Monthly Archives: February 2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3c2aERa
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 139🧡💛
🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 34

🌺 පසුගිය ලිපියෙන්

අජානීය අශ්වයෝ හේසරාව කරනු ලැබුවා. නිම්වළලු හඩ මතුවුනා. දුවිල්ලෙන් අහස වැසුනා. චතුරංගනී සේනාව ගමන්හි යෙදුන. නිල් තණබිම් හරහා ගමනෙහි යෙදුණු ඒ සේනාව විශාල වුනා. ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසුනා. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.

🌺 අසපුව අසලට පැමිණි මහා සේනාව දැක වෙසතුරු කුමරු බියවීම.

ජාලිය කුමාරයා මුචලින්ද විල ඉවුරේ කදවුරු බදවා දහහතර දහසක් රථ අවා වූ මාර්ගයට අභිමුඛව තබ්බවා ඒ ඒ ප්‍රදේශවල සිංහ,ව්‍යාඝ්‍ර, වැනි බිහිසුණු සතුන් ගැවසීගත් මාර්ගයන්හි ආරක්‍ෂාව යොදවනු ලැබුවා. ඇත් ආදීන්ගේ ශබ්දය මහත්විය. බෝධිසත්වයන්වහන්සේ එම ශබ්ද අසා” කිම මාගේ සතුරෝ පියා ඝාතනය කොට මා සොයා ආවාහු” යැයි සිතා මද්‍රි දේවියද ගෙන පර්වතයට නැග සේනාව දෙස බලා මෙසේ පවසනු ලැබුවා.

” මද්‍රි දේවියනි,වනයෙහි යම්බදු මහා හඩක් ඇද්ද එය පිරික්සව. අජානේය අශ්වයෝ හේසරාව කරති. රථයන්හි නැගූ දද අග පෙනෙයි. ඒකාන්තයෙන් මොවුන් වනාහි වනයෙහි මුවසමූහයා වරදැලින් හාත්පස බැද වළට හෙළා එකෙණෙහි මරව, තලව ආදී විවිධාකාරයෙන් නපුරු හඩ නගමින් ඔවුනතුරෙහි හොද හොද මුවන් තියුණු ආයුධවලින් යම්සේ සැණින් මරාදමත්ද එසෙයින් අපවද නසතියි සිතමි. අපි නිදොස් වෙමු. රටින් නෙරපන ලදුව වනයෙහි සිරකරනු ලැබුවාහු සතුරන් අතට පත්වූයෙමි. දුර්වලයන් මරණ සැටි බලව. තමන්ගේ සේනාව කියා හෝ පරසේනාව කියා හෝ කල්පනා කරයි. මද්‍රිය, යම්සේ වනයෙහි වැද්දෝ මෘග සමුහයාව වරදැල් දමා හෝ වළවල්වලට හෙළා හෝ එවෙලේම නසන්නාහුය. දුෂ්ට මෘගයන් කියමින් නිග්‍රහ කරමින් තියුණු මෘගයන් මරණ ආයුධවලින් ඒ මුවන්ගෙන් හොද හොද මුවන් නසති. මොවුන් වනාහි ඒකාන්තයෙන් අපව අසභ්‍ය වචනවලින් නිග්‍රහ කරමින් තියුණු ආයුධවලින් නසත්. අපි ද නිවැරදිකාරයෝ වෙමු. රටින් නෙරපන ලද්දාහු වනයෙහි වසමු. මෙසේ මරණ සැටි බලව කියා තැතිගෙන පවසන්නට වුනා.

🌺 මද්‍රී දේවිය වෙසතුරු කුමරුගේ බිය දුරු කිරීම.

මද්‍රි දේවිය රජුගේ වචනය අසා සේනාව දෙස බලා එය තමන්ගේ සේනාව විය යුතුයැයි වෙසතුරු රජුන් අස්වැස්සුවේ නියම එඩිතර බිරිඳක් ලෙසින්.
“තණහුලෙක ගින්න ගැඔුරු දිය ඇති මුහුද මැඩිලිය නොහැකි සෙයින් සතුරන්හට ඔබව මැඩිලිය හැකි නොවෙත්. මේ බලකායෙන් සෙතක් වන්නේය. යම්සේ තණ ගිණිහුල ආදියෙන් ගෙනෙන ගින්න මහා සාගර සංඛ්‍යාත විශාල ජලකදක් මැඩපවත්වන්නට අසමත් වෙයි. රත් කරන්නට නොහැකි වෙයි. එපරිද්දෙන් ඔබව අභිභවනය නොකරත්. ශක්‍රයා විසින් ඔබට වරයක් දී මහරජ නොබෝකලකින් ඔබගේ පියා එන්නේයැයි කියන ලදී. මේ බලකායෙන් අපට යහපතක් වන්නේය.බිය නොවන්න.
ඒ මහා වීර්යවන්ත පින්වත් බිරිඳගේ වදන් ඇසු බෝධිසත්වයන්වහන්සේ ශෝකය දුරුකොට ඇය සමග පර්වතයෙන් බැස, ” අපි පැවිද්දෝ වෙමු. අපට කවරෙක් කුමක් කරන්නේදැයි” සිත දැඩි කොටගෙන පන්සල් දොරටුවට පිවිසියා.

🌺 පළමුව පියරජ පමණක් වෙසතුරු කුමරු අභියසට පැමිණීම.

