Monthly Archives: April 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bGIwCh
බුද්ධාගමයේ පරිහානිය හා දියුණුව

බුඬාගම හෙවත් බුඬශාසනය නො පිරිහීම පිණිසත් එහි දියුණුව පිණිසත් කළ යුතු දේ ගැන නොයෙක් අයුරින් බෞඬයෝ කථා කෙරෙති. නොයෙක් වැඩ ද කෙරෙති. එහෙත් ඒ ගැන සිතන වැඩ කරන බොහෝ දෙනා එය සඳහා කළ යුතු උසස් දෙය නො දනිති. බුදුන් වහන්සේ ජීවමාන සමයේ දී දිනක් එක්තරා බමුණෙක් බුදුන් වහන්සේ වෙත එළඹ, බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු බුදුසස්න චිර කාලයක් නො පැවතීමේ හා පැවතීමේ හේතු විචාළේ ය. බුදුන් වහන්සේ ඔහුට එහි හේතු වදාරන සේක්:-

“චතුන්නං ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. චතුන්නං ච ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්ත තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති.”

යනුවෙන් “බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානයන් නො වැඩීම නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය හෙවත් බුදු සස්න චිර කාලයක් නො පවත්වන්නක් වන්නේ ය. සතර සතිපට්ඨානයන් භාවනා කිරීම නිසා තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු බුදුසස්න බොහෝ කලක් පවත්නේ ය” යි වදාළ සේක. තථාගතයන් වහන්සේගේ මේ දේශනයේ සැටියට පෙනෙන්නේ බුදුසස්නේ දියුණුව පිණිස කළ යුතු උසස් සේවය සතිපට්ඨාන භාවනාව බව ය. එ බැවින් සසර දුකින් මිදී නිවන් දකිනු කැමති වූ ද, බුදුසස්න නඟා සිට වනු කැමති වූ ද, ආත්මාර්ථ පරාර්ථ දෙක සිදු කරනු කැමති වූ ද සත්පුරුෂයෝ තුමූ ද සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙත්වා! අන්‍යයන් ද සතිපට්ඨාන භාවනාවෙහි යොදත්වා!!

සතිපට්ඨාන භාවනාවේ අනුසස්

“චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති.”

මහණෙනි, වඩනා ලද්දා වූ නැවත නැවත වඩනා ලද්දා වූ මේ සසර සතිපට්ඨානයෝ සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහුය” යනු එහි තේරුම යි.

“යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා විරඬා. විර‍ඩො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමි.”

“මහණෙනි, යම් කෙනකුන් විසින් නො වඩා හැර දැමීම් වශයෙන් සතර සතිපට්ඨානයෝ වරදන ලද්දාහු ද ඔවුනට නො වරදවා ම නිවනට පැමිණෙන ආර්‍ය්‍ය මාර්ගය නො ලැබීම් වශයෙන් වරදින්නේ ය.” යනු එහි අදහසයි.

“චතුසු භික්ඛවෙ, සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිත චිත්තා විහරථ මා වො අමතං පනස්ස.”

“මහණෙනි, තෙපි සතර සතිපට්ඨානයන්හි මනා කොට පිහිට වූ සිත් ඇතිව මාසය කරව්, ලැබිය හැකි නිවන නැති කර නො ගනිව්” යනු එහි අදහස ය.

දිනක් අනුරුද්ධ මහරහතන්වහන්සේ උන්වහන්සේ මහානුභාව සම්පන්න වීමේ හේතු විචාළ මහණ පිරිසකට මෙසේ වදාළ සේක.

