Monthly Archives: October 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/31Hk3Hk
💚💛🧡 අපේ බුදුහාමුදුරුවෝ 82 💚💛🧡

🌹 විපස්සී බුදුහාමුදුරුවෝ 01

ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නැවතත් අන්තර් කල්ප සහිත වූ කල්පයක් ගෙවිලා ගියා. නිකම්ම නිකම් කල්පයක් වශයෙන් හැඳුන්වුවාට ගණනය කල නොහැකි කාලයක් තමයි අපි එලෙස අද ඊයේ වගේ හඳුන්වන්නේ. පසුව කල්ප ගැන වෙනම විස්තරයක් ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බුද්ධශුන්‍ය කාල වල අපිත් සතර අපායේ සැරිසරන්නට ඇති. කෙසේ හෝ ඒ අවාසනාවන්ත අවිද්‍යා අඳුර මකාලමින් විපස්සි නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුනා. ඒ නනාමාදිලියේ රුවන් කාන්ති සමූහයෙන් දිදුලන තුසිත දෙවුලොවින් චුතවී.

උන්වහන්සේ මෙළොව එලිය දුටුවේ බන්ධුමතී නුවර බන්ධුමතී අගමෙහෙසියගේ කුසේ. දෙවියන්ගේ සියලු ආරක්ෂාවන් මැද දසමස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි වලාරොදින් මිදි පුන්සඳ සේ මෙලොවට බිහිවුනා. උන්වහන්සේට නම් තබන දිනයේදී ලක්ෂණ පාඨකයෝද නෑයෝද දිවා රෑ අතර තුර මොහොතුකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නේය, වීවෘත ඇසින් දක්නේය යයි කියා විපස්සි යනුවෙන් නම් කරනු ලැබුවා. තවත් විමසා විමසා දකින්නේ යන නමින් විපස්සි වශයෙන් නම් කළා කියලත් කියනවා.

උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි ගතකලා. ඒ සඳහා ඉතාමත් දැකුම්කලු ප්‍රාසාද තුනක් උන්වහන්සේටත් හිමිවුණා. ඒවා නමින් නන්ද සුනන්ද සිරිමා නම් වුනා. සුදස්සනා දේවිය ප්‍රමුඛ කොට ස්ත්‍රීන් එක්ලක්ෂ විසිදහසක් උන්වහන්සේ වෙනුවෙන් සේවයේ නිරතවුණා. සුදස්සනා දේවියට” සුතනු” යනුවෙන්ද හඳුන්වනවා. අනේක වූ රජ සැප සම්පත් විඳිමින් එලෙස අවුරුදු අටදහසක් ගතවුනා. අවසානයේ උන්වහන්සේටද දෙවියන් විසින් සතර පෙරනිමිති පෙන්නුවේ සුදස්සනා දේවිය සමවත්තකඛන්ධ පුතු මෙලොවට බිහිකළ දිනයෙමයි.

එදින රාත්‍රියේම උන්වහන්සේ මහභිනික්මන් කලේ ආජඤ්ඤ රථයකින් අසුහාරදහසක් පිරිවර සමග. ඒ සියලුම දෙනා උන්වහන්සේ සමග තපස් මහණ දිවියට අතුලුවුනා. ඒ මහා පුරුෂයාණන් වහන්සේ ඔවුන් සමගින් පුර අටමසක් ප්‍රධාන විර්යය වැඩුවා. අවසානයේ මෝහ අන්ධකාරය දුරලා ලොවට තවත් අලුත් ඉරක් උදාකරන තවත් වෙසක් දිනක් එළඹුණා. එදින උදෙන්ම සුදස්සන සිටුදියණිය ගෙනවිත් දුන් මිකිරිබත් වළඳා කුසුමින් සමලංකෘත සාලවනයෙහි දිවාවිහාර ගෙවා සුජාත නම් යුවලක දුන් අටතනමිට ගෙන සමලංකෘත පළොල් බෝධිය දැක දකුණු දිගින් ඒ වෙත එළඹුනා.

🌹 විශේෂිත පළොල් බෝධිය.

ඒ පළොල් බෝධිය ගැන විශේෂ වර්ණාවක් තියෙනවා. එය මෙහෙමයි. ඒ පළොල් බෝධිය සමවටකඳ ඇත්තේය. එදින පනස්රියන්ව උඩට නැගුනේය. ශාඛාව පනස්රියන්ය. උසින් රියන් සියයක් විය. එදිනම පළොල් රුක කර්නිකබද්ධ වුවක් මෙන් සුවඳ මලින් මුල පටන් හැමලෙසින්ම ගැවසී ගත්තේය. ඒ මල් වලින් දිවසුවන්ද දසත හමයි. එකල්හි මෙම රුක පමණක් නොවිය. දසදහසක් සක්වළ අභ්‍යන්තරයෙහි ධජමාලයෙන් අකූල විය. ඒ ඒ තැන්වල මලාගුල විසිරී නන් සුවඳ කුසුමින් පොළෝතලය සුවඳ දුමින් අඳුරු විය.

ඒ ආශ්චර්යමත් රුඛ වෙත පැමිණි විපස්සි බෝසතාණෝ තෙපනස් රියන් පුළුදෙති තණ ඇතිරි අතුරා බුදුබව ලබනතුරු නොනැගිටිමි යන ප්‍රතිඥා කොට වැඩ සිටින්නට වුනා. එසේ වැඩහිඳ මාරු සහිත මැරබල නසා බුද්ධත්වයට පැමිණ තවත් අඳුරෙන් වාසි තිබු කල්පයක් ඒකාලෝක කරන්නට වුනා.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32KjzSk
සවස් කාලයෙක්හි තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප තවුසා වෙත එළඹ, “කාශ්‍යපය, ඔබට බරක් නොවේනම් එක් රැයක් මේ ගිනිහල් ගෙයි වාසය කරමි” යි වදාළ හ. “මහ මහණ, මටනම් බරක් නැත. එහි ඝෝර විෂ ඇති නපුරු නාග රාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකිය” යි උරුවෙල කාශ්‍යප කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ “කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නොකරනු ඇත. ඔබ මා හට එහි විසීමට අවකාශ දුන මානව ” යි වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප, “මහණ, රිසිසේ වාසය කරනු මැනව” යි කීහ. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තණ අතුරා එහි වැඩ හුන් සේක. කිසිවකු ඇතුළු නොවන ඔහුගේ භවනට කිසි ගරු සරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිඳීම ගැන නාරජු කිපුනේය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරීමට විෂ දුම් පිට කළේය. තථාගතයන් වහන්සේද ඔහු දමනය කරනු පිණිස දුම් හළහ. නාගයාගේ දුමින් බුදුනට පීඩාවක් නොවිණ. තථාගතයන් වහන්සේගේ දුමින් නාගයා පෙලිණ. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන් වහන්සේද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේගේ ගින්නෙන් නාරජු පෙලෙයි. දෙදෙනා ම ගිනි පිට කරන්නට වන් කල්හි ගිනිහල ගිනි දලුයෙන් වැසී ගියේය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිහල වටා බලා සිටිමින්, “අනේ ලස්සන මහණ නාග රාජයා විසින් නසනු ලැබෙය ” යි ඔවුනොවුහු කතා කලෝය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් නාරජුගේ තේජස යට කොට , ඔහු දමනය කොට පාත්‍රයෙහි ලා පසුදින, “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයාය ” යි උරුවෙල කාශ්‍යප ට දැක්වූහ. උරුවෙල කාශ්‍යප නාගයා බලා “මහ මහණ නයින් දමනයට සමත් වුවද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතය” යි සිතී ය.