ඒ මොහොතේ වෙසතුරු කුමුරුගේ අසපුව ආසන්නයටම පැමිණි සිටි සංජය රජු ඵුසති දේවියට අමතා ” සොදුර, අපි සියළු දෙනාම එකට ගියකල්හි ශෝකය මහත් වන්නේය. මම පළමුව යන්නෙමි. එයින් ශෝකය නැතිකොට හුන්නේ යැයි සළකා නුඔ මහත් පිරිවරින් එන්නයැයි” කියා රථය නතරකොට පැමිණ මගට අභිමුඛව ඒ ඒ තැන්හි ආරක්ෂාව යොදා අලංකාර කරන ලද ඇතාපිට නැගී එයින් බැස පුතාගේ සමීපයට යන්නට පිටත්වුනා. පියමහරජ රිය නවත්වා සෙනෙවියන්ට නියෝග කොට හුදෙකලාව වනයේ වාසය කරන පුතු වෙත එළබියා. ඇතකදින් බැස ඒකංස කළ උතුරුසළු ඇතියේ ජනයා විසින් කරන ලද ඇදිලි ඇතියේ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට පැමිණියා. එසද මහරජ ඒ අසපුවෙහි පන්සල් දොර හුන් රම්‍ය වූ ස්වභාව ඇති එකග සිත් ඇති ධාන්‍ය කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරු දුටුවා. වෙසතුරු රජු ද මද්‍රි දේවිය ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැක පෙරමගට ගොස් ඔහුට වැන්දා. දේවයිනි මම ඔබ ලේලීය වන මද්‍රි වෙමියි කියා මද්‍රි බිසව මාමණ්ඩිගේ පා යුගවල හිස තබා වැන්දා. පියරජු එහිදී ඇයව වැළදගෙන සෙනෙහසින් අත්ලෙන් පිට පිරිමැද්දා. ඉන්පසු දුපුතුන් දෙදෙනාම ඒ ශක්‍රයා විසින් දෙන ලද අසපුවෙහි වැළදගෙන හදවතේ හොවා ගෙන සිඔ මොළොක් අතින් ඔවුන්ගේ පිට පිරිමදින්නට වුනේ මහත්වූ සෙනෙහසින්.

ඉන්පසු හඩා වැළප ශෝකය තුනිවු කල්හි රජුඔවුන් සමග පිළිසදර කථා කරමින් මෙසේ කීවා. “පුතණුවෙනි, කිම තොප සුවසේද? පුතණුවනි කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙව්ද? කිම අල හා පළවැල බොහෝ ඇද්ද? කිම මැසිමදුරුවෝ ද සර්පයෝද අල්ප වෙත්ද? චණ්ඩ මෘගයන්ගෙන් යුතු වනයෙහි පීඩා නැද්ද? පියාගේ වචනය අසා බෝධිසත්වයන්වහන්සේ මෙසේ කිවා. දේවයිනි,අපගේ දිවිපැවත්මක් ඇත. එයද යම්තම් වනුයේය. සිගාකෑමෙන් පවත්වන අපගේ ජීවිතය වනමුල් පලවැලින් දිවිපැවැත්ම වෙයි. දුකින්ම දිවි පැවැත්වෙමු. මහරජතුමනි සම්පත් නැති දුප්පත් දිළිදු පුරුෂයා වනාහි එම දිළිදු බව විසින්ම දමනය කරයි. දක්‍ෂ රථාචාර්යයා අශ්වයකු දමනය කරන්නාක් මෙනි. දුප්පත්කම විසින්ම අපව දමනය කරයි. මහරජතුමනි, රටින් නෙරපන ලදුව වනයෙහි වසන ජිවශෝකී වූ අපගේ මව්පියන් නොදැක්මෙන් ශරීරයේ මස්ද කෘශ විය. පහනොවූ ශෝක ඇති අපට කුමන නම් සැපයෙක්ද? මෙසේද කියා නැවත දරුවන්ගේ තොරතුරු අසමින් මෙසේ කීවා.

🌺 ජාලිය ක්‍රිෂ්ණජිනා ජූජක බමුණාගෙන් නිදහස් කරගත් බව පැවසීම.

ඒ ජාලිය ,ක්‍රිෂ්ණජිනා දෙදෙරුවන් සිවිමහ රජුගේ දායාද නොලත් සම්පුර්ණ නොවූ මනදොළ ඇතිව ඉක්මන් වූ රුදුරු බමුණකු යටතට පත්විය. ඒ බමුණා ගවයන්ට පහරදෙන්නාක් මෙන් ඔවුන්ට පහරදෙයි. ඉදින් ඒ දරුවන් තතු දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ දනිව් නම් මේ රජදූට කියව. සර්පයකු විසින් දෂ්ට කරන ලද මානවකයන් හට බෙහෙත් කරන්නාක් මෙන් වහා අපට කියන්න.

එවිට මහරජ, ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට ධනය දී නිදහස්කොට ගන්නා ලදහ. පුත,බිය නොවන්න.සැනසෙන්න. ධනය ගෙවා දරුවන් ගත්තේය. ඒ අසා බෝධිසත්වයන්වහන්සේ ලබන ලද අස්වැසීම් මෙතෙකැයි කියන්නට බැහැ. එය අසා සතුටුව නැවතත් පියා සමග පිළිසදර කථාවේ යෙදුනා.

කියන්න, පියාණෙනි, සුවසේද? කිම පියාණෙනි දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් කදුළින් නොපිරිහේද? පුත්‍ර ශෝකයෙන් අඩන්නියගේ ඇස් නොපිරිහෙයි.රජු කීවා. පුතණුවනි,මට රෝග නැත, තවද පුතණුවනි, මට දුක් නැත, තවද පුතණුවනි තොප මවගේ ඇස් නොපිරිහේ. එවිට වෙසතුරු රජු, කිම තොපගේ ධූර දරන්නෝ සුවසේද? කිම වාහන උසුලාද? කිම ජනපද සමෘද්ධය වැසිද නොසිදේ. මෙසේ කථාසල්ලාපයේ යෙදෙන අතරතුර ඵුසති ඒ දෙදෙනා අතර දෙබස මෙසේ යනවිට ඵුසති දේවියට තව දුරටත් සැඟවී සිටිය නොහැකි වුනා. දේවිය දැන් ශෝකය තුනීකොට ඇතැයි සිතමින් මහා පිරිවර සමග පුතා සමීපයට පැමිණියා. .මව්රජ දුවමින් පාවහන් නැතිව පා ගමනින් පැමිණෙන බව පර්වත දොරටුව සිටි වෙසතුරු යුවළ දුටුවා. පුතු කෙරෙහි ගිජු වූ ඒ මව එන්නී දැක වෙස්සන්තර රජු ද මද්‍රි දේවියද පෙරගමන්කොට ඇයට වඳිනු ලැබුවා.

