Monthly Archives: October 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dxyK7z
“යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හෙතම මට උපස්ථාන කළා හා සමාන වන්නේය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව සඳහන් facebook post වල නිතර දකින්නට ලැබේ.
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යකි. එලෙසම වරදවා ගැනීමකි. තමා මිථ්‍යාදෘෂ්ටියක් ගෙන අන් අයවද මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවීමකි.
“යෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය; සෝ ගිලානං උපට්ඨහෙය්‍ය;” යන බුද්ධ වචනය වරදවා තේරුම් ගැනීම නිසා මේ දුර්මතය ඇති වී තිබේ.

බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන්නේ “යමෙක් මට උපස්ථාන කරයි නම් හෙතම ගිලනුන්ට උපස්ථාන කරයි” යනුවෙනි. ගිලනුන්ට උපස්ථාන කිරීම උතුම් මනුෂ්‍ය ගුණධර්මයක් බැවින් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ තමන් වහන්සේට උපස්ථාන කිරීමට යමෙක් කැමති නම් හෙතම ගිලනුන්ටද උපස්ථාන කළ යුතු බවයි. එසේත් නැත්නම් බුදුරජාණන් වහන්සේට ආදර ගෞරව දක්වන කෙනෙක්, බුදුරජාණන්වහන්සේගේ ධර්මය පිළිපදින කෙනෙක් ගිලනුන්ට ද උපස්ථාන කල යුතු බවයි.

“මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය” https://ift.tt/3jf5XG9 (බුද්ධ ජයන්ති පරිවර්තනය)

නමුත් මේ බුද්ධ වචනය තුළ “යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හෙතම මට උපස්ථාන කළා හා සමාන වන්නේය ” යන අර්ථයක් කොහේවත් නැත. මෙය පාලි බුද්ධ වචනයත් බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධයත් වරදවා තේරුම් ගත් අය සිදුකරන ප්‍රකාශයකි. මෙම වැරදි අදහස කියවන පුද්ගලයෙකුට තේරුම් යන්නේ “බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය සහ ගිලන් අයෙකුට කරන උපස්ථානය සම ආනිසංස ගෙන දෙයි” යනුවෙනි .

බක්කුල මහරහතන් වහන්සේ අතීත සංසාරයේ එක් භවයකදී රෝගී තත්වයෙන් පසු වූ “අනෝමදස්සි” සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඖෂධ පුදා උපස්ථාන කල පිනෙන් එදා පටන් නිවන් දක්නා ජාතිය දක්වා (කල්ප අසංඛ්‍යයකටත් අධික කාලයක් පුරා) සුගතියෙහිම උපන් බව උන්වහන්සේ ම සඳහන් කරයි. බුද්ධෝපස්ථානයේ ආනිසංස එවැනි ය. https://ift.tt/34613Xp (බක්කුල තෙරණුවෝ ගැන කතාව)

අනන්ත අප්‍රමාණ වූ අචින්ත්‍යය ගුණස්කන්ධයකින් සමන්විත වූ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කරන උපස්ථානයෙහි ආනිසංසත් ගිලන් පෘථග්ජන පුද්ගලයෙකුට කරන උපස්ථානයෙහි ආනිසංසත් සමාන බව කීමට යමෙක් උත්සාහ කරන්නේ එය හරියටම ඉඳිකටු සිදුරක් සහ අනන්ත වූ විශ්වය සමාන කිරීමට ගත් උත්සාහයක් වැනිය.