නාග දමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප ගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූ සේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙවිවරු සතර දෙන එහි පැමිණ මහා ගිනි කඳන් සතරක් මෙන් දිලිසෙමින් බුදුන් වහන්සේ සමීපයේ සිට ගත්තෝය . උරුවෙල කාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේය. ඔහු බුදුන් වහන්සේ වෙත ගොස් ඒ කවරහුදැයි ඇසීය. “සතරවරම් දෙව් රජවරු දහම් ඇසීමට පැමිණියෝය” යි තථාගතයන් වහන්සේ වදාළහ. එය අසා “මහ මහණ කරා “සතරවරම් දෙව් රජවරුත් දහම් ඇසීමට පැමිණෙති. එහෙත් ඔහු අප සේ රහත් නොවෙති ” යි උරුවෙල කාශ්‍යප සිතා ගත්තේය.

තවත් දිනෙක රාත්‍රියේ ඒ වන ලැබෙහි කලින් දුටු ගිනි කඳන් වලට මහත් වූද පැහැපත් වූද ගිනි කඳක් වැනි පුද්ගලයෙකු උරුවෙල කාශ්‍යප දුටුවේ ය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කව්දැයි විචාළේය . ඒ ශක්‍රදේවේන්ද්‍රයා බව වදාළ කල්හි පෙර සේම “මහා ශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අප සේ රහත් නොවෙති” යි සිතා ගත්තේය.

තවත් දිනෙක රාත්‍රියේ සහම්පති බ්‍රහ්ම රාජයා බුදුන් වහන්සේ වෙත පැමිණ සිටියේය. උරුවෙල කාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රියේ පැමිණ සිටි අමුත්තා කවරේදැයි අසා ඒ සහම්පති බ්‍රහ්ම රාජයා බව වදාළ කල්හි පෙර සේම “මහ මහණ කරා බ්‍රහ්මයා පැමිණෙන නමුත් ඔහු අප සේ රහත් නොවේය” යි සිතා ගත්තේය.

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වැඩ වෙසෙන කාලයේ උරුවෙල කාශ්‍යපයන් වෙත අඟු මගධ දෙරට වැසියන් බොහෝ දෙනෙකුන් බොහෝ දේ ගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සව දිනයට පෙර දින උරුවෙල කාශ්‍යප සිතනුයේ, “සෙට මෙහි අඟු මගධ දෙරට වැසි බොහෝ දෙනෙකුන් පැමිණෙන්නාහ. ඉතින් සෙට මහමහණ ප්‍රාතිහාර්යයක් කෙළේ නම් ඔහුට ලාභ සත්කාර බොහෝ වන්නේය. මම ලාභයෙන් පිරිහෙන්නිමි. සෙට දවස මහමහණ මෙහි නොආවොත් සොඳය” යි සිතුවේය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල සමීපයෙහි වළඳා දහවල් කාලයෙහි එහිම විසු සේක. උරුවෙල කාශ්‍යප පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, “ඇයි ඊයේ ඔබ නො පැමිණියේ ? ඊයේ අපට බොහෝ දේ ලැබුනේය. අපි ඔබ සිහි කළෙමු. ඔබගේ පන්ගුවද තැබුවෙමු.” යි කීහ. “ඇයි කාශ්‍යප, ඔබට ඊයේ මහමහණ නො පැමිණියොත් හොඳය යි සිතුනේ නොවේද?” යි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලජ්ජා වී , “මේ මහමහණ මහත් වූ ඍද්ධි ඇතියෙක, පර සිත් දන්නෙක. එහෙත් ඔහුට අපට මෙන් රහත් කමක් නම් නැතය” යි සිතුවේය. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපයන් පිරිනැමූ අහර වළඳා ඒ වන ලැහැබෙහිම විසු සේක.

එක දවසක් තථාගතයන් වහන්සේ ට පාංසුකූලයක් ලැබුනේය. එය සෝදා ගැනීමට තැනක් නොවීය. එකල්හි සක් දෙව් රජු තථාගතයන් වහන්සේ ගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් හාරා , ගලක්ද ගෙනවුත් තැබීය. වස්ත්‍රය සෝදා වැනීමට මහා කළු ගලක්ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලාගෙන පොකුණෙන් ගොඩ වීම සඳහා සමීපයේ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමා ලීය. පසු දින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා, “මහමහණ කලින් මෙහි පොකුණක් නොතිබිණ. මේ ගලද නොතිබිණ. කුඹුක් අත්තක්ද නැමී නොතිබිණ. මේ කිමෙක් ද” යි කීය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසුකූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කණින ලද බවත්, ගල ගෙනවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමා ලූ බවත් වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප “ශක්‍ර දෙවෙන්ද්රයත් වැඩ කර දෙන මේ මහන මහානුභාවසම්පන්න ඇතියෙක. එහෙත් අපට මෙන් රහත් කමක් ඔහුට නැතය. “යි සිතා ගත්තයේ.

පසු දින කාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් දාන වෙලාව දැන්වූ කල “කාශ්‍යප, තෙපි යව. මම එමි” යි කියා ඔහු පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහා දඹ ගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවෙල කාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩ හුන් සේක. උරුවෙල කාශ්‍යප, බුදුරදුන් වැඩ සිටි වන ලහෙබෙහි සිට පා ගමනින් අවුත් ගිනිහල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී “මහන, ඔබ කිනම් මගකින් මට පළමුවෙන් මෙහි ආයෙහි ද” යි කීය. “කාශ්‍යප, මම ඔබ පිටත් කොට යම් දඹ ගසක් නිසා මේ දිවයිනට දඹදිව යි කියත් ද, ඒ දඹ ගසින් පලයක්ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි ” යි කීහ. “කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින් ද රසයෙන් ද යුක්තය. ඔබ කැමති නම් මෙය වලඳව” යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප, “මහමහණ, ඔබ ගෙන දඹ ඵලය ඔබම වළඳන්න” යයි කියා “මහමහණ මහත් ඍද්ධි ඇතියෙක. එහෙත් අපට මෙන් අර්හත්වයක් නම් මොහුට නැතය” යි සිතුවේය.

මෝඩකම ම රහත් බව ලෙස සලක ගෙන සිටින උරුවෙල කාශ්‍යප තවුසාට මෙතෙක් ප්‍රාතිහාර්ය දක්වීමෙන්ද තමා නොරහත් බව නොවැටහින. ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසු දින ඒ දඹ ගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ගෙඩිද, ඊට පසු දින අරළු ගසින් අරළු ගෙදිඩ්, ඊට පසුදින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල්ද ගෙනවුත් උරුවෙල කාශ්‍යපට දැක්වුහ. කාශ්‍යප ඒ සෑම අවස්ථාවකදීම “ඍද්ධියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහණ ට නැත ” යි සිතුවේය.