“ඇවැත්නි, සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම මහානුභාව ඇත්තේ වෙමි. ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම කල්ප දහසක් අතීතානාගත දෙක දක්නෙමි, මම නොයෙක් සෘඬි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි සමත් වෙමි. තනි වූ මම බොහෝ දෙනකු සේ පෙනී සිටීමට ද සමත් වෙමි, පියවි ඇසට නො පෙනෙන දෑ දැකීමට ද සමත් වෙමි, පියවි ඇසට පෙනෙන දෑ නො පෙනෙන සේ වැසීමට ද සමත් වෙමි, බිත්ති තාප්ප කඳු විනිවිද යාමට ද සමත් වෙමි, පොළොවෙහි දියෙහි මෙන් ගිලීමට හා මතුවීමට ද සමත් වෙමි, පොළොවෙහි ගමන් කරන්නාක් මෙන් ජලය මතුයෙහි ගමන් කිරීමට ද සමත් වෙමි, පක්ෂියකු මෙන් අහසෙහි ගමන් කිරීමට ද සමත් වෙමි. මහානුභාවසම්පන්න චන්ද්‍ර‍ සූර්‍ය්‍යයයන් අත ගෑමට ද සමත් වෙමි. බ්‍ර‍හ්මලෝකය දක්වා ඇති මේ ලෝකය තමා ගේ වශයෙහි පැවැත්වීමට ද සමත් වෙමි, මෙ ලොව ඇත්තා වූ ද අන්‍ය ලෝකයන්හි ඇත්තා වූ ද පියවි කනට නො ඇසෙන ශබ්ද ඇසීමට ද සමත් වෙමි, පරසිත් දැන ගැනීමට ද සමත් වෙමි, සරාගාදි වශයෙන් සත්ත්වයන් ගේ සිත් විභාග කොට දැන ගැනීමට ද සමත් වෙමි, මේ මේ දෙය මේ මේ දෙයට හේතුය මේ මේ දෙය මේ මේ දෙයට හේතු නො වේ ය යි හේතු අහේතූන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි, අතීතානාගත වර්තමාන කර්මයන්ගේ විපාක ප්‍ර‍ත්‍ය වශයෙන් හා හේතු වශයෙන් තත්ත්වාකාරයෙන් දනිමි. සත්ත්වයන් ඒ ඒ ගති වලට පැමිණෙන ප්‍ර‍තිපදාවන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට සමත් වෙමි. සත්ත්වයන් ගේ නානා අධිමුත්තීන් දැන ගැනීමට ද සමත් වෙමි. අන්‍ය සත්ත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් වැඩුණු නො වැඩුණු බව තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ හානභාගිය භාවය හා විශේෂභාගිය භාවය ද ඒවායින් නැඟී සිටීමේ හේතු ද තත්ත්වාකාරයෙන් දනිමි. තමන් අතීතයේ උපන් ජාති පිළිවෙල තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. තම තමන් ගේ කර්මානුරූප ව ඒ ඒ භවයට පැමිණෙන සත්ත්වයන් තත්ත්වාකාරයෙන් දැකීමට ද සමත් වෙමි, සකලාශ්‍ර‍වයන් ක්ෂය කොට අර්හත්වයට ද පැමිණ සිටිමි” යනුවෙනි. මේ ප්‍ර‍වෘත්තිය සංයුත්තනිකායේ අනුරුද්ධ සංයුක්තයෙහි සඳහන් වී තිබේ.

සතර සතිපට්ඨානයන් මනා කොට වඩන තැනැත්තා ඒ ජාතියේ දී ම ඔහුගේ පාරමිතාවේ හා වීර්‍ය්‍යයේ සැටියට සත්දින පටන් සත් වස දක්වා කාලය තුළ දී කාමරාග ව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කොට අනාගාමිත්වයට හෝ සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අර්හත්වයට හෝ පැමිණෙන බව මහාසතිපට්ඨාන සූත්‍රයෙහි වදාරා තිබේ.

හිතවතුන්ට කළ යුතු උසස් උපකාරය

“යෙ භික්ඛවෙ, අනුකම්පෙය්‍යාථ. යෙ ච සොතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා සතිපට්ඨපෙතබ්බා.”

යනුවෙන් තථාගතයන් වහන්සේ “මහණෙනි, මිතුරු වූ හෝ අසල් වැසි වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යමකුට තෙපි අනුකම්පා කරන්නහු ද යමෙක් තොප ගේ වදන් අසතැයි සිතත් ද ඔවුන් සතර සතිපට්ඨානයන් වැඩීමෙහි යොදවව්” යයි වදාළ සේක. එබැවින් හිතවතකුට කළ යුතු වූ උසස් ම උපකාරය හැකි නම් සතිපට්ඨාන භාවනාවෙහි යෙදවීම ය. සතිපට්ඨාන භාවනාව සත්ත්වයාට මහත් වූ පිහිටකි.

(රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය ඇසුරෙනි )

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KzjF7H
උපන්දාම ගඟේ පාකර දැමූ කිරිකැටි බිළින්දෙකු ගේ අභිමානවත් කථාව..

අකුසල කර්මවල අසෝභන විපාකත් කුසල කර්ම වල සෝභන විපාකත් මේ කථාවෙන් ද මනාවට පෙන්නුම් කරයි.

පෙර ඈත අතීතයේ කාශ්‍යප බුදුන් ගේ පිරිනිවීමෙන් පසු බුදුරජුන් ගේ ඒකඝණ ධාතු නිදන් කොට යොදුනක් උසට චෛත්‍යයක් කරන සමයේදී මහ රහතන් වහන්සේ නමක් චෛත්‍යයට රත්ත්‍රං සම්මාදම් කරමින් එක් රන්කරුවකු ගේ නිවසට වැඩි සේක. එවිට රන්කරු තම භාර්යාව සමඟ කලහ කරමින් සිටි බැවින් තෙරුන් වහන්සේ ඔබලාගේ චෛත්‍යයෙහි වැඩ නිමවීම සඳහා රන් නො පෙනෙනා බව මතක් කල විට භාර්යාව සමඟ තිබුණු කෝපයෙන් “නුඹ වහන්සේ ගේ ශාස්තෘන් වහන්සේ ජලයේ දමා යන්නැ යි” කීවේ ය. ඒ මොහොතේ තම භාර්යාව කෙරෙහි කෝප වුනි නම් මට නො බැන බුදුරජාණන් වහන්සේලාට වෛර කිරීම (දොස්කීම) වැරදි බව කී විට රන්කරු සංවේගයට පත්වී තෙරුන් වහන්සේගෙන් සමාව ඉල්ලී ය. බුදුරජුන්ගෙන් එයට සමාව ගන්න කී විට කුමක් කොට සමාව ගත යුතු දැයි අසා, රනින් මල් පොකුරු තුනක් කොට චෛත්‍යයේ නිදන්කොට තෙත් වූ කෙස් ඇතිව සමාව ගත යුතු බව මතක් කොට උන්වහන්සේ වැඩි සේක.