බුදුරජාණන්වහන්සේලාගේ ගුණ සහ බුද්ධෝපස්ථානයේ ආනිසංස දැන බුද්ධොපස්ථානයේ යෙදීමත් ගිලනුන් කෙරෙහි කරුණාවෙන් යුතුව ගිලනුන්ට උපස්ථාන කිරීමත් වෙනම කාරණා දෙකකි.මෙය පටලවා නොගත යුතුය.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IwNzvD
බෞද්ධ ඔබට ඉතා වටිනා application ටිකක්..
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

🍀🍀🍀🍀🍀🍀
සරළ සිංහල ත්‍රිපිටක පරිවර්තනය
=====================
Web ලිපිනය
https://pitaka.lk/main

Android දුරකතන සඳහා
https://ift.tt/2L57LRu

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/376Zo5V
🍀🍀🍀🍀🍀🍀

බෞද්ධ පොත්
=====================
Web ලිපිනය
https://ift.tt/376kG3v

Android දුරකථන සඳහා
https://ift.tt/39B2Zba

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/3lRdP2f
🍀🍀🍀🍀🍀🍀

බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පරිවර්තනය, අටුවා සිංහල පරිවර්තනය
=====================
Web ලිපිනය
https://tipitaka.lk

Android දුරකථන සඳහා
https://ift.tt/3hpJWDT

Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි
මෘදුකාංග
https://ift.tt/34W7awU
🍀🍀🍀🍀🍀🍀

ඡට්ඨසංගායනා ත්‍රිපිටක, අටුවා, ටීකා
(පාළි භාෂාවෙන් පමණක් ඇත..)
සිංහල අකුරු ඇතුළු භාෂා ගණනාවක අකුරු වලින් තෝරාගත හැක..
=====================
Web ලිපිනය
https://tipitaka.app

Android දුරකතන සඳහා
https://ift.tt/3dqJ4hB

Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග

https://tipitaka.app

මුල් පිටුවෙන් ලබා ගන්න
🍀🍀🍀🍀🍀🍀

පාළි සිංහල ශබ්ධකෝෂය
(pali sinhala dictionary) පොල්වත්තේ බුද්ධදත්ත සහ සුමංගල ශබ්දකෝෂ දෙක ඇතුළත් කොට සකසා ඇත
=====================
Web ලිපිනය
https://pitaka.lk/dict

Android දුරකථන සඳහා
https://ift.tt/2lAPOz6
🍀🍀🍀🍀🍀🍀

චිත්‍ර සහිත ධම්මපද කතා
=====================
Web ලිපිනය
https://ift.tt/34TPVw4

Android දුරකතන සඳහා
https://ift.tt/319bQOL

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/34WaKqN
🍀🍀🍀🍀🍀🍀

ඉතිරිය පළමු කමෙන්ට් එකේ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IwNzvD
බෞද්ධ ඔබට ඉතා වටිනා application ටිකක්..
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

🍀🍀🍀🍀🍀🍀
සරළ සිංහල ත්‍රිපිටක පරිවර්තනය
=====================
Web ලිපිනය
https://pitaka.lk/main

Android දුරකතන සඳහා
https://ift.tt/2L57LRu

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/376Zo5V
🍀🍀🍀🍀🍀🍀

බෞද්ධ පොත්
=====================
Web ලිපිනය
https://ift.tt/376kG3v

Android දුරකථන සඳහා
https://ift.tt/39B2Zba

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/3lRdP2f
🍀🍀🍀🍀🍀🍀

බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පරිවර්තනය, අටුවා සිංහල පරිවර්තනය
=====================
Web ලිපිනය
https://tipitaka.lk

Android දුරකථන සඳහා
https://ift.tt/3hpJWDT

Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි
මෘදුකාංග
https://ift.tt/34W7awU
🍀🍀🍀🍀🍀🍀

ඡට්ඨසංගායනා ත්‍රිපිටක, අටුවා, ටීකා
(පාළි භාෂාවෙන් පමණක් ඇත..)
සිංහල අකුරු ඇතුළු භාෂා ගණනාවක අකුරු වලින් තෝරාගත හැක..
=====================
Web ලිපිනය
https://tipitaka.app

Android දුරකතන සඳහා
https://ift.tt/3dqJ4hB

Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග

https://tipitaka.app

මුල් පිටුවෙන් ලබා ගන්න
🍀🍀🍀🍀🍀🍀

පාළි සිංහල ශබ්ධකෝෂය
(pali sinhala dictionary) පොල්වත්තේ බුද්ධදත්ත සහ සුමංගල ශබ්දකෝෂ දෙක ඇතුළත් කොට සකසා ඇත
=====================
Web ලිපිනය
https://pitaka.lk/dict