එක දිනක් තවුසෝ පන්සිය දෙන ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබැල්ලකදු නොපැලෙන්නේය. “මෙයත් මහමහණ ගේ ප්‍රාතිහාර්යයක් ය” යි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ, “කාශ්‍යප, දර පලන්නද? ” යි අසා වදාළහ. “පලන්න මහමහණ” යි ඔහු කීය. එකෙනෙහිම දර කොට පන්සියය පැලී ගියේය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් උත්සාහ කලද එක දර කැබැල්ලකටවත් ගිනි නො ඇවිලෙයි. ඔවුහු, “මෙයත් මහමහණ ගේ ඍද්ධියක්” යයි සිතූහ. තථාගතයන් වහන්සේ “ගිනි අවුලුවන්නද කාශ්‍යප?” යි වදාළහ. “එසේය මහමහණ” යි කාශ්‍යප කීය. එකෙනෙහි පන්සීය තැනක ගිනි දැල්විණි. තවුසෝ ගිනි පුදා නිවන්නට උත්සාහ කළහ. කොතෙක් ජලය වත් කලද ගිනි නො නිවෙයි. “මෙයත් මහමහණ ගේ ප්‍රාතිහාර්යයක් ය” යි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ, “කාශ්‍යප, ගිනි නිවන්නද? ” යි වදාළහ. “එසේය” යි කී කල්හි සෑම තැන ගිනි නිවිණි. කාශ්‍යප පෙර සේම සිතුවේය.

ශීත ඍතුවේ හිම වැටෙන කාලයේ එක රාත්‍රියක තවුසෝ නෙරංජලා ගංගාවෙහි දියෙහි ගිලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුන්ට ගඟින් නැගී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනි කබල් පන්සියයක් නිර්මාණය කළහ. තවුසෝ “මෙයත් මහමහණ ගේ ප්‍රාතිහාර්යයක් ය” යි සිතූහ. උරුවෙල කාශ්‍යප සිරිත් පරිදි “මහමහණ ඍද්ධිමතෙකු වුවද අපට මෙන් ඔහුට රහත් බවක් නැත” යි සිතුවේය.

තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයෙහි එක දිනෙක අකල් වැස්සක් වස උන්වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යටවී ගියේය. තථාගතයන් වහන්සේ (ඍද්ධියෙන්) එක තැනක් ජලය ඉවත් කොට වියලි දූලි නගින්නා වූ බිම සක්මන් කරමින් උන් සේක. උරුවෙල කාශ්‍යප “මහමහණ බේරා ගනිමුය” යි තවත් තවුසන්ද සමග ඔරුවකට නැගී එහි ගියේය. ඔහු ජලය මද වියලි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විශ්මිත වුයේ, “මේ මහමහණ ද ?” යි කීය. “කාශ්‍යප, ඒ මමය” යි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැගී ඔහුගේ යාත්රාවෙහි සිටි සේක. උරුවෙල කාශ්‍යප පෙර පරිදිම “සිටිනා තැනට ජලය පවා ගලා නොඑන මේ මහමහණ මහත් ඍද්ධි ඇතියෙක. එහෙත් ඔහු අප මෙන් රහත් නොවෙති” යි සිතුවේය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ මෝඝ පුරුෂයාට සංවේගය ඇති කිරීමට මේ සුදුසු කාලය” යි සිතා “කාශ්‍යප, නුඹට ඇති රහත් කමකුත් නැත. නුඹ රහත් වීමේ මගට පැමිනියෙක්ද නොවෙහිය . රහත් වීමේ ප්‍රතිපදාවක් නුඹට නැතය ” යි වදාළහ. එකල්හි උරුවෙල කාශ්‍යප ගේ මානය බිඳී ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේ ගේ පාමුල වැඳ වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාහට පැවිද්ද හා උපසම්පදාව ලැබේවා ” යි ඇයද සිටියේය….

උරුවෙල කාශ්‍යප ස්වාමින් වහන්සේ පසු කලෙක රහත් වී, මේ බුදු සසුනෙහි මහා පිරිස් ඇත්තන් අතර අග තනතුරද ලැබූහ.

– අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නා හිමිගේ “සූ විසි මහා ගුණය” පොතෙනි. –

https://ift.tt/2BAV3qG

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BvS96w
19 වන සියවස කාලයේ රුවන්වැලි සෑය දිස්වූයේ අද අපි දකින ආකාරයට නම් නොවේ. නගරය පමණක් නොව මුළු පලාතම ජනයාගෙන් හිස්වී වල් වැවී වන සතුන්ගේ වාසස්ථානයක් විය. මෙම කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් ලෙස දිස් වීය.

මෙසේ පවතින කල නාරන්ඕවිට සුමනසාර තෙරුන් වහන්සේ එහි පැමිණ වනය මැද පිහිටි සෑය හෙළිකරන්නට පටන් ගත්හ. කි .ව. 1884 දී පමණ චෛත්‍ය බඳ වන්නට පටන් ගත්තේය. පටන්ගත් නමුත් උන්වහන්සේට එය අවසන් කරන්නට නුපුළුවන් වීය. උන් වහන්සේ විසින් වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් බැඳ වූ ඒ බැම්ම දුර්වල වී 1912 දී බිඳ වැටුනේය. ඉන්පසු එම වසරේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙද රාල හාමිගේ මුලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්න ලදී. දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි ශක්තිමත් ලෙස චෛත්‍ය රාජයා බඳවන්නට පටන් ගත් සමිතිය, බැඳීම අවසන් වන්නට ලංවූ කල එය මත පැළද වීමට ටොන් 6ක් පමණ බරැති ආදී සුවිස්සක් පමණ උස්වූ ලෝහමය කොතක්ද කරවීය. එහෙත් චෛත්‍ය මස්තකයෙහි පැළඳ විය යුතු චුඩා මානික්‍ය සම්බන්ධයෙන් දුෂ්කර තත්වයකට පත් විය. පුවත් පත් වල දැන්වීම් පල කිරීම් ආදියෙන් චුඩා මාණික්‍යය වර්ෂ ගණනක් මුළුල්ලේ සෙවූ නමුත් කොතනකින් වත් එයට සෑහෙන පළිඟුවක් නොලැබිණි. අවසානයේදී කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු යු. විනයාලංකාර බුරුම නායක ස්වාමින්වහන්සේ ගේ උපකාරය සෙවුහ.බුරුම නායක මාහිමියන්වහන්සේ මේ කාලයේ අභිනව දළඳා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි චෛත‍යවර්ධන සමිතියේ නිලධාරී පිරිසක් උන් වහන්සේ වෙත ගොස් මුහුණ පාන්නට සිදුවී දුෂ්කර තාවය උන් වහන්සේට දන්වා බුරුමයෙන් වත් චුඩා මාණික්‍යයක් සොයන්නට උත්සාහ කරන ලෙස ආරාධනා කළහ. චුඩා මානික්‍ය පිලිබඳ දුෂ්කරත්වය පහකර ලීමේ වටිනාකම දත් බුරුම ජාතික මාහිමිපාණන් තමන්වහන්සේ විසින් කරවමින් සිටින දළඳා මාලිගා කර්මාන්තයද රුවන් මැලි සෑය බැඳවීමට දෙවැනි නොවන තරමේ බරපතල දෙයක් වුවද එය වෙනත් බුරුම තෙරුන්වහන්සේ නමකට භාර කොට 1933 මයි මස 17 දින කොළඹ වරායෙන් නැව් නැග චුඩා මාණික්‍යයක් සොයනු සඳහා රැන්ගුන් නුවරට වැඩි සේක.