පසුව රන්කරු රනින් මල් සාදමින් තමාගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමහලු පුතාට ඒ සඳහා උදව්වට කතා කල නමුත් ඔහුගෙන් ලැබුනේ “ඔබ කළ වරද ඔබම බලා ගන්න” කියා ය. දෙවැනි පුතාත් කැඳවා කී නමුත් යහපත් ප්‍රතිචාරයක් නො වීය. ඔහු ද පෙර සේම කීවේ ය. මව්පියන්ට ආදරය ඇති තුන්වන පුතාට මතක්කල පමණින් පිළිගෙන “මව්පියන්ට උපන් කෘත්‍ය දරුවන්ට බාරයි නේද” සිතා පියාට සහය වී දෙදෙනා සමඟ මල් පොකුරු තුනක් සාදා ධාතු නිධානයේ නිදන්කොට සමාකර ගත්තේ ය.

මෙසේ මොහු බුදුන් වතුරේ දමන්න කී පවින් හත්වාරයක්ම බිහිවුන කාලයේ ම ජලයේ දමන ලද්දේ ය. අවසාන ආත්ම භවයේ අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ බරණැස් නුවර එක් සිටු කුමාරිකාවක් කුස විජ්ජාධරයෙක් (මන්ත්‍ර බලයෙන් අහසින් යන) නිසා පිළිසිඳගෙන, හොර රහසේම දස මසක් කුස දරා මෙලොවට බිහිකර තම දාසියත් සමඟ සාකච්ඡාකොට අළුත් භාජනයක් ගෙන්වා මේ කිරිකැටි දරුගැබ් මළපවා නො සෝදා එහි දමා, එය මනා කොට වසා මල්මාලා වලින් සරසා තමන් ගේ බාරයක් ඔප්පු කිරීමක් යැ යි දාසිය ලවා, නිසොල්මනේ ගඟේ පා කර හැරියා ය. අද සමාජයේ අපට නො දැනුවත්ව මෙ බඳු දේවල් මොනතරම් වෙනවා ද? කෙසේ හෝ පෙර පින් ඇති පශ්චිම භවික කිරි කැටියා ගඟ පහල නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් කාන්තාවක් ලබාගෙන දරුවා සෝදා පිරිසිදු කොට පෝෂණය කළා ය. කෙස් කරකැවී කැටිගැසී තිබුණු නිසා ජටිල කියා නම තැබුවා ය. මේ කාන්තාව මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ උපස්ථායිකාවක් බැවින් උන්වහන්සේට මහණ කරන්න කියා කුඩා වයසේදී ම පූජා කළා ය. මහ රහතන් වහන්සේ මේ දරුවා බැවිනුත් මහත් විඳින්න තරම් පුණ්‍යවන්තයෙක් නිසා ද රැගෙන ගොස් වෙනත් උපස්ථායක කුලයකට පෝෂණය කරන්න බාර කළහ. ඒ නිවසේ ගෙහිමියා ද ආදරයෙන් රැක බලාගෙන දරුවා ගේ පින් මහිමය කරුණු සහිතව දැනගෙන තමන්ගේ දූ කුමරිය මොහුට සරණ කොට දුන්නේ ය.

අළුත් නිවසට ගිය මේ දෙදෙනා නිවසට පැමිණීමත් සමඟම ඒ ජටිල තරුණයා ගේ පෙර පිං මතු වී නිවසට නැගෙනහිරින් අසූරියන් රන් පර්වතයක් පහළ විය. මෙය දැනගත් රජුගෙන් සිටු තනතුරක් ලබා ජටිල සිටු නමින් අමිත භෝගී සිටු කෙනෙක් විය. මොහුට පුත්‍රයන් තිදෙනෙක් විය. ඒ දරුවන් වැඩිවියට පත් වූ පසු පැවිදි වීමේ අදහසින් යුතුව ඒ පුත්‍රයන් කැඳවා රන් දණ්ඩක් ඇති වජිර තලයක් සහිත උදැල්ලක් දෙටු පුතාට දී රන් පර්වතයෙන් රන් පිඬක් රැගෙන එන ලෙස කීවේ ය. දෙටු පුතා ද උදැල්ලෙන් රන් පර්වතයට පහර දුන්නත් ගලකට ගැසුවාක් මෙන් විය. දෙවැනි පුතා ද එසේ ම පිටත් කළ නමුත් රන් නො කැපුනු බැවින් බාල පුතා පිටත් කළේ ය. බලන්න ,පෙර තාත්තාට රන්මල් හදා චෛත්‍යයට පූජා කිරීමට සහය වූ බැවින් හරියට මැටි ගොඩක් ගන්නාක් මෙන් රත්ත්‍රං කැපි කැපී යන්න පටන් ගත්තේ ය. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා පෙර රන්මල් සෑදීමට සහය නොවූ බැවින් ඔවුන්ට රන් ලබාගැනීමට නො හැකි විය. පසුව සිටුතුමා පුත්‍රයන් තිදෙනාව කැඳවා
“ මේ රන් පර්වතය නුඹලා සඳහා පහළ නො වුවේ ය, මටත් බාල පුතු සඳහාත් පහළ වූවකි. ඒ නිසා මල්ලිත් සමඟ එකට පරිභෝජනය කරන්නැ යි” බාරකොට පැවිදිව අග්‍ර අමා මහා නිර්වාණ ධාතුව අවබෝධ කළේ ය.

