New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JFAwTZ
චේතනාව = කර්මය . මේ පින්කම හරියට අන්ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරන්න කියලා හිතලා පිලිම වහන්සේ නමක් හදලා පින් රැස්කර ගන්නවා. ඇස් තියන අය ඒ පිලිම වහන්සේ විරූපී කියලා අර අන්ධ මිනිසාට බැනලා පව් රැස්කරගන්නවා. නමුත් අර අන්ධ කෙනා සිදුකලේ පිරිසිදු සිතින් චේතනාත්මකව ගෞරව කිරීමක් නිසා ඔහු පිනක්මයි රැස් කරගත්තේ. මේක පින් මේක පව් කියලා මේ ලෝකේ පින් පව් පොතක් තියාගෙන ලකුනූ දාන්න කව්රුත් නැති බවත් ඔබගේ චේතනාවම කර්මය වන බවත් මතක තබා ගන්න. ( පින්කම කරපු අය අන්ධ අය බවක් කිව්ව නෙමේ) නමුත් අන්ධ මනුස්සයා තුළ තිබ්බේ භාග්‍යවතුන් වහන්සේගේ විරූපි රූපයක් හදලා ගරහන අදහස නම් ඔහුට නිරයගාමී පවක් පිරෙනවා.

කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් සෑවහන්සේ නමකට ගෞරව කරනවා කියලා පිරිසිදු චේතනාවෙන්ම හිතාගෙන එම සෑවහන්සේ මතුපිට සුන්දර හිත පහදවන graffiti ඇන්දත් ඔහුට පිනක්මයි සිදුවෙන්නේ.මොකද ඒ මනුස්සයා ගෞරව කරන්න දන්නේ graffiti ඇදලා නිසා. පංචසිඛ වීණාව වයමින් බුදුගුණ දහම් ගුණ සඟගුණ ගැයුවා. ඒ කියන්නේ සින්දුවක් වගේ කිව්වා. ඒ විදිහට ගෞරව කරන එක තමා එයා දන්නේ. නමුත් ගෑනු ළමයෙක් එක්ක යාලු වෙන්න තිසරණය ගැන සිංදු කියන එක ඇත්තටම උසස් වැඩක්ද? මේ තුළින් පංචසිඛට සිදු වුණේ පිනක්ද පවක්ද ? මේවා ගැන ඔබම හිතන්න. චේතනාව = කර්මය ලෙසින් හිතන්න ඕනි අපි.අන්න ඒකයි කිව්වේ පිරිසිදු සිතින් භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරන අදහසින් මේ පින්කම කල අය පින් කරගත්තා. බනින අය පව් පුරෝගන්නවා ඒ අයගේ චේතනාත්මක පිනට ගරහලා,මොකද බනින අයගේ දැක්මට, view එකට, දෘෂ්ටියට පින්කම කරපු අයගේ දෘෂ්ටිය නොගැලපෙන නිසා.

පෙළක් අය පහදීවි.පෙළක් අය අපහදීවි. මෙතන ඇත්තටම පිනක් හෝ පවක් සිදු වන්නේ ඔබගේ චේතනාව මතයි. භාග්‍යවතුන් වහන්සේගේ මහා සෑ වහන්සේට විශාල රෙදි කඤ්චුක වහන්සේ නමක් පලදවලා පූජා කරා වගේම තමා ආලෝක ධාරාවන් ගෙන් සෑවහන්සේ වැසුවාම. මතකනේ මහියන්ගන සෑවහන්සේව රතුපාට කන්චුක වහන්සේ නමකගෙන් වැසුවා. ඒවගේම තමා.නමුත් ඊට වඩා ලේසියි.

මෙතැන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහාගෙන ශ්‍රද්ධාවට පත් වෙලා චිත්ත ප්‍රීතිය ඇති කරගන්න අය පින් රැස් කර ගනීවි . අනිත් අය පව් රැස් කර ගනිවී ද්වේශයෙන් චේතනා පහළ කරලා. මේ පින්කම කරපු අය කරන්න ඇත්තේ ශ්‍රද්ධාවෙන්. ඉතිං ඒ මිනිස්සුන්ට බැනලා පව් පුරෝගන්ට එපා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නා වූ කුටිය සුන්දර වෛවර්ණ රටාවලින් සුන්දර කලා කියා කෙනෙක්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් . තවත් කෙනෙක්ට සෑ වහන්සේව අපිරිසිදු කළා කියලා හිතලා සිත අපිරිසිදු කරගන්ට පුළුවන්.සියලුම සත්වයෝ කර්මය දායාද කරගෙන සිටිති!

තරහ ගිය අයට

ඔබට මහා සෑවහන්සේ මෙලෙසින් වෛවර්ණ රටාවලින් සරසලා තිබෙද්දී පටිඝය ගැටීම ක්‍රියාත්මක වුණා. වෙන කෙනෙකුට ශා ..ලස්සනයිනේ …භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමමයි කියලා සිතිලා හදවත පිනා යාමක් ඇතිවන්න පුලුවන්. ඒ කෙනාට පින රැස් වෙනවා. අද මම මහ සෑවහන්සේගේ මහ මලුව සම්පුර්ණයෙන්ම මීපැණි වලින් වැහුවොත් මිනිස්සු කොහොම බනීවිද? ඒ වගේම සෑ වහන්සේව මුතුවලින් සම්පුර්ණයෙන්ම සරසලා ඒ මුතු පිච්චලා අලු වලින් සෑවහන්සෙගේ හුනු ගෑවොත් කොහොම බනීද? ඔය දේවල් දෙකම අතීතයේ අපේ රජවරු කලා. මිනිස්සු පින් අනුමෝදන් වුනා. මම සංස්කෘතියට අනුකූලව මේ රටා වලින් ඔප දැමීම හරිද හෝ වැරදිද කියන්න නොදනිමි. නමුත් සිදුවී හමාර වුනු පින්කම ගැන සිත පහදවා ගත්තොත් පින් සිදුවන බව කියමි. 2562 කියන්නෙ බුද්ධ වර්ෂ දැක්වීමයි.

මට නම් පෞද්ගලිකව මේ පින්කම දැක්කම සතුටක් උපන්නා. සාදු සාදු කියා අනුමෝදන් වුනා.

— අදහස ඉඳුරුව රවීන්ද්‍ර

මේ පිලිබඳ සාකච්චාවට එක්වන්න -> https://ift.tt/2jeGtMa