Monthly Archives: September 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/32ZsdxB
පදයෙන් පදය පාලි සහ සිංහල අර්ථය සමග නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් පිරිත් 43 ක්. අර්ථය මෙනෙහි කරමින් හැකිතාක් සජ්ඣායනා කරන්න.

Web -> https://ift.tt/2w6WxtO
Android -> https://ift.tt/36yNj5F

[ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සබැඳියක් සහ වෙබ් අඩවි සබැඳියක් යෝජනා කොට ඇත.]
මෙම මෘදුකාංගයේ ඕනෑ ම පිරිතක් නැවත නැවත සජ්ජායනා කරවීමේ (Repeat) පහසුකම සලසා අත.

උපදෙස් සහිත වීඩියෝ එක https://www.youtube.com/watch?v=XFpYqlgT-a0

New at Little Bit


from Path to Nirvana https://ift.tt/358rEEk
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)209 💙💚💜

🌼 අසිරිමත් බුදුගුණ වරුණ 02

🌼 උන්වහන්සේ මෙසේ “අරහං” නම් වූ සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ කවර-කවර කාරණයෙකින් අර්‍හත් වන සේක් ද, යනුවෙන් සංකීර්ණ වූ විෂය පදාසයක් තුල කල මෙම මනරම් ගුණ වර්ණනාව මෙලෙස සංකිශිප්තව කෙටියෙන් සඳහන් කරන්නේ අද ලිපියට ගැලපෙන අයුරින්.

1. උන්වහන්සේ සකල ක්ලේශයන් කෙරෙන් ආරක ය. (ඉතා දුරස්ථය) අර්‍හත්මාර්‍ගඥානයෙන් ස්වාසනා සකල ක්ලේශ විධවංශනය කළ බැවිනි. එහෙයින් උන්වහන්සේ අරහ අර්‍හත් ය. යමෙක් යමෙක් හා අසමඞ්ගිත්‍වය වේ ද, එහෙයින් හෙතෙමේ ආරකා නම් වනවා. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් හා අසමඞ්ගී ය. එහෙයින් උන්වහන්සේ අර්‍හත් යයි මෙලෙස දක්වන ලදී.

2. උන්වහන්සේ විසින් ඒ ක්ලේශ අරීහු (කෙලෙස් සතුරෝ) මාර්‍ගඥානයෙන් නසා වනසන ලදී. එහෙයින් අරහං (අර්‍හත්) ය.

3.‘යම් හෙයකින් නාථයන් වහන්සේ විසින් ප්‍ර‍ඥා නමැති ශස්ත්‍රයෙන්, රාගාදි සංඛ්‍යාත සියලු අරීහු නසන ලද්දේ ද එහෙයින් ද උන්වහන්සේ අරහං නම් වනවා. (අරිහත යනු නිරුක්ති නයයෙන් අරහං යි විණි.)

4. තවද සංසාරය රථ චක්‍ර‍යක් වැන්න. අවිද්‍යාව හා භව තෘෂ්ණාව එහි නාභිය. පුඤ්ඤාදි අභිසංඛාර අර හෙවත් දැවිය ජරාමරණ නිම්වලල්ලය. ආශ්‍ර‍ව සමුදය නමැති අකුරින් විද්‍ය ත්‍රිභව නමැති රථයෙහි යොදන ලදුව අනාදිමත් කාලයක් මුළුල්ලෙහි පවත්නේ ය. තථාගතයන් විසින් ඒ සංසාර නමැති චක්‍ර‍යාගේ පුඤ්ඤාභි සංඛරාදි නමැති අර බෝ මැඩ දී වීර්‍ය්‍ය නමැති පාදයෙන් ශීල නමැති පෘථිවියෙහි පිහිටා ශ්‍ර‍ද්ධා නමැති අතින් කර්‍මක්‍ෂයකරඥාන නමැති පොරොව ගෙනැ කපා පියන ලද්දේ ය. එසේ හෙයින් (අර හත බැවින්) උන්වහන්සේ අරහං (අර්‍හත්) ය. අර හත යන තන්හි නිරුක්ති නයයෙන් අරහං විය.

5. අවිද්‍යාව හා සංස්කාර හා එක් සංක්‍ෂේපයෙකද, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්ස වේදනා එක් සංක්‍ෂේපයෙකද, තණ්හා, උපාදාන, භව එක් සංක්‍ෂේපයෙකද, ජාති, ජරා, මරණ එක් සංක්‍ෂේපයෙකද, මෙයින් මුල දැක්වුණු සංක්‍ෂේපය අතීතකාලීන වශයෙන්ද, මැද දැක්වුණු සංක්‍ෂේප දෙක වර්‍තමානකාලින වශයෙන්ද, අවසානයෙහි දැක්වුණු සංක්‍ෂේපය අනාගත කාලික වශයෙන්ද,

තවද මෙහි 1. අවිද්‍යා, 2. සංස්කාර 3.තණ්හා, 4.උපාදාන, 5.භව ගැනුමෙන් ඒ පඤ්ච ධර්‍ම අතීත කර්‍මවෘත්ත වශයෙන්ද, 1.විඤ්ඤාණ 2.නාම-රූප, 3.සළායතන, 4.ඵස්ස, 5.වේදනා යන පඤ්ච ධර්‍ම වර්‍තමාන විපාක වෘත්ත වශයෙන්ද, 1.තණ්හා, 2.උපාදාන, 3.භව ගැන්මෙන් 4.අවිජ්ජා, 5
සංඛාර ද ගැනුණේ බැවින්, ඒ පඤ්ච ධර්‍ම වර්‍තමාන කර්‍ම වෘත්ත වශයෙන්ද, ජාති,ජරා,මරණ වශයෙන් දැක්වෙන්නේ 1.විඤ්ඤාණ, 2.නාම-රූප, 3.සළායතන, 4.ඵස්ස, 5.වේදනා එබැවින් ඒ පඤ්ච ධර්‍ම අනාගත විපාක වෘත්ත වශයෙන්ද, මෙසේ මෙය ආකාර වශයෙන් විසි වැදෑරුම්වද,