🌺 ජාලිය ක්‍රිෂ්ණජිනා, වෙසතුරු යුවළ, පියරජ යුවළ සහ හැටදහසක් අමාත්‍ය මණ්ඩලය සිහි නැතිව වැටීම.
“ආර්යාවෙනි,මම තොපගේ ලේලිය මද්‍රි වෙමි. තොපගේ පා යුවළ වදිමියි”. මද්‍රි දේවියද නැන්දණියගේ පා යුගවල හිසතබා වැන්දා. ඔවුන් ඵුසති දේවිය ට වැදසිටි අතරතුර කුමාර කුමරියන් පිරිවර සමගින් පැමිණියා. මද්‍රිය දේවියද ඔවුන් එනමග බලමින්ම සිටියා. දුර සිට සුවසේ ආ දරුවෝ මද්‍රි දේවිය දැක මුවදෙන කරා දුව එන පැටියන් මෙන් හඩමින් පෙරට දුව ආවා.

මද්‍රි දේවිය දුරින් සුවසේ ආ දරුවන් දැක භූතාවේශ වූවකු මෙන් වෙව්ලමින් මහත් හඩින් හඩ හඩා කම්පා වී සිහි නැති වී බිම පතිත වුනා. කුමාරවරුද වේගයෙන් අවුත් සිහි නැතිව මව් මත්තේම වැටුනා. ඒ මොහොතේ මහත් වූ දරු සෙනෙහෙන් ලය පිරී තිබු ඇගේ දෙතනයෙන් කිරි ධාරා දෙකක් නික්ම ඔවුන්ගේ මුඛයටම පතිතවුණේ තවත් ආශ්චර්යයක් ලෙසින්. එසේ ඒ සා වූ අස්වැසිල්ලක් නොවන්නට දරුවෝ දෙදෙනා හදවත් වියළි නැසිය හැකි බවයි සඳහන් වන්නේ. වෙසතුරු රජුත් ප්‍රිය පුතුන් දැක ශෝකය දරාගන්නට නොහැකිව සිහි නැතිව එහිම වැටුණ. මව්පියවරුද සිහි නැතිව එහිම වැටුනා.
එසේම සහජාත වූ හැටදහසක් ඇමැතිවරු ද ඒ ශෝකී දර්ශනය බලන්නවුන්ගෙන් එක් අයෙක්වත් එය දරාගන්නට නොහැකිවුනා.

🌺මහපොළව කම්පාවීම සහ ශක්‍ර දෙවිඳු විසින් පොකුරු වැසි වැස්සවීම.

මුළු අසපු පෙදෙසම යුගාන්ත වාතයෙන් කම්පා වූ සල්වනයක් මෙන් හඬ නැගුවා. ඒ මොහොතේ පර්වතයෝද හඩ නැගුවා. පොළොව කම්පා වුනා. මහා සමුද්‍රය කැළබින. සිනෙරු පර්වතය නැමී ගියා. කාමාවචර දිව්‍යතල සය දක්වාම මෙම කෝලාහලය පැතිර ගියා. මෙලෙස ක්‍ෂත්‍රියයන් සය දෙනාම සිය පිරිස් සමග සිහි නැතිව වැටුනා. ඔවුනතුරෙන් කිසිවෙක් නැගිට කිසිවකුගේ ශරීරයකට ජලය ස්වල්පයක් ඉසින්නට සමර්ථ නැතැයි සිතු සක් දෙවිදුන් පොකුරු වැස්සක් වස්වා පියවිසිහිය ගෙනදෙනුයයි සිතා ක්‍ෂත්‍රිය සමාගමයෙහි මතට පොකුරු වැස්සක් වැස්සවුවා. පොකුරු වැස්සේ විශේෂත්වය යමෙක් එහි තෙමනු කැමති වෙත්ද ඔවුහු තෙමෙනවා. යමෙක් එහි තෙමෙනු අකමැති නම් ඒ අය මතට ජලබිදුවක් වත් නොවැටෙයි. නෙලුම්පතකට වැටුණු ජලය මෙන් පෙරලී යයි. මෙසේ එය පොකුරු වනයෙහි වට වැස්සක් මෙන් විය. ක්‍ෂත්‍රියයෝ සයදෙනා හට සිහිය ආවේ ඒ මොහොතේ. ඤාති සමාගම මතටත් පොකුරු වැසි වස්සා. මහපොළොව නැවත නැවතත් කම්පාවුනා.

🌺 වෙසතුරු කුමරු අභිෂේක කරනු ලැබීම.

මහජනයා පුදුමයට පත්වුනා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුනා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණ. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුනා. මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුනා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ලග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි,ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.

🌺🌺🌺 ක්‍ෂත්‍රියයන් සයදෙනා පිළිබද කාණ්ඩය නිමි 🌺🌺🌺

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
21-02-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/3bWnobU
මෛත්‍රී භාවනාව..

අහං අ‍වේරෝ හෝමී – මම වෛර නැත්තෙක් වෙම්වා !
අබ්‍යාපජ්ජෝ හෝමී – තරහ නැත්තෙක් වෙම්වා !
අනීඝෝ හෝමී – ඉරිසියා නැත්තෙක් වෙම්වා !
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා !

අහං විය මය්හං – මා මෙන්ම මාගේ
ආචරි උප්ජ්ඣායා ‍- ආචාර්ය උපාධ්‍යායෝ ද
මාතා පිතරෝ – මව් පියවරුද
හිත සත්තා – හිතවත් සත්වයෝ ද
මජ්ඣත්තික සත්තා – ‍මධ්‍යස්ථ සත්වයෝ ද
වෙරී සත්තා – වෛරී සත්වයෝ ද
අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා !
අබ්‍යාපජ්ජා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා !
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා !
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා !
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත මිදෙත්වා !
යථාලද්ධ සම්පත්තිතෝ – ලද සම්පතින්
මා විගච්ඡන්තු – නො පිරිහෙත්වා !
කම්මස්සකා – කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය.

