Monthly Archives: February 2016

New photo from Facebook February 29, 2016 at 09:05AM

ඔබත් අද සිටම මෙය කිරීමට සුදානම් වන්න බොහෝ කුසලක් රැස් කර ගැනීමට මැලි වන්න එපා ඔබට හෝ නිවසේ සිටින ඕනෑම අයෙකුව මෙම කුසල කර්මයට දා‍යක කරගන්න කුස ගින්නේ සතුන් මියයද්දී අප කෑම විසිකිරීම සුදුසු නැත. කුස ගින්නේ සිටින සතෙකුට එක ආහාර වේලක් ලබාදීම ඔබට ආයුෂ පැහැපත්බව ලස්සන මෙන්ම බුද්ධිය ආත්ම 150 ක් ආනිසංස ලැබෙන පිංකමකි තෙරැවන් සරණයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 27, 2016 at 09:11AM

රුවන්වැලි මහා සෑය කප්රුක (කන්චුක) පූජාව සහ දර්ම යාත්‍රාව 26 . 03. 2016 දින සෙනසුරාදා සවස 3.00 සිට පසුදා පහන් වන තුරු . මෙහෙයවනු ලබන්නේ විචිත්‍ර දර්ම කතික පූජ්‍ය ගලිගමුවේ Ganadeepa සහ පූජ්‍ය වල්පොල හෝතම ස්වාමින්වහන්සේලා විසිනි.

මෙයින් වසර දෙදහස් හයසියයකට ඉහතදී බුද්ධගයා ශුද්ධ භූමියේ ජයසිරි මහ බෝ මැඬ දී මාර පරාජය කොට සවාසනා සකලක්ලේශයන් සෝධා හැර සර්වඥතාඥාන සමධිගමයෙන් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේපන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙවියන් සහිත ලෝක සත්වයාට සදහම් අමාව බෙදා දී සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් අමා මහ නිවන් පුර පමුණුවාමෙයින් දෙදහස් පන්සිය පනස් පස් වසරකට පෙර කුසිනාරා නුවර උපවත්ථන සාල වනෝද්‍යානයේ දී අප ගේ බුදු පියානන් වහන්සේ පිරිනිවන් පා වදාල සේක.ක..ශ්‍රී බුද්ධ වර්ෂ 382 හි දී රජ බවට පැමිණි දුටුගැමුණු මහ රජතුමාණෝ මාගම සිට අනුරාධපුරයට සැපත්ව එහි සිටි ආක්‍රමණිකයන් සමග කළ මහ සටනකින් ජය ගෙන ලංකා රාජ්‍යය එක්සේසත් කොට හුදෙක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂාවෙන් ම බුදු සසුන බැබළවූහ.වෙසක් පුර පසළොස්වක් පොහෝ දින විසා නැකතින් රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු දුටුගැමුණු මහ රජාණන් විසින් ආරම්භ කරන ලදී.
සිවු බුදුවරයන් වහන්සේ විසින් රහතන් වහන්සේලා සමග සමාපත්තියට සමවැදීමෙන් පරිභෝග කල රුවන්මැලි චෛත්‍ය භූමියේ, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රොණයක් පමණ තැන්පත් කොට චෛත්‍යයක් බැඳවිය යුතු බවත් දේවානම්පියතිස්ස මහ රජු මුනුබුරු දුටුගැමුණු මහ රජතුමාණන් විසින් එම චෛත්‍යරාජයා නිර්මාණය කරනු ලබන බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එය අසා බලවත් සතුටට පත් දේවානම්පියතිස්ස මහ රජතුමාණෝ, ගල් ටැඹක් පිහිටුවා සෙල් ලිපියක් කරවූහ. එම ලිපිය රන් පතක ලියා කරඳුවක බහා රජ වාසලෙහිද තැන්පත් කළහ.දේවානම්පියතිස්ස මහ රජුන් ලියා තැබූ රන් පත හා සෙල් ටැම් ලිපිය කියවා, අප්‍රමාණ ප්‍රීතියට පැමිණ රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කරවීමට අධිශ්ඨාන කර ගත්හ.

මෙසේ ම්හත් ආශ්චර්යමත් වූ පුන්‍ය බූමියක පිහිටා තිබෙන රුවන්වැලි ම්හා සෑයේ තවත් අවුරුදු 2446 කින ම්හා දාතු පරිනිර්වාණය සිදු වන බව සදහන්ව තිබේ .එනම් යලිත් බුදු රුවක් ම්වී යමාමහා පෙලහර පාන බවටද සදහන්ව තිබේ .