තවද 1.සංඛාර-විඤ්ඤාන දෙක අතර එක් සන්‍ධියෙකද, 2.වේදනා – තණ්හා අතර එක් සන්‍ධියෙකද, 3.භව-ජාති අතර එක් සන්‍ධියෙකද, (මෙහි වැඩි විස්තර මෙම ලිපි පෙළෙහිම මතු ලියවෙන පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙන් ද, අභිධර්‍ම චන්‍ද්‍රිකා පටිච්චසමුප්පාද පාදය කියවීමෙන්ද දත හැකිය. ) වශයෙන්
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂේප සතරකින් හා අද්ධ තුනකින් හා ආකාර විස්සකින් හා සන්‍ධි තුනකින් හා යුක්ත වූ පටිච්චසමුප්පාදය සර්‍වාකාරයෙන් දන්නා සේක. ඒ අවබෝධය ඥානාර්‍ථයෙන් ඥාන වශයෙන්ද, ප්‍ර‍ඥාතාර්‍ථයෙන් ප්‍ර‍ඥා වශයෙන්ද, ‘ප්‍ර‍ත්‍යයාව බෝධයෙහි ප්‍ර‍ඥාව ධර්‍මසථිති ඥානය’ වශයෙන්ද එහෙයින් කියනු ලැබේ. උන්වහන්සේ ඒ ධර්‍මස්ථිති ඥානයෙන් ඒ ධර්‍ම තත්ත්‍වාකාරයෙන් දැනැ වදාරා ඒ ධර්‍මයන් කෙරෙහි කළකිරී එහි නො ඇලී ඒ සියල්ලෙන් මිදී යථෝක්ත සංසාර චක්‍ර‍යා ගේ අර විහත විධ්වංසනය කළ සේක. මෙසේ අරහත් බැවින් ද උන්වහන්සේ අරහං (අර්‍හත්) ය.

6. බුදුරජාණන් වහන්සේ අග්‍ර‍දක්‍ෂිණාර්‍හ බැවින් චීවරාදි සිව්පසට ද, සෙසු විශේෂයන්ට ද අර්‍භ වන සේක. සම්මා සම්බුදුවරයෙකු උපන් කල්හි මහේශාක්‍ය දේවමනුෂ්‍යයෝ පවා අන් තන්හි නුපුදා උන්වහන්සේ ම පුදනු ලබනවා.
උදාහරණ වශයෙන් – සහම්පති බ්‍ර‍හ්ම මහමෙර සා රුවන් දමකින් පුදනු ලැබුවා. සෙසු දෙවියෝ ද, බිම්සර කොසොල් රජ ආදී මනුෂ්‍යයෝ ද, ශක්ති පරිදි පුදනු ලැබුවා. අශොක රජතුමා පිරිනිවි බුදුන් උදෙසා සයානු කෙළක් ධන විසඳා දඹදිව මුළුල්ලෙහි සූඅසූ දහසක් විහාර කරවනු ලැබුවා. සෙසු පූජා විශේෂයෙන් පිළිබඳ කවර කථා ද මෙසේ දෙවුන් බඹුන් මිනිසුන්ගේ ප්‍ර‍ත්‍යයාදීන්ට අර්‍භ වන බැවින් උන්වහන්සේ අරහං වනවා.

7. තවද පණ්ඩිතමානී ඇතැම් මූඨයෝ අපකීර්‍තති භීතියෙන් රහසිගත ව පව් කරනු ලබනවා. සම්මා සම්බුදුවරයකු කිසි කලෙක එසේ රහසිගතව ද පව් නො කරන සේක. එසේ පව් කිරීමෙහි රහස් නැති බැවින් ද උන්වහන්සේ අරහං නම් වනවා.

“ආරකත්තා හතත්තා ච – කිලෙසාරීන සො මුනි

හතසං සාර චක්කාරො – පච්චයාදීනචාරමො

න රහො කරොති පාපාති – අරහං තෙන පවුච්චති”

‘මෙසේ බුදුරජාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් ආරක බැවින් ද, ක්ලේශාරි හත බැවින් ද, සංසාරචක්‍ර‍යාගේ අර හත බැවින් ද, ප්‍ර‍ත්‍යයාදීන්ට අර්‍හ බැවින් ද, රහසවත් පව් නො කරන බැවින් ද අරහ නම් වන සේක.

සැළකිය යුතුයි. – මෙම සංකීර්ණ විග්‍රහය ලිපිය සදහා සරළව ගැලපීමේදී ගුරු උපදෙස් නොමැතිව කල බැවින් අඩුපාඩු තිබිය හැක. ඒ බැවින් සම්පුර්ණ විග්‍රහය විශුද්ධි මාර්ගය කියවා දැනගන්න.

තුසිත රාජපක්ෂ ප්‍රංශය
31-07-2020
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2F29Jo7
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)208 💙💚💜

🌼 බුද්ධ

මෙම විශ්වය තුළ දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් ද බුද්ධ නම් වනව. ඒ වගේම ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි බුදුවරයෙකු විසින්ම දේශණා කලද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වනවා.

මෙවැනි බුදුවරයෙකුගේ සර්වඥතා අවබෝධය ගැන බිදක් ලිවීමට කරුණු රැස් කරගැනීමට සති කිහිපයක සිට උත්සාහ දැරුවත් එය ඉතා ලේසි කටයුත්තක් නොවුනේ ඒ සුවිශේෂ අවබෝධය මුළු ත්‍රිපිටකය පුරාම විසිරි පැවතීමයි. එවැනි අති සංකීර්ණ ඥාන සාගරයක් වටහාගැනීමට තරම් අපගේ මනස ද වැඩි නොතිබීම තවත් අභියෝගයක් වුණා. විශේෂයෙන්ම මෙම ලිපිපෙලේ දැනට ලියවෙන දෙවැනි කොටස වන අවිදුරේ නිධානය අවසන්වීමට නියමිතව ඇත්තේ සම්මා සම්බුද්ධත්වයෙන්. එහෙත් ඒ අවසානය ඔබ දොහොත් මුදුන් තබා වඳින බුද්ධ ඥාණ කිහිපයක් ගැන හෝ ලියා මින් ඉදිරියට හදපත්ලෙන් පැන නගින අසීමිත ගෞරවයෙන් වන්දනා කිරීමට සැලැස්වීම මෙම අවසන් ලිපි පෙළෙහි සැඟවුන ඒකායන පරමාර්ථයයි. ඉන් පසු “සන්තිකේ නිධානය” නම් වූ අවසාන කොටස පටන් ගැනෙනවා.

