයෙහි සිහිය ලැබ තමන් කළ කරුණ අසා ඇවත් දෙසා බුදුරජාණන්වහන්සේ ක්‍ෂමා කරවාගෙන උපන් සංවේග ඇත්තේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. මෙසේ කථාවස්තුව විනයෙහි නැඟීසිටියේය. එය එහි පැමිණි සැටියෙන්ම විස්තර වශයෙන් දතයුත්තේය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රමෙහි හිඳ තෙරුවරුන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් සාගතතෙරුන් තෙජෝධාතුවට සමවැදීමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.