ඒ නිසා සත්පුරුෂ දරුවන් තම දෙමාපියන් ගේ කටයුතු බොහෝ ආදරයෙන් කර දෙත්වා. කිසිවෙකු කිසි කලෙක තෙරුවන්ට නිග්‍රහ නො කරත්වා.

📚 පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ ස්වාමීන් වහන්සේගේ කර්ම විපාක පුස්ථකයෙන්

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3eP7otH
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 169 💙💚💜

🌺 අපි නොදකින සතර පෙර නිමිති 01

🌺 ස්වභාව සෞන්දර්යට ප්‍රිය කළ අප මහා බෝසතානෝ

මෙසේ දිනෙන් දින සති මාස ගෙවිගියා. අන්තපුර ස්ත්‍රීන් හා සමග කාලය ගතකරනවාට වැඩිය බෝසතාණන් වහන්සේ ප්‍රිය කලේ ස්වභාව සවුන්දර්ය හා කාලය ගත කිරීමට. ඒ සසරේ වැඩි කාලයක් ගතකලේ මහා වනපෙත් වල තවුස්දම් වඩමින් පාරමිතා පුරමින් සිටි නිසා වෙන්න ඇති. ඒ නිසා ඉඩ ලද සැමවිටම කලේ රාජකීය උයන්වෙත ගොස් ඒ ස්වභාව සෞන්දර්යයත් හා කාලය ගත කිරීමයි. එදත් එවැනිම තවත් දවසක්. සිදුහත් කුමරා එන බව ආරංචි වී ඔහුගේ රූපශ්‍රීය දැකීමට මිනිසුන් මග දෙපස රැස් කකා සිටියා. ශුද්ධෝදන රජතුමා ඒ වන විටත් සසර කළකිරීම සඳහා භාජන වන යමක් ඇද්ද ඒ සියල්ල මග දෙපසින් ඉවත් කරලයි තිබුණේ. එදින බෝසතාණන් වහන්සේ උයන් බිමට යනු කැමැත්තෙන් රථය සරසන ලෙස චන්න ඇමතියා හට කියනු ලැබුවා.

🌺 සතර පෙරනිමිති පෙළගැස්වූ දෙවිවරු

ඔහු මැනවැ යි පිළිගෙන මාහැගි උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා කුමුදු පත්‍ර වර්ණ ඇති මංගල සෛන්ධව අශ්වයන් සිව් දෙනෙක් යොදා බෝසතාණන්වහන්සේට දන්වනු ලැබුවා. බෝසතාණන්වහන්සේ දෙව් විමනක් සමාන රථයට නැගී උයන දෙසට යන්නට පිටත්වුනා. බොස්තවරයකුගේ බුද්ධත්වය කරා යන ගමනේදී දෙවියන් හටත් ඉටු කරන්න ලොකු කාර්යය භාරයක් තියනවා. දුරේ නිධානයේදී එවැනි බොහෝ තැන් අපි සඳහන් කළා. එදින සම්යක්දෘෂ්ඨික දෙවිවරු මෙලෙස සිතන්නට වුනා. සිදුහත් කුමරුගේ අහිංසා බෝධියට දැන සුදුසු කාලයයි. ඒ නිසා පෙර නිමිති දැක්විය යුතුයි. එලෙස සිතා එක් දිව්‍යය පුත්‍රයෙක් මහළු දිරාපත් වූ, දත් වැටුණු, කෙස් පැසීගිය,

එදින සම්යක්දෘෂ්ඨික දෙවිවරු මෙලෙස සිතන්නට වුනා. සිදුහත් කුමරුගේ අහිංසා බෝධියට දැන සුදුසු කාලයයි. ඒ නිසා පෙර නිමිති දැක්විය යුතුයි. එලෙස සිතා එක් දිව්‍යය පුත්‍රයෙක් මහළු දිරාපත් වූ, දත් වැටුණු, කෙස් පැසීගිය, ගොනුස්සෙකු මෙන් වක් වූ කද, කටී, දණ, යන තැන්වලින් නැමුණු සැරයටියක් අතින් ගත් වෙවුලන ආකාරයෙන් පෙනී සිටිය. එහෙත් එම රූපය පෙනුණේ බෝසතාණන් වහන්සේට සහ රියදුරාට පමණක්මයි. ඒ නිසාම මහල්ලන් කුමරා යන මාර්ගයෙන් ඉවත් කරන්නට සිටි රාජ සේවකයනට ඔහුව පෙනුනේ නැහැ නෙවෙයි දෙවියන් විසින් පෙනෙන්නට සැලැස්සුවේ නැහැ.

