Monthly Archives: December 2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2MsvP3J
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 111 🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 06

මෙම බෝසත් කතා පුවත හොඳින් කියවූ ඔබහට යම් සුවිශේෂ කරුණක් වැටහී යන්න ඕනේ. ඒතමයි බෝසත් චරිතය මෙතරම්ම දන් දීමට තරම් යස ඉසුරු ඇතිව සෑම උපතක්ම ලැබීම සහ යලි යලිත් ඒවා දනට පිනට දීම. එයම දස දහස් ගුණයකින් වැඩිවී යලි යලිත් ඔහු වෙත ලගාවීම. සත්‍ය වශයෙන්ම වෙස්සන්තර ජාතකය පුරාම ඇත්තේ බෝසතාණන් වහන්සේ විසින් පුරනු ලැබූ සුවිශේෂ වූ දාන පාරමිතා සමුහයයි. එනම් ඉපදුන දින පටන් මෙලොවින් සමුගැනීම දක්වා මහ පොළව සත් වතාවක් කම්පා කරවමින් සිදුකරනු ලැබූ දාන පාරමිතාවයි.

🌻 කිරි මවුවරුනට තම රාජකීය පළඳනා වයස අවුරුදු හතරේ සිට දන්දීම.

අප මහා බෝසතාණෝ මෙලෙස ඉමහත් වූ රාජකීය සත්කාර මද හැටදහසක් වූ තමා හා සමග දෙවුලොවින් පැමිණි රාජ කුමාරවරු සමග උස්මහත් වන්නට වුනා. වයස අවුරුදු හතර වනවිට රජතුමා විසින් කුමරු හට ලක්ෂයක් වටිනා ලක්‍ෂයක් වටිනා කුමාර පැළදුම් කරවා දුන්නේය. එහෙත් උන්වහන්සේ සතරපස් වයස් කාලයේ පටන්ම ඒ පළදනා ගලවා කිරිමව්වරුන්ට දී නැවත ඒ තැනැත්තියන් විසින් ආපසූ දෙනවිට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කිරිමව්වරු ඒ පුවත රජුට දන්වනු ලැබුවා. එවිට රජතුමා “මාගේ පුත්‍රයා විසින් දෙන ලද, මනා දීමනාව බ්‍රහ්මයා විසින් දෙන ලද්දක් මෙන් වේවායි වෙනත් පළදනාවක් කරවාපීය.” යනුවෙන් පවසමින් වෙනත් පළඳනාවක් ඒ වෙනුවෙන් කරවනු ලැබුවා. එහත් කුමාරයා එය ද පෙර පරිදිම දුන්න. හෙතෙම කුඩා කාලයේම කිරිමව්වරුන්ට මෙලෙස නව වාරයක්ම පළදනා දැන් දෙනු ලැබුවා.

🌻 අභ්‍යන්තර අවයව දන්දීමට සිත් පහළවීම.

මෙසේ විවිධ දෑ දන් දෙමින් පැමිණි කුමරා අටවෙනි වියේදී සයනය මත සිටිමින් මෙසේ සිතන්නට වුනා.
” මම ශරීරයේ අභ්‍යන්තරික දෙයක් දෙනු කැමැත්තෙමි.ඉදින් කිසිවෙක් මගේ හදවත ඉල්ලන්නේද පපුව පලා හදවත බැහැරට ගෙන දෙන්නෙමි. ඉදින් ඇස් ඉල්ලන්නේ නම් ඇස් උගුලා දෙන්නෙමි. ඉදින් සිරුර ඉල්ලන්නේද මුළු සිරුරෙන්ම මස් ගලවා දෙන්නෙමි.”

🌻 පළමු වරට මහ පොළව කම්පාවීම සහ මහාමේරු පර්වතය සමග සදෙව්ලෝ උද්‍යාන පහක් රජ මාළිගාව ඉහළින් රැඳීම.