🌼 උන්වහන්සේ මෙසේ භගවා නම් වූ සේක

බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ පිලිබඳ ලිපිපෙළ ආරම්භයක් ගන්න සුදුසු ප්‍රවේශයක් ගැන සිතමින් ඉන්නා අවස්ථාවෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භගවා බුදුගුණය අළලා මහානිද්දෙසපාළියෙහි සාරිපුත්ත සුත්‍ර නිර්දේශයෙහි දේශණා කොට තිබූ දීර්ඝ බුදුගුණ වැයුම අසන්නට ලැබී ඇති වුනේ මහත් වූ චිත්තප්‍රිතියක්. එහි අප දන්නා වුත් නොදන්නා වුත් සියලුම බුදුගුණ අන්තර්ගතව ඇතැයි හැඟෙනවා. ඒ ගැන දැනගත්තේ අති පුජ්‍යය නාඋයනේ අරියධම්ම මහ නායක හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න. එය ලියාගන්න කාලවේලාවක් නැතිව ලතවෙනවිට පින්වත් අපගේ කල්‍යාණ මිත්‍ර කථිකාචාර්යය වින්සන් හලහකෝන් මැතිතුමා එය මට ලඝුගණක කොට ඒවා තිබුණා.

1.“ භගවාති ගාරවාධිවචන මෙතං බුද්ධානං යදිදං භගවාති” – භගවා කියන්නේ සර්වඥ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්.
2. “අපි ච භග්ගරාගොති භගවා”- ඒ නැතත් සර්වඥයන් වහන්සේ රාගය භග්න කළ බැවින්, වින්ද බැවින් භගවා නම් වෙනවා
3. “ භග්ග දොසොති භගවා” – භගවා ද්වේෂය බින්ඳ බැවින් භගවා නම් වෙනවා.
4. “භග්ග මොහොති භගවා” – මොහය බින්ද බැවින් භගවා නම් වෙනවා.
5. “භග්ග මානොති භගවා” – මානය බින්ද බැවින් භගවා නම් වෙනවා.
6. “භග්ග දිට්ඨිති භගවා” – දිට්ඨිය, මිත්‍යා දිට්ඨිය බිඳලූ බැවින් භගවා නම් වන සේක.
7. “භග්ග කණ්ඨකොති භගවා” – කෙලෙස් කටු බිඳලූ බැවින් භගවා නම් වන සේත.
8. “භග්ග කිලෙසොති භගවා” – ඒක්දහස් පනිසියයක් කෙලෙස් බිඳලූ බැවින් භගවා නම් වන සේක.
9. “භජි විභජි පටිවිබජි ධම්මරතන්ති භගවා” – ධර්‍මරත්නය භජනය කළාල විජනනය කළා හාත්පසින් බෙදා දෙසූ බැවින් භගවා නම් වන සේක.
10. “භවානං අන්තකරොති භගවා” – කාම භව රූප භව අරූප භව ආදී සියලු භවයන් කෙළවර කළ බැවින් ද භගවා නම් වන සේක.
11. “ භාවිතො කායො, භාවිතො සීලො, භාවිත චිත්තො, භාවිත පඤ්ඤොති, භගවා” – කාය භාවනාවත්, සිල භාවනාවත්, චිත්ත භාවනාවත්, ප්‍රඥා භාවනාවත්, වැඩු බැවින් ද භගවා නම් වන සේක.
12. “භජි වා භගවා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා,” – ඒ් කියන්නේ ආරන්‍ය සේනාසන, ප්‍රාන්ත සේනාසන, මනුෂ්‍යයන්ගේ හඩක් නැති, මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති, මනුෂ්‍යයන්ගේ කථාබහක් නැති, ආශ්‍රයක් නැති, නිශ්ශබ්දතාවෙන් පිරිපුන් වුණා වූ, සමථ විපස්සනා භාවනාවන්ට සුදුසු වූ, මාර්‍ගඵල ලබන්නට සුදුසු වූ ප්‍රාන්ත සේනාසන, විවේක සේනාසන භාජනය කළ නිසා ද භගවා නම් වන සේක.
13. “ භාගී වා භගවා චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා,”චීවර ද, ප්‍රණීත ප්‍රණීත චීවර ද, ප්‍රණීත ප්‍රණීත පිණ්ඩපාත, ප්‍රණීත ප්‍රණීත සේනාසන, ප්‍රණීත ප්‍රණීත ගිලානප්‍රත්‍ය භෙසජ්ජපරිස්කාරයන් ලබන්නට භාග්‍යවන්ත බැවින් ද, භගවා නම් වන සේක.
14. “භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා” ඒ් සර්‍වඥයන් වහන්සේ අර්‍ථ රසලාභී බැවින් ද, ධම්ම රසය ලාභී බැවින් ද, විමුක්ති රසය ලාභී බැවින් ද, අධිචිත්ත ලාභී බැවින් ද, අධී සීල ලාභී බැවින් ද, අධි පඤ්ඤා ලාභී බැවින් ද භගවා නම් වන සේක.
15. “භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං ආරුප්පසමාපත්තීනන්ති භගවා” –
ඒ භාග්‍යවතුන්වහන්සේ රූපාවචර ධ්‍යාන හතරක් ලැබූ බැවින් ද, බ්‍රහ්ම විහාර හතර ලැබූ බැවින් ද, අරූපාවචර සමාපත්ති හතර ලැබූ බැවින් ද, භගවා නම් වන සේක.
16. “ භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිඤ්ඤායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා” – අෂට විමොක්ෂ කියන ධ්‍යාන ලාභී බැවින් ද, අටක් වූ අභිභායතන කියන ධ්‍යාන ලාභී බැවින් ද, නව අනුපූර්‍ව විහාර සමාපත්තීන් කියන ධ්‍යාන සමාපත්තීන් ලාභී බැවින් ද, භගවා නම් වන සේක.
18. “භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානස්සතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා,” – දස සඤ්ඤා භාවනා ලාභී බැවින් ද, භගවා නම් වන සේක. දස කසින සමාපත්තිලාභී බැවින් ද භගවා නම් වන සේක. දස අසුභ සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක.
19. භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං – සතර සතිපට්ඨාන ලාභී බැවින් ද භගවා නම් වන සේක.
20. “චතුන්නං සම්මප්පධානානං” – සතර සම්‍යක් ප්‍රධාන්ලාභී බැවින් ද භගවා නම් වන සේක.
21. “චතුන්නං ඉද්ධිපාදානං” – හතරක් වූ ෘද්ධි පාදයන් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
22. “පඤ්චන්නං ඉන්ද්‍රියානං” – පඤ්ච ඉන්‍ද්‍රිය ධර්‍ම ලාභී බැවින් ද භගවා නම් වන සේක.
23. “පඤ්චන්නං බලානං”- පඤ්ච බල ධර්‍මයන් ලාභී බැවින් ද භගවා නම් වන සේක.

