Monthly Archives: June 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Vmb8e2
මේ වැඩසිටින්නේ ලග්ගල මහාවනයේ අවුරුදු තිහක් පමණ බවුන් වඩපු ආරන්‍යවාසී මහාසගපරපුරට පීතෘත්වයෙන් උපකාර කල අතිපූජනීය වන්දනීය ඩෙන්මාර්ක් ජාතික ඥානදීප මහාස්වාමින් වහන්සේ..බලංගොඩ
තැන්න සේනාසනයේ සිට ගිලන්උපස්තාන කිරීම පිනිස ගුවනින් වඩමවාගෙන යන අවස්ථාවක්.එකල නීරෝගිව ලග්ගල මහාවනයේ ගල්ලෙනක සිටිසමයේ උන්වහන්සේ මහාවනයෙන් පින්ඩපාතය පිනිස ඒ අසල වූ කුඩාගම්මානයට වඩින මොහොතේ ලක්දිව බොහෝ ප්‍රදේශවලින් දන්පූජා කිරීමට එන් බොහෝ දෙනාට උන්වහන්සේ පවසන්නේ “මේ ගම්මානවල ජීවත් වන්නේ හරිම දුප්පත් අහින්සක මිනිස්සු මේ අයට පුලුවන් වීදිහට හදාගෙන ගේන දානේ අපට පිලිගන්වන්න අවස්තාවක් දෙන්න..මට අවශ්‍ය මේඅහින්සකයන්ට පිනක් කරදෙන්න..” මෙන්න මෙ ප්‍රකාශය අහද්දි මට සිහිවුනේම තෘතිය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන්වහන්සේව.

සියජීවිතයම මහාවනන්තරවල ගල්ලෙන්වල සසර දුක් සීදීමට කෙලෙස් සමග සටනක යෙදුනු උන්වහන්සේගේ ස්කන්ධ සතරමහාධාතු ආයතනවලින් හටගත් මේ නාමරූප පරම්පරා දරන උන්වහන්සෙගේ කයත් අද බොහෝ රෝගිවෙලා නමුත් වඩන ලද අධිචිත්තයේ සහන් එළිය නිවන දෙසටමයි.දෙවියන් බඹුන් සහිත ලෝවාසින්ට අනුත්තර මහා පින්කෙතක් වෙමින් තව බොහෝකාලයක නිදුක්ව විංශත්වර්ශාධික කාලයක් ශ්‍රාවක සගරුවන සෝභමත් කරමින් වැඩසිටීවා යි පාදනමස්කාරයෙන් ප්‍රාර්තනා කරනවා.. අපගෙ වචනයෙන් ස්වාමින් වහන්සේගේ ගුණයට වරදක් වූයේනම් අනන්තවාරයක් සමාවභජනය කරත්වා… ආර්‍ය අශ්ටාංගික මාර්ගය වඩනවානම් ලොව රහතුන්ගෙන් ආර්‍යන් වහන්සේලාගෙන් හිස්නොවන්නේමය සසුන බබලන්නේමය..
නමාමි සංඝං මුනිරාජ සාවකං..
මහාසගගුණ අනන්තයි අප්‍රමාණයි

උපුටා ගැනීමකි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3hLwGKJ
මුළු විෂ්වයේම බලගතු භූමිය තියෙන්නේ කොහෙද කියලා පිටරැටියෙකුන්ගෙන් ඇහුවත් ඔවුන් පවසන්නේද ලංකා භූමිය බවයි.

ඔවුන් එයට යම් යම් දේ පැවසුවත් ඇත්ත දන්නේ හරියටම තෙරුවන් සරණ ගිය කෙනෙකුය. එයට හේතුව නම් අද අප අමාමැණි බුදුපියාණන් වැඩ සිටින

🌺 රුවන්වැලි සෑ රජුන් හා ඊට ඉහලින් ඇති 🌺 සිළුමිණි සෑ රජුන් හා ඊටත් ඉහලින් වැඩ සිටිණා
🌺 සළුමිණි සෑ රජාණන් වහන්සේලාගේ මහා අනුභවයයි.

පාරමි පෙරු බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙයින් නික්මුණු දිනම සිළුමිණි හා සළුමිණි සෑ රජාණන්වහන්සේලා ඉදිවුන බව කියවේ.

බෝධිසත්වයන් වහන්සේගේ කෙස් වැටිය 12 යොදුණක් විෂාල සිළුමිණි සෑ රජුන් තුළද (දේවලොකයේ සක්දෙවු ඇතුලු දෙවියන් වන්දනා මාන කරන අතර),

බ්‍රහ්ම ලොව බෝධිසත්වයන් ඇද හුන් සළු තැන්පත් කොට සළුමිණි සෑය තණා ඇති බව සඳහන් වෙයි.

රැවන්මැලි සෑ රජානන් තුළ අප අමාමැණි බුදුපියාණන්ගේ ශාරිරික ධාතුන් වහන්සේලා වැඩ සිටිණා බැවින් විෂ්වයේ බලගතුම එකම පිං බිම රුවන්වැලි සෑ රජානන් වැඩ සිටිනා ඒ උතුම් පිං බිම බවද, එහි හිමිකරුවන් තෙරුවන් සරණ ගිය අපමයි.

රැවන්මැලි සෑ රජුන් වදිනා හැම වෙලේම සිළුමිණි හා සළුමිණි සෑ රජාණන් වහන්සේලාද හිතින් අරමුණු කර වඳින්න අමතක නොකරන්න.

කෝටි ලක්ෂයක් සක්වල ආඥාචක්‍රය පැතිරවූ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහහන්සේලා සම්බුද්ධ අධිෂ්ඨානයෙන් අහසට පැන නැගී යමාමහ පෙලහර පාමින් සැතපෙන ඉරියව්වෙන් සැතපුනා වූ විශ්වයේ අසදෘශ්‍ය මහා චෛත්‍යයරාජයානන් වහන්සේ ස්වර්ණමාලී මහ සෑ රදුන්ට අනංත වාරයක් කෝටී ලක්ශ වාරයක් මාගේ නමස්කාරය වේවා..!

සාදු සාදු සාදු…🙏🌺🙏🌺🙏🌺

උපුටා ගැනීමක්
______________________________