උන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් නැවතී සම්මුඛ වන මහා තෙරුන්වහන්සේලාගෙන් හා රටතොට ගැන දන්නා මහතුන්ගෙන්ද චුඩාමානික්‍යට සරිලන පළිඟුවක් ගැන විමසු නමුත් එයින් පලක් නොවීය. ඉන්පසු උන්වහන්සේ අමරපුරය නම්වූ උඩබුරුමයෙහි මැනික් ගැන සුපතල මෝගොක් නගරයට වැඩියහ. ඒ නගරය වනාහි මැණික් ආකර හිමියන්ගෙද . මැණික් වෙළඳුන්ගෙද , මැණික් කර්මාන්තය කරන කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි. නායක හිමියන්වහන්සේ එහි වෙසෙන් මැණික් වෙළඳුන්ට හා මැණික් ආකාර හිමියන්ට තමන්වහන්සේ පැමිණි කාරණය දැන්වීය. ඔව්හු මේගැන මහත් සැලකිල්ලක් දක්වා උවමනා කරන පලිඟුවේ ගණන් මිනුම් ගෙන එතෙක් ලැබී තිබුණු පලිඟු ඉතා ඔනෑ කමින් පරීක්ෂා කළහ. චුඩා මානික්‍ය සඳහා සරිලන පළිඟුවක් වෙළෙන්දෝ උන්වහන්සේට පරිත්‍යාග කළහ. එහි වටිනාකම එකල මුදලින් රුපියල් 6000කි. මෝගොක් ආකාර වලින් ලැබුණු පලිඟුව ලංකා පලිඟුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. එබැවින් ඒවායේ වටිනා කමින් අධිකය. බුරුම නායක හිමිපාණන් 1938 අගෝස්තු මාසයේදී ඒ පලිඟුව ලංකාවට රැගෙන ආවේය. රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන් එම දුර්ලභ වස්තුව දැක බොහෝ සෙයින් සතුටු වී බුරුම හිමි පානන්ට අනේක ආකාරයෙන් ස්තුති කරමින් සතුටු වුහ.

ඉක්බිති රුවන්මැලි චෛතය සමිතියේ මහත්වරු ආකාරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආවාවූ එම පලිඟුව කැප්පවීමට ශිල්පයකු සෙවීය. කුඩා මැණික් ගල්මිස විශාල ගල් කැපිය හැකි යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා ලංකාවේ නොමැති බැවින් එය කැපීය හැකි කෙනෙකු සොයා ගත නොහැකි විය. එබැවින් දෙවන දුෂ්කර පැනයට සමිතියේ මහතුන්ට මුහු දෙන්නට වීය. එය විසඳා ගැනීමට ඔව්හු පලිඟුව සැපයු බුරුම නායක මාහිමිපානන්ගේම උපකාරය සෙවුහ. බුරුම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරතහොත් පිළිගැනීමට සමිතිය සතුටු බව බුරුම නායක හිමිපාණන්ට දන්වා චුඩා මානික්‍ය සැපයීමේ සම්පුර්ණ භාරය උන්වහන්සේටම පැවරූහ. උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිලිගෙන සමිතිය මගින් පිළියෙළ කරන ලද චුඩා මාණික්‍යයේ සැලැස්ම සහ පලිඟුව රැගෙන නැවත බුරුමයට පැමිණ මෝගොක් නුවරටම ගොස් චුඩා මාණික්‍ය කැපීම සඳහා පලිඟුව ශිල්පීන් අතට පැමිණ වුහ.

චුඩා මාණික්‍යයේ සැලැස්ම පරිදි පලිඟුව කපා ගෙනගිය නමුත් එක පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන් විය. මාස ගණනක් මුළුල්ලේ රටින් රට ඇවිදිමින් කරන ලද ව්‍යාපාරය නිෂ්පල විය. කොතෙක් දුෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත් දෙය මුදුන් පත් වන තෙක් නොනවත්වන ස්වභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුම නායක මාහිමියන්වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පළිඟුවක් සොයන්නට වන්හ. විනයාලංකාර බුරුමනායක හිමිපාණන්ගේ පුණ්‍ය මහිමය නිසාදෝ පළමු පලිඟුවට ද වඩා ලොකු පළිඟුවක් පළමු පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම ලැබී තිබුණි. ඔව්හු එයද නොමසුරුව ඒ නායක හිමිපාණන්ට පරිත්‍යාග කළහ. ඒ පලිඟුව රුපියල් අටදහසක් අගනේ විය. මොගාක් නුවර ආකාරවලින් ඉන් පෙර කිසිවකු විසින් එපමණ මහත් පළිඟුවක් ලබා නැත. මේ අවස්තාවේදී ම මෙබඳු චුඩා මාණික්‍යයට ප්‍රමාණවත් පළිඟුවක් ලැබීම ආශ්චර්යකි. මේ ගැන තත් දන්නා සියලු දෙනාම පුදුමවුහ. දෙවනුව ලද ඒ පලිඟුවෙන් ඉන්ජිනේරුමහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩා මාණික්‍යය කපන ලදී. එහි උස අඟල් 18කි. වට පමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.

පලිඟුව කපා අවසාන වූ කල්හි බුරුම නායක හිමිපානන් එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන් සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වීය. උන් වහන්සේගේ වචනය ඇසු බොහෝදෙනා ඒ සඳහා රන් රිදී මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැක්වුහ. එයින් සතුටට පත් නායක හිමිපාණෝ එය කරවීමට මොගොක් නුවර ධනවත් බෞද්ධ මහතකුට පැවරූහ. ඒ මහතා කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබුනත් තමාගේම වියදමින් නායක මාහිමියන්වහන්සේගෙන් අවසර ලැබෙන සැටියට කරවා දෙමි’යි ප්‍රතිඥා කොට කට යුත්ත භාර ගත්තේය. එම කටයුත්ත සිය ඇස් ඉදිරියේම පිරිසිදුව කරවන්නට කල්පනා කළාවූ ඒ මහතා ඒ සඳහා උවමනා සියලුම උපකරණ අලුතින්ම තම නිවසට රැස්‌ කරවා රන් කරුවන් හා මැණික් කපන්නන්ද සිය නිවසට ගෙන්වා ආරක්ෂා සහිතව එම කාර්ය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුමනායක මාහිමියන් වහන්සේ වනාහී සිතුවහොත් කොතරම් වියදම් වන දෙයක් උවත් ලෙහෙසියෙන් සිදු කල හැකි මහා පින් ඇත්තෙකි. එබැවින් කාර්ය ආරම්භ කරනු සමගම රන් රිදී සහ මැණික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදියෙන් වාත්තුකොට රත්රනනින් සියල්ල වසා මැණික් ඇල්ලු අඩියක චුඩා මානික්‍ය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් පිහිටුවා මැණික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලා නව මසකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිමවන ලදී.

චුඩා මාණික්‍යය පිහිටවූ අඩියේ උස අඟල් 13 කි. බර රාත්තල් 156කි. එය වසා පෙරවීමට රත්තරන් රාත්තල් 12ක් ගන්නා ලදී. එහිඉතිරි රාත්තල් 144 රිදීය.

මේ සඳහා ලැබුණු #මැණික් ගල් 7684කි. ඒවා අතර රුපියල් 15000ක් (එකල මිල) පමණ වටිනා ලෝහිතංක මානික්‍යක්ද වීය.ලැබුණු මැණික් ගල් අතර රුපියල් 5ක් නොවටිනා එකම ගලකදු නොවීය. මැණික් සියල්ලම චුඩා මාණික්‍යයට ඇල්ලවිය නොහැකි බැවින් තෝරාගත් වඩා වටිනා මැණික් 4350 කින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී. ඒ මැණික් වලින් 15000 ක් අගනා ලෝහිතංක මැණික් සහිත අගනා ගල් 1144 කින් චුඩා මාණික්‍යයේ මුදුන සරසා තිබේ. අඩිය සහිත චුඩා මාණික්‍යය උස අඟල් 31කි.