🌺 සසර ගමනක් වෙනස්කල මහලු මිනිසා

එවිට බෝසතාණන් වහන්සේ රියදුරා අමතා යහළුව,මේ පුරුෂයා කවරෙක්ද? ඔහුගේ කෙස්වත් අන් අය හා සමාන නොවෙයි. ඔහුගේ කයද අන්‍ය පුරුෂයන්ගේ කය මෙන් නොවේ, යනුවෙන් පුදුමයෙන් විමසන්නට වුනා.

එවිට චන්න ඇමති ‘දෙවයන් වහන්ස, මෙතෙමේ ජරාවටපැමිණි මහලු පුරුෂයෙක්යයි’ කියා කෙටි පිළිතුරක් දුන්නේ පුදුමයෙන්. ඇයි මෙතරම් ආරකෂකයන් සිටියදීත් මෙම මහලු මිනිසා කොහෙන් පැමිණියාද කියලා හිතන්නට ඇති. එවිට බෝසතාණන් ‘කිමෙක්ද යහළු රියැදුර, මේ තෙමේ ජරාවට ගිය පුරුෂයෙක්දැයි නැවතත් අසනු ලැබුවේ පුදුමයෙන්. එවිට චන්න රියදුරු ‘දේවයන්වහන්ස, එසේය, මෙතෙමේ ජරාවට ගිය කෙනෙක්. ඒ නිසා ඔහු තව වැඩි කලක් ජීවත් නොවන්නේයයි’ කියා සිටියා. ඒ අසා පුදුමයට පත්වුන අප මහා බෝසතාණෝ ‘යහළු චන්න, කිමෙක්ද මමත් ජරාව ස්වභාවකොට ඇත්තෙම්ද? මා විසින් ජරාව නොඉක්මවනලද්දීදැයි, අසනු ලැබුවා. එවිට චන්න, ‘දෙවයන් වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම ජරාව ස්වභාවකොට ඇත්තෝ වෙමු. අපවිසින් ජරාව නොයික්මවන ලද්දීයයි’ පැහැදිළි කොට දුන්නා. රියදුරුගේ පිළිතුර අසා මෙළොව ඉපදීමට නින්දා වේවා. උපන්නා හට මහළු බව පෙනෙන්නේයැයි සංවේගයට පත් සිතැති ව එතැනින් ම ආපසු හැරී එහෙනම් අද උයන් ක්‍රීඩාවට යාමෙන් කමක් නැත, දැන්ම ආපසුහැරී ඇතුළුනුවරට රථය ගෙනයවයි’ චන්නට අණ කරනු ලැබුවා.

උයන්කෙළියට ගිය සැණින්ම එය නිමාකොට සිදුහත් කුමරා ආපසු පැමිණි බව ඔහු කෙරෙහි නිරන්තරයෙන්ම, ඇස ගසා සිටි ශුද්ධෝදන රජතුමාට දැන ගැනීමට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. සිදුවූ දෙය අසා දැනගත් පියරජතුමා හට මහල්ලෙක් දැක පැවිදි වනේයැයි පෙර ඇසු වදනම සිහිපත් වුණා. තම පුතු කෙරෙහි අසීමිත ආදරයෙන් බැඳී සිටි රජතුමාට “මා නො නැසුව මැනවි”, “මා නො නැසුව මැනවි” යනුවෙන් කියවුනේ ඉබේටමයි. නාට්‍යය සංගීතාදිය පිළිවෙල කරව්. සැප සම්පත් විදින විට පැවිද්ද සිහි නොවන්නේයැයි ආරක්ෂා තව තවත් තර කොට සියලු දිශාවන්හි තව දුරටත් අඩ යොදුනක් තැන් රැකවරණ යොදනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
25-04-2020

❤💚💛 පුණ්‍යානුමෝදනාව –
Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Vy3pdf
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 168 💙💚💜

🌺 බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝදරාව 03

🌺 පසුගිය ලිපියෙන්

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් “දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූනා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුනා” යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජතුමාත් එය අසා ප්‍රීතිව යශෝදරාවන්ගේ පියාණන් වෙතට “ඔබ දුව මා පුත් කුමරාට පාවා දීමට කැමතිදැයි අසා දූතයකු පිටත්කර යැවුවා.