ඉමස්මිං විහාරේ – ‍මේ විහාරයේ සිටින
ඉමස්මිං ගෝචරගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින
ඉමස්මිං නගරේ – මේ නගරයෙහි සිටින
ඉමස්මිං ලංකාදීපේ – ‍ මේ ලක්දිවෙහි සිටින
ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිවෙහි සිටින
ඉමස්මිං චක්කවාලේ – මේ සක්වලෙහි සිටින
ඉස්සර ජනා – ඉසුරුමත් ජනතාව ද
සීමට්ඨක දේවතා – සීමාවෙහි සිටින දෙවියෝ ද
සබ්බේ සත්තා – සියලු සත්වයෝ ද
අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා !
අබ්‍යාපජ්ජා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා !
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා !
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා !
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත මිදෙත්වා !
යථාලද්ධ සම්පත්තියෝ – ලද සම්පතින්
මා විගච්ඡන්තු – නො පිරිහෙත්වා !
කම්මස්සකා – කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිසාවෙහි සිටින
දක්ඛිණාය දිසාය – දකුණු දිසාවෙහි සිටින
පච්ඡිමාය දිසාය – බටහිර දිසාවෙහි සිටින
උත්තරාය දිසාය – උතුරු දිසාවෙහි සිටින
පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිසාවෙහි සිටින
දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිසාවෙහි සිටින
පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිසාවෙහි සිටින
උත්තරාය අනුදිසාය – උතුරු අනුදිසාවෙහි සිටින
හෙට්ඨිමාය දිසාය – යට දිසාවෙහි සිටින
උපරිමාය දිසාය – උඩ දිසාවෙහි සිටින
සබ්බේ සත්තා – සියලු සත්වයෝ ද
සබ්බේ පාණා – සියලු ප්‍රාණීහු ද
සබ්බේ භූතා – හටගත් සියලු සත්වයෝ ද
සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ ද
සබ්බේ අත්තභාව පරියාපන්නා – ආත්මභාව පරියන කරන සියලු සත්වයෝ ද
සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීහු ද
සබ්බේ පුරියා – සියලු පුරුෂයෝ ද
සබ්බේ අරියා – සියලු ආර්යයෝ ද
සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ ද
සබ්බේ දේවා – සියලු දෙවියෝ ද
සබ්බේ මනුස්සා – සියලු මනුස්සයෝ ද
සබ්බේ අමනුස්සා – සියලු අමනුස්සයෝ ද
සබ්බේ විනිපාතිකා – සියලු විනිපාතිකයෝ ද (විනිපාතික අපායික සත්වයන්)

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා !
අබ්‍යාපප්ජා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා !
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා !
සුඛී අත්තානං පරිහරන්තු- සුවසේ ජීවත් වෙත්වා !
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත මිදෙත්වා !
යථාලද්ධ සම්පත්තියෝ – ලද සම්පතින්
මා විගච්ඡන්තු – නො පිරිහෙත්වා !
කම්මස්සකා – කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය.

සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු…..(සියලු සත්වයෝ සුවපත් වෙත්වා !)
සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු…..(සියලු සත්වයෝ සුවපත් වෙත්වා !)
සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු…..(සියලු සත්වයෝ සුවපත් වෙත්වා !)

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2T5nFR5
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 138🧡💛
🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 33
🌺 පසුගිය ලිපියෙන්

රජු විසින් ජූජක බමුණාට සත්මහල් ප්‍රසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුනා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.

🌺 ජාලිය කුමරා මද්‍රී දේවිය ගැන කියූ දුක්බර කතාව.

ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා නහවා වළදවා සරසවා එක් දරුවකු මුත්තාගේත් එක් දරුවකු මිත්තණියගේත් උකුලෙහි හිදුවා ගත්තේ මහත් වූ සෙනෙහසින්. ඒ විතරක් නෙවෙයි. ඔවුන් වෙසතුරු කුමරුගේ හා මද්‍රි දේවියගේ තොරතුරු දැනගැනීමේ මහත් වූ ආශාවකින් හිටියේ. පිය මහරජ දරුවන් ඇකයෙහි හිදුවා මෙසේ ඇසුවා.

” ජාලිය කියන්න, ඔබගේ මව්පිය දෙදෙනා නිරෝගීද? වනමුල් පලයෙන් යැපෙත්ද? එහි අල හා පලවැලබොහෝ ඇත්ද? මැසිමදුරුවන් සර්පයෝ අල්ප වෙත්ද? නපුරු වනසතුන්ගෙන් ගහන වනාන්තරයෙහි ඔවුන්ට පීඩාවක් නැද්ද?”

“ජාලිය කුමරු, එසේය දේවයිනි, මාගේ මව්පිය දෙදෙනා නිරෝගී වෙත්. එසේම වනමුල් පලවැලයන්ගෙන් යැපෙති. එසේම අල හා පලවැල බොහෝ ඇත. එසේම මැසිමදුරුවෝද සර්පජාතීහුද අල්පමය. වන මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි ඔවුන්ට පීඩාවක් නැත. ඒ අපගේ පින්වත් මව්තොමෝ අලද හුරුඅලද කටුඅලද කෙකටිය අලද කණිමින් ඩෙබර පලද බදුලු පලද බෙලිපලද ගෙනවුත් අප පෝෂණය කරයි. වනමුල් පල ගෙනෙන ඒ අපගේ පින්වත් මව්තුමෝ යම් දෙයක් ගෙන ඒද අපි හැමදෙනම එක්ව ඒවා රාත්‍රියෙහි වළදම්හ. දහවල් නොවළදම්හ. අපගේ මව්තුමෝ සියුමැලි වුවා රුක් පලාගෙන එන්නී අව් සුළගින් බැහැර සුදුව ගියාය. අතින් මඩින ලද පියුමක් වැන්න. නපුරු වන සතුන්ගෙන් ගැවසී ගත් කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනා ලද මහා වනයෙහි ඇවිදින අපගේ පින්වත් මව් ගේ හිසකෙස් ඉතා තුනීව ගියේය. කෙස් දළ මඩුළු ලෙස බැදී සිටී. එහි අල ද හුරු ද සරන්නී අපට ලබා දෙන්නේය.එසේ මව්පියන්ගේ කාර්ය බහුල ජීවිකාව වර්ණනා කරන ලදී.
දේවයිනි, මහා වනයෙහි ඇවිදින්නා වූ මාගේ පින්වත් මව්ගේ බඔරපත් වැනි කළුකෙස් ගස් අතු ආදියෙහි පැටලී තුනීව ගොස්ය. කිලිටිව හැසිරෙයි. දෙකිසිලි දැලි දරයි.සම් හැදින්නීය. බිම සිටී. ගිණි පුදයි.