24. “සත්තන්නං බොජ්ඣඞ්ගානං” – සප්ත බොජ්ඣඞ්ග ලාභී බැවින් ද භගවා නම් වන සේක.
25. අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා, – ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ලාභී බැවින් ද භගවා නම් වන සේක.
26. භාගී වා භගවා දසන්නං තථාගතබලානං” – තථාගතඥාණබල දහයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
27. “චතුන්නං වෙසාරජ්ජානං” – විසාරද ඥාණ හතරක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
28. චතුන්නං පටිසම්භිදානං “ – පටිසම්භිදා ඤාණ හතරක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
29. ඡන්නං අභිඤ්ඤානං” – අභිඤ්ඤා ඥාණ හයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.

30. ඡන්නං බුද්ධධම්මානන්ති භගවා”- බුද්ධ ධර්‍ම හයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.

එමෙන්ම එම සුත්‍ර දේශනාවේ වැඩි දුරටත් මෙලෙස සඳහන් කරමින්, මෙම භගවා යන නාමය මහ මායා දේවිය විසින් තැබුවක් නොව, ශුද්ධෝදන රජතුමා විසින් තැබුවක් නොව පිය පස හෝ මවු පස ඥාතීන් විසින් තබන ලද්දක් ද නොව, නන්ද ආනන්ද ආදී සහෝදර කෙනෙක් තැබූ නමක් නොව,රූප නන්දා ජනපද කල්‍යාණි ආදී සොහොදරියක් විසින් තබනු ලැබූ නමක් නොව, හිත මිතුරන් තැබූ නමක් නොව, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් තැබූ නමක් නොව, දෙවියෙක් බ්‍රහ්මයෙක් තැබූ නමක් නොව, සර්වඥයන් වහන්සේ බෝමුල අරා වැඩහිඳිමින් සපිරිවාර මාර පරාජයකොට යම් අලුයම් කාලයකදී දසදහසක් සක්වළ කම්පා කරමින් සතර මග පිළිවලින් ගොස් අරිහත් මලක්සේ අරිහත් ඵලයට පත්වූ සේක්නම්, ඒ විමොක්ශාන්ත නමැති ඒ අරිහත් ඵලයට පතවන විටම ඒ මත පිහිටා භගවා යන නාමය ලොවට උරුම වූ භවයි.

තුසිත රාජපක්ෂ ප්‍රංශය
29-07-2020
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මහානිද්දෙසපාළි සාරීපුත්‍ර සූත්‍ර නිර්දෙශය, ඒ අනුසාරයෙන් සිදුකෙරුණු අතීපුජනීය නා උයනේ අරියධම්ම මහනාහිමි හිමිපාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි යන සුත්‍ර දේශණය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3bAlZbm
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)207 💙💚💜

පසුගිය ලිපියෙන්.

මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුණා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

🌼 දෙතිස් පෙර නිමිති

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස දහසක් ලෝක කම්පා කොට අළුයම් වේලෙහි සියල්ල දන්නා නුවණ හෙවත් සබ්බඤ්ඤුත ඤාණය අවබෝධ කරන කල්හි දස දහසක් සක්වල දෙතිස් පෙරනිමිති පහළවුනා. මේ දෙතිස් පෙරනිමිති සම්බන්ධව මිට පෙර “අපේ බුදුහාමුදුරුවෝ නවවෙනි කොටසෙහි ලීවා. එහෙත් එය කියවීමට නොලැබුන පින්වතුන්ගේ දැනගැනීම පිණිස නැවත මෙහි සඳහන් කරන්නට සිතුවා.

01. උන්වහන්සේ බෝධිමුලයේ සියල්ල දත් නුවණ නොහොත් “සබ්බඤ්ඤුත ඤාණය” අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන මොහොතේම දසදහසක් සක්වළ කම්පිත ප්රකම්පිත වන්නට වුණා.02. දසදහසක් සක්වළදෙවියෝ එදින එක් සක්වළකට රැස්වුණා.03. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරී ගියා. 04. සිර කරනු ලැබූ සියලු සත්ත්වයෝ විලංගු, සිරගෙවල් ආදියෙන් මිදුණා. 5. අධි ශීත, අධි උෂ්ණ සම වුණා. 06. සුළං කුණාටු ඇති වුණේ නැහැ. මුළු පරිසරයම නිහඬ වුණා. 07. ගංගාවෝ ගලා නොගොස් නැවතුණා. 08. එකෙණෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපෙන්නට පටන්ගත්තා. 09. තුරු ලිය ඵල බර වුණා. 10.ආකාස ගත වුද පොළවෙහි වුද සියලු රුවන් දිළිසෙන්නට වුණා. 11. මිනිස් හා දිව්ය තුර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වුණා. 12. නා නා වර්ණ මල් වරුසා අහසින් වසින්නට වුනා. 13. මහා මුහුදු රළ සංසිදී ලුණු රස පහවගොස් මිහිරි රැසක් හටගත්තා. 14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්ය විමන්වල නටන්නට වයන්නට,ගයන්නට, ක්‍රීඩා කරන්නට, දජ පතාක දමන්නට පටන් ගත්තා එකෙණෙහිම මහකවුළු දොරගුළු ඉබේටම විවර වුණා, 15. නිරයවල නිරන්තරයෙන්ම ඇවිලුණු මහා ගිණිදැල් නිවෙන්නට පටන්ගත්තා, 16. බුද්ධාන්තරයක් පුරා දියපොදක් නොලත් ප්රේත ලෝකයෙහි පිපාසය පහවගියා. 17. හිරු දීප්තිමත්ව බබලද්දී සියලු තාරකාවෝ පෙනෙන්නට වුණා.18. වැසි නො වැසම පොළොවෙන් ජල දහර උඩට පැන නැග්ගා,19. තරු සමූහය සමග නැකත් තරුද අහසේ බබළන්නට වුණා. 18. සඳ විසාවේ නැකත් හා යෙදෙන්නට වුනා. 20. පෘථිවියේ ගුහාවල වාසය කරන සත්ත්වයෝ එකවර එයින් නික්මුණා. 21. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටු වුවන් බවට පත්වුණා.22. උපතින්ම අන්ධවුවන් හට පෙනීම ලැබුණ. බිහිරෝ ශබ්ද ඇසුවා. මානසික ආබාධිතයනට සිහි එළඹුණ. කොර වුවෝ පයින් ගමන්කළ. 23. සියලු සත්ත්වයන්ගේ රෝග හා සාගිනි දුරුවුණා. 24. සියලු සත්වයන්ගේ බය පහවගියා. 25. දුහුවිලි තවදුරටත් ඉහළට නැගුණේ නැහැ.
26. අමිහිරි සුවඳ නැති වී මිහිරි සුවඳ දසත හමා ගියා. 27. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙවු බඹුන් පෙනෙන්නට වුණා.
28. ඒ විතරක් නෙවයි, සියලු නිර මිනිසුන්ට පෙන්නේට වුණා. 29. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහණ වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල ආලෝකයක් ඉපැදුණා. 30. බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහස මෙන් වුණා. 31. මියා පූසා වැනි නිත්‍ය වෛරී සත්ත්වයෝ පරම මෛත්රී සිත් ලැබුවා. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණ. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්රීඩා කළ. ගෙවලමියෝ බළලුන් හා සෙල්ලම් කළහ.
32. එක් ක්ෂණයෙහි සත්වයන් චුති හෝ ප්රතිසන්ධි වශයෙන් ලොව පහළවීම සහ නික්මීම වුනේ නැහැ.