#චුඩා මාණික්‍යය මුදුනෙහි පිහිටවන ස්වර්ණමය කරඬුවෙහි වඩා හිඳවනු සඳහා බුරුම නායක මාහිමියන් විසින් ඒ ඒ තැනින් සපයා ගත් #ධාතුන්වහන්සේලා 9 නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුනෝය. චුඩා මානික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට බලාපොරොත්තු වූ දිනයෙහි නායක මාහිමිපානන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය වැඩ කරන තැනට ගෙනගිය මුත් කරඬුව සවි කිරීම එදින අවසන් කිරීමට නුපුළුවන් වුයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය එහිම එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුදින උන්වහන්සේ එහි වැඩ කරඬුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලු කල්හි කුප්පිය පුරා ධාතුන්වහන්සේලා වැඩ සිටින බව දුටහ. ඒ කාරණයෙන් එහි උන් සැම දෙනම පුදුම වුහ. ඒ ආශ්චර්ය දැක සැම දෙනාම සතුටින් පිනා ගියහ. ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන්වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බැලූ කල්හි #ධාතුන්වහන්සේලා 98ක් දක්නා ලදහ.ඉක්බිති බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පින පිනා එහි වුවන් සාධු නාද පවත්වද්දී නායක මාහිමියන් වහන්සේ චුඩා මානික්‍ය මුදුනෙහි වූ කරඬුවෙහි ඒ ධාතුන්වහන්සේලා 98 නම වඩා හිඳවුහ.

ඉක්බිති චුඩා මාණික්‍යය ලක්දිවට පමුණුවනු සඳහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත් වූ උත්සව ශ්‍රී යෙන් බුරුමයේ රැන්ගුන් නගරයට පමුනවනු ලැබීය. රැන්ගුන් නගරයට ගෙනයන චුඩා මාණික්‍යය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණන් ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී එය ශ්වේද ගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්රිය ස්ථානයට පැමිණ මහත් ආදරයෙන් මහත් වූ උත්සවයෙන් පිලිගත්තෝය. ඒ පිළිගැනීමේ උත්සවයට සහභාගී වනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන්වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුන්වහන්සේලාගෙන්ද,රජයේ ඇමතිවරුන් සහ උසස් නිලධාරීන්ගෙන්ද, නොයෙක් සමිති වෙනුවෙන් පැමිණි සිටි නියෝජිතයන්ගෙන්ද, ජන ප්‍රධානයන්ගෙන් හා මහා ධනවතුන් ගෙන්ද යුක්තවූ ලක්ෂයකට අධික ජනකායෙක් පැමිණියෝය.
දුම්රියපළේ සිට විශේෂයෙන් පිලියල කරන ලද රථයක තබා චුඩා මාණික්‍යය ලක්ෂයක් පමණ ජනයාගෙන් යුක්තවූ මහ පෙරහැරකින් රැන්ගුන් නුවර ශ්වේද ගොන් චෛතයස්ථානයට පමුණුවා එහිදී මහා ජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්දිවට පැමිණ විය යුතු කාලය පැමිණෙන තුරු ශ්වේද ගොන් චෛත්‍ය රාජයාගේ භාර කාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලය පැමිණි කල්හි ලක්දිවට යැවීම පිණිස බුරුමයේ ආණ්ඩුකාර තුමාට භාර කිරීමටද එතුමා විසින් එය රාජකීය භාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මහ ඇමතිතුමාගේ මාර්ගයෙන් රුවන්මැලි චෛත්‍යය රාජයා මත පැළඳවීම සඳහා චෛත්‍ය වර්ධන සමිතියට භාර කිරීමට නියම කර ගන්නාලදී. මෙසේ ආශ්චර්ය ලෙස ලැබී සැපයුණ මේ අනර්ග වස්තුව රුවන්මැලි සෑය චෛත්‍ය වර්ධන සමිතියේ ආරාධනාවෙන් බුරුම ජාතික විනයා ලංකාර හිමි පානන් විසින්ම රුවන්මැලි සෑයේ පළඳවන ලදී.

සාදු සාදු සාදු …!!!

උපුටා ගැනීම රේරුකානේ චන්දවිමල හිමිපාණන්ගේ සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති නම් පොත ඇසුරිනි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2P90zJd
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 81 🧡💛

🌹 ඵුස්ස බුදුහාමුදුරුවෝ 03 🌹

🍂 ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.🍂

මහර්ෂීවූ ඵුස්ස බුදුරදුන්ගේ (උපන්) නුවර ’’කාසි’’ නම් වී. පිය තෙම ’’ජයසේන’’ නම්. වැදූ මව් ’’සිරිමා’’ නම් වූවාය.

ඵුස්ස බුදුරජතෙම අවුරුදු හය දහසක් ගිහිගෙයි විසී. ’’ගරුළ’’ ය, ’’හංස’’ ය, ’’සුවන්නභර’’ ය යයි උතුම් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’කිසාගොතමී’’ නම් වූවාය. පුත් තෙම ’’අනූපම’’ නම් වී.

පුරුෂොත්තමවූ බුදුරජතෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, නරදෙටුවූ, ’’ඵුස්ස’’ නම් ලොවග නාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ ’’ඵුස්ස’’ බුදුරදුන්ට, ’’සුඛිත’’ ද, ’’ධම්මසෙන’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සභිය’’ නම් වී.

’’සාලා’’ ද, ’’උපසාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’නෙල්ලි’’ ගස යයි කියනු ලැබේ.

’’ධනඤ්ජය’’ ද, ’’විසාඛා’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’පදුමා’’ ද, ’’නාගා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ ඵුස්ස මුනිඳු තෙමේ පණස් අට රියනක් උස්වූයේ, සහස් රැස් (හිරු) මෙන්ද, පුන් සඳ මෙන්ද බබලයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂය ඇත්තේය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා (බව සයුරෙන්) එතර කළ සේක.

අපමණ යසස් ඇති ඒ ශාස්තෲන් වහන්සේද, බොහෝ සත්ත්‍වයන්ට අවවාද කොට මහජනයා (සසරින්) එතර කොට, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

ශාස්තෘවූ ඵුස්ස ජිනරාජතෙම ජේතවනාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්හි (උන්වහන්සේගේ) ධාතු පැතිරීම වී.

අටළොස්වන බුද්ධවංශය සමාප්තයි

තුසිත රාජපක්ෂ
ප්‍රංශය

16-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MZtmwR
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 80 🧡💛