මෙසේ ඔහුට මෙබදු සිතිවිල්ලක් ඇතිවනවිට සිව් නහුතයක් අධිකකොට ඇති යොදුන් දෙලක්‍ෂයක් ඝන වූ මේ පොළොව මත් හස්තිරාජයෙක් මෙන් ගුගුරමින් කම්පා වන්නට වුනා. සිනේරුව (මහාමේරු පර්වතරාජයා) හුමාලයෙන් මනාව තැම්බූ වේවැල් අංකුරයක් මෙන් නැමී නටන්නාක් මෙන් ද වෙළද නගරයට අභිමුඛව සිටියා. ඒ මත පිහිටි නන්දන වනය, ඵාරුසක වනය, මිස්සක වනය, චිත්තලතා වනය ආදිකල්පික තරු වනය, ඇතුළු සිනේරු වනද ඒ අතර වුනා. පෘතුවිය මහා ශබ්දයෙන් මේඝ ගර්ජනා කරමින් හදිසියේ මහා වර්ෂාවක් වස්සන්නට වුනා. විදුලිය සතර දෙස නික්මුණා. සාගර ජලය මහා සුනාමි ජලකඳ මෙන් උඩට නැග සිටියා. ශක්‍ර දේවේන්ද්‍රයා අත්පොළසන් දුන්න. මහා බ්‍රහ්මයා සාදුකාර දුන්න. බඹලොව තෙක් එකාකෝලාහලය පතුරුණා. මසුරු බැවින් නොපිහිටි අචල වූ දන්දෙනු කැමති ස්වභාවය සිතන වෙසතුරු කුමරුන්ගේ සිත අනුව මෙරගල මුදුන්මල්කොට ඇති පෘතුවිය ඇතුළු මුළු විශ්වයම කම්පිත වුනා.

🌻 රජකම ලැබීම සහ දවසට හයලක්ෂයක් වියදම් කොට දානශාලා පැවැත්වීම.

බෝධිසත්වයෝ සොළොස්විය වන විට සියළු ශිල්පයන්හි පරතෙරට පැමිණුනා. ඒ නිසාම උන්වහන්සේගේ පියා රාජ්‍ය දෙනු කැමැත්තෙන් මව සමග මන්ත්‍රණයකොට මදුරජ කුලයෙන් මාතුල දියණිය වූ මද්දි නම් වූ කුමරිය ගෙනවුත් සොළොස් දහසක් ස්ත්‍රීන්ට දෙටු අගමෙහෙසිය කොට මහසත්ත්වයන්ව රාජ්‍යයෙහි අභිෂේක කරනු ලැබුවා. අප මහා බෝධිසත්වයන් වහන්සේගේ දන්දීමේ ආශාව නිමා වුනේ නැහැ. රජකමේ පිහිටි කාලයේ පටන් දිනපතා හයලක්ෂයක් වියදම්කොට මහදන් පවත්වන්නට වුනා.

🌻 ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා මෙලොව එළිය දැකීම.

මෙලෙස දැහැමින් සෙමින් රජකම් කරන අතර මද්‍රි දේවිය පුතකු පළමු පුතා මෙලොවට බිහිකරනු ලැබුවා. ඒ මොහොතේ ඔහුව රන්දැල්කින් වසනු ලැබුවා. ඒ නිසාම ඔහුට ජාලිය කුමාරයා යැයි නම් කළා. ඔහු ඇවිදින කාලයේ මද්‍රි දේවිය දෙවැනි දුවක් වැදුවා. ඇයව කළු අදුන්දිවිසමකින් වැසුවා. ඒ නිසා ඇයට ක්‍රිෂ්ණජිනා යනුවෙන් නම් කළා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. ❤💚💛🧡

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
26-12-2019

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Mu6F4w
නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහතඤාණචාරස්ස….
දසබලදරස්ස චතුවේසාරජ්ජ විසාරදස්ස….
සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස….
තථාගතස්ස සබ්බ්ඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස….