Android දුරකථන සඳහා
https://ift.tt/2lAPOz6
🍀🍀🍀🍀🍀🍀

චිත්‍ර සහිත ධම්මපද කතා
=====================
Web ලිපිනය
https://ift.tt/34TPVw4

Android දුරකතන සඳහා
https://ift.tt/319bQOL

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/34WaKqN
🍀🍀🍀🍀🍀🍀

ඉතිරිය පළමු කමෙන්ට් එකේ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IwNzvD
බෞද්ධ ඔබට ඉතා වටිනා application ටිකක්..
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

🍀🍀🍀🍀🍀🍀
සරළ සිංහල ත්‍රිපිටක පරිවර්තනය
=====================
Web ලිපිනය
https://pitaka.lk/main

Android දුරකතන සඳහා
https://ift.tt/2L57LRu

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/376Zo5V
🍀🍀🍀🍀🍀🍀

බෞද්ධ පොත්
=====================
Web ලිපිනය
https://ift.tt/376kG3v

Android දුරකථන සඳහා
https://ift.tt/39B2Zba

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/3lRdP2f
🍀🍀🍀🍀🍀🍀

බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පරිවර්තනය, අටුවා සිංහල පරිවර්තනය
=====================
Web ලිපිනය
https://tipitaka.lk

Android දුරකථන සඳහා
https://ift.tt/3hpJWDT

Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි
මෘදුකාංග
https://ift.tt/34W7awU
🍀🍀🍀🍀🍀🍀

ඡට්ඨසංගායනා ත්‍රිපිටක, අටුවා, ටීකා
(පාළි භාෂාවෙන් පමණක් ඇත..)
සිංහල අකුරු ඇතුළු භාෂා ගණනාවක අකුරු වලින් තෝරාගත හැක..
=====================
Web ලිපිනය
https://tipitaka.app

Android දුරකතන සඳහා
https://ift.tt/3dqJ4hB

Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග

https://tipitaka.app

මුල් පිටුවෙන් ලබා ගන්න
🍀🍀🍀🍀🍀🍀

පාළි සිංහල ශබ්ධකෝෂය
(pali sinhala dictionary) පොල්වත්තේ බුද්ධදත්ත සහ සුමංගල ශබ්දකෝෂ දෙක ඇතුළත් කොට සකසා ඇත
=====================
Web ලිපිනය
https://pitaka.lk/dict

Android දුරකථන සඳහා
https://ift.tt/2lAPOz6
🍀🍀🍀🍀🍀🍀

චිත්‍ර සහිත ධම්මපද කතා
=====================
Web ලිපිනය
https://ift.tt/34TPVw4

Android දුරකතන සඳහා
https://ift.tt/319bQOL

iOS (apple දුරකතන සඳහා)
https://ift.tt/34WaKqN
🍀🍀🍀🍀🍀🍀

ඉතිරිය පළමු කමෙන්ට් එකේ.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/376sFhc
💙💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)242 💙💚💜