🌺🌷 ඵුස්ස බුදුහාමුදුරුවෝ 02 🌺🌷

🌼 ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය

බුදුන්ගේ කාලයේ උපතලබන හැමෝම අරහත්වය ප්‍රාර්ථනය කරගෙන ආපු අය නිසාදෝ අරහත්වයට පත්වන්නේ එකවර ලක්ෂ ගණනින්. ඒකාලේ කුන්නකුජ්ජ නගරයෙහි රජකම් කල රජතුමාගේ පුතාගේ නම සුරක්ඛිත. රජ්ජුරුවන්ගේ පුරෝහිතයාගේ පුතාගේ නම ධම්මසේන. සුරක්ඛිත රාජ කුමාරයයි ධම්මසේන පුරෝහිත පුත්‍රයයි හොඳ යාලුවෝ. ඒ යාළුකම ආවේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ කල්ප ගණනක් එකට අගසවු තනතුර ද පතමින්. මේ ඔවුන්ගේ ඒ පරම පිවිතුරු ප්‍රර්ථනා උදාවෙන අවසන් ආත්මභවය. ඵුස්ස බුදුහාමුදුරුවෝ කුන්නකුජ්ජ නගරයට වඩින්නේ ඒ බව නොදැනම නොවේ. බුදුරජාණන් වහන්සේ වඩින බව අසා ඒ අඹ යහළුවන් දෙදෙනා පෙරමගට ගමන් කලේ හැට ලක්ෂයක් පිරිවර සමග. ඒ සියලුම දෙනාම ඒ අවසන් ගමන සඳහා සසර පුරා එකටම පැමිණි පිරිවර. ඔවුන් බුදුරජාණන් වහන්සේ මුණගැසී වැඳ ආරාධනය කොට දින හතක්ම පුරාම දන් දෙන්නට වුනා. අවසානයේ සියලු දෙනා පැවිදිව අරහත්වය ශාක්ෂාත් කරගත්තා. ඒ හැටලක්ෂයක් වූ භික්ෂුසංඝයා මැද ඵුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාමොක් දේශණා කරන්නට වුනා. එය ප්‍රථම ශ්‍රාවක සන්නිපාතයද වුනා.

🌼 දෙවන ශ්‍රාවක සන්නිපාතය

ඒ කාලේ තවත් ජනපදයක් තිබ්බ කාසි නමින්. ඒ ජනපදයේ රජුගේ නම ජයසේන. ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඒ නගරයට වැඩම කොට ජයසේන රජතුමා ඇතුළු හැටක් පමණ වූ නෑ පරපුරට බුද්ධවංශය දේශනා කරන්නට වුනා. ඒ මොහොතේ ඔවුන්ට අමතරව ඔවුන්ගේ පනස්ලක්ෂයක් වූ පිරිවර ද ධර්මශ්‍රවනයට එකතු වුනා. ඒ බුද්ධවංශ කතාව, බුදුගුණ වරුණ බුදුකෙනෙකුගේ මුවින්ම සුමදුර ලෙස දේශනා කරනකොට මොනතරම් ලස්සනක් තියෙන්නට ඇතිද? මොනතරම් ශ්‍රද්ධාවක් ඇතිවන්නට ඇතිද? අවසානයේ ඒ කතාව අසා පනස්ලක්ෂයක් දෙනා ඒහිභික්ඛු පැවිද්දෙන් පැවැදිව අරහත්වයට පත්වුනා. උන්වහන්සේලා මධ්‍යයේ බුදුරජාණන් වහන්සේ පාමොක් දේශණා කරනු ලැබුවා. එය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ශ්‍රාවක සන්නිපාතයද වුනා.

🌼 තෙවන ශ්‍රාවක සන්නිපාතය

නැවතත් මහාමංගල සමාගමයෙහි මංගල කතා අසා හතලිස් ලක්‍ෂයක් මහණව රහත්වුනා. උන්වහන්සේලා මැදටවන් උන්වහන්සේ පාමොක් දේශණා කරන්නට වුනා. එය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ශ්‍රාවක සන්නිපාතයද වුනා.

🌼 නියත විවරණ

ඒ කාලේ අප මහා බෝධිසත්වයන් වහන්සේ අරිමන්ද නම් නුවර විජිතවී නමින් රජෙකුව සිටියේ. ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඉතාම පැහැදුණු ඒ රජතුමා උන් වහන්සේ ඇතුළු ඒ ලක්ෂගණනක් වූ භික්ෂු සංඝයා හට මහා දන් පුදා අවසානයේ ඒ මහා රාජධානියද රජකමද අලුයම ඉවත ලූ කෙළපිඬක්සේ අතහැර පැවිදි දිවියට ඇතුළු වී මුළු තුන්පිටකයම ඉගෙනගනිමින් අවසන්කොට ත්‍රිපිටිකධාරීව මහජනයාට ධර්මය දේශණා කරන්නට වුනා. ඒ සමගම සීල පාරමිතාවද පුරන්නට වුනා. අවසානයේ ඵුස්ස බුදුරජාණන් වහන්සේද අප මහා බෝසතාණන් හට මතු ගෝතම නමින් බුදුවන බවට නියත විවරණ දී වදාරන්නට වුනා. නැවතත් දෙවියන්ගේ සාදුකාර හඬ මේ සක්වළ පුරාම පැතිරෙන්නට වුනා. ඔබත් මමත් ඇතුළු මේ මුළු මිනිස් ප්‍රජාවක්ම වෙනුවෙන් අප මහා බෝධිසත්වයන් වහන්සේ නැවතත් මේ සසරෙහිම රැඳී සිටිමින් දස පාරමී මහා පොළව සෙලවී යන අයුරින් දැඩි ලෙස මෙනෙහි කරන්නට වුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
15-10-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pwRm2t
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස..!!!

ගමනේන න පත්තබ්බෝ – ලෝකස්සන්තෝ කුදාචනං

නච අප්පත්‍වා ලෝකන්තං – දුක්‍ඛා අත්‍ථි පමෝචනං

තස්මා හවේ ලෝකවිදූ සුමේධෝ – ලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ

ලෝකස්ස අන්තං සමිතාවි ඤත්‍වා – නාසිංසති ලෝකමිමං පරඤ්චාති

පාගමනින් කිසි කලෙකත් ලොව කෙළවරකට පැමිණිය නොහැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමකුත් නැත. එහෙයින් ලොව දන්නා, මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ බඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොව ද නොපතයි. (රොහිතස්ස සූත්‍රය)

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. ‘සබ්බථාපි විදිතලෝකත්තා පන ලෝකවිදූ’ යනුවෙන් විශුද්ධිමාර්ගයේ ලෝකවිදූ ගුණය නිර්වචනය කෙරේ. එහි අදහස වන්නේ සර්වප්‍රකාරයෙන් දන්නා ලද ලෝක ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන බවයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා සේක. එහෙයින් ලෝකවිදූ නම් වන සේක.

ලෝකය යැයි කී විට බොහෝ විට අපගේ සිහියට නැඟෙන්නේ අප ජීවත් වන පෘථිවි ලෝකය පමණක් වේ. එහෙත් ලෝකය යන්න ඊට වඩා පුළුල් අර්ථයක් ඇති දෙයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ජනයාට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. සෑම සත්වයෙක් ම ලෝකයට අයත් වන අතර ලෝකයේ කොටසක් වේ. එහෙත් සත්වයෝ ලෝකය ගැන හෝ තමන් ගැන නොදනිති. බුදුරජාණන් වහන්සේ ඒ ලෝකය සියල්ලෙන් සියල්ල අවබෝධ කළ සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේට ‘සර්වඥ’ යැයි කියනු ලැබේ. ලෝකයේ සියලු අවබෝධ කළයුතු දේ සර්වාකාරයෙන් වෙනත් කෙනෙකුගේ උපකාරයකින් තොරව අවබෝධ කළ බැවින් ‘සම්මාසම්බුද්ධ’ යැයි හැඳින්වේ. ලෝකවිදූ ගුණයේ දී බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ ලෙස දැක්විය හැක්කේ ද මේ සියලු ලෝකයට අයත් දේම වේ. එහෙත් ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගැනීමේ දී ලෝකය පිළිබඳ අපට අවබෝධ කරගත නොහැකි දේ අවබෝධ කරගත් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ යැයි ද හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයේ දී උන්වහන්සේ අවබෝධ කරගත් ලෝකය යන්නෙන් ලෝක තුනක් අදහස් වේ. එනම්, සංස්කාර ලෝකය, සත්වලෝකය සහ අවකාශ ලෝකය වශයෙනි.