මෙසේ දස දහසක් සක්වළ සියලු අලංකාරයෙන් සැරසුණ. ඒ සක්වල පෙරදිග මුවවිටියෙහි එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර බටහිර මුවවිටියෙහි පතිත වුණා. එසේම බටහිර මුවවිටියෙහි එස වූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර පෙරදිග මුවවිටියෙහි පතිත වුණා.මේ අයුරින් උතුරු-දකුණු දිශාවල එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර වල්ද ප්‍රතිවිරුද්ධ දිශා මුවවිටියෙහි වැදුණා. පොළොවෙහි ඔසවන ලද ධජ කෙළවර බඹලොව හැපුණා කියනවා. එසේම දස දහසක් සක්වල මල්, ගෙඩි හටගන්නා ගස් වල මල් ගෙඩි හට ගැනුණ. රුක් කදෙහිද මල් පිපුණි.අතු රිකිලි ලියවැල් වල මල් පිපුණි.ගල් තලා බිඳ මතු මතු සතක් වනසේ දඬු පියුම් පැන නැගුණ. මෙසේ අපමණ සිරි සැපතින් බුද්ධත්වය පිදුම් ලබද්දී විවිධ අසිරිමත් දේ පහළ වෙද්දී සබ්බඤ්ඤුත ඤාණය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධකොට සියලු බුදුවරයන් විසින් අත් නොහරින ලද ප්‍රීති වාක්‍ය උන්වහන්සේගේ මුවින්ද පහළ වුනේ සාරසංඛේය කල්පලක්ෂයක විඩාව පහකරන්නා වගේ.

“අනේක ජාති සංසාරං – සංධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා ”

“ පඤ්චස්කන්ධය කියන ගෙය හදන තණ්හාව කියන වඩුවා සොය සොයා මේ සසරෙහි නොයෙක් ජාතිවල ඇවිද්දත් මට ඒ වඩුවා දැකගන්නට නොහැකි වුණා. නැවත නැවත ඉපදීම දුකක්. එම්බා වඩුව, මන් නුඹව දැක ගත්තා. නැවත නුඹ මට පඤ්චස්කන්ධය කියන ගෙදර හදන්නේ නෑ. නුඹේ කෙලෙස් කියන සියලු පරාල විනාස කලා. අවිද්‍යාව කියන කැණිමඩල සිදලා දැම්මා. විසංඛාරගත මාගේ සිත නිවනටම පත් වුණා. තණ්හාව සම්පූර්ණයෙන්ම දුරුකර දැම්මා..”

තුසිත රාජපක්ෂ ප්‍රංශය 27-07-2020
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QTljnH
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)207 💙💚💜

පසුගිය ලිපියෙන්.

මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුණා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

🌼 දෙතිස් පෙර නිමිති

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස දහසක් ලෝක කම්පා කොට අළුයම් වේලෙහි සියල්ල දන්නා නුවණ හෙවත් සබ්බඤ්ඤුත ඤාණය අවබෝධ කරන කල්හි දස දහසක් සක්වල දෙතිස් පෙරනිමිති පහළවුනා. මේ දෙතිස් පෙරනිමිති සම්බන්ධව මිට පෙර “අපේ බුදුහාමුදුරුවෝ නවවෙනි කොටසෙහි ලීවා. එහෙත් එය කියවීමට නොලැබුන පින්වතුන්ගේ දැනගැනීම පිණිස නැවත මෙහි සඳහන් කරන්නට සිතුවා.

01. උන්වහන්සේ බෝධිමුලයේ සියල්ල දත් නුවණ නොහොත් “සබ්බඤ්ඤුත ඤාණය” අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන මොහොතේම දසදහසක් සක්වළ කම්පිත ප්රකම්පිත වන්නට වුණා.02. දසදහසක් සක්වළදෙවියෝ එදින එක් සක්වළකට රැස්වුණා.03. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරී ගියා. 04. සිර කරනු ලැබූ සියලු සත්ත්වයෝ විලංගු, සිරගෙවල් ආදියෙන් මිදුණා. 5. අධි ශීත, අධි උෂ්ණ සම වුණා. 06. සුළං කුණාටු ඇති වුණේ නැහැ. මුළු පරිසරයම නිහඬ වුණා. 07. ගංගාවෝ ගලා නොගොස් නැවතුණා. 08. එකෙණෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපෙන්නට පටන්ගත්තා. 09. තුරු ලිය ඵල බර වුණා. 10.ආකාස ගත වුද පොළවෙහි වුද සියලු රුවන් දිළිසෙන්නට වුණා. 11. මිනිස් හා දිව්ය තුර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වුණා. 12. නා නා වර්ණ මල් වරුසා අහසින් වසින්නට වුනා. 13. මහා මුහුදු රළ සංසිදී ලුණු රස පහවගොස් මිහිරි රැසක් හටගත්තා. 14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්ය විමන්වල නටන්නට වයන්නට,ගයන්නට, ක්‍රීඩා කරන්නට, දජ පතාක දමන්නට පටන් ගත්තා එකෙණෙහිම මහකවුළු දොරගුළු ඉබේටම විවර වුණා, 15. නිරයවල නිරන්තරයෙන්ම ඇවිලුණු මහා ගිණිදැල් නිවෙන්නට පටන්ගත්තා, 16. බුද්ධාන්තරයක් පුරා දියපොදක් නොලත් ප්රේත ලෝකයෙහි පිපාසය පහවගියා. 17. හිරු දීප්තිමත්ව බබලද්දී සියලු තාරකාවෝ පෙනෙන්නට වුණා.18. වැසි නො වැසම පොළොවෙන් ජල දහර උඩට පැන නැග්ගා,19. තරු සමූහය සමග නැකත් තරුද අහසේ බබළන්නට වුණා. 18. සඳ විසාවේ නැකත් හා යෙදෙන්නට වුනා. 20. පෘථිවියේ ගුහාවල වාසය කරන සත්ත්වයෝ එකවර එයින් නික්මුණා. 21. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටු වුවන් බවට පත්වුණා.22. උපතින්ම අන්ධවුවන් හට පෙනීම ලැබුණ. බිහිරෝ ශබ්ද ඇසුවා. මානසික ආබාධිතයනට සිහි එළඹුණ. කොර වුවෝ පයින් ගමන්කළ. 23. සියලු සත්ත්වයන්ගේ රෝග හා සාගිනි දුරුවුණා. 24. සියලු සත්වයන්ගේ බය පහවගියා. 25. දුහුවිලි තවදුරටත් ඉහළට නැගුණේ නැහැ.
26. අමිහිරි සුවඳ නැති වී මිහිරි සුවඳ දසත හමා ගියා. 27. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙවු බඹුන් පෙනෙන්නට වුණා.
28. ඒ විතරක් නෙවයි, සියලු නිර මිනිසුන්ට පෙන්නේට වුණා. 29. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහණ වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල ආලෝකයක් ඉපැදුණා. 30. බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහස මෙන් වුණා. 31. මියා පූසා වැනි නිත්‍ය වෛරී සත්ත්වයෝ පරම මෛත්රී සිත් ලැබුවා. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණ. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්රීඩා කළ. ගෙවලමියෝ බළලුන් හා සෙල්ලම් කළහ.
32. එක් ක්ෂණයෙහි සත්වයන් චුති හෝ ප්රතිසන්ධි වශයෙන් ලොව පහළවීම සහ නික්මීම වුනේ නැහැ.