🌺 බුද්ධත්වය පතා තම දියණිය හැර දා සිදුහත් කුමරු යයි යනුවෙන් බියවූ යසෝදරාවගේ පියාණන් විවාහ යෝජනාවට අකමැති වීම.

යශෝදරාවන්ගේ පියා මේ වනවිටත් සිදුහත් කුමරුවන්ගේ භාෂාශාස්ත්‍ර, ශිල්ප විද්‍යා විෂයයන්හි දැක්වූ සමාර්තයන් පිළිබඳව පැහැදී සිටියේ. එහෙත් ලපටි වියෙහි කුමාරයන් පිලිබඳ අනාවැකි පැවසූ අනාවැකි කරුවන්ගේ කතාවන් සිහිකොට කවරදාක හෝ මේ කුමරු ගිහිගෙය හැරදමා පැවිදි වෙතැයි සිය දියණිය පාවා දීමට මැළි වුණා. එහෙත් එය පිටතට නොඅඟවා යශෝදරාවන්ට තම අදහස් පිළිගන්වනු පිණිස ඇය ළඟට කැඳවා “දුව සිද්ධාර්ථ කුමාරයෝ කවරදාක හෝ ගිහි ගෙය හැර තපසට යන එක ඒකාන්තයි. අසිතර්ෂි තුමා ද නිමිත්ත පාඨක බමුණන් ද කීය අනාවැකිය කා අතරත් ප්‍රකට එකක්. නුඹ ඔහුට පාවා දුනහොත් වැඩිකල් නොයා දීම කනවැන්දුම් වෙන්න පුළුවන්. එබැවින් ඔහු හා කර බන්ධනයට කැමති නොවන්න. යැයි කියා සිටියේ පියෙකු ළඟ දුවකට තියෙන අසීමත සෙනෙහෙන්. එතකොට යශෝධරා දේවිය මෙලෙස කිවා.

🌺 සිද්ධාර්ථ කුමරුන් හැර වෙන කිසිවකු හා සමග විවාහ නොවන බව යසෝදරාව තම පියාණන් හට පැවසීමෙන් පසු විවාහය සිදුකිරීම.

” පියාණෙනි මා සරණ යතොත් ඒ සිද්ධාර්ථ කුමාරයන් සමගම පමණමයි. එතුමන් හෙට පැවිදි වෙතත් එතුමන් කෙරෙහි ම මිස අන් කිසිවෙකු හා සමග නො වසමි ” යනුවෙන් කියා සිටියා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකට පැමිණි ගමන එලෙස කිසිවෙකුට ලෙහෙසියෙන් වෙන් කිරීමට හැකියාවක් ඇත්තේම නෑ . සිද්ධාර්ථ කුමාරයෝ ද යශෝදරාවන් මිස අන් කිසිම කුමරියක ආවාහ කොට නොගන්නෙමි එලෙස තරයේම කියා සිටියා. මෙසේ ඒ කුමරු කුමරියන්ගේ සරණ මංගල්‍යය වෙන කිසිවෙකුහට වලක්වාලිය නොහැකි වුණා. නොබෝ දිනකින් මහත් වූ මඟුල් උළෙලකින් යශෝධරා ව සිද්ධාර්ථ කුමාරයාණන් ට පාවා දෙනු ලැබුවා. ශුද්ධොදන රජ්ජුරුවෝ දෙදෙනාටම එක් විට කිරුළ පැළදුවා.

🌺 සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය ත්‍රිවිධ ප්‍රාසාද තුල ගතකල තපස් දිවිය.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් යශෝධරා දේවීන්වහන්සේත් පෙර සිය දහස් ගණන් ජාතීන්හි එකට ඇසුරු කරමින් පෙරුම් පිරීමට එකිනෙකාට උපකාර වුණා. එයින් ඇති වූ ස්නේහය නිසා ඔවුහු එක්ව විසීමට කැමැත්ත ඇති ව සිටියත් කමාසක්ත නොවී සෙනෙහෙබර සහෝදරයෙකුත් සහෝදරිය කත් ලෙසින් ඔවුඔවුනට උපකාරී ලැදි ව කල් ගෙවන්නට වුණා. සුද්ධෝදන රජු සහ ප්‍රජාපතී දේවිය මේ අලුත් රාජ රාජිනී දෙදෙනාට දුක් පිළිබඳ කිසිම හැඟීමක් ඇති නොවන ලෙසට අවශ්‍ය හැමදෙයක්ම සපයනු ලැබුවේ සසර කලනොකිරීමට.

🌺 යසෝදරාවගේ පැමිණීමෙන් පසු රජමාලිගයේ සේවක සේවිකාවන් වහල්භාවයෙන් මිදීම.