🌼 දශබලඥාන හැඳින්වීම
🌼 අසිරිමත් බුදුගුණ වරුණ 36

🌼 ඤාණ සාගරයේ අතරමංවීම

අවිදුරේ නිධානය අවසන් කිරීමට මත්තෙන් අප මහා බුදුපියාණන් වහන්සේ බෝධිමුලයේදී අවබෝධකොටගත් බුද්ධ ඥානයෙන් ගැන යමක් ලියන්නට හිතුවා. එහෙත් ලියාගෙන යන විට එහි අතරමං වූ බවක් වගේ දැනුණේ එය මහා සාගරයක් වගේ වන බැවින්. මුළු මහත් ත්‍රිපිටකයේ අසුහාරදහසක් ධර්මස්කන්ධය පුරාම ලියවී ඇත්තේ ඒ මහා අවබෝධයයි. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරකරන්නද කියා සිත සිතා සිටින විට ඉදිරියේදී තව බොහෝ කරුණු ලිවීමට ඇති බැවින් දශබලඥාන චතු විශාරදඥාන ගැන ලියා අවිදුරේ නිධානය අවසන් කරන්න යනුවෙන් සිත කීවේ තව ජීවිත්වීමට ඇති කුඩා කාලය ගැන සිතමින් අපේ බුදුහාමුදුරුවෝ නම් වූ ඒ ශ්‍රේෂ්ඨ චරිතාපදානයට උපරිම සාධාරණයක් ඉටු කිරිමට නිසා වෙන්නටත් ඇති. ඒ නිසා මෙතැන් සිට දශබලඥාන සම්බන්ධව කෙටියෙන් සහ මට කරුණු කියවීමට ලැබූ සැටියෙන් ලියවෙනවා.

🌼 හැඳින්වීම

“මහණෙනි, මෘගරාජන්වූ සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කිලිපොලයි. කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ගොදුරු පිණිස පිටත් වෙයි. ඊට හේතු කවරේද? ‘මම විසම ස්ථාවල සිටින පොඩි සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.
“මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේට නමකි. මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසෙහි යම් ධර්මයක් දේශනා කෙරේද, මෙය උන් වහන්සේගේ සිංහ නාදය වෙයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උතුම් කරුණ දන්වයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ.

මෙලෙස දස බලඥාන නාමයෙන් හඳුන්වන විශේෂ ඥාන දශයක් තථාගතයන් වහන්සේටතියෙනවා. ඒ ඥානයන් නිසාත් තථාගතයන් වහන්සේට ලෝකයේ උසස් ම තැන හිමි වී තිබෙනවා. එය දසබල ඤාණ නමින් අඞ්ගුත්තරනිකායේ » දසකනිපාතපාළියේ » මහාවග්ගයේ » දසබල සූත්‍රයේ මෙලෙස හැඳින්වෙනවා.

🌼 දශබල ඥානයෝ නම් :-

01. ඨානාඨානකෝසල්ල ඤාණය,
02. විපාක ඤාණය,
03. සබ්බත්ථගාමිනීපටිපදා ඤාණය,
04. අනේකධාතු නානාධාතු ඤාණය,
05. නානාධිමුත්තික ඤාණය,
06. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය,
07. ඣානවිමොක්ඛසමාධිසමාපත්ති ඤාණය,
08. පුබ්බේනිවාසානුස්සති ඤාණය,
09. දිබ්බචක්ඛු ඤාණය,
10. ආසවක්ඛය ඤාණය,
යන මොවුහු ය.

‘දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’

තව දුරටත් මෙසේ මහාසීහනාද සුත්‍රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් තිබෙනවා. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි වාසය කරන උසස් පිරිස් අතර උත්තම ස්ථානයට පැමිණි සිටිනවා. ඒ පිරිස් මෙසේයි.

01. ක්ෂත්‍රිය පිරිස ය,
02. බ්‍රාහ්මණ පිරිස ය,
03. ගෘහපති පිරිසය.
04. ශ්‍රමණ පිරිස ය,
05. චාතුර්මහාරාජික පිරිස ය,
06. තාවතිංස පිරිසය,
07. මාර පිරිස ය,
08.බ්‍රහ්ම පිරිසය යන අට පිරිසෙහි අභීත සිංහනාද පවත්වනවා. බ්‍රහ්මචක්‍ර නම් වු උත්තම ධර්‍මචක්‍රය පවත්වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍ර‍කරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය, සහ පටිච්ච සමුප්පාද විවරණ ග්‍රන්ථය

තුසිත රාජපක්ෂ ප්‍රංශය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3diCcml
අසනීප වන්නට කලින්ම ජීවත්ව සිටියදීම තම ඇස දන්දුන් සමින්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනද බලාපොරොත්තුවන බුදු පසේබුදු බෝධියකින් නිර්වාණය ද අවබෝධ වේවා.