මෙසේ දස දහසක් සක්වළ සියලු අලංකාරයෙන් සැරසුණ. ඒ සක්වල පෙරදිග මුවවිටියෙහි එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර බටහිර මුවවිටියෙහි පතිත වුණා. එසේම බටහිර මුවවිටියෙහි එස වූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර පෙරදිග මුවවිටියෙහි පතිත වුණා.මේ අයුරින් උතුරු-දකුණු දිශාවල එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර වල්ද ප්‍රතිවිරුද්ධ දිශා මුවවිටියෙහි වැදුණා. පොළොවෙහි ඔසවන ලද ධජ කෙළවර බඹලොව හැපුණා කියනවා. එසේම දස දහසක් සක්වල මල්, ගෙඩි හටගන්නා ගස් වල මල් ගෙඩි හට ගැනුණ. රුක් කදෙහිද මල් පිපුණි.අතු රිකිලි ලියවැල් වල මල් පිපුණි.ගල් තලා බිඳ මතු මතු සතක් වනසේ දඬු පියුම් පැන නැගුණ. මෙසේ අපමණ සිරි සැපතින් බුද්ධත්වය පිදුම් ලබද්දී විවිධ අසිරිමත් දේ පහළ වෙද්දී සබ්බඤ්ඤුත ඤාණය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධකොට සියලු බුදුවරයන් විසින් අත් නොහරින ලද ප්‍රීති වාක්‍ය උන්වහන්සේගේ මුවින්ද පහළ වුනේ සාරසංඛේය කල්පලක්ෂයක විඩාව පහකරන්නා වගේ.

“අනේක ජාති සංසාරං – සංධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා ”

“ පඤ්චස්කන්ධය කියන ගෙය හදන තණ්හාව කියන වඩුවා සොය සොයා මේ සසරෙහි නොයෙක් ජාතිවල ඇවිද්දත් මට ඒ වඩුවා දැකගන්නට නොහැකි වුණා. නැවත නැවත ඉපදීම දුකක්. එම්බා වඩුව, මන් නුඹව දැක ගත්තා. නැවත නුඹ මට පඤ්චස්කන්ධය කියන ගෙදර හදන්නේ නෑ. නුඹේ කෙලෙස් කියන සියලු පරාල විනාස කලා. අවිද්‍යාව කියන කැණිමඩල සිදලා දැම්මා. විසංඛාරගත මාගේ සිත නිවනටම පත් වුණා. තණ්හාව සම්පූර්ණයෙන්ම දුරුකර දැම්මා..”

තුසිත රාජපක්ෂ ප්‍රංශය 27-07-2020
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3hUxZGQ
තෙරුවන් සරණයි …!

බක්කුල මහරහතන් වහන්සේ
අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් අනුරුද්ධ මහරතන් වහන්සේ දිනක්‌ භික්‍ෂූන් වහන්සේ සියයක්‌ සමඟ කිඹුල්වත්පුරයේ නුගආරාමයකට වැඩියහ. මේ බව දැනගත් උන්වහන්සේගේ නෑ සමූහයා නිරතව පැමිණ නිතරම සුවදුක්‌ විචාරති. බොහෝ නෑයෝ පැමිණිය ද සිය නැඟණිය වූ රෝහිණී කුමාරිය නොපැමිනීම උන්වහන්සේට ප්‍රශ්නයක්‌ විය. එහිදී නැගෙන පැවසුවේ රෝහිණී කුමාරියට දද රෝගයක්‌ හටගෙන ඇති නිසා ඇය නිවසින් පිටතට නොපැමිණෙන බවය. සිය නැඟණිය මේ රෝගයෙන් මුදාගන්නේ කෙසේදැයි දිවැසින් බැලූ අනුරුද්ධ මහරහතන් වහන්සේ නිරෝගී බව පතා මහා සංඝරත්නයට විහාරයක්‌ කරවන ඇයට දැන්වීය.

ඒ අනුව ටික කාලයක්‌ තුළදී මේ විහාරය කරවා බුදුන්වහන්සේ ඇතුළු මහාසංඝයාට පුජා කරන ලදී. එහිදී බුදුන්වහන්සේ ප්‍රකාශ කළේ පෙර බවයක කළ කම් විපාක දීම නිසා මේ දද රෝගය වැළඳී ඇති බවය. මේ කුමරිය එක්‌ ආත්මයක බරණැස්‌ රජුගේ අගමෙහෙසියව සිටියදී ඒ රජුගේ තවත් බිසවක්‌ සමඟ උරණ වී ඇය නිදන ඇඳෙහි කහඹිලියා දැමීය. මේ නිසා ඇඟේ පලුහටගෙන දරුණු කැසීම් ඇති වී ශරීරය අවලස්‌සන විය. මේ පව නිසා රෝහණී කුමරියට මේ ආත්මයේදී දද හට ගැනිණි. කෙසේ නමුත් අවසානයේ මේ පිංකම නිසා දද රෝගය සුවපත්වී අවසානයේ සෝවාන් බව ලබන්නටද අනුරුද්ධ මහරහතන්ගේ නැගණියට හැකිවිය. ඉහත කතාව දැක්‌වූයේ නිරෝගී බව ලැබීම ලෙහෙසි පහසු දෙයක්‌ නම් නොවන බව පෙන්වීමටය. අප දැන් ප්‍රධාන කතාව දෙසට හැරෙමු.

ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි” කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.

විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා “බක්‌කුල” ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.

2. ගෞතම බුදුරජානන් වහන්සේගේ ශාසනයේ දීර්ඝ ආයුෂ ලැබූ උතුමන්ලා

බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160 ක් නීරෝගී.
අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 150 ක් නීරෝගී.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 140 ක් නීරෝගී.
ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු 120 ක් නීරෝගී.
විශාඛා මාතාව අවුරුදු 120 ක් නීරෝගී

3. බක්කුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ, පැරණි ගිහි යහලුවෙක්වූ, අචේල කාශ්‍යපතෙම , ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යප තෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය.
2. ´´ඇවැත් බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?´´
´´ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් මෙවුන්දම් සෙවුනා ලදද?´´
´´ඇවැත් කාශ්‍යපය, මගෙන්, ´ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුලත කී වරක් මෙවුන්දම් සෙවුනා ලදදැ´ යි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැ´ යි ඇසිය යුතුය.´´
´´ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?´´
´´ඇවැත් කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
3. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුල යම් ව්‍යාපාද සංඥාවක්, විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
4. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්‍කයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් කාම විතර්‍කයක් උපන් බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
5. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්‍කයක්, විහිංසා විතර්‍කයක්, උපන්බවක් නොදනී නම්, මෙයද ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
6. ´´ඇවැත්නි, පැවිදිව අසූ වර්‍ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසිලූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
7. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
8. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
9. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
10. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනසිවුරක් මැහූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
11. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්‍මයෙහි යෙදුන බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
12. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
13. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ´කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැ´ යි කියායි.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවයසකින් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
14. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ගමෙහි හුන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
15. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
16. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
17. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම වස් අසූවකින් ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
18. ´´ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.´´
19. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙමේ පැවිදිව අසූ වයස්වද භික්‍ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
20. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
21. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
22. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
23. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
24. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම (කෙනෙකුට) නිස දුන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් (කෙනෙකුට) නිස දුන් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
25. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයක්‍ර ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සාමණේරයකු ලවා උපස්ථාන කරවා ගත් බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
26. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
27. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සුනු ගා නෑ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
28. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
29. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට අන්තිම වශයෙන් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
30. ´´ඇවැත්නි, අසූ වයස් ඇති මට අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
31. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හේත්තුවූ බවක් නොදනියි නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
32. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සයනය කළ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සයනය කළ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
33. ´´ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස් වැසූ බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
34. ´´ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්‍හත්වය පහළවිය.´´
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත් දවසක්ම අනුභව කෙළේ නම්, අටවෙනිදා අර්‍හත්වය පහළවීනම් මෙයද. ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයෙකැයි අපි දරමු.´´
35. අචෙල කාශ්‍යප තෙම, ´´ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි´´ යි කීය.
´´අචෙල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ, හුදකලාවූයේ, ජනයාගෙන් වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යය කෙළවරකොට ඇති, ඒ උතුම් අර්‍හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.
36. ඉක්බිති ආයුෂ්මත් බක්කුල සථවිරතෙම අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීය.
´´යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, ´´ආයුෂ්මත්වරුනි, නික්මෙව්. ආයුෂ්මත්වරුනි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේය´´ යි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.
´´ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සඞ්යා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චය්‍ර්‍ය අද්භූත ධර්‍මයකැයි අපි දරමු.´´
සතරවැනි බක්කුල සූත්‍රයයි. ( 3 – 4 )

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3lOQnU7
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)206 💙💚💜

🌸🌼 ඥාන දර්ශන විශුද්ධිය සහ බුදුවීම (පච්ඡිම යාමය)

🌼 සච්චානුලෝමික ඤාණය

මිට පෙර ලිපිය නිම වුනේ සච්චානුලොමික ඤාණය පහලවුනා යනුවෙන්. සච්චානුලොමික ඤාණය හෙවත් අනුලෝම ඤාන යනුවෙන් හඳුන්වන්නේ අනිත්‍යාදි තිලකුණු විවිධාකාරයෙන් දැකීම් වශයෙන් පහළ වූ විදර්ශන ඤාන අටටත් ඉන් මත්තෙහි මාර්ග චිත්තක්ෂණයෙහි ලැබිය යුතු බෝධි පාක්ෂික ධර්මයනටත් යන දෙ පක්ෂයට ම ගැළපෙන පරිදි ගෝත්‍රභූඥානයට මුලින් ඇති වන පරිකර්ම උපචාර අනුලෝම යන තුන් කාමාවචර මහා කුසල සිත්හි පහළ වන නුවණයි. මෙම නුවණ සානුලොම විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, සංඛාරුපෙක්ඛා විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යනුවෙන්ද හඳුන්වනවා. දුඃඛානුදර්ශනය පටන්, කොට සත්‍යානුලෝම ඤානය තෙක් ඇත්තාවූ මේ නවය නව විදර්ශනඤාන නම්වනවා. මොහු පටිපදාඤාණ දස්සන විසුද්ධියේ අවයවයෝයි.

🌼 ගෝත්‍රභූ ඥාන ලාභය
මෙතැන් සිට ඔබ හට අසන්නට ලැබෙන්නේ ඔබ බොහෝවිට අසා ඇති ගෝත්‍රභූ ඥානය පිළිබඳව. ගෝත්‍රභු ඤාණය යනුවෙන් හඳුන්වන්නේ පෘථග්ජන ගෝත්‍රය ඉක්මෙමින් ආර්යය ගෝත්‍රයට පැමිණෙන සන්ධියෙහි (අනුලෝම ඤානයටත් සෝවාන් මාර්ග ඤානයටත් අතර) නිවන මුලින් ම දකිමින් පහළ වන ඤානයයි. මෙය අන්‍ය මාර්ගවලට මුලින් ද පහළ වෙතත් සෝවාන් මඟ හැර අන් සකෘදාගාමී ආදී මාර්ගවලට මුලින් පහළ වීමේ දී “චෝදන” නමින් හඳුනනු ලබනවා. අප මහා බෝසතාණන් වහන්සේ මහා විර්යයකින් පෘථග්ජන ගෝත්‍රය (ලෞකික බව) මඬිමින්, ඉක්මෙමින්, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ගෝත්‍රභූ ඥානය පහළ කරගනු ලැබුව.