🌺 ජාලිය කුමරුගේ දෝෂාරෝපණයෙන් මිත්තනුවන් ලැජ්ජාවට පත්වීම.

මෙසේ මවගේ දුක්ඛිත බව කියා මුත්තණුවන්ට චෝදනා කරමින් මෙසේද කීවා. ඊට හේතුව දන්දීමේ වරදට තම පියනන්ව වංක ගිරියට පිටමංකිරීමයි.

මුත්තනුවණි, ලෝකයේ මිනිසුන්ට දරුවෝ ප්‍රියව උපදෙති. අපගේ මුත්තණුවන්ට දරු සෙනෙහස නුපන් වනැයි සිතම්හ.

ඉක්බිත රජු තමන්ගේ වරද හෙළිකරමින් මෙසේ කීවා. දරුව, අප විසින් නපුරක් කරන ලදි. මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරන ලදී. ඒ මම සිවිරට වැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරපීමි. පුත, මෙහි මා සතු යමක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද ඒ හැම දෙමි. වෙසතුරු රජ ඒවා සිවිරට නගරයට අනුශාසනා කෙරේවා. එවිට ජාලිය කුමාරයා මෙසේ කිවා.

“දේවයිනි සිවිරට වැසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නොඑයි. දේවයෝ තුමුම ගොස් පුතණුවන් සම්පතින් අභිෂේක කරන්න. ”

ඉන්පසු රජතුමා සෙනෙවියා හට මෙසේ කීවා.

🌺 වෙසතුරු කුමරු රැගෙන ඒමට සංවිධානය කල අරුම පුදුම චතුරංග සේනාව.

“ඇත්,අස්,රිය,පාබළ,සේනාවෝ සන්නද්ධ වෙත්වා. නියම්ගම් වැසියෝද පෙරවි බමුණෝ ද මා අනුව එත්වා. මාගේ පුත්‍රයා හා සහජාත වූ හැටදහසක් ඇමතිවරු ,ඇතැම් කෙනෙක් නීල වස්ත්‍ර ධරව ,ඇතැම් කෙනෙක් පීත වස්ත්‍ර ධරව අන්‍යයෝ රක්ත වර්ණ නළල් පට ධරව. ඇතැම් කෙනෙක් ශ්වේත වර්ණ වස්ත්‍ර ධරව, මෙසේ නන් වස්ත්‍රයෙන් සැරසී ඉක්මනින් එත්වා. සුවද මල්පල ඇති එහෙයින්ම ගන්ධමාදන නම් නොයෙක් රුකින් වැසුණු යක්‍ෂ රක්‍ෂාදී මහා භූත සමුහයා ට නිවාස වූ හිමවත් පර්වතය යම්සේ දිව ඔසුවෙන් දිසා බබළාද සුවද හමාද එසෙයින් සන්නද්ධ වූවාහු ඉක්මනින් එත්වා. පැලදී අභරණින් දිසා බබළත්වා. තවරාගත් විලවුන් සුවද හමත්වා. ඉක්බිත රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැදින් සාදන ලද අඩයටි හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් විසින් අරා හිදුනා ලද තුදුස් දහසක් ඇතුන් යොදත්වා. දක්වන ලද විභුෂණ ඇති සන්නද්ධ භටයෝ ඇතුන්පිටින් වහා එත්වා. ඉක්බිත දුනු හී දරන අසරුවන් විසින් හිදුනා ලද ජාතියෙන් අජානේය වූ සින්ධු දේශයේ උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා.අලංකෘත සන්නද්ධ වූවාහු අශ්වයන් විසින් වහා එත්වා. ඉක්බිත ලෝභයෙන් මොනවට කරන ලද නිම්වළලු ඇති රන්කම් කළ රථ ඇති තුදුස් දහසක් රිය යොදත්වා. ඒ රියෙහි ධවජ නගත්වා. ඵලකායුධයන් හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා. පහරදෙන දුනුවායෝ දුනුදිය නගත්වා. රියදුරෝ සන්නද්ධව රියෙහි හිද වහා එත්වයි” අණ කරනු ලැබුවා.

මෙසේ රජතුමා සේනා අංගයන් විමසා බලා මාගේ පුත්‍රයාට ජයතුරා නගරයේ සිට වංකගිරිය දක්වා උසභ අටක් පමණ වූ ගමන්මග සමතලා කොට මග සැරසීම සදහා මේ මේ දේ කරවයි අණ කරමින් මෙසේ කීය.

🌺 රජතුමා කුමරු වඩින මග සරසන ආකාරය නියම කිරීම.

ඉස්නා ලද පස්මල් මල්දම් හා සුවද විලෙවුන් ප්‍රතිපාදන කරව. වෙස්සන්තර යම් මගකින් එයිද ඒ මග මල් ඇගෑ රුවන් ඇගෑද සිටුවා. යම් මෙගෙකින් ඒද ඒ මග ගම්දොරක් පාසා රහමෙර පුරවන ලද සියක් කළ තබාවා. යම් මගෙකින් ඒද ඒ මග මස් ද කැවුම් ද ආස්මි ද මසින් යුතු කොමුද තිබේවා. යම් මගෙකින් ඒ ද එමගෙහි ගිතෙල් ද තලතෙල් ද දී ද කිරි ද තණපිටියෙන් හා වී පිටියෙන් කළ බොහෝ සුරාද තිබේවා. බත් පිසින්නොද මාළු පිසින්නොද නටන්නෝද නටා ගී කියන්නෝද අත්තල ගසනුවෝද කළබෙර වයනුවෝද මුණ්ඩකයෝද ශෝක නසනුවෝද එත්වා. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණට කැරකුණු සක් පිඹිත්වා. පුෂ්කර වාදය වයත්වා. මෙසේ රජු මග සැරසීම් පිළියෙල කරවිය.

🌺 ජූජක බමුණාගේ හදිසි මරණය.