යශෝදරාවන් රජගෙදරට එන්නට පෙර රජ පවුලේ පිරිසට වෙනමත් සේවක සේවිකාවන්ට වෙනමත් බොජුන් පිළියෙල කෙරුණ. එහෙත් යශෝදරාවන් එය වෙනස් කොට රජපවුලට පිළියෙල කෙරෙන ආකාරයෙන් රජ භෝජන එහි සේවක සේවිකා දාසි දාසියයි දාසයන්ට හැමදෙනාටම දෙන්නට සැලැස්වූවා. එදා රටේ සිරිත අනුව සුද්ධෝදන රජ ගෙදරද දාස දාසි නමින් සේවක පිරිසක් සිටියත් ඔහු වහල්ලු නොවුනා. ඔවුන්ද රජ පවුලේ හිත මිතුරන් සේ මහත් රුචියෙන් තම සේවාව ඉතුකලා. රජගෙයි පමණක් නොව මුළු රටෙහි හැමදෙනාම යශෝදරාවන්ගේ කරුණා ගුණය කෙරෙහි පැහැදුනා.

🌺 සිදුහත් කුමරාගේත් යශෝධරා දේවියගේත් තපස් දිවිය නිසා දරු ඵල ප්‍රමාද වීම

කපිලවස්තු පුර වැසි සියල්ලෝ යශෝදරාවන්ට තමන් හැමදෙනාගේ මවක මෙන් මහත් ආදර ගෞරව බුහුමන් දැක්වුවා. සිද්ධාර්ථ කුමාරයත් යශෝදරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නැටුම් ගැයුම් ආදියෙන් හැමදාමත් මගුල් ගෙයක මෙන් සිරි ගත්තා. කොතරම් යස ඉසුරු සම්පත් පිරී තිබුනත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් ගිහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස් වරයෙක් හා තපස් වරියකගේ ජීවිතය බඳු වුණා. ඔහු ලොව තතු සලකා බලන්නේ එළැඹ සිටි සිහියෙන් කල් යැවූවා. යම්කිසි දවසක ගිහිගෙය හැරදා යා යුතුයැයි අනගාරික ජීවිතයක් ගත කළ යුතු යැයි යන අදහස දෙදෙනාටම විය. තවුසන් මෙන් දිවි ගත කළ නිසාම ඔවුන් දෙපලට බොහෝ කලක් යන තුරුත් දරුවෙක් නොලැබිණ. යශෝදරාවන්ගේ කුස දරුවකු පිළිසිඳ ගත්තේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දේදීයි.

☝☝☝ සැළකිය යුතුයි; සිදුහත් කුමරුගේ විවාහය පිළිබඳ වැඩි විස්තරයක් ජාතික අටුවාවේ හෝ අනිකුත් ථෙරවාද ග්‍රන්ථ වල සඳහන් නැත. එනිසා බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් මෙම විස්තර උපුටාගෙන තිබුණේ ලලිත විස්තරය ඇතුලු මහායාන ග්‍රන්ථවලිනි. ☝☝☝

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

තුසිත රාජපක්ෂ – ප්‍රංශය
23-04-2020

❤💚💛 පුණ්‍යානුමෝදනාව – බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේට, Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2yIWpkM
2020-04-24 වන අද දිනට යෙදෙන්නේ මේ මහා ධරණී තලයේ මහා පුණ්‍යවන්තයෙකුගේ 81 වන ජන්ම දිනය යි.
උන්වහන්සේගේ පරමිතා ශක්තියෙන්, සිය ජීවිත කාලය පුරා අන් අයට ආදර්ශයක් වෙමින්, බුදු රජාණන් වහන්සේගේ ධර්මය ම දේශනා කරමින් වාසය කළ සේක.
සිය අභිඥා ශක්තියෙන් බෝධිසත්ව ගුණය දැක, එය ලෝකයට ප්‍රකට නොකොට, ධර්මයට ම මානනය පූජනය කරමින්, ගත කළ ජීවිතය, ලෝවාසී සියලු සංඝයා වහන්සේට ආදර්ශ සම්පන්න ය.
ධර්මාසනයක හිදිමින් තථාගතයන් වහන්සේ වදාළ දේ නොවදාළා යයි කියමින්, නො වදාළ දේ වදාළා යයි කියමි, හැසිරෙන නීච පිරිස් අතර, උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයේ ම මහා සිංහ නාද පැවැත්වූ සේක…!!

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ හිටපු අනු නායක, ශ්‍රී ජිනවංශ වංශාලංකාර, ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රමාධිපති, බෝධිසත්ව ධර්මානුයෝග, අතිපූජනීය අවසර නාඋයනේ අරියධම්ම මහානායක ස්වාමීන් වහන්සේට මතුලොවක පතන්නාවූ සම්බුද්ධ ශාසනාරූඪ කෘත්‍යය පිණිස, සියලු පින් හේතු උපනිශ්‍රය වේවා..!!
සාධු සාධු සාධු ..!!