🌼 ඥාන දර්ශන විශුද්ධිය බුදුවීම
ගෝත්‍රභූ ඥානය පහළ වී නිරුද්ධ වීමෙන් අනතුරුව එයින් දෙන ලද සංඥා ඇත්තක්හු සේ දුක දකිමින්, සමුදය දුරු කරමින්, (දුකට හේතු වූ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නසමින් ) නිරෝධ සත්‍යය (නිවන) අරමුණු කරමින්, මාර්ග සත්‍යය (අරිඅටැඟි මඟ) වඩමින් ප්‍රථම ඥාන දර්ශනය (සෝතාපත්තිමග්ග ඤාණය) පහළ වුණා.

🌼 පච්චවෙක්ඛණ ඤාණයෝ

එයට අනතුරු ව සොතාපත්ති ඵලය ද, ඉන් පසු තමන් ආ මාර්ගය බලන මහා පච්චවෙක්ඛණ ඤාණය ද,ලත් මාර්ගයේ අනුසස් බලන ඵල පච්චවෙක්ඛණ ඤාණය ද, බිඳ හල කෙලෙසුන් විමසා බලන පහීණ කිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද, ඉක්බිති ඉතිරි වූ කෙලෙසුන් සොයා බලන වජ්ඣකිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද යන ඤාණයෝ පහළ වුණා.

යලිදු උදයව්‍යය ඤාණයේ සිට සංස්කාරයන් තිලකුණට නඟා බලන බෝසතාණන් වහන්සේට සංඛාරුපෙක්ඛාව කෙළවරැ අනුලෝම ඤාණ වෝදාන ඤාණයෝ ද තදනන්තර වැ දුක් පිරිසිඳිමින් රාගදෙවෂමෝහයන් තුනී කෙරෙමින් නිවන සාක්ෂාත් කෙරෙමින් අරිඅටැඟි මඟ වඩමින් දෙවෙනි ඥාන දර්ශනය (හෙවත් සකදාගාමිමග්ග ඤාණය) පහළ වුණා. එයට අනන්තර වැ එහි ඵලය ද එයට පසු මාර්ගයත් ඵලයත් ප්‍රහීණ ක්ලේශත් ප්‍රහීණ නො කළ ක්ලේශත් පිරික්සන ප්‍රත්‍යවේක්ෂාඥානයෝ පිළිවෙළින් පහළ වූවා.

නැවැත ද මහා පුරුෂයාණන් වහන්සේ උදයව්‍යය ඥානයේ සිට සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්නට පටන් ගන්නට වුණා. උන්වහන්සේට පළමු සේ ම සංස්කාරෝපේක්ෂාව අවසනැ අනුලෝමවෝදාන ඤාණයෝද, තදනන්තරව දුක් පිරිසිඳිමින්, සමුදය (කාමරාග ව්‍යාපාදයන්) ප්‍රහාණ කරමින්, නිවන් පසක් කරමින් අරි අටැඟි මග වඩමින් තෙවෙනි ඥාන දර්ශනය ද (අනාගාමි මාර්ගය) පහළ වුණා.

🌼 සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණීම.

එයට අනන්තර වැ තදනුරූප ඵලය ද මාර්ග ඵල ප්‍රහීණ ක්ලේශ, ඉතිරි කෙලෙස් යන මොවුන් පරීක්ෂා කරන ඥානයෝ ද පහළ වුණා. තවත් වධ්‍ය ක්ලේශයන් ඇති බව දුටු උන්වහන්සේ පළමු පරිදි ම උදය ව්‍යයාදි නව මහා විදර්ශන ඥානයෙන් සංස්කාරයන් ලක්ෂණත්‍රයට නඟා ක්‍රමයෙන් විමසා බලන යෝගීන්ද්‍ර වූ මහා පුරුෂයාණන් වහන්සේ ට සංඛාරුපෙක්ඛා ඥානය ද, ඉන් පසු අනුලෝම චෝදාන ඥානයෝ ද පහළ වූවා. තව දුරටත් සියලු දුක් පිරිසිඳ දකිමින්, සමුදය (ඉතිරිවැ සිටි සියලු කෙලෙසුන් ) වාසනා දෝෂ ද සමග විහත විධ්වස්ත කරමින්, නිවන් සාක්ෂාත් කරමින් මාර්ගය භාවිත කරමින්, සිවු වන ඥාන දර්ශන ය (අරහත්ත්වමාර්ග ඥානය) පහළ කරගනු ලැබුවා. මෙසේ සෝවාන් ආදී සතර මාර්ගයන් ලැබීම උන්වහන්සේ ගේ ඤාණදස්සන විසුද්ධි සම්පාදන යයි පවසනවා.

අර්හත්ත්වමාර්ග ඥානයට අනතුරුව අරිහත්ත්ව ඵලය ද ඉක්බිති මාර්ගත් ඵලත් ප්‍රහීණ ක්ලේෂත් නිර්වාණයත් යන මොවුන් පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂණ ඥානයෝද පහළ වූවා.

මහාපුරුෂයාණන් වහන්සේට අර්හත්ත්වමාර්ග ඥානය සමග ම සිවුපිළිසිඹියා ද ෂඩ් අසාධාරණ ඥාන ද තුදුස් බුද්ධඥාන ද අටළොස් ආවෙණික ධර්ම ද දශබල චතුර්වෛශාරද්‍යාදි අපරිමිත බුද්ධ ගුණයෝ ද සමෘද්ධ වූවා.

මෙසේ බෝසතාණන් වහන්සේ හිරු බැසයාමට පෙරම මාර බලය පරාජය කොට රන් පබළු දැලකින් පුදන්නා ක් මෙන් සිවුර මත බෝ අංකුර වැටෙද්දී පළමු යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ද, දෙවෙනි යාමයේදී දිවැස් ඤාණයද ලබා පච්ඡිම යාමයෙහි පටිච්ච සමුප්පාදය හේතු ‍ප්‍රත්‍යය ඥානය ද ලබා ගත්තා. මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුණා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

සාදු සාදු සාදු !!!

තුසිත රාජපක්ෂ ප්‍රංශය
21-07-2020
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා , ජාතක අට්ඨකතා 01, බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ර්තධාර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.