මෙවන් පුන්‍ය බුමියක් පිළිබඳව අප පවුලේ සියලු දෙනාගේ සිත් තුල ඉස්මතු වූ බුද්ධාලම්බන ප්‍රිතිය සහ සර්දාව හේතු කොට්ගෙන රුවන්වැලිසෑය පුද බිමේදී ම්හා පින්කමක් සංවිදානය කිරීමට අප විසින් තීරණය කරන ලදී.එනම් 2016 මාර්තු මස 26 වෙනි සෙනසුරාදා සවස 3.00 සිට පසු දින පහන් වන තුරුම පින්කම් රාශියක් සිදු කෙරුණු අත. මෙම පුන්‍ය කර්මය ශ්‍රීලංකාවේ දර්ම දේශනා පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසුලන විචිත්‍ර දර්ම කතිකායානන් ව්හන්සේලා දෙනම්ක් වන පූජ්‍ය ගලිගමුවේ Ganadeepa සහ පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේලා විසින් මෙහෙයවන ලබන අතර චෙත්‍ය වන්දනාව පූජ්‍ය ගනේවත්තේ චන්ද්‍රරතන ස්වාමින්වහන්ස විසින් පවත්වනු ලබයි.මෙහිදී චතුරාර්‍ය සත්‍ය පිලිබඳ දර්ම දේශනා , අටවිසි බුද්ධ පූජා , දර්ම සාකච්ඡා අදී වශයෙන් අංග රාශියකින් සමන්විත වේ .එබැවින් මේ ම්හා පුන්‍ය කර්මයට එදිනට ශ්‍රීලංකාවේ සිටී නම් පින්වත් ඔබ සියලු දෙනාටම සහභාගි වන ලෙසට අප පවුලේ සියලු දෙනා විසින් ඉතා ගවුරවයෙන් ආරාධනා කර සිටිමු.

සාදු ,සාදු , සාදු . ඔබ සියලු දෙනාටම තෙරුන් සරනයි .

විස්තර සදහා කාලිංග ගුනරත්න 0423 936711, 0771087642 via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 26, 2016 at 12:12PM

ශාස්තෘන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්. දෙව්දත් තෙරුන් විසින් බුදුන් මුදුනට ගලක පෙරලීම අරභයා වදාළ සේක.

නිදාන කථාව

දිනක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂූන් අතර බුදුගුණව වර්ණනා කොට දෙව්දතුන්ගේ නුගුණ කිය කියා උන්කල්හි එහි වැඩ බුදුරජාණන් වහන්සේ මහණෙනි දෙව්දත් තෙම මෙලෙස කෙළේ දැන් මතු නොවෙයි. පෙරත් හිසට ගල් පෙරළුයේම වේදැයි ඉකුත් වත ගෙනහැර දැක්වී

ආරාධනය:-භිකෂූන් වහන්සේ

ජාතක කථාව

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක රාජ්‍යය කරන කල්හි කසී දනව්වෙහි සීසා ජීවත් වන එක්තරා බමුණෙක් දිනක නැතිවූ ගොන් බානක් සොයමින මහ වනයට වැද මංමුලා වූයේ සතියක් නිරාහාරව ඇවිද එක් තිඹිරි රුකකට නැගී නොපැසුණු ඵල අනුභව කරනුයේ ඇඟ බල නැති හෙයින් අතු අගින් ගිලිහී බිහිසුනු මහත් ඇඳිර නරාවලකට වැටුණේය. මෙහිද දින හතක් ඉකුත් වූ කළට ගුණවත් එක් වානර පෝතකයෙක් පල අනුභව කරමින් ඒ සමීපයෙන් යන්නේ ඒ මිනිසාගේ කෙඳිරි හඬ ඇසී මහත් අනුකම්පා කොට ඒ වලට පැන ඒ මිනිසා ගොඩගෙන මහත්සේ විඩාවට පත්හෙයින් ඒ මිනිසාගේ උකුලෙහි හිසතබා වැදහොත්තේය.