උපුටා ගැනීම @nanda thero

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bL5kkJ
ඔන්න ඒ කාලේ ලංකාවේ තිබුනා මහවැව කියලා ගමක් මේ ගමේ තිබු පන්සලට කිව්වෙත් මහ වැව විහාරය කියල මේ පන්සලේ හාමුදුරුවෝ වණ ගතව ‍චාම් දිවියක් ගත කළා. මේ ගමේ එක් දායකයෙක් මේ හාමුදුරුවන්ට සිවුරු මහන්න රෙදි පූජා කළා. නමුත් හාමුදුරුවෝ පරණ සිවුරුමයි අදින්නේ ඉතින් දවසක් මේ හාමුදුරුවොන් ට අර දායක මහත්මයා සිවුරක් පූජා කළා නමුත් හොරෙක් ඇවිදින් ඒ සිවුර හොරා ගෙන ගියා.ඉතින් අර දායක මහත්මයා මෙහෙම කල්පනා කළා. මම දෙන සිවුරු මේ හාමුදුරුවෝ අදින්නේ නැත්තම් මොනවද ඒවට වෙන්නේ .මෙහෙම හිතලා මේක පරික්ෂා කරන්න හිතා ගෙන දවසක් සිවුරක් පූජා කරල විහාරයට යන අතර මඟ හැංගිලා හිටියා .අර හොරා හරන්තික හාමුදුරුවන්ගේ සිවුර අර ගෙන දැන් අර මිනිසා ලගින් යනවා .ටික ටික ඒ මිනිසා වෙත ලංවුණා .ඒත් එක්කම අර මිනිසා මොකද කලේ පැන්න ගමන් අර සොරාගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා විස්තරේ ඇහුවා .මේ සොරා ගැන කේන්ති ගොස් අර මිනිසා හොරාට හොඳටම ගැහුවා ගහල අමු සොහනකට අරන් ගියා ගිනිහින් මිනියකට අල්ලලා බැන්දා .බැඳලා ගමපුරා මෙහෙම ප්රචාරයක් යැවුවා . “අද හැම ගෙදරකටම මේ වගේ අමනුෂ්‍යයෙක් පැමිණේවි .කිසි කෙනෙක් දොරවල් අරින්න එපා .”

දැන් අර හොරා මිනිය මුදා ගන්න බැරිව මිනිය පිටින්ම ගමට ගියා .තමන්ගේ නිවසේ දොරට තට්ටු කළා. ඒත් ඒ ගෙදර අය මේ ඉන්නේ අර අමනුෂ්‍යයා කියලා හිතන් දොර ඇරියේ නෑ හැම නෑ කෙනෙක්ගෙම ගෙවල්වල දොරවල් වලට තට්ටු කළා .ඒත් කිවෙක් දොරවල් ඇරියේ නෑ.මේ නිසා හොරා අසරණ වෙලා හිටියේ .බැරිම තැන මේ හොරා පන්සලට ගියා .ගිහින් හාමුදුරුවන්ගේ පාමුල හඩා වැටුනා .අර හාමුදුරුවන්ටත් හොරා කෙරෙහි අනුකම්පා හිතිල .ඒ හරන්තික හොරා එම මිනියෙන් මුදවා ගත්තා .මුදව ගෙන ඇගේ තැලුණු තැන් වල තෙල් ගෑව .උණු වතුරෙන් නැහැ වුවා .

අර මිනිසා ගියා කනත්තට හොරා බලන්න නමුත් හිටියේ නෑ .හැම තැනම හොයලා හොයලා නැති නිසා පන්සලට ගියා .එවිටදකින්න ලැබුනා හාමුදුරුවෝ හොරාට සාත්තු කරණවා දැකලා මෙහෙම කියනවා

“මේ මගේ යහළුවායැයි යමෙක් උපකාර කළත් සොරා එය සිහි නොකරයි .එම නිසා සොරා සමඟ මිත්ර කමක් නැත.” “ එකට සිටිමින් කමින් බොම්න් සිටියද හොරා තම ස්වභාවය අත් නෙහරී .” “ සොරා කටින් එකක් කියයි කයින් එකක් කරයි අවකාශය ලැබූහැටියේම සොරකම් කරයි .” “සොරා දැක මව්පියොද නෑදෑයෝද දුරින්ම දුරුකරයි .”

මෙලෙස පවසා ස්වාමීණි එහෙයින් මෙම අසත් පුරුෂයාට උවටැන් නොකරව .එවිට හිමි මේසේ පැවසීය .

බල්ලෙක් යම්කිසිවකු‍ගේ පාදයක් සපාකෑවද හෙතෙම බල්ලාගේ පාදය සපා නොකයි .එසේම අසත් පුරුෂයා කෙතරම් වැරදි කළත් සත් පුරුෂයා ඔහුට අවඩැක් නොකරයි.එසේද සත්පුරුෂයා අසත් පුරුෂයාට මෛත්රී නොකරයි නම් හෙතෙම කාට මෛත්රී කෙරෙද?

මෙලෙස පවසා පින්වත, මොහු විසින් කරණ ලද කර්මයට මෙහුම විපාක ලබයි . එසේ පවසා ඔහු යැවීය. හරන්තික දින කිහිපයකින් නිරෝගී වී අභය හිමි ගෙන් පැවිද්ද ලබා නොබෝ කලනික්ම රහත් විය