Monthly Archives: December 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2SGJ9Sz
මහණෙනි, මම විද්‍යාවන් නිසා ලබන විමුක්තිය ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි.

විද්‍යාවන්ගෙන් ලබන නිදහසට ආහාරය කවරේද? බෝධිඅංග සත (සත්තබොජ්ඣඞ්ග) යයි කියමි.

මහණෙනි, මම බෝධියෙහි අංග සතද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. බෝධියෙහි අංග සතට ආහාරය කවරේද? සතර සතිපට්ඨානයයි කිව යුතුය.

මහණෙනි, මම සතර සතිපට්ඨානයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතර සතිපට්ඨානයන්ට ආහාරය කවරේද? සුචරිත තුනයයි කිව යුතුය.

මහණෙනි, මම සුචරිත තුනද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ආහාරය කවරේද? ඉන්‍ද්‍රිය සංවරයයි කිව යුතුය.

මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය සංවරයට ආහාරය කවරේද? යෝනිසෝමනසිකාරයයි කිව යුතුය.

මහණෙනි, මම යෝනිසෝමනසිකාරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. යෝනිසෝමනසිකාරයට ආහාරය කවරේද? සතිසම්පජන්‍යය (නුවණින් මෙනෙහි කිරීම)යයි කිවයුතුය.

මහණෙනි, මම සතිසම්පජන්‍යයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතිසම්පජන්‍යයට ආහාරය කවරේද?

ශ්‍රද්ධාවයයි කිව යුතුය. මහණෙනි, මම ශ්‍රද්ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ශ්‍රද්ධාවට ආහාරය කවරේද? සද්ධර්ම ශ්‍රවණයයි කිව යුතුය.

මහණෙනි, මම සද්ධර්ම ශ්‍රවණයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්ධර්ම ශ්‍රවණයට ආහාරය කවරේද? සත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.

“මහණෙනි, මෙසේ සත්පුරුෂ ආශ්‍රය පුරන්නේ සද්ධර්ම ශ්‍රවණය පුරයි. සද්ධර්ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පිරීමෙන් සතිසම්පජන්‍යය පුරයි. සතිසම්පජන්‍යය පුරන්නේ යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පුරන්නේ ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිතය පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බෝධියෙහි අංග සත සපුරයි. බෝධියෙහි අංග සත සපිරීමෙන් විද්‍යාවන් කරනකොට මිදීම පිරුනාවේ. මෙසේ මේ විද්‍යාවන් සපුරා මිදීමට ආහාර වේ. මෙසේ සම්පූර්‍ණවේ.

“මහණෙනි, යම්සේදයත් , පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල, වළාකුළු ගුගුරණ කල, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍ර සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයේ ආහාර වේ. මෙසේ පරිපූර්‍ණ වේ.”

භවතණ්හාපුරීමකොටි සූත්‍රය

🌺🌷🌿🌺🌷🌿🌺🌷🌿🌿🌿🌿