බමුණාද සීමාවට වඩා ආහාර අනුභවකොට දිරවා ගන්නට අසමත් වුයේ එහිම මළේය. රජු ඔහුගේ සිරුර කිස කරවවා නගරයෙහි බෙර හසුරුවා ඔහුගේ කිසි ඤාතියකු දුටුවේ නැත.ධනය නැවතත් රජුටම අයත් විය.

🌺 මහා චතුරංග සේනාව වංකගිරිය බලා පිටත්වීම.

එතැන් සිට සත්වන දිනයේ රජු අණ කල පරිදී සියළු සේනාවෝ එක්රැස් වුනා. රජු මහත් පිරිවරින් ජාලිය කුමරුව ගමන්මග ප්‍රධානියා කොට පිටත්ව ගියා. එසේ ගමන් ගත්තා වූ සිවිරජහු උසුළන ඒ සෙනග මහත්වී මග කියන ජාලිය හා සමග වංකගිරියට නික්මුණා. මහත් සිරුරු ඇති ගැඹුරු හඩ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන්පොරොදු බදනා ලබන කල්හි කුංචනාද කරයි. අජානීය අශ්වයෝ හේසරාව කළහ. නිම්වළලු හඩ මතුවිය. ධූලි අහස වැසීය.චතුරංගනී සේනාව ගමන්හි යෙදුනේය. ගමනිහි යෙදුණු නිල් තණබිම් හරනා වූ ඒ සේනාව විශාල විය.ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසිය. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.

කලිඟුරටවැසියනට දන්දුන් මංගල හස්තිරාජයා යලි ලැබීම.

ඒ එක්කම තවත් ආශ්චර්යයක් වුනා. මේ සියල්ලටම මුල් වුන මංගල හස්තිරාජයා කලිගුරටවැසි බමුණෝ තමන්ගේ රටෙහි වැසි වට කල්හි ගෙන අවුත් සංජය රජුට ආපසු දුන්නා. ඒ හස්තියා තමන්ගේ ස්වාමියාව දැකගන්නට ලැබේයැයි සතුටින් කුංචනාද කළා. ගෙනයාමට ඇත් රජු රන්පටියෙන් බදිනු ලබනවිට සතුටින් කුංචනාද කළා.

මහා රාජ කාණ්ඩය නිමි.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
18-02-2020

New at Little Bit

from Path to Nirvana https://ift.tt/38Pc5An
3. යෝධාජීව සූත්‍රය
355
මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක. එකල්හි යුද්ධයෙන් ජීවිකාව කරන ගාමිණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් යොධාජීව ගාමණි තෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද වෑයම් කෙරේද උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ නසත්ද මරත්ද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසනලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද, ගාමණිය, කම්නැත, මෙය තිබේවා මෙය මගෙන් නොඅසාවා.”
දෙවනුවත් “ස්වාමීනි, යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරණ වෑයම් කරණ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසනලදී. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද, ගාමණිය, කම්නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.
තුන්වෙනුවත් යොධාජීව ගාමණි තෙම ස්වාමීනි, යම් ඒ යොධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන්නාවූ වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයන් නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි පෙර යුද්ධයෙන් ජීවත්වුන ආචාර්ය ප්‍රාචාර්යයන් කියන්නාවූ මෙය මා විසින් අසන ලදී. මෙහි භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුදැයි ඇසීය.
ගාමණිය, කම්නැත, මගෙන් මෙය නොවිචාරව යන මෙය නොලබමි. එනිසා තොපට මම කියන්නෙමි. ගාමණිය යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයෙහි උත්සාහ කෙරෙයිද වෑයම් කෙරෙයිද ඔහුගේ සිත පළමුව හීනය. (කෙසේද?) මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, නොවෙත්වායි කියායි. නපුරුකොට කරනලදී. නපුරුකොට තබනලදී. ඒ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයක් වේද එහි උපදී. ඉදින් වනාහි යම් ඒ යුද්ධයෙන් ජීවත් වන්නෙක් යුද්ධයේදී උත්සාහ කෙරේද, වෑයම් කෙරේද, උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දෙවියන් අතර උපදීයයි ඔහුට මේ දෘෂ්ටිය වේද, ඔහුගේ ඒ මිථ්‍යා දෘෂ්ටියකි. ගාමණිය, මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරය හෝ තිරිසන් අපාය හෝ දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමියි වදාළසේක. මෙසේ වදාළ කල්හි යොධාජීව ගාමිණි තෙම හැඬුයේය. කඳුළු හෙලුයේය. ගාමණිය මෙසේ හෙයින් මම තොපට මෙය තිබේවා මෙය මගෙන් නොඅසවයි කීයෙමි. ගාමණිය එය මම තොපගෙන් නොලැබුවෙමියි වදාළේය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ වදාළ හෙයින් නොඅඬමි. එතකුදු වුවත් යම් ඒ යොධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කරයිද, වෑයම් කරයිද, උත්සාහ කරන වෑයම් කරන ඔහු අන්‍යයෝ මරත්ද, නසත්ද, හෙතෙම කයබිඳීමෙන් මරණින්පසු සරාජිත නම් දෙවියන් හා එක්වීමට පැමිණේයයි පූර්ව යොධාජීව ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් මුළා කරනලදී. වංචා කරනලදී. පොළඹවනලදැයි කීය.
“ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල්පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දෙශනා කරනලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකුකොට මා දරණසේක්වායි” කීයේය.

New at Little Bit

from Path to Nirvana https://ift.tt/39R1XXP
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 137🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 32

🌺 පසුගිය ලිපියෙන්..

අප මහා බෝසතාණන් වහන්සේ හට දුන් වර අට පිළිගැනීමෙන් පසු වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මෙලෙස කිවා. ” ඔබගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය….

සියල්ල එලෙසම නිමා වුයේ නැහැ. බෝධිසත්වයන්වහන්සේත් මද්‍රි දේවියද ඉතාමත් සතුටට පත්ව සක් දෙවිදුන් විසින් දෙන ලද පන්සලෙහි නැවත වාසයට ගියා.

🌺 දෙමාපිය වෙස්ගෙන දරුවනට සත්කාර කල දෙවිවරු.