සංස්කාර ලෝකය : සත්ව වූ ද සත්ව නොවූ ද (ඉන්‍ද්‍රියබද්ධ වූ ද අනින්‍ද්‍රියබද්ධ වූ ද) සියල්ල සංස්කාර ලෝකය නම් වේ.

සත්වලෝකය : ඉන්‍ද්‍රියබද්ධ වූ සියලුම ස්කන්‍ධ සමූහය හෙවත් සියලුම සත්ව සමූහය සත්වලෝකය නම් වේ.

අවකාශලෝකය : සත්වයන් නොවූ සියලුම ගස්වැල්, මහපොළව ආදිය අවකාශ ලෝකය නම් වේ.

මේ අනුව ලෝකය යන්නට සියලූම සත්වයන් ද, සත්ව නොවූ සියලු දේ ද අයත් වේ. මෙයට නාමරූප දෙක, පඤ්චස්කන්‍ධය, සප්ත විඥානස්ථිති, අෂටලෝකධර්ම, නව සත්තාවාස, දොළොස් ආයතන, අටළොස් ධාතු යනාදි සෑම ආකාරයකින් ම දක්වනු ලබන සියල්ල අයත් වේ. මෙයට අයත් දේ මෙසේ දැක්විය හැකි වේ.

මේ එක් ලෝකධාතුවක හෙවත් එක් සක්වළක ඇතුළත් භූමි තිස් එකක් (31) සඳහන් වේ. එනම් සතර අපාය (4) ය, මනුෂ්‍යලෝකය (1) ය, දිව්‍යලෝක සය (6) ය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය (16) ය, අරූපාවචර බ්‍රහ්මලෝක සතර (4) ය යන මේ තිස්එක් තලය යි. මේ තිස්එක් තලය එක් හිරකින් හා සඳකින් ආලෝකමත් වන බව ධර්මයේ සඳහන් වේ. එසේ එක් හිරකින් හා සඳකින් ආලෝකමත් වන ප්‍රදේශය ලෝකධාතුවක් හෙවත් සක්වළක් ලෙස හැඳින්වේ. එබඳු සක්වළ දහසක් සහශ්‍රී ලෝකධාතුව නම් වේ. එහි හිරු දහසක්, සඳු දහසක්, මහමෙර දහසක් යනාදි ලෙස සියල්ල දහස් ගුණය බැගින් වේ. මෙය සහශ්‍රී චූළනිකා ලොකධාතුව ලෙස ද හැඳින්වේ. සහශ්‍රී චූළනිකා ලෝකධාතු දහසක් ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි සක්වළ දශලක්‍ෂයකි. එබඳු ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් තිසහශ්‍රී ලෝකධාතුව නම් වේ. මෙය මහාසහශ්‍රී ලෝකධාතුව නමින් ද හැඳින්වේ. මෙයට කෝටිලක්‍ෂයක් සක්වළ අයත් වේ.

අංගුත්තරනිකාය අට්ඨකථාව දක්වන අන්දමට ශ්‍රාවකයන්ට විෂය වන්නේ සහශ්‍රී ලෝකධාතුවයි. ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ජාතික්‍ෂේත්‍රය යි. එනම් බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්‍ධිය, උපත, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ධර්මචක්‍ර පැවැත්වීම, ආයුසංස්කාර වොස්සජනය, පිරිනිවන් පෑම යන අවස්ථාවන්හි මෙපමණ ප්‍රදේශයක් කම්පා වේ. තිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ආඥාක්‍ෂේත්‍රය යි. එපමණක් ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ අණ පවතී. ඒ නිසා ආටානාටිය සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, බොජ්ඣඩ්ග පිරිත, ඛන්‍ධපිරිත, මෝරපිරිත, මෙත්තපිරිත, රතනසූත්‍රය යන පිරිත් වල බලය මෙම තිසහශ්‍රී ලෝකධාතුව දක්වා පවතින බව සඳහන් වේ. ඉන් ඔබ්බෙහි සියලු සක්වළ තථාගතයන් වහන්සේලාගේ විෂයක්‍ෂේත්‍රය යි. එහි සීමාවක් නැත. තථාගතයන් වහන්සේලාට සියලු සක්වළට තමන්වහන්සේගේ ආලෝකය පැතිරවිය හැකි වේ. සියලු සක්වළ වැසි සත්වයන්ට ඇසෙන සේ ධර්මය දේශනා කළහැකි වේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළ බැවින් ලොකවිදූ නම් වන සේක.

ලෝකය කෙළවරක් නොපෙනෙන සීමා රහිත වූවකි. වරක් රෝහිතස්ස නම් දිව්‍යපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කියා සිටියේ පෙර ආත්මභාවයක රොහිතස්ස නමින් මහත් ඍද්ධි ඇති තවුසෙක්ව හිඳ තමන් ලෝකයේ කෙළවර සොයා ගිය බවයි. ඔහුගේ ඍද්ධි බලපරාක්‍රමය අනුව පෙරදිග මුහුදේ එක් පාදයක් තබා අනෙක් පාදය අපරදිග මුහුදේ තබා ගමන් කළ හැකි විය. එසේ එකිනෙක ලෝකයෙන් ලෝකයට පා තබමින් ගොස් ලොව කෙළවරට පැමිණිමේ අදහසින් වසර සියයක් වූ ආයුෂය පුරාවට කෑමබීමාදි අත්‍යවශ්‍ය කටයුතු කරන වේලාව හැර අඛණ්ඩව ගියේ ය. එහෙත් ලෝකයේ කෙළවරට නොපැමිණි බවත්, අතර මඟ දී කලුරිය කළ බවත් ඒ දිව්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේට පවසා සිටියේ ය.

මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි. එසේ දුක් කෙළවර කිරීම පිණිස කෙළවරට පැමිණිය යුතු ලෝකය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ බඹයක් පමණ වූ සිරුරයි.

‘අපිචාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේම ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදං’

ඇවැත්නි, එතකුදු වුවත් මම සංඥා සහිත, සිත් සහිත, බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලොකනිරෝධගාමිනි පටිපදාවත් පණවමි. මෙසේ සත්වයන් විසින් තවමත් අවබෝධ කර නොගත් බැවින් නිවන් නොදුටු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ ලෝකය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති නිසාවෙන් ම මිනිසුන් නොයෙක් වැරදි අදහස් ඇති කරගනිති. එසේම තමන්ට අවබෝධ කරගත නොහැකි අසීමාන්තික ලෝකය පිළිබඳ නොයෙක් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කරමින් මස් ඇසට පෙනෙන දේ පමණක්ම ලෝකය යැයි වරදවා ගනිති. එහෙත් මස් ඇසට නොපෙනෙන බොහෝ දේ පවතින බව නුවණින් තේරුම් කරගත යුතු වේ.