එසඳ ඒ කළගුණ නොදත් මිනිසා සිතනුයේ දින ගණනක් නිරාහාරව පසුවූයෙමි. පලාඵල කෑමෙන් ශරිර ශක්තිය වහා ලබා ගත නොහැක. මේ වඳුරා මරා මස් අනුභව කිරීමෙන් කාය ශක්තිය ලබා ගෙන මගටත් ඉතුරු මස් ගෙනයාමට හැකියි සිතා අසලවූ ගල් පතුරක් ගෙන ඒ වඳුරු උතුමාගේ හිසට පහර දුන්නේය.
එවිට වඳුරු තෙම වහා නැගිට අතු අගට පැන ඒ ද්‍රෝහියා කළ අකටයුත්ත දැක මිත්‍රද්‍රෝහී වූ එම්බල දුෂට බ්‍රාහ්මණය තට මා කළ උපකාරයට තා කළදේ ඉතා නොහොබින්නේය’යි නින්දා කොට ඉදින් මා මෙතන හැරපියා ගියේ නම් මොහු නපුරු සතුන්ට ගොදුරුව මිය යන්නේ යයි සිතා එම්බල පුරුෂය තා කෙරෙහි මම සැක ඇත්තෙමි. එනමුත් මම ගස් උඩින් පැන යමින් මනුෂ්‍ය වාසයට පාර පෙන්නන්නෙමියි කියා ඔහු කැඳවා ගෙන ගොස් වනයෙන් එලියට යවා තම හිසෙහි වූ තුවාල වලින් පීඩා විඳිමින් තමා වසන පර්වත ප්‍රාන්තයට
ගොසින් වන්හ. ඒ අපරාධය කළ පුරුෂයා ද සෙවත කුෂ්ට රොගයක් සෑදී එම ආතමයෙ ම මනුෂ්‍ය ප්‍රේත යෙකව සත් වර්ෂයක් මුළුල්ලෙහි දුකින් පෙලී ඇවිදින්නේ ක්‍රමයෙන් බරණැස් නුවරට වැද මිගාචිරම් උද්‍යානයට වී
කෙහෙල්පත් අතුට වේදනාවෙන් වැදහොත්තේය. උයන් සිරි නරඹමින් ඇවිදින බරණැස් රජතෙමේ දිනක් මනුෂ්‍ය ප්‍රේතයා දැක එම්බල පුරුෂය වැදූ මව්පියන් විසිනුත් බැලිය නොහැකි පිළිකුල් වූ කුෂ්ට රෝගයකින් පෙළෙන තා කවරෙක්ද? මෙසේ වීමට තා කළ අකුසල කර්මය කුමක්ද? කිසියම් උත්තමයෙකුට හිංසා පීඩාවක් කෙළේදැයි විචාළේය. ඉක්බිති බමුණු තෙමේ තමා මේ ජන්මයෙහි කළ අකුසලින් නොමීය. දුක් විඳිනා නියාව කියා කළ අපරාධය ද මුලපටන් පහදා රජතුමනි එදින පටන් පිපාසා ඇතිව දිය ඇති තැනකට ගියෙම්වී නම් ඒ ජලය ගිනිගෙන දිලිසෙන්නාක් මෙන් වැටහෙන්නේය. ලේ මුසු සැරවමෙන් පිළිකුල්ව පිය නොහැක්කේය . දිය බින්දු ඇඟෙ වැදී කලහි එතැන ශරීරය පැලී සැරව ගලන් නේය . මා දකින ස්ත්‍රී පුරුෂයෝ
දඬු මුගුරු ගෙන එළවා දමති. මේ සියල්ල මේ ජාතියේ කළ පවින් ම සිදුවිය. එබැවින් රජතුමාටත් රැස්වූ ජනයාටත් අවවාදයක් කියමි. මිත්‍රද්‍රෝහී වීම අත්පිට විපාක දෙන ඉතා නපුරු පාපයකි. පරලොව ගිය කල්හි
ද අපමණ දුක් විඳින්නේ යයි තමා දෘෂටාන්ත කොට කීයේය. මෙසේ කථා කරමින් උන් කලට පොළව විවර වී ගිනිකඳක් පැමිණ ඉන් සැව අවීචි මහා නරකයෙහි උපන්නේය.

එසමයෙහි මේ දේවදත්ත තෙම කළගුණ නොදත් මනුෂ්‍යයා වූ අතර වානර පෝතකයා වූයේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook February 26, 2016 at 09:09AM

The countries which protected Buddhism.The number of years are listed below. ලංකාව දූපතක් වීමේ වාසිය. තවත් වසර 2500ක් බුදු දහම ලංකාව තුළ සුරැකේවා !!!

Sri Lanka – 2268
Myanmar – 2241
China – 1955
Vietnam – 1900
Korea – 1641
Cambodia – 1563
Tibet – 1500
Thailand – 1500
Bhutan – 1500
Japan – 1461 via Facebook Pages http://ift.tt/1GMS4Lf