මේ අතර බමුණාද දෙදරුවන් රැගෙන තම ගම්බිම් බලා යාමට සැටයොදුන් මගට පිළිපන්නා. දෙවියන් විසින් දෙදරුවන්ගේ ආරක්ෂාව සිදුකළා. පුජකයාද හිරු බැසගිය කල්හි ජාලිය සහ ක්‍රිෂානජිනා දරුවන් ගසක බැද බිම තබා තෙමේ චණ්ඩ වූ සතුන්ට බියෙන් ගසකට නැග අතු අතර නිදන්නට වුනා. ඒ මොහොතේ එක් දිව්‍ය පුත්‍රයෙක් වෙස්සන්තර රජු ලෙසත් එක් දෙව් දුවක් මද්‍රි දේවිය ලෙසත් වෙස් ගෙන අවුත් දරුවන් දෙදෙනා ඉන් මුදා අත්පා මිරිකා නාවා සරසවා භෝජන අනුභව කරවා හිරු උදාවෙන කල්හි බැද ඇති සැටියෙන්ම තබා නිදිකරවා අතුරුදහන් වෙයි. මෙසේ දරු දෙදෙනා දේවතාවන්ගේ සැළකිල්ලෙන් නිරෝගීව සතුටෙන් ගමන් කරා. ඒ විතරක් නෙවෙයි. තවත් අරුම පුදුම දෙයක් වුනා. බමුණාටද දෙවියකු අධිගෘහිත වී තම ගම වූ කලිගු රටට යමියි සිතා අඩමසෙකින් දරුවන්ගේ සීයා සහ ආච්චිය වන වෙසතුරු කුමරුගේ දෙමාපියන් වූ රජ යුවළ වෙසෙන දිවිතුරු නගරයටම පැමිණියා.

🌺 සිව්මහරජ දුටු සිහිනය

ඒ දිනයේම අළුයම සිවිමහරජ වූ සංජය රජු සිහිනයක් දුටුව. එය මෙබදු සිහිනයක්. මහාධිකරණ කාර්යයේ රජු යෙදී සිටින අවස්ථාවේ එක් පුරුෂයෙක් නෙලුම් මල් දෙකක් ගෙනවුත් රජුගේ අතේ තැබුවා. රජු ඒ මල් දෙකන්හි පැළද ගත්ත. ඒ පුෂ්පයන්ගේ රේණු ගැලවී රජුගේ උදරයට වැටෙන්නට වුනා. රජු උදයේ පිබිදී බ්‍රාහමණයන්ගෙන් තමා දුටු සිහිනයේ අරුත විචාරා සිටියා. එවිට ඒ බ්‍රාහ්මණයෝ මෙලෙස ඒ සිහිනයේ තතු පහදා දුන්නා.

“දේවයන් වහන්ස, එහි අදහස බොහෝකලක් වෙන්ව සිටිය නෑයෝ පැමිණෙනවා යන්නයි.” රජු උදයෙන්ම නොයෙක් රජ භොජුන් වළදා විනිශ්චයාසනයේ අසුන්ගත්තා. ඒ මොහොතේ දේවතාවුන් විසින් බමුණා දෙදරුවන් සමග රජගෙදර මිදුලටම එවනු ලැබුවා.

🌺 දරුවන් රජමිදුලටම දෙවියන්ගේ ආශීර්වාදයෙන් පැමිණීම.

ඒ මොහොතේ රජගෙදර මිදුලට පැමිණි සිටි කුමරුවා සහ කුමරිය දැක රජතුමා මෙසේ කිවා.

“ගින්නෙන් තවන ලද රත්‍රන් මෙන් උදුනෙහි ලා පැහැ ගැන්වූ රන් ගඩොලක් සෙයින් තෙල කාගේනම් මුහුණක් බබළන්නේද? දෙදෙනාම සමාන වූ අගපසගින් යුක්තය. දෙදෙනාම සමාන වූ ලක්‍ෂණ ඇත්තාහ. එකෙක් ජාලිය කුමරු හා සමානය අනිකා ක්‍රිෂ්ණජිනා කුමරිය හා සමානය. දෙදෙනාම ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහයෙන් නික්මුණු සිංහ පැටවුන් වැනියහ. මේ දරුවන් රනින් මවන ලද රූපයන් මෙන් පෙනෙයි.” මෙසේ කියා රජතුමා එක් ඇමතියෙකුට මෙලෙස අණ කරනු ලැබුවා. “යව මේ බමුණාව දරුවන් සමග මෙහි කැදවාගෙන එව.” එම ඇමතියා ඉක්මණින් ගොස් දරු දෙදෙනාත් බමුණාත් කැදවාගෙන ආව. ඉන්පසේ බමුණාට රජු මෙසේ පැවසුවා.

පින්වත් බමුණ, මේ දරුවන් කොහිසිට ගෙනෙන්නෙහිද? එවිට බමුණා සදමහ රජතුමනි, මේ දරුවෝ මා හට ප්‍රසාදයට පත් වූවකු විසින් දෙන ලදහ. මේ දරුවෝ යම් දවසක මට ලද්දාහුද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රියයි. රජතුමාට එන්න එන්නම සැකය වැඩි වුනත් තවමත් දරුවන්ව හඳුනාගත්තේ නැහැ. එවිට රජු නැවත විචාලේ “බමුණ තා විසින් කවරනම් ප්‍රිය වචනයකින් ලබන ලද්දාහුද? සත්‍ය කරුණෙන් පහදව. කවරෙක් තොපට තමන්ගේ දරුවන් උතුම් දානයක් ලෙස සළකා දන් දුන්නේද?”

එවිට බමුණා, “යමෙක් සත්වයනට මහපොළොව මෙන්ද, යදියනට පිහිටවී ද, ඒ පින්වත් වෙසතුරු මහරජ වනයෙහි වසන්නේ තම දරුවන් මට දුන්නේය. යමෙක් ගංගාවන්ට සාගරය මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වනයෙහි වසනුයේ තම දරුවන් මට දන් දිනි.