උදාහරණයක් ලෙස වේගයෙන් කැරකෙන විදුලිපංකාවක පෙති ඇසට නොපෙනෙන තරමට වේගවත් වූ විටක එතැන කිසිවක් නැත යැයි අදහසක් ඇති කර ගත හොත් එය මිථ්‍යාවකි. එය නුවණින් තේරුම් ගතයුතු වේ. එබැවින් ඇසට නොපෙනෙන, නුවණින් තේරුම් ගතයුතු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනාවන්හි දේශනා කරන ලද දේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට උත්සහවත් වීම නිෂ්ඵල දෙයකි. එය පරීක්‍ෂණයකින් හෝ අවබෝධ කරගැනීමට තරම් තමන්ගේ නුවණ දියුණු වී නැති බව තේරුම් ගතයුතු වේ. එහෙත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ලද ලෝකය පිළිබඳ ඒ බුද්ධ දේශනය අනුව විස්තර දැනගැනීම ලෝකයේ ඇති විසිතුරු බව, එය සිතීමෙන් හෝ තර්කයෙන් තේරුම් ගැනීම අපහසු බව, නුවණින් අවබෝධ කරගතයුතු බව වටහා ගැනීමට වැදගත් වේ. එබැවින් ඒ ලෝකය පිළිබඳ බුද්ධ දේශනයන්හි එන තොරතුරු අර්ථකථා ටීකානුසාරයෙන් අපගේ ශක්ති පමණින් මෙසේ දක්වන්නෙමු.

– මහාවිහාරය –

ආශ්‍රිත ග්‍රන්‍ථ

විශුද්ධිමාර්ගය

අර්ථකතා, ටීකා සහිත ත්‍රිපිටක ග්‍රන්‍ථ

අභිධර්ම මාර්ගය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

සූවිසි මහ ගුණය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

චතුරාර්ය සත්‍යය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

අභිධර්ම චන්‍ද්‍රිකාව – මාතර ශ්‍රී ධම්මවංශ මාහිමි

අභිධර්ම ප්‍රකාශය – ආභිධම්මික දොඩම්පහළ කවිධජ මාහිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2qucFCm
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 79 🧡💛

ඵුස්ස බුදුහාමුදුරුවෝ 01

ඒ කල්පයේ තිස්ස බුදුරජාණන්වහන්සේට පස්සේ ලෝකයේ ආයුෂ අනුක්‍රමයෙන් හානියට පත් වෙන්නට පටන් ගත්තා. පිරිහුණා ආයුෂ නැවතත් අවුරුදු අනූදහසක් දක්වා වැඩි උනායින් පස්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණ. උන්වහන්සේගේ නම ඵුස්ස.

උන්වහන්සේත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම මේ සසර ගමන අවසන් කිරීමට පෙර අවසන් දිව්‍ය තලය ලෙස ඉපදුනේ තුසිත දිව්‍යලෝකයේ .අනේක අප්‍රමාණ සැප සම්පත් භුක්ති විදිමින් උන්වහන්සේ අවුරුදු ලක්ෂ ගණනක් තුසිත දිව්‍ය ලෝකයේ ගත කළා. අවසානයේ අනෙකුත් බෝසතාණන් වහන්සලා හට වගේම උන්වහන්සේටත් දස දහසක් සක්වල දෙවිවරුන් රැස්වී දැන් ලොව ඉපදෙන්නට කාලය යැයි ආරාධනය කළා. උන්වහන්සේ පස්මහ බැලුම් බලා ඒ ආරාධනය පිළිගෙන තුසිත දෙව්ලොවින් චුතව කසීනුවර ජයසේන රජුගේ අග මෙහෙසිය වූ සිරිමා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. ඒ මොහොතේත් අතීතයේ මෙන් ම අසාමාන්‍ය දෙතිස් පෙර නිමිති ලෝකයේ විද්‍යාමාන වුණා. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් වහන්සේ මෙලොවට බිහිවුණේ සිරිමා මල් උයනේ. පුන පුනා නොකිව්වත් පිලිසිදගත් දා පටන් බුදු වන තෙක් සෑම බෝසත්වරයෙක් ම දෙවිවරුන්ගේ විශාල ආරක්ෂාවක් යටතේ ඉන්නෙ කියලා නැවත මතක් කරන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර සිද්ධාර්ථ කුමාරයාගේ උපතේදී කිව හැකියි .

උන්වහන්සේත් අවුරුදු හය දහසක් ගිහිගෙයි වාසය කලා.. ඒ සඳහාම ගරුළ, හංස, සුවන්නභර නමින් අනේක විධ සැප සම්පත් සහිත ප්‍රසාද තුනක් ඉදි වී තිබුණා. උන්වහන්සේගේ අග බිසව වූයේ කිසාගෝතමියයි. කිසා ගෝතමිය ප්‍රමුඛ තිස් දහසක් පමණ අතිශය රූමත් ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා. ඒ සියල්ලම ගිහි ගෙයි රඳවා ගැනීමට කල උපක්‍රම.

සෙමෙන් කාලය ගත වෙද්දි ඵුස්ස බෝධිසත්වයන් වහන්සේට දෙවියන් විසින් සතර පෙර නිමිති පෙන්වා දෙනු ලැබුවා. එදිනම කිසාගෝතමිය අනුපම නම් පුතු මෙලොවට බිහිකළා. පුතු මෙලොවට බිහි වූ දිනයේම ඒ මහා බෝසතානෝ සරසන ලද ඇත් කඳ මත නැගී මහබිනික්මන් කර පැවිදි දිවියට ඇතුළත් වුණා. කෝටියක් පිරිවර ද උන්වහන්සේ ඒ අනුව යමින් පැවිදි දිවියට ඇතුළත් වුණා. ඒ පිරිසත් සමඟ හය මසක් ම ප්‍රධාන වීර්යය වැඩු වා . ඉන් අනතුරුව ඒ මහා බෝසතානෝත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ පිරිසෙන් හුදකලා වුනේ වෙසක් පොහෝ දිනයට සතියකට මත්තෙන්. වෙසක් පොහෝ දිනයකට එළිය වැටුණේ අවිද්‍යා ගණ අන්ධකාරේ දුරලන තවත් දිනයකට හිරු උදා කරමින්. ඒ වන විටත් සිරිවඩ්ඪා සිටි දියණිය මීකිරිබත් පිළියෙල කරමින් සිටියේ. ඇය විසින් පූජා කරන ලද මීකිරි බත් උදෑසනින්ම වැළඳු ඒ මහා බෝසතානෝ ඇට්ටේරිය වනයෙහි දී දිවාවිහාර කොට සවස් වරුවේ සිරිවඩ්ඩ නම් තාපසයා දුන් අටතණමීට ගෙන නෙල්ලිබෝධිය වෙත පැමිණ අටතිස් රියන් තණ ඇතිරිය අතුරා බුදු බවට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග මහණ වූ කෙළක් භික්ෂූන් ධර්මාවබෝධයට සමත්බැවු දැක අහසින් අවුත් සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි බැස උන්වහන්සේලා මැද දම්සක් පවත්වන්නට වුනා. එදා කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය වුනා.

යම් කාලෙක බරණැස නුවර සිරිවඩ්ඩ නැමති සිටුවරයෙකු මහා සම්පත් අතහැර තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට අතුලුවුනා. උන්වහන්සේත් සමග පැවිදිබිමට ඇතුළු වූ පිරිවර අනුලක්ෂයක් පමණ වුනා. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ධර්මය දේශනා කළා. එවිට ඒ අනුලක්ෂයකට දෙවැනි ධර්මාභීසමය වුනා.

තවත් දිනක සිය පුත් අනුපුම කුමරුට ධර්මය දේශණා කරනු ලැබුවා. එකල අසුලක්ෂයකට තෙවන ධර්මාභිසමය වුනා. ඒ මහාකාරුනිකයණෝ මෙලෙස ලක්ෂ ගණනින් මිනිසුන් සංසාර දුකෙන් එතෙර කරවන්නට වුනා.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
13-10-2019