කුමක්ද මේ තථාගතයන් වහන්සේගේ චතුවේසාරජ්ජ ගුණය කියන්නේ? චතුවේසාරජ්ජ ගුණය කියන්නේ තථාගතයන් වහන්සේගේ විශාරද ගුණයන් සතරකටයි.

1. සම්‍මා සම්බුද්ධ භාවය ප්‍රතිඥා කරන්නාවූ තථාගතයන් වහන්සේට ‘නුඹ වහන්සේ මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලදැ’යි කියා කිසිවෙකුටත් වාද කර දිනන්නට බැහැ

2. ක්‍ෂීණාශ්‍රව බව ප්‍රතිඥා කරන්නාවූ තථාගතයන් වහන්සේට, ‘ඔබ වහන්සේට මේ ආශ්‍රවයෝ ක්‍ෂය නොවූහ’යි කියා කිසිවෙකුටත් වාද කර දිනන්නට බැහැ

3. මාර්‍ග ඵලයන්ට අන්තරායකරවූ ධර්ම තථාගතයන් වහන්සේ වදාරණ ලද කළ, ‘ඔවුන් සේවනය කරන්නාහට අන්තරායකර නොවේය’යි කියා කිසිවෙකුටත් වාද කර දිනන්නට බැහැ

4. දුක් ක්ෂය කිරීම උදෙසා තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරණ ලද කල, ‘ඒ ධර්මය අනුව වැඩ කරන්නහුට මනාකොට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීය’යි කියා කිසිවෙකුටත් වාද කර දිනන්නට බැහැ

එය චතුවෙසාරජ්ජ සූත්‍රයේ විස්තර වන්නේ මෙසේයි…..

🌷💎💎💎🌺💎💎💎🌺💎💎💎🌷

“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගතයන් වහන්සේ උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙත්ද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්ම චක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ මේ විශාරද බැව් සතරක් වෙති. කවර සතරක්ද යත්?”

💎🌷”සම්‍මා සම්බුද්ධ භාවය ප්‍රතිඥා කරන්නාවූ මට, ‘නුඹ වහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලදැ’යි ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.”

💎🌷”තොපට ක්‍ෂීණාශ්‍රව බව ප්‍රතිඥා කරන්නාවූ මට, ‘මේ ආශ්‍රවයෝ ක්‍ෂය නොවූහ’ ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.”

💎🌷”තොපට මාර්‍ග ඵලයන්ට අන්තරායකරවූ ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ‘ඔවුන් සේවනය කරන්නාහට අන්තරායකර නොවේය’යි මට ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දෙකු නොදකිමි. මහණෙනි, එබන්දෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.”

💎🌷”තොපට යමක් උදෙසා ධර්මය දේශනා කරණ ලද්දේද, ‘ඒ ධර්මය ඒ අනුව වැඩ කරන්නහුට මනාකොට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීය’යි මේ කරුණෙහිලා මට ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දකු නොදකිමි. මහණෙනි, එබන්දකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.”

“මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගත තෙම උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්මචක්‍රය පවත්වයිද, මේ ඒ සතර විශාරද භාවයෝ වෙත්.”

“සකස් කරණ ලද යම්කිසි බොහෝ වාද පථයෝ වෙත්ද, යම් ඒ වාද පථ ඇසුරුකළ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු විශාරදවූ, වාදපථ ඉක්මවූ, තථාගතයන් වහන්සේ කරා පැමිණ නැතිවෙත්. යමෙක් ඒ සියලු වාද පථයන් මැඩ සියලුදෙනාට හිත කැමැත්තෙන් ධර්ම චක්‍රය පැවැත්වූයේද, සත්ත්‍වයෝ භවයාගේ පරතෙරට ගිය, දිව්‍ය මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ, එබඳුවූ බුදුරජානන් වහන්සේට නමස්කාර කරත්.”

චතුවෙසාරජ්ජ සූත්‍රය
🌷💎💎💎🌺💎💎💎🌺💎💎💎🌷