🌺 දරුවන් දන්දීම ගැන කිපුණු රාජකීය පිරිස වෙසතුරු කුමරුට දොස් පැවරීම.
ඒ වචන පිටවූ සැණින්ම රජගෙදර මහා ගාලගෝට්ටියක ස්වභාවය ගත්තා. ඒ ඇසූ ඇමතිවරු වෙස්සන්තර රජුට නින්දා කරමින් මෙසේ කීවා. භවත්නි,මෙහි යම්තාක් දෙනා රැස්වූවාහුද ඒ හැමදෙනා මේ අසව්. වෙසතුරු රජ වනයෙහි වසනුයේ කුමට දරුවන් දන් දුනිද? හේ දාසයකද දාසයකුදු අශ්වයකු ද අශ්වතරයන් යෙදු අගනා රථයක්ද දන් දෙනු ලැබුවා. උතුම් වූ ඇතෙකු ද දන් දෙනු ලැබුවා.හේ කුමට නම් මේ දරුවන් දන් දුන්නේද? ශ්‍රද්ධා සම්පන්න ගිහිගෙයි වසන්නා රජු විසින් නුසුදුසු අකටයුත්තක් කරන ලදී. රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන සේක. පින්වත් නගරවැසියනි, මෙහි පැමිණි යම්තාක් දෙනා සිටීද, ඒ සියල්ලෝම මෙය අසත්වා. කල්පනා කර බලත්වා. කෙසේ නම් වෙස්සන්තර රජු තම දරුවන් දාසයන් ලෙස දුන්නේද? කවරකු විසින් නම් මෙබදු වූ කටයුත්තක් කරන ලදදැයි කෑගසා අසන්නට වුනා.

ඒ ඇසු ජාලිය කුමරා සිය පින්වත් වූ පියාට නින්දා කිරීම නොඉවසුවා. වාතයෙන් කම්පා වූ සිනේරුවේ අතක් ඔසවන්නාක් මෙන් මෙසේ කිවා.

“මුත්තණුවනි, යමෙක් හට තම ගෙයි දාසයෙක් හෝ අශ්වයකු හෝ උතුම් අශ්වයන් යෙදු රියක් හෝ ගැඹුරු හඩ ඇති උතුම් ඇතෙක් හෝ නැත්නම් හේ කුමක් දෙන්නේද? ”

🌺 දරුවන් දාසභාවයෙන් ගලවාගැනීම.

එවිට රජතුමා මෙසේ කිවා. “දරුවනි, ඔබ පියාගේ දානය පසසමි. දරුවන් යදියාට දී ඔහුගේ ළය කෙසේ වීද?” එවිට කුමරු පියාගේ දුකගැන විස්තර කරන්නට වුනා.
“ඔහුගේ ළය දුක්වී, මියෙන් උණු උඩුහුරු කළ වායුව විහිදුවන ලද රෙහෙණ නැකත මෙන් තඔ පැහැ ඇස් ඇති මාගේ පියාගේ දෙනෙත් කඳුලෙන් තෙත්වුනා.”

මුත්තණුවනි, මේ ක්‍රිෂ්ණජිනා විසින් කියන ලද එක් වචනයක් අසා ඔහුගේ සිත මහත් වූ දුකට පැමිණියා. තඔවන් රෝහිණිය මෙන් තඔවන් ඇස්වලින් මාගේ පියාගේ ඒ මොහොතේ කදුළු උතුරන්නට වුනා. කියමින් ක්‍රිෂ්ණජිනා බමුණාගෙන් පළාගොස් තම පියා හමුවේ කියූ වදන් මතක් කළා.

” පියාණෙනි ! මේ බමුණා ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි. පියාණෙනි! මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ ධාර්මිකය. පියාණෙනි ! යකකු විසින් ගෙනයනු ලබන කල්හි කුමක් නිසා උපේක්‍ෂාවෙන් බලා සිටිවූදැයි? ඇසුවා.
ඒ කෙසේ වෙතත් දරුවන් දෙදෙනා ඒ නපුරු බමුණාව අත්හැරියේ නැහැ. ඊට හේතුව තම පියාගේ වදනට කීකරු වීමයි. මෙලෙස කිය කියාත් ඒ දරුවන් දෙදෙනා බමුණාව අත්නොහරින බව දැක රජතුමා මෙසේ ඇසුවා. තොපගේ මවු රජ දියණියකි, තොප පියා රාජපුත්‍රයෙකි. ඔබ පෙර මාගේ ඇකයෙහි නැගී හිදියි. කුමක් නිසා දැන් දුරින් සිටින්නහුද? හරිම පුදුමයි එවිට දරුදෙදෙනා, පියාණෙනි ! අප දැන් බමුණාගේ දාසයෝ වෙමු” යැයි පැවසුවා. එවිට පියරජතුමා දරුවනි! එසේ නොකියන්න.මාගේ ළය දැවෙයි.මාගේ සිරුර ගින්නට නැගු කලක වැන්න. කය අගුරු සෑයකට දමන ලද එකක් බදුය. හුනස්නෙහි සුව නොලබමි.මා බොහෝ සේ ශෝකය දැනෙයි. මා ධනය දී ඔබව මුදවා ගන්නෙමි. ඔබ දෙදෙනා ඔහුට දාස නොවන්න. දරුවනි,තොපගේ පියා තොප දෙදෙනා කොතෙක් මිලකොට මේ බමුණාට දෙන ලදද? ඇත්ත කියව. බමුණාට ධනය දෙනු ලැබේවා.”

මුත්තණුවෙනි! මගේ පියා මා තිස් දහසක් මිළකොට බමුණාට දුන්නා .ක්‍රිෂ්ණජිනාව ඇතුන් සියයෙන්ද අශ්වයන් සියයක්, රථ සියයක්, යටත් පිරිසෙන් ඇදපුටු ආදී සෑම දේම සියය බැගින්ද අගය කරනු ලැබුවා. රජු ඒ මොහොතේම මිළ ගෙවන්නට අණ කළා. “කාර්යයන් කරවන ඇමතිය, නැගී සිටව, වහාම මොහුට දිය යුතු තාක් දෙන්න. දැස්සන් සියයකුදු, අසුන් සියයකුදු, ඇතුන් සියයකුදු, ගොනුන් සියයකුදු, දෙනුන් සියයකුදු, රත්‍රන් තිස්දහසකදු දරුවන්ට මිළ ගෙවන්න. ඒ විතරක් නෙවෙයි. රජු විසින් බමුණාට සත්මහල් ප්‍රසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුනා